Saturday 26 June 2010

අත්තනගල්ලේ කතාව ගැන පොඩි වර්ඩ් එකක්...!!!


මං ඊයේ දාපු අත්තනගල්ලේ ටුවරිස්ට් ගයිඩ් කතන්දරේ හිටිය සීය - බෝතලේ ගමේ නම හැදුනේ බෝ-පැලේ ගල් තලාව උඩ පැලවීම නිසා කියල අහල තිබුනට, වයස හින්ද ද, නොදන්න කම හින්ද ද මන්ද එයා ඒක කියන්නේ බෝතලේක තිබුණු බෝපැලයක් නිසා ඒ නම ආව කියලයි.

සීයට වැරදුනා කියමුකෝ.

ඔය කතාව ගැන අහන අපි ගොඩ දෙනෙක් වරද්ද ගන්නේ ඔයිට වඩා දරුණු විදියට.

සමහරු මුලින්ම අහනවා - අනුරාධපුරේ ඉඳල බත් එකක් බැඳගෙන දවසකින් අත්තනගල්ලට එන්න පුළුවන්ද කියල.

ඒ නිසා ඔය කියන අත්තනගල්ල වැරදියි ලු. හත්තිකුට්ටි විහාරෙලු හරි තැන. මොකද එතනට වරුවෙන් යන්න පුලුවනි නේ!

මෙතනදි අපි වරද්ද ගන්න දේ තමයි, හත්තිකුට්ටි විහාරෙ නම් හරි තැන, ඔච්චර ලඟ තැනක ඉන්න සඟබෝ ව අල්ලගන්න ගෝඨ ඇයි මහා මෑන් හන්ට් එකක් කරන්නේ කියන එක.

අනික, සංඝබෝධි වුනත් මොලේ තියෙන පොරක් නං කරන්නේ පුළුවන් තරම් දුර තැනකට යනවනේ ඒ ගෝටයිම්බරයගෙන් බේරිලා.

වඩා ලොජිකල් එක්ස්පලනේෂන් එක මේකයි.

ඒ දුගියගෙ ලන්ච් පැකට් එක වේයන්ගොඩ හරියෙ රෙස්ට් හවුස් එකකින් ගත්තු එකක් වෙන්න පුළුවන්නේ. මෑන්ස් ආවේ අනුරාධපුරේ ඉඳල වුනාට, ඒ එදාම උදේ කියල කොහෙවත් කියල නෑනේ.

මිනිහ ඊට කලින් දවසේ නතර වුනු තැනදී හදාගත්තු බත් එකක් වෙන්න ඇති. අදත් මඩකලපුවේ ඉඳලා කැලේ පාරෙන් කතරගම එන අය, අතරමගදී නතරවෙලා බත් උයන්නේ. දකුනේ වන්දනා නඩත් අතර මගදී බත් උයනවා නේද? නැත්තං කඩෙන් ගන්නවා.

අනිත් ජොලි වැඩේ තමයි මේක.

ඔය කතාවේ තියෙන සුළු දෙයක් වෙන ඔය රයිස් ඇන්ඩ් කරි පැකට් එකේ අල ගිය තැන්, මුල ගිය තැන් හොයන අපි, ඒ හිතෙන්ම අමතක කරල දානව කතන්දරේ තියෙන අමූලික බොරු දේවල්.

මෙන්න ලිස්ට් එක.

1. දිය පෙරන රෙද්නේ බෙල්ල කපා ගැනීම
2. අනුරාධපුරේදී බෙල්ල අහස උඩට විසි කළ විට උඩ නතර වී කතා කිරීම
3. බත් ඇට පැලවීම

ඒ සේරටමත් වැඩිය අපේ සිරි සඟබෝ ලොක්ක වයිෆ්ව අනුරාධපුරේ දාල නේද ඔය පැනල ඇවිල්ලා තියෙන්නේ.

ඒව ගැන නෝ කතා.

බත්මුලක් මතක් කලොත් වෙන ඕනැම දෙයක් අමතකයි.

අපිත් හරි බත් ගොට්ටෝ නේද?

කතන්දරකාරයා

15 comments:

  1. "ඒ දුගියගෙ ලන්ච් පැකට් එක වේයන්ගොඩ හරියෙ රෙස්ට් හවුස් එකකින් ගත්තු එකක් වෙන්න පුළුවන්නේ."

    අනුරාධපුරේ ඉඳං එනකොට වේයන්ගොඩ හම්බ වෙනව ද ?
    මම නං හිතන්නේ අඹේපුස්සෙන් නුවර පාරට දාලා නිට්ටඹුවෙන් ඌරාපොළ පාරේ එන්න ඇති. ෂුවර් එකට බත් පැකැට් එක නිට්ටඹුවෙන් ගත්තු එකක්. :-D

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. @ Aravainda

    ඒ දවස්වල දුර ගමන් යන මිනිස්සුන්ට කෑම ගන්න, රෑට ඉන්න තැන් තිබිල තියෙනවා.

    සමහට විට අඹේපුස්ස රෙස්ට් හවුස් එකෙන් ගන්න ඇති.

    මහාවංසෙ නෑ. මේව අනුමාන විතරයි.

    ReplyDelete
  4. එක - සිරි සඟබෝ සිද්ධියේ ඓතිහාසික සත්‍යයක් තිබෙන්නට හැකිමුත් එය සොයා ගැනීමට බැරි තරමට ප්‍රබන්ධකරණයට ලක්ව ඇත. (උදා: සංඝබෝධි රජතුමා නිතර ගමක ජම්බු කෑමට පැමිණියේය කියා ගම්මුන් ජම්බු වලට විස යොදා ඔහු මරණයට පත් කළේලු. මෙය විය හැක්කක්ද?)

    දෙක - හත්තිකුච්ඡි (රාජාංගන) ආරාමය සිරිසඟබෝ කතාවට සම්බන්ධ කරලීම එතැනට සෙනඟ අද්දවා ගැනීම පිණිස චීවරධර තක්කඩියකු විසින් හිතා මතා දරණ ලද උපායකි. හත්තිකුච්ඡිය පුරාණ මහායාන ආරාමයකි. එය හා සිරිසඟබෝ සිද්ධිය අතර සම්බන්ධයක් සනාථ කරන කිසිම පුරා විද්‍යාත්මක සාක්ෂියක් නොවේ. අවාසනාව එතැන ඉන්නා පුරා විද්‍යා නිලධරයන්ය කියන 'ගයිඩ්ලාද' කීයක් හරි හොයා ගැනීමට මේ මිථ්‍යාව පැතිරවීමට රුකුල් දීමයි. "මෙතැනදි තමයි හිස දන් දුන්නෙ, අතනට තමයි ඊට පස්සෙ කඳ වැටුනෙ" කියා මොවුන් විස්තර කරන්නෙ බලා හිටියා වගේය.

    පුරාණ සංඝාරාමයක් කීවා නම් බල්ලකු වත් නොයන හත්ථිකුච්ඡියට දැන් සිරිසඟබෝ කතාව නිසා සෙනඟ යන්නේ බස් හා ලොරි එකක් පස්සේ එකක්ය. සෝමාවතී බුදුරැස් බලන්න යන්වා වගේය. මිථ්‍යාව පැතිරවූ තක්කඩියාගේ කල්ල මරේය. කොහොමද ටිකිරි මොළේ?

    ReplyDelete
    Replies
    1. ටැබූ....
      හත්තිකුච්ඡිය පුරාණ මහායාන ආරාමයකි.

      මේ ගැන දැනගන්න කැමතියි... anuradhasadisi@yahoo.com

      පිළිතුරක් ලැබේ නම් අගය කොට සලකමි...

      Delete
  5. ටැබූට
    "උදා: සංඝබෝධි රජතුමා නිතර ගමක ජම්බු කෑමට පැමිණියේය කියා ගම්මුන් ජම්බු වලට විස යොදා ඔහු මරණයට පත් කළේලු. මෙය විය හැක්කක්ද?"

    මේ කතාවට සම්බන්ධ වෙන්නේ සංඝතිස්ස රජතුමා. ඒ කියන්නේ සංඝබෝධි හෙවත් සිරි සඟබෝ රජතුමාට කලින් හිටපු රජතුමා...........

    ReplyDelete
  6. //අපිත් හරි බත් ගොට්ටෝ // විතරක් නෙවෙයි ගොන් මැට්ටෝ ටිකක්
    හැබැයි ඉතින් මෙවා
    //1. දිය පෙරන රෙද්නේ බෙල්ල කපා ගැනීම
    2. අනුරාධපුරේදී බෙල්ල අහස උඩට විසි කළ විට උඩ නතර වී කතා කිරීම
    3. බත් ඇට පැලවීම //
    ටොන්පච කියලා බුදු සුවර් නිසා (දේශප්‍රේමින් මට සමාවෙන්න ඕන) අඩමානෙට තියන කෑලි ගැන හිතනවා වෙන්න බැරිද

    ReplyDelete
  7. මේකනෙ කකා.., සංඝබෝධි රජතුමා ගෝඨාභයට බයේ කැලේ හැංගිලා ඉන්න ඇති. අත්තනගල්ල වෙන්නත් පුළුවන් වෙන කොහෙහරි වෙන්නත් පුළුවන්. සංඝබෝධි ආයෙමත් ඇවිත් තමන්ට රිටර්න් එක දෙයි එහෙමත් නැත්තං එයාට පක්ෂ රටවැසියො කැරැල්ලක් ගහයි කියන බයට ගෝඨාභය රටේ හතර අතටම චරපුරුෂයො යවන්න ඇති සංඝබෝධිව හොයලා මරලාදාන්න කියලා. ඉතිං එහෙම ගිය චරපුරුෂයෙකුට සංඝබෝධිව හම්බවෙලා බෙල්ල කපලා මරලාදාන්න ඇති. ඒක ඔප්පුකරන්න හිස අරං ගිහිං ගෝඨාභයට පෙන්නන්න ඇති. ඔයවගේ දේශපාලන ඝාතන එදත්වුනා අදත්වෙනවා හෙටත්වෙයි. අපි ඉතිං ඔය මහාවංශෙ තියෙන කතාවල ආරළු බූරළු ඇරලා තමා ගන්න ඕනෙ... :)

    ReplyDelete
  8. මලසේක මං දාපු කොමෙන්ටුවට මොකද වුනේ දැන් මට ඒක මතකත් නෑ.
    කමක් නෑ කතන්දර ලියන්නේ තමන්ට ඕන විධියට මිස ඉතිහාසයේ තියන විධියටම නෙවේනේ.
    "රියල් කතන්දර විතරයි. හැබැයි මං කැමති කතන්දර.-කතන්දර කාරයා"

    ReplyDelete
  9. අනේ අනේ කතන්දර,
    ඔයා නං ඉන්නෙ ලංකාවෙ නොවෙයි කියන එක රොබින් නිල් දාපු සක් සුදක් සේ පැහැදිලියි.

    ඔයාට හිතා ගන්නවත් බැරි වුනාට ඔය දිය (පෙරන හරි අඳින හරි ඕනැ එකකින්) රෙද්දෙන් බෙල්ල කපන එක, කඳ නැතුව ඔළු ගෙඩිය කතා කරන එක, බත් ඇට නෙමෙයි, කාල වමාරපු වී පොතු පවා පැලවෙන එක වගේම ඉතින් වයිෆ්ව අනුරාධපුරේ යවලා මෑන්ස් අත්තනගලු සීගිරි යන එක වගේ දේවල් .. අනේ බොහොම සිම්පල් දේවල් නෙ.

    ඔය යූ එන් පප්පල මොන නලා පිම්ඹත් “මාධ්‍ය නිදහස”, වගෙම කිසිම බාදාවක් නැතුව තමන්ගෙම බෙල්ල කපාගන්න හැකිවෙන තරමේ “මානුෂික අයිතිවාසිකම්” වලට ගරු කිරීමක් අපේ සංස්කෘතියේ සභ්‍යත්වයේ හැදියාවේ වැඩියාවේ දිය වැඩියාවේ අනිවාර්ය අංගයක් ලෙස ඇත අතීතයේ පටන් පැවත ආ බවට මේ කතාව සාක්ෂියක් වෙනවා නේද?

    ReplyDelete
  10. දැන් නවතම සොයාගැනීම ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ හම්බන්තොට පැත්තෙ තැනක කියල...........

    ReplyDelete
  11. කසූ;

    බ්ලොග දිගේ රෙට්‍රෝ පාරක් දැම්මා.

    ඔය සඟබෝ කතාවේ පළවෙනි බොරුව [දිය පෙරන රෙද්නේ බෙල්ල කපා ගැනීම] ගැන මට සහ සුද්දෙන් ම කිව හැකි පැහැදිලි කිරීමක් තියෙනවා. දැන් ඔය ඔළුවට මිළක් නියම කරලා නෙ තිබ්බෙ. ඔය අතරෙ මගියා යන කොට කැලේ මැදින් ඌට හම්බු වෙනවා සඟබෝ තවුසා. කොච්චර විශ්වාස ද මගියා බෙල්ල කපන එකක් නෑ කියලා? හැබැයි ඉතින් තවුසා මැරුවා වගේ නෙවෙයි නේ නරක නාමෙ. මේ බුද්ධිමත් මගියා ගෙතුවා කතාවක් පෙරහන් කඩකින් කපා දුන්නා කියලා.

    රැවුලත් ගොඩ කැඳත් ගොඩ. ඒ මදිවට හුදී ජනයාගේ පහන් සංවේගයත් ගොඩ. සාදු සාදු සාදු.

    සහ සුද්දෙන් ම විස්වාසයි කිව්වේ ඉතින් බෙල්ලක් කපන්න ආයුධයක් තියෙන්නම එපැයි. ආයුධය තවුසගෙ ළඟ නෙවෙයි නෙ තියෙන්නෙ.

    තවත් තර්ක කරන අය සිටී නම් පහුගිය දවස් වල කැළනිය පැත්තෙ ගහක මිනිහෙක් ඇවිත් තමන් ව ම බැඳ ගත්ත හටි සිහි කර ගන්න.

    කසූ මගේ පොඩි තියරිය අළුත් කතාවකට සුදුසු මදිද?

    ReplyDelete
  12. Sirisangabo thuma pemeniye Attanagallata thami ee mokada mamath Attanagalle nisa dannawa

    ReplyDelete
  13. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    බුදු අම්මෝ මට මේකට ස්තුතියක් දාන්න අමතක වෙලානේ.
    අවුරුද්දකටත් පස්සේ මෙතනට ආවේ ඇනෝ නිසයි.

    ReplyDelete
  14. @ Ano November 28, 11:24AM
    ඔයා ඔය කියන්නේ සිරිසඟබෝ නාට්‍යයේ වෙන්න ඕනෑ. මොන චරිතයද රඟපෑවේ?

    ඇත්තටම ඔයාට මතකද ඒ දවස් ගැන තාමත්? මර මතකයක් නේ මෙයා!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.