Tuesday 1 June 2010

නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ


ඔන්න එක බෝඩිමක නාන කාමරේ අගුල තිබුනේ නැතිලු. හැබැයි කිසි දවසක අත්වැරදීම් වෙලා නෑ. මොකද නාන්න යන අය හැමෝම ඇතුලේ ඉන්න හැම තත්පරේම සින්දු කියන නිසා.

හුඟ දෙනෙක් සින්දු ප්‍රැක්ටිස් කරන්නේ නාන කාමරේ තමා. සමහර විට අද බිහිවෙලා ඉන්න ලොකු ගායකයොත් පොඩි කාලෙ නාන ගමං සින්දු කියල පටන් ගත්තු අය වෙන්න පුළුවන්.

තවත් සමහරු ටොයිලට් යන්නේ පොතක් අරගෙනයි. ඒ නං නාන ගමං කියවන්න නෙමේ. එතනදි අංක දෙක කර්තව්‍යය කරන ගමං කියවන්නයි.

මම නං නානකාමරේ දි, නාන ගමං කරන්නේ කල්පනා කරන එකයි. හිතල කරන්නේ නෑ. ඉබේම කල්පනාවට වැටෙනවා.

අළුත් කතන්දරවලට මාතෘකා හෙමත් හිතට එනවා ඔය වෙලාවට.

ඔන්න ඉතිං පහුගිය දවසක නනා ඉන්න වෙලේ මට ආපි හොඳම සිතුවිල්ලක්.

ගෑනු කෙනෙකුට බුදු වෙන්න බැරිද?

හිතන්න ඉන්නව හොඳ රජ කුමාරියක්. සසර පුරා ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ල ඉන්නව මේ ආත්මෙ බුදු වෙන්න.

ඉතිං ළමයව තාත්තට බලාගන්න දාල, එයා යනව තපසට . චාන්දනී ඇමතිනිය තමයි ගිහින් බස්සන්නෙ. හිතාගන්න පුළුවන්නෙ ඉතුරු හරිය?

මට මේ සිතුවිල්ල ආවෙ විනාඩි දහයක විතර නෑමේ අවසාන හරියෙදියි. නාල ඉවර වෙලා ඇඟ පිහදාන වෙලේ තමයි මේ සිතුවිල්ලෙ හොඳම ජොලි හරිය ඔළුවට සැපත් වුනේ.

ඔය කාන්තා බුද්ධ කතාව ලිව්වට පස්සෙ පුළුවනි නේ, ඒ පසුබිම කරගෙන ජාතක කතා ලියන්නෙ පන්සිය ගණනක්.

බුදු අම්මෝ, බ්ලොග් එකක් අටවගෙන අවුරුදු දෙකක් තිස්සෙම ලියන්න පුළුවනි නේද?

ඇත්තම කියනවනං එහෙම කාන්තා බුදු කෙනෙක් එනවලු. එයා ගෙ පෙරුම් පුරණ බෝසත් කාලෙක නම තාරා දේවි ලු.

ඒ කතාව තියෙන නිසා, මට තියෙන්නෙ පනසිය පනස් ජාතක පොතේ අළුත් වර්ෂන් එකක් ලියන එක විතරයි.

කතන්දරකාරයා
ප/ලි
මෙන්න මං නාන කාමරයේ දී ලියූ නාන කාමර ගීතයක්.

නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ

උදේ රැයින් එමි මා සැමදා ඔබේ සුව සොයා
හදේ නිදන් වී ඇති සිතුවිලි නැගෙයි පොදි කකා
මුවෙන් ගීතයක් වී එන්නට නැගෙයි පොදි කකා

නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ

සැඳෑ කලේ සේවය නිමවී එමි නිවස බලා
නිවා ගතේ වේදනා ඔබ දෙයි සතුට සදා
ඇඟේ වතුර බිඳු ගෑවෙන විට එයි සතුට සදා

නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ

25 comments:

  1. මල් හතයි ජිල් පහයි, ඒක සෝක් සිංදුව.. අපෙත් හිටියා පොරක් නාන වෙලාවට මුළු බෝඩිමටම ඇහෙන්න සිංදු කියන. නිතරම කියන්නෙ මේ සිංදුව තමා. ( තනුව යන්නෙ සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ සිංදුවට )

    කළු කූඹියෝ.. වද දෙන්නෙපා..//
    කලිසමට රිංගාලා ** කන්නෙපා..

    ReplyDelete
  2. ෂාමරුනේ........... ජේ.ඩී කොලුවත් ඉතින් ඕකට ගියහම කොලන්නෙ කෑගහල සිංදු කියනගමන් නටන එක හිහ් හිහ් හිහ් ඒකත් මාරයිනේ............

    මෙන්න විශේෂ නිවේදනයක් කකා අයියා වැසිකිලියේ සිට නානකාමර කතා කියන්න යයි හික්ස්........

    ReplyDelete
  3. වැසිකිලියේ සහ කැසිකිලියේ සිට නාන කාමරයට......................

    කාන්තාවන්ට බුදුවෙන්න බැහැ කියලා තමා මම නම් අහලා තියෙන්නේ. කාන්තාවකට බුදු වෙන්න ඕනේ නම් මුලින්ම කරන්න ඕනේ කාන්තා ආත්ම භාවයෙන් මිදිලා පිරිමි ආත්ම භවයක් ලබා ගන්න අධිෂ්ඨාන කරන් පින් දහම් කරන එකලු.

    කරන එකක් පරිස්සමෙන් කසූ බ්ලොග් අවකාශේ ඉන්නේ මහා සිංහල බෞද්ධයෝ රෙදි කරේ තියන් එයි සංග්‍රාමයකට :) :) :)

    ReplyDelete
  4. වැඩි වෙලා ඉන්න එපා.. මොළේ දියවෙයි.. ඔය වගේ මොළ අපි ආරක්ෂා කරන්න ඕනා...

    මගේ පොඩි මෑන් නාන කාමරේ දොර වහන්නෙ නෑ. හැම තිස්සෙම හොල්මන් කතා බලල ඒකට බයේ.... පොඩි මහත්තය කියන්නෙ මයිකල් ජැක්සන් ගේ සිංදු කෑලි... මයිකල් ගේ ඩාන්ස් කෑලිත් දානව.. බලන්න ලස්සනයි.. හමිනෙයි මායි හොරෙන් බලන්නෙ....

    ReplyDelete
  5. කඩදාසිය තෙමා ගත්තෙ නැතිව සිංදුව ලියා ග්ත්තේ කොහොමද?
    නාන්ට ගියාම හැමෝටම වගේ කතන්දර මතක් වෙනවා. ඒත් නාලා ඉවර වෙලා එලියට ආවම වැඩි ප්‍රමානයක් අමතකයි වතුර බිල දැක්කම (ඇයි කතන්දර මතක් කර කර ඉන්න විට මීටරේ දුවනවනේ)

    ReplyDelete
  6. චු කතන්දරයව බ්ලොග් අවකාශයෙන් එලවමු මා හා එක්වන්න

    ReplyDelete
  7. චු කතන්දරයව බ්ලොග් අවකාශයෙන් එලවමු මා හා එක්වන්න

    ReplyDelete
  8. අර "තරා දේවීගෙ කොම්බුලේ" කියල සින්දුවක් තියෙනවා නේද? මම ඕක ඉස්සෙල්ලම සින්දු පොතක කියවද්දි හිතුවෙ කො යන්න ප්‍රින්ටින් මිස්ටේක් එකක් එතනට එන්න ඕනෙ ක යන්න කියලා :D

    ReplyDelete
  9. ඔය නාන කාමරයෙදිනේ ලෝකයට වැදගත් තියරියකුත් එලියට ආවේ. මතකද ආකිමිඩිස් ? යූරේකා ! යූරේකා ?. කතන්දරඅඅඅඅඅ.. පරිස්සමෙන් !

    ReplyDelete
  10. @Chanaka Aruna Munasinghe...

    අරිසෙන් අහුබුදු මහත්මා ලිවූ මහාරාවණ නම් පොතෙහී(නාට්‍ය පිටපතක්) එන ගීතමය කොටසක්..එය මෙසේ නිවැරදි විය යුතුයි.

    "පොම්බුලේ මගේ පොම්බුලේ..
    තාරා දේවී පොම්බුලේ.."

    මම හිතන විදියට දමිළ භාෂාවෙ වචනයක් තමයි පොම්බුල කියන්නේ..තේරුම සහකාරිය හෝ බිරින්දෑ විය යුතුයි..

    ReplyDelete
  11. @ මාරයාගේ හෝරාව

    මම මුලින්ම කියවපු පොතේ තිබුනෙ කොම්බුලේ කියලා. මම ඕක යාලුවන්ගෙන් ඇහුවම එක්කෙනෙක් කිවුවා කොම්බුලේ කියන්නෙ කළගෙඩියට කියල

    ReplyDelete
  12. /හුඟ දෙනෙක් සින්දු ප්‍රැක්ටිස් කරන්නේ නාන කාමරේ තමා./

    මා දන්නා මහාචාර්යවරයෙක් මේ සංසිද්ධිය පන්තියට ඉදිරිපත්කර හේතුව පහදන්න කියනවා. පොඩ්ඩක් භෞතික විද්‍යාව දන්නවා නම් අමාරු කාරණාවක් නෙවෙයි. ඇයි අපි නාන කාමරේ සිංදු කියන්න මෙච්චර කැමැති?

    /මම නං නානකාමරේ දි, නාන ගමං කරන්නේ කල්පනා කරන එකයි. හිතල කරන්නේ නෑ. ඉබේම කල්පනාවට වැටෙනවා./

    පළමුවැන්න තරම් හිතාගන්න ලෙහෙසි නොවුනත්, අප ෂවර් එකකින් ස්නානය කළායින් පසු ශරීරයට පහසුවක් දැනෙන්නේ හේතුවක් ඇතිව. (සිතිවිලි පහළ වන්නේ, ඒ කියන්නෙ මොළය වඩා හොඳින් වැඩ කරන්නේ ඒ නිසා විය හැකියි.) මෙහි භෞතික විද්‍යාත්මක පසුබිම මොකද්ද?

    (මකරෝ, භාරගන්න පුළුවන් නම් අභියෝගය.)

    ReplyDelete
  13. තාවකාලිකව ශරීරය මත උෂ්ණත්වය අඩුවීම නිසා සන්නායකතාවය වැඩිවේ. සිතුවිලි ( Aka. න්‍යුරෝන අතර විද්‍යුත් සඥා ) ගලා යාම පහසු කරයි.

    -සුනිඳු සුසිනිඳු නෑමකට ..... සුවඳ සබන් වෙතින් පණිවිඩයක්-

    යුරේකා

    ReplyDelete
  14. මම තාමත් ඔය වැඩේ කරනවනේ....සිංදු කියන ගමන් නානවා....වැඩේ මාරු කලාද මන්ද....අවුලක් නෑ...නනා සිංදු කිව්වත් එකයි....සිංදු කිව්වත් එකයිනේ...අද රටේ වැඩි දෙනා නෙදැනම කරගන්නේ සිංදු කියලා නාගන්න එකනේ....හිහී....

    මම පොඩි කාලේ නනා සිංදු කියල ගිය ආතල් එක වැඩිවෙලා දාපු ඩාන්ස් එකට ලිස්සල වැටිල අත එහෙම උළුක් කරන් ඉදල තියේ....

    මේ නරකද අර නාන කාමර ගීතයට නැගල යන බීට් එකක් දාලා පොඩි විසුවල් එකක් හදල සිංදුවක් කලානම්....අනිවා‍ වැඩේ නැගල යනවා....බොරුනම් කරල බලන්නකෝ......වැඩේ අල වුනොත් නිකම්ම නාගන්න පුළුවන්...... හිහී...හිහී....
    :D

    ReplyDelete
  15. @මාරයා..

    බොස්.. මහ රාවණ ද .. මට මතක සක්විති රාවණ වගේ නාට්‍යයේ නම....

    ReplyDelete
  16. මමත් අහල නම් තියෙන්නේ කාන්තාවකට බුදුවෙන්න බැහැ කියලා.හ හා ඒවයෙන් කමක් නැ.බෝසත් තාරා දේවි ගේ කතාව කියමු බලන්න.. :P :P

    ReplyDelete
  17. කේ කේ සමන් කුමාර මහත්තයගේ පොතක තියනවා කාන්තාවක් බුදු වෙච්ච කතාවක්. මතක හැටියට පොතේ නම "නේරංජනේ ඉස්නානේ"

    ReplyDelete
  18. ජෛන ආගමේ උතුම්ම තත්වය වෙන කේවලී තත්වයට පත්වෙන්නත් කාන්තාවකට බැහැ කියලයි කියන්නේ. ඒකට හේතුව කාන්තාවට දිශාම්බර ව්‍රතය ආරක්ෂා කරන්න බැරි එක.

    ඒකෙත් කියන විදිහට කාන්තාවන් ශ්වේතාම්බර ව්‍රතය ආරක්ෂා කරලා පිරිමි ආත්මයක් පතලා පිරිමියෙක් වෙලා දිශාම්බර ව්‍රතය ආරක්ෂා කරලා කේවලී වෙන්න කියලා.

    දැන් කට්ටිය comments දාන්නේ ධර්මය ගැන :) :) :)

    ReplyDelete
  19. මමත් ජනප්‍රිය නාන කාමර ගායකයෙක් :D

    ReplyDelete
  20. නාන ළිද ... නාන කාමරේ වුන නිසා තමයි මේ හදි ඔක්කම...
    හා නැද්ද මම අහන්නේ....
    කවුරු බුදු වුනත් නිවන් දකින්න බැරි අපට මහා ගැටලුවක්...
    ඇයි ඉතින් එක වෙසක් පෝයක් මදිවට තව වෙසක් පෝයක් එනව නේ....

    ReplyDelete
  21. මාත් ඉස්සර නාන කාමරේ දී සින්දු කිව්වා. දැන්ං වැඩියම කරන්නේ කල්පනා කරන එකයි. ඔය සින්දුවත් හිතේ ලියලා ගෙන එලියට ඇවිත් කෙලින්ම ටයිප් කරපු එකක්.

    සියළු දෙනාටම ස්තුතියි.

    අනේ මට වෙලාව තිබුණ නම් එක එක්කෙනාට වෙන වෙනම උත්තර බඳිනවා.

    ReplyDelete
  22. නාන කාමරේ කම්පනා කරන එක නම් මමත් කරනව. ඒක නෙමෙයි, අර ටබූ කිව්ව දේවල් වලට කවුරුත් හේතු දන්නෙ නැද්ද???

    ReplyDelete
  23. attama kiyanawaa nam kaantaawakata budu wenna baa. eth bodhisathwa kaala waladi kaanthaawak wenna puluwan. mama ahala tiyena hatiyata nam buddhathwaya labana bhawayedi purushayek widiyatayi ipadenne.

    ReplyDelete
  24. හිහි මරු සිංදුව..

    ReplyDelete
  25. This comment has been removed by a blog administrator.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.