ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday 17 February 2012
ලව් පලහිලව්වක අවසාන සිතුවිල්ලක් - Terminal thoughts
ලව් කියන ඒවා විවිධාකාරයි.
සමහර වෙලාවට මෙන්න මේ වගේ.
දැක්ක ගමන් හිත බැඳුණා,
වාසනාවේ දොර ඇරුණා,
දැන් මට තේරේ,
හා හා තේරේ
ආදරේ තේරේ
සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හමුවුණා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හමුවුණා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඒ කියන්නේ ලව් ඇට් ෆස්ට් සයිට්. නමුත් බොහොමයක් වෙලාවට මෙහෙමත් වෙනවා.
කවට කමට ඔබෙයි මගෙයි නම කියා
යහළු ළමයි විහිළු තහළු මට කියා
ඔබ ආදරේද ඇහැව්වා
මං දන්නේ නැතැයි කිව්වා
පාසල් යන කාලෙදී ඔබ හැංගිලා
බැලු හැටි මට මතකයි නෙත් හරවලා
ඔබත් බැලූ නිසයි දෙනෙත් හමුවුනේ
මිතුරන් හින්දයි පෙම් සිත් ඇතිවුනේ
ඔබ ආදරේද ඇහැව්වා
මං ආදරෙ යැයි කිව්වා
තවත් විවිධාකාර සංසිද්ධි නිසාත් ලව් පලහිලව් ඇතිවෙනවා.
මොනවා වුනත් සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා කියනවා වගේ ලව් පළහිලව් වුනත් ඒ නියාම ධර්මයට අහුවෙලා චක-බ්ලාස් වෙලා යනවා.
හැම ලව් එකක්ම තන්හාධික සිතුවිල්ලක් නේ. වෙනත් පුද්ගලයෙක්ව තමන්ටම අයිති කරගන්න එකයි ලව් එකේ අවසාන අරමුණ.
ඉතිං සමහර වෙලාවට ඒ ලව් එකට කෙලවෙලා ගියත් කොනක ඉතුරුවෙලා තියෙනවා අර කියපු තන්හාවේ කෑල්ලක්. අන්න ඒ කේස් එක නිසා තමයි මෙන්න මේ වගේ කවි ලියවෙන්නේ.
නිමාව
කෙදිනක හෝ මේ කුරිරු ලෝකයෙන්
සමුගෙන මා සදහට නිදනා කල
කොතැනක හෝ ඔබ සිටිනා තැනකින්
මා වෙත එනු මැන ප්‍රිය ලඳුනේ
මා සිප ගනු මැන ප්‍රිය ලඳුනේ
සුසිනිදු මුදු ඔබගේ තොල්පෙති සුව
සීතල මා දෙතොලට නොදැනේවී
මිය ගිය මා හද ඔබ වෙනුවෙන් පිපි
සෙනෙහස් මල ඔබ හට නොපෙනේවී
ඔබ හමුවෙන්නට ආ පෙර සවසක
ඔබට තිළිණ කල මල් පෙති සිහිකර
මිය ගිය මා දෑතේ මතුපිට
මලක් තබනු මැන ප්‍රිය ලඳුනේ
මිය ගිය අතීතය සිහිපත්වන්නට
මලක් තබනු මැන ප්‍රිය ලඳුනේ
(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)
ඒ වගත් මෙසේම,
-කතන්දරකාරයා
ප/ලි:
මුලදි ඔහොම වුනාට පස්සෙන් පහු ලියවෙන්නේ මෙන්න මෙහෙමයි.
ලින්ක් ටු කේන්ති කවිය - http://kathandara.blogspot.com.au/2010/07/blog-post_13.html
(image: http://www.facebook.com/no.love.x?sk=app_4949752878)
Labels:
කයි-කතන්දර
Subscribe to:
Post Comments (Atom)
එළ ඈ..අනේ මට බෑනේ මේ කවි සීන් එක.....
ReplyDeleteහස්තද්වාරයෙන් කියන්නෙ මොකක්ද කියන එකට උත්තරේ දුන්නේ නෑනෙ කකා මාමෙ..
ReplyDeleteදෙවැනි එක නම් වර්ණපාල මෙතඩ් ලව් එකක්ද කොහෙද?
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
මේ කීවෙනි ෆස්ට් ලවු එක ගැනද දන්නේ නෑ....:D
ReplyDeleteසාමාන්‍ය සිතිවිල්ලක්. අපූරු නිර්මාණයක් කරන්...
ඇයි කළේ මුලු හදින්ම ඔබ මට ආදරේ...?
ReplyDeleteසිංදුවකට ෂෝක්
ReplyDeleteඅන්තිමඑක තමයි ටොප්.
ReplyDeleteසිරා !
Deleteගිනි පෙලෙල්ලකට පෙම්බැඳ
ReplyDeleteනොදරුවකු විලසින
පිළිස්සුන හද මඩල ආලෝකමත් කල
මහා අකුණු සැරකට
යලිදු පෙම් බැන්දෙමි
හ්ම්...ආයෙත් කවි නේද ? හොඳා...හොඳා...
ReplyDeleteIts time to change the pic in your "මේ අවසාන ඝාතනය වේවා! " box
ReplyDeleteඊළඟ first love එක පටන් ගන්නේ
ReplyDelete"ඇවිලුනු ගිනි දැල් නිවී නිවී යද්දී ඈ මට හමු වූවා" කියලද?
Dick-son
මේ කවියත් සනත් අංකල්ගේ 'එදා මෙදා තුර' ජාතියේ එකක් වගේ!
ReplyDeleteලව් ඉලව් වෙනවලු කලකදි ලෝකෙම වෙනවාලු
ReplyDeleteකතන්දරත් හොඳ කවි කාරයෙක්නේ බලාගෙන යනකොට...
ReplyDeleteනියම කවි දෙකක්...
ReplyDeleteඒ කියන්නෙ තාම සී. ඩී. ෆොන්සේකව මතක තියන මිනිස්සු ඉන්නව . .
ReplyDeleteමේ අවසාන ඝාතනය වේවා!
ReplyDeleteNo more, please! ..??????
අද මොකද තාම කොමන්ට් අඩු????
ReplyDeleteකවි වලට කැමති කට්ටිය අඩුද මන්ද ? මෙහාට එන්නෙ කතන්දර කියවන්නනෙ....
Deleteමේ අර මල් නෙලපු කලේ ලිවූ කවිනේ ..ඒකයි මල් ගැනම ලියල තියෙන්නේ
ReplyDeleteඔය ලංකාවෙ සින්දු වලින් මම නම් ආස අර.....''මට බැරිය මිරිස් අඹරන්න....උදව් වෙනවාද අනේ..'' වගේ සින්දු වලට........ඒවා මට තේරෙනව අප්පා ....!!.:):):):)
ReplyDeleteසන්ඩේ ස්පැෂල් කෝ අද?
ReplyDelete'මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ' නොවේ වගේ.
Deleteතෑගි නැතත් ඇවිදින් ගියා නං නේද ?
අපෝයි ටයිම් ස්ටෑම්ප් එකත් අප්සැට්.
ReplyDeleteවර්ණපාල තියරියේ ආදර සම්බන්ධකම් කල් අල්ලල හිටින්නෙ නැති ද මන්දා.
ReplyDeleteඇයි ...සමහර ආදර සම්බන්ධකම් තියේ බොහොම අපූරු.... පලමු වසර දෙවන වසර වගේම තෙවන වසරත් ගෙවිල ගියේ වෙනද වගේම දැඩි මිතුරු දමින් . ඒත් තෙවන වසර අවසාන හරිය වෙන කොට එයාල දැනන් තිබුනා මිතුරුකමට වඩා දෙයක් ඒ දෙන්නා ගේ හිත් ඇතුලෙ තියෙන විත්තිය. මෙන්න අපි තෙවන වසරේ සමුගැනීමේ සාදයේ දි (ගොයින් ඩවුන් ) ඒකේදි තමයි දැන ගත්තේ දැන් එයාල පෙම්වතුන් කියලා.
ඒ වෙන කොට සමහර පලමු වසරෙ දි පෙමව්තුන් වෙච්චි අය වෙනස් වෙලා තිබ්බා.පලමු වසරෙ හිටපු යුගලවල් වෙනස් වෙලා.වෙන් වෙලා. මා දුටු සුන්දරම හා හොඳම සරසවි පෙම තමයි ඔය මං කිව්වේ.දැන් නම් මොනා වෙලාද දන්නැ හිහි.
මාත් ආවා... නොකියම අද කඩේ වහලා...
ReplyDelete