ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 22 February 2012
පොඩිරාජා ගේ වෙඩින් ඇනිවසරිය - Podi Raja's Wedding Anniversary
පොඩිරාජා කියන්නේ අර හන්දියේ රාජා ගේ කඩේ හිටිය පොඩි කොලුවා නෙමේ. මේ කියන්නේ අපේ අසල්වැසි රාජසිංහ අංකල් ගේ පුතාටයි.
රාජසිංහ අංකල්ට මහරාජා කියපු නිසා, පුතා නිකංම වගේ පොඩිරාජා වුණා!
පොඩි රාජාත් මැවිසුරුවෙක්. මට වැඩිය අවුරුදු තුන හතරක් විතර බාලයි. මං මහරාජා ගේ අසල්වැසියා විදියට පදිංචියට යද්දී පොර ගෙදර හිටියේ නෑ. කොහේද මන්දා දේශ දිපංකරයක ගිහින් හිටියා ඉගෙන ගන්න. පොර ලංකාවට නිවාඩුවකට ආපු වෙලාවෙයි ඉස්සෙල්ලාම අඳුණා ගත්තේ.
ඔන්න ඉතිං පොර ඉගෙනීම අහවර වෙලා ඇවිත් කසාඳ බඳින්න සෙට් වුණා. ඔය කාලේම මාත් ගියා පොඩි විදේශ සංචාරයක්. ඒ ගිහින් ආපහු එන්න තිබුනේ හරියටම වෙඩින් එකට පහුවදා, ඒක හින්දා මට පොර ගේ වෙඩිම මිස් වුණා.
පොඩිරාජා ගේ වෙඩිම දවසේ, ඒ කියන්නේ පිටරට සංචාරය නිම කරලා ගෙදර එන්න කලින් දවසේ හාමිනේට කතා කළ වෙලේ දැන ගත්තා, අපේ සීයා කෙනෙක් අවසන් ගමන් ගිය බව.
ඉතිං මං ගෙදර ආපු ගමන් පහුවදා කළේ සීයා ගේ අවමගුලට යන එකයි. ඊට පහුවදා පොඩිරාජා ගේ හෝං කමිං එකට ගියා. කෝකටත් අපි මනමාලයාගේ පාර්ශවයේ නේ!
ඔය සේරම කිව්වේ මේකටයි. විවිධ සිද්ධීන් ගොඩක්ම එක ලඟ වෙච්ච හින්දා, මට පොඩිරාජා ගේ වෙඩිමේ දවස හොඳට මතක හිටියා.
පොඩිරාජායි අපියි තව දුරටත් අසල්වැසියෝ නොවුනත් මං ඉතිං කළේ, මතක් වෙන පරිදි පොඩි රාජා ගේ වෙඩිං ඇනිවසරියට සුභ පතලා එක්කෝ ඊයක් දාන එක. එහෙම නැත්තං කෝල් එකක් දෙන එක.
ඔහොම ගිහින් ඔන්න එක දවසක පරණ සිද්ධි ගැන කතා කර කර ඉන්න වෙලාවක මට මතක් වුණා ඒ අවුරුද්දේ නේද පොඩිරාජා ගේ දහවෙනි වෙඩින් ඇනිවසරිය කියලා.
මේක අමතක වෙන්න ඉඩ නොදී ෆෝන් එකේ පොඩි රිමයින්ඩරයක් හෙම දාගෙන ඉඳලා, මං හරියටම එදා වැඩ ඇරිලා ඇවිත් රාත්‍රියේ පොඩිරාජා ට කෝල් එකක් දුන්නා.
"ආ! පොඩිරාජා කොහොමද, මං මේ කතන්දර කතා කරන්නේ!"
"ආ! කතන්දර කොහොමද?"
"හැපි ටෙන්ත් ඇනිවසරි පොඩිරාජා!"
"ආ! කතන්දර මෙන්න අපේ අම්මයි තාත්තයි ඇවිත් ඉන්නවා. මෙන්න කතා කරන්න."
පොර ෆෝන් එක මහරාජාට දුන්නා. මං අංකල් එක්ක කතා කළාට පස්සේ ඇන්ටිට ඕනැ වුණා කතන්දර හාමිනේ එක්ක කතා කරන්න.
කෝල් එක එතනම ඉවර වුණා!
පස්සේ තමයි මට තේරුණේ, පොඩිරාජා මා එක්ක කතා කරනවා තියා මගේ සුභ පැතුමට ස්තුති කළේවත් නෑ නේද කියලා.
මං හිතා ගත්තා ආයේ පොර මට කෝල් කරන කං, මං නං ඌට කෝල් කරන්නේවත්, ඊ-මේල් දාලා සුභ පතන්නේවත් නෑ කියලා.
දැන් අවුරුදු දෙක තුනක් ගියා. ඌ මට කතා කළේත් නෑ, මං ඌට කතා කළේත් නෑ!
-කතන්දරකාරයා
ප/ලි:
මං හිතන්නේ එදා වෙන්න ඇත්තේ මේකයි.
පොඩිරාජාට දහවෙනි වෙඩිං ඇනිවසරිය මතක්වෙන්න ඇත්තේ මහ රෑ මං කෝල් කරපු වෙලාවෙයි. මගේ සුභ පැතුමට ස්තුති කළොත් ඒක පොර ගේ වයිෆරේට ඇහිලා වැඩේ දරුණු වෙන්න ඉඩ තියෙන නිසා පොර මාව මග අරින්න ඇති!
මට නං පොඩිරාජා ගේ ඇනිවසරිය විතරක් නෙමේ හාමිනේගෙයි මගෙයි ඇනිවසරියත් හොඳට මතකයි.
දුමින්ද ගේ යුග දිවිය කතන්දරේත් බලන්න ඔය ගමන්ම.
(image: http://www.anniversarygift.org/wedding-anniversary-clip-art/)
Labels:
අපේ සිරිත්
Subscribe to:
Post Comments (Atom)
පොඩි රාජාත් අපේ මහත්තයා වගේ එක්කෙනෙක්ද කොහෙද.... උන්දටත් ඕවා මෙලෝ දෙයක් මතක නෑ... වැඩිය ඕනෙනෑ... එයාගෙම උපන් දිනේවත්.... පොඩි උන් දෙන්නගෙ උපන් දින නම් මතක් වෙනවා, උන් හය මාසෙකට විතර කලින් ඉඳලම මතක් කරන්න පටන් ගන්න නිසා....
ReplyDeleteඒත් කතන්දර මට හිතාගන්න බැරි ඇයි ඒ මනුස්සයා ඊට පස්සෙත් කතා කළේ නැත්තෙ කියල.... ඕක පස්සෙ දවසක කතා කරලා කියලා පොඩ්ඩක් හිනාවෙන්න තිබුනු එකක්නෙ... එක්කො මනුස්සය හිතුවද දන්නෑ පොරට ඕවා අමතක වෙන නිසා කවද හරි කතන්දර වැඩේ කාවි කියලා... එහෙමත් නැත්නම් පොරගෙ කසාදෙ තාම තියෙනවද....?
තමන්ගෙ උපන් දිනේත් අමතක වෙන කෙනෙක් වෙඩින් ඇනිවර්සරි මතක තියාන ඉඳීවිද? මාත් ඒ ජාතියෙ නිසා මේ කියන්නෙ. ගොඩක් වෙලාවට වෙන්නෙ ඇනිවර්සරි එක කවදද කියල අමතක වීම නෙවෙයි, ඇනිවර්සරි එක දවසට මතක් වෙන්නෙ නෑ එදා තමයි දවස කියල. ඒ කියන්නෙ අපි හිතමු ඇනිවර්සරි එක පෙබරවාරි 22 කියල. ඉතින් අද පෙබරවාරි 22 කියල මතක් වුනාට පස්සෙනෙ අඩේ අද නේද ඇනිවර්සරි එක කියල මතක් වෙන්නෙ. ඉතින් මටනං අද පෙබරවාරි 22 කියල මතක් වුනේ මේ කමෙන්ට් එක දාන්න ගියාම.
Deleteමං මේ කියන්නෙ, තමන්ගෙ මනුස්සයට ගරහන්න එපා.
//මං මේ කියන්නෙ, තමන්ගෙ මනුස්සයට ගරහන්න එපා//
Deleteඅම්මප මමත් ඒකමයි කියන්නෙ . . . කොහෙද ගෑනුන්ට ඕව තේරෙනවැයි . . .
පෙබරවාරි 22 කිව්ව හින්ද නෙමේ මම නං මේ පාර පෙබරවාරි විසිතුන කලිම්ම මතක් කරල තෑග්ගකුත් අරං වාහනෙ තියන් ඉන්නව. හෙට ඕක දෙන්න අමතක උනොත් කියල තමා භය!
Deleteදැන් කොහෙද මං මෙතන මගේ මනුස්සයට ගරහල තියෙන්නෙ කියල පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද... මං කිව්වෙ අපේ මහත්තයගෙ හැටි... මොකද මේ මනුස්සයත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන් හින්දා... මගේ මහත්තයගෙ ඒ චරිත ලක්ෂණය අද වෙනකම් මට ප්‍රශ්නයක් නැති උනා නම් ට්‍රෆික් ඇනෝට තියෙන ප්‍රශ්ණෙ මොකක්ද....
Deleteහප්පට සිරි ගජ...මියුරුට යකා නැගල වගේ...කමෝන් මියුරු...අත අරින්න එපා..වලි නං වලි....
Deleteඋඹටත් ඔබාඅයියෙ, වලියක් දැක්කොත් උසි උසි කියනකං නිවනක් නෑ නේද..?? :)
Deleteමටත් හිතුනේ තාම ඒ දෙන්නා බැඳලද? නැත්නම් කෝල් එකෙන් පස්සේ පොඩි රාජාගේ නෝනා ගෙදර ගියාද දන්නෙත් නෑනේ.
ReplyDeleteකතන්දරත් කරන වැඩ...:D
කකා මොකටද මේ එක එක්කෙනාගෙ ඇනිවසරි මතක් කොරලා දෙන්න ගියේ.. ඕන් නැති වැඩනෙවැ කරන්නෙ.. :)
ReplyDeleteකතන්දරත් අපේ ජනාධිපතිතුමා වගේනෙ.
ReplyDeleteඇත්තමයි අනේ. මටත් අවුරුදුවලට විශ් කරලා ඇස් ඇම් ඇස් එකක් එවනවමයි..
Deleteමට ඒක ටික් උනේ දැං නේ. එතුමා මටත් එව්වනේ.
Deleteඋබල දෙන්නටත් එව්වද ? එතුමා මටත් එව්වනේ.
Deleteමගෙත් සිම් දෙකටම එව්වනෙ.
Deleteඅපේ ඇනිවසරියනම් මෙලො සතෙක් දන්නෙ නැහැ ඒ නිසා ඒක මතක් කරලා තෙවැනි පාර්ශවයකට ඇතුලේ කචල් හදන්න බැහැ(ඇනිවසරිය මටත් හැමදාම අමතකයිනේ පොඩි වුන්නම් එක උපක්දියක් ගෙවුනම ඊ ලඟ එක එන කම් තව 364යි;තව363;......2යි..හෙට)
ReplyDeleteකකා අය්ය මේ වගේ හෑමෝගෙම ඈනිවසරි වලට විශ් කරනවද අනේ ?
ReplyDeleteමට මේ ළඟදි නිදහස් දිනෙත් ටැපලුනා.. ලංකාවේ.. මැයි වලත් එකක් තිනෙවනේ නේ....මේ අන්න මම ජොක්කු ගැන විෂ්ලේෂනාත්මක සාරඝර්භ ළිපියක් ලිව්වා බලලා කොමෙන්ට් එකක් දාන්නකෝ...
ReplyDeleteමාතලන් ඔහෙ ලීව්ව ලිපිය ඔෆීසියේ කියවන්න බැහැනේ .... දැන් ඉතින් ගෙදර යනකම් හිටුකෝ කියවන්න....
Deleteඒකනේ. ඕනෑම සිද්ධියක් පිටිපස්සෙ මොකක් හරි අපි නොදන්න කතාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සෙ පොඩිරාජා කෝල් එකක් වත් දුන්නෙ නැත්නං ආයෙත් කතාකරන එක තේරුමක් නෑ තමයි.
ReplyDeleteමං නම් හිතන්නෙ ඔය වගේ දේවල් පිරිමින්ට අමතක වෙන එක ස්වභාවය කියලයි.ඕව තේරුම් අරන් ඉන්න කොට හිත් තැවුල් නෑ.:)))
ReplyDeleteමිනිහට එක කතන්දරගේ සීයා මිය ගිය දවස වගේ දුක දවසක්ද කවුද දන්නේ .
ReplyDeleteපර්ත් ගිහින් ආවට පස්සෙ බින්දිටත් හොඳ ,හොඳ ඒව කියවෙනව නේද?
Deleteඔව් ඔව් දැක්කෙ නැද්ද කුමාරිහාමිගෙ යශෝධරාවතට දාපු කමෙන්ට් එක එහෙම. අර ගිරව් දෙන්නගෙ කතාව මතක් වෙන්නෙ!
Deleteවෙඩින් ඇනිවර්සරි!....හුහ්....... මේ මගුලක් කතා කරනව......මං එකෙකුට සෙකන්ඩ් ඇනිවර්සරි එකට විෂ් කරන්න හදනකොට උං ඩිවෝස් වෙලා.
ReplyDeleteඇනිවර්සරි මිස් වෙන එකනං මගෙත් සාමාන්‍ය ස්වභාවය. මං “මියුරු”ගෙ කමෙන්ට් එකට රිප්ලයි කළේ බොක්කෙන්මයි.
“ගිම්හානි”ට ස්තුතියි අපි වගේ උං ගැන තේරුම් ගත්තට.
මට මේ අවුරුද්දෙ මාර චැලේන්ජ් එකක් තියෙනව.
අපේ ගෙදරට යාලුවෙක් ගෙනත් දුන්න ලොකුම ලොකු කේක් ගෙඩියක්. (ගෙඩියක් කිව්වෙ කොස් ගෙඩියකටත් වඩා ලොකු නිසා.) මේක තියන්න තැනක් නෑ ඒ තරම් ලොකුයි. ඉතින් මං යෝජනා කළා පුළුවන් ඉක්මනට කමු කියල. ඒත් එච්චර ගොඩක් අපි හතරදෙනා කොහොම කන්නද.
ඉතින් මගේ දෙවැනි යෝජනාව වුනේ එදාම බර්ත් ඩේ එකක් තියන කෙනකුට අපි මේක තෑගි දෙමු කියන එක. ඉතින් මම දිනේ කවද්ද කියල කැලැන්ඩරේ බලල කල්පනා කරනකොට මතක් වුනා පහුවදා උපන් දිනේ තියන මගේ හිතවත් කාන්තාවක් ගැන, අපේ වැඩපොලේම වැඩකරන. මං මේක කිව්ව ගමන් හාමිනේ කිව්වෙ “අන්න දැක්කද මගේ උපන් දිනේ තමයි අමතක වෙන්නෙ” කියල.
මට හාමිනේගෙ උපන් දිනේ ගලේ කොටපු අකුරක් (ඇත්තටම අකුරු නෙවෙයි ඉලක්කම් 08ක්) වගේ මතකයි. ඒ වුනාට කැලැන්ඩරේ බලන්න මතක් වෙන්නෙ නෑනෙ. ටෙලිපෝන් එකේත් රිමයින්ඩරි එකක් දාල තියනව. ඒ වුනාට ඒ රිමයින්ඩර් එක වදින්නෙත් මහා සද්ද බද්ද තියන වෙලාවක.
හැබැයි පුතෝ මේ අවුරුද්දෙ හාමිනේගෙ උපන් දිනේ මිස් වුනොත්නං මං කපෝතියි.
ඔය කේක් එක දෙද්දි චුට්ටක් පරෙස්සමෙන්.. අර 'Lee මහත්තයාගේ කේක් එක' වගේ වටෙන් ගොහින් ගෙටම ආපහු එන්න පුළුවන්.. :)
Deleteකවුද අමාරුවෙ වැටුන දිනය සමරන්නෙ පොඩි රජා එහෙම හිතන්න ඇති සමහරවිට සුබපතන එවුන්ට හිතින් බනිනවත් ඇති
ReplyDeleteමං නම් හිතන්නේ වෙන්න ඇත්තේ මේකයි... "හැපි ටෙන්ත් ඇනිවසරි පොඩිරාජා!" කීවම යාට ඒක හරියට මේ මොකක් ද කියලා තේරෙන්නෙ නැතිව ඇති.
ReplyDeleteපිරිමි අයට දින විතරක් නෙමෙයි...අර කීවත් වගේ නමුත් අමතක වෙනවා. අපේ තාත්තා තාත්තගේ ඩයරිය ගත්ත ගමන් අපේ උපන් දින නම් පිළිවලට අම්මට කියලා ලියා ගන්නවා. මොකද කියනව නම් රස්සාවේදි ඔය අනම් මනම් ෆෝම් පුරවන්න ගියාම මේ කිසි දෙයක් මතකයේ නැති නිසා...එහෙමයි කියලා ආදරයේ අඩුවක් නම් කවදාවත් වෙලා නැහැ.
පිරිමි අයට දින නම් ගම් මතක තියා ගන්නවාට වඩා ගොඩාක් දේ මතක තියා ගන්න තියෙනව නේ. ගැහැණු අපිටම මතක එකම දේත් මේ දින විතරයි....
දිනේ අමතක උනත් මොකද ආදරයේ අඩුවක් නැතිනම්.......... ඒ හොඳටෝම ඇති....
ටිකට් එකක් එවන්න ටික දවසකට මෙහෙ ඇවිත් අපෙ හාමිනේ අස්සරේ කොරල යන්න පුලුවන්ද?
Deleteසො. සි. දාන්න පහක්....නෑ දහයක්ම...
Deleteහාමිනේගෙ උපන්දිනේ අමතක කරලා මගේ මහත්තයා විඳින දුක දැක්කම දුක හිතෙනවා අප්පා..හික්ස්..අඩුම ගානෙ කතන්දර වගේ යාළුවෙක්වත් හිටිය නම්..
ReplyDeleteමං නම් හිතන්නේ වෙන්න ඇත්තේ මේකයි... "හැපි ටෙන්ත් ඇනිවසරි පොඩිරාජා!" කීවම යාට ඒක හරියට මේ මොකක් ද කියලා තේරෙන්නෙ නැතිව ඇති.
ReplyDeleteපිරිමි අයට දින විතරක් නෙමෙයි...අර කීවත් වගේ නමුත් අමතක වෙනවා. අපේ තාත්තා තාත්තගේ ඩයරිය ගත්ත ගමන් අපේ උපන් දින නම් පිළිවලට අම්මට කියලා ලියා ගන්නවා. මොකද කියනව නම් රස්සාවේදි ඔය අනම් මනම් ෆෝම් පුරවන්න ගියාම මේ කිසි දෙයක් මතකයේ නැති නිසා...එහෙමයි කියලා ආදරයේ අඩුවක් නම් කවදාවත් වෙලා නැහැ.
පිරිමි අයට දින නම් ගම් මතක තියා ගන්නවාට වඩා ගොඩාක් දේ මතක තියා ගන්න තියෙනව නේ. ගැහැණු අපිටම මතක එකම දේත් මේ දින විතරයි....
දිනේ අමතක උනත් මොකද ආදරයේ අඩුවක් නැතිනම්.......... ඒ හොඳටෝම ඇති....
කතන්දරත් පවුල් අවුල් වෙන වැඩනෙ කරන්නේ....
ReplyDeleteඒ කෝල් එකෙන් පස්සේ පොඩි රාජා තුන්වන ලෝක යුද්දේටවත් මුණ දුන්නද දන්නේ නැහැනේ
ReplyDeleteඉතින් කොහොමද ආපහු හිත හදාගෙන කතන්දරට කෝල් කරන්නේ
හැබැයි ඉතින්, මමත් කාටහරි මේ වගේ කතා කලාට පස්සේ එයා මාව නොසලකා හැරියොත් ආපහු එයා කතා කරනකල් මම කතා කරන්නෙත් නැහැ
ඒ නිසා කතන්දර එයාට කතා නොකර ඉන්න එක මට අනුව හරි
අමතක උන ඇනිවර්සරි එක මතක් කරලා.. ඒකනේ ඉක්මනට ෆෝන් එක අම්මටයි තාත්තටයි දීලා පොඩි රාජා මාරු උනේ...
ReplyDeleteමහ රෑ අහවල් එකකට මිනිස්සුන්ට කරදර කොරනවාද අප්පා.. අනික් එක ඒ වෙනකොට දෙන්නා ඩිවෝස්ද දන්නෙත් නෑ.. හක.. හක..
ReplyDeleteමම හිතුවා මේ දවස් වල හැමෝම දෙස් දෙවුල් තියන මහරජාගෙ කවුරු හරි කියලා.. :)
ReplyDeleteඒ මගුල ඒ වෙද්දි ඉවර වෙලා තිබුනද දන්නේත් නැහැනේ...
ReplyDeleteඅවුරුදු දහයක්......සෑහෙන දිග කාලයක්...මඟුල තිබුනද නැද්ද කව්ද දන්නෙ....
ReplyDeleteබැඳපු අලුත මට ඔය ඇනිවර්සරි අමතක වෙලා හොඳ දොස් මුර ඇහුව. පස්සේ පස්සේ ඔව්ව ඇතුළු නෝනගේ සහ බබාල ගේ උපන්දින එහෙම ගානට මතක තිබුන.
ReplyDeleteමේ දවස් වල මම විදෙස් ගත වෙලා ඉන්නේ. ඉතින් මට නිකමට හිතුන ඇනිවර්සරි එකට surprise එකක් දෙන්න ඕනේ කියල. ස්කයිපිය හරහා කතා කරන කිසි වෙලාවක මම ඇනිවර්සරි ගැන මොකුත් කිව්වේ නැහැ. කල් ඇතිවම මෙහෙන් තෑග්ගක් තැපැල් කරා ඇනිවර්සරි දිනය පහුවෙලා ලැබෙන විදිහට. ඇනිවර්සරි දවසේ 00.01 ට මෙහෙන් කෝල් එකක් දීල විශ් කරා. එතකොටයි එයාට මතක් උනෙත්. එයා ඇනිවර්සරි එක වෙනුවෙන් මොකුත් කරලා තිබුනේ නැහැ. අඩු ගැනේ කාඩ් එකක් තැපැල් කරලා වත් නැහැ. මට නම් ගානක් නැහැ. දවස් දෙකකට විතර පස්සේ මම යවපු තෑග්ගත් ලැබිල තිබුන.
එකෙන් වෙච්ච හොඳේ තමයි මීට පස්සේ මට දින අමතක උන කියල නෝනට මට වලි දාන්න බැරි වීම. එකත් ලොකු දිනුමක් මම හිතන්නේ මේ දාල තියෙන කොමෙන්ටු දිහා බලන කොට.
සියළු දෙනාටම ස්තුතියි.
ReplyDeleteඋත්තර දෙන්න වෙලාවක් නෑ අවාසනාවට. කාලය දීපය දේශය සේරම අවුල් වෙලා තියෙන්නේ.
මට නම් අනම් මනම් ගොඩක් මතක නැහැ.
ReplyDeleteමට මතක තියෙන්නෙ 4 දෙනෙක්ගේ උපන් දින විතරයි.
එකක් මගේ. ඒකත් එදාට ලෝක ගුරු දිනය තියෙන නිසා.
අනික අපේ අයියාගේ ඒත් පෙබරවාරි මාසෙට දවස් 28 ක් තියෙන නිසා, මිනිහා උපන්නේ 28 නිසා. අ
නිත් උපන් දින දෙක තමා වෙසක් පෝය දවස බුදුහාමුදුරුවන්ගේ උපන් දිනේ, අනික නත්තල ජේසුතුමාගේ උපන් දිනේ :)