Tuesday 22 June 2010

පොඩි කතන්දර දෙකහමාරක්


පොඩි කතන්දර දෙකහමාරක් මතක් වුනා. මේවයේ එකිනෙකට සම්බන්ධයක් තියෙනව තියෙනව වගේ.

මෙන්න මුල් කතාව. මේකෙ එක එක වර්ෂන් තියෙනව. මේකයි මං අහල තියෙන හොඳම එක.

ඔන්න තාත්ත කෙනෙකුයි, පුංචි පුතෙකුයි යනවලු පැරීසියේ ඇවිදගෙන. එක හන්දියක තියෙනවලු නැපෝලියන් බොනපාට් ගේ පිළිරුවක්. (දැං මගෙන් අහන්න එපා හරියටම කොහෙද ඕක තියෙන්නේ කියල හෙම).

බොනපාට්කාරය අස්සය පිට නැගල, ගාම්බීර විලාසෙන් යුද්දෙට යන්න සෙට්වෙලා ඉන්න ආකාරයේ පිළිමයක් මේක.
ඉතිං තාත්ත කියල දුන්නලු පුතාට කෙටියෙන් බොනපාට් ගැන කරුණු කාරණා හෙමත්.

ඒ සේරම අහගෙන ඉඳල කොල්ල අහනව ලු තාත්තගෙන් මෙන්න මෙහෙම.

"ඉතිං තාත්තෙ කවුද අර නැපෝලියන් බොනපාට් ගේ පිට උඩ නැගලා ඉන්න මිනිහා?".

දෙවෙනි කතාව මේකයි.

ඔය මෝඩයා ගේ පෙට්ටියේ තියෙනවනේ නොයෙකුත් ස්ටාර් තරඟ, අර ඇමරිකාවේ අයිඩොල් වැඩසටහනේ විදියට හදපු ඒවා.

ඔය එකකට ඉඳල නමක් හදා ගත්තු කොල්ලෙක්, මට නම නං හරියට මතක නෑ, ඒ මං ඔය රියලිටි ෂෝ බලන්නේ නැති හින්දා, කියමුකො, මලිත් පෙරේරා හරි ෂෙහාන් මදුරංග හරි කියල, සංගීත සංදර්ශනයක සින්දුවක් කියන්න රුපියල් විසිපන්දාහක් ගන්නවලු.

මේ කියන කොලු තරුව රුපියල් විසිපන්දාහක් අරගෙන කියන්නේ ප්‍රියා සූරියසේනගේ සින්දුවක්.

දුක කියන්නේ ඒ වේදිකාටම නගින ප්‍රියා සුරියසේන, ඒ සින්දුවම කියනවලු රුපියක් දෙදාස් පන්සීයට!

"දොල ළඟ ගුරු පාර දිගේ ඒවී" කියන නන්දා මාලනී ගේ සින්දුව අහල තියෙනවද? සුනිල් ආරියරත්නත් මාර සින්දු නේද ලියන්නේ?

-කතන්දරකාරයා

18 comments:

  1. මුල් කතාව නම් මල් පහයි!

    ReplyDelete
  2. ඔය සිංදුවේ කතාව මාත් ඇහුවා මගේ යාලුවෙකුගේ ගෙවල් පැත්තෙත් ඕත වෙලා තියනවා කියන්නේ. පොරවල් මියුසිකල් ෂෝ එකක් කරන්ට තමා අර මුලින් කියපු පොරට කියල තියෙන්නේ. පස්සේ ගානත් වැඩි නිසා ඔරිජිනල් එක අඩුවට තියෙද්දී මොකටද ඩුප්ලිකේට් එකට වැඩියෙන් ගෙවන්නේ කියල ප්‍රියා සූරියසේනම ගෙන්නුවලු.

    ReplyDelete
  3. /දුක කියන්නේ ඒ වේදිකාටම නගින ප්‍රියා සුරියසේන, ඒ සින්දුවම කියනවලු රුපියක් දෙදාස් පන්සීයට!/

    මේක ඉතින් පුදුම වෙන්නවත්, දුක් වෙන්නවත් කාරණාවක් නෙවෙයි. ආර්ථික විද්‍යාවෙදි ඉතාම සරල ලෙස මේ කාරණය පැහැදිළි කරල දෙනවා. The power of packaging.

    දඹුල්ල මාර්කට් එකේ තැඹිලි ගෙඩියක් රුපියල් 10-15 අතර ගණනක්. මේ ගාණට මාර්කට් එකෙන් ගන්න තැඹිලිම කණ්ඩලම හෝටලේ විකුණනවා රුපියල් 200ට.

    එකම ගීතය වුනත් එකක් ඔරිජිනල් වත් අනෙක ඩුප්ලිකේට්වත් නෙවෙයි. මේ වෙළඳ භාණ්ඩ දෙකක්. ඒ දෙකට මිළ දෙකක් වීම සාධාරණයි.

    ReplyDelete
  4. ප්‍රියා සූර්යසේනගෙ සින්දු ගැන කියැවුණු නිසා මේකත් බලන්නකො.

    http://www.youtube.com/watch?v=9L8sd4kqQmA

    ReplyDelete
  5. අර අන්තීම කතා බාගේ නම් මසුරං.

    ReplyDelete
  6. "දොල ළඟ ගුරු පාර දිගේ ඒවී" කියන නන්දා මාලනී ගේ සින්දුව අහල තියෙනවද? සුනිල් ආරියරත්නත් මාර සින්දු නේද ලියන්නේ?

    මේ මොකද්ද අප්පා. මටනම් මේලෝ සංසාරයක් තේරුනේ නැහැ

    ReplyDelete
  7. මෑතක ඉඳන් සිංහල බ්ලොග් කියවන මම කතන්දර අයියගෙ කතා නොවැරදීම කියවනවා.. මේ කතා දෙකත් ශෝක්.. හැබැයි "දොල ළඟ ගුරු පාර දිගේ ඒවී" කතාව නම්..ම්ම්හ්හ්ව්..තේරෙන්නෙ නෑ

    ReplyDelete
  8. @taboosubjects: මචන්.. "The power of packaging" කියන තියරි එකට මේකට අදාල කරන්න බෑ කියලයි මම හිතන්නේ.. මොකද "power of packaging" එකේදී කතා කරන්නේ එක භාණ්ඩය තැන් කීපයක (වෙනස් පරිසර වල) අලෙවි වෙන එකක් ගැන නේ.. නමුත් මෙතන අලෙවි වෙන්නේ එකම භාණ්ඩය නෙවෙයි.. වෙන් කෙනෙක් ගේ භාණ්ඩයක කොපියක්....

    හරියට ඇත්ත රෝස මල් රුපියල් 10 ට තියෙද්දී ප්ලාස්ටික් රෝස මල් 25 ට අලෙවි වෙනවා වගේ වැඩක් නේද ?

    මම වැරදි නම් නිවැරදි කරන්න..

    ReplyDelete
  9. දෙවෙනි කතාව නම් ඇත්තටම සිද්ධ වෙලා තියෙනවලු..
    පළ්වෙනි කතාව නම් පට්ට..!

    ReplyDelete
  10. අන්තිම කතාබාගෙ සමහරුන්ට ටියුබ්ලයිට් වගේ .කතන්දරම මෙය explain කරත්වා.

    ReplyDelete
  11. අනේ දෙයියනේ....මටත් අගහරිය,ඒ කියන්නේ හමාර තේරුනේ නැතෝ.........

    ReplyDelete
  12. විකිනෙන දේ විකුනන එක තමයි කරන්නේ. අපේ රටේ මෙච්චර සහල් තියෙද්දි රටින් ගෙන්නල විකුනන ජාතියක් නේ ඉන්නේ. පුදුමයකුත් නැහ.

    අර කිව්ව වගේ අර දොල ලග කතාව නම් තේරුනේ නැහ

    ReplyDelete
  13. Samaharunta anthima kathaa baagae Apaehaedili bava paehaediliyi.

    Sinhala unicode thiyena computer ekak hamuvunu vigasa anivaa pehedili karannam...!!!

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. නමේ හැටියටලු ඇදුම් මහන්නේ...

    හරියට පැහැදිලි නොකරොත් වෙන්නේ හිතේ තියෙන විදිහට අපි කරැණු ගලප ගන්න එකනෙ.. දැන් බලන්න පොඩි එකා හිතුව නමේ හැටියටත්, පිළිමෙ හැටියටත්, තාත්තා පැහැදිලි කර හැ‍ටියටත් අශ්වයා තමයි පොර කියල....

    ඒ වගේම අර තරුවත් 25000ක් ගන්නේ ඒකයි....

    එතකොට දොළ ලග ගුරු පාර දිගේ ..ගීතය අපි කවුරුත් දන්න නිසාත්, නන්දා මාලනී ගැනත් අපි දන්න නිසාත් එතන කියන්නා මොනා කීවත් වරදක් ඇති බව දැනෙනව. ඒත් ඒ දෙකම( ගීතයත් නොදන්න, නන්දා මාලනිත් නොදන්න අයට) ඒ කිව දේ ඇත්ත.

    කතන්දරගේ මුලු කතාවෙම හරය තියෙන්නේ අන්තිම පේලි දෙක තුනේ...

    දැන් මම මොනාද කීවේ කියල තේරුනේම නැති නම් ඔයාල අහන්න පුලුවන් කවුද බන් අර අශ්වය පිටේ ඉන්න මිනිහ කියල...

    ReplyDelete
  16. ඔය දොළ ලග ගුරු පාර දිගේ ..ගීතය මුලින්ම ගායනා කරල තියෙන්නේ වසන්තා සන්දනායක නේද? එතකොට කතා ඔක්කොම තේරෙනවා නේද.

    ReplyDelete
  17. @ All,

    සියළු දෙනාටම ස්තුතියි.

    හෂිතටත්, වත් ටත්, ප්‍රියන්තටත් වැඩේ තේරිලා තියෙනවා.

    ඔන්න මං මේ දැං දැම්මා සම්පූර්ණ පැහැදිලි කිරීමක් අළුත් පෝස්ට් එකක් විදියට.
    http://kathandara.blogspot.com/2010/06/blog-post_2729.html

    ReplyDelete
  18. ඉතිහාසය විකෘති කළොත් නැපෝලියන්ව විතරක් නෙවෙයි ඕනෙම යුධ වීරයෙක්ව අශ්වයෙක් නැත්තන් බූරුවෙක් කරන්න පුළුවන්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.