Friday 4 June 2010

වන් මෑන් ෂෝ - ටැබූ ලියයි.....!


මෙන්න තවත් ටැබූ ලියු ටැබූ නොවන කතන්දරයක්. මේ කතාව ටැබූ ලිව්වෙ මං ලියපු ඡායාරූපයක කතන්දරයක් කියන කතන්දරේට කොමෙන්ටුවක් විදියටයි.

========================================
මට අවුරුදු පහකට විතර කලින් වෙච්චි සිද්ධියක් මතක් වුනා. කතන්දර කියන්න කැමැත්තක් නැති වුනත් මේක නම් නොකියාම බැහැ.

අපේ ගෙදර කට්ටියට ඕනැ වුනා ඒකාලෙ ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක් බලන්න. කරුමෙට මේ කැමැත්ත ඇති වෙනකොට මේ චිත්‍රපටිය නගරෙ පෙන්නලා අවසාන වෙලා ගම් දනව් වලට ගිහිං. හුඟාක් අමාරුවෙන් හොයා ගත්ත කොළඹ දිස්ත්‍රික්කෙ මායිමේ විතර තියෙන හෝල් එකක් ඒක පෙන්නන. ගියා ඉරිදා දවසක.

කාර්-පාක් එකට සෑහෙන කාලෙකින් වාහනයක් දාල නැති පාටයි. (කාර්-පාක් කිව්වට ගේට්ටුවක් තිබුණු මුඩු ඉඩමක්.) ඔන්න මනුස්සයෙක් ඇවිත් ගේට්ටුව ඇරල දුන්න. මාත් ඒ මනුස්සයට කිව්ව කාර් එක බලා ගන්න කියල. පොරත් හා කිව්ව.

දැන් ඔන්න පෝලිමේ ඉන්නව. බැල්කනි, ODC, ෆස්ට් ක්ලාස්,ගැලරි ඔක්කෝටම එක පෝලිමයි. ඔන්න අර කාර් පාක් එකේ හිටපු මනුස්සය ඇවිත් ටිකට් දෙන්න පටන් ගත්ත. ටිකට් ගත්තට ඇතුළට යන්න බෑ දොරවල් වහල. ටික වෙලාවකට පස්සෙ ඒ මනුස්සයම ඇවිත් දොරවල් ඇරල, තමන්ම ටික වෙලාවකට කලින් නිකුත් කරපු ටිකට් කඩල ප්‍රේක්ෂකයන්ට ඇතුළට යන්න දුන්න. හොඳ වෙලාවට වැඩි සෙනඟක් නෑ. අපියි තව ජෝඩු දුසිමකුයි විතර. හැමදාම ඔහොම වෙන්න ඇති සමහර විට.

ඉන්ටවල් මෙන්න පොර ආයෙත් එනව රටකජු, කඩල, ටොෆී ලෑල්ලක් උස්සගෙන.

කොහොමද මල්ටි ටාස්කිං? නියම වන් මෑන් ෂෝ එකක්. අන්තිමට රුපියල් දහයක්ද කොහෙදත් ගත්ත 'කාර් එක බලා ගත්තට'. කළේ නැත්තෙ මගෙ හිතේ ප්‍රොජෙක්ටර් එක රන් කරපු එක විතරයි. ඒකත් කළාද දන්නෙ නෑ, දැක්කෙ නැතුවට.

මම දන්න තව මනුස්සයෙක් ඉන්නව බාබර් සාප්පුවයි කඩේකුයි තනියම රන් කරන. කඩේට මිනිස්සු ආවොත් කොන්ඩේ රැවුල් කැපිල්ල මඟදි නතර කරල යනවා බඩු දෙන්න.
========================================

ටැබූගේ පිහිටෙන් දවස් දෙකක් ම ගතවුනා....!!!

කතන්දරකාරයා

15 comments:

  1. අනිවා.. අනිවා.. ප්‍රොජෙක්ටර් ඔපරේටරුත් මෑන් තමයි.. තව ජොබ් එකක් තියෙනව මිනිහ ඒකත් කරණව.. දුර පළාත් වල හෝල් දෙක තුනක මම මේක දැකල තියෙනව බ්‍රාන්ච් විසිට් යන නිසා. ටැබූ ඔච්චර වැඩ කාරයනම් දෙන්නකො පුළුවන් නම් උත්තරේ....

    ReplyDelete
  2. මේවා අපි කමෙන්ට් වලට කියවපුවානේ. ඇයි අලුත් කතන්දර එන්නේ නැද්ද? (මේ දවස් වල නාන්නේ නාන කාමරේ නෙවේද?) නැත්නම් ඩිමාන්ඩ් කරනවද.
    @මාතලන්
    හෝල් එක අතුගාන්න පිරිසිදු කරන්නෙත් මිනිහද?

    ReplyDelete
  3. @ ප්‍රියන්ත,
    ස්තුතියි. කතා තියෙනවා, මනමාල කතා, ලව් ලෙටර් කතා, කඳුළු කතා වගේ සීරිස් හොඩක්. ඩිමාන්ඩ් කරනවා නෙමේ. සප්ලයි එක ස්ට්‍රීම් ලයින් කරනවා.

    @ මාතලන්-
    වැසිකිලි නං සුද්ද පවිත්‍රකරන සිරිතක් නෑ නොවැ, ඔය හෝල්වල. මං හිතන්නේ ෆෑන් දාන එකයි ඕෆ් කරන එකයි වෙන්න ඕනෑ.

    ReplyDelete
  4. කතන්දර දැන් ජාතික රූපවාහිනිය වගේ වෙලා.

    ReplyDelete
  5. ඒ හරුපෙ නං තේරුණේ නෑ. ඒ කියන්නෙ repeat telecast කියන එකද?

    ReplyDelete
  6. මං දන්නෙ නෑ මේ දවස් වෙනකොට වෙනස් වෙලාද කියල, ඒත් පහුගිය අප්‍රේල් මාසෙ දැක්ක විදියට නැගල ගිය පරන කතා තමයි 8.30 belt එකේ දිගටම ගියේ.ඉතින් ඒකට නිකංම repeat telecast කියල බනින්ටත් බෑ, එහෙම නොකියත් බෑ!මොකද පරණ උනත් හොඳ කතානෙ ඉතින්.

    ReplyDelete
  7. ටැබූ මේ කතා දැම්මේ comments විදිහටනේ. ඒ කතා කියවන්න බැරිවුණු අයට කසූ මෙහෙම posts විදිහට ටැබූගේ කතා දාන එක හොඳයි.

    ඒ වගේම මේ කතාවලට ටැබූත් ආයි comments කරන නිසා ආයිත් අලුත් කතා මොනවා හරි මතු වෙන්නත් පුලුවන් :)

    ReplyDelete
  8. පැරණි රසාංග තීරයක් වාදනය කරනවා වගේ !.

    ReplyDelete
  9. ටැබූ ඔය කතන්දර ලිවුවෙ කශූගෙ කොයි කොයි කතන්දර වලටද කියලත් දාන්න. එතකොටනෙ නිධාන කතාවත් එක්ක කතන්දරේ පැහැදිලි වෙන්නෙ

    ReplyDelete
  10. තෑන්ක්ස් චානක මකරා! Good suggestion.

    ReplyDelete
  11. එළ එළ ඔහොම දිගටම දාගෙන යමු කකා............. :)

    ReplyDelete
  12. හොඳ දේවල් පරන වුනත් වෙන කෙනෙක්ගේ වුනත් ලිසි අවුලක් නෑ මචං දාපන් . . .අපි කියවනවා . . .

    ReplyDelete
  13. ටිං.... ටිං.... ටිං.... කාළය අවසානයි..
    මෙන්න නිවැරදි උත්තරය...
    ඉරිදා, සෙනසුරාදා උදේට පරණ මොරිස් මයිනර් එකක් උඩ ලවුඩ් ස්පීකර් (පීකර්) දෙකක් බැඳගෙන වාහනේ පදවන ගමන් ප්‍රචාරක කටයුතු කරන්නෙත් මෙයාමයි... මෙන්න මම අහල තියෙන ප්‍රචාරක දැන්වීමක්..

    ගාමිනි, මාලනී සමඟ සන්ඩු කරණ මර්විනයා රඟන....

    මල්ටි ටැලන්ටඩ් මිනිස්සු නේද....?

    ReplyDelete
  14. චිත්තරපටි හෝල් ගැන කියද්දි මතක් වුනේ..
    දවසක් කෑල්ලක් සෙට් වෙලා නැග්ගා කුරැණෑගල ඉන්ටර්සිටි බස් එකට. මාවතගම හරියෙදි හිතිලා බැස්සා. පස්ස් හොයලා බැළුවා චිත්තරපටි හෝල් එකක් ගැන. එකක් හම්බවුනා. හැබැයි ඒකේ චිත්තරපටි පෙන්වන්නේ සෙනසුරාදා ඉරිදා විතරයිළු... එදා සතියේ දවසක්. දැන් ඉතින් මොනවා කරන්නද? මූණ චාටර් කරගෙන එන්න යද්දි වොචර් මට කතා කරා. "මල්ලි, ෂෝ එක නැති වුනාට ඇතුලේ ඉන්න පුළුවන්" අම්මට හුඩු ඉබ්බා වතුරට දාන්නද ඇහැව්වාම කිව්වලු ඇන්නෑවේ කියලා... ඇතුළට ගිහින් බලද්දි තමයි වැඩේ දැක්කේ. නරකම නෑ, මූ මේක බිස්නස් එකක් විදිහටම කරනවා.
    (‍මේක දැනට අවුරැදු දහයකට විතර උඩදි වුන දෙයක්.)

    ReplyDelete
  15. තිසර ගේ කතාව දැක්කහම ජොලි කතන්දර පේලියක් සිහියට ආවා.
    ලියනවාද? නොලියනවාද?
    දානවාද? නොදානවාද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.