Friday 10 September 2010

ඇම්.පී.ත්‍රී. සහිත - අම්මාට ද තාත්තාට ද වැඩිය ආදරේ?


තාත්ත අසනීප වුනායින් පස්සේ මං තාත්තා ගැන කතන්දර කීපයක්ම ලිව්වත්, අම්ම ගැන වැඩි දෙයක් ලියල නෑ නේද කියල මට මතක් වුනේ ඔය "අම්මාට ද තාත්තාට ද වැඩිය ආදරේ?" කියන ප්‍රශ්ණය ගැන කල්පනාවට ආපු වෙලාවෙයි. දැනට තියෙන්නේ ෆූ සද්දි විසිද්දි යකා මන්තර කතන්දරේ විතරයි.

කමක් නෑ, මං අම්මගේ තාත්තයි අම්මයි, ඒ කියන්නේ සීය ගැනයි, ආච්චි ගැනයි කතන්දර ලියල තියෙනවනේ.

මං හිතන්නේ හැම පොඩි ළමයෙක්ගෙන් ම වගේ කවද හරි කවුරු හරි අහන ප්‍රශ්ණයක් තමයි ඔය අම්මාට ද තාත්තාට ද වැඩිය ආදරේ? කියන එක. අර ඔයා ලොකුවෙලා මොනවද කරන්නේ කියල අහනව වගේම කොමන් ප්‍රශ්ණයක්.

මට මතක විදියට මායි, මල්ලිල දෙන්නයි ඔය ප්‍රශ්ණෙට දුන්නු උත්තරේ තමයි අම්මට වැඩියෙන් ආදරෙයි කියන එක. තාත්තලා බහුතරයක් කොහොමටත් ළමයි පොඩි කාලේ සැරයිනේ. පහුවෙන කොට තමයි ඒ ගොල්ලෝ වෙනස් වෙන්නේ.

හැබැයි ඉතිං, ඇස් වහක් කටවහක් නෑ, කතන්දර හාමිනේගෙයි මගෙයි දරු දෙන්නාට නම් ඉන්නේ බෝ පැලයක් වගේ හොඳ තාත්තා කෙනෙක් නෙව අමුතුවෙන් නොකිව්වට.

ඒ හින්ද වෙන්න ඇති මේ ළමයි දෙන්නම අම්මාට ද තාත්තාට ද වැඩිය ආදරේ? කියල අහපු හැම වෙලේම කියන්නේ එකම එක දෙයයි.

අම්මටයි තාත්තටයි දෙන්නටම!

අපි දෙන්නා උගන්නලාවත්, වෙන වැඩිහිටියෙක් කියලාවත් නෙමේ ළමයි එහෙම කියන්න ගත්තේ. ස්භාවිකවමයි. එක්කෝ දැන් හැදෙන ළමයි අපේ කාලේ වගේ නෙමේ හරිම පොලිටිකලි කරෙක්ට් විදියටයි හිතන්නේ නැත්තං මේ ගොල්ලෝ අපි පොඩි කාලේ වගේ නෙමේ හරීම කට්ටයි.

දුව පොඩි කාලේ ඔය දෙන්නටම එක වාගේ ආදරෙයි කියල කියනවා අහලා මට කොච්චර ජොලියක් ගියාද කියනව නම් ඒ ගැන ලිව්වා පොඩි කවි පද දෙක තුනක්.

ගිය අවුරුද්දේ ඒ කවිය සින්දුවක පද රචනාවක් කරලා ඔන්න දැන් සී.ඩී. එකකටත් දාලයි තියෙන්නේ.

මෙන්න සින්දුවේ පදමාලාව.

අම්මාට ද තාත්තාට ද වැඩිය ආදරේ
අම්ම අහනවා
තාත්ත අහනවා
දෙන්නාටම එක වාගෙයි මගේ ආදරේ
සදා මේ ලොවේ
එය වෙනස් නොවේ

මා ආදර අම්ම මගේ
මා ආදර තාත්ත මගේ
මගේ ඉරයි සඳයි වගේ
මට සැමදා එකසෙ අගේ
මට සැමදා එකසෙ අගේ

විදු සිප් නැණ හොඳින් ලබා
හොඳ පුරවැසියෙක් විලසින්
මගෙ ආදර දෙමව්පියන්
සුරකිමි මා නෙත් විලසින්
සුරකිමි මා නෙත් විලසින්


දැන් මෙන්න අහන්නකෝ සින්දුව.

සංගීතය- සංගීත් වික්‍රමසිංහ
ගායනය- තිසල් පාදුක්ක විදාන

මේ සින්දුව එන්නේ තිසල් පාදුක්ක විදාන ළමා ගායකයා ගේ මගේ උරුමය කියන සී.ඩී. එකෙයි.

මෙන්න සින්දුව මෙතනින් අහන්න.


මෙතනින් බාගන්න.

ලව් සෝන්ග්ස් ගැන හැට-හුට හමාරක් ප්‍රශ්ණ අහල මං සෙට් වුනේ මේ වගේ ඇම්.පී.ත්‍රී. සහිත ගීත කතන්දර කීපයක් කියන්නයි.

අද මේ දෙමව්පියන් ගැන කියවෙන මේ සින්දුවට කැමති අයට ඊලඟට එන්නේ හන්තානේ ලව් සෝන්ග් එකක්.

-කතන්දරකාරයා

ප/ලි
පොඩි කාලෙ මොනව කිව්වත් මාත් මගේ අම්මටයි තාත්තටයි දෙන්නටම එක වගේම ආදරෙයි!

13 comments:

  1. කතන්ද‍ර උන්නැහේ ගේය පද රචකයෙක් නොවැ.හොඳ සින්දුව .ඔය CD එකේම නේද තියෙන්නේ අනේ සර් මට එලාරව ම‍රන්න බෑ කියන සින්දුව.

    ReplyDelete
  2. කතන්දර එහෙනම් ගීත රචනයටත් බැහල ලස්සනයි අයියේ සින්දුව

    ReplyDelete
  3. එහෙනං කතන්දර සූරීන්, දැන් ගී පද රචකයෙක් !

    සුබ පැතුම් !!!

    ReplyDelete
  4. ඇම්.පී.ත්‍රී එකක් තෑගි දෙනවා කිව්වම මමත් බලන්න ආවා.. කෝ නෑ නේ?

    කතන්දර පැටියෝ ටික කතන්දරගේ හිත රිදෙයි කියල හිතලා දෙන්නටම කියල කියන්න ඇති නේද?

    දෙමව්පියෝ, ආච්චි සීයලා ගැන ලිව්වට, දරුවො ගැනත් කතන්දර වැඩි යමක් ලියල නෑ මයෙහිතේ.

    ReplyDelete
  5. ලස්සන සින්දුව...

    ඇත්තම කියනව නම් අපි අම්මටයි තාත්තටයි ආදරේ දෙවිදිහකට...

    තව සමහරු කියනව දූල වැඩිය ආදරේ තාත්තටලු. පුතාල වැඩිය ආදරේ අම්මට ලු...

    අම්මත් වැඩිය ආදරේ පුතාලටලු. තාත්තත් වැඩිය ආදරේ දූලටලු... අනේ මන්ද ඉතින්...

    ReplyDelete
  6. හරිම අපූරු සින්දුවක් කතන්දර සූරයෝ. දැන් බලනකොට කතන්දර, සූරයෙක් වෙලා තියෙන්නෙ කතන්දර කියන්න විතරක් නෙමෙයි, සින්දු ලියන්නත් සූරයෙක්නෙ.

    පොඩි එකා නියමෙට සින්දුව ගයනවා. කියල වැඩක් නැහැ.

    ReplyDelete
  7. බලාගෙන ගියාම කතන්දර අයියත් මාර වැඩකාරයෙක් නෙ..!
    බොහොම සන්තෝසයි.... බොහොම සන්තෝසයි..

    රස්සාවයි, Blog ලිවිල්ලයි, අනිත් වැඩයි ඔක්කොම එක්ක මේවත් ඉස්සරහට කරගෙන යන්න සුබ පැතුම් .. ! !

    Buddhi

    ReplyDelete
  8. අනෙ මන්ද ක.ශු.
    පද රචනයනම් හොදයි...
    සිංදුවනම් වැදුනෙ නැ...
    හැබැයි එ මට... අනිත් අයට හොදට ඇති...

    ReplyDelete
  9. ක.ශු. ට අහු උනානෙද මගෙ හොර වැඩෙ....
    දැන්ම කාටවත් කියන්න එපා...

    ReplyDelete
  10. මහා ගීත කතන්දර සූරී... කසූ....
    ජය වේවා....

    වත්ගේ කතාව මමත් අහලා තියෙනවා. හේතුව විදිහට පෙන්නල තියෙන්නේ දෙමව්පිය දූ දරුවන් වුණත් වෙනස් ලිංගිකයන් අතර තියෙන ආකර්ශනය කියල එකයි. සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන් නේද..?

    ReplyDelete
  11. පද වැලත් ගායනයත් හරිම ලස්සනයි.

    ReplyDelete
  12. ඇත්තටම මේක හොඳ මාතෘකාවක්. දරුවෙක් අම්මාට සහ තාත්තාට එක ලෙස ආදරය කරන්න ඕන. ඒක ලබන්න දෙමාපියන් කටයුතු කරන්නත් ඕන.
    පද රචනය වගේම සිංදුවත් හොඳයි. කතන්දර ඉස්සරත් කවි, සිංදු ලියල තියනවා නේ.
    ජය වේවා!!!!

    ReplyDelete
  13. පද රචනා කිරීම, බ්ලොග් කෙරුවාව, කයිකතන්දර,කතන්දර නවහොනාද පුලුවං ඔයාට! බලාගෙන ගියාම මේයා කලාමැසිමක්නේ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.