ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday, 19 May 2011
ඇම්පීත්‍රී සහිත - මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය :: Inhumane song written about the humane war (with MP3)
මේක අද ඊයේ කතාවක් නෙමේ. ටිකක් පරණ කතාවක්. අවුරුද්දක් දෙකක් විතර.
දන්නවනේ ඉස්සර නං, වැඩේ ඉවර වුනාට පස්සේ කේස් ක්ලෝස්ඩ්. නෝ කතා, නෝ සිනා, ගඟ හෝ ටයර් සෑය. නෝ එවිඩන්ස්. නෝ ක්වෙක්ෂන්ස් ටු ආන්සර්.
හැබැයි ඉතින් දන්නවනේ දැන් කාලේ? මේ ඩිජිටල් යුගයේ හැම දේකම වගේ, ඩිජිටල් ෆුට් ප්‍රින්ට් තියෙන නිසා මේවා ආපහු නැවත නැවත එනවා, නිකං චක්කංව වහතෝ පදං වගේ.
මෙන්න මං ලියපු සින්දුවක්. මාතෘකාව මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය.
පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ
තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
භූමදානයේ
හම්බන්තොට ලේවායේ ලුනු වේලෙන්නේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
ඒ ලුනු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ
මේක මං ලිව්වේ 2009 අවුරුද්දේ ජනවාරි මාසයේ විතර මට මතක හැටියට. මතකනේ අර මං නුඹ නාඩන් හොඳ පාඩම් කතන්දරේ ලියපු "ඔබාමා චූන් එකෙන් ඔබ්බට" කවි පන්තිය ලියපු කාලේමයි.
ඇත්තටම කියනවා නං ඔය අන්තිම අන්තරා කොටස ලියවුනේ මෙන්න මෙහෙමයි.
හම්බන්තොට ලේවායේ ලුනු ලුනු රහවේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් ඇඹුල් වේ
ඒ ලුනු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ඒවිද?
සැකයි යාළුවේ!
ඒ මුලින් ලියපු පදේ හරියට ආපු නැති නිසාත්, ඔබාමා ගේ කවියට වුණු වැඩේම මේකට වෙච්ච නිසාත් පස්සේ මං, "මා වැනි බිළින්දා" කවියාගෙන් කවි ඉල්ලලා එවපු පුවත්පත් කතෘ ගේ ඉල්ලීම මත, දැන් තියෙන වර්ෂන් එකට අන්තිම කොටස වෙනස් කළා.
කොහොම හරි ගිය අවුරුද්දේ අග දවසක මේ පදවැලට ටියුන් එකක් දාලා, මියුසික් දාලා, වෝකල්ස් දාලා ඇත්තම සින්දුවක් කරන්න පුළුවන් වුණා.
දැන් මෙන්න ඒ සින්දුව.
තනුව සහ සංගීතය -විශාරද ඉන්දු ප්‍රේමතිලක
ගායනය-තිසල් පාදුක්කවිදාන
මෙතනින් අහන්න.
මෙතනින් බා ගන්න.
http://www.divshare.com/download/14815982-217
-කතන්දරකාරයා
ප/ලි
මෙන්න මං කලින් දාපු ඇම්පීත්‍රී සහිත කතන්දර
1. හන්තානේ ලව් සෝන්ග් එක
2. අම්මා ට ද, තාත්තා ට ද වැඩිය ආදරේ?
3. ටැබූ සබ්ජෙක්ට්ස් සින්දුවක් (with YouTubeClip)
(image: http://en.wikipedia.org/wiki/Vietnam_war)
Labels:
අමානුෂික ගීතය,
මානුෂික යුද්ධය
Subscribe to:
Post Comments (Atom)
මුළු රට කිරිබත් කන දිනයක් ගැන
ReplyDeleteසිත විමසන්නේ??
අයියට තේරිලා තියෙනවා වැඩේ හරියටම.මේ පොල්වල ගානෙ
හැටියට නේද?ගෙදර කිරි ඛතක් උයාගන්නෙත් අම්මත් එක්ක
ගෝරිදාලා.අපේ අම්මට එලොව පොල් පේනවා කිරිබත් හදමුද ඇහුවම.
සිංදුව ලස්සනයි. කොලුපැට්ටගෙ voice එකත් ලස්සනයි. ජය!!
සින්දුව හොදයි .මම සින්දුවේ ලින්ක් එක බස් එකේ දැම්මා අයියේ.අවුලක් නැද්ද?. බස් රේඩියෝවෙත් ප්‍රචාරයක් දෙන්නම්
ReplyDeleteගීතයේ අදහස ලස්සනයි. දුකක් දැනෙනවා. සංගීතයෙත් වැරැද්දක් නෑ. ඒත් ඒක ගායනා කරන ගායකයාගේ කටහඬ ගීතයට ගැලපෙනවද කියලා නම්,
ReplyDelete'හිතට සැකයි යාලුවේ'......
ලොල්ය.. පටා අයියේ... :D :D
ReplyDeleteකදිමයි.....
ReplyDeleteඔය උඩ පිOතූරෙ පෘතුවි මිනිසුන්ගේ තිරිසන් බව මොනවට පැහැදිලි කොරනවද නේ....
@ Gimhani
ReplyDeleteඅපි නං පොඩි කාලේ ඉඳලාම හිටියේ පොල් වත්තක් මැද්දේ.
තාමත් අපේ අම්මට අහල පහල අය කියන්නේ පොල්වත්තේ ගෙදර ඇන්ටි කියලයි. අම්ම නං කියන්නේ පොල් එච්චර ගණං නෑ කියලනේ තාමත්.
@ රජිත්
ReplyDeleteහොඳයි, හොඳයි, අවුලක් නෑ නෙමේ තෑන්කියු!
@ පොඩි කූමී
ReplyDeleteමේ සින්දුව කියන්නේ පොඩි ළමයෙක්. කොහොමටත් මේකා වාක්‍ය රචනාවක් විදියටනේ ලියවිලා තියෙන්නේ.
@ සුළඟිල්ල | pinkie
ReplyDeleteලොල්, ලොල්.
@ Heeniyata
ReplyDeleteඅනේද කියන්නේ?
සින්දුව නියමයි අයියේ කියල වැඩක් නැහැ හදවතටම වදිනවා... එකත් එක්ක දාලතියෙන පින්තුරේ...........
ReplyDeleteඔන්න එකමත් එක හමුදා සොල්දාදුවෙකුට යුද්ධෙදි වෙඩි වැදුනලු. එයාව බලන්න හමුදා රෝහලට ගිය යාලුවො කට්ටියකගෙන් කෙනෙක් කිවුවලු "මචං රට වෙනුවෙන් සටන් කරපු උඹේ නම ඉතිහාසගත වෙනව" කියල.
ReplyDeleteඕක අහගෙන හිටපු ඒ සොල්දාදුවගෙ පොඩි කොලු පැටිය කිවුවලු "අංකල් අපේ තාත්තිගෙ නම ඉතිහාසගත වීම කෙසේ වෙතත් බුලට් එක තව ඩිංගක් පපුව පැත්තට බර වුණානම් අපේ තාත්තිගෙ කය භූගෝලගත වෙනව" කියල.
මම කාලෙකට කලින් ලංකාදීප පත්තරේ දැක්ක දෙයක් මේක
පද ටික ලස්සනයි . සංගීතය හා කටහඬ ටිකක් නොගැලපෙන ගතියක් දැනෙනවා . සංගීතය ගැන දන්නා දෙයක් නම් නැහැ. ඒ මගේ කනට හා හිතට දැනුනු විදිහ. ඔය පින්තුරයේ ඉන්න ගැණු ළමය ගැන පොතක් ලියවිලා තියෙනව පස්සේ කලෙක ජිවිත කතාවත් එක්කම.
ReplyDeleteමම දන්න දේත් මේකට එකතුකළොත් , ඔය ගෑණුළමයා දුවන්නේ වියට්නාමයේ දී ඇමරිකන් හමුදාව දැමූ නාපාම් බෝම්බයකට අසුවෙලා.ඇගේ මුලු ශරීරයම පිලිස්සී ගියද ජීවිතය රැකගන්න ඈ වාසනාවන්ත වූවා.ඇය දැන් මවක්.පසු කලෙක ඇය මේ ඡායාරූපය ගත් ශිල්පියා හමුවුණා.මටත් මතක හැටියට මේ පිලිබදව පොතකුත් ලියවුණා.වියට්නාම් සාමාන්‍ය ජනතාවට එරෙහිව පහර එල්ල කිරීම පිළිබදව පසුකලෙක ඇමරිකාව එරටින් සමාව ද ඉල්ලුවා.
ReplyDeleteඒ පොත ගැන විස්තර කියන්න......සිOහල ද? ඉන්ගිරිසි ද?
ReplyDeletemeeghaya කියූ දේට තව චුට්ටක් එකතු කරන්නන්, පින්තුරෙ ඉන්න දරුවා පසුව ඇමෙරිකාවෙ පුරවැසියෙකුත් වුනා, පසු කලෙක ඒ බෝම්බය දැමූ ගුවන් නියමුවත් එයාගෙන් සමාව ඉල්ලුව.
ReplyDelete@ අපරාජිතයා
ReplyDelete@ චානක
අපරාජිතයා ට සහ චානකට ස්තුතියි!
@ Bindi
ReplyDelete@ meeghaya
@ Heeniyata
@ Observer
මේ ඡායාරූපයේ ඉන්න ළමයා ගැන විස්තර මෙතනින් කියවන්න.
http://en.wikipedia.org/wiki/Phan_Th%E1%BB%8B_Kim_Ph%C3%BAc
මගේ ඇත්තම අදහස නම් සින්දුවට දාපු තනුව වත් කටහඬවත් ගැලපෙන්නෙ නම් නෑ.. හිත රිදුන නම් සමාවෙන්න... ඒත් ඊලඟට කෙරෙන වැඩේ මීට වඩා හොඳට කෙරෙනවා බලන්න කැමති නිසා මෙහෙම කියන්නෙ...
ReplyDeleteකියන්න බැරි වුනා නෙ.. පද රචනය නම් එළ කිරි!!!
ReplyDeleteබැලුව...ස්තුතිය් කතන්දර.....
ReplyDelete