Wednesday 25 January 2012

රත්නායක මහත්තයාගෙන් රමණී නෝනා ට වැදගත් උපදෙසක් - Ramani gets an important advice


අර තිලොවට තිලක වූ, ශාඛ්‍ය සිංහ වූ, සමන්ත භද්‍ර වූ, කරුණා නිධාන වූ, මෛත්‍රී නිවාස වූ, ත්‍රිභූවන චුඩා මාණික්‍යයක් බඳු වූ අප මහා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කාලේ ඒ පළාතේ හිටිය එක්තරා කෙල්ලෙකුට කසාද බඳින්න කලින් දවසේ තමන්ගේ තාත්තණ්ඩිගෙන් "ඇතුලත ගිනි පිටත නොදෙනු, පිටත ගිනි ඇතුලත නොදෙනු!" කියලා මොලේ කොලොප්පං වෙන ක්‍රිප්ටික් උපදෙසක් ලැබුණු බව කියවෙන පුරාණ කතන්දරේ බුද්ධාගම පාඩමක දී වගේ අහලා තියෙනවාමතකද?

මතක නං කියන්න බලන්න, කවුද එහෙම ඒ උපදෙස් ලැබූ කෙල්ල?

විශාකා ද,
නැත්තං බන්දුල මල්ලිකා ද?

ඔය දෙන්න ගෙන් කෙනෙක් මිස අපි අඳුණන රමණී නෝනා නම් නෙවෙයි.

මොකද රමණී නෝනාට ඕකම නොවුණත් ඔයිට ලඟින් වගේ යන ජාතියේ උපදෙසක් දුන්නේ ඇත්තටම ඇගේ පෙම්බර රත්නායක මහත්තයා යි. ඒ මොහොතේ මේ ලියන මාත් එතන හිටියා.

මෙන්න මේකයි සීන් එක.

ඔන්න දැන් කාලෙකට ඉස්සර දවසක හවස් වරුවේ ගෙවල් ලඟ කඩමණ්ඩිය පැත්තට ගියා හාමිනේයි, අපේ දෝණියි, මායි. හරියටම ඒ වෙලාවේම රත්නායක පවුලත් කඩේ ඇවිල්ලා. ඒ මදිවට අපි දෙගොල්ලම අඳුණන දම්මිත් ඇවිත් හිටියා.

ටවුමේ සතොසේ හරියේමයි දම්මි ලා ගේ ගෙදර තිබුණේ. යන ගමන් තේකක් බීලා යන්න කියලා එයාගෙන් ආරාධනාවක් ලැබුණා.

"ඇනි ටයිම් ටී ටයිම්!" කියල කිව්වනේ ඩිල්මා-මා. ඉතිං ඔන්න අපි දෙගොල්ලොම ගොඩ වැදුණා දම්මි ගේ ගෙදරට.

ඉස්සෙල්ලාම මාරී බිස්කට්. ටිකිරි එක නෙමේ හොඳ ලොකු සයිස් එක.

ඊට පස්සේ නයිස් බිස්කට්. ඇතුලේ සීනි මදිවට උඩිනුත් සීනි දාලා තියෙන නිසා කන කොට හරිම නයිස්.

දැන් ඔන්න තේ හදන වෙලාව ආවා.

"ඕගොල්ලෝ සීනි කොහොමද බොන්නේ අඩු සීනි ද, සාමාන්‍යද, වැඩි සීනි ද?" දම්මි ඇහැව්වා. අපේ කාල් අංකල් වගේ තමයි දම්මි ගේ කතාව.

අපි සේරටමත් එක්ක උත්තර දුන්නේ රමණී නෝනා.

"රත්නෙටයි මටයි සීනි හැඳි එක ගානේ දාන්න දම්මි. කතන්දර ජෝඩුවට නම් දෙකහමාර ගානේ දාන්න."

කතන්දර හාමිනේට මොනවා හිතුනද මන්දා. මට නම් හිත යටින් හොඳටෝම හිනා ගියා. ඒත් අපි මොකුත් කීවේ නෑ.

කතා කළේ රත්නායක මහත්තයා විතරයි.

"මේ රමණී, අනුන්ගේ සීනි ගණං බලන්නේ නැතුව ඉන්නවද ඔයා?"

රමණී නෝනා ඊට පස්සේ කට ඇරියේ තේ එක බොන්න විතරයි!

-කතන්දරකාරයා

ප/ලි:
මං නං රමණීගේ වැඩේ දැන් ඇනෝනිමස් ලා ට දීලයි තියෙන්නේ!

(image: http://gordonbruce-modernartwork.com/ANITA-INVERARITY-ARTIST)

73 comments:

  1. විසාකාව මෙයා විසාකාව, එයාට තමා ඔය උපදෙස දුන්නෙ..

    ඉතිං දැන් කකාගෙ සීනි ගාන හරියටම දන්නවැයි ඇනෝලා..?? බලාගෙන වැඩියෙන් සීනි දාලා එකේක අසනීප හැදෙයි, තේ එක පරෙස්සමෙන් බොන්න.. :D

    ReplyDelete
    Replies
    1. "බන්දුල ප්‍රේමී සිටු කුමාරී
      පංච කල්‍යාණී මල්ලිකා දේවී"

      බන්දුල මල්ලිකාවට නේද බුරා ඕක කීවේ?

      Delete
    2. දැන් ඇනෝට විරුද්දව යුද්දයක් යන වෙලාවේ කතන්දර ප ලි . කැල්ල දැම්මේ හිට්ස් ගන්න - comment බලාගෙන එහෙම නෙවෙය්.
      මොනවා උනත් කතන්දර නම් සමහරු වගේ ඇනොලගේ තර්ක වලට මුණ දීගන්න බැරුව බ්ලොග් එකත් වහල දාල පැනල යන්නේ නෑ .... එකනේ අපි ඔච්චර කතන්දරට ආදරේ ...

      Delete
    3. @Buratheno
      මට ඔය උත්තර දෙකේ ප්‍රශ්ණ හරියට පැටළෙනවා. විශාකාව වෙන්න ඕනෑ!

      ඇනෝලා සීනි ගාන බලාගත්තාවේ, මට මොකෝ!

      Delete
    4. @ seetha
      මං ඇනෝලාටත් ඒ වගේම ආදරෙයි.

      අපි ඇනෝට ඇනෝ අපිට!

      Delete
    5. @තිස්ස අයියා,

      විසාකාවට පූර්ණවර්ධන සිටුතුමා කිවුවය කියලා තමා මටනං මතක.. ආයෙමත් කියවන්න ඕන..

      Delete
    6. @තිස්ස දොඩන්ගොඩ
      නැහැ අයියේ විශාඛා සිටු දුව ට කියල මට හොඳටම විශ්වාසයි... කොච්චරවත් විශාඛා ගැන රචනා කවි අනම් මනම් ලියන්න උනානේ ඉස්කෝලෙදි :D :D

      @Buratheno
      විශාකාට එයාගේ තාත්ත ධනංජය සිටුවරයා කිව්වේ. පූර්ණවර්ධන කියන්නේ විසාඛා ගේ සැමියාට.

      Delete
    7. ඉෂ්ථූතියි වැරැද්ද හැදුවට.. මතකෙ දුරුවල වේගෙන යනවා.. :)

      Delete
  2. ලස්සනට කන අත ගාලා තියෙනවා.. අන් අයටත් ආදර්ශයක්ම වේවා...

    ReplyDelete
    Replies
    1. නොමිලේ ආදර්ශ සපයනු ලැබේ! විමසන්න මාතලන් බාරේ.

      Delete
    2. මාතලංට බාර් එකකුත් තියනවද ????

      Delete
  3. ඔව් විශාඛා සිටු දේවිටනේ එහෙම කිව්වේ...
    දැන් අර පින්තුරේ ඇලිස් ගේ දෙපැත්තෙන් ඉන්න පිස්සු තොප්පියා සහ මාර්තු හාවා දෙන්නගෙන් කතන්දර කව්ද කියන්න? :D

    ReplyDelete
  4. //
    ප/ලි:
    මං නං රමණීගේ වැඩේ දැන් ඇනෝනිමස් ලා ට දීලයි තියෙන්නේ!//

    අන්න කතන්දරගෙ ටිකිරි පේරා මොළේට තේරුණා. ඇනෝනිමස්ලා අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව ඉන්නව නම් කොයි තරම් හොඳද නේද? එතකොට තමන්ගෙ පට්ටන්දරේ දිග ඇරගෙන, "අනේ චෝයි අයියා/මාමා/මෙයා..." කියල කමෙන්ට් දාන නංගිලා/අක්කලා/ඇන්ටිලාගෙ කමෙන්ට් ටිකත් බලලා හිත සන්තෝසෙන් ඉන්න පුළුවන්නෙ. ඔක්කෝටම කෙළ වෙන්නෙ මේ ඇනෝල අනුන්ගෙ සීනි කරන්න ගියාමනෙ....ඊරිසියාකාරයො!

    මං හිතන්නෙ අපේ ජනාධිපතිතුමාත් ඔහොම හිතෙනවා ඇති මේ රටේ ජේ. වී. පී. කාලකණ්නි ටික නැහ්නං කොයි තරම් චෝයිද කියලා.

    ReplyDelete
    Replies
    1. මං ඇනෝලා ට මුළු වැඩේම බාර දීලා නේ තියෙන්නේ අනං මනං නැතුව.
      අපි ඇනෝට ඇනෝ අපිට!

      Delete
  5. හොඳ වැඩේ රමණිටත් අනුන්ගේ සීනි කරන්න යනවාට....:DDD

    ReplyDelete
    Replies
    1. රමණී නෝනාට වලි එපා හරිය?

      Delete
  6. රමණි ඒ වෙලාවෙ කට පියාගෙන හිටියට පස්සෙ ආපහු කිරන්න ඇති . ඕවා ජන්ම ගති .
    …අමාරුයි අත්හරින්න ..

    ReplyDelete
  7. අනුන්ගේ සීනි කිරන්නැතුව...... බෑ .... නිකන් කහනවා වගේ....

    ReplyDelete
    Replies
    1. නරකයා කියන්නේ නිකංයෑ!

      Delete
  8. අනුන්ගේ සීනි කිරීම සහ ගණන් බැලීම අතර වෙනස තේරුනේ අද!

    ReplyDelete
    Replies
    1. මේවා හැමදාම නෑ, හැම තැනම නෑ!

      Delete
  9. මට තියෙන ප්‍රස්නෙ ඇයි ඒකට සීනි කිරනවා කියන්නෙ. සීනී කිරන්න අමාරුද?

    ReplyDelete
    Replies
    1. අනුං ගේ සීනි අපි කරින එකයි ප්‍රශ්ණය.

      Delete
  10. කතන්දර අනොල තරහකරගන්නද යන්නේ
    “We are Anonymous. We are Legion. We do not forgive. We do not forget. Expect us.”
    හරිය .... !!

    ReplyDelete
    Replies
    1. අපෝ නැ, මම ඇනෝලාට, ඇනෝලා මට!

      Delete
    2. Anonymous means "nameless", "unknown" or "no identity". So why worry????

      Delete
  11. විදලා තියෙන්නේ ඉලකෙටම ....:D වැදිච්ච කෙනෙකුත් ගොඩවැදිලා තියෙන්නේ අපිට කලින්ම නේද කාකා ...

    ReplyDelete
    Replies
    1. අවංකවම කියනවා නම් මේක කලින් ලියපු කතන්දරයක්. ප/ලි කෑල්ල විතරයි දාන්න කලින් එකතු කලේ.

      මං කතවදත් ඇනෝලාට ආදරෙයි.

      Delete
  12. රමණී වගේ ඇන්ටි කෙනෙක් අපේ උඩහ ගෙදරකත් ඉන්නේ .. දවසක් දානේ ගෙදරක ගිහින් මම දානේ කාලා අයිස්කිරිම් කෝප්පයක් ගත්තා ඒක දැක්ක රමණි වගේ ඇන්ටි මගෙන් ඒක උදුරලා අරං පුතා මේ කිරි එක ඔයාට අසනීපයි කියලා මට අම්මා කීවා කියලා මට බලෙන් කිරි කොප්පයක් දීලා ගියේ නැතෑ

    මම කල්පනා කලා මට තියන ලෙඩේ මොකද්ද කියලා එතකොටයි මම දැක්කේ කුස්සියේ වාඩිගෙන මගේ අයිස්කිරිම් එක ගිල දාල රමණි වගේ ඇන්ටිගේ පොඩි එකාව ..ඒ කියන්නේ මුං ප්ලෑන් කරලා මගේ අයිස්කිරිමට විද්දා ..

    මොකද මන්දා මේක කියෙවුවාම මට මතක් වුණේ ඒ කතාවමයි . අනුංගේ සීනි කිරන්න යන එක නම් කොහෙත්ම හොඳනෑ තමා .ඔය කීවට මගෙත් ඔය පුරුද්ද ලාවට තියනවා . ඒ ගැන පස්සේ වෙනම කීවානම් හොඳයි ..

    ReplyDelete
    Replies
    1. අයිස් ක්‍රීම් වගේ සඳරූ කිරි පැණි?
      මී කිරි ගැන ඇන්ටි හොඳට දන්නවා ඇති. අපේ රත්නායක මහත්තයා වගේ.

      http://kathandara.blogspot.com/2010/05/blog-post_21.html

      !!!

      Delete
  13. කකා ගේ කතාවත් ඇත්ත තමයි.

    ඒත් ඇනෝලා නැතිනම් පෝස්ටුවකට වැටෙන කොමෙන්ට් ටිකත් ජිල්බෝල හොද්දක් වගේ වෙනවා නේද.

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ, මගේ අවුලක් නෑ ඇනෝ ලා එක්ක. ඒකනේ ඔය ප/ලි යේ තියෙන්නේ.

      Delete
  14. ජිල් බෝල හොද්දක්...හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. අර ඔබී නැති දවස් වල උයපු ඒවට වඩා රහ ඇති.

      මෙන්න ඇටබෝල හොද්දක් හදන හැටි.
      http://www.indiacurry.com/lamb/curriedtesticles.htm

      රහ ඇති!

      Delete
  15. කතන්දරගේ කතාව හොඳයි... අපේ පැත්තෙත් ඉන්නවා ඔය වගේ අනුන්ගෙ සීනි කිරන ඇන්ටියල ටිකක්.. එක එක්කෙනාගේ හැටි තමයි අෆ්ෆා.. මකල හදවන්නයැ???

    සඳරු අය්යත් ඒ අස්සේ කතාවක් දාලා නේ.. පව් වැඩේ අෆ්ෆා මොනා උණත්!!!

    ReplyDelete
    Replies
    1. සඳරුට නං හරිම දුක්බර වැඩේ වෙලා තියෙන්නේ!

      Delete
  16. මට මතක් උනේ ,හැමදාමත් අනුන්ගේ සීනි කිරන ,හංදියේ කඩේ මුදලාලිගේ කැහැටු ගෝලයා.

    ReplyDelete
  17. මට මතක් උනේ ,හැමදාමත් අනුන්ගේ සීනි කිරන ,හංදියේ කඩේ මුදලාලිගේ කැහැටු ගෝලයා.

    ReplyDelete
  18. ethakota K.K. kawadawath anunge sini kirapu katha nathida ???

    ReplyDelete
    Replies
    1. අපෝ ඇයි නැත්තේ, මොකද අර උඩින් ඕනයා කියලා තියෙනවා වගේ සීනි කිරීම මානව හිමිකමක් නේ!

      Delete
  19. විශාඛාව ට තමයි එහෙම උපදෙසක් ලැබුණේ...
    ඒත්, මෙතන රමණි ඇන්ටියා දුන්න ගින්න මොකද්ද??
    මං ටියුබ් ලයිට් ද මන්දා!!! (**ඔලුව ට ටොකු අනින ගමන්**)

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. රමණී දුන්නු ගින්දරක් නෑ!

      ගින්දර දෙනවා කියන අද ව්‍යාවහාරයයි, එදා අවුරුදු 2500කට කලින් ඉන්දියාවේ ව්‍යවහාරයයි වෙනස්.

      විශාකාට ලැබුණු උපදෙසේ අරුතේ සාධාරණීකරණිත අදහස එකිනෙකා ගැණ තොරතුරු අන්අය සමග කියන්න එපා (ඕපාදූප) කියන එකයි.

      Delete
    2. ඕකෙ තේරුම ඒක නෙවේ,
      ගෙදර ප්‍රශ්න පිට අයට කියන්න එපා කියන එක,
      එතකොට මනුස්සයත් එක්ක ප්‍රශ්න ඇති වෙනවනෙ,
      විශාඛාව කියන්නෙ සාමාන්‍ය කෙනෙක් නෙවේ,
      බොහොම පින්වන්ත කෙනෙක්,
      එහෙම කෙනෙක් පහල වෙන්නෙ එක බුද්ධ සාසනයකටම එක්කනයි.

      Delete
  20. කකා ඇනෝලට දීල තියන ටාස්ක් එක එසේ මෙසේ එකක් නෙවේ...
    හැබැයි රමණී නෝනාට නම් මහත්තයා කියපු එක පට් ගාලා මොලේට වැදුනා...

    ReplyDelete
    Replies
    1. හිත හොඳ කමටයි ඒ කට වැරදුනේ.

      Delete
  21. අනුංගෙ සීනි කිරන්නෙ නැතුව කොහොමද ???? ඒක මූලික මිනිස් අවශ්්‍යතාවක් නෙව

    ReplyDelete
    Replies
    1. මුලික මිනිස් මෙව්වා එකක්නම් ඉතින් කමක් නැහැ... කිරමු කිරමු

      Delete
  22. දැන් මේකේ කතන්දර නෝනට හිතිච්ච හරිය දැම්මේ නැත්තේ ඇයි.
    මොකද ක.ක. ට ගෙදර ගියාට පස්සේ ඒ ගැන සවිස්තර වාර්තාවක් ලැබෙන්න ඇතිනේ වෙච්ච සිද්ධිය ගැන

    ReplyDelete
    Replies
    1. මේ කතාවට දැන් අවුරුදු දහයකට වඩා කල් ගිහින්. මට විතරයි මතක, අනිත් අය අමතක කරළා!

      Delete
  23. තේ බොන්න විතරයි කට අරින්නේ....පව්...

    ReplyDelete
    Replies
    1. රමණී මෙතනදී හැදුවේ අවංකවම දම්මිට උදව් කරන්නයි තේ හැදීමේ ක්‍රියාවලියට.

      අංකල් කාල් නම් සීනි ගාන අහනවා තමන්ට කැමති ගානක් දානවා.

      Delete
  24. කස්ටිය ගියට පස්සේ කට විතරක් නෙවේ .. ඇරලා බනින්න ඇති.. හිකස් !

    ReplyDelete
    Replies
    1. අම්මපා රමණී නෝනා කාටවත් බනිනවා මං ජීවිතේට අහලා නෑ!

      ආණ්ඩුවට තියා වැස්සට, අවුවටවත් බණින කෙනෙක් නෙමේ එයා!

      Delete
    2. අන්න නියම මිනිස්සු,
      දාන්නකො තවත් මෙවන් රමණි නැන්දගෙ හොඳ ගතිගුණ තියන කතා..

      Delete
  25. ඒ වෙලාවෙ රමණි නෝනගේ මූණ බලා ගන්න තිබ්බ නම් සුපිරි....:D

    ReplyDelete
    Replies
    1. මොනවද ඉතිං සීනි අඩු තේ බොනකොට කට ඇඹුල් වෙනවානේ!

      Delete
  26. ඔය උපදෙස දුන්නෙ විශාඛාවට,
    අපිට ඒක ක්‍රිප්ටික් මොලේ කොලොප්පම් වෙන එකක් වුනාට අවුරුදු හත වැනි අඩු වයසකදීම සෝතාපන්න වුන
    විශාඛාවට ඔය වගේ දෙයක් අරුමයක් නෙවේ,
    කතාව ගැන කියන්න තියන්නෙ පව් අහිංසක රමණි නෝනා මනුස්සයගෙ සරීර සෞඛ්‍යය ගැන හිතල වෙන්නැති මේක කියන්න ඇත්තෙ,
    එහෙම ප්‍රසිද්ධියෙ අනුන් ඉස්සරහ ඔහොම කියපු එක වැරදියි රත්නායක මහත්තයා.
    කොහොමහ් රමණි නෝනට මං කැමති කලිනුත් එයා ගැන ආදර්ශමත් කතාවක් දාලා තිබුනෙ,

    ReplyDelete
    Replies
    1. අපි නං අවුරුදු හතේ දී ශිෂ්‍යත්වයවත් පාස් නෑ නේද?

      Delete
    2. ඔව් අප්පා,
      හරියට ..... හෝදගන්නවත් බෑනෙ අපිට...
      මොනව කරන්නද ඉතින්...

      Delete
  27. මට නම් පේන්නෙ රමණි නෝනා කතන්දර ෆැමිලි එකට තියෙන හිතවත්කමත්, කතදර ෆැමිල්ය් එකත් එක්ක තියෙන බොන්ඩ් එක පෙන්නන්නත් එක්කලා තමයි සීනි හැන්දි 2 1/2 කතාව කියන්න ඇත්තේ.

    අනික මේකෙන් ගම්‍යය වෙන තවත් දෙයක් තියෙනවා. කතන්දර ෆැමිල්ය් එක සතියට කීපාරක් රමණි නෝනලාගේ දිහාවෙන් තේ බොන්න යනවද කියන එක. සාමාන්‍යයෙන් ඔය වගේ දෙයක් එක පාරක් හරි දෙපාරක් උනා නම් විශේශයෙන්ම ගෑනු මනුස්සයෙක්ට සීනි හැන්දි ගාන මතක හිටින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනික ඒ ලොජික් එකෙන් බලන කොට රම්‍යය නෝනලාගේ සීනි වැඩුපුරම පරිභෝජනය කරන්නෙ කතන්දර ෆැමිල්ය් එක....! නැද්ද මම අහන්නෙ....?

      Delete
    2. කතාව ඇත්ත!

      අපි රමණීලා ගේ ගෙදර සති දෙකක් නතර වෙලා ඉඳලා තියෙනවා එක්තරා සංක්‍රාන්ති සමයක.

      රමණී මෙතනදී හැදුවේ අවංකවම දම්මිට උදව් කරන්නයි තේ හැදීමේ ක්‍රියාවලියට.

      මේ අතර හාමිනේගෙන් මට බැණුම් රමණී ගැන වැරදි අදහසක් දෙන කතන්දරයක් දාලාය කියලා!

      Delete
  28. රමණී නෝනා කතන්දර කැමති සීනි හැඳි ගාන හරියටම දැනං ඉඳලා. ;-)

    ReplyDelete
    Replies
    1. අපි රමණීලා ගේ ගෙදර සති දෙකක් නතර වෙලා ඉඳලා තියෙනවා එක්තරා සංක්‍රාන්ති සමයක. ඒ හින්දයි රමණී අපේ සීනි ගැන දන්නේ. පස්සේ මං හැඳි දෙකට, එකට අඩු කළා. හොඳ වෙලාවට අවුලක් නෑ. GTT එකත් ෂේප්.

      Delete
  29. විශාකාට එයාගේ තාත්ත ධනංජය සිටුවරයා කිව්වේ.අනේ මොකටද ? එයා ඇත්තටම අනුන්ගේ සීනි කිරන්න යන්නෙ කාකා. හිත හොඳ කමටනේ.

    ReplyDelete
  30. තේ පැන් දින දින වැඩි වැඩියේ .......
    බීමෙන් දිය වැඩියා ඇති වේ......

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.