Thursday 10 June 2010

මැරෙන දවස කලින් දන්නවා...?


මාතලන් ගොයියා ඊයේ දාපු පෝස්ට් එක බලපු වෙලෙයි මේ කතාව සිහියට ආවේ.

මාතලන් ගේ නැසීගිය මාමණ්ඩිය හොඳ ජ්‍යෝතීර්වේදියෙක් ලු. උන්නැහේගෙන් වැඩිපුර කේන්දර බලවගෙන තියෙන්නේ දේසපාළුවෝ. කේන්දරේ බලලා මැරෙන දිනෙත් කියන්න පුළුවන්ලු. රණසිංහ ප්‍රේමදාස ගැනත් එහෙම ලියලා තිබුණාය කියන්නේ.

මාමණ්ඩිත් තමන් මැරෙන දවස දැනගෙන ඉඳලා. අසනීප වෙලා ඉන්න කාලෙ නිතරම දවස අහනවාලු. අන්තිමට කියපු දවසටම මැරුණලු.

සමහරවිට මාරයාගේ හෝරාව ලියන කුමාරත් දන්නව ඇති ඔය සාස්තරේ!!!

මාතලන් ගේ මාමණ්ඩි ගැන කතාව අහලා මට හිතුනේ, තමන් අහවල් දවසේ මැරෙනවා කියලා විශ්වාස කරගෙන හිටියම, සමහර විට, එහෙම වෙන්නත් බැරි නෑ නේද කියලයි. මේ ගැන අරුණි ගෙ අදහස මොකක්ද දන්නෙ නෑ.

මෙන්න අද කතන්දරේ. මං අහල තියෙන එකක්.

ඔන්න දැන් ටික කාලෙකට කලින් එක මනුස්සයෙක් ගියාලු චිත්‍රපටියක් බලන්න තනියම. රාත්‍රී 9.30 ෂෝ එක.

ඒකෙ කතාව තියෙන්නේ ප්ලේන් එකක් කඩන් වැටිලා නොමැරී ඉතුරුවෙන එකම එක මනුස්සයා දූපතකට ගසාගෙන යන එක.

චිත්‍රපටිය බලන වෙලේ මේ පොරට නින්ද ගිහින්. හෝල් එකේ වැඩි සෙනගක් ඉඳලත් නෑ, 9.30 ෂෝ එකනේ.

ඉතිං නින්දෙදි හීනෙන් පොර දැකලා තියෙනවා තමන් මේ වගේ අනතුරකට ලක්වෙලා, චිත්‍රපටියේ වගේම පාළු දූපතකට ගසාගෙන යනවා.

ඒ දුපතේ ඉඳලා තියෙනවා වනචාරී ග්‍රෝත්‍රයක්. උන් මේ පොරව අල්ලලා කුදලාගෙන උන්ගේ නායකයා ලඟට ගෙනිහිල්ලා.

නායකයා නියෝග කළා ලු හිස ගසා දාන්න.

ඉතිං අර අබා එකේ වගේ ගහලයා කඩුවෙන් මේ පොරගේ බෙල්ල කපන්නයි යන්නේ.

ඔන්න කඩුව ඉස්සුවා. දැන් වේගයෙන් පහලට එනවා.

මේ වෙනකොට චිත්‍රපටිය ඉවරවෙලා මිනිස්සු ගිහින්. හෝල් එක වහන්න බලන කොට මැනේජර් දැකල තියෙනවා පොරක් ඉන්නවා නිදාගෙන.

"මහත්තයා නැගිටින්න, නැගිටින්න, ෂෝ එක ඉවරයි!" කියල කූද්දන්න අත තියෙන කොටම තමයි අපේ පොරගේ හීනේ අර කඩුව බෙල්ලට පාත් වෙලා තියෙන්නේ.

පොර එතනම ක්‍ෂණයකින් මලා.

මරණ පරීක්‍ෂණයේ දී කියවුනා හාට් ඇටෑක් එකකින් ලු මැරිල තියෙන්නේ.

මිනිස් සිතේ හාස්කම් විශ්වාස නොකරන අයට මේවා හොඳ පාඩම්.

මං නං හොඳට දන්නවා මැණික් අතරින් බොරළු වෙන් කරලා හඳුණාගන්න!!!

කතන්දරකාරයා
ප/ලි
ඔය කියන චිත්‍රපටිය දැකල තියෙනවද? අර ටොම් හෑන්ක්ස් ඉන්නෙ.

25 comments:

  1. යකඩෝ මිනිහා හීනෙන්ම මළානං කවුද ඔය කතාව කිවුවෙ..
    මෙන්න කතන්දර බොරු කියනවෝ.....

    ReplyDelete
  2. මං හිතන්නේ මාත් බොරළු ගොඩ හඳුනගත්තා කියලයි..
    අනේ අනේ කතන්දර...

    ReplyDelete
  3. @ Maraya
    අහුවුනා නේද ගොයියෝ - විනාඩියකට හරි?

    ReplyDelete
  4. හොඳ වෙලාවට මම මාරයට පස්සෙ ආවෙ...
    වෙන මුකුත් කියන්නෙ නැ‍තෝ..
    හහ් හහ් හා.....

    ReplyDelete
  5. මිනිහ හීනෙ රෙකෝඩ් එකක් අරන් තියන්න ඇති. මරණ පරීක්‍ෂණයේදී ඕක බලල තමයි හොයාගන්න ඇත්තේ මරණයට හේතුව. හික්ස්.....
    හොඳ කතන්දරේ.

    ReplyDelete
  6. කතන්දර තමයි දවසකටවත් මිනිහා

    ReplyDelete
  7. අපරාදේ අනේ කලින් කිව්වේ. නැත්තං මාත් කනව ගුලිය..

    ReplyDelete
  8. "මං නං හොඳට දන්නවා මැණික් අතරින් බොරළු වෙන් කරලා හඳුණාගන්න!!!"
    නියමයි . කතාවෙම හරය එතන ..
    මැනික් වල කොහෙන්ද බං බොරළු ??
    ඔය film එකේ music අඩුවෙන් natural sounds වැඩියෙන් යොදාගෙන තියෙන්නෙ. "Wilson" මග හැරෙනකොට තමයි ආයෙමත් music වැඩි වෙන්නෙ. කොහොමද තනිකම .. නේද ??

    ReplyDelete
  9. මේ කාකා තමා දවසකටත් මිනිහා.....හනේ හනේ....

    කට්ටිය කියවගෙන යද්දී කොහොමද නේද ? ( මමත් ඉතින් බාගයක්ම කියෙව්වනෙ..තේරෙන්න කලින් හික්ස් )

    ReplyDelete
  10. මේ මාරයා ගම කෑවානේ, නැත්තං බුරුතු පිටින් කෂ්ටිය ගේ පටිරෝල්. තෑන්ක්ස් ඕල් එනිවේ.

    ReplyDelete
  11. @ දිල්, අර්ජුන
    එක දවසකට නෙමේ මං හැමදාමක් පොර තමයි, හරිද හලෝ !!!

    ReplyDelete
  12. මාතලං ගේ රැවටීම සිතාගත හැකිය.
    මාරයා මැරෙන දිනය ගැන මොකවත් නොලිවීම සිතාගත නොහැකිය.

    ReplyDelete
  13. @ වේජනා, ප්‍රියන්ත, මහසෙන්

    තෑන්ක්ස් මෙයාලා.

    මං යනවා කොලු පැටියව ඉස්කෝලෙන් ගන්නත් තියෙනවා.

    බායි හොඳේ. අද මං නිවාඩු, ඒකයි මේ විදියට පිලිතුරු බඳින්න පුළුවන් වුනේ.

    ReplyDelete
  14. මෑන්ගෙ කලු පෙට්ටිය (Black Box එක) බලල වෙන්න ඇති මරණයට හේතුව හොයාගන්න ඇත්තෙ....

    ReplyDelete
  15. හිහි... මරු කතාව ...

    ReplyDelete
  16. චිත්තර පටිය cast away නේද? ඔය කතන්දර පිංතූරෙකුත් දාල තියෙන්නේ...

    ReplyDelete
  17. මෙන්න රියල් කතන්දර කියනවා කියපු කකා බොරු කතන්දරත් කියන්න පටන් අරන් හි හි

    ReplyDelete
  18. හිහ් හිහ් මමනම් අහලතිබ්බෙ ඔයකතාව වගේම වෙන එකක්.......

    කියෙව්වට පස්සෙ මතක් උනේ මේකෙත් තියෙන්නෙ ඒ බොරුවම වෙනස්විඩියකට කියල හිහ් හිහ් ( ඒ කතාවනම් දැන් මතක නෑ. කොහොම උනත් මේකනම් නෙමෙයි )

    එළ එළ ඔන්න කතන්දර පොර කියල එයාම කියාගත්තලුනේ.... හිහ් හිහ් හිහ්..... ( ඔන්න මමන්ම් පොරක් නෙමෙයි හරිය :) )

    දැන් ඉතින් ඔක්කොම කතා පැත්තක තියල අර මොකාටද අන්දවන කතා ලියන්නවගෙ කසූ හදන්නෙ...... හ්ම් හ්ම් කමක් නෑ ඔහොම යමු.... එළ එළ

    ReplyDelete
  19. මටත් මැරෙන දවස හොයාගන්න තිබුනානම් මරු...පිනක් දහමක් කරගෙන ...ඉන්න තිබුනා ලැහැස්තිවෙලා...

    ReplyDelete
  20. ඔෆීස් එකේ වැඩ වගයක් කචල්වෙලා ආතතියෙන් හිටපු නිසා මට මේ පෝස්ට් දෙකම බලන්න උනේ පස්සේ . අපරාදෙ කලිං බැලුවනං ආතතිය වෙනුවට ආතල් !.

    ReplyDelete
  21. කතන්දරකාරයා සාස්තර කියන අය ගාණට මාවත් ගත්ත ද?!!! අහවල් දවසට මරණය තීරණය කරන්න හැකිද ගැන කතා කරන්න තවම කාලය උදා වී නැත. මනස ගැන වැටහීම ඉතා අඩු පිරිසකට මනස විස්තර කරදිම පහසු නැත. හැබැයි රණසිංහ ප්‍රේමදාස වගෙ මරණ බයට යන්තර සූත්තර දාන අය මරණය ගැනම සිත සිතා මරණයට අත වනති. සිත වැඩියෙන් පිරී තිබෙන විශ්වාසය ඉෂ්ට වීමට සාස්තර කියන්නෙක් අවශ්‍ය ද?

    ReplyDelete
  22. ගෙදර ටී.වී. එකේ ෆිල්ම් එකක් බලද්දි නින්ද යන ගතිය මටත් ටිකක් තියෙනවා.

    පරෙස්සම් වෙන්න ඕනි මීට පස්සෙ.

    මේ ෆිල්ම් එකට විතරද මෙහෙම වෙලා තියෙන්නෙ? මේ වගේ මට බලන්න හොඳ නැති තවත් ෆිල්ම් තියෙනවද කතන්දර?

    ReplyDelete
  23. @ලොකූ : තාම අහුවෙලා වගේ ඉන්නේ :D :D

    ReplyDelete
  24. ශා .... මරු කතාව ... ලොවෙත් නෑ ... හික්ස් ...
    නිකන් පොර ටෝක්ස් දෙන්නෙ මොකටද ... මම නම් හොඳට ගුලිය කෑව ... මාතලන් ගොයිය වැඩේ කාලනෙ :(

    ReplyDelete
  25. "Machang, you won't believe this, my uncle knew the exact date and time of his death, even how it would happen"

    "My goodness, how did he knew that?,umbalage mamata mama hithanne irshivarayek vath kiyanda ethi"

    "Pissuda machang, Nadu karaya kivve "

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.