ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 15 February 2012
මේව්ව උඹට හොඳ පාඩම් නොහොත් බෝංචි ග්‍රීන් කරිය - How not to cook Beans
අපේ එක්තරා ඇන්ටි කෙනෙකු ගේ සහ එම අංකල් ගේ එක් වීරයෙකු වූයේ ඉස්කෝලේ යන කාලේ ඉඳලාම මේ දෙන්නාම හොඳින් දන්න අඳුණන පොරක් වුණු සන්තියාගෝ අයියා යි.
මේ සන්තියාගෝ අයියා ඉස්කෝලේ යන කාලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරයෙක්ව ඉඳලා තියෙනවා. මා දන්නා කාලෙදීත් පොර බඩ රස්සාවට කළේ එක්කෝ අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ නැත්තම් ක්‍රීඩා අමාත්‍යාංශයේ වගේ තැනක ශාරීරික පුහුණු උපදේශකවරයෙක් විදියට වැඩ කරන එකයි.
සන්තියාගෝ අයියා ගේ ප්‍රිය බිරිඳ සන්තියාගෝ අක්කාත් ඒ වගේම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ම කෙනෙක් ද කොහෙද?
ඊටත් වඩා වැදගත් කාරණය වුනේ මේ යුවලගේ දරුවන් දෙන්නා ජාතික මට්ටමින් විවිධ ක්‍රීඩා ඉසවු වලට සහභාගී වුණු ශූරයෝ දෙන්නෙක් වුණු එකයි.
ඔන්න දවසක් අපේ ඇන්ටියි අංකලුයි ගිහින් සන්තියාගෝ ලා ගේ ගෙදර. ගිහින් දවල්ට කාලා හවස් වෙලා තමයි ඇවිත් තියෙන්නේ.
එදා ගමන ගැන පස්සේ වුනු කතාවකින් මං එක් වැදගත් දෙයක් ඉගෙන ගත්තා. ඒක බෝංචි උයන එක ගැන ලොකු වැදගත් රහසක්.
සන්තියාගෝ ලා ගේ ගෙදර තිබුණු බෝංචි කරියේ බෝංචි කෑලි බාගෙට අමුවට තමයි තිබිලා තියෙන්නේ. කිරි, මිරිස්, ලුනු රහ හෙම නිකං ලාවට ලාවට වගේ වදින්න.
එළවළුවල මුළු ගුණම ඇඟට ගන්න නම්, ඒවා තැම්බෙන්නම උයන්නේ නැතුව නිකං ලාවට අමුවට හැපෙන ගානට උයන්න ඕනෑයි කියලයි ශරීරවර්ධනය ගැන හෙම හොඳට ගැන දන්න කියන සන්තියාගෝ ලා අපේ ඇන්ටි ට කියලා දීලා තිබුණේ.
බෝංචිවලට විතරක් නෙමේ, කැරට්, බීට්, පලාවර්ග වගේ බොහොමයක් එළවලුවලට මේ කතාව අදාලයි!
අර "වඩේ බදිනකොට අඩුවෙන් බදින්න!" කියනවා වාගේ එළෝළු උයන කොට බාගෙට ඉදෙන්න තමයි උයන්න ඕනෑ.
ඇන්ටිගෙන් මේ කතාව ඇහැව්වයි කියලා අපේ අම්මා නං එයා ගේ පාරම්පරික උයන ක්‍රමය වෙනස් කළේ නෑ. නමුත් මේ කතාව මගේ හිතේ ඇතුලේ තැන්පත්වෙලා තිබුණා මේ වෙන කොට ලියා පල කරපු පන්සීය පනහක් කතන්දර සහ තවත් පන්සීයක් විතර ලියන්න තියෙන කතන්දරත් එක්ක.
දවසෙන් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසේ, වසරෙන් වසර කාලේ ගෙවිලා ගිහින් මංතුමා ඒ-ලෙවල් කරලා, පේරාදෙනියේ රස්තියාදු වෙලා, බොසී ලා යටතේ මැවිසුරුකම් කරලා, තායිලන්තයේ මහන වෙලා ඉඳලා, කසාද බැඳලා යනාදී සියළුම කරණං ගහලාත් තව අවුරුදු කීපයක් ගතවුණාට පස්සේ ඔන්න මට නොමිලේම වගේ ලැබුණා උයන පිහන කටයුතු ගැන පොඩි උනන්දුවක් ඇති කරගන්න චාන්ස් එකක්.
මං මුලින් උයන්න ඉගෙන ගත්තේ බත්, පරිප්පු වගේ සරල දේවල්.
පස්සෙන් පහු මං ටික ටික එක්ස්පරිමන්ට් කර කර පුරුදු වුණා අනිත් එළවලු වර්ගත්, මස් වගේ දේවලුත් උයන්න.
බෝන්චි උයන එක රෙසිපියක් මං කලින් දැම්මානේ, ඒක නං හැබැයි හාමිනේ ගේ එකක්.
මේ වගේ තවත් මං ඉගෙන ගත්තු බෝංචි හදන ක්‍රමයක් තමයි තායිලන්තේ තියෙන ග්‍රීන් කරි එක. මේ කරිය හදන එකේ තියෙන ජොලිම වැඩේ තමයි කඩෙන් පැකට් එකක් අරගෙන කෙලින්ම හොද්ද ඒදන්න පුළුවන් හරියට අර ඇන්ටි ටින් එකක් දානවා වගේ.
දෙතුන් දවසක් උයලා, හාමිනේ එක්ක ටේස්ට් කරලා වැඩේ හොඳට පුරුදු පුහුණු වුණාට පස්සේ, මං මේ තායි ග්‍රීන් කරි පැකට් එකක් දවසක් අරං ගියා අපේ අම්මයි තාත්තයි බලන්න ගිය දවසක එහේ.
එදා මගේ ප්ලෑන් එක වුනේ අම්මටයි තාත්තටයි මගේ අතින්ම උයලා කන්න දෙන්න. (අන්න බලන්න අපේ කාලේ හැදුණු රත්තරං කෑලි වගේ පුතා ලා ගේ හොඳ වැඩ!)
ඔන්න ඉතිං, බත් ඉව්වා, පරිප්පු උයලා තෙම්පරාදු කළා. කුකුල් මස් කරි එකකුත් හැදුවා. ඒ එක්කම මේ කියපු තායි ග්‍රීන් කරියත් හැදුවා බෝන්චිවලින්.
දැන් ඔන්න මේසේ සූදානම්. දෙකෙලවර දේශනාවට මඩුව මත්වුණා!
අපේ ගෙදර පොර ළමයා තාත්තා නේ. පොර තමයි ඉස්සෙල්ලාම කන්නේ. තාත්තා ආවා, බෙදා ගත්තා බත් පොඩ්ඩකුයි, හොදි මාලුපිණියි, පොඩ්ඩ පොඩ්ඩ අනලා කන්න පටන් ගත්තා.
"මේ බෝංචි මාලුව හරියට ඉදිලා නෑ, අමුයි!" එක බෝංචි කෑල්ලක් හපපු තාත්තා කීවේ එච්චරයි.
බෙදාගත්තු බෝංචි ටික එහෙමම පිඟානේ පැත්තකට ඉතුරු කරළා අනිත් දේවල් එක්ක බෙදා ගත්තු බත් වලින් ටිකක් කාපු තාත්තා පිඟන් කොටේ එතන තියලා කුස්සියේ සින්ක් එකෙන් අත හෝදාගෙන යන්න ගියා.
තාත්තා කාලා ඉතුරු කරපු පිඟානේ කරපිංචා කොළ ටිකකුයි බත් කටවල් දෙක තුනකුයි එක්ක මගේ තායි ග්‍රීන් කරි බෝන්චි ටික දිලිසි දිලිසී තිබුණා.
අම්මා සුපුරුදු පරිදි කළේ තාත්තා ගේ බත් කොටේ ඉතුරු වෙලා තිබුණු දේවල්වලට තව බත් හැන්දකුත් දාලා, මස් හොඳි ටිකකුත් දාලා, කලවම් කරලා ගෙදර ඉන්න බූලා ගේ පිඟානට දාලා පිලිකන්නෙන් තියපු එකයි.
මං නං එදා තායි ග්‍රීන් කරි එක එක්ක රහ කර කර බත් කෑවා.
හවස් වරුවේ ගෙදර පිටිපස්සට පැත්තට ඇස් යොමු වෙච්ච වෙලාවේ තමයි දැක්කේ අපේ බූලා බල්ලා කරලා තිබුණු අළුගුත්තේරු වැඩේ!
ඌ පිඟානේ තිබුණු අම්මා කලවම් කරලා දාපු බත් ඇටයක් ඉතුරු නොකර, කරපිංචා කොලත් එක්කම කාලා තිබුණා.
පිඟානේ දිලිසි දිලිසී ඉතුරු වෙලා තිබුණේ, මගේ තායි ග්‍රීන් කරි එකේ බාගෙට තැම්බුණු බෝන්චි කෑලි ටික විතරයි.
-කතන්දරකාරයා
ප/ලි:
තායි ග්‍රීන් කරි රෙසිපිය පසු දිනක සිතුවම් සහිතව පල කෙරෙනු ඇත.
ප/ප/ලි:
බෝංචි ඇට ගැන මං ලියපු කතන්දරය මතකද?
http://kathandara.blogspot.com.au/2010/09/blog-post_24.html
Labels:
අපේ සිරිත්,
අම්මා,
තාත්තා,
වෑංජන් කතන්දර
Subscribe to:
Post Comments (Atom)
හපොයි. ඔය වගේ වට්ටෝරු දේශීයකරණය කරන්න ඕනි ගොඩක් වෙලාවට.
ReplyDeleteමෙතන ප්‍රශ්ණේ තායි රෙසිපිය නෙමේ.
Deleteඅම්මාගේ හොඳින්උයපු බෝංචි හොද්ද කා ඇති තාත්තාට මගේ බාගෙට ඉඳුණු කරිය රස නැති වීමයි.
බල්ලොත් නොකන තායි ග්‍රීන් කරි... :D
ReplyDeleteමං මුලින් මේ කතන්දරේට දැම්ම ටයිටලේ, බල්ලොත් නොකන බෝංචි කියලායි. එක්තරා හේතුවක් නිසා පස්සේ වෙනස් කළා.
Deleteදැන් මේක කමෙන්ට් එකක් විදියට ආ නිසා තියෙන්න අරින්නම්!
මට තේරුනා මොකද එහෙම නොදැම්මෙ කියලා..ඒ හේතුවමද දන්නෙ නෑ ඉතින්.. :)
Deleteඅවුලක් නම් අයින් කරන්න..
මම මේ බැලුවේ ඇන්ටි ටින් එකක් දාපු කතාවට ලින්ක් එක නැත්තේ ඇයි කියලා...:DDD
ReplyDeleteරෙසිපිය දාන්නකෝ දවසක අපිටත් හදන්න. :D
තැන්කියු, ඔන්න දැම්මා!
Deleteමං දැම්මා කිව්වේ ඇන්ටි ටින් එකක් දාපු එකේ ලින්ක් එක. රෙසිපිය පස්සේ දවසක දාඤ්ඤං!
Delete"ඇන්ටි ටින් එකක් දානවා වගේ." කියන තැන ලින්ක් එක දාන්න මිස් වෙලා.
ReplyDelete- අ.ජ.ම.රා. (සිංගප්පුරුවේ සිට)
@ අ.ජ.ම.රා. (අපේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ!)
Deleteඔන්න මචෝ ලින්කුව දැම්මා!
මහා රජාටද මචෝ කිව්වෙ ?
Deleteමචෝ..!! හික් හික්... :D
Deleteඕක කෑවනං බල්ලට මෙනව වෙයිද?
ReplyDeleteඅපේ බල්ලාත් නිකං සන්තියාගෝ ලා ගේ බල්ලා වගේ ආරලා එන්න ඉඩ තිබුණා.
Deleteබල්ලා හොල්මන් වුනාද දන්නෑ මොකද්ද බොලේ මේ අමුතු කරි එක කියලා..
Deleteඅමුවෙන් කන්න පුලුවනෑ නේද?? තාත්තා හරි... :D
ReplyDeleteභාගෙට තැම්බුවාම රස අඩු උනත් ගුණයි නේ (මාස ගණනක සිට බ්ලොග් එකට ආවා රසවින්දා මෙී පළමු කොමෙන්ට් එක) නීල්
ReplyDeleteමමත් නං කතන්දර, බෝංචි, අල, පරිප්පු වගේ ඒවා කන්න කැමති ඔය ක්‍රමේට. එතකොට ඒවයෙ නියම රස දැනෙනවා. ඒත් ගෙවල්වල තියෙන ලිප හැසිරවීමේ පුර්ණ බලය මට නැති නිසා මම නං කරන්නෙ උයන වෙලාවට ගෙදර හිටියොත් ඒවා මගේ ගානට ඉදෙද්දි ලිප ඕෆ් කරන එක...... කෑම කන වෙලාවට පොඩි කච බචයක් තිබ්බත් කෑම ටික රසට කෑවැකී.....!
ReplyDeleteබාගෙට තම්බලා කන එක ගුණදායකයි වගේම උයන්න කලින් අඩුම ගානේ එලෝලු පැය බාගයක්වත් වතුරෙ දාලා තියලා ගන්ඩ කියලත් කියනවා. හේතුව ඒවට ගහන රසායනික ද්‍රව්‍ය ටිකක් හරි දියවෙලා අයින් වෙන්න.
ඇත්තම කිව්වොත් බුද්ධි අපේ ගෙදර එළවලුත් ඔයවගේ බාගෙට තමයි උයන්නෙ. මම මන් කැමති ෆුල් තැම්බෙනකන් උයනවට. නමුත් උඹ කැමති අනිත් විදියටනෙ!! හරි ගුනේ ගැන හිතමුකො එහෙනම්. අර පැය බාගයක් වතුරේ දාලා තියන අක කරලා බලන්න ඕනෙ, මොකද ඒක හොඳ අදහසක් වගෙ.
Deletehenryblogwalker the Dude
මම කැම්පස් ආපු මුල් දවස්වල නෑදෑ ගෙදරක නැවතිලා හිටියා. එහෙ උයන්නෙත් ඔය වගේ තමයි.
ReplyDeleteජරස් බරස් ගාලා හැපෙනෙකොට මටත් නිකං මෙවුවා මෙවුවා වාගේ ඒක නිසා මමත් කැමති සද්දයක් බද්දයක් නැතුව කන්න . පපඩම් කනකොට වුණත් ඒවා සද්දෙට හැපෙනවාට මම කැමති නෑ ඒක නිසා ටිකක් පරන කරලා කන එක මගේ පුරුද්දක් :)
ReplyDeleteඅපේ ගෙදර ඉන්න බලුරාලත් බෝංචි කන්ඩ නම් පොඩ්ඩක්වත් මනාප නෑ හැබැයි
මමත් “බල්ලොත් නොකන” කතාව කොමෙන්ට් එකට දාන්න හිතුව විතරයි. උඩින් දාලනෙ.
ReplyDeleteපූසො බොංචි කනවද කියල පූසා කොමෙන්ට් කරයි නේද?
**** ඔය බාගෙට තම්බලා එළවළු කන්න ඕනැ කතාව හරියන්නෙ පිරිසිදුවට හදාපු කෘමිනාශක වල්නාශක රහිත එළවළු වලට විතරයි.
විශේෂඥ පොරවල් කියන්නෙ වැඩිපුර හෝදපුවහමත් විටමින් එහෙම හේදිලා යනව කියලනෙ. වඳුර වගේ කෑවනං මිනිස්සුන්ට හැදෙන නානාප්පරාකාර ලෙඩ රෝග එහෙමත් අඩු වෙලා යයි.
හරිම නෝටි බල්ලෙක් නේද?
ReplyDeleteබල්ලටත් බෝංචි ටික නොකා ඉතුරු කරන්න හිතුනේ ඇයි කියන එකනම් බරපතල ප්‍රශ්නයක්..... :)
ReplyDeleteමාත් නන් කැමති පොඩ්ඩක් අමුවෙන් කන්ඩ තමයි.
ReplyDeleteපොඩ්ඩක්වත් උයන්නෙම නැතුව කන කට්ටියක් ගැන මෙන්න මේ වීඩියෝවත් බලන්ඩකො
http://www.youtube.com/watch?v=aTecK6odDoc
කතාන්දර බෝංචි උයන්න දන්නේ නෑ කියල කවුරු හරි කියනවනම් මම උංගෙන් අහන්නේ බූලගෙ පිගානේ දිලිසි දිලිසි තියෙන්නේ බෝංචි නැතනම් උංගේ ####....ද(ඔබාගේ චොප්පෙ කිව්වෙ)
ReplyDeleteඔය බෝංචි වගේ එලවලු වල පාට ලස්සන වෙනස් නොවී උයාගන්න හෝටල් වල දානවනේද මොනවද ජාතියක්?
ReplyDeleteපාට දානවා. ඩයි...
Deleteශරීරයට හරිම අහිතකරයි....
කලරින්...
කතන්දරනං පාට දාන්නෙ රැවුලට විතරද කොහෙද
Deleteඅයියා ඕකට දේශීය ඌරුවක් දෙන්න පොඩ්ඩක් ට්‍රයි කරලා තායී ග්‍රීන් වෙනුවට තායි ශ්‍රී ලංකන් ග්‍රීන් වගේ එකක් හැදුවනම් කට්ටිය කන්න තිබ්බා කියලා මට නම් හිතෙන්නේ....
ReplyDeleteබාගෙට තැම්බු දේශීය ඌරු මස් :P
Deleteමදැයි එක දාගන්න ගිහින් වෙච්ච් මරාලේ... අම්මටයි තාත්තාටයි කළින් පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක් දීලා හිටියානම් වැඩේ ගොඩ. බූලාට නම් කොරන්න දෙයක් නෑ...
ReplyDeleteදෙකෙලවර දේශනාවට මඩුව මත්වුණා???? අයියෝ මේකේ විසඳුම මතක නැතෝ... කියන්න බැරිදෝ...?
ReplyDeleteදෙකෙලවර = කත්
Deleteදේශනාව = බණ
මඩුව = සාලාව
මත්වුණා = වෙරිවුනා
කත් බණ සාලාව වෙරිවුනා
බත් කන වේලාව සරිවුනා
හෙහ්.. කරන්ටෙකත් ගනං ගියා, හෙට අනිද්ද ගෑසුත් යයි උව. එතකොටනං බාගෙට තම්බක එහෙමත් නැත්නං අමුවෙන්ම තමයි කොටාබාන්න වෙන්නෙ.
ReplyDeleteබූලා නම් cosmopolitan බල්ලෙක් පාටයි. ජාත්‍යන්තර කෑමට පුරුදු කාරයෙක්!
ReplyDeleteඅනේ අහිංසක බූලා ! :P
ReplyDeleteඅපේ තාත්තත් බාගෙට තම්බල ලොකුවට කෑලි කපල එළවලු කන්න කැමති.මටනම් ඒ ක්‍රමේ අමාරුයි :)
කකාට මම පොඩි උපදෙසක් දෙන්නද ????
ReplyDeleteමීටපස්සෙ වඩේ බදිද්දි . . .අඩුවෙං බදින්නම ඕනෙ නං . . . ඉස්සෙල්ලම දැල්ල පොඩිකරගෙන ඉන්න
හිහ්..
ReplyDeleteබෝංචි ලස්සන ට රසට උයන්න පුලුවන් අපෙ අත්තම්මාටයි. හොඳ පොල් කිරි මිටක් දාලා කොළ පාටට උයල. බල්ලත් නොකන බෝංචි මාත් කන්න ප්‍රිය කෑමක් නම් නෙමෙයි...
මෙන්න මයෙ ලිස්ට් එක..පුළූවන් නම් උයන්න.
ගැට පොළොස් ඇඹුල
කෙසෙල් මුව විත් කොස් ඇටස්
තුඹ ( ගනාන් )
ලබු ඇඹුල
කිරි කොස්
කොහිල අල (සමහරුන්ට හොඳායි )
කොහිල දළු මැල්ලුම ( අමුවෙන් හොඳායි )
මොනා තිබ්බත් පරිප්පුත් ඕනිමයි....
නියම ශ්‍රී ලන්කන් බල්ලෙක්, ගෙදර සුවාමියාව හරියටම රිප්‍රෙසෙන්ට් කරනවා. හරියට ලංකාවේ ප්‍රාදේශීය දෙස් පල්ලො වගේ!
ReplyDeleteබල්ලා නම් අනේ මන්දා :ඩි
ReplyDeleteමෙම පෝස්ටයේ බත් සහ පරිප්පු සරල කෑම ලෙස හඳුන්වා දීම ගැන මාගේ බලවත් විරෝදය!!!
ReplyDeleteතායි ග්‍රීන් නැති වුනත් , කහ කුඩු, 3 -5 කුඩු , අමු මිරිස් , කරපිංචා , ලුණු දාලා ඔය වගේම කොළ පාටට බෝංචි උයන්න පුළුවනි කතන්දර !!!
ReplyDeleteතායි ග්‍රීන් හොයා ගන්න බැරි අය එහෙම උයල බලන්නකෝ ...ආ...පොල් කිරි චුඋට්ටකුත් දාන ඕනේ....
මල් පියලි
ඔබ හැම සටහනකම ලින්ක් දාන එකත් හොඳයි. මා බලන බ්ලොග් දෙක තුනෙත් කොමෙන්ටු දාන්නේ නැත්තේ, දාන අනෙක් කොමෙන්ටු නිසා. මා කිසි කෙනෙකුගෙන් අහලා හෝ බලලා උයන්න ඉගෙන නොගත් නිසා, ගොඩක් වෙලාවට මා උයන්නේ "මගේ" විදිහට. සමහරවිට මගේ සහකාරිය අහනවා කොහොමද අරක ඉව්වේ කියා. මට එහෙම කියන්න වට්ටෝරුවක් නැහැ. දාන දේවල් වලට වඩා උයන පිළිවෙල ගැන තමා මා වැඩිපුර බලන්නේ. දයිවයේ සරදමකට ඔබ මෙහි දාල තියන තේරවිල්ල, මාත් මගේ සටහනක ලියුවා. මා පොඩි කාලේ පත්තර වල ගිය තේරවිලි කපලා පොතක අලවන් හිටියා. අද තේරවිලි තියා, නගුලයි, ගඟුලයි අතර වෙනස වත් දන්නේ නැහැනේ!
ReplyDelete