Monday 20 February 2012

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ රාමනාදන් ශාලාවේ මහා කළබගෑනියක් - Campus Rumpus @ Ramanathan Hall, Peradeniya University


පේරාදෙනිය යුනිවසිටියේ එක කෙලවරක වගේ තමයි රාමනාදන් නේවාසිකාගාරය තියෙන්නේ. ඒක මුලින්ම හදලා තියෙන්නේ කොල්ලන් ට ඉන්නයි. ඒක නේ පිරිමි නමක් තියෙන්නේ.

මුල් කාලේ කෙල්ලෝ ඉඳලා තියෙන්නේ ගෑනු නම් තියෙන සංඝමිත්තා එකෙයි, හිල්ඩා ඔබේසේකර එකෙයි විතරයි ලු.

පස්සේ විශ්ව විද්‍යාලයේ කෙල්ලෝ ප්‍රතිශතය වැඩිවෙන කොට රාමනාදන් ශාලාවට කෙල්ලෝ දාලා තියෙනවා.

මේ වගේම දැන් කෙල්ලෝ ඉන්න මුලින් කොල්ලෝ හිටපු හෝල් එකක් තමයි විජේවර්ධන එක. ඒකත් පිරිමි නමක් නේ.

ඒකෙන් නං කොල්ලන්ව අයින් කරන්න හේතුව පිටිපස්සේ තියෙන රේල් පාරේ කෝච්චියක ගිය සිරිමා බණ්ඩාරනායකට පේන්න කොල්ලෝ පෝලිමට පුක එලියේ දාගෙන හිටිය නිසාය කියලා කතාවක් තියෙනවා. නමුත් ඇත්තටම ඒකට හේතුව ආමි යුනිට් එකකුයි, යුනිවසිටි කොල්ලෝයි අතර වෙච්ච මහා රණ්ඩුවක් ලු! (මේ කියන්නේ පරම්පරාවකට ඉස්සර කාලේ. ඒ හින්දා දෙපැත්තටම වැඩි ඩැමේජ් එකක් වෙලා නෑ.)

කොහොම හරි මේ රාමනාදන් ශාලාව, එහෙම නැත්තං නාදන් එක පේරාදෙනියේ තියෙන ලොකුම නේවාසිකාගාර ශාලාවක්. කාමර නං කීයක් තියෙනවාද මන්දා? ඉස්සර නං මට ඕකේ රූම් නම්බර් එකක් හොඳට මතක තිබුණා, විසිටර් කෝල්ස් යවන්න.

ඒ විසිටර් කෝල්ස් කරපු සුළු කාලේට ඉස්සරත් මං ඕනෑ තරම් ගිහින් තියෙනවා රාමනාදන් එකට රෑට කන්න. නාදන් එකේ කැෆටේරියා එකේ තියෙන ඉඳිආප්ප, ගෝදම්බ රොටි විතරක් නෙමේ බත් පවා අපි හිටපු මාකස් ප්‍රනාන්දු, අක්බාර් වගේ ඒවට වැඩිය සෑහෙන්න හොඳයි.

ඒ මදිවට බත් ගත්තොත් අඩුව දෙන්නේ සල්ලි නොගෙනයි.

ඒ වර්ගයේ නොමිලේ අඩුවක් ගහන්න ගිහින් අපේ පොරකට හොද්දා කියලා කාඩ් එකක් වැදුනේ ඔය වගේ අක්බාර් එකේ ඉඳලා සංඝමිත්තා එකට ගිය ගමනකදියි.

ඒ මොනවා වුනත්, ඔතනට ගියාම අතේ සල්ලි තියෙනවා නම් අපේ කොල්ලෝ ඉඳිආප්ප දුසිං දෙකකට විතර වගකියන්න අමතක කරන්නේ නෑ. ඒත් සමහරුන්ට නං එහෙම කාලත් නිකං නගර සභා බිල්ඩිමට කූඹියෙක් ගියා වගේලු දැනෙන්නේ.

ඒ කාලේ අපිට ආරංචි වුණා රාමනාදන් හෝල් එකේ තිබුණු මහා කළබගෑනියක් ගැන. මෙතන නේවාසිකව හිටිය කෙල්ලෝ කණ්ඩායමක් ගිහින් කැෆටේරියාව කරගෙන ගිය මුදළාලි ට මහා වලියක් දාලා.

කෙල්ලන් ගේ ඉල්ලීමට මුදළාලි හොඳටම සැලුණා ය කියලයි ආරංචිය.

මෙන්න මේකයි ඔය අසාධාරණ රාමනාදන් මුදලාලිට විරුද්ධව කෙල්ලන්ගේ වලිය.

"ඉඳිආප්ප ගන්න කොට අඩුම වශයෙන් ඉඳිආප්ප පහක් ම ගන්න ඕනැය කියලා මුදළාලි දාලා තියෙන නීතිය හරිම අසාධාරණයි."

"අපිට ඉඳිආප්ප තුනක් ගන්න ඉඩ දියව්!"

"අසාධාරණ මුදළාලි භංගවේවා!"

-කතන්දරකාරයා

ප/ලි:
දැන් කොහොමද මන්දා තත්වේ? චතු, පිසාච, රත්ගම, හාවි වගේ කෙනෙක් ලිව්වොත් තමයි.

(image: http://www.kalusuduapi.com/2011/12/january-7th-death-of-free-education.html)

37 comments:

  1. ඉඳිආප්ප, ගෝදම්බ රොටි විතරක් නෙමේ බත් පවා අපි හිටපු මාකස් ප්‍රනාන්දු, අක්බාර් වගේ ඒවට වැඩිය සෑහෙන්න හොඳයි.

    …-----
    …ඇයි ආප්ප හොද නැද්ද ?

    ReplyDelete
  2. ඒත් සමහරුන්ට නං එහෙම කාලත් නිකං නගර සභා බිල්ඩිමට කූඹියෙක් ගියා වගේලු දැනෙන්නේ.
    ..............................................................................

    අපෙත් ඔය වගේ එකෙක් හිටියා. ඌටත් කොච්චර කෑවත් මදි.

    ReplyDelete
  3. ඒත් සමහරුන්ට නං එහෙම කාලත් නිකං නගර සභා බිල්ඩිමට කූඹියෙක් ගියා වගේලු දැනෙන්නේ.
    ...........................................
    අපෙත් ඔය වගේ එකෙක් හිටියා. ඌටත් කොච්චර කෑවත් මදි.

    ReplyDelete
    Replies
    1. ඉඳිආප්ප දුසිම් දෙකක් කියන්නෙ ගෑවෙන්නවත් මදි නේන්නං බොලේ.. අපි ඉස්සර හවසට තේ බොනකොටත් ඉඳිආප්ප 25ක් විතර කනවා.. ඉතිං උදේ/දවල්/රෑ කෑම ගැන කවර කතාද.. :)

      Delete
  4. කොටියම කාපිය මේ වගේ අසමජ්ජාති කෙල්ලන්ව. ඇයි යකෝ ඉදි ආප්ප තුනක්????? කන්නද? අත පිහදාන්නද?

    ReplyDelete
  5. උඹට වෙන වැඩ නැද්ද මේ වගේ ගොන් ආතල් දෙනවට වඩා.

    ReplyDelete
  6. මේ දවස් වල නම් පේරාදෙණිය ගැන ඇහුවාම මතක් වෙන්නේ ඉඳි ආප්ප නම් නෙවෙයි

    ReplyDelete
  7. ඉඳි ආප්පෙට පිම්බොත් කොච්චර දුරක් හුළඟේ ගහගෙන යනවද?

    ReplyDelete
  8. "අපිට ඉඳිආප්ප තුනක් ගන්න ඉඩ දියව්!" වෙන ඉල්ලන්න දෙයක් තිබිලම නැද්ද අප්පා..

    ReplyDelete
  9. අනේ ඉතින් කෙල්ලන්ට කැමති විදියට කන්ටවත් නිදහසක් නැති හැටි.
    කෙල්ලන්ට ජයවේවා. ඔවුන්ගේ ඉල්ලීම් සියල්ල ඉටුවේවා....:D:D:D

    ReplyDelete
  10. බත් එකටයි, අඩුවටයි අමතරව තව ඔප්ශන් එකක් තිබුනා අපේ බත් භාගෙ. භාගෙත් භාගයක් ඉතුරු කරනව ගොඩක් ගෑල්ලමයි...
    ඔය කාලෙ ඉඳිආප්ප දුසිම් 2ක් කියන්නේ බඩෙන් භාගයයි. ගෙදර යනදාට වෙනද හදනවා වගේ දෙගුනයක් ඉඳියාප්ප හදනව කියල අම්ම කියනවා. ඇයි ඉතින් ඇරියස් ටික අල්ලන්න බලාගෙන නෙ යන්නෙ.

    ReplyDelete
  11. අර්තාපල් හොඳට බැදල
    බිත්තර ඔම්ලට් තියෙද්දි
    රෝස් කරපු චිකන් කන්න
    ලුනු ඕනද මගෙ පුතාට
    -සබරගමු සරසවියෙ ආපන ශාලාවෙ තිබුන කවියක්.-

    ReplyDelete
  12. අර්තාපල් හොඳට බැදල
    බිත්තර ඔම්ලට් තියෙද්දි
    රෝස් කරපු චිකන් කන්න
    ලුනු ඕනද මගෙ පුතාට
    -සබරගමු සරසවියෙ ආපන ශාලාවෙ තිබුන කවියක්.-

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. :) dannam ahema kachal monawath ne.. mamanama nadan aken kewe bath witharamai, thawa loku bath gediyak aran giya HC ake asanipa wela unna batchekuta ..

    ReplyDelete
  15. මොනවා උනත් සාධාරණ ඉල්ලීමක්....

    ReplyDelete
  16. ඉඳි ආප්ප 3 ක් ?? ෆිගර් එක මේන්ටේන් කරන්ට වෙන්ටෑ!

    ReplyDelete
  17. //නාදන් එකේ කැෆටේරියා එකේ තියෙන ඉඳිආප්ප, ගෝදම්බ රොටි විතරක් නෙමේ බත් පවා අපි හිටපු මාකස් ප්‍රනාන්දු, අක්බාර් වගේ ඒවට වැඩිය සෑහෙන්න හොඳයි.
    අපෝ ඒකට දැන්....

    ReplyDelete
  18. එදා අරගලයෙන් පස්සේ දැං ඉදි ආප්ප 3 ගානේ විකුණනවා ඇති...

    ReplyDelete
  19. මුන්ට ඉදිආප්ප කන්නද ලෙව කන්නද මන්දා..!! හැබැයි ෆිගර් එක මෙව්වා කරන්නත් එපයි නේ ..!! උන්ට හොද නම් අපිට මොකෑ..!!

    ReplyDelete
  20. ඒ කාලේ එහෙමවත් කළා.ඒත් දැන් කාලේ ඉන්න කෙල්ලෝ මෙලෝ රහක් නෑ.උන් කැම්පස්වලට නෙවි හොද මොන්ටිසෝරිවලට පණ බයයි.කැම්පස් ගතියක් ගෑවිලාවත් නෑ

    ReplyDelete
  21. යකෝ ඉඳිආප්ප තුනක් කාල සද්දෙට පඩයක්වත් අරින්න පුලුවංද ??? මේකියන්ට දෝදු

    ReplyDelete
    Replies
    1. pada arinada idiappa kanne......oya maraine Mr.ona

      Delete
  22. හිල්ඩා එකට ආපහු කෙල්ලො දැම්මා නේද?පිසා කෝ දීපන් අප්ඩේට්ස්!

    ReplyDelete
  23. හොඳ වෙලාවට පේරා ගිය (රාමනාදන් හිටිය) ගෑල්ලමෙක් කසාද බැන්දෙ නෑ.

    ReplyDelete
  24. බලන්න කොච්චර ටිකද මේ ගෑනු ළමයි කන්නේ . පිරිමි ළමයි කසාද බඳින්නත් හොයන්නේ කෙට්ටු ගෑනු ළමයිනේ . ළමයි විතරක් නෙමේ උන්ගේ අම්මලත් කෙට්ටු වෙන්න ඕන කියල කලකට පෙර කට්ටිය කතා වුනේ . කැම්පස් යන්නේ මොලේ ඇති ගෑනු ළමයි නිසා එයාල ඒ වගේ ඉල්ලීමක් කරන්න ඇති

    ReplyDelete
  25. ඒ කඩේ ඉඳි ආප්ප මුස්ලිම් හෝටලේ ගෝදම්බ රොටියක සයිස් එකට තියෙන්න ඇති.
    එහෙම නැත්තන් කෙල්ලන්ට ඇනරොක්සිස් ද මොකද්ද කියන ලෙඩේ තියෙන්නැති

    ReplyDelete
  26. දැන් නම් අයියේ නාදන් එකේ කෑම ටිකක් විතර අවුල්ලු...අපේ කෙල්ලො සමහර දවස් වලට අක්බාර් එකෙන් හරි මාකස් එකෙන් හරි කොල්ලො ලව්ව කෑම ගෙන්නව ගන්නව.....
    රත්ගමයගෙන් ඇහුව නම් කියයි කීපාරක් මේ වෙනකොට එහෙම අරගෙන තියේද කියල..........

    @කස්සා- හිල්ඩා එකට කොල්ලො දාල දැන් ආයිමත් කෙල්ලො ඉන්නේ අයියෙ.....

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ට හදාපු හිල්ඩා එකට කොල්ලො දාන්න වුනේ කොල්ලන්ට හදාපු විජේවර්ධන එක කෙල්ලන්ට දීපු නිසානෙ. දැන් හිල්ඩා එකට ආපහු කෙල්ලො දැම්මනං කොල්ලන්ට අසාධාරණයක් වෙනවනෙ.
      (අනිත් එක හිල්ඩා එකට උඩින් මිත්ත එක තියන නිසා අර කවුද Ano කියල තියෙන සමලිංගික හිංසනය වැඩි වෙන්නත් ඉඩ තියෙනව)
      මේ .......... හිල්ඩ එකේ බිත්ති එහෙම හොඳට හෝදල තීන්ත ගාල එහෙම දෙන්න ඇති නේද කෙල්ලන්ට?

      Delete
  27. වෙනස බලාපල්ලා දැන්වත් ළිං මැඩියන් නොවී ලෝකේ දිහා බලපන් (

    ලංකාවේ විශ්විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය දැන් සැසදෙන්නේ ඇවිදින ඇටසැකිලි සිටින අප්‍රිකාවේ අසාර්ථක රජයන්ගේ අධ්‍යාපනික ආයතන වලට සාපේක්ෂවය. ලංකාවේ උසස් අධ්‍යාපනය බේරා ගැනීමට පොරමඩුල්ලේ එස්බියාවත් , අන්තරේ හීනමාන චාටර්කාරයන්වත් , තුන්වේල යහමින් කා කිරෙන් අත සෝදාගන්න නාමල් බෙබිවත් එන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන ආ හැක්කේ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පමණි. පිකටින් යාම, දේශපාලන පක්ෂ වලට කඩේ යාම, පර පිඩක ආතල් එකෙන් නවක වදය දීම, ලිංගික අතවර කිරීම මේ සෑම දෙයක්ම කරන මොවුන් කරන නමුත් නොකරන එකම දෙය හරි හැටි අධ්‍යාපනයේ නියැලීම පමණි. නරඹන්න කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පොලු පිහි අතැතිව උසස් අධ්‍යාපනයේ නියැලෙන අයුරු (කොහොමද ලී කෙලි සෙල්ලම සහ පිහිය? කොහොමද ඩිග්‍රිය කරනකම් සිවුර පටලවාගෙන පිරිවෙනෙන් පිනට ලඩා ගහගෙන පින් බත් කෙලින ගරුතර සංගරත්නය හැසිරෙන හැටි ) http://www.youtube.com/watch?v=lfxrReGbYNU මෙන්න රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිකටින් කරන හැටි (අයියලා එන්න කීවාම යන්න ඕනේ , නැත්තනම් පෝරියල් තමයි) http://www.youtube.com/watch?v=eIyVk3pRwKk&feature=related මෙන්න අර නලින් ද සිල්වා සීයා නිතර කියන ගර්හිත ජරාජීර්ණ බටහිර (ඇමරිකාවේ ) විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ලංකාවේ ළමයි සාමකාමිව උත්සවයක් සමරන හැටි. (පේනවද මුන් කොකා කෝලද මොනවාද බොන හැටි , ඕවා ඉස්සර කොළඹ විශ්ව විද්‍යාලයේ බොන්න තහනම් ) http://www.youtube.com/watch?v=ri0erYYQ5dE දැන් ඉතින් මේවා වලට ඉරිසියා නොවී එක්කෝ උඹලගේ හරක් මඩු ටික හොඳ තත්වයකට අරගෙන වරෙල්ලා නැත්නම් ලබන ආත්මෙවත් උඹලා දැන් ඉන්න වදකාගාර වලට යන්න නොලැබී මේ වගේ එල තැන වල උසස් අධ්‍යාපනයේ දීමට හැකි වේවා කියා කටපුරා සාදුකාරයක් දීපන්. මීට සුදු සීයා

    ReplyDelete
  28. "පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය"

    see

    http://hotnewslanka.com/2012/02/blog-post_4853.html

    ReplyDelete
    Replies
    1. මාත් ඕක දැක්කා. මං හිතන්නේ ඒ ලියපු කස්ටිය පොට වරද්දගෙන.කොහොමත් නවක වදය කියන එක කරද්දි නිරුවත් වෙනව කියන එක අසාමාන්යල දෙයක් නෙවෙයි. (සමලිංගික නවක වදය ගැන මං කියන්නෙ. විරුද්ධ ලිංගික නවක වදය දෙන වෙලාවක නිරුවත් කරනවනම් ඒක බරපතල හිංසනයක් තමයි.) ඒ වුනත් සමලිංගික හිංසනයක් වෙලා තියෙන්නෙ කාටද කියල මටනම් හිතාගන්නවත් බෑ.
      හැබැයි මම දැකපු එක දෙයක් තියෙනව.
      විශ්ව විද්යාකලවල අඛණ්ඩව පැවැතගෙන ආපු නවක වදය නැති කරන්න ගිහිල්ලා අවසානයට නැති වෙලා තියෙන්නෙ නවක වදය වෙනුවට ඒ හා බැඳුනු සම්මතයන් සහ සම්ප්ර්දායයන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්සර තිබුනු එක සම්මතයක් තමයි නවක වදය දීමේදී නවකයාගේ ශරීරය මොන විදිහකටවත් ස්පර්ශ කරන්න තහනම් කියන එක. (වැටෙන්න ගියොත් අල්ලගන්න එක නෙවෙයි මේ කියන්නෙ). ඒ වගේම, ශාරීරික දුබලතාවන්ට ගැරහීම, ජන්මයට ගැරහීම වගේ දේවල් අසම්මතයි.
      නවක වදය නැති කරල දැම්මට පස්සෙ නැවත ඇතිවුනු නවක වදක පරම්පරාවට අර සම්මතයන් හා සම්ප්රයදායයන් ලැබිල නැහැ කියල මට හිතෙනවා.

      Delete
    2. වදය මොන විධියකින් ආවත් වදයක්ම තමා...හොඳ නවක වද නරක වද කියලා දෙයක් නෑ. කොයි වදයත් හිංසනයක්ම තමා.

      Delete
    3. හරිම අපුරු අදහසක් ට්‍රැෆික් ඇනෝ, නවක වදය දෙන්න නිරුවත් කරන්නම ඕනෙද? ලස්සන කතාවක් නේ ඒක? ගෑනු ළමයි කොහොමත් ලජ්ජා බයට හැදිච්ච අය කියන එක ලංකා සමාජයේ සංස්කෘතියේ හැටියක්, ඔවුන් නිරුවත් වෙලා කරන මේ රංගන වල කැමැත්තෙන් යෙදෙනවා කියල කියන්න තරම් ඔබ තුමා මොන මානසික මට්ටමකින් මේ ප්‍රශ්නේ දිහා බලල කියනවද කියල මට හිතාගන්න බෑ,. නවක වදය වදයක් විදියට නැතුව සුහදත්වය වැඩිවෙන විදියට කරන පුංචි පුංචි දේවල් වලින් නම් කමක් නෑ කියන්න පුළුවන්. ඒ වුනත් මෙහෙම ???

      Delete
  29. හෆොයි, මතක් කොරන්ට එපා ඉඳිආප්ප නං... ඒ දවස්වල (2001-2006) අක්බාර් එකේ ඉඳිආප්පයක් රුපියල් 2 කාසියකට වඩා පොඩ්ඩයි ලොකු! මේ මමත් සාමාන්‍යයෙන් ඉඳිආප්ප 40 ක් වත් කනවා... සමහරු හිටියා 80 ක් විතර කන!
    රාමනාදන් එකේ නං මටත් සෑහෙන්න සුන්දර මතක සටහන් තියෙනවා... කකාට වගේ මට නං රූම් නම්බර් එක මතක නෑ, මොකද මට අදාල රූම් එක තමා කොමන් රූම් එකේ ඉඳලා දෙවෙනියට තිබ්බෙ!
    ඔය කෙල්ලන්ගෙ ඉල්ලීම ගැන නං පුදුම වෙන්ට දෙයක් නෑ... ඔහොම එකක් නොවුන නං තමා පුදුමෙ!
    කකා අහල තියෙනවද හිල්ඩා එකෙන් කෙල්ලො අයින් කරන්න වුනේ හොල්මනක් නිසාය කියල කියන කතාව? මං හිතන්නෙ ඕක කතාවක්ම විතරයි! ඒත් අපි කැම්පස් ඉන්න කාලෙත් ඔය කතාව සෑහෙන්න ප්‍රසිද්ධයි.

    ReplyDelete
  30. කකා .. හොදි කාතාව මට මිස්වෙලා ලින්ක් එකෙන් තමයි ඒක දැක්කේ. ගිය අවුරුද්දේ සැප්තැම්බර් සිංහල බොලොග් බලන්න පුළුවන් තැනක නෙවෙයි මං හිටියේ.

    Hodda !

    ReplyDelete
  31. @ All

    ස්තුතියි, අන්තිම කාර්ය බහුල සති කිපයක්. ලියපු කතන්දර තියෙන හින්දා හොඳයි. මගේ බැන්කුව දැන් හිඳිලා!

    නැවත හෙට හමුවෙමු.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.