Sunday 28 March 2010

Akorn ලගෙ අපේ දිව්‍යලෝක ගමන් විස්තරේ : One day trip to heaven - Travelogue


මේ සේරම වුනේ අර ඒකෝන් කියන සින්දු කියන පොර හින්දනෙ. පොර ගෙ මීලඟ වීඩියෝ ක්ලිප් එක ෂූට් කරන්න යන රත්නපුර කලවානෙ පන්සලේ බුදු මැදුරෙ ඇඳල තියෙන දිව්‍යාංගනාවො දැක්ක දවසෙයි මට මේ දිව්‍යලෝකෙ ගමන සෙට් වුනේ.

කවියෙන් විස්තර කෙරෙන මේ කතන්දරේ මුල් කොටස මෙන්න මෙතන.

දෙවන කොටස මෙතනින් බලන්න.

අද තුන්වෙනි කොටස.

දිව්‍යලෝක සැප කියන කතාව අහල තියෙනව නේද? නමුත් ඕකෙ නියම තේරුම දන්නවද? මං එදා දිව්‍යලෝකෙ යනකම්ම හිතං හිටියෙ ඔය ෆුල් ඔප්ෂන් මොන්ටෙරෝ එකක යන එක, ඩයලොග් ටී.වී. වැලිවු ප්ලස් බලන එක, වීඩියෝ ෆෝන් එකක් පාවිච්චි කරන එක, ඉඳල ඉඳල හරි ජොනී වෝකර් එක්ක වෝක් එකකට යන එක වගේ දේවල් තමයි දිව්‍යලෝක සැප කියන්නෙ කියල.

ඇත්තටම කතාව තේරුණේ එහෙ ගිය දවසෙයි!

දෙව් ලොව සැප කියන එම යෙදුමෙහි අරුත
නිසැකව පසක් විය දෙව්පති දුටු මොහොත
සුරඹුන් සත් දෙනෙකු ගේ සුකොමල ලලිත
කම් සුව සිතූ ලෙස ලැබ ඔහු කල් යවත

අන්න දිව්‍යලෝක සැප! දිව්‍යරාජෝත්මයො කියන්නෙ ඔය මනුස්ස ලොකේ ඉන්න රජවරු වගේ ද?

***

මාත් ඉතිං දිව්‍යරාජෝත්මය ගෙ ධවල මන්දිරය පැත්තේ ගිය එකේ නිකං පැත්තකට වෙලා ඉන්න ඕනැ නෑනෙ කියල හිතල පොර ගෙ පõඬුපුල් ආසනේ පැත්තට ගිහින් පොඩි සැලියුට් එකක් දැම්ම.

ලද අවසරෙන් ගොස් මා දෙව්පතිඳු බලා
එකහත් පස්ව ඉඳිමින් ආචාර කලා
දෙව්පති පඬුපුලෙන් මදකට ඉවත් වෙලා
මධුපානෙකට මට ආරාධනා කලා

***

අන්න නියම දිව්‍යරාජෝත්තමයො! අනං මනං නෑ කෙලින්ම පොඩ්ඩක් සප්පායම් වෙන්න මට කතා කළානෙ! කියවල බලන්නකො එතන තිබුණු බෝතල් ජාති ටික විතරක්. නිකං තිතට මත පාටි එකක් වගේ.

කළු ලේබල ජොනී වෝකර්ලගෙ බීම
වොඩ්කා ගිනස් ජින් ෂැම්පේන් හැම දේම
කැවියා පොකිරිස්සො සහ තව රස කෑම
පිරිලා තිබුනි නැත අඩුවක් කිසි සේම

***

ඉතිං අපි දෙන්නම පොඩි ෂොට් එකක් වක්කර ගෙන පොඩ්ඩක් සෙට් වුනා. එදා දිව්‍ය ලෝකෙ ලොකු බොස් ගෙ ගෙදර පොඩි පැදුරක්. ගායකයො කලාකාරයො ප්‍රබුද්ධයො, සුප්‍රබුද්ධයො එතන වැහි වැහැල හිටිය.

ජින් සහ ටොනික් මද පමණින් දමාගෙන
දෙහි පෙත්තකුත් එහි කොනකින් ඔබාගෙන
දෙවි ඇරයුමෙන් පැදුරක දණ නමාගෙන
සාජ්ජයක් දැමු වෙමු රස විලෝපන

ඒ පැදුරෙ විස්තරෙයි, එතනින් පස්සෙ මොකද වුනේ කියල හෙට සේරම ලියන්නං, අනිව ඩෙෆා!

-කතන්දරකාරයා

ප/ලි:
අවසාන කොටස මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2010/03/day-trip-to-heaven-last-episode.html

21 comments:

  1. සිරාවටම කතන්ද‍්ර කාරයගේ කථාටික නම් උප‍රිමයිZz...
    ඉක්මනටම ඉතුරු ටිකත් අප්ඩේට් පාරක් දාන්නZzz...

    ReplyDelete
  2. ah sorry 8denek nemei 7denek . . .

    ReplyDelete
  3. "සුරඹුන් සත් දෙනෙකු ගේ සුකොමල ලලිත
    කම් සුව සිතූ ලෙස ලැබ ඔහු කල් යවත"

    අපිට මේ එකෙක් එක්ක වත් ඔලුව බේරගෙන ඉන්න බැරි කොට මේ පෝර අටක් එක්ක මොන දුකක් විඳින්න ඇත්ද . . . . උඹට ෂුවර්ද ගියේ දිව්ය ලෝකේ කියලා . . ? හික් හික්

    ReplyDelete
  4. පුල් ආතල්.. හි හී.. කොහොම හරි අන්තිමට බෝතලයක් සෙට් වෙනවම තමා..

    ReplyDelete
  5. දෙවු සුරබඹුන් පිරිවර පිරිවරා ගෙන
    සිටියට කමක් නැහැ නුඹ ඇස් අයාගෙන
    යළි එන දිනට ඔබ මනු ලොව බලා ගෙන
    ගෙනු මැන මටත් පරසතු මල් නෙලා ගෙන

    ReplyDelete
  6. සොරො, දුකා, ගිහාන්ඃ
    තෑන්ක්ස්. හෙට අවසාන කොටස.

    ReplyDelete
  7. 7 දෙනෙක් ඉන්නකොට කම් සැප කෙසේ වෙතත් උන්ගේ රණ් ඩු බේර බේර ඉන්න තමා වෙන්නෙ. අර දුකා කිව්ව වගේ අපට මේ එකක් එක්කත් බේර ගෙන ඉන්නෙ අමාරුවෙන්. 7 ක් කොහොම ආම්බාන් කොරන්නද ? කාන්තාව ස්වභාවයෙන්ම කටු අත්තාකාරියි නෙ. පැටලෙන්නමයි බලන්නෙ. 7 දෙනෙක් තියාගත්තොත් ඉතින් කෙස් ටික උගුල්ල ගන්න තමා වෙන්නෙ.

    ReplyDelete
  8. මේ කතන්දර කාරයා දැන් නියම කයි කතන්දර කාරයා වෙලා. කයිය කයියක්ම ගානට ගිහින්. බැළුවම අපේ කට්ටියට මේ ගෑණු පරාණ හත අටකුයි බෝතල් ටිකකුයි පෙන්නන එක ෂුවර් ඈන්ඩ් ෂොට් වැඩක් විත්තිය අළුත් කතාවක් නොවෙයි.

    ඔහොම හිතුවම අර අකෝන්ද එ​කෝන්ද අලහකෝන්ද කියන කෝනංගියා එන එකට ලංකාවෙ මතුවුනේ සාධාරණ වි​රෝධයක්. මොකද උන් කරන්න ගියේ අපේ අරක්කු අපටම විකිණිල්ලක් නිසා.

    කතන්දර කාරයාගේ මේ කවි ටික සංදර්ශනාත්මකව ඉදිරිපත් කලොත් කොහොමද? මට සෑහෙන්න ෂුවර් මේ කතන්දර නතර වෙන්නෙ ජනපති උපදේශක කෙනෙක් වෙලා....

    ReplyDelete
  9. මම අපායට ගිය අතරෙ කතන්දර කාරයා දිව්‍යලෝකෙ ගිහිල්ලා නොවැ. හැබැයි දිව්‍යලෝකෙ විස්තර කියන්න ගිහින් ගමරාළ දිව්‍යලෝකෙ ගියා වගේ කර ගන්න හෙම එපා ඕං

    ReplyDelete
  10. හා හා....ඔය නෑ කියල කිව්වට කුට්ටි කරන්නේ..... :)
    මොනව උනත් කතාව එල. ඊ ලඟ කොටහත් බලන්න එන්නම්කො.

    ReplyDelete
  11. @ වත්,
    හදිසියෙ යෙදුණු ගමණකි මා එදින ගියේ
    ඉන්නට නොම හිතුණි සුතනඹු මෙහි තනියේ
    පරසතු මල් වඩම නැත මට හිමි වුයේ
    අම පැන් බිඳක් බීලයි යලි සිහි ලැබුයේ

    ඒකත් හොඳ කතන්දරයකි. දවසක ලියන්නං!!!

    ReplyDelete
  12. @ මකරා (චානක)
    කම්මලේ හිටි උන්ට අපාය කජ්ජක්ද?

    ReplyDelete
  13. @ තරිඳු
    කටුඅත්තකාරී කියන්නේ අර යතාවාදී තතාකාරී එකේ කාන්තා වර නැගුම නේද, අවසර?

    ReplyDelete
  14. ලොකු
    අපේ අරක්කු හැබැයි, විස්කි බෝතල් වල දාලා....!!!
    උපදේශක තනතුරඃ If one is given the opportunity to ones own country, how can one refuse such an honour!

    ReplyDelete
  15. @ අනුරාධ
    කුට් කරනවා නෙමේ, වෙලාව පිළිබද ගැටළුවක්. මේ බ්ලොග් කෙරුවාවට, අවසකට පැය දෙකක් විතර යනවා දැනටම!!!

    ReplyDelete
  16. අපෝ 7 ඉද උඹට හොදරම ෂුවර්ද ඔයා ගියේ දිවිය ලොකෙට කියලා.මොකෝ මෙහෙ ඉන්න සමහර අයට 70 ක් විතර අගනුන් ඉන්නවනේ. දියවන්නාව පැත්තට ගියානම් කට්ටියව හොයා ගන්න තිබුණා.

    එලකිරි පොස්ට් එකක් මච්ං

    ReplyDelete
  17. වෙරි නයිස්.. නියමයි!!!!!!

    ReplyDelete
  18. //අම පැන් බිඳක් බීලයි යලි සිහි ලැබුයේ//
    මේ ගැන කතන්දරයක් ලීව නේද ? ලින්ක් එක දෙන්න බැරිද?

    ReplyDelete
  19. මේ වගේ ඒවා ටිකක් වැඩි පුර ලියන්ඩෝ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.