ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 10 February 2012
යුනිවසිටි යන කොල්ලන්ට කෙල්ලන්ට අවවාද කීපයක්
මුල් කාලේ කතන්දරවල මං ගිය විස්ස විජ්ජාලේ ගැන කියන කොට මං පාවිච්චි කලේ නුවර පැත්තේ තිප්පොලක් කියන යෙදුමයි. පස්සෙන් පහු, පේරාදෙනිය ගැන කතන්දර කීපයක් වගේම කයි-කතන්දර බර ගනක් පල කෙරුවා.
මේ වෙනකොට නං ඉතිං මංතුමා මෙරට, නොරට යුනිවසිටි බර ගාණක අම්බානකුත් ටිකක් විතර චාටර් වෙච්ච පොරක් බව කතන්දර බ්ලොග් එක නිතිපතා කියෝන බහුතරයක් අය දන්නවා නේ.
දැන් නං මං ඔය "කැම්පස්-රම්පස්" වලින් අයින්වෙලා, දෙයියන් ගේ පිහිටෙන්, මගේ දාඩිය මහන්සියෙන් කීයක් හරි හොයාගෙන ඉන්නේ ආණ්ඩුවට කඹුරලායි. ඒත් ඉතිං මට හිතුණා අද යුනිවසිටි යන කොල්ලන්ට කෙල්ලන්ට පොඩි උපදෙස් කීපයක් දීලා දාන්න ඕනෑ කියලා.
ඕනැ නම් පිළිපැදපල්ලා, එපා නම්, ඒත් පිළිපැදපල්ලා!
1. ඉගෙන ගන්නා දෙයට ඇල්මක් ඇති කරගන්න
තරඟෙන් දිනලා ජොලි මූඩ් එකෙන් යුනිවසිටියට ගියාට වැඩි කල් යන්න කලින් ඉගෙන ගන්නා දේවල් එපා වෙන්න ඉඩ තියෙනවා.
මේක කීප විදියකට සිද්ධ වෙන්න පුළුවන්.
අ. මං දන්නවා අපේ අධ්‍යාපන ක්‍රමය නිසා සමහර වෙලාවට අපි ඔහේ රැල්ලට ගහගෙන ගිහින් පස්සේ අපිට ලැබෙන හොඳම දේ තමයි අන්තිමට ඉගෙන ගන්නේ. ඒක අපි කැමතිම දේ නොවෙන්න පුළුවනි.
ආ. ට්රෙන්ඩ් එකට, රැල්ලට, අරයා මෙයා කියපු නිසා, වැරදි වැටහීමෙන් මෙන්න මේ කෝස් එක තමයි මං කරන්න ඕනෑ කියලා තමන් පතාගෙන හිටපු කෝස් එක කරන්න පටන් ගත්තට පස්සෙන් පහු වුනත් වැඩේ එපා වෙන්න ඉඩ තියෙනවා.
ඇ. ඒ විතරක් නෙමේ, රැල්ලට නොගිහින් තමන්ගේ ම ස්ව-කැමැත්තෙන් පටන් ගත්න දෙයක් ගැන වුනත් පස්සේ කළකිරීමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා.
විවිධ හේතු නිසා ආපහු හැරෙන්න බැරි තත්වයක නං ඉන්නේ, මගේ උපදෙස තමයි තමන් ඉගෙන ගන්න දෙයට ආසාවක් ඇති කරගන්න කියන එක. මේක කොම්ප්‍රමයිස් එකක් තමයි. නමුත් ප්‍රායෝගික එකක්.
තමන් අකමැත්තෙන් කරන දෙයකට කැමැත්තක් ඇතිකර ගැනීම කියන්නේ හරියට පොලීසියෙන් අල්ලලා බැන්දෙව්ව අය පවා පස්සේ හොඳට ආදරෙන් පවුල් කනවා වගේ සීන් එකක්.
මුලදී මොනවා වුනත් හොඳට කළොත්, ඒ මුල් උපාධියෙන් පස්සේ පුළුවන් තමන්ට කැමති කැමති පරිදි ඉගෙන ගන්න උත්සාහයක් දෙන්න.
2. එක්ස්ට්‍රා කරිකියුලර් වැඩ කරන්න, විනෝද වෙන්න, නමුත් සීමාව පන්නන්න එපා!
යුනිවසිටි කාලේ ජීවිතයේ හොඳම කාලයක්. මේ කාලේ නොදාන පාටි කවදා දාන්නද? කරන්න පුළුවන් දේවල් ආයේ කවදා කරන්නද? හැබැයි මොන දෙයක් වුණත් කරන්න ඕනෑ, අනුන්ට කරදරයක් නොවෙන සීමාවේ ඉඳගෙන.
මං කියන්නේ අකමැති දේවල් කරන්න කියලා නෙමෙයි. කරන්න පුළුවන් දේවල් නොකර ඉන්න එපා කියලයි. අපේ කාලේ මට මතකයි, වෙනත් යුනිවසිටිවලින් බැච් ට්‍රිප් එනවා හන්තාන නගින්න. නමුත් අපේ කාලේ පේරාදෙනියේ අවුරුදු හතරක් ඉඳලා අවුට් චෙච්ච උන් ඕනෑ තරම් ඇති ජීවිතේට ගලහා පාරෙන් උඩට නොගිය.
මං විශ්ව විද්‍යාලයේ දී ස්පෝර්ට්ස් හැර අන් සියළුම බාහිර වැඩ කටයුතු කළා. ස්පෝර්ට්ස් කරන්න නං ඉතිං උනන්දුව විතරක් තිබිලා මදිනේ හැකියාවත් ඕනෑ. මං දැකපු වැදගත්ම දෙයක් තමයි, ස්පෝර්ට්ස් කරන උං, තමන්ගේ ස්ටඩීස් ටිකත් තිතට කළ බව!
මෙතන සීමාව පන්නන්න එපා කියන්නේ තමන් ගේ කබරයා තමන්ම අදින්න පුළුවන් සීමාවක් තියාගන්න කියන එකයි. ඒක අනුන්ට අදින්න වුණොත් ඒක තමන්ගේ පරාජයක්!
3. ලෙක්චර්ස්වලට, ටියුට්වලට, ලැබ්වලටසහභාගී වෙන්න
ෆර්ස්ට් ඉයර් එකේ දී කොහොම වුනත්, සාමාන්‍යයෙන් සෙකන්ඩ් ඉයර් එකේදී අමතක වෙලා යනවා ලෙක්චර්ස් කියලා ජාතියක් තියෙනවාද කියලා. මේක වැඩි පුරම වෙන්නේ කොල්ලන්ටයි. ඔය කියන දවස්වල මං ලියපු කෙටි කවියක් මෙන්න.
දේශන
කළු ද?
සුදු ද?
මේක ලොකුම ප්‍රශ්ණයක්. මංතුමා නං පස්සේ වැරැද්ද නිවරැදි කර ගත්තා. ඒත් අපේ කාලේ සමහර පොරවල් හිටියා ෆර්ස්ට් ඉයර් එකෙන් පස්සේ ලැබ්වලට, ඩිසයින්වලට මිස වැරදිලාවත් ලෙක්චර්ස් නොගිය.
4. මිතුරු ජාල හදා ගන්න, හැබැයි, කල්ලිවාදය අත හරින්න
මේක ටිකක් විස්තර කරන්න අමාරු මාතෘකාවක්. අවුරුදු තුනක් හතරක් එක තැනක කල් මරන්න බෑ, හොඳ යාළුවෝ ටිකක් නැත්තං. ඒ ඇතිකරගන්නා යාළු කං සමහරවිට ජීවිත කාලය පුරාම වැදගත් වෙනවා.
නමුත්, කල්ලිවාදය නම් හලාහල විස වාගේ අත අරින්න ඕනෑ.
අපේ මුළු රටටම කෙලවෙලා තියෙන්නේ මේ කල්ලිවාදය නිසයි. තමන්ගේ වැරදි තමන්ටම විවේචනය කරගන්න පුළුවන් තත්වයක් ඇති කරගන්නයි අවශ්‍ය. තමන්ගේ නොවේ තමන්ගේ කල්ලියේ ඉන්න උන්ගේ වැරදිත් පේන්නේ නෑ සමහරුන්ට. (මේක විස්තර කරන්න නං, කතන්දර කීපයක් ලියන්න වෙනවා වගේ!)
දැනට අවවාද එච්චචරයි! පසුව හමුවෙමු.
සතුට හා දුක මුසු සති අන්තයක් මේ උදා වෙන්නේ. බලන්න ඒකෙත් හැටි!
-කතන්දරකාරයා
ප/ලි:
මං කලින් මේ වගේ පෙම් කරන්න දුන්නු උපදෙසක් වැඩ කළ බවට පසුගිය දිනවල කියවුණා. මෙතන බලන්න.
http://tikakhinawenna.blogspot.com.au/2011/07/blog-post_14.html
අප දුන් උපදෙසක් වැරදුනේ නැත!
(image: http://www.ezyadmissions.com/australian-national-university/)
Labels:
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ,
විශ්ව විද්‍යාලය
Subscribe to:
Post Comments (Atom)
හොඳ උපදෙස් ටිකක් ,
ReplyDeleteකතන්දර අනුගමනය කරපුවා වෙන්ටැති ඔය උඩින් දාලා තියෙන්නේ.:D
ReplyDeleteසති අන්තයේ දුක් වෙන්ට එපා. සතුටට ඉඩදෙන්ට. අපි හැමෝගෙම අවංක සුබ පැතුම් හොඳේ.
හොඳ අවවාද ටිකක්..මට නම් පරක්කු වැඩී..ඒත් අසාවෙන් කරන්න කියන එක ඕන දේකට අදාළයි..
ReplyDeleteමම අත්දැකීමෙන් දන්න දෙයක් තමයි..ඇක පාඩු වෙනවා කියලා ආතල් අතහැරියොත් ඇකත් නෑ ආතලුත් නෑ..ඒත් ඉතින් ඕනාවට වැඩියෙ ආතල් ගන්න ගියොත් ඇක සුන්..කොහොමත් ඉතින් කොච්චර මුල ඉඳලා කොරනවා කිව්වත් අන්තිම මොහොතේනෙ ඇක දාන්න වෙන්නෙ..මුල ඉඳන් කරපු එව්වොත් අන්තිම මොහොතෙත් ඇක දානවා..එහෙම බලුවාම මුල ටිකේ ආතල් එකේ ඉන්න එක තමා හොඳ..දක්ශකම කියන්නෙ ඔය දෙක හොඳට මැනේජ් කර ගැනීම..
කතන්දර මාමෙ ඔය කැම්පස් එකේ පාවිච්චිවෙන වචන ගැනත් පෝස්ට් එකක් ලිව්වනම්.. (මේක ලියන්නෙ කාටවත් ඕන හැටියට නෙමෙයි.. මේවා මගේ කතන්දර)
අපේ එකේ ඔය හැටි වචන පාවිච්චියක් නෑනෙ..
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
කකා දීලා තියෙන උපදෙස් ටික 100% ක්ම හරි බව කටපුරා කියන්නෙ අත්දැකීමෙන්මයි ඕං...
ReplyDeleteපලපුරුදු ඈති අය දෙන උපදෙස් වටිනව තමයි .
ReplyDeleteමේ සති අන්තය මටනම් සුවිශේෂී එකක් වෙයි . :D
මනමාලය ඔයාලගෙ ගෙදර එනවද ??? නැත්තං ඔයාල මනමාලයගෙ ගෙදර යනවද ??
Deleteබොහොම වටින උපදෙස් ටිකක් .......
ReplyDeleteඇත්ත කතන්දර අයියේ, මම වෙන යුනි එකක , අපි ගියා හන්තාන නගින්න ඔයාලගෙ යුනි එකට...
ඒ වගේම හොදට ස්පෝට්ස් කළා...
බලන් ගියාම ඔයාගෙ උපදෙස් මම නම් ක්‍රියාත්මක කරල වගේ .........
වටිනා උපදෙස් ටිකක්. ඒත් දැන් පරක්කු වැඩියි. ඔය එපා කියල තියන දේවල්මනේ අපි කලේ.
ReplyDeleteහොඳ උපදෙස් ටිකක්!
ReplyDelete//නමුත් අපේ කාලේ පේරාදෙනියේ අවුරුදු හතරක් ඉඳලා අවුට් චෙච්ච උන් ඕනෑ තරම් ඇති ජීවිතේට ගලහා පාරෙන් උඩට නොගිය.//
හරි අපරාදයක්නේ පේරා ඉඳන් හන්තානේ නොගිය නම්. අපි පලවෙනි බැච් ට්‍රිප් එක ගියේ හන්තානේ. අම්මෝ ඒක හරි ට්‍රිප් එකක් උනා. පාර වැරදිලා, ගස් වැටිලා, ගල් පෙරලිලා, හොස්පිටලුත් ගිහින්... හැබැයි ඔය ජරමර උනාට හැමෝම හොඳටම ෆිට් උනා :D
වෙලාවක ඔය හන්තාන ට්‍රිප් එක ගැන ලියන්න ඕනේ!
ස්තූතියි කසූ...මමත් ඔය තත්වෙන් දැන් ටික ටික උඩට එන ගමන් ඉන්නේ.....
ReplyDeleteආයෙත් කැම්පස් කතාවක්ම දැම්මෙ ඉස්සෙල්ල පෝස්ට් එකට ඇනෝ කෙනෙක් විරුද්ධ වෙලා හිටිය නිසා වලියටද? කොහොම වුනත් කාලීන මාතෘකාවක් නිසා මේක දාපු එක හොඳයි.
ReplyDelete//ෆර්ස්ට් ඉයර් එකේ දී කොහොම වුනත්, සාමාන්යපයෙන් සෙකන්ඩ් ඉයර් එකේදී අමතක වෙලා යනවා ලෙක්චර්ස් කියලා ජාතියක් තියෙනවාද කියලා. //
මමත් ෆස්ට් ඉයර් එකේ එක පාරින් ඔක්කොම ගොඩ. සෙකන්ඩ් ඉයර් එකේ එකක් ද කොහෙද ඇරල අනිත් ඔක්කොම ඩවුන්.
//සතුට හා දුක මුසු// තේරුනේ නැත.
ට්‍රැෆික් ප්‍රොෆයිල් එකක් හදාගෙන තියෙන්නෙ.බොහොම හොදා.
Deleteඒකනෙ . . . ප්‍රොෆයිල් එකක් හදාගන්නව කියන්නෙ කොච්චර හොදද
Deleteමේ කෙටියෙන් කියලා තියෙන්නේ ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා කියලනේද...
ReplyDeleteවටිනා උපදෙස් ටිකක්... අපිත් ෆස්ට් ඉයර් එකේ හන්තානෙ නගින්න ආවනෙ...
ReplyDeleteදැන්ද කියන්නෙ******#$@%^@$*......:D
ReplyDeleteකොහොමහරි මැද මාවතේ මරු උපදෙස් ටික.
ඔය කල්ලිවාදය ගැන තෙලක් බෙදන්න ගිහින් ඇන ගත්ත දවසක් ලෙසටම....
ඕක හරියට විස්තර කරල කියල දෙන්න පුලුවන් නම් ඒක ලොකු උපකාරයක්.
හෙහ්... අපිත් නගිනවා ආදර කන්ද කියලා පට්ට කන්දක්! ආතල් ගනිමින් සිටිමි තවමත් යුනි ජීවිතේ! ඵල ඵල!
ReplyDeleteමෙන්න ආදර කන්ද නැගපු එකෙක්. යකො ඔය වටේ තියන කඳු එකක් නෑර නැගල තියෙනව අපි. හාගල, කිරිඔලුහේන... ඔන්න ඊයක් දැම්ම බලන්ඩෝඩෝඩෝඩෝ
Deleteහ්ම් හ්ම්
ReplyDeleteකියපු ඔක්කොම සිරාවටම ඇත්ත. හැබැයි අර ආසාවක් ඇති කරගන්න කියපු එක කරන්න තමයි අමාරු.:) මාත් සෑහෙන ට්‍රයි කළා, ම්හු....:(
ReplyDelete"මං දැකපු වැදගත්ම දෙයක් තමයි, ස්පෝර්ට්ස් කරන උං, තමන්ගේ ස්ටඩීස් ටිකත් තිතට කළ බව!"
මේක ගොඩක්ම වෙලාවට හරියටම හරි. තර්ඩ් ඉයර් එකේ අග වෙනකොට අපේ බැච් එකේ වොලි බෝල්, බාස්කට් බෝල්, ක්‍රිකට්, චෙස්, බාස්කට් බෝල්-කාන්තා සහ නෙට්බෝල් වල කැප්ටන්ලයි, රග්බි ටීම් එකේ වයිස් කැප්ටනුයි හිටියා (ඇඩ් එකකි). උන් ඔක්කොම ඇකත් හොඳටම කරගත්තා. බාස්කට් බෝල් සහ නෙට් බෝල් දෙකේම කැප්ටන් එකම කෙල්ලෙක්. ඒකි ඔය ඔක්කොමත් කරගෙන අන්තිමට විභාගේ කාලෙට අපිට කුප්පිත් දානවා.
ඈ මචං... ඔය උපදෙස් ටික අපි පොතක් හැටියට ගහලා එලියට දාමුද?
ReplyDeleteආයෙත් ඉගෙනගන්න යන්න කම්මැලියි, නැත්තං අවවාද අනුශාසනා ට්‍රයි කරල බලන්න තිබ්බ.
ReplyDeleteටිකක් කලින් මේ ටික කිව්වනම්...:(
ReplyDeleteආපහු මොනවා හරි ඉගෙන ගන්න හරි හිතුනොත් මේ ටික ට්‍රයි කොරල බලන්නම්කෝ...
කතන්දර මාමාගේ උපදෙස් අගනේය.
ReplyDeleteදැන් කතන්දර මාමා කෙමෙන් කෙමෙන් ආචාර්ය කතන්දර හෝ කතන්දර සීයා බවට පත්වෙන බව පෙනේ.
මට නම් මේ දවස් වල ෆුල් හොල්මන් වගේ,
හෙන බයෙන් ඉන්නෙ,
එක්සෑම් අප්‍රේල් දෙක,
පුළුවන් නම් මේකෙ දාන්න දේශපාලනේට කඩේ යන්න එපා කියල.
සුපිරි අවවාද ටික. ආ මග දිහා හැරිල බලද්දි ඔය දේවල් එහෙමම කරල තියනව කියල හිතෙද්දිත් සතුටුයි
ReplyDeleteකසූගෙ කටේ මසුර්න් දාන්ට එපැයි..!!!
ReplyDeleteමමත් එකගයි සම්පූර්නයෙන්ම .. :)))
හොද උපදෙස් ටිකක් කතන්දර මාමේ
ReplyDeleteඅම්මද බොල කතන්දර උසස් අද්දියාපන ඇමති වෙයිද ?
ReplyDeleteකකාත් යුනිවර්සිටි යන කොල්ලන්ට කෙල්ලන්ට "agony uncle" සීරීස් එකක් පටන් ගත්තද??? පබාත් "agony aunt column" එකක් පටන් ගත්තලු!
ReplyDeleteඅපිටත් වැදගත් වෙයි...!!!
ReplyDelete:D
ReplyDeleteහැම දේම බැලන්ස් එකක් ඇතිව කලාම හරි.ඔය ජීවිතය ආපහු කවදාවත් නො එන නිසා.
ReplyDeleteපනහට පනහ වගේ කරන්න කියපු දේවලුත් කරලා..එපා කීව දේවලුත් කරලා..එපා කීව දේවල් නොකලා නම් අඩි 2-3ක් උඩින් ඉන්න තිබ්බා. ඒත් දැන් දෙයියනේ කියලා පොලවෙ පය ගහලා ඉන්නවා
ReplyDeleteකතන්දර අයියෑ උපදෙස් ටික නම් මරු !!!
ReplyDeleteඒක නෙමෙයි විශ්ව විද්‍යාල වල පාවිච්චි වෙන උප සංස්කෘතියේ වචන එහෙම ටිකක් දාන්න පුලුවන් නම් පංකාදුයි !!!
සියළු දෙනාටම ස්තුතියි.
ReplyDeleteමේ දිනවල කාර්ය බහුලව ජීවිතය වේගයෙන් ගෙවෙනවා.මගෙන් පිලිතුරු නැති වුනත් කතන්දර ගඟ දිගටම ගලාවී!
සති අන්තෙත් ගෙවිලා යාගෙන එන්නෙ... තරාදිය කොයි පැත්තටද බර උනේ...!
ReplyDeleteකතන්දර වයසට ගිහින් වගේ :(
ReplyDeleteඕන් අපිනම්
ReplyDeleteකරත්තත් එලෙවුව
කබරයත් ලාවට දැම්ම
වලියටත් එකදාගත්තා
ඉස්ටයිකුත් කළා
පෙලපාලිත් ගියා
වැඩෙත් කරගත්තා
ජොලියත් ගත්තා
කකා අපිට බාල උනත් වයසින්
ඇත්ත කතාව.
කීප වරක් අයාලේ යන්නට ගොස් දැන් නියම මාර්ගයේ යනවා. මේවා දෙවෙනි අවුරුද්දේ අත්දැකීමෙන්ම තේරුම් ගත්තා.
ReplyDeleteඒනිසා කතන්දර කියන උපදෙස් ටිකත් එක්ක 200% ක් එකඟයි.
සරසවියේ ගෙවුන සුන්දර වසර පහමාර නිමවී ටිකකලක් ගත වුවද ඔබ කී දේ හා මම එකගවෙමි...
ReplyDelete