ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 15 May 2011
ඒ බූරුවා අපි වික්කා! - Sunday special extra (සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා)
පොඩි කතන්දරයක් තියෙනව කියන්න. හැබැයි මේක මං අහල තියෙන එකක් මිස මගේ කතන්දරයක් හෙම නං නෙමේ.
මං මීට කලිනුත් මනමේ කුමාරි ගේ කන්‍යාභාවය වගේ මගේ නොවන කතන්දර ලියලා තියෙන හින්දා, අවුලක් නෑ මගෙ හිතේ.
ඊටත් වැඩිය වැදගත් දේ තමයි මේ කතන්දරේ මගේ එකක් නොවේ වුණාට, මං මේක අහපු දවසේ ඉඳලා එයින් ගත්තු ආදර්ශය නම් ඉතා වැදගත් එකක් වීම.
ඔන්න මේකයි අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරේ. මේක ඊසොප් ගේ උපමා කතාවක්.
එකමත් එක රටක තාත්තා කෙනෙකුයි, පුතෙකුයි උන්නා. මේ දෙන්නට බූරුවෙක් හිටියා. ඉතිං, පොඩි සල්ලි හදිස්සියක් නිසා බූරුවාව විකුණන්න තීරණය කළා ය කියමුකෝ.
ඔන්න තාත්තයි පුතයි දෙන්නා බූරුවත් දක්කා ගෙන ටවුමේ තියෙන පොලට යන්න පටන් ගත්තා. එතන තියෙනවා, බූරු පොලක්. ඒ කියන්නේ බූරුවන් විකුණන තැනක්.
මේ දෙන්නා යනවා දැක්ක ගමේ මිනිහෙක් කියපි "අනේ බං උඹලා වගේ මෝඩයෝ! මේ බූරුවා ගේ පිටේ යන්නේ නැතුව නිකං පයිං ගාටන හැටි" කියලා.
කතාව ඇත්තනේ. තාත්තා කිව්වා එහෙනං පුතාට බූරුවා පිට නැගලා යන්න කියලා.
තව ටික දුරක් ටවුම පැත්තට යනකොට ඉස්සරහට හම්බ වුණා, තව පොරක්. ඌ කියපි "අනේ, අනේ, දැන් කාලේ හැදෙන කොල්ලෝ! වයසක තාත්තාට පයින් එන්න කියලා තනියම බූරුවාගේ පිට උඩ යන හැටි" කියලා.
කතාව ඇත්තනේ. ඔන්න දැන් තාත්තත් නැග්ගා බූරුවා ගේ පිට උඩට.
තව ටික දුරක් ටවුම පැත්තට යනකොට ඉස්සරහට හම්බ වුණා, තව පොරක්. ඌ කියපි "අනේ, අනේ, මේ අසරණ බූරුවා ට උඹලා දෙන වදයක්. හරි නං උඹලා මුව වඩාගෙන යන්නයි තියෙන්නේ" කියලා.
කතාව ඇත්තනේ. ඔන්න තාත්තයි පුතයි දෙන්න එකතු වෙලා බූරුවා කුදලාගෙන යන්න හැදුවා.
බූරුවාට තේරෙනවායැ මේ කතා. ඌ දන්නේ පිටේ පටවපු බඩු ටික අරගෙන ඔහේ යන්න විතරයි. තාත්තයි, පුතයි එකතු වෙලා බූරුවා ව උස්සගෙන යන්න ට්‍රයි කරපු වෙලේ බූරුවා බයවෙලා, දඟලලා, වැටිලා, බෙල්ල කැඩිලා, මළා!
ඉතිං තාත්තයි පුතයි එකතු වෙලා, බූරු කුණ වළලලා දාලා ගෙදර ගියා.
එදා ඉඳල කවුරු හරි කෝ අර උඹලගේ බූරුවා කියලා මේ දෙන්නගෙන් ඇහැව්වොත්, උං කියන්නේ මෙහෙමයි.
"ආහ්, ඒ බූරුවා අපි වික්කා!"
-කතන්දරකාරයා
ප/ලි
මේ කියවන විට ඔබ සමහරවිට ඉන්නේ පයින් යන අවධියේ විය හැකියි. සමහර විට ඔබ එම අවධිය පසුකර බූරුවා පිට උඩ විය හැකියි.
ඒ කුමක් වුවත්, මතු දිනයක බූරුවා මැරුණොත් මොකද කරන්නේ කියා සිතා බලන්න.
Labels:
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Subscribe to:
Post Comments (Atom)
අපිට හිටියේ ගොනෙක්... ඌත් වික්කා...
ReplyDeleteවෙලාවකට ඔය බූරුව මොකාද කියල හොයාගන්න බැරි එකනෙ වැඩේ..
ReplyDeleteඅය්යත් අපේ අම්මාගේ subject එකට enter වෙලා වගේ.
ReplyDeleteඅපේ අම්මා නිතර කියන්නේ මට "උඔ නම් මහ බූරු දෙනක් කියල"
හික්ස්....
ReplyDeleteබූරූ මස් කන්න පුලුවන්ද...? හෙහ් හෙහ්......
ReplyDeleteගහන ගහන බෙර පදයට නටන ගයන අය දුටු විට
ReplyDeleteමේ කතාවෙ අවසානය වෙයි ද සිතෙනවා
අනේ ඒත් අපි ඔක්කම විකුණු බුරුව කරපිට
තබන් ඔහේ අපේ ගමන යන්නට යනවා
අපි කවුරුත් හිතන්නේ , අපි බුරුවා/හරකා/එලදෙන විකුණුවයි කියලයි. ඒත් අපිත් නොදැනම අඩු වැඩි වශයෙන් ඌව මතකයෙන් හරි උසුලන් යනවා.....
කතන්දර අලුත් තීරුවක් පටන් අරන් තියෙන්නේ ....
ReplyDelete“ මං කියවන කාන්තා බ්ලොග් “
කාන්තාවන්ට විශේෂ සැලකිල්ලක් දීලා. හොඳයි . බොහොම ස්තූතියි.
මේක ඊසොප්ගෙ උපමා කතාවක් නෙවැ, මම මේකෙ ඉංගිරිස් කතන්දරෙත් කියවල තියෙනව. ඒකෙනම් තාත්තයි පුතයි දෙන්න එක්ක බූරූව කරේ තියාගෙන පාලමෙන් එතෙර වෙන කොට බූරුව දඟලල කට්ටියම ගඟට වැටිල තාත්තයි පුතයි මැරෙනව. එතකොට ඒ කතාවෙන් ගන්න ආදර්ශයකුත් අපට ඒ කතාවෙන්ම කියල දෙනව ඒක ඉංගිරිසියෙන් කියන්නේ මෙහෙමයි.
ReplyDeleteThe moral of the story is- If You Try To Please Everyone You'll Eventually Lose Your ASS!
බූරුවට ඉංගිරිසියෙන් කියන්නේ ASS කියලනේ..........
මේ කතාවෙන් ඉගෙනගන්ට තියන හොඳම පාඩම තමයි අනුන් මොනවා කීවත්, ඊට ඇහුම්කන් නොදී තමන්ට උවමනාදේ කිරීම.
ReplyDeleteඉතින් කතන්දර මොනවා කීවත් අපි අහන්නේ නෑ.
@Beetle
ReplyDeleteකුරුමිණියා විතරයි ද ඉතුරු?
@ පොඩි මෑන්
ReplyDeleteබූරුවා මොකා වුනත් බල්ලා ගේ වැඩේ කරන්න යන්න හොඳ නෑ.
@ Gimhani
ReplyDeleteඒ වෙලාවට අම්මට කියන්න අම්මේ ඒ නිසාද හැමෝම මට ඔයා නං අම්ම වගේමයි කියලා කියන්නේ, කියලා.
@ අළුත් කොල්ලා
ReplyDeleteහික්ස්.... හික්ස්....
@ මාතලන්
ReplyDeleteහරක් මස් කන්නේ නෑ!
බූරුවෝත් වෙජිටේරියන් මයෙ හිතේ.
@ සොඳුරු සිත
ReplyDeleteකොහොමටත් සෙක්කුවේ නේ ගමන!
@ සොඳුරු සිත
ReplyDeleteකාන්තාවොත් මට හැමදාම විශේෂ සැලකිලි උපන්දා සිට අද දක්වාම.
@ මාතලන්
ReplyDeleteමෙන්න මං ගත්තු ආදර්ශය.
Protect your ass from people who poke their noses into other's matters.
@ Podi Kumarihami
ReplyDeleteබය බෝයි අවසර, ගෝරු ගන්න කාරි නෑ වලව්වෙ ඇත්තෝ. මේ නිකමට වාගේ කියන කතන්දර නොවැ!
"කාන්තා බ්ලොග්" තීරුවට මාවත් ඇඩ් කළාට ගොඩක් ස්තුතියි! අලුත් විසිට(ර්)ස්ලා ඇවිත් තිබුණා :)
ReplyDelete@ Ramya sol
ReplyDeleteකවුද බොලෝ ඔයා? මොකක්ද ඔයා ගේ ලිපි තියෙන බ්ලොග් එක?
ඉතා හොඳ ආදර්ශවත් කතාවක්. අපේ හුඟක් අය බූරුවව විකුනන්න ගිය තත්තයි පුතයි වගේ. ඒගොල්ලෝ කාගේ හරි කතවක් අහලා තමුන්ගේ වැඩේ අනා ගන්නවා. මමත් අනන්තවත් බූරුවන්ව මේ විදිහට මරලා දාලා තියෙනවා. අපි අපේ මොලෙන් හිතන එක තමයි කරන්න ඕනේ හොඳම දේ. එතකොට කරදරයක් නැතුව බූරුවාව විකුණගන්න පුළුවන්.
ReplyDeleteලොල්ය.. මංනම් ඕකව විකුනල හුගක් කල්.. :D :D :D අවුරුදු 2ක් විත්‍ර... ඒකනෙ මම දැන් ප්‍රතිපත්තියක් රකින්නෙ.. :D :D
ReplyDeleteමොනා කරන්නද අයියේ ... ඒ බූරුවා අපි වික්කා
ReplyDeleteඔය කතාව ගැන බූරුවො මොනව හිතනව ඇද්ද ...?
ReplyDeleteමය ලඟනං උන්නෙ ගොනෙක්. ඒක මඟුල ගන්න සල්ලි නැතුව විකුන දැම්ම. ඌ බැඳල තිබුන කරත්තෙ අදින්නෙ මං දැං.
ReplyDeletemama denata pawichchi karana buuruwata monawa hari unoth nam, athak payak kedunata wada prashnayak wenawa (hemathenatama yanne eke ne)...
ReplyDeletePa.Li. genay liwwe
මරු කතාව. මාත් ඔය කතාව අහල තියෙනවා. හැබැයි මල්ලිගෙ කතා ශෛයිලියට මම කැමතියි. නුවණින් වැඩකලාම හරි. හැම දෙනාවම සතුටු කරන්න ගියොත් වෙන්නෙ ඕකම තමයි.
ReplyDelete@All
ReplyDeleteසියළු දෙනාටම පිලිතුරු දෙන්න ප්‍රමාද වැඩියි. හැමෝටම ස්තුතියි.
තව කාලයක් ගියාම වෙන බූරුවෙක් ගන්න හිතෙයි!
මේ තාත්තයි පුතාගෙන් මම පුතාද තාත්තද කියලා හිත හිත ඉන්නේ. මාතලන්ගේ ලිපියේ තිබුනේ මේ පරන ලින්ක් එක
ReplyDelete