Sunday 6 June 2010

තවත් මනමාල කතාවක්


වෙන්ඩ මනමාලයෙක් කෙල්ලගෙ තාත්තගෙ ප්‍රශ්ණවලට උත්තර දෙන්න ගිහින් වැඩේ අනාගත්තු හැටි ගැන කතන්දරේ ලියන වෙලේ මට මතක් වුනා මෙන්න මේ අපූරු කතන්දර පොඩිත්ත. මේකත් මං ඉස්සර අහපු කතන්දරයක්.

ඔන්න මනමාල පාර්ශවයේ කෂ්ටිය මනමාලිව බලන්න යන මුල් දවසලු ඒක.

කුලියට ගත්තු කාර් එකේ ඩ්‍රයිවරුයි කපු මහත්තයයි ඉස්සරහින්. අම්මයි, පුතයි තාත්තයි පිටි පස්සෙ සීට්වල.

දන්නවනෙ ඉතිං කට්ටිය කියන්නෙ කෑගල්ලෙ කියල, කෑගල්ලෙ කොහෙද කිව්වහම නෙළුන්දෙනියෙ කියනව, නෙළුන්දෙනියෙ කොහෙද කියල ඇහැව්වහම, නෙළුන්දෙනියෙන් හැරිල මහ පාරෙ ගිහින් හන්දියෙන් හැරිල එදන ඉඳලත් තව හැතැප්ම ගාණක් යන්න තියෙනවනෙ.

කට්ටිය කතා බහේ.

"ඉතිං කපු මහත්තයෝ කොහොමද මනමාලිගෙ පාර්ශවය හොඳ ඉඩකඩම් දේපල තියෙන අය කිව්ව නේද?"

"මේ මොනව කියනවද, පලාතම ඒ අයගෙ වගෙ තමා."

"ඉතිං ඔහොම, ඔහොම ගිහිං, ඔන්න කෙල්ලගෙ ගෙවල් දිහාවටත් ලංවුණා."

"කපු මහත්තයෝ මේ රබර් වතු හෙම කාගෙද හැබෑටම?"

"වෙන්න්න්න.... කාගෙද...... ?"

"ආ! එතකොට අර පේන පොල්වත්ත?"

"වෙන.... කාගෙද...... ?"

"එතකොට අර පේන තේ වගාව?"

"වෙන.... කාගෙද...... ?"

"ආ! එතකොට අර අර පැත්තෙ තියෙන රබර් වවපු කෑල්ල?"

"වෙන.... කාගෙද...... ?"

ටික දවසකට පස්සෙ මගුල තීන්දු වෙලා, කසාදෙත් කෙරුණ. පස්සෙන් පහු තමයි මනමාලයට දැනගත්තෙ, ඇත්තටම ඒ ඉඩම් එකක්වත් මනමාලිගෙ කෂ්ටියට අයිති ඒවා නෙමේ, "වෙන කාටද" අයිති ඒව කියල.

කතන්දරකාරයා

17 comments:

  1. සිකුරු හතේ ෆිල්ම් එකෙත් ඔහොම එකක් තිබුන...

    ReplyDelete
  2. මනමාලි..
    වෙන කාගෙද..?

    ReplyDelete
  3. මටත් පුංචි කතාවක් මකත් වුණා... මේකෙ මනමාලයා මනමාලි බලන්න කියල යනව කපුවත් එක්ක. කපුවට මුලින් අවවාදයක් දෙනව මනමාලිගෙ තාත්තත් එක්ක තමන්ගේ වත්කම් ගැන දෙගුණ තෙගුණ කරල කතා කරන්න ඕන කියල.

    ඉතිං මනමාලිගෙ ගෙදරදි තාත්ත එහෙන් මෙහෙන් ප්‍රශ්ණ දානව..

    "මේ ළමයට ගේ දොර එහෙම..."

    කපුව පැනල උත්තර දෙනව..

    "ගේ දොර කියන්නෙ මහත්තයෝ... නුවර එකයි. මාතර එකයි.. දැන් කොළඹ පැත්තෙත් එකක් හදාගෙන යනව ඕං"

    "ඇත්තට? එතකොට ඉඩකඩම්..."

    "ඉඩකඩම් කියන්නේ... ගොඩින් අක්කර පණහයි. මඩින් අක්කර පණහයි. උඩරට පැත්තෙ තේ වතු යායකම උරුමකාරය නොවැ"

    මනමාලිගෙ තාත්තගෙ ඇස් උඩ යනව... ඒත් මනමාලය දැනගන්නව මෙහෙම ගියොත් වැ‍ඩේ වරදින බව. මිනිහ ඒක කපුවට අඟවන්න පොඩ්ඩක් කහිනව... එතකොට මනමාලිගෙ තාත්ත..

    "ළමයට පොඩ්ඩක් කැස්ස වගේ නේද?"

    "කැස්ස කියන්නෙ මහත්තයෝ කාසෙ කාසේ... පහුගිය දොහේ මහ ඉස්පිරිතාලෙත් ලැගල නොවැ ඔය ඇවිත් ඉන්නේ..."

    කපුව පැනල උත්තර දුන්න. මගුලට මොකද වුණේ කියල හිතාගන්න පුළුවන්නේ....

    ReplyDelete
  4. :=)) හි හී රස කතාව......
    වෙන කාගෙද ..?
    කතාන්දරගේ මිසක්

    ReplyDelete
  5. ඔය මනමාලිත් වෙන කාටද අයිති එකක්ද දන්නෑ ! ඔය වගේ ෆේමස් කතාවක් තියනවා .මොනවද ඉතිං, පාරවල් වල බස් යනවා, බැංකුවල සල්ලි තියනවා කියලත් කිව්වාලූ.

    ReplyDelete
  6. පොඩි කතන්දරයක් තියනවා මනමාලයෙක් නිසා බල්ලෙකුට උන ඇබැද්දියක් ගැන.
    ඔන්න මනමාලයා මනමාලිගේ ගෙදර ගිහිං වාඩිවෙලා ඉන්න කොට ඒ ගෙදර බල්ලා ඇවිත් මනමාලය ඉඳං හිටපූ පූටූව යට නිදාගත්තලූ. මනමාලයට පොඩි බඩේ අමාරුවක් තිබිල වාතයක් අරින්නෙ කොහොමද කියල හිත හිත ඉඳල තියෙන්නේ. ඉතිං බල්ල පිටිං යවන්න පූලූවන් නිසා හිමීට සද්දෙ නොඇහෙන්න වාතයක් ඇරියලූ.ලඟ හිටපු මනමාලිගෙ තාත්තා "දුඃ බල්ලා "කියල එලව්වත් බල්ලා එහෙමම හිටියලු. මනමාලයත් මේක හොඳ චාන්ස් එක කියල හිතල හිතේ හැටියට වාත අරින්න පටන් ගත්තලූ. මනමාලිගෙ තාත්තා දෙතුන් පාරක් බල්ල එලෙව්වත් බල්ල ගියේනැති නිසා මිනිහා මෙහෙම කිව්වලූ"මේ මහත්තය උඹේඇඟට ජරාකරන්න ඉස්සර මෙතනින්පලයන්" කියල එලව ගත්තලු !

    ReplyDelete
  7. මට හිතුනා වෙන කාගෙද කියද්දී...හික්ස්
    මරු කතාව කාකා

    ReplyDelete
  8. දවසක් ගුරු කාමරේ ඇති වෙච්චි කතා බහක්,,
    කට්ටිය කතාව වෙඩ්න් එකට ආභරණ සෑදීම ගැන,,
    හුගක් වෙලා මේ කතා සද්ද නැතුව අහගෙන හිටපු මනෝජ් අයියා ( සර් කෙනෙක්- අවුරුදු කීපයකට කලින් විවාහ උනු කෙනෙක්, චූටි පුතෙකුත් ඉන්න තාත්තා කෙනෙක් ) අන්තිමට මෙහෙම ඇහුවා,,,,
    "ඇත්තටම මනමාලයගෙ මගුල් මුද්ද හදන්නෙ මනමාලිගෙ පැත්තෙන්ද?"
    "ඔව්"
    "අපේ මාමණ්ඩියා එකත් මට කියලා හදවා ගත්තනේ",,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,:))))
    දැන් කරන්න දෙයක් නෑ මනෝජ් මල්ලි"
    කවුදෝ එහෙම කියනවා ඇහුනා.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. පොඩි කතාවක් මමත් කියන්නං--
    මනමාලයගේ පාර්ශවය මනමාලිගෙ ගෙදර ගියාලු වතගොත දැනගන්න ගමන දුර හින්දා කට්ටිය ගියේ කාර් එකකින්. වතගොත කතා කරල දවල්ට කෑම අරං එන්න පිටත් වෙද්දි,

    මනමාලිගේ තාත්තා මනමාලයගේ තාත්තාගෙන් ඈහැව්වලු
    ''හවස් උනා නේද මහත්තයෝ......''
    නැ..... ගැටලුවක් නෑ කාර්එ​කෙනේ යන්නෙ... මෙ කාරෙක මට ගොඩක් ප්‍රයෝජනයි. මේක මටත් හම්බඋනේ තාත්තගෙන් කවදහරි මේක පුතාට තමා'' කියලා.
    ''ආ.... එහෙමද'' මනමාලිගේ තාත්තා කිව්වා.

    පස්සෙ කට්ටිය කාර් එකට නැගල යන්න යද්දිම මනමාලිගේ තාත්තා කිව්වලු කාර් එකේ ඩ්‍රයිවර්ට ''රත්නසිරි අද හයර් ගියා ඈති මේ මහත්තයලා බස්සලා ඈවිල්ලා කාරෙක හොදලා දාන්ඩ කියලා''

    ReplyDelete
  11. කසූ කතාවට කට්ටියත් නියම කතානේ කියලා තියෙන්නේ. දැන් මඟුල් කතා series එකක් පටන් ගත්තා නම් තමා හොඳ.

    මෙතැන කතා අම්බානකත් තව පොඩ්ඩක් තියෙනවානේ :)

    ReplyDelete
  12. කොමෙන්ට්ස් කතා ගොඩයි.. අපි දන්න අර පුන්‍යසිරිගෙයි කමලගෙයි නම් එකතු කරල ට්‍රාන්ස්පෝට් සර්විස් එකක් තිබුනු ගෙදර මනමාලි බලන්න ගිය කතාව මේකේ කියන්න බෑ නොවැ....

    ReplyDelete
  13. @ All
    ඇත්තටම මගුල් කතා සීරිස් එකක් දාන්න කතා තියෙනව තමා. දැන්ම නෙමේ පස්සෙ කාලෙක දාන්නං සේරම එකතු කරල.

    හෙට ඉඳල ආදර හසුන් සීරීස් එකක් දාන්නයි ඉන්නේ.

    සියළු දෙනාටම ස්තුතියි. මාතලං ගොයියට නං ඉතිං අර පුන්‍යසිරිලගෙ බස් එකේම යන්න බැරියැ නේද?

    ReplyDelete
  14. හැබෑට කශූ කශූගෙ මනමාලි බලන්න ගියපු වෙලාවෙ මොකෝ කර ගත්තෙ. අර අන්දරේ ගොනා වගේ හිටියා වගේද ?

    ReplyDelete
  15. හිකි හිකි හිකි සෝක් කතාව ඈ........... "වෙන කාගෙද" හොඳවෙලාවට මේ කතාව කසූගෙ නොවී වෙන කාගෙවත් උන එක හික්ස්...... ලොල්

    ReplyDelete
  16. කපුවෙක් කිව්වොත් ඔහොම එකක් තමා. මටත් ඔයවගේ කථාවක් මතක් වුනා. මේ මනමාලිගේ ගෙවල් රබර් වගිවට ප්‍රසිද්ධ පැත්තකලු. දැන් කට්ටිය කාර් එකක යනකොට පාර දිගටම විශාල රබර් වතු. මනමාලයාගෙ පියා කපුවගෙන් ඇහුවලු මොනවද දෑවැදි එහෙම කියල. කපුවත් පැනල කිව්වලු පේන්නැද්ද වටේම මොනවද තියෙන්නෙ කියල. ලොකු රබර් කෑල්ලක් තමා ඉතින් කියල. මනමාලිගෙ ගෙදර ගිහින් කපුවා මනමාලිගේ තාත්තට මොනවද රහසින් කිව්වා. පස්සේ පොරත් කිව්වා දෙන දෙවල් කපුමහත්තයා කියන්ට ඇතිනේ කියලා.

    පස්සේ ඉතින් දෙගොල්ලම කැමත්තෙන් වැඩේ වුනා. දෑවැද්ද දන්නවද ලොකු රබර් කෑල්ලක්. අපි ඔක්කොම දන්නේ අර පොඩිකාලෙ පැන්සලෙන් ලියල වැරදුනාම මකන එක.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.