Thursday 3 June 2010

ටැබූ, කතන්දරකාරයා වලිය ෂේප්!


ඔන්න අපි පුංචි කාලෙ පත්තරයක් තිබුණා සත්දින කියලා. ඉරිදට එන සතිපතා පත්තරයක්. හැබැයි ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ. ඒක පබ්ලිෂ් කලේ මට මතක හැටියට මල්ටිෆැක්ස් ල. වැඩිය නැගල ගිය පත්තරයක් නෙමේ.

මට මතක හැටියට ඒකෙ කතෘ සිසිර කුමාර මාණික්කආරච්චි කියල පරණ ලේඛකයෙක්, ලේක්හවුස් එකේ හිටපු පොරක්.

ඔන්න එක සතියක මේ පත්තරේ මුල් පිටුව පුරා තඩි අකුරෙන් හෙඩ්ලයින් එකක් තිබුණ මෙන්න මෙහෙම.

ජේ.ආර්.
ප්‍රේමදාස
හබය
ඉවරයි.


මුළු මුල් පිටුවෙම තිබුණෙ ඔය වචන ටික විතරයි. වැඩි විස්තර ඇතුලෙ පිටුවක.

ඇතුලෙ පිටුවෙත් වැඩි ලොකු ජූසි කතාවක් තිබුණෙ නෑ. ජේ.ආරුයි, ප්‍රේමදාසයි අතර නොහොඳ නෝක්කාඩුවක් තිබුණලු, දැන් ඒක ඉවරලු. සාමාන්‍ය ජනතාවට වැඩි ප්‍රයෝජනයක් ඇති දෙයක් නෙමේ ඒ කතාව.

ඒකටත් එක්ක මෙන්න මේ හෙඩිම බලන්නකෝ.

ටැබූ
කතන්දර
කාරයා
වලිය
ෂේප්!


මේ හෙඩිමෙන් කියවෙන කතන්දරේ මෙන්න මෙහෙමයි.

ඔන්න ලඟදි ඉඳල කතන්දර බ්ලොග් එකේ වැඩිපුර යන්නේ චූ කතන්දර, කක්කුස්සි කතන්දර, නාන කාමර කතන්දර වගේ සාමාන්‍යයෙන් නොකියන කතා.

අපේ ටැබූ සර් සබයට ආවෙ ඔය ටැබූ කතා නොහොත් සාමාන්‍යයෙන් නොකියන කතා කියලනේ. ඉතිං ඕකත් මතක් වෙන්න වගේ ටැබූ දාල තිබුණ පොඩි කොමෙන්ටුවක්, මං ඊයෙ දාපු නානකාමර කතන්දරේ පසු සටහන පෝස්ට් එකට.

කතන්දරකාරයා සාමාන්‍යයෙන් නොකියන කතා දිගටම කිව්වොත් ටැබූ සර් කතන්දර කියන්න පටන් ගෙන කතන්දරකාරයාව බ්ලාස් යවනවලු.

ඕක දැක්ක මං මොකද දන්නවද කලේ? කාලෙකට ඉස්සර ඉඳල හිත හිත හිටපු එක දෙයක් වහාම පටන් ගත්ත. ඒක තමයි ටැබූ සර් කතන්දර බ්ලොග් එකට ප්‍රතිචාර විදියට ලියපු කතා ආපහු අළුත් පෝස්ට් විදියට දාන එක.

අද උදේ එකක් දැම්මා. ඉදිරියටත් දාන්න තියෙනවා. ඊ ලඟට, කතන්දරකාරයා, ඇත්තටම ටැබූ කතන්දර ලියන්නයි යන්නේ.

මේක දැකපු ටැබූ, පොඩි විහිළුවක් නේ කලේ කියලා, කමෙන්ට් එකක් දාලා උදේ පාන්දරම.

ඉතිං:

ටැබූ
කතන්දර
කාරයා
වලිය
ෂේප්!

-කතන්දරකාරයා

4 comments:

  1. අයියෝ අපරාදෙ. හොඳ Taboo කතන්දර ටිකකුයි කතන්දර Taboo ටිකකුයි බලන්න ලෑස්ති වෙලා හිටියෙ.

    ReplyDelete
  2. ඉරිදට එන සතිපතා පත්තරයක්??????????

    කතන්දරත් එක විදිහක ටැබූ කෙනෙක් තමයි...
    ඈයි දන්නවද?
    ටැබූ කතා කියල කියන්නේ සාමාන්‍යයෙන් නොකියන කතා නම්
    කතන්දර කියන කතාත් සාමාන්‍යයෙන් තියා අසාමාන්‍යයෙන් වත් මම දැකල නැහැ...

    ReplyDelete
  3. නෝර්වේ සාම නියෝජිතයන්ට කරන්න තිබ්බ තව කොන්ත්‍රාත් එකක් අත ඇරුණා වගේ

    ReplyDelete
  4. සිසිර කුමාර මාණික්කආරච්චි පරණ ලේඛකයෙක් විතරක් නෙමෙයි, ඒ කාලෙ මේ කතන්දර කාරයා වගේ කතන්දර ලියපු ලේඛකයෙක්. හොයාගෙන කියවන්න හිතෙන පොත් කීපයක් ලියපු කෙනෙක්.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.