Friday 4 June 2010

තුම්මුල්ල ගැන ටැබූ ලියු ටයිනි කතන්දර


ලියනගේ අමරකීර්ති ගෙ අටවක පුත්තු පොතේ ප්‍රධාන චරිතය වන දමයන්තගේ හිතේ ජීවත්වුනා අඩහඳයා කියල නිවුන්නෙක්.

අපි කාගෙත් හිත ඇතුලෙ තවත් කෙනෙක් අඩු තරමින් ඉන්නව. ඒක නිකං ටැබූල දන්න අපි නොදන්න ගණිතයේ එන ඩුවලිටි තියරි එකෙන් විස්තර කරන්න පුළුවන් එකක් වෙන්න ඕනැ.

ටැබූ සබ්ජෙක්ට්ස් ගැන ලියන ටැබූ ගේ හිත ඇතුලෙ ඉන්නව කතන්දරකාරයෙක්. කතන්දරකාරයගෙ හිත ඇතුලෙ ඉන්නව ටැබූ කතාවලට ආස අඩහඳයෙක්.

මෙන්න - ටැබූ ගේ අඩහඳයා ලියූ තුම්මුල්ල ගැන පොඩි කතා ටිකක්. මේ කතන්දරේ ටැබූ ලිව්වෙ මං ලියපු "තේ එකක් බොමුද මචං?" කියන කතන්දරේට ප්‍රතිචාරයක් විදියටයි.

================================================
තුම්මුල්ල (තුන්+මුල්ල) ගැන කතා එමටයි. මෙන්න කියන්න පුළුවන් ඒවා කීපයක්.

1.
"මේ මැයි ගහ යට දවසක් දා - වැස්සට අපි උන්නා" කියන මිල්ටන් මල්ලව ආරච්චිගේ ජනප්‍රිය ගීතයට පාදක වන මැයි ගස් ඇත්තේ තුම්මුල්ලේ.

2.
තුම්මුල්ලේ දැනට ඇති ද්විත්ව වටරවුම (Double Roundabout) වෙනුවට කාලයකට ඉහත තිබුණේ තනි වටරවුමක්ලු. මාත් දැකලා නැහැ. අහලා තියෙනවා පමණයි.)

ඒ දිනවල එතැන හැමදාම වාහන තදබදේලු. අද වගේ නෙවෙයි හැට ගණන් වල වාහන තදබදයක් කියන්නේ කලාතුරෙකින් සිදුවන දෙයක්. ඊට විසඳුමක් හැටියට තමයි දේශීය ඉංජිනේරුවන් විසින් මේ ද්විත්ව වටරවුම (Double Roundabout) යෝජනා කොට තියෙන්නේ.

ඒ වෙනකොට එහෙම දෙයක් ලෝකේ කොතැනකවත් තිබුණේ නැතිලු. මේ නිසා ඊට විරුද්ධව විශාල හඬක් ඇතිවුනාලු. මේ විරෝධය යටපත් කරගෙන තමයි තුම්මුල්ලේ ද්විත්ව වටරවුම හදලා තියෙන්නේ. නමුත් හදපු දා ඉඳන් කලින් තිබුණු තදබදය නැතිවුනාලු.

3.
එක් යුගයක තුම්මුල්ල සංකේතවත් කළ දෙයක් තමා එහි වූ බුදුපිළිමය. අද වගේ හන්දියක් හන්දියක් ගානේ බුදුපිළිම නැති කාලේ මේ ප්‍රසිද්ධ බුදු පිළිමයක්. කරුණාතිලක හඳුවල ඒ ගැන කවියකුත් ලියා තිබෙනවා මතකයි. නමුත් මේ බුදු පිළිමය අද නෑ. දැන් ඒ වෙනුවට ඇත්තේ ඊට කුඩා බුදුපිළිමයක්. පරණ චිත්‍රපටවල (මට මතක හැටියට හාරලක්ෂේ) අර පරණ පිළිමය දකින්න පිළිවන්.

4.
අන්තිමට මේ මට රැග් සීසන් එකේ මුහුණ දෙන්න වෙච්චි දෙයක්.

ජ්‍යෙෂ්ඨ උත්තමයා: ඒයි කියපන් බලන්න තුම්මුල්ල තියෙන්නෙ කොහෙද කියලා?

මම (බයෙන් බයෙන්): බම්බලපිටියට පොඩ්ඩක් මෙහායින්නේ...

ජ්‍යෙෂ්ඨ උත්තමයා: @#$%^&*, තෝ දන්න @#$%^&*. තුම්මුල්ල තියෙන්නෙ @#$%^&*! තොපි මොනවද ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගත්තෙ?
=====================================================

තවත් අඩහඳයා ගේ කතාවක් එක්ක හමුවෙමුකෝ!

කතන්දරකාරයා

21 comments:

  1. හැබෑටම තුම්මුල්ල කොහේ තියෙනවයි කියලද කිවුවෙ..?

    ReplyDelete
  2. @ මාරයගේ හෝරාව..

    මොකක්ද බන් ඒක දන්නෙත් නැද්ද.. කොංගෝ වානාන්තරයට පස්සෙ හම්බ වෙන හංදිය... හෙහ්.... හෙහ්....

    ReplyDelete
  3. @ මාරයගේ හෝරාව..

    වෙලාව කියන්නෙ, මටත් හරියට ඇහුනෙ නෑ. ගෑණු ළමයින් ගැන මොකද්ද කතාවක් කිව්වෙ. මට තේරුණෙත් නෑ. අනේ මං නං ඕව දන්නෙ නෑ. මාව අල්ල ගන්න එපා, හොඳේ. ඔය කැම්පස් එකේ ජෛෂ්ඨ උත්තමයින්ගෙ කතා. මගෙ නෙවෙයි.

    - Taboo

    ReplyDelete
  4. හැබෑවට අර ජේශ්ට උත්තමය කිව්වෙ ඕක කොහෙ තියෙනවා කියලද ? හික් හික්

    ReplyDelete
  5. @පිස්සා පලාමල්ල,

    එක සැරයක් කිව්ව නේද මට හරියට ඇහුණෙ නෑ කියලා.

    ReplyDelete
  6. මං මුලින්ම තුම්මුල්ලට ගියේ වයස අවුරුදු දහයෙදි රාජකීය විද්‍යාලයට ඇතුළත්වීමේ පරීක්ෂණය සඳහායි සිතනවා. (ප්‍රතිඵලය දැන ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම්, මා එය විශිෂ්ඨ ලෙස සමත් වුනා, තනි ඉලක්කමකින් දැක්විය හැකි රෑන්ක් එකක් ඇතිව.) ඉන්පසු තුම්මුල්ල මගේ ජීවිතය හා නොබිඳිය හැකි ලෙස බද්ධ වුනා. දශක ගණනක් තිස්සේ ඒ ගැන කිව හැකි කතා බොහොමයි. නමුත් හැම කථාන්තරයක්ම අනිවාර්යයෙන්ම කිව යුතුය නියමයක් නැහැ.

    සමහර කතා දමයන්තලාට, අර්ජුන් සෙල්වරත්නම්ලාට (ශ්‍යාම් සෙල්වදොරෙයිගේ The Funny Boy නවකතාවේ ප්‍රධාන චරිතය), සරත් විජේසූරියලාට ('මගේ නඩුව ඉවරයි')කියන්නට ඉඩ දී මා නිහඬ වෙනවා.

    ReplyDelete
  7. @ ටැබූ

    සරත් විජේසූරියත්.. රජවරුන්ගෙ ඉස්කෝලෙද හැබෑට...

    ReplyDelete
  8. ටැබූ මහත්තයාත් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ කෙනෙක්ද ?

    අපිට කැම්පස් එකේදී ජේෂ්ඨ උත්තමයෝ කියා දෙන විදිහට තුම්මුල්ලේ මොකක්ද තියෙන්නේ කියලා ඇහුවාම උත්තරේ හැටියට කියන්න ඕනේ තුම්මුල්ලේ තියෙන්නේ තුම්මුල්ල ප්‍රාථමික විද්‍යාලය කියලා [තුම්මුල්ල ප්‍රාථමික විද්‍යාලය කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට]:)

    ReplyDelete
  9. හප්පා මාත් ඉන්නේ තුම්මුල්ලෙනේ ...ද්විත්ව වටරවුම ගැන විතරයි නේ මම දැනගෙන හිටියේ....:D

    එතකොට ඔය තුම්මුල්ල පැනලා ගහනවා කියන්නේ තිබිරිගස්යාය හරියට ගහන එකටද ?

    ReplyDelete
  10. Koheda oya Jyeshta Uththamayo inna campus eka?
    UOC eke nam "Jyeshta Uththama" katha nehe

    ReplyDelete
  11. මං නං හිතන්නෙ බෞද්ධාලෝක මාවත වැහුවට පස්සෙ ඉඳන් තුම්මුල්ලෙ අගය අඩු උනා කියලයි.
    තුම්මුල්ල පැනල ගහන එක චීනඩි කියන (cung fu වල ප්‍රභේදයක් ) සටන් කලාවෙ එන කාටා එකක්.දැන් නං මේ ගැන දන්න අය මං හිතන්නෙ අඩුයි

    ReplyDelete
  12. මම අහල තියෙන විදිහට නම් මිල්ටන් මල්ලවාරච්චි ශූරීන්ගෙ "මේ මැයි ගහ යට" සිංදුවට පාදක වෙලා තියෙන්නෙ මරදානෙ දුම්රිය දෙපාර්තමේන්තු නිල නිවාස අවට ප්‍රදේශය. ඔය ජේ.ඩී. ප්‍රනාන්දු මාවත, සීවලී ලේන්, කාර්ල්ෂෲ ලේන් (සමාවෙන්න මට මතක මෙහෙමයි) හරියෙ ඔක්කොම තඩි මාර ගස් නොවැ තියෙන්නෙ.

    ප.සු ) කතන්දර ශූරීන් දැන් තමුන්ගෙ කතා වෙනුවට අනුන්ගෙ කතන්දර දාල තමුන්ගෙ "කතන්දර ස්ටයිල් එක" මාර්කට් කරගන්න "ගරිල්ලා මර්කටින්" ව්‍යාපාරයක් පටන්ගෙනද කොහෙද! හික්ස්

    ReplyDelete
  13. තුම්මුල්ල ගන සෑහෙන්න ඉගෙන ගන්න ලැබුනා . . . !!

    ReplyDelete
  14. මම අහලා තිබුන විදිහට නම් "ගලේවෙල" ට පොඩ්ඩක් එහායින්...
    හැබැයි ඒ කාලේ නම් ගලේවෙලින් එහාට යන්න හබ්බ උනේම නැහැ...
    (කොටු දාන්න වෙයිද?)

    ReplyDelete
  15. @දුකා
    ඒක ඇත්ත.
    බම්බලපිටියේ ඉඳලා තුම්මුල්ල හරහා බොරැල්ල දක්වා තියෙන අතරැමැදි ප්‍රදේශය, මගේ ජීවීතයත් එක්කත් ගොඩක් බැඳිලා තියෙන්නේ. ඒ මොකද කියලා, මමත් තවම හොයනවා. ;)

    ReplyDelete
  16. @ඉන්දික:ලොකුනමේ කස්ටියි පතනේ කස්ටියයි ගහගන්න්කොට use වෙන හින්දයි මම ඇහුවේ
    බලාගෙන යනකොට ඒක සටන් කලාවෙ අංගයක් නේ

    ReplyDelete
  17. ළමයිනේ, තුම්මුල්ල තියෙන්නේ ඕස්ට්රේලියාවේ පහලින් තියෙන ටැස්මේනියාව හරියේ!

    ReplyDelete
  18. තුන් මුල්ල කියන්නෙ මුලු තුනකටනේ... ඉතින් තුන්මුල්ලෙ මුලුතුනක්නම් අදවෙනතුරුත් මම දැකල නෑ ලොල්........ :D

    @ sinuwara: අහ් එහෙද එළ දැනගත්තු එකත් හොඳයි නොවෑ. තෑන්ක්ස් ඇ..... හික්ස් සහ ලොල්

    ReplyDelete
  19. ගලේවෙලට උඩින් මඩ කලපුව තියෙන්නෙත් තුම්මුල්ලෙද හැබෑට..

    ReplyDelete
  20. තුන් මුල්ල කීවමයි මතක් උණේ.
    ඔන්න දවසක් එක ගෑණු මනුස්සයෙකුට හරකෙක් ඈනල දෙස්තර ගාවට ගියාලු. හරකා ඈනල තියෙන්නෙ මේ ගෑණු කෙනාගෙ කකුළෙ උඩ හරියටලු. මෙයා දොස්තර ළගට ගිහින් මේ බලන්න දොස්තර මහත්තයො අංපාර කියල ඈදුම උස්සනවලු තුවාලෙ පෙන්නන්න. දොස්තර බය වුණ පාර කෑගැහුවලු හා හා නෝන බලාගෙනයි මඩකළපුව පෙනෙයි කියලා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.