Wednesday 2 June 2010

නාන කාමරේ සින්දු කීම - මගේ අදහස


නාන කාමරේ දී අපි සින්දු කියන්න, හොඳ හොඳ කල්පනාවල යෙදෙන්න හේතුව මොකක්ද ඇත්තටම?

ටැබූ නං කියන්නේ, මේක භෞතික විද්‍යාවෙන් විස්තර කරන්න පුළුවන් කියල. මහාචාරියෙක් කිව්වය කියන්නෙ!

කුඩාචාරියෙක් වෙන මකරා නොහොත් චානක නං අන්න උත්තර බැඳලත් තිබුනා!

ඒත්, මට නං මේකට හේතුව කියල හිතෙන එක වත් ගේ කොමෙන්ටුවෙන් විතරයි ටිකක් වත් කියවෙන්නෙ.

වත් කියන විදියට මේකට හේතුව නාන ලිඳෙන් නාන කාමරේට අපි කරපු සංක්‍රාන්තියයි.

මං ඕක කියන්නෙ මෙන්න මෙහෙමයි. නාන කාමරේ අපි හෙළුවෙන් ඉන්න නිසා, අන්න ඒ නිදහස භුක්ති විඳින්න තමයි ඔය සින්දු කවි වෙන්නෙ.

ඉස්සර අපි පොඩි කාලෙ වෙළ ලඟ ලිඳට ගියා නාන්න, එතනට තව ගමේ හුඟක් අය ආව. ඒ එකෙක්වත් සින්දු කිව්වයැ.

ඒකටත් එක්ක දැන්, නාන කාමරේට ගිය ගමන් කෙලින්ම ජෝතිපාලට පණ එනව. අමරදේවල මිය යනව.

නිදහස, නිදහස, වෙන මොකක්ද?

ඒ දවස්වල නිඝන්ඨනාථ පුත්ත යි, ගෝලයොයි හෙමත් හොඳ හොඳ බජන් ගායනා කරමිනුයි ඉන්න ඇත්තෙ, නේද?

කතන්දරකාරයා
ප/ලි
මගේ නාන කාමරේ සින්දුවට මියුසික් දාල කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවදෝ?
මෙන්න ඒක නැවතත්.

නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ

උදේ රැයින් එමි මා සැමදා ඔබේ සුව සොයා
හදේ නිදන් වී ඇති සිතුවිලි නැගෙයි පොදි කකා
මුවෙන් ගීතයක් වී එන්නට නැගෙයි පොදි කකා

නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ

සැඳෑ කලේ සේවය නිමවී එමි නිවස බලා
නිවා ගතේ වේදනා ඔබ දෙයි සතුට සදා
ඇඟේ වතුර බිඳු ගෑවෙන විට එයි සතුට සදා

නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ

28 comments:

  1. අනේ මන්දා ආයිබෝං. අපිත් ඉස්සර ඔය ගොම්මං කලුවර වැ‍ටුනම, කුඹුකෙ ලිදේ නෑවෙත් උපන් ඇදුමෙන්ම තමා, හැබැයි සිංදු කිව්වෙ නං නෑ

    ReplyDelete
  2. උපන් ඇඳුමෙන් කුඹුකෙ ලිඳේ නානා වෙලේ සින්දු කිව්ව නං හොඳට තියෙයි.

    ඒව ඇහිල ගමේ උන් ඔතනට ආවනං සිරිබිරිස් ගේ වත්කම් හෙලිඅරව් වෙලා පස්සෙන් පහු කසාදයක්වත් කොරගන්න බැරුව යන්න ඉඩ තිබුණ.

    ReplyDelete
  3. සින්දු කියන්න ඉතින් උපන් ඇඳුමෙන්ම ඉන්න ඕනැයි....

    ReplyDelete
  4. අනේ මන්ද හේතු පැහැදිළි කරන්න නම් දන්නෑ....ඒත් අනිවා ඔය වැඩේනම් කරනවමයි හැමදාම නාන කොට.....

    ඔය සංදුව වැඩිය පබිලිස් කරන්න එපා....මේ හොරු ඉන්න කාලේ...උස්සයි සිංදුව....

    ReplyDelete
  5. මමත් නොකියා කීවේ ඔය කතාවම තමයි... සිරිබිරිස්ල ගොම්මං කළුවර වැටුන වෙලාවට කුඹුක ලි‍දේ නාන නිසා තමයි ගැහැණු අයට තනි පංගලමේ හවසට ලිදට යන්න එවා මහසෝනද රිරියකාද කවුද ඉන්නව කියල කීවේ ඒ නිසා වෙන්න ඇති....

    කුඹුකෙ ලිදේ අර කියන විදිහට නෑවත් හිතේ බයෙන් නෙව නාන්නෙ ඒ නිසා මොන සින්දුද...

    නාන කාමරේ ඒ බය නැහැ නෙ... හොදට ලොක්කරල කවුරුවත් එන්නෙ නැහැ කියලදන්නව.....

    ඉතින් සින්දු කියවෙනව ඇති......

    ReplyDelete
  6. සිංදු කියවෙන්නේ සන්තාපයට. හිතේ දුක පහ කරගන්න කියන එකයි මගෙ අදහස.
    මොකද ජීව විද්‍යාව පැත්තෙන් ගත්තොත් පිරිමියා ගේ අධිතකසේරුවත් එක්ක තමන්ගෙ "වත්කම්" ගැන මේ වත්කම් ප්‍රදර්ශනයට තමා නැඹුරුව තියෙන්නෙ. ඒක පරිණාමයත් එක්ක එන අවිඥානික නැඹුරුවක්. නාන කාමරය තුල සිරවීමෙන් තම වත්කම් ප්‍රදර්ශනයට නොහැකි වීමේ දුකින්, එය වසා ගැනීමට කරන හඬ නැගීමක් විතරයි මේ.

    ReplyDelete
  7. මොන පිස්සුද මම නං හිතන්නේ ඔය සිංදු කියන්නේ මමත් නාන එකෙක් කියල ගෙදර උන්ටයි වටේ ගෙවල් වල උන්ටයි දැනෙන්න වෙන්නැති. මොකද කුඹුකේ ළි‍ඳේ නාන එකා නානවා කියල ගමේ හැමෝටම පේනවනේ. ඉතිං මොන සිංදුද.

    ReplyDelete
  8. මට හිතෙන්නෙ...නන කමරේ වතුර අදින්න වෙන්නෙ නැ නෙ... එකයි නිදහසයි කියල්යි...

    ReplyDelete
  9. නාන කාමරේ සිංදු කියන එක හෙන ආතල්. වොයිස් ට්‍රේනිං වලදි නාන කාමරේ සිංදු කියන්න කියල අපිට කියල තියනව.

    ReplyDelete
  10. එක හොදයි.....අනු
    පොඩි එකො පරකුත් තියනව නන කමරෙ ඇතුලෙ........ එතකොට වොයිස් 1ක ලස්සනයි.. එකත් 1ක හෙතුවක් වෙන්න ඇති.......

    ReplyDelete
  11. නාන කාමරේ ඇතුලේ එකෙක් ඉන්නවා කියන එක සන්නිවේදනයට ආපු එක විදිහක් වෙන්න ඇති සිංදු කියන එක.

    කොහොම නමුත් අමු නිරුවස්තරෙන් නාන කාමරේට වෙලා ඉන්නකොට වතුර ටික ඇඟට වැටෙද්දී හැමෝගේම ඇතුලේ ඉන්න සංගීතඥයා මහා ගාන්ධර්වයා මහා චින්තකයා එලියට එනවා ඒක නම් සහතික ඇත්ත.

    එතකොට එක්කො සින්දු කියයි. ඒත් නැත්නම් අමුතු අමුතු සංගීත ඛණ්ඩ නිර්මාණය කරයි. ඒත් නැත්නම් අමුතු අමුතු දේවල් ගැන කල්පනා කරයි

    ReplyDelete
  12. අඤ්ඤයට දුන්නොත් මියුසික් එකක් දාල දෙයි.

    ReplyDelete
  13. චීයා මෙයා නාන කාමරේ නාන්නෙ හෙලිවැල්ලෙන්ද...

    එතකොට කවුරු හරි පිට අතුල්ලන්න ආවොත්...

    අනේ මන්ද හොඳට හිටිය කොලුවට මක් උනාද කියල.. චූ කතා.. හෙළුවැලි කතා.. ඊලගට් මක්කයි දෙන්න හිතාන ඉන්නේ...

    ReplyDelete
  14. මට මතක හැටියට අදාළ මහාචාර්යවරයාගේ පැහැදිළි කිරීම මේකයි.

    නාන කාමරේ වැඩි ආර්ද්‍රතාවයකින් යුතු (ජල බිඳු මිශ්‍ර) වාතය ධ්වනි තරංග වලට ගමන් කිරීමට වඩා හොඳ මාධ්‍යයක්, සාමාන්‍ය වාතයට වඩා. ඒ එක්කම කුඩා ඉඩක ධව්නි තරංග (බොහෝ විට සුමට) බිත්තිවල වැදී පරාවර්තනය වීම අනුනාදය (resonance) කියන සංසිද්ධියට හේතුවෙනවා. අපේම හඬ අනුනාද වී අපට ඇහෙන්නේ වඩා කර්ණරසායනව. (ඕනෑ නම් සංසන්දනය කර බලන්න එකම සිංදුව නාන කාමරයෙදිත් පිටටත් ගායනා කරලා වඩා මිහිරි කුමක්ද කියලා.) ඉතින් ඕනෑම දුර්වල ගායකයකු නාන කාමරයේදී සුපර් ස්ටාර් කෙනකු වෙනවා.අඩුගාණේ තමන් සුපර් ස්ටාර් කෙනකු කියලා හිතනවා.

    මේ පැහැදිළි කිරීමේ ගෞරවය යායුතු ලංකාවේ විශිෂ්ඨතම ඉංජිනේරු විද්‍යා මහාචාර්යවරයකු වන සෑම් කරුණාරත්නටයි.

    ReplyDelete
  15. හිහ් හිහ් කස්ටිය මරු කතානෙ කියල තියෙන්නෙ හිනාවෙලාම පනයනවා............. අහ් මට කියන්න දෙයක් ඉතුරුවෙලා නෑවගේ.
    හිතෙ තිබ්බ ඔක්කොම දෙවල්ටික කස්ටියම එකතුවෙලා එලියට දාල නොවෑ හික්ස්..............

    ReplyDelete
  16. නියමයි මේ සංවාදේ . . ආතල් වගේම හර බර දේවල් ගොඩක් ඉගෙන ගන්නත් ලැබුනා . .

    ReplyDelete
  17. නාන කාමරෙදි වගේම ටොයිලට් එකෙදිත් හොඳ හොඳ කල්පනා වලයෙදෙන්න හේතුව මංහිතන හැටියට හිත එක අරමූණක තියෙන එක.

    ReplyDelete
  18. Taboo විසින් කතන්දර කාරයා වෙත කරන අනඥාවයි.

    කතන්දර කාරයා 'චූ කතා', 'හෙළුවැළි කතා' යනාදී Taboo Subjects කතා කිරීම දිගටම කර ගෙන ගියොත්, ඊට රිටර්න් එක විදියට Taboo වහාම කතන්දර කීමේ ව්‍යාපෘතියක් පටන් ගෙන කතන්දර කාරයා චක බ්ලාස් කර දමන බව මෙයින් දැනුම් දී සිටිමුහ.

    (කක්කා කතා කීමට අවසර ඇත.)

    ReplyDelete
  19. @ ක(ක්)කා

    කුඩාචාරියා කියන එක නිකන් මොකක්දො වගේ, හරියට අර කම්මලේ ආචාරියා වගේ , එහෙම නැත්තන් ආචාරියාගේ කුඩම්මා වර්ශන් එක වගේ. අනේ මමනම් සාමාන්‍ය මකර අධිරාජයෙක්
    ===========================

    @ Taboo


    කෝ ඉතින් දෙවෙනි එකට උත්තරේ. ඇයි නානකොට සිතුවිලි එනවා වැඩි. මම කියපු උත්තරේ වැරදිලාවත් හරිවත්ද ?

    ReplyDelete
  20. බුදු අම්මෝ කෂ්ටිය බරටම කතා පවත්තල තියෙන්නෙ.
    සිරිබිරිස්, ප්‍රසන්න, හසියා, වත්, ටැබූ, ප්‍රියන්ත, ඉන්දිකගෙණෙ, අනු, හසිත, සෝලෝ, මාතලන්, ජේඩී, දුකා, ගාමිණී - සියළුම ප්‍රතිචාර වලට ස්තුතියි.

    සෑම් ගෙ තියරිය ලියා දැක්වීම ගැන ටැබූ ට ස්තුතිය.

    සෑම්, සෑම් කිව්වට සමරජීව ද කොහෙද නේද පොර ගෙ නම. සෑම් ගැන මං කියවල තියෙනව සරත් ගෙ මගේ නඩුව ඉවරයි පොතේ.

    ReplyDelete
  21. @මකර චානක -
    කුඩාචාරියා නෙමේ නං, වෙන්ට මහාචාර්ය කියමුද?

    ReplyDelete
  22. අනේ එපා. මගේ මතක මාළිගාවේ අධිරාජ පට්ටම ඊට වඩා හොඳයි

    ReplyDelete
  23. Taboosubjects said:
    /* කතන්දර කාරයා 'චූ කතා', 'හෙළුවැළි කතා' යනාදී Taboo Subjects කතා කිරීම දිගටම කර ගෙන ගියොත්, ඊට රිටර්න් එක විදියට Taboo වහාම කතන්දර කීමේ ව්‍යාපෘතියක් පටන් ගෙන කතන්දර කාරයා චක බ්ලාස් කර දමන බව මෙයින් දැනුම් දී සිටිමුහ.
    */

    හහ්, හා!! මං කල් දම දම හිටිය එක් ව්‍යාපෘතියක් මේකෙන් ඉක්මන් කරන් වුනා. ඒක තමයි, ටැබූ කමෙන්ට්ස් විදියට දාපු කතන්දර ආපහු පෝස්ට් විදියට දාල ඉන් පස්සේ මගේ ඇත්තම ටැබූ කතන්දර ලියන එක....!!!!

    ReplyDelete
  24. @කසූ
    කිව්වත් වගේ සිංදු කිව්වා නං, බඩුම තමා
    @වත්
    අනේ එහෙම කාවත් බයකොරන්න කොලා නොවේ නෝනේ.ඕකෙ ඉන්තේරුවෙන්ම අපේ මස්සිනාගෙ වැරද්ද. අම්මපා මං ඇදගෙන නාන්න, සරං කෑල්ලක් ඉල්ලුවා. මේ වසවර්තියා කඩාපැන්නෙ නෑතෑ " මොන *@#$% රෙද්දක්ද? ඉදා බාල්දිය, නාපිය, මේ ජාමේ ආවොත් ඉතිං අමනුස්සයෙක්ම තමා. තොගේ *@#$% (පශ්චාත් බෑව) දැක්කාම උනුත් දුවයි" කියලා.

    ඕං ඕකයි ආයිබෝං වුනේ. ඉතිං අහිංසක මං මොනවා කොරන්න ද?

    ප/ලි: හැබැයි මහසෝන/රිරියකා දෙන්නා නං කවදාවත් නාන එවුන් නං නොවේ

    ReplyDelete
  25. ඔය සිංදුව රැප් එකක් එහෙම දාලා පොඩ්ඩක් රීමික්ස් කරලා ගත්තොත් කෙහොමද? :P

    ReplyDelete
  26. මමනං නාන කාමරේ සිංදු කියන්නේ ඒකෙ තාම දොර අල්ලල නෑ :ඪ්
    කවුරු හරි ඇවිත් කර්ටන එක ඇද්දොත් වත්කම් හෙලිවන හින්ද තමා සිංදු කියන්නේ.... ඒත් දොර නං හයි කරන්නෑ.........

    ReplyDelete
  27. methana mata sudusu thenak nan nemei vage,
    namuth mamath nanakan karanne jothi uncle ge sindu kiya kiya berihan dena eka thamai...

    ReplyDelete
  28. එතකොට බොග දාන කොට කොහොමද සුපිරි කලපනාවල් එන්නේ, මම මේ කියන්නෙ මගේ හැටි. බොගක් දාන කොට මට කල්පනා වෙනවා මොකක් හරි කරපු වැඩක අඩු පාඩු, එහෙම නැත්නම් කරන්න ඉන්න දෙයක් ඊට වඩා හොඳ විදියට කරන විදිය.
    මේක මගේ යහලුවන් කීප දෙනෙක්ටත් තියෙනවා.[උන් කියල තියෙන විදියට]
    තව දෙයක් තියෙනවා බොග දාල ආපු ගමන් මේක කියන්නත් ඕනේ නැත්තන් අමතක වෙනවා. ඊට පස්සෙ මතක් වෙන්නෙ ටික කාලයක් ගිහිල්ල.
    මේක ගැන පුලුවන්නම් පැහැදිලි කිරීමක් කරන්න පෝස්ටුවකින්.
    [මේ පොස්ට් එක කියෙව්වෙ අද.]

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.