Wednesday 29 February 2012

බඳින්ඩමයි ට්‍රයි කළේ - Whaaat?


මේ කතාව කියන්න ඕනෑ ටිකක් පරිස්සමින්.

ඒකට එක හේතුවක් මාව පුද්ගලිකව දන්න අය මේකේ සුලමුල හොයන්න පටන් ගනීවි. ඒකෙන් ගැලවෙන්නත් ඕනෑ.

අනික් හේතුව තමයි, ලියන්නා කෙසේ කීවත් කියවන්නා තමන්ට ඕනෑ දේ අවභෝධ කරගන්නා හින්දා, මට අවශ්‍ය කාරණාව හරියටම සන්නිවේදනය කරන්නත් අවශ්‍ය වීම.

ලව් ගැන, බූට් ගැන මං ගොඩක් කතන්දර ලියලා තියෙනවා. ඒ වැඩි හරියක් කයි-කතන්දර, මගේ හන්තානේ කඳු පාමුල හස්තද්වාර පොත අනුසාරයෙන් ලියපුවා. මගේ විතරක් නෙමෙයි ඔය කාගේ කාගේත් ලව් කේස්වල උඩින් නොපෙනුණත් යටින් තියෙන්නේ තමන්ගේ හිතට ගැලපෙන කෙනෙක්ව තමන්ටම කියලා අයිතිකර ගැනීමේ තන්හාවයි. ඩෙස්මන් මොරිස් ගේ යාළුවා හිටියා නං කියයි ඒක මිනිස් සත්ව ප්‍රජාව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය මත ඇතිවෙන මෙව්ව එකක් කියලා.

මේ වෙලාවේදී මට මතක් වෙනවා චන්ත්‍ර අනගිරත්න ගේ කවි පන්තියක කොටස්.

දැක්කම වින්කින්
නැතුවම තින්කින්
පෙම් සයුරේ අපි
යටටම සින්කින්
වෙන් ලව් මේකින්
නෝ මෝ ජෝකින්
විලි යූ මැරි මී?
යූ බණ ටෝකින්

මංතුමා අවුරුදු හතරයි, මාස දෙකයි, දවස් තුනක් ගත කරපු පේරාදෙනියේ ඉංජිනේරු තිප්පොල කියන්නේ එක්තරා විදියක කාන්තාරයක් කියන්න පුළුවනි. මොකද මල් අඩුයි. එනිසා, මල් පාත්ති දැමීම, මල් කැඩීම වගේ දේවල් නිකං අපි හුඟ දෙනෙකුට භූතාර්ථ විතරයි. අපිට පස්සේ ඔතන ලැග්ග ගීතක, මධුරංග, චානක ලා ගේ අත්දැකීම් සමහර විට වෙනස් ඇති.

ඉතිං අළුතින් බැච් එකක් ආපුවාම ඕකේ ඉන්න කෙල්ලෝ කීප දෙනා පස්සේ කොල්ලෝ පෝලිමේ වහ වැටෙනවා. ඔය අතරේ, හොඳට හුරු බුහුටි, පෝර්ටබල් සයිස් දැරිවියක් හිටියොත් අර ඉටිපන්දම් එලියට ඇදිලා එන පළඟැටි සීන් එක බලාගන්න පුළුවන්.

කෙල්ලෝ ඒ අතින් හරිම වාසනාවන්තයි. ඒ ගොල්ලන්ට තියෙන්නේ නිකං ස්වයංවරයකදී වගේ තමන්ගේ චොයිස් එක පික් කරන්න විතරයි!

රූ ළමයා නම් මේ ගැන මොනවා කියයිද මන්දා ඒ ගැන?

ඔන්න අපේ කාලේ ඔය තිප්පොලේ හිටියා නිශා කියලා ගෑල්ළමයෙක්. මං දන්න කාලේ, මේ ඇත්තී තමන්ගේ අත ගන්න ආපු අයගෙන් තමන්ගේ හිත ගත්තු පොර ළමයෙකුට බහ දීලා මේ වෙනකොට යුගල වෙලයි හිටියේ.

නමුත් ඉතිං ඔය උලව් ලව් මල ඉලව් බොහොමයක දී වෙනවා වගේ වැඩි කල් නොගොහින් වැඩේ හබක් වුණාය කියමුකෝ.

ඕකේ ඉතිං ආයේ මතක තියාගන්න දෙයක් තිබුණේ නෑ. මේ වගේ සිද්ධි දස දහස් ගණනක් අතුතින් තවත් එක කේස් එකක් විතරයි නිශා සහ පවන් ගේ සංසිද්ධිය.

අපි ඔය තිප්පොලෙන් ගැළවිලා අවුරුදු දහයක් විතරම ගතවුණාට පස්සේ ඔන්න දවසක් මට හම්බ වුණා අපේ කාලේ තිප්පොලේ හිටිය පොරක් "ගොබ්ස්" කියලා. අපි දෙන්නා ඒ කාලේ අඳුණන්නේ නැතිවුනත් මෙදා පාර අඳුණා ගත්තට පස්සේ ඒ කාලේ විස්තර ගැන ගොබ්ස් සහ මං ඔන්න කතාවට වැටුණා.

කෝස් එක ගැන, වාත ලෙක්චරර්ස් ලා ගැන කතාවලින් පටන් ගත්තු අපේ කතාබහ අන්තිමේදී නතර වුනේ ලව් කේස් වලිනුයි.

"අපේ බැචෙකුත් සිරාවටම ට්‍රයි කළා නිශාට!" ගොබ්ස් කිව්වා.

"නිශා ට මං හිතන්නේ හත් අට දෙනෙක්ම ට්‍රයි කරලා තියෙනවානේ නේද?" ඒ මම.

"ඒ අනිත් උං වගේ නෙමෙයි අපේ බැචා නං, ඌ නං ට්‍රයි කළේ බඳින්නම හිතාගෙනයි. කොහෙද ඒකි අර පවන්කාරයා ට නේ කැමති වුනේ. අන්තිමේදී ඒකත් හබක් වුණා!"

ගොබ්ස් ගේ කතාවෙන් මං මුලින් ම අන්දුන්කුන්දුන් වුණා. ඇයි බොලේ, ඔය බඳින කතාව හිත යට තිබුණාට බඳින්න කියලා ඩික්ලෙයාර් කරළා යෑ කෙල්ලෙකුට ට්‍රයි කරන්නේ? එහෙම නං තිබුණා නේ කෙලින්ම මංගල යෝජනාවක් ගේන්න!

-කතන්දරකාරයා

ප/ලි:
හෙඩ් ඕවර් හීල්ස් වගේ ලව් තිබුණාට බැඳලා කාලාන්තරයක් ඉන්නවා කියන්නේ සීරීයස් වැඩක් නේ. දෙන්නෙක් සෙට් වෙලා කාලයක් ආස්සරේ කරන කොට තමයි තේරෙන්නේ වැඩේ ලීගල් කරලා අද්දං යන්න පුළුවනිද කියලා.

ඒ හින්දම, බඳින්නම කියලා කෙල්ලෙකුට ට්‍රයි කරන කොල්ලෙකුට කැමති වෙන එකත් කෙල්ලෙකුට ටිකක් භයානක වැඩක්. එහෙම නේද?

(image: http://blog.twomangoes.com/my-first-proposal-the-bollywood-factor/)

47 comments:

  1. ඉස්සරලාම ට්‍රයි...ඊට පස්සෙ ෆ්‍රෙන්ඩ්...ඊට පස්සෙ ලව්....ඊටත් පස්සෙ තමා ඉතින් බඳිනවද කියල හිතන්න ඕනෙ.......නැද්ද මං අහන්නෙ..??.

    ReplyDelete
    Replies
    1. හ්ම්.......... හ්ම්........... හ්ම්........

      Delete
    2. මං නම් හිතන්නෙ, ඉස්සෙල්ල ෆ්‍රෙන්ඩ් (ෆ්‍රෙන්ඩ් විතරයි), ෆ්‍රෙන්ඩ් හොඳයි නම් ඊට පස්සෙ ලව් (ද්විපාර්ශ්වික)... එතකොට දන්නවනෙ බඳින්නම තමයි කියලා, මොකෝ ආශ්‍රය කරල තව අලුතෙන් මොනව හොයා ගන්න කියලද... මං නම් වැඩේ ගොඩ දැම්මෙ එහෙමයි... :D

      Delete
    3. වසිලිස්සා29 February 2012 at 12:05

      මම කියන්න හිටිය දේ ඔය කියල, හැබැයි දෙයක් එකතු කරන්නම වෙනවා , සමහර වෙලාවට බැන්දට පස්සේ තමා නියම ගතිගුණ එලියට එන්නේ.එක කාගේවත් වරද්දක්ම නෙමෙයි ලෝක ස්වබාවය.

      Delete
    4. නරක ගතුගුණ පස්සෙ එළියට එන කතාව නම් ගොඩ දෙනෙක් කියනවා අහලා තියෙනවා...

      මම නම් හිතන විදිහට ඔව්වා කලිනුත් එළියට එනවා ඇති..නමුත් හිතේ තියෙන කැමැත්ත වගේම තමුන්ව පටස්ගාලා දාලා යයි කියන බය හින්දා ඒවා නොදැක්කා වගේ ඉන්නවා..පස්සෙ හදාගන්න පුලුවන්නෙ කියලා..

      අනික අනිත් පාර්ශවේ වැරැද්දක් දැක්කත් හිත ඒක පිළිගන්න කැමති නෑ..මොකක් හරි හේතුවක් හදලා ඒක සාධාරණීකරණය කරලා දානවා...ඕකනෙ අන්ධයි කියන්නෙ..

      ඒත් බැන්ඳට පස්සෙ දන්නවානෙ අනිත් පාර්ශවේට තමුන්ව දාලා යන්න ලේසියෙන් බෑ කියලා ඉතින් පටන්ගන්නවා වැරදි හොයන්න..අනික සුරලෝකයක් කියලා හිතං හිටපු කසාද ජීවිතෙ එහෙම නොවෙයි කියලා තේරුම් යනකොට අනිකව කන්න හදනවා..."මූ මාව කෑවා" "මේකි මාව කෑවා කිය කිය."

      මාතෘකාවෙන් අවුට් ගියාද මන්දා?

      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
    5. ඒක වෙන්න පුලුවන්... මං නම් හාමිනේට (ඒ කාලෙදි වෙන්ඩ හාමිනේ) කිව්ව, බැන්දට පස්සෙ මාව වෙනස් කරන්න හදන්න එපා, එහෙම වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනව නම් දැන්ම කියන්න, පුලුවන් දෙයක් කරන්නම් කියලා (මං හිතන් හිටියෙ බැන්ද කියල මගේ වෙනසක් වෙන එකක් නැහැ කියල, මං හිතන්නෙ මම තාම වෙනස් වෙලා නැහැ)... ඒ වගේම තව කිව්වා, ෂොපින් කරන්න (විශේෂයෙන් ඇඳුම් වගේ දේවල්) නම් එන්න බැහැ කියලා... ඒ උනත්, මාව වෙනස් කරන්න හැදුවෙ නැති උනාට, හාමිනේ කොහොම හරි මාව ෂොපින් කරන්න ඇදගෙන යනවා... (හත් ඉලව්වයි, එතනදි නම් මට නොදැනීම හාමිනේ මාව වෙනස් කරලා වගේ... තව මොනව වෙනස් වෙලාද මංදා)... :D

      Delete
    6. හී හී හී...

      Delete
    7. අහවලා හරි මල්ලී... මටත් කියන්න තියෙන්නේ ඕකමයි.. ඉස්සෙල්ලාම යාලුවා.. ඒකාලේ වෙන කෙල්ලකුට එහෙම් set උනාම යාලුවව පොඩ්ඩක් study කරන්න ඕනෙ මම කරා වගේ.. face එක පොඩ්ඩක් අවුල් වෙලා යාලුවා ඔරොප් වෙනවා නම් අන්න එතකොට යාලුවාට love කරන්න හොඳයි.

      Delete
  2. මම ඕක ගෑල්ලමයටම කියලා. එයා ඒක අම්මට කියලා. වෙන්න මස්සිනාලයි උන්ගේ සෙට් ඒකයි නෙලුවා මට තොරණ හන්දියේ. දිවිය ලෝකේ යන එක නවත්තගත්තේ හන්දියේ පොඩ්ඩේ අයියා. තව ටිකෙන් දිව්‍ය අංගනාවන්ට තමයි ට්‍රයි කොරන්න වෙන්නේ.. මෙයත් මාර උපදෙස් තමයි දෙන්නේ....

    ReplyDelete
  3. කකා මගේ නමත් මතක් කරලා තියෙන නිසා ඔන්න කියන්න ඕනෑ අපේ කාලේ වෙනකොට ඔය කියන තරම් අහේනියක් නොතිබුණු බව :)

    2011 දී අපි කම්මලට ඇතුල්වෙනකොට 320 ක් හිටපු අපේ කණ්ඩායමේ කාන්තා නියෝජනය 52 ක් හිටියා..., සිංහල 41 ක්, දෙමළ 10 ක් සහ මුස්ලිම් 1 ක් විදියට!

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ඩ ඕනෙ... 2001 ලෙස නිවැරදි විය යුතුයි!

      Delete
  4. අර සිංදුවකුත් තියෙන්නේ...

    පළමුව සිනා සී..
    දෙවනුව ලියම් දී..
    තෙවනුව තෑගි බෝග අරං යයි..
    ඉන් පසු ප්‍රේම ගගේ පීනා ලා සතුටින්..
    ප්‍රේම කරයි දෙන්නට දෙන්නා...

    ReplyDelete
  5. හැමදාම එක බඩ්ඩට ලව් කොරපු එකා මේවට මොනව කියන්නද ?

    ReplyDelete
  6. බ්ලොගර්ව කොටිය කන්ඩ එපෑ මේ ඩිලීට් බට්න් එක අයින් කොලාට....

    ReplyDelete
    Replies
    1. කෝ....නුවනැත්තන්ට විතරද පේන්නෙ ?

      Delete
    2. ඔබා අයියා, බ්‍රවුසර් එක වෙනස් කරලා බලාන්ට.. ඩිලීට් බට්න් එක කිසිම වෙනසක් නැතිව වෙනදා වගේම තියෙනවා.. ඔයාගෙ සෙටින්ග්ස්වල මොකක්හරි අවුලක් වෙන්ටැති..

      Delete
  7. Replies
    1. හොඳම යාළුවට ආදරේ කලාම ඔහොම නොගැලපීම් එන්නේ නෑ බොහෝ දුරට ගැලපෙනවා මම හිතන්නේ විවාහෙනුත් පස්සේ ඇදගෙන යතෑකි

      Delete
  8. අර ගොයියා සිරාවට ට්‍රයි කලානම් වැටුනේ නැත්තේ මොකෑ....
    කසු කිව්වත් වගේ කලින්ම මංගල යෝජනාව ගෙනාවනම් වැඩේ හරියන්නත් ඉඩ තිබුනා තමයි..... :)

    ReplyDelete
  9. //කෙල්ලෝ ඒ අතින් හරිම වාසනාවන්තයි. ඒ ගොල්ලන්ට තියෙන්නේ නිකං ස්වයංවරයකදී වගේ තමන්ගේ චොයිස් එක පික් කරන්න විතරයි! //

    හිහි කතාවනම් ඇත්ත තමයි ....

    ReplyDelete
  10. මගුල් යෝජනාවක් ගෙනාවා නම් ගෑල්ලමයා කියයි "මෙයා මගුලක් අහනවා...මං ඔයාව හරියට දන්නෙත් නෑ"....

    කොයි ආකාරයෙන් උනත් අවසානය ඔය කතාවට කියන්නේ..."බඹා කෙටූ හැටි" කියලා...

    ReplyDelete
  11. mamanam thaama try kollek enna kellekta ...

    ReplyDelete
  12. මං සෙට් කොරගත්තේ මගේ හොඳම යාළුවා වෙලා හිටිය කෙල්ලව.

    යාළුකම අවුරුදු 3 යි, ලව අවුරුදු 5 යි

    නිසි අවසරය ගන්න ලබන සතියේ මහතැන් එක්ක කතා කරන්න හිතාගන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. සුබ පැතුං ඈ . . . !! ආයෙ නොකීවයි කියන්න එපා

      Delete
    2. ටැන්කිවු ඇන්ඩයියේ... හම්බෝ.. මේ දවස් වල හම්බානක ප්ලෑන් ගහනවා..

      Delete
  13. අවුරුද්දක් ලවු කලා . . . බදින්න හිතුන . . බැන්ද . . දැං බෙරේ ගහනව (හොරනෑවකුත් ලැබුන නොවැ මෑතකදි)

    ReplyDelete
    Replies
    1. ඔය හොරණෑව තමයි වටින්නෙ.

      Delete
    2. ඔය බෙරේ පැලිලා නේ ?

      Delete
  14. නැව ආපු ගමන් “අහන” එකෙයි ‍බඳින්න කියලා මගුල් කපුවෙක් හරි අම්මල තාත්තල හරි ගේන යෝජනාවකුයි අතරෙ වෙනසක් නෑ. එක අතකින් දෙවෙනි එක ටිකක් හරි හොඳයි, අඩු ගානේ මගුල් කපුව කෙසේ වෙතත් අම්මල තාත්තල හරි ටිකක් හොයල බලනවනෙ. අර උඩින් කමෙන්ට් කරල තිබුන වගේ ටික කාලයක් සාමාන්‍ය විදිහට ආශ්‍රය කරනකොට “පිළිබඳ සිතක් පහළ වුනොත්” හිච් වෙන එකයි සාර්ථක.
    අනේ මන්ද මට හිතෙනව එක අතකට කවුරු වුනත් එකයි කියල, අප්සෙට් ම කේස් එකක් නෙවෙයිනං.

    ReplyDelete
  15. මගුල ගැන ඉස්සෙල්ලම කිව්වොත් දැන් කාලේ කෙල්ලෝ නම් කොහොමත් කැමති වෙන්නේ නැහැ.ඉස්සෙල්ලා ලව් පස්සේ මගුල ගැන කතාව දාන්න ඕන.

    ReplyDelete
  16. මුලින්ම බැඳලා පස්සේ යාලු වුනානම් ඉවරයි...

    ReplyDelete
  17. මම මොකද කියන්නෙ කියලා ඇහුව නිසා මේක නොකියත් බෑ..
    අපි නම් කොලේ ඔය මල්මාලෙ අතේ තියාගෙන පිරිමි ළමයෙක් එනකම් බලාන හිටපු එක තමා(ස්වයංවරයකදි වෙන්නෙ ඔහොම තමයිලු)..පස්සෙ සිදු වුන ඒවට කියන්න තියෙන්නෙ ඉට්ස් ද හිස්ටරි කියලා තමයි..:D

    පෝස්ට් එකේ කියන්න තියන පණිවිඩේ ගැන නම් කියන්න තියෙන්නෙ සිරාවටම බඳින්න ලව් කරන එකෙත් ලොකු අවුලක් නෑ කියලා මොකද එතකොට එහා මේසෙ එක්කෙනා කන්නෙ මොනවද කියලා හිතන්න ඕන නෑනෙ..!!

    ReplyDelete
  18. මොනවද කමෙන්ට් කරන්නේ කියලා කල්පනා කලේ !

    ReplyDelete
  19. යාළුවෙන්න කෙල්ල පස්සෙන් ගිය වෙලාවේ ගෙදරට ගිහිම් යෝජනාව කලානම් වැඩේ කෙරිලා..

    ReplyDelete
    Replies
    1. අපේ යාලුවෙකුත් ඔහොම කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහල, කෙල්ල කියල ගෙදරින් කැමති නම් එයත් කැමතියි කියල... කොල්ලත් හිත දැඩි කර ගෙන කෙල්ලගෙ ගෙදරට ගිහින් අම්මල තාත්තල කැමති කරවගෙන... ඊට පස්සෙ කෙල්ල බෑ කිව්ව... සිද්දිය නම් 100% ඇත්ත... නම් ගම් කියන්න විදිහක් නැහැ... :D

      Delete
    2. කෙල්ල හිතන්න් නැතුව ඇති කොල්ලා ගිහින් අම්මලාගෙන් අහයි කියලා...

      Delete
  20. //බඳින්නම කියලා කෙල්ලෙකුට ට්‍රයි කරන කොල්ලෙකුට කැමති වෙන එකත් කෙල්ලෙකුට ටිකක් භයානක වැඩක්. //
    ඒකනේ කෙල්ලෝ , කොල්ලෝ කීප දෙනෙක් ආශ්‍රය කරලා හොඳම කෙනා බඳින්නේ....:D:D:D

    ReplyDelete
  21. "ඉටිපන්දම් එලියට ඇදිලා එන පළඟැටි " මොකෝ ලාම්පුව "ඉටිපන්දමෙන්" replace කලේ!

    ReplyDelete
  22. කඩේකට ගිහිල්ල සෙරෙප්පු දෙකක් ගන්තත් දෙතුන්පලකට යන එකේ හොදට හොයල බලල තමයි බදින්න ඕන. ලව් නං ඉතිං ඕනතරං කොරන්න බැරිය.

    ReplyDelete
  23. මොකක්ද මේ ඉටිපන්දම් කතාව?

    ReplyDelete
  24. පාසල් සමයේ ඉදලම ආදරයෙන් ඉදල ඒ තැනැත්තා/තැනැත්තීවම කසාද බැදල මාසයෙන් දෙකෙන් විවාහ ජීවිතයට සමුදෙන අය වගේම , දවසින් දෙකෙන් හදුනා ගෙන බොහොම හොඳ සාර්ථ විවාහ ජීවිත ගත කරන අයත් ....බිඳුනු පෙමක් නිසා මුලු ජීවිතේම විවාහ නොවී ඉන්න බොහාම සුළු ප්‍රමාණයකුත් මේ ලෝකේ ඉන්නවා.

    ReplyDelete
  25. සියළු දෙනාටම ස්තුතියි.

    අවිවේකී කාලයක් නිසා සියළු දෙනාටම පිලිතුරු දෙන්න තියා අසා ඇති ප්‍රශ්ණවලට උත්තර දෙන්නවත් වෙලාවක් නෑ.

    ඩිවෝස් ජීන් කතන්දරේත් බලන්න.
    http://kathandara.blogspot.com/2012/03/divorce-gene-of-girls-identified.html

    ReplyDelete
  26. මම ඊයේ කියෝපු ආර්.ආර්. සමරකෝන් මහත්තයාගේ දෙහදක් අතර පොතෙත් තියෙන්නේ මේ වගේ කතාවක් තමා

    ReplyDelete
  27. hama gakatama kotala kotala kehel gaheedi kotturuwage hota patalenawa kiyana ekath metanata adalai mage hithee

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.