ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday 26 February 2012
ගෑනිටම හරියන මිනිහා, මිනිහටම හරියන ගෑනි - The best couple ever!
තකට කත කියන්නේ මෙන්න මේ වගේ ජෝඩුවලට තමයි!
සඳුන් ගසේ සමන් වැලක් එතෙනවා වගේ කියලා කියන්නත් පුළුවන් දිවේ නොගෑවී.
ස්වීඩනයේ මානසික රෝගී සිරමැදිරියක ඉන්න මිනී මරලා මස් කාපු පොරක් තමයි ඉසාකින් ජොන්සන් කියන්නේ. එතනම රඳවා ගෙන ඉන්න මිෂේල් ගස්ටාෆ්සන් කියන්නේ මිනී මරලා ලේ බීපු ගෑණියෙක්.
මේ දෙන්නා ඔන්න විවාහ ගිවිස ගෙන!
ඉසාකින් ජොන්සන් ගේ විවාහ යෝජනාව මිෂේල් ගස්ටාෆ්සන් පිළිඅරගත්තාලු.
මේ බලන්නකෝ ප්‍රවෘත්තිය.
මෙන්න වැඩිපුර විස්තර මෙතනින්.
http://www.thesun.co.uk/sol/homepage/news/4100709/Killer-cannibal-and-Satan-worshipping-vampire-get-engaged.html
තාම දෙන්නට විවාහ වෙන්න නම් අවසර ලැබිලා නැති පාටයි.
මං මේ කල්පනා කරන්නේ හනිමූන් එක කොහොමට තියේවිද කියලා!
දෙන්නාගෙන් එක් කෙනෙක්වත් අනිත් එක්කෙනාට කලින් නිදා ගන්න එකක් නං නෑ. ඒ හින්දා වැඩේ නැගලා යායි.
-කතන්දරකාරයා
ප/ලි:
එකිනෙකා මරාගන්නා අඹු සැමියන්ට මේ දෙන්නා හොඳ ආදර්ශයක් සපයන්නත් ඉඩ තියෙනවා.
ප/ප/ලි
මේ ලිපිය කතන්දර දැනුම් සාගරේ තවත් ඉදිරිපත් කිරීමකි.
(image: http://igossip.com/gossip/Isakin_jonsson_and_michelle_gustafsson/2074386)
Subscribe to:
Post Comments (Atom)
sansaare pathagena apu dennekda danne na :D
ReplyDeleteහනිමුන් එකේදි අරූ කාගෙන කාගෙන යනකොට ඒ ගෑනි වැක්කෙරෙන ලේ ටික බීගෙන බීගෙන යයි !
ReplyDeleteබි. පෙ .සි
Deleteකොහෙන් එනවද මන්ද මේ අදහස් මධුරංග මල්ලිට :D :D :D
Deleteපට්ට කතාව!
Deleteමුං දෙන්නගේ වෙඩිමට කෑම වලට වියදමක් යන එකක් නෑ.
එන උන් ටික කන්න පුලුවන්නේ මධුරංග කියපු විදියට.
:D
නියම කතාව කියල තියෙන්නේ +++++ :)
Deleteඅනිව මදුරංග අයියේ..!!!
Delete//සඳුන් ගසේ සමන් වැලක් එතෙනවා වගේ//
ReplyDeleteකොහොඹ ගහේ කරවිල වැල ගියා වගේ කියන්නත් පුළුවන්....
කොහොම උනත් දෙන්නා ගැලපෙනවා...හිරේ ඉන්න හින්දම හොඳයි...
නයි දෙන්නා ගිල්ලා වගේ තියෙයි.. අපිටත් අපේම මාළු කන්න හිතිලා තියෙන වෙලේ ඒක එන්කරේජ් කරන්න දාපූ කතාවක්ද මන්දා මේක..
ReplyDeleteඅර පින්තූරෙ ඉන්න දෙන්න උම්ම දෙනකොට පැටලැවෙනව ඇති නෙ....
ReplyDeleteකටේ මෙමෙමනං * කොහොමට කරාබු ඇතිද ??
එතකොට ඊට වඩා පැටලැවෙනව ඇති
දාන්න ලේසීයි . . ගන්න අමාරුයි
Deleteඑල කපල් එකක්....
ReplyDeleteහොඳ හොඳ සෙල්ලම් වෙයි වගේ දෙන්නා බලාගෙන ඉන්නවා ඇත්තේ කොයි වෙලේද කන්න පටන් ගන්නේ කියලා හි හි කොහෙන් පටන් ගනීද දන්නේ නෑ
ReplyDeleteඅපෝ ඔයිට වඩා ගැලපෙන ජෝඩු මෙහේ ඉන්නව අනුන්ගෙ ලේ මස් කන බොන.
ReplyDeleteකෑම වියදන් අඩුවෙන් යන පවුලක් බවට පත්වෙයි
ReplyDeleteවිවාහ සම්බන්දයකදී අදහස් හොදට ගැලපෙන්න ඕනය කියන කාරනාව මෙයින් හොදට පැහැදිළි වේ...
ReplyDeleteනියම කෑමක්නේ දෙන්නට සෙට් වෙලා තියෙන්නෙ.....!
ReplyDeleteබැරි වෙලාවත් මුන් දෙන්නා ළමයෙක් හැදුවොතින් ඌ මොන ජාතියේ එකෙක් වේවිද කියලයි මම මේ කල්පනා කලේ .
ReplyDeleteකතා දෙකක් නෑ ඌ අලවු යකා වගේ ඩයල් එකක් වේවි !!
මුං දෙන්නගෙ කේන්දර ගැලපෙනවද දන්නෑ...
ReplyDeleteදිහා බලපුවාම හිතෙන්නේ කේන්දර නම් හොඳටම ගැලපෙනවා ඇති කියලයි. :D
ReplyDeleteගැලපීම කෙසේ වෙතත් කොච්චර කල් ඔය දිගේ තියේවිද දන්නේ නැ.
ReplyDeleteදීගෙ තියෙන්න මුං දෙන්න ඉතුරුවෙයිද ???
Deleteකොහොමත් මුන් දෙන්න ගැන ක.කා ට ඉස්සරහටත් නිව්ස් එකක් දාන්න වෙනවා ..ඒක සුවර්
ReplyDeleteහික්ස්ස් මරුනේ කපල් එක මගුල කෙසේ වෙතත් එදාට අවමගුල්නම් සෑහෙන්න තියෙයි
ReplyDeleteඔය මගුලට යන එව්වන්ට මොනව වෙයිද දන්නෑ.
ReplyDeleteදෙන්නා එදා වේලට කෑමට ගන්නේ මොනවද දන්නේ නෑ..
ReplyDeleteහිරේදී ගෑනු පිරිමි වෙන් කරලා නෙමයිද ඉන්නේ?
ReplyDeleteඅනේ හරිම සිරියාවන්ත ජෝඩුව. සුවීට්
ReplyDeleteහය්යෝ, ඕක මොකද්ද...ඔය කොයි සුවීට් නංගියත් බඳිනකල් විතරක් නෙමෙයි ඉන් පස්සෙත් මිනී නොමරම ලේ බොන එකනෙ. ඒත් ඉතින් පිරිමි හැතිකරේ ඔය යසට ඉන්නෙ!
ReplyDeleteඒ අහිංසක පිරිමිනේ මෙයා . මේ ඉන්නේ මිනි කන හාදයෙක් . තත්වේ වෙනස්
Deleteඔය කියන්නෙ බනියලගෙ තාත්ත, මේ මං වගේ අය ගැන වෙන්ටැ!
Deleteඉතාලි ආණ්ඩුවට උන් දෙන්නව නඩත්තු කරන වියදම ඉතුරු වෙයි
ReplyDeleteලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ කිව්වලු....පට්ට පට්ට....හනිමූන් එක ගැනත් කසූ අපිට කියන්ඩෝ.........
ReplyDeleteදැනුම් සාගර ඉරිදට විතරක් දාන එකත් හොඳා.
ReplyDeleteඒ ගොල්ලංගෙ මගුල් ගෙවල් වලදි ජයමංගලගාථා, භවතු සබ්බ මංගලං වගේ ඒව රැප් කරලවත් කියන්නෙ නෑ නේද?
ඇත්තමට ගැලපෙනවා අනිත් උන්ට කෙල වෙනවා
ReplyDeleteවැරදිලාවත් උන් දෙන්න වෙන වෙනම නිදහස් වෙලා එළියට ආවනං දෙන්නම මිනී මරාවි. දැන් අඩු ගණනෙ එක්කෙනෙක් හරි නවතී නේද?
ReplyDeleteසෙරටම කලින් පිටගැස්මට බෙහෙත් විදගන්න වෙයි දෙන්නටම
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි. ජයවේවා!
ReplyDeleteමාව දරුකමට හදාගන්න කියනව..... අම්ම හදපු දොදොල් පල්ල...යසට තියෙයි..
ReplyDeleteහප්පේ..
ReplyDeleteතකට තක දෙකට දෙක පු*ට පු* :))
ReplyDelete