Sunday 15 January 2012

කවුද ඩෝ කතන්දරකාරයා ගැන කතන්දර ලියන්නේ? When the "Story-Teller" becomes a source for stories


කතන්දරකාරයා ගැන එක එකා, එක එක විදියේ කතන්දර ලියනවා තමයි මේ කාලේ. වැඩියෙන්ම මේකට වග කියන්න ඕනෑ අර ඇනෝනිමසයා කියන ගොබිලායි.

පොර කාලෙකට ඉස්සෙල්ලා ලියපු පොරමඩලාව වැඩසටහන් පිටපතේ සාකච්ඡාව මෙහෙයවන්න අරං තිබුණේ කතන්දරකාරයාවයි.

ඊලඟට, 2011 මහා කක්කා සම්මාන උළෙලක් තියලා, ඒකේ මහා කක්කා සම්මානය කතන්දර බ්ලොගයට දුන්නා.

තව සතියක් යන්නත් කලින් මේකා කළේ, මං ගැනයි මගේ බ්ලොග් එක ගැණයි වර්ණනා කරලා සිංහල බ්ලොග් අවකාශයේ කතන්දරකරුවාගේ භූමිකාව කියලා ලිපියක් දාන එක.

එතනින් ඇරියේ නෑ, ඊලඟට මූ මගේ ඇස්බීයූ ටී-ෂර්ට් එක ගැන මහා මුසාවාදයක් පතුරවන පෝස්ටයක් දැම්මා.

ඉවරයි කියලද හිතේ?

ඊලඟට, මංතුමා ඇතුලු බ්ලොග්කාරයෝ, බ්ලොග්කාරියෝ පිරිසක් ගැන සරදම් කරන්න පරණ කාටූන් ඈඳාගෙන පෝස්ට් එකක් දැම්මා. ඒක දාලා නිකං හිටියේ නෑ, කතන්දරකාරයා නිරූපනය කරන්න අරං තිබුණු ෆ්‍රෙඩ් ෆ්ලින්ස්ටෝන් වෙනුවට ඩැග්වුඩ් බම්ස්ටෙඩ් වඩා ගැලපෙනවා කියලා මං දාපු කමෙන්ට් එක කෙලින්ම ඊලඟ පෝස්ටුවට පරිවර්තනය කළා.

මේ කියන පෝස්ට් එක එකක් පාසා පලවුණාට පස්සේ මොකද දන්නවද වුනේ. ඒව කියවන එක එකා කියනවා ඒ කතන්දර මංතුමා ම ලිව්ලා මංතුමාම දාගත්තාලූ!!!

අවුලක් නෑ, ඔව්වට සැලෙන්නේ නෑ මං වගේ රියල් පොරවල්.

ඉතිං වැරදිලාවත් හිතන්න එපා මං ඔය උඩ ටයිටලේ දැම්මේ වලියටයි කියලා. නෑ, නෑ, වලියට නෙමේ, සොමියටයි ඒ ටයිටලේ දැම්මේ.

මං මේ කතන්දර ලියන්න පටන් අරං දැං හරියටම අවුරුදු දෙකහමාරක් වෙනවා. මේ කාලය ඇතුලත මං බ්ලොග්කරණය ගැන විවිධාකාරයේ අත්හදා බැලීම් රාශියක් කළා. ඒවා බොහොමයක් මට හිතෙන විදියට සාර්ථකයි. අනිත් ඒවාත් අසාර්ථකමය කියලා කියන්නත් බෑ.

ඒ ඉතිං මට හිතෙන හැටිනේ. මට හිතවත් කියලා පෙනෙන කීප දෙනෙකුටම හිතිලා තියෙන්නේ මං මේ විවිධාකාරයේ බ්ලොග් ලෝකය ගැන කරන පරීක්‍ෂණ වලින් මංතුමාව මංතුමා විසින්ම සවුත්තු කරගන්නවා කියලයි.

ඒකට කමක් නෑ, මගේ අරමුණ දන්නේ මම නේ!

මේ වැඩේ මං කරගෙන යන්නේ කතන්දර කියවන්න පිරිසක් ඉන්න නිසයි. ඔබ සැමට මගේ නොවක් ස්තුතිය හිමිවෙනවා.

කියවලා නතර නොවී කමෙන්ට් කරන අයටත් විශේෂයෙන්ම මට ඇති ආදරේ නිසාම මාව නිසි මගට ගන්න කමෙන්ට් කරන ඇනෝනිමස් ලාටත්, මඩ යැයි සම්මත දේ ලියමින් සිට පසුව තමන්ගේ ගමන් මග මා නිසා වෙනස් කළ ඇනෝනිමස් ආතල්කාරයාටත් මගේ ස්තුතිය!

ඊලඟට, බ්ලොගර් ෆලෝවර්ස් ලා හත්සිය පනස් දෙනාටත්, ෆේස්බුක් එකේ මිතුරෝ 5,000 දෙනාටත් ස්තුතියි. ෆේස්බුක් මිතුරන් සීමාව පැනලා නිසා ලඟදීම අළුත් මූණකුත් අරඹන්නයි ඉන්නේ.

ඒ එක්කම මට මේ කර්තව්‍යය කතන්දර හාමිනේ ගේ සපෝර්ට් එක නැත්තං කරගන්න වෙන්නේ නෑ. ඇයටත් ස්තුතියි.

-කතන්දරකාරයා

ප/ලි
ඒක නෙමේ මං මේ කල්පනා කළේ.

අද මේකත් එක්ක කතන්දර "පන්සිය පනහකුත්" ලිව්වා.

සූ ගාලා ඇනෝලා කීප දෙනෙකුගෙන් විසි වෙන්න බැට කාලා "සූ-විසි විවරනෙත්" ලැබුණා.

බුදු වෙන්න කාලේ හරිද මන්දා?

බුදු වුනත් දැම්ම පිරිණිවන් පාන්න නම් බෑ ගොයියෝ. අනාගතයේ දී "ඒවං මේ සුතං" වෙන්නේ නෑ නේ වෙන්ඩ කතන්දර ලයිස්තුවල කතන්දර තියාගෙන හිටියට.

ප/ප/ලි - Jan 15, 2012 3:50 PM
මේ ලිපිය සුභපැතුම් ගන්න ලියපු එකක් නම් නොවේ!

101 comments:

  1. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. සොඳුරු සිතකින් මිහිරි පැතුමක්!
      ස්තුතියි.

      Delete
  2. Replies
    1. ස්තුතියි.
      බුදු වෙමුද දෙන්නාම?

      Delete
  3. can convert profile to facebook page

    ර්~

    ReplyDelete
  4. මගෙනුත් සුබ පැතුම්...:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අවසර, කුමාරිහාමි!

      Delete
    2. අවසර ඉල්ලන්නේ තව 550 ලියන්ටද? ඔන්න දුන්නා. දැන් ඉතින් පටන් ගමු. :D

      Delete
  5. Congratz! What about Facebook Fan Page? "Kathandara"

    ReplyDelete
  6. සුබ පැතුම් !!!
    550 කිව්වට රියලිම 550ක්ම ඕනි නෑ..ඒ හින්දා නොදැනුවත්වම "ඕක" වෙලා ඇති.. ඕන් ඔහේ ඔහොමම යන්න අරින්න කකා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම 550 ජාතක පොතේ කතන්දර තියෙන්නේ ඊට අඩු ගණනක් මට මතක විදියට.
      ස්තුතියි!

      Delete
  7. සුභ පැතුම්!!
    ඔබ සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රධාන මංසලකුනක් හිතවත් ගුරුවරයෙක්. ඔබට ජය!!

    ReplyDelete
  8. Replies
    1. ස්තුතියි.
      කොහොමද අර ලටපට බ්ලොග් එකේ තෙරාතුරු?

      Delete
    2. ඒක ජයටම යනව.

      Delete
  9. අනිවාර්යෙනම... කතන්දරගෙන් මම ඉගන ගත්ත දේත් බොහෝමයි.....

    සුභ පැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      මං දැක්කා ඉගෙන ගත්තු එක දෙයකද කොහෙද ෆොටෝ එකකුත් දාලා තිබුණා නේද?

      Delete
  10. කුඩා සිංඩියක් වූ බ්ලොග් අවකාශයේ කතන්දර බ්ලොගයට සුභපැතුම්.

    ReplyDelete
  11. අළුතින් එන හැමෝම කොච්චරක් කියලා දේවල් කකා ගෙන් ඉගෙන ගන්නවද..සුභ පැතුම් කකා..1000 ට තව පොඩ්ඩයි :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, අර බිලියනක සේල්ස් කළ අපේ අයියා පොර ගේ ගණිත ක්‍රමයට නම් දැන් 10,000 ට ත් ලඟයි!
      http://kathandara.blogspot.com/2011/10/millions-and-billions.html

      Delete
  12. ගල් ඇති ගඟ සොදුරුවෙනව වගේ ඇනෝ ගල් වලින් කකා අවුස්සන්න අවුස්සන්න සොමිය වැඩියි. ඔහොම යං කකා, ඔහොමම යං ඇනෝ!

    ReplyDelete
    Replies
    1. මං කැමතියි ඇනෝට
      ඇනෝ කැමති නෑ මට!

      Delete
  13. සුභ පැතුම් කකා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් ජයවේවා!

      Delete
  14. මගෙනුත් සුභ පැතුම්...!!! පන්සිය පණස් ජාතක පොතේ තියෙන්නෙ 547 යි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ මං දැනටම බුදුවෙලා ද මන්දා? ස්තුතියි සුභ පැතුමට.
      පැනි පිරේවා (දොඩමේ)

      Delete
  15. සුභ පැතුම් ගුරුතුමා.....

    ReplyDelete
  16. සුබ පැතුම් කසු...!!

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට ස්තුතියි ලොක්කා!

      Delete
  17. සිරාවටම මට කියන්න මුකුත් නෑනෙ..මුකුත්ම අදහසක් එන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔහොම වෙනවා කාලෙකට. මං නං ඔහොම වෙලාවට ගිහින් බණ්ඩක්කා පාත්තියට වතුර ටිකක් දාලා එනවා!

      Delete
  18. මගේ උණුසුම් සුභ පැතුම පිළිගන්න.

    මේක 'ෆයර් ෆොක්ස් ' ඇඩ් එකක් නං නෙමේ, මට බ්ලොග් කීපෙකටම ගොඩ වුනාට ස්ක්‍රොල් කරන්න සහ කොමෙන්ට් දාන්න බැරුව තිබුනා. 'කතන්දර ' ත් එයින් එකක්. කවදාවත් පාවිච්චි කර නොතිබුන 'ෆයර් ෆොක්ස් ' ඩවුන් ලෝඩ් කරගෙන ට්‍රයි කළා බලන්න. එසේ වැඩ නොකර තිබූ ඒවයින් දෙවෙනි එක මේ කරදරයක් නැතුව බලල කොමෙන්ට් එකක් දාන්නෙ.

    ReplyDelete
    Replies
    1. උණුසුම් සුභපැතුම් ස්ටර් ෆ්‍රයි ද, බේක් කරලාද?
      මොනවා වුනත් ස්තුතියි.

      මාත් ගෙදර පාවිච්චි Firefox තමයි.

      Delete
  19. සුභ පැතුම් මගෙනුත්!

    ReplyDelete
  20. කතන්දර සින්ඩියට මගෙං සුභ පැතුම් . . . .

    ප.ලි.
    බුදු වෙන අදහසත් නරකම නෑ . . . . . ඕං මං තමා එදාට කුස තන මිටි අට පූජා කරන්නෙ . . . (ඔතලමද ඕනෙ නැත්තං ඔයාම ඔතාගන්නවද කියල මේලක් එවන්න)

    ReplyDelete
    Replies
    1. තැන්කියු කිව්වා.

      ඔය තනකොල කේස් එකට මං ගල් බමුණෙක්ව හොය හොය තමයි හිටියේ.

      Delete
  21. ක.(ක්).කා ට ජයවේවා..!!!!!
    අඩෝ... තනියම බුදුවෙන්න හුහ්.. වරකොබලන්න....."තොට දෙන්නං තාත්තේ. .හන්දි කැඩෙන්න......" (තාත්තා = බොලොක්ක පියා)

    ඒ.. මොකද්ද අර රාජ් කොලුව කිව්ව කුඩා කින්ඩිය......පුහ්.. .මේකා දාන කින්ඩි හොඳ කුඩා සමහර වෙලාවට පුක නෑ....ජී..ඈ....

    X-Porter

    ReplyDelete
    Replies
    1. ඇක්ස්පෝටර්ටත් ජය වේවා!

      රාජ් ගේ බ්ලොගේට සෑහෙන්න ට්‍රෑෆික් මගේ බ්ලොග් රෝල හරහා එනවයි කියන්නේ. ඒකයි කතාව.

      Delete
    2. මගෙත් දෙවනියට වැඩිම ට්‍රැ‍ෆික් තියෙන්නෙ කතන්දරගෙං

      Delete
    3. මට තුන්වෙනියට වැඩිම හිට්ස් තියෙන්නේ කකාගේ බ්ලොග් එකෙන්.

      Delete
  22. දුර ගමනේ ‍"කතන්දර" බෙදාගන්න කතන්දරකාරයාට සුභ පැතුම්.
    බ්ලොග් කියවන්න හුරු කළාට ‍බොහොම ස්තුතියි.

    ReplyDelete
  23. ප/ප/ලි
    මේ ලිපිය සුභපැතුම් ගන්න ලියපු එකක් නම් නොවේ!

    ReplyDelete
  24. මේ ලිපිය සුබ පැතුම් ගන්න හිතාන ලියවුන එකක් නෙමෙයි විත්තිය දන්නවා.... සුබ පැතුම් එක දිගට වැටෙන්න, ඔය පලවෙනිම කමෙන්ට්කාරියගේ කමෙන්ට් එක බලපෑව ද මන්දා...!!!!

    සිංහල බ්ලොග් අවකාශයේ ගල් මල් සියල්ල සම සිතින් ඉවසන කතන්දරකාරයා හරි අපූරු චරිතයක් විත්තිය කියන්න මට උවමනා වුනත් කාලය පිළිබඳ ප්‍රශ්ණයක් නිසා , “සුබ පැතුම් “ කියල විතරක් කමෙන්ට් කරා.ඒ පිළිබඳව මාගේ බලවත් කණගාටුව.

    ReplyDelete
    Replies
    1. ඒ කමෙන්ටුව සෙත් කවියක් වෙලා නේද? තුති!

      Delete
  25. දැං තමා මෙව්වැක වැඩ කලේ ගොඩක් බ්ලොග් වල කොමෙන්ට් කොටසට යන්ට බැහැ නෙව. මාර ගේමක් දීල කට්ටියගෙ උපකාරෙන් මේක දමා ගත්තෙ ........පොඩ්ඩෙං අමතක වෙනවනෙ Congrats Dear Kathandhara

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් එකේ වෙනස් කං කරනවා ගූගල් මාමා. බලන්න කමෙන්ට්ස් වැටන වෙලාව පවා සිලිකන් වැලියේ වෙලාව ලංකාවේ වෙලාව නොවේ.

      සුභ පැතුමට ස්තුතියි.

      Delete
  26. සුභ පැතුම් අයියේ...

    ReplyDelete
  27. සුබ පැතුම්!

    ඒත් මම හිතුවා කතාව ගලාගෙන ගිය හැටියට, ‘වලියට බර පොරවල්“ කියන එකටත් ලින්ක් එකක් වැටෙයි කොහෙන්හරි කියලා. කො වැටුන්නැනේ....

    ReplyDelete
  28. 550 ට මගෙනුත් සුභ පැතුම් ඔන්න!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා (550ක් වේවා)

      Delete
  29. ෂාහ් මගෙන් සුභ පැතුම් කකා අයියේ ජය වේවා

    ReplyDelete
  30. මගෙනුත් ඔන්න සුබ පැතුම් කතන්දර . හදවතින්ම සුබ පැතුම් . මට හිතාගන්න බැරි ඔබට මේ තරම් කතන්දර කොහෙන් එනවද කියලයි . ඉදිරියටත් කතන්දර සිය ගනනින් ලියවේවායි පතමි ..

    මාතෘකාව දුටුවාම මම මේ බැලුවේ කතන්දර කාත් එක්ක හරි වලියක් දාගෙනද කියලයි . පස්සෙයි මතක් වුනේ කතන්දර කාරයා කියන්නේ වලියට බර නැති සොමියට බර කෙනෙක් කියලා .

    ReplyDelete
    Replies
    1. දවස ගානේ කතන්දර එකතුවෙනවා ලියන්න බැරි තරම් වේගයෙන්.

      ස්තුතියි ජයවේවා.

      Delete
  31. පන්සිය පනස් කතන්දර ජාතකයට මගෙනුත් සුභ පැතුම්... :)

    ReplyDelete
  32. කතන්දර ජාතකයට පාඨක මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ජාතක 550ක් නේ. ස්තුතියි.

      Delete
  33. කාකා අයියේ සුභ පැතුම් 550 ට ..
    මම බ්ලොග් කියවන්න ගත්තේ ඔයාගේ බ්ලොගෙන් තමා ඒත් අද තමා මුලින්ම කොමෙන්ටුවක් දාන්නේ.
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. මුල් කමෙන්ටුවට ගොඩාක් ස්තුතියි.

      Delete
  34. ෆුල්ම රැඩිකල් වගේම ඕපන් බ්ලොග් වලින් ඉස්සරහින්ම තියන බ්ලොග් එකක් කතන්දර කියන්නේ. ඇනොනිමස් ආතල්ගේ කතන්දරකාරයාගේ භූමිකාව ලිපියේ ඒ කතාව හොඳට විස්තර කරලා තියනවා,.. ඉතින් කතන්දර කාරයට මගෙනුත් සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. ජයවේවා!
      සමහරු හිතන්නේ ඒක මංතුමාම ලියාඝෙන කියලනේ!

      Delete
  35. "මේ ලිපිය සුභපැතුම් ගන්න ලියපු එකක් නම් නොවේ!"

    ඒක හින්ඳා සුබපතන්නෙ නැතුව කොමෙන්ටුවක් විතරක් දාන්නං :)

    ReplyDelete
    Replies
    1. හොඳයි, හොඳයි.
      මේ ලිපිය දැම්මේ වෙන අරමුණකින්.

      Delete
  36. කතන්දර ගැන මම දැනගෙන හිටියෙ අපි දාන කිසිම කොමෙන්ට් එකකට උත්තරයක් නොදෙන බුවෙක් හැටියටයි. හරියට අර ගහකට ගලකට කතා කරනවා වගෙ. මෙන්න අද නම් හැමෝටම වගෙ උත්තර දීලා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. Dude,
      බොහෝ විට එක පොදු පිළිතුරක් පමණයි දාන්නේ වෙලාව නැති නිසා.
      තමන් ගේ ඊ-මේල් වලින් කමෙන්ට් දාන අයට පිලිතුරු යවනවා සමහර විට.

      නමුත් සති දෙකකට වරක් පමණ හැමෝටම පිළිතුරු දෙනවා. සමහර විට මසකට වරක් පමණ. අද ඒ වගේ දවසක්. ඊයේත් එහෙමයි.

      මේ දවස්වල නිවාඩුයි නේ!

      Delete
  37. මගෙනුත් සුභ පැතුම්!!!!!

    ReplyDelete
  38. "550 කතන්දර වස්තුව" කියලා ටයිටල් කලානම් අපූරුයි???

    බ්ලොග් ලියන අයගේ කුනුකන්දල් අනික් බ්ලොග් වල ලියන්නේ 'සිංහල බ්ලොග් අවකාශයේ' විතරමද කොහෙද....
    ලාංකික අනන්‍යතාවයද නිසාද මන්ද..

    මොනවා උනත් .... 'ඕල් ද බෙස්ට්' කිව්වා...

    ReplyDelete
  39. කතන්දරට සුබ පැතුම්... මේ වගේ වෙලාවක පොඩි ඉල්ලීමක් තියේ කරන්න.. කතන්දරගේ ඉස්සෙල්ලම ස්ටයිල් එකේ කතන්දර ආපහු ලියන්න කියන එක.. කොහොම උනත් මම මේ බ්ලොග කියවන්න ගත්ත "ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම " කියන පෝස්ට් එකේ ඉදන් ඉතිරි සියලුම පෝස්ට් කියෙව්වෙ, කමෙන්ට් කලේ හරිම ආසාවෙන්.. ජය වේවා..!

    ReplyDelete
  40. sudheera ගේ ඉල්ලීම යොජනාවක් විදිහට ගත්තොත්, ඒ යෝජනාව ඉස්තිර කරමු. මෑතක ලියවුන කතන්දර වලට වඩා පැරණි කතන්දර ඇත්තටම රසවත්.

    ReplyDelete
  41. කතන්දර,
    හෘදයාංගම සුභ පැතුම්. එන්නේ ඉඳහිට කියලා හිතුනත්, මමත් ඔය පන්සිය පනහම වගේ කියවලා තියෙනවා නේ... බුදු උණාට නම් කමක් නෑ කතෝ... රජ වෙන්න වත් ආයෙත් විහිළුවට මිස මහණ වෙන්නවත් නම් එපා...!

    බස්තියන් පයින් යන්නෙ මොකටද?

    ජය

    -ලොකු

    ReplyDelete
  42. This comment has been removed by the author.

    ReplyDelete
  43. පරක්කු වෙලා ආවට සමාව ඉල්ලනවා... මමත් ඉගන ගත්තු දේ ගොඩාක් තියනවා මේ සයිට් එක නිසා... පොස්ට් හෑම එකම කියවන්න උනේ නෑතත් මම කතන්දර පාඨකයෙක්

    ජය වේවා

    ReplyDelete
  44. ජයවේවා... කථන්දර වැඩි වැඩියෙන් ලියන්න හේතු වාසනා වේවා !!!

    ReplyDelete
  45. මම : කකා..! අපි බ්ලොග් තරු වලට කතා කරන්නයි ඉන්නේ...
    කකා : බ්ලොග් වල තරු නෑ මෙයා... ඉන්නේ බ්ලොග් රචකයෝ...

    පැහෙන්න පැහෙන බිමට බරවෙන වී කරලේ උඹට සුභ පැතුම්...

    ReplyDelete
  46. කතන්දරකාරයාගේ 550 දී අකුරු ලෙඩ හොඳ කරගෙන කියවන්න එන්න ලැබුණා.

    තවත් 550 ක් ලියන්න සුබ පැතුම්!

    ReplyDelete
  47. සුභ පැතුම් ක.කා. අයියේ....

    ReplyDelete
  48. 550ට සුබ පැතුම් . . .


    තමන්ට හිතෙන හැටියට ඕන් ඔහේ කතනදර ලියාගෙන යන්ට අනේ . .

    ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්ට කියලා . .

    ජය වේවා . . .

    ReplyDelete
  49. 550 ට 1100 ක් ආවඩා ආයුබෝ වේවා :))

    ReplyDelete
  50. කතන්දර මල්ලිට සුබ පැතුම්! අනෙක් දේවල් ගනන් ගන්ට එපා මල්ලි, ඔන්න ඔහේ ලියාගෙන යන්ට. මම නිතරම කමෙන්ට් නොදැම්මට හැම දාම කියවනවා.

    ReplyDelete
  51. එළ එළ සුභ පැතුම්....

    ReplyDelete
  52. වෙන මොනවා නැතත්, පරණ කතන්දර වලට ලින්ක් දාන සිස්ටම් එක අල්ලගත්තේ ක.ශූ. ගෙන්... නිතරම නොබැලුවත්, කමෙන්ට් නොකලත් ප්‍රවීනයෙක් විදියට ගරු කරන බ්ලොග් එකක් මේක. ගොඩක් අය බ්ලොග් කියන මාධ්‍යය අඳුන ගත්ත එක තැනක් මේක. ඒක නිසා, ක.ශූ ගේ කතන්දර ඉවර වුනු දාකටත් (එහෙම දවසක් එයි ද ඈ ?) මේක නතර නොකර ලියාගෙන යන්න...

    සුභ පතන්නෑ එපා කියපු නිසා... :P ස්තුතියි කියලා කියන්නම්, කරපුවාටත්, කරන්න ඉන්න ඒවාටත්... ජය !!!

    ප/ලි - අර අළුතෙන් පටන් ගත්ත මොනවද ඒවාට නම් අපි ලැයික් ය !!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.