Tuesday 1 April 2014

දිවිහිමියෙන් මව්බිම සුරුකීම - මොන මෝඩ, ප්‍රතිගාමී, මඤ්ඤං කතාවක්ද ඒ? - Blinded by patriotism!


ඉස්සර අපි පොඩි කාලේ නව වසරේ පාසල් යන්න අළුත් සපත්තු හෙම ගෙදරින් අරං අපිට දෙනවානම් අපිව කඩේ එක්කං යන අම්මාට තාත්තා කියන්නේ ඩී.අයි. සපත්තු අරන් දෙන්න කියලායි. මොකද හොඳ හම් සපත්තු කල් පවතිනවා ලු!

ඒත් අපි නං කැමති බාටා ගන්නයි. ඒ බාටා සපත්තු ගන්න කොට ඒ එක්ක වෛර්ණයෙන් මුද්‍රිත පාසල් කාලසටහනක් නොමිලේම ලැබෙන නිසයි. ඒ කාලසටහනේ "පළමුව බාටා දෙවනුව පාසලට" කියලා ලියලා, ඒක කාටූන් එකකින් විස්තරාත්මකව ඇඳලා තියෙනවාත් මට මතකයි.

ඔය "පළමුව බාටා දෙවනුව පාසලට" කියන වාක්‍යය තමයි බාටාකාරයෝ ඒ කාලේ උංගේ සේල්ස් ස්ලෝගන් එක විදියට දාගෙන තිබුණේ.

පස්සේ කාලෙක ලංකාවේ උදාවුණු භීම සමයේ එක දවසක මං දැක්කා මහරගම පාසලක සිසුන් වගයක් ඒ ඉස්කෝලේ බිල්ඩිමක පෝස්ටර අලෝනවා.

ඒවායේ තිබුණු එක සටන් පාඨයක් තමයි අර බාටාකාරයින්ගේ ස්ලෝගන් එකෙන් කොපි කරලා හදාගත්තු "පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම!" කියන එක.

එදා මේ පාසල් යන්න කලින් මව්බිම බේරා ගන්න ගියේ වෙන කාගෙන්වත් නොවෙයි. මූලිකවම, ඒ වෙනකොට ඇල්ටීටීඊ එක නිරායුධ කරන්න ගිහිල්ලා උන් එක්ක යුද්දෙක පැටලිලා හිටිය ඉන්දියානු සාම සාධක හමුදාවෙනුයි. හැබැයි සෑබෑ ප්‍රායෝගික සටන තිබුණේ ආ්ණඩුව කරපු යූඇම්පී එකේ උඩ ඉඳලා යට බිම්මට්ටම වෙනතුරු හිටපු අය එක්කයි. රජයේ සමහර සේවකයෝ එක්කයි. පස්සෙන් පහු, පොලිස්කාරයො ය සහ හමුදාකාරයෝ එක්කයි තමයි.

මට ඒ "පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම!" කතාව මතක් වුනේ මේ ලඟදී බ්ලොග් ලියන්න පටන් ගත්තු සී ජේ විදානේ ගේ මළදානේ බ්ලොගයේ පලවෙලා තිබුණු ගන්ධබ්බයකුගේ පෙළ මතක් කිරීම කියන සංවේදී නිර්මාණය කියවපු වෙලාවෙයි.

ඒ නිර්මාණය කියවපු නැති අයට මෙන්න නැවතත් පාර:
http://cvpsur.blogspot.com/2014/03/blog-post_31.html

විදානේ ගේ කතාවේ තිබුණා වගේම, එදා මං දැකපු ඒ මහරගම පෝස්ටර අලවපු ළමයි සෙට් එකක් පස්සේ දවසක ඒ පාසල ඉදිරියේම මරලා දාලා තිබුණා කියා මට ආරංචි වුණා!

මව්බිමට ඇති ආදරය ගණිකා වෘත්තියේ යොදවලා මිනිස්සුන්ව බළල් අත් කරගත්තු එකම වාරය ඒක නොවෙයි. මව්බිම වෙනුවෙන් කියලා ඈත අතීතයේ ඉඳලාම ලංකාවේ කී දෙනෙක් නම් මිය ගිහින් ඇද්ද විවිධ වර්ගවාදී යුද්ධවල ඉත්තන් බවට පත්වෙලා.

තියෙන මව්බිම විතරක් නොවෙයි, ඇයි "වෙන්ඩ මව්බිම" හෙවත් වෙන් කරළා හදා ගන්න ගිය මව්බිම? ඒ වෙනුවෙනුත් ලාංකිකයින් ලක්‍ෂ ගාණක් මිය ගියා!

මට නං හිතෙන්නේ මෙලෝ විචාරයක් නැතුව අන්ධ භක්තියෙන් මව්බිම වෙනුවෙන්ය කියලා නිකං ෆෝම් වෙන එක මහා මෝඩ, ප්‍රතිගාමී, මඤ්ඤං වැඩක්!

ඒවාට බහුතරයක් රැවටුණු කාලයක් තියෙන්න ඇති. නමුත් දැන් නම් ඒ බූරුවෝ විකුණලා දාන්න කාලේ හරි!

මාතෘ භූමිය ද, පීතෘ භූමිය ද, අරක ද, මේක ද කියලා මංමුලාවෙන්නේ නැතුව අපි හොයලා බලන්න ඕනෑ හරි දේ මොකක්ද කියලායි. අපි සහයෝගය දෙන්න ඕනෑ ඒ හරි දෙයටයි. මව්බිම පෙන්නලා අපිට විකුණන්න යන දේ බොහෝ විට නිවරදි දෙයින් සෑහෙන්න වෙනස් දෙයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි!

ඔය මව්බිම වෙනුවෙන් දිවි දෙන්න ඉන්න අපේ කෂ්ටියට තියෙන අනිත් ලෙඩේ තමයි සාමාන්‍යයෙන් තර්කානුකූලව හිතන විදිය අමතක වෙන එක.

මෙන්න උදාහරණ කීපයක්. මේවා මං අමුතුවෙන් කියන්න ඕනෑ දේවලුත් නොවෙයි. දැන් සාමාන්‍ය දැනුම!

යුද්ධය මුවාවෙන් ලංකාවේ අනියම් මිනීමැරුම් සිදුවුණා, ඒත් ඒ දකුණේ විතරයි.
ලංකාවේ වධකාගාර තිබුණා, ඒත් ඒ බටලන්දේ, එළියකන්දේ වගේ තැන්වල විතරයි.
ලංකාවේ මානව හිමිකම් කඩ කෙරෙනවා, ඒත් ඒ රතුපස්වල වගේ තැන්වල විතරයි.
ලංකාවේ මාධ්‍යවේදියෝ මිය යනවා, ඒත් ඒ කොළඹ විතරයි.

ඕවා ගැන හොයන්න කොමිසම් දාන්න කවුරු හරි හදනවා නම්, වහාම මව්බිම වෙනුවෙන් දිවි හිමියෙන් ඉදිරිපත් විය යුතුයි! හරි වැරැද්ද මොකක්ද, යුක්තිය මොකක්ද කියන ඒවා වැදගත් නෑ!

ඒ කෙසේ වෙතත් මෙන්න මගේ අළුත්ම ස්ලෝගන් එක.

පළමුව මව්බිම, දෙවෙනුව බ්ලොග් එක!

(මං හිතන්නේ මටත් ඒක ටැපලුණා වගේ).

-කතන්දරකාරයා

ප/ලි:
පළමුව මව්බිම, දෙවෙනුව ඉගෙනුම! වගේ ඒ දවස්වල වෙනත් දේශපාලන පත්තරේක ගිය ස්ලෝගන් එකකුත් මට දැන් මතක් වුණා.

වර්ගවාදී යුද්ධයට එක ඉත්තෙක් නොදෙනු! එක ශතයක් නොදෙනු!!

(image: http://02varvara.files.wordpress.com/2013/02/00-stalingrad-mother-motherland-calls-07-02-13.jpg?w=1200&h=800)

109 comments:

  1. හිනාත් යනව අප්පා සමහර තැන් කියවද්දි ....

    ReplyDelete
    Replies
    1. අපි අපටම හිනාවෙනවා.

      අපි වෙනුවෙන් අපි!

      Delete
    2. today is our day? it isn't kaka?

      Delete
  2. ඔය දේවල් වැදගත්කමේ අනුපිළිවෙලට සකස් කරගන්න ඕනේ... ආගම, ජාතිය, රට... සහ සියල්ලටම උඩින් මිනිස්කම.... අපි ඉස්සෙල්ලාම මිනිස්සු කියන පොදු කුලකයට අයිතිවෙලා තමයි, රට, ජාති, ආගම් විදිහට බෙදෙන්නේ... ඒ නිසා රට, ජාතිය, ආගම හේතුකරගෙන මනුස්සකමට එරෙහිවීම... කියන්නේ, අර රත්තරන් බිත්තර ගන්න කිකිලි මරනවා වගේ වැඩක්.

    ඉස්සර රූපවාහිනියේ ගියා "යුග විලක්කුව" කියලා ටෙලිනාට්‍යයක්. සුදත් රෝහණගෙ අධ්‍යක්ෂණය, තිර රචනය සුගතපාල ද සිල්වා. ඒකෙ කතා කලේ දේශපාලඥයෝ සාමාන්‍ය මිනිස්සුන්ව ගොනාට අන්දලා යුද්දෙන් වවාගෙන කන හැටි. ඒකෙ තේමා ගීතයත් හරි ලස්සනයි. සිංහලෙන් දෙමළෙන් දෙකෙන්ම කියනවා. සුනිල් එදිරිසිංහ සහ නිරෝෂා විරාජිනී කියන්නේ. මතක තියන පද කෑලි ටිකක් මේ...

    "ලේ සලකුණු පමණයි රණ බිමක ඉතිරිවන්නේ
    මේ කඳුළුම පමණයි රණ හඬට නෙත උනන්නේ
    .....
    දෙපිල බෙදී රණ බිම් වැද අවි දැරුවෝ
    කවුරුද සතුරෝ? කවුරුද රණ විරුවෝ?
    ජය ලද්දෝ දෙපිලම බිලිගත් මරුවෝ"

    ReplyDelete
    Replies
    1. යුග විලක්කුව කියන්නේ අර ලංකා සමසමාජ පක්‍ෂය වගේ මුල් කාලේ දේශපාලන පක්‍ෂ ගැන කියවුනු කතාව නේද?

      Delete
    2. යුග විලක්කුව නිශ්පාදනය කලේ සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක. ඕකේ රඟ පෑවාද කොහෙද. එයාට ඉස්සර සමසමාජයත් එක්ක සම්බන්ධකම් තිබිලා තියෙනවා. චන්ද්‍රිකා තමයිලු කිව්වේ ඕකට මුදල් වියදම් කරන්න කියලා. ඔය ගැන පත්තරේක තිබුනා ඉස්සර.

      Delete
  3. මේකත් ඉතින් එක් එක්කෙනා දකින විදිය. හැම පහසුකමක්ම තියෙන තැනක ඉඳගෙන බලන කෙනෙකුට වඩා , ඉන්ට තැනක් නැති කෙනෙක් මේ දිහා බලන විදිය වෙනස්.

    තිසර කීවා වගේ මිනිස්කම තමා වැදගත්ම. ඒත් අතීතයේ එක්තරා මිනිසුන් කොටසක් සටන් කරලා ජීවිත පූජා කරලා අපේ අනාගතය වෙනුවෙන් යමක් ඉතුරු කලා කීවොත් වැරදි නෑ. කවුරු හරි කෙනෙක් ඒ මාවත තෝර නොගත්තානම් අද අපි කියලා කොටසක් නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබ මේ කියන්නේ මොනවාද?

      මං කියන්නේ මව්බිම නැතිනම් මරණය කියා ලාංකිකයින්ව ඇන්ඳු අය ගැනයි.

      1. ..................එදා මං දැකපු ඒ මහරගම පෝස්ටර අලවපු ළමයි සෙට් එකක් පස්සේ දවසක ඒ පාසල ඉදිරියේම මරලා දාලා තිබුණා කියා මට ආරංචි වුණා!...................


      2. ............ඇයි "වෙන්ඩ මව්බිම" හෙවත් වෙන් කරළා හදා ගන්න ගිය මව්බිම? ඒ වෙනුවෙනුත් ලාංකිකයින් ලක්‍ෂ ගාණක් මිය ගියා!...............

      Delete
  4. අප කොතරම් උත්සාහ කළද, මේ කාළකන්නීන් අදටත් ජයග්‍රහණය කරනා බව මෙවර මැතිවරණයෙන්ද ඔප්පු වී හමාරය. මට දුක මේ මව්බිම බේරාගැනිමට යන කොට මුන්වත් පෙරහරේ ඉස්සරහින්ම නොගෙනියන එකට. මම දැක්කා එකෙක් කොමෙන්ට් එකක් දාලා තිබුනා කොහේ හරි.. මුන් උගත් බව පෙන්නන්න, නැෂනල් එකට අමතරව කන්නාඩිත් දානවා කියලා.. සම්පූර්ණ ඇත්ත කතාවක් තමයි ඒක නම්. කන්නාඩිය නොදාන එකා පැරදිලා.. ඌ හොඳින් හිතට ගන්න ඕන, මීට පස්සේ කන්නාඩියක් දාලා ෆෝටෝ වලට ඉන්න. මුන්ට විරුද්දව එන ඕන එකෙකුට.. ශතකයක් නෙමෙයි.. දහසක් උනත් පූජා කරන්න මම කැමතියි.. ඒකට ජාති භේදයක් නෑ..

    ReplyDelete
    Replies
    1. මං කියන්නේ යුද්ධවලට ඉත්තෝ සහ ශත නොදෙන ලෙසයි.

      Delete
    2. //මට දුක මේ මව්බිම බේරාගැනිමට යන කොට මුන්වත් පෙරහරේ ඉස්සරහින්ම නොගෙනියන එකට//

      ඇත්තටම මේ දේ සිද්ද වුනානම් අද මේ රට කොච්චර ලස්සනද?

      Delete
  5. නමුත් දැන් නම් ඒ බූරුවෝ විකුණලා දාන්න කාලේ හරි!/////
    කාටද මේම කියන්නෙ.... ඈ... මෙහෙ ඉන්න රට හරක්ටද... ඊට හොදා කට ගලක උලා ගන්නව... උං හිතන්නෙ උදේට කාපුවාම දවල්ට කෝමද පලුනක්කු ටික කන්නෙ කියල විතරයි... ඒ වෙනුවෙන් අම්ම හරි උගස් කරන උං දැං ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ පද්ධතියේම කොටස් වෙමු.

      Delete
    2. දේශප්‍රේමය බොරුවක්, වෙන්න ඕනේ පීඩිත පංතිය, කාන්තා අයිතීන් වගේ දේ මුලට ගත්තු සටනක් කරන එක. අන්න එහෙමනම් ඒ සටනට මුල් තැන දෙන එක හරි.

      Delete
  6. නිල් කොලර් මල්ලී: ඔව් පාඨකයිනි අද අප කකාගේ පෝස්ට් එක ගැන අදහස දැන ගන්න හමුවන්නේ ළිඳ-කපමි- අදිමි-නාමි විචාරක තුමා. විචාරක තුමනි කකාගේ පෝස්ට් එක ගැන මොකද්ද ඔබේ විචාරය?

    ළිඳ-කපමි- අදිමි-නාමි විචාරක: ඔව් මල්ලී මට හිතෙන විදිහට මේක ඉතාම ප්‍රතිගාමී දේශද්‍රෝහී පෝස්ට් එකක්. අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ අපේ රට ජාතිය ආගම රැක ගත්තේ අපේ වීරෝධාර (මේ මං වගේ) රණවිරුවන්. කකා මේ පෝස්ට් එකෙන් අපේ ඒ වීරෝධාර රණවිරුවන් පාච්චලයට ලක් කරනවා. මේකත් අර ටැබුවා සොල්දාදුවෝ බැහැපන් කරෙන් බිමට කියලා ලියපු දේශද්‍රෝහී ලියැවිල්ලේම දිගුවක් හැටියටයි මට පෙනෙන්නේ. මේවා අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ දේශපාලන අමනයින්ගේ වැඩ. මූ මගේ රෙජිමේන්තුවේ හෙම හිටියා නම් දනියි මං මූට කරන දේ. මං මුගේ තට්ටෙ තල් ගස් හිටෝනවා!

    නිල් කොලර් මල්ලී: අවශ්‍යම නිසා අපි දැන් අහමු ඒකීය අක්කාගේ අදහස...

    ඒකීය අක්කා: ‘අන්න මල්ලි ප්‍රශ්නයක් අහනවා කකාගේ බ්ලොග් එකේ,’ යැයි ඇමෙරිකන් මිතුරන් එවූ කෙටි පණිවිඩ නිසා කියවමින් සිටි පොත පැත්තකට දමා මම කකාගේ බ්ලොග් එක කියවන්නට පටන් ගත්තෙමි. “කතන්දර” වැනි ලියන්නට කිසිම කුසලතාවයක් හෝ දක්ෂතාවයක් අනවශ්‍ය වූ බ්ලොග් එකක් වර්තමානයේ ජනප්‍රිය ඇයි? කකාගේ බ්ලොග් එක කියවා ලංකාවට ඇදී එන සංචාරකයන් කොතරම් වැඩිවේවි ද? පහුගිය දා ඇල් ජසීරා ප්‍රවෘත්ති වලින් බ්‍රසීලයේ රියෝ ඩ ජැනයිරෝ නගරයේ යුද්ධ ටැංකි එහා මෙහා යන හැටි දකින්නට ලැබිණ. ලෝක කුසලාන ෆුට්බෝල් ලෝලීන්ට එය දැකීමෙන් බ්‍රසීලයට එද්දී ලැබෙන ආරක්ෂාව ගැන කොතරම් විශ්වාසයක් ගොඩ නැඟුනේ දැයි කියන්නට හැකි ද?!!!!

    නිල් කොලර් මල්ලි: ඔව් අක්කේ හැමදාම වගේ අදත් අක්කාගේ විචාරය අතිශයින් හරවත්. අති විශිෂ්ඨයි අක්කේ, ලංකාවේ වම්මුන් ඒක කියවා තල්ගස් ගිල්ල ගෝන්නු වගේ බලාගෙන ඉන්නවා. දිස් ඉස් නොට් ෆෝ යූ මුතුගම ගොඩයා. ප්ලීස් ඩෝන්ට් ටේක් ඉට් සීරියස්ලි. අයි ලව් යූ මෑන්.

    මුතුගම ගොඩයා: ගෝ ටු හෙල් මෑන්. අයි නව් හෑව් ටු ඉස්ටාට් අවර් සමාජවාදී විප්ලවය. අයි හෑ නෝ ටයිම් ෆෝ යූ මෑන්.

    කකා: ඔබේ මානසික රෝගයට ප්‍රතිකාරයක් යැයි සිතා මෙය ඉවත් නොකර තබමි. ඒත් දැන් නම් වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. මැක්සා ඕයි.... කකා මෙව්වා ලියන්නෙ නම් නිකම්ම නිකම් ඇනෝවෙක් වෙන්න බෑ..... මේ ලියවිල්ල හරිම පුරුදු ලියවිල්ලක්.....

      Delete
    2. ඔව් ඔව් කකා මේවා ප්‍රොෆෙෂනල් රයිටර්ස්ලට ඩොලර් දීලා ලියවා ගන්නේ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. @ ජෝ(ක.)නලිස්ට් ඇනෝ ජී!!!!!

      අරේවා දෝස්ත්!!!!!!!! කීප් ඉට් අප්! කීප් ඉට් අප්!!!!!!!!

      @ යට ඇනෝ සහබ්,

      අච්චා! අච්චා!!!!!!! බස්, මට නම් හිතෙන්නේ........!

      "ME KAKKAMAYI......!" කියලා!!!!!!!!!

      එකෙන්ම!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!

      Delete
    5. කොහොම උනත් නිර්මාණාත්මක ලියවිල්ලක්. අර ටැබූගෙ උපුටනය දැක්කම මට හිතුනෙ මූ අඩු තරමෙ 2010 වත් ඉඳල කියවන හාදයෙක්(අවුලක් නෑ)
      අන්තිම හරියෙ තියන නිල්කොලර් මල්ලිගෙ "වම්මුන්" වෙනුවට "මෝඩ වම්මුන්" කිව්වනං තව හොඳයි

      Delete
    6. @ Anonymous - 1 April 2014 08:39

      දැන් නං ඉතිං ඇති ඇති වගේ නේද මේ ආතල් එක?

      Delete
  7. palamuwa puka dewanuwa mawbima

    ReplyDelete
  8. වර්ණසිංහ කරන්නෙත් ඕකමලු නේද?

    ReplyDelete
  9. දිවිහිමියෙන් රකිමි...

    බඩ ගෙඩිය !

    ReplyDelete
    Replies
    1. ඇයි හත්මුතු පරම්පරාව?

      Delete
  10. එක දෙක තුන ඔක්කෝම මව්බිම තමා.. සුභ අනාගතයක්..

    ReplyDelete
    Replies
    1. එකයි, දෙකයි ඉතිං තුනයි නේන්නම්!

      Delete
  11. ඈ බොල කක‍ො (කක්කුස්සි කාරයා) උඔ Australian citizenship ගත්ත නම් , මොන හුන්නස්ගිරියකටද ලංකාව ගැන වද වෙන්නේ, ටෝනි ඇබර්ට් ගේ මයිල් ගාන ගැනපන්කො ඔහාට වෙලා. ලංකාව බොලාට ඕන වෙන්නේ මෙහේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගේන ගන්න විතරයි නේ?

    ReplyDelete
    Replies
    1. ඔබ මට මෛත්‍රීයෙන් කක්කුස්සිකාරයා කිය අමතන විටම පට සිහිවුනේ එදා බුදුන් කල විසූ සුනීතවයි.

      ඒ සමගම ඔබ එදා සිටි දේවදත්තයා මෙන් නොචේද කියා සිතී මට ඔබ කෙරෙහි අනුකම්පාවක් ඇති වුණා!

      Delete
    2. කකා වගේම කොකෙක්.1 April 2014 at 20:10

      Australian citizenship ගත්ත කියල , ලංකාව ගැන වද වෙන්න එපා කියන එක නං අමන කතාවක්, ඇයි අප්පා කවදහරි පොළොවට පස් වෙන්න එන්න රටක් තියෙන්න එපැයි. කියන්නෙ කොහි සිටද නොව කියන්නේ කුමක්දැයි සිහි බුද්ධියෙන් බලන්න.

      Delete
    3. ඇයි පස්වෙන්න මෙහේ එන්නේ එහාටම වෙයල්ලකො.කෙරේ එහාට නම් එහාට පස්ය වෙයල්ලාකෝ. මොකද අපිට පාන් ද මෙහේ නාව කියාල

      Delete
  12. \\එක දෙක තුන ඔක්කෝම මව්බිම තමා..//

    දේශක කීව මේ කතාවටනම් මාත් එකඟයි. අපිට ඔය මොකක් කරන්නත් රටක් තියෙන්නෙපැ‍යි.

    කතන්දර ඔය කීව විදියට අතීතෙ ඉඳල අද වෙනකල් මිනිස්සු ඕන එකක් වෙච්චාවෙ කියල බලං හිටියනම් තියෙයි අපිට රටක් මෙහෙමවත් ඉතිරිවෙලා. මොනා කීවත් ඒ අරගල කරපු උන් නිසා තමයි කවුරු කවුරුත් මේ පොලොවෙ මෙහෙම හරි පයගහල ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි මිත්‍රයා. ඔබේ දේශප්‍රේමීත්වයට මගේ ආචාරය!

      - ළිඳ-කපමි- අදිමි-නාමි විචාරක

      Delete
    2. එදා මව්බිම, දේශප්‍රේමය ගණිකා වෘත්තියේ නොයොදවා (සීජේ විදානේ ගේ කතාවෙන් කියවෙන පරිදි) පාසල් සිසුන්වත් වල පල්ලට නොයවා හිටියා නම් අද විජේවීරත් අවුරුදු හැත්තෑ ගණනක සීයා කෙනෙක් ලෙස ජීවත් වෙන්නට ඉඩ තිබුණි!

      Delete
  13. "මම සිංහ පැටියෙක් යකෝව්!"

    "අම්මප, සිරාවට?"

    "ඔව් යකෝව්!"

    "සිංහය ගෙට ආවද, නැත්තං අම්ම කැලේ රිංගුවද?"

    ReplyDelete
    Replies
    1. ප්‍රබන්ධයක් ගැන ප්‍රබන්ධයක් !

      Delete
  14. මාතෘකාවට අදාල නැති උනත් මව්බිම කියද්දි මතක් උනේ කකා.. ජාතික පත්‍තරයක් තියෙනව නොවැ මව්බිම කියලා..සංසාරේ ඒක කියෙව්වා මං පිස්සු නොහැදුනා විතරයි..නොදෝමකිං..මිත්‍යාව වපුරනවා කියන එකේ හොඳම එක.. අතේ රෝල් පුරෝලා.අනේ මංදා මිනිස්සුත් හූ කිය කිය අරං යනවා ගිහිං ඒක කියෝල ලයිව් @ 8 එකේ ඇක්සිඩන්ට් එකක් වලියක් බලල සැනසෙනවා !!!!!

    ReplyDelete
    Replies
    1. @ පත්තර මල්ලී භයියා,

      සිරාවට අයියණ්ඩී!!!!!!

      මට මතකයි ඔය යක්කු එක පාරක් දැම්මා "කාලි මෑණියන්ගේ අනාවරණ" කියලා ලිපි පෙලක්!!

      එකේ හැටියට රාහු, ගණ දෙවියන්ගේ xx ඇඟිලි ගහලා බලලා තියෙනවා ලු!!!!!!! (කිසි හිරිකිතයක් නැතුව මේක පත්තරේ දාලා තිබුණා!!!!!!)

      තව, ගණ දෙවියෝ කාලි මෑණියන්ගේන් (ගාමිණී ඈපාගෙන්) මයික්‍රො කම්පියුටරයක් ඉල්ලුවාලු!!!!!!!!

      කාලිමෑණියෝත් කාන්තාවක් නිසා ඇයටත් ඔසප් චක්‍රයක් තියෙනවා ලු!!!!!!

      (මතක විදිහටා ඒ මාස 8න් අටට ලු!!!!!!!!!!

      වැඩිදුර විස්තර සඳහා මව්බිම කාර්යාලය අමතන්න!!!!!

      ලෝන්ග් ලිව් මව්බිම!!!!!!!!!!!!

      හික්z!!!!!!!!


      ජයි හෝ!!!!!!!!!!!!!!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අම්මප මල්ලි මල් මසුරං කතා ටික !!!
      මට වඩා හොඳට උඹ කියල තියනව මට කියන්න ඕන උන දේ !!!
      ආඩම්බරයි හසන්ත ආඩම්බරයි !!!!!!

      Delete
    4. ඔයගැන මාත් ලිව්ව. උඹල හිටියෙ නෑ ඒකාලෙ මං හිතන්නෙ.
      http://raj1st.blogspot.com/2012/07/blog-post_07.html

      Delete
    5. @ පත්තර මල්ලී භයියා,

      බොහොත් ෂුක්‍රියා භයියා!!!!!

      ඕකුන්ගේ හොඳ හොඳ ආතල් බලාගන්න තිබුණා 2012 පත්තර සෙට් එක හොයාගන්න තිබුණා නම්!!!!!!!!

      කරුමෙටම අපේ ගෙදර තිබිච්ච එව්වලින් බල්ලට බත් දාලා නේ!!!!!

      @රාජ් සහබ්,

      ඔන්න මම ජීත් ඒ පැත්තේ බිග්ෆුට් අඩියක් දාලා ඇති!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!

      Delete
    6. @ පත්තර මල්ලී භයියා,

      බොහොත් ෂුක්‍රියා භයියා!!!!!

      ඕකුන්ගේ හොඳ හොඳ ආතල් බලාගන්න තිබුණා 2012 පත්තර සෙට් එක හොයාගන්න තිබුණා නම්!!!!!!!!

      කරුමෙටම අපේ ගෙදර තිබිච්ච එව්වලින් බල්ලට බත් දාලා නේ!!!!!

      @රාජ් සහබ්,

      ඔන්න මම ජීත් ඒ පැත්තේ බිග්ෆුට් අඩියක් දාලා ඇති!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    7. රාජ් පෝස්‍ට් එක බලාගෙන ආව.. සහතික ඇත්ත බං.බස් ඩැයිවර් කෙනෙකුයි වීල් පාක් එකේ කොල්ලෙකුයි කට්ටඩියෙකුයි අල්ලගත්තනං මටත් පත්තරයක් කෙරුවහැකි බං !!!

      පිල්ලි ජී !!
      චැහ් .ඔච්චර වටින දේවල් වල බල්ලන්ට බත් දැම්මා ????
      තෝ තියන්න වටින් නෑනෙ.. !!

      Delete
    8. බලාගෙන තොපිට වස් වදියි.. ගාල්තැන්නේ කඹුරන්න වෙයි..

      Delete
    9. ගාල්තැන්න pvt. Ltd කීවෙ EAP ස්වර්ණවාහිනී සමූහ
      වියාපාරෙ දේවාල බ්‍රාන්ච් එක වෙන්ටැ බොස් !!!

      පවුමක් දෙකක් දෙනවනං දෙන්නංකො ගවේශනශීලී මාධ්‍ය ආවරණයක් පැණි බේරෙන්ඩ !!!
      මව්බිම කැලේ !!!!

      Delete
    10. මාත් මීට පස්සේ අනාවැකි කියන කොට අධ්‍යාත්මවේදී මාතලන් යනුවෙන් භාවිතා කරන බව සියලු ශ්‍රී ලාංකිකයින් වෙත දන්වා සිටිමි..

      Delete
    11. දාගන්ට ලොක්කා දාගන්ට අතිං පයිං යනවෑ !!!
      මහාචාර්‍ය අධ්‍යාත්මවේදී කාව්‍ය ශිරෝමනී ,මද්‍යස්ත දේශපාලන විචාරක, ඔය තියෙන්නේ !!

      මාත් දාගන්නව බොංගෝ විශාරද කියලා !! :D

      Delete
    12. ඇත්තටම ඒ පටන් ගත්තු කාලේ මව්බිම මාර ගැම්මක් දුන්නු පත්තරයක්.

      මංජුල වෙඩිවර්ධන නේද ප්‍රධාන කතෘ? විමලනාත් වීරරත්නත් හිටියා නේද?

      Delete
    13. මං හිතන්නේ මට වැරදිලා!
      මුල් මව්බිමේ හිටියේ තිලකරත්න කුරුවිට බණ්ඩාර. ඔහු පසුව සියතට ආවා. වෙඩිවර්ධන හිටියේ සියතේයි.

      Delete
    14. කකා....ඔය පත්තර බ්‍රදර් කියන මව්බිම හැර තවත් මව්බිමක් තිබුනා වගේ මතකයි. කකා කියන්නේ ඒ ගැන විය යුතුයි.

      Delete
    15. ඒ පළමු මව්බිම මංගල සමරවීරලයි පාලනය කළේ. x කණ්ඩායමේ කට්ටියත් සෙට් වෙලා හිටියා.
      මා නිවැරදි නම් ටිරාන් තමයි එදත් අදත් අර්ථපතියා. තිලකරත්න කුරුවිට බණ්ඩාර හිටියේ එදා.

      පත්තර බ්‍රදර් කියන මව්බිම දැන් තියෙන අටමගලෙම තමා. මිත්‍යාව පෝලිමේ වපුරනවා. අනාථ වෙච්චි උන් ටිකක් එකතු වෙලා පත්තරේ කරනවා.

      Delete
  15. රණබිම මැරුනේ සිංහලයෙකුනම්
    පපුවෙහි වෙඩි සළකුණු ඇත්තේ
    සතුරට ළයදී මිස මැරුනේ නැහැ
    ලේ පැල්ලම් ඇත පිට පැත්තේ ( චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ ගීතයක් )

    ඒත් මොනවටවත් සම්බන්ධ නැති අහිංසක දෙමළ මිනිස්සුත් ,සාමාන්‍ය අහිංසක සිංහල ජනතාවත් කොච්චර මැරුණද......

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හමුදා වලත් දෙමළ, මුස්ලිම් අය ඉන්නවා...

      Delete
    2. සොන්යා,
      මං කියන්නේ මව්බිම විකුණා මිනිසුන් රවටා මිනීවලට දැක්කීම ගැනයි.

      යුද්ධයට සම්බන්ධ නැති අය පමණක් නොව යුද්ධයෙන් මිය යාමද මට නම් අනුමත කළ නොහැකියි.

      Delete
  16. මව්බිමේ වටිනාකම එන්න එන්නම අඩු වෙනව (ඉඩං ගනං ගියාට). තව අවුරුදු දෙක තුනකදි ඕක නැත්තට නැතිවෙයි. මේ ඡන්දෙදිත් ඒක පේන්න තියනව
    Delete

    ReplyDelete
    Replies
    1. පිස්සු... ඔයාම කියලා තියෙන් එක හොඳයි. රට එක සේසත් කරපු මහින්ද යටතේ, මේ රට පුංචි වෙලා දැන් මූදත් ගොඩ කරනවා. ඒවයේ වටිනාකම දන්නවා නම් හෙම උඹ හූල්ලනවා. අර භූමි පුත්‍රයෝ නෙමෙයි.. හූම් කියන්නේ..

      Delete
    2. @ රාජ්,
      මව්බිමේ වටිනාකම විතරක් නොවෙයි, මිනිස් ජීවිතයක වටිනාකමත් කොච්චර අඩු වෙලාද?

      Delete
    3. @මාතලන්
      ඇයි අර හම්බන්තොට වරාය හදන කොට ගොඩබිම කපලා මූද ගොඩට ගෙනාවා නේද?

      Delete
  17. ගීතය නම් හදිසියෙ අහල තියෙන නිසා වැරදි තියේවි සමහරවිට :)

    ReplyDelete
    Replies
    1. මං ඒ ගීතයට කැමත්තක් නැති නිසා කමක් නෑ සොන්යා!

      Delete
  18. මිනිස්සු විවිධාකාරයිනේ.. ඒ නිසා එක එක්කෙනා හිතන විධි වෙනස්..

    කොහොම වුනත් පළමුව මව්බිම, දෙවෙනුව බ්ලොග් ! ස්ලෝගන් එකට නම් හුඟ දෙනෙක් කැමති වෙයි..

    ReplyDelete
    Replies
    1. පළමුව මව්බිම, දෙවෙනුව බ්ලොග්!

      මේකට බැනර් එකක් හදලා බෙදා හරින්න ඕනෑ!

      Delete
    2. පළමුව මව්බිම, දෙවෙනුව බ්ලොග් එක!

      ඔන්න බැනර් එකක් හදලා දැම්මා නිකං පිළිගැනීමේ තොරණ වගේ!

      බැනරයේ කොපියක් අවශ්‍ය අය දන්වන්න.
      kathandara@gmail.com




      Delete
  19. සුභ අනාගතයක්..!

    ReplyDelete
  20. කකා... පුක යනු කුණුහරුපයක් නොවෙන නිසා..... "පුකෙන්" හට ගන්නා සියළු ප්‍රත්‍යයන්..... කුණුහරුප නොවේ කියලා රියර් ගේට් එකේදි ඇනෝවෙක් තර්කයක් ඉදිරිපත් කරලා තියෙනවා.... ඒගැන කකාගෙ මතය මොකක්ද?

    ReplyDelete
  21. කකා , ඉශ්‍රායලයේ ඉන්න යුදෙව් ජාතිකයන් ට මොනයං විදියකින් හරි මවුබිම රැකගත්තොත් නේද ජීවිතෙත් රැකෙන්නේ ? එතෙන්ටත් ඔබගේ ඔය තර්කෙ අදාලද ?

    ReplyDelete
    Replies
    1. මොනවද මේ දාන පරණ තර්ක? නිකං ස්කේප්ගෝට් ලා හොයන්න එපා තර්කයක් උදෙසාම.

      අදාල ප්‍රශ්ණය වෙනස් එකක් නේ.

      Delete
  22. පළමුව මව්බිම...දෙවනුව ජනාධිපතිකම
    දැන් යන ස්ලෝගන් එක මේකනේ.

    පළමුව මව්බිම...දෙවනුව විදුලි පුටුව
    පළමුව ඇමරිකන් පුරවැසිභාවය...දෙවනුව මව්බිම (එහෙමත් තියෙනවා )

    මව්බිම විකුනා අහිංසකයින් මරුවාට තල්ලු කිරීම වගේම දරුණුයි මව්බිම විකුනා ඡන්ද පොලට තල්ලුකිරීමත්

    ReplyDelete
    Replies
    1. අනික එදා ගන්ධබ්බ ලා ගේ ෆොටෝ අරං ජීනීවා යන්න ගිය මෑන්ස් ම!

      Delete
  23. 88 - 89 දි පලමුව මවුබිම කිව්වහම එන ටෝන් එක නෙවෙයි දැන් ‍දැන් එන්නේ -
    කොටින්ම ඒ කාලේ ඒක කිව්වේ ආණ්ඩු විරෝධීන් දැන් කියන්නෙ ආණ්ඩුව..
    (ඉස්සර එහෙම කිව්වේ ඇන්දිලා දැන් එහෙම කියන්නේ අන්දන්න)

    ReplyDelete
    Replies
    1. කවදත් එකම රැවටිල්ලයි, රැවටෙන මෝඩයෝ රැවටුණා.

      එදා රැවටීම කළ අයත් මෝඩයෝ වෙන්න ඇති. අද නං කට්ටයෝ

      Delete
  24. අනේ පලයං කශූ යන්ඩ බොරු නොකියා අප්‍රේල් පලවෙනිදා ! (ගම් වල හිතේෂී භාෂාවෙන්ම ලිව්වා ඕන් )

    ReplyDelete
    Replies
    1. අනේ ඉන්න මෙයා විහිළු නොකර!

      Delete
  25. මව්බිම විකුණ ගෙන කන කට්ටියම අපිට මව්බිම රැකගන්න , මව්බිම වෙනුවෙන් පෙරට එන්න කියන එක විහිළුවක්...හැබැයි ඊටත් වඩා විහිලුව වෙන්නේ ඒ වචන වලට රැවටිලා අපේ බුද්ධිමත් ජනතාව ඔවුන්ට තව්ව දුරටත් රට කන්නට අවස්තාව සලසා දෙන එකයි...

    ReplyDelete
  26. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙ නැලු... :D :D

    ReplyDelete
    Replies
    1. බල්ලෝ සිය දෙනෙක් සහ බත් කන්දක් එක්ක ට්‍රයි කරන්න.

      Delete
  27. ඔතන වෙන්නේ අහිංසක මිනිස්සු හිතන්නේ එයාලා "මව්බිම" වෙනුවෙන් ජීවිත පුජා කරනවා කියලා උනාට ඇත්තටම පූජා කරලා තියෙන්නේ "මව්බිමේ පාලකයන්" වෙනුවෙන්!

    ReplyDelete
    Replies
    1. ඔය දීලා තියෙන උත්තරේ මෙන්න මේ පොදු ප්‍රශ්ණයටත් නිවරදි පිළිතුරයි.

      "අපට කෙලවුනේ ඇයි?"

      Delete
  28. ගන්ධබ්බයලා ෆෝම් කළ අය ද.
    ගන්ධබ්බයලා ට වැඩේ දුන් අය ද,
    ගන්ධබ්බයලා ගේ මිනීවලවල් හෑරූ අය ද,
    පමණක් නොව
    ගන්ධබ්බයලා විසින් ගල්කටස් සහ ටී 56 මගින් සෑදූ විවිධ වර්ණවල ගන්ධබ්බයලාගේ මාස්ටර්ස්ලා ද
    අද පිරිත් නූල් බැදගෙන යහතින් සිටිති.

    ගන්ධබ්බයලා එදත් අනාථ ය. අදත් අනාථ ය.

    ReplyDelete
  29. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී පාලක යන්ගේ දරුණු මර්ධනය විසින් පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ,අතුල සේනා රත්න, සරත් කොල්ලූරේ යන සිසුන් මරා දැමූහ. අද දිනයේ මෙලෙස අවාසනා වන්ත ලෙස මිය ගිය මේ සිසුන් සිසු විරුවන් ද නැතහොත් අවස්ථාවාදී රැඩිකල් දේශපාලනයේ බිලි බෝයිස්ලා වීද යන්න පිලිබඳව බරපතල කුකුසක් මතුවේ. මෙම පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල සහ උද්ඝෝෂන පසුපස සිටි නායකයන් ගේ වර්තමාන ක්‍රියා කලාපය පිලිබඳව සලකා බලන විට මේ සැකය මතුවීම සාධාරණය. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී වර්තමාන ජවිපේ නායක සෝමවන්ස අමරසිංහ විශාල වැඩ කොටසක් කලේය​. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සෝමවන්ස අමරසිංහගේ පුතා අද දිනයේ ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය​. පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව එකල විමල් වීරවංස (විමලසිරි ගම්ලත්) විශාල හඩක් නැගුවේය. ඔහු සරසවි සිසුන්ට පන්ති පවත්වා පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල වලට ඔවුන්ව යොමු කලේය​. අද දිනයේ විමල් වීරවංසගේ පුතා ඉගෙන ගන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය​. සරසවි සිසුන් පාරට බස්සවා සන්නද්ධ වියාපාරයකට ඔවුන්ව යොමු කල කුමාර් ගුනරත්නම් එවකට කර්නල්වරයෙකු වූ සරත් ෆොන්සේකාට සියල්ල වමාරා ඕස්ට්‍රේලියාවට පලා ගියේය​. ඔහුගේ දරුවන් දෙදෙනා තව නොබෝ කාලයකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ආරම්භ කරනු ඇත​. ඒ කාලයේ මේ විරෝධාතා වලට තිරය යට සිට සහය දුන් එස්. බී දිසානායක ඔහුගේ පුතුන් දෙදෙනා උසස් අධ්‍යාපනය සඳහා යැව්වේ ඕස්ට්‍රේලියාවේ මොනෑශ් විශ්ව විද්‍යාලයටය​. මෙවැනි අරගල වීදි සටන් වලට සැමදා ආවඩන හිටපු ක්‍රම විරෝධියෙකු මෙන්ම අධිරාජ්‍යවාදී විරොධීයෙකු වූ වාසු තමගේ පුතා අධ්‍යපනය සඳහා යොමු කලේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය​. පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් ෆෝම් කරවා ඔවුන්ව මර්ධනකාරී වෘකයන් වෙත ගොදුරු පිණිස දැමූ දේශපාලකයන් හා සිසු නායකයන් අද දිනයේ ක්‍රම සහ විධි වලින් යහමින් මුදල් උපයන බඩ තඩි මුදලාලිලා බවට පත් වී තිබේ. ස්වයං වරදකාරී බවින් මිදීමට මොවුන් බොරුවට වසරකට වරක් මේ බිලි බෝයිස්ලා අනුස්මරණයට ඉටිපන්දමක් දල්වා ලේ රත් වන කතාවක් කොට විසිර ගොස් යලි ලබන වසරේ අනුස්මරණ දිනයක් එන තෙක් හුරු පුරුදු ජාවරම් වල යෙදී සිටිති. සිසු නායකයන් ගොඩ ගියේය​. අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ? මේ බිලි බෝයිස්ලා සහ ඔවුන්ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලය නම් සාපලත් යුගයක්. අර කොමිසමට ඔය කාලෙත් ඇතුලත් කළා නම් තමා හොඳ. හැබැයි සහෝදරයන් (සහෝදරයන් හා සහෝදර සමාගම) දෙගොල්ලයි, "බුදු දහමට අනුව ජිවත්වන ලිබරල් කාරයනුයි" සියල්ලන්ම එක හෙලා විරුද්ධ වේවි. මනුශ්‍යෂත්වයට එරෙහි අපරාධ සඳහා එක චෝදනා ලද්දෙක් ඊයේ පෙරේදා මිය ගියා (දයානන්ද වික්‍රමසිංහ).
      ඔබ කියා ඇති පිරිස පමණක් නොවේ, ලංකාවේ දරුවන් ගෝත්‍රික යුගයට දක්කන දත් දොස්තර ගුණදාස හා මහාචාර්ය නලින් ලාත් දරුවන්ව අනුරාධපුරේ යවල නැහැ. අප දන්නා නොදන්නා සියල්ලන්ම මෙහෙමයි. ඒ විතරක් නොවේ දරුවන් සියල්ලන්ගේම ඉගෙනීම කඩාකප්පල් කරන්නට ක්‍රියා කරන අතරේ විප්ලවවාදී නායක විජේවීර තම දරුවන්ට ටියුෂන් ගුරුතුමියක් ගෙදරටම ගෙන්නා ගෙන තිබුනා කියා පසුගිය දිනවල පළ වුනා.

      Delete
    2. @ඇනෝ
      //අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ? මේ බිලි බෝයිස්ලා සහ ඔවුන්ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි. //
      සහතික ඇත්ත.

      Delete
    3. යූඑන් කොමිසම දැම්මත් මොනවා බලාපොරොත්තු වෙන්නද?

      Delete
    4. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කකා. හැබැයි අපට යුනිටි එක කදිමට බලා ගන්න තිබුනා. ඒ කියන්නේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කරපු සියල්ලන්ගේ එකමුතුකම. එයයි මා නම් දැක ගන්න බලාපොරොත්තු වන්නේ. තව එකක් තමා හුන්සෙන් ගොයියා වගේ කපටි නම්, මේ පරික්ෂනයටත් උසාවියක් අටවලා, ඩොලර් මිලියන ගානක් පාස් කරගෙන, කට්ටියට පාකින්සන් හැදෙන කම් ඇදගෙන ගිහින්, ඒ සල්ලිත් යටි මඩි ගහගන්න තිබුනා. අන්න ව්‍යසායකත්වය!

      Delete
  30. පළමුව මව්බිම, දෙවෙනුව බ්ලොග් එක!

    ඔන්න බැනර් එකක් හදලා දැම්මා නිකං පිළිගැනීමේ තොරණ වගේ!

    බැනරයේ කොපියක් අවශ්‍ය අය දන්වන්න.
    kathandara@gmail.com

    ReplyDelete
    Replies
    1. අපොයි එපා. ඔය දාපු පොල්ගෙඩි තොරණ හින්ද මේක ඔෆිස් එකේ බලන්නත් අමාරුයි දැන් . කකා මෙතරම් මේ කරුණ සම්බන්ධයෙන් චුං වීමේ හේතුව අපැහැදිලිය. දේශ ප්‍රේමියෝ කකාගේ පවුලේ කාව හරි ස්වර්ගස්ථ කරාද ඒ දවස් වල ? :)

      Delete
    2. මට දුක ඔහේ මං හිතුවාට වඩා පටු චින්තකයෙක් බව හෙළිවීමයි.

      http://kathandara.blogspot.com/2013/12/view-from-your-astral-body.html

      දුක තමයි රංජනී!!!

      Delete
    3. Not everybody can be perfect like you නේ කකා :D

      Delete
  31. මවුබිමවෙනුවෙන් සටන් කරන එකනම් මොන විකාරයක්ද කියලා හිතෙනවා තමයි. ඊට වඩා වැදගත් කාන්තාවන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සටන් කරන එක. එතනදි රට ගැන කතා මොක උනත් කාන්තා අරගලයට සහය දෙන සියලු පාර්ශව සමග කොන්දේසි විරහිත ලෙස අත්වැල් බැඳගටයුතුයි

    ReplyDelete
    Replies
    1. අම්මට බොල .. එහෙනං එහෙනං..!!
      සහතික ඇත්ත..
      ආං කෙන්ජි මාම හෙව්ව අත්වැල් බැඳගන්න..
      හැබැයි ඊට පස්සෙ ඒවට අපි නෑ !!!!

      Delete
    2. මං නං කවදත් කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නවා. මෙන්න උදාහරණ.

      1. ගෙදර පොඩි අවුලක් - කාන්තා පක්‍ෂය මේක බලන්න එපා
      http://kathandara.blogspot.com/2010/06/blog-post_16.html

      2. සරොම් අස්සේ ජොකා බලකාය
      http://kathandara.blogspot.com/2011/02/blog-post_23.html

      3. කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms?
      http://kathandara.blogspot.com.au/2013/08/whats-common-between-buying-sanitary.html

      4. අනිච්ඡාවත සංඛාරා - සුදු සාරියේ ශෝකය
      http://kathandara.blogspot.com/2010/12/blog-post_31.html

      5. ඇයි ගෑනු කියන්නේ බබ්බු ද?
      http://kathandara.blogspot.com/2011/02/blog-post_21.html

      6. උන්මාද චිත්‍රසේනව දැකල තියෙනවද?
      http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html

      7. ගෑණියෙක් විදියට හිතන්න පිරිමින්ට බැරිද? - Cross thinking!
      http://kathandara.blogspot.com.au/2013/10/blog-post.html

      8. ගෑනු බොස් ලා හෙවත් බොසී ලා - Who wants to work under a lady boss?
      http://kathandara.blogspot.com/2011/03/who-wants-to-work-under-lady-boss.html

      9. හිසරදයට SEX හොඳ බෙහෙතක් බව සොයා ගැනේ - Sex therapy for migrane
      http://kathandara.blogspot.com/2013/03/sex-sex-therapy-for-migrane.html

      10. මොරටුව සරසවියේ අවනීතිය හෙලා දකිමු : Moratuwa University - Shame! shame!! shame!!!
      http://kathandara.blogspot.com.au/2013/12/moratuwa-university-shame-shame-shame.html

      Delete
    3. 11. බැඳපු අයට උපදෙස් කීපයක් (බඳින්න හිතං ඉන්න අයටත් හොඳයි!) - Advice for married people (my version)
      http://kathandara.blogspot.com/2011/10/advice-to-married-people-my-version.html

      12. කසාද වයිෆ් ගෙදර නැති වෙලාවට මහත්තුරු කන බොන හැටි - Secret men's business!
      http://kathandara.blogspot.com.au/2013/09/secret-mens-business.html

      13. තරුණ හස්බන්ඩලා ගේ දැන ගැණීම පිණිස වම්බටු ගැන පාඩමක් (වයිපරේ ලා නොබැලුවාට කමක් නැත) - Lets cook boys!
      http://kathandara.blogspot.com/2013/12/lets-cook-boys.html

      14. මහදැණමුත්තා ගේ ශිෂ්‍යාව කවුද කියලා දන්නවද?
      http://kathandara.blogspot.com/2010/12/blog-post_21.html

      15. කොයි කෙල්ලට ද වැඩියෙන් හිත යන්නේ? - A question of taste!
      http://kathandara.blogspot.com/2013/05/question-of-taste.html

      16. ඔෆීසියේ දී දුටු යුවතිය - Girl at the office
      http://kathandara.blogspot.com/2012/03/girl-at-office.html

      17. මේ ගෑණු ගති - උණ පුරුකේ දැම්මත් දිග නොහැරෙනු ඇති? - Women detectives
      http://kathandara.blogspot.com/2012/12/women-detectives.html

      18. දික්කසාද වෙන එක ගැන කියවෙන ගෑණු ජානයක් - Divorce gene of girls identified!
      http://kathandara.blogspot.com/2012/03/divorce-gene-of-girls-identified.html

      Delete
    4. හුහ්.. සුපිරි ලින්කටු දැමිල්ලක්.. ජය වේවා..

      Delete
  32. නවත්වන්න ඔල්වරසන්
    බිම හෙලන්න බොන ජයපැන්
    දිනන්නේ කවුද මෙතැනදී -සහෝදරයිනේ

    අම්මලා කිරට හරවන
    පියවරුන් හෙලු දහඩිය
    ගලයි උණු ලෙයට පෙරලි යුද්ද භුමියේ

    ජාති කුල මතින් වියරුව
    එදා සිට නගා රණ ගොස
    ජන ලෙයින් පිරු මදුවිත ප්‍රීති සාදයේ

    ReplyDelete
    Replies
    1. කපුගේගෙ 'බිම්බරක් සෙනග' සිංදුවේ තාලෙට මේක ලස්සනට ගායනා කළ හැකිනේ... ලස්සනයි නිශාන්ත...

      Delete
    2. මේක කපුගේගේ සිංදුවක්.

      Delete
    3. අහලා නෑ... සොයාගෙන අහන්න ඕන... තැන්කූ... මං හිතුවෙ ඔයා හදපු එකක් කියලා... :D

      Delete
  33. ඔය දේශප්‍රේමය තියෙනව නේද ඒක මහ කමකට නැති එකක්. මෙලෝරහක් නැති දේශමාමකත්වයක් හැබැයි ඕක පස්සෙ පන්නන උන්ගෙ දේශප්‍රේමියත්වය ගෑවිලාවත් නෑ.

    ReplyDelete
  34. කකා මොකද බන් පෝස්ට් එකක් වත් නැත්තෙ?

    ReplyDelete
  35. ඔය //මව් බිම// කියන්නේ අර පත්තර කඩමල්ල නේද ආයුබෝවං?

    ReplyDelete
  36. Kathandara, obage adahas samaga ekangai. Namuth boho denekuta aththa athi widiyata therum yanna bohoma kaalayak gatha wenawa. Thawama godak kattiya inne patu adhas walin bandila/ pirila. Awankawama hithuwoth rata wenuwen maraa gannawa kiyanne boru wadak. Minisek widiyata ipadena kenekta (saha anith siyalu sathunta) mulu lokayama aithi. Minisun widiyata api therum gatha yuththe lokayata, parisarayata adaraya karanna. Mage rata kiyala hithana kotasata withrak nemei. Agama wenna one manussa kama / saadharanathwaya, wenw kisima deyak nemei. Jathiya wenna one thamungeth, anungeth jeevitha wala pawathma. Rata, jaathiya , agama kiyana vihilukaara, patu seemawal kohethma manasak thiyana kenekuta galapenne naha. Kiwu kataawa hari. Oya kiyana booruwo elawanna kaalaya hari. Eth minissunta eibawa therum ganna tharam waasanawak naha. (sinhala fonts thawama tikak huru madi, eikai mehema liwwe)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.