Friday 4 April 2014

පැරසිටමෝල් පෙත්තක්වත් නැතුව ඔළුවේ කැක්කුමක් සමතික්‍රමණය කළෙමි! - Man, am I the man, man?


හිසරදය, ඉරුවාරුදාව, ඔළුවේ කැක්කුම කියන නම් වලිනුත් සමහර වෙලාවට හැඳින්වෙන ඔය "හෙඩේක්" කියන සංසිද්ධිය තියෙනවා නේද?

ඕක අපි මේ ලෝකෙට බිහිවෙලා ජීවත් වෙනවා කියන එක දන්න කියන දවස්වල ඉඳලා අපිට විටින් විට කරදර, කෙනෙහිලි, හිරිහැර කරපු ලෙඩක් නේ. මං හිතන්නේ අපේ ජීවිතවල අවසානය දක්වාමත් හෙඩේක් කියන එව්වා අප අතර හැර නොයන පාටක් තමයි තියෙන්නේ.

දවස් දෙකකට හෝ තුනකට පාරක් කතන්දරයක් ලියලා මේ බ්ලොග් එකේ පළකරපු මට ඒ බ්ලොග්කාරිය ඊයේත් බැරිවෙලා, අදත් තව පොඩ්ඩෙන් බැරිවෙන්න ගියේ ඔය කියන හෙඩේක් එකක් හින්දයි.

වරද්දලා වටහා ගන්න එපා, මෙතන "බ්ලොග්කාරිය" කියන්නේ කියන්නේ බ්ලොග් ලියන ගෑල්ළමයෙක් කියන එක නොවෙයි. මං බ්ලොග්කාරිය කියලා කියන්නේ බ්ලොග් ලිවීමේ කර්තව්‍යයටයි.

අපි අහලා තියෙන විදියට, දේවකාරියට වඩා ලොකුයි රාජකාරිය!

නමුත් රාජකාරියට වඩා ලොකුයි බ්ලොග්කාරිය!!

කොහොම වුණත් ඔය කොයි කාටත් වගේ බ්ලොග් ලියන අපිටත් ලෙඩ නිවාඩු නෑ!

ඒක නේ අර පැරසිටමෝල් කියන පෙති ජාතිය හදලා හදලා දීලා තියෙන්නේ!!!

සාමාන්‍යයෙන් හෙඩේක් එකක් හැදුණාම කරන්න තියෙන්නේ ගෑල්ළමයෙකුගෙන් ඔය ජාතියේ චූට්ටං පෙති දෙකක් ඉල්ලා ගෙන ගිලින එක විතරයි. කොහේ නොතිබුණත්, අර ගෑල්ළමයින් ගේ ඇඟේම කෑල්ලක් වෙලා තියෙන හෑන්ඩ් බෑග්වල නම් ඔය ජාතියේ පෙති කාඩ් එකක් සාමාන්‍යයෙන් තියෙනවා, තියෙනවාමයි නේ.

නමුත්, මගේ අවුල තියෙන්නේ හෙඩේක් හැදුණාම මංතුමා ඒ පැරසිටමෝල් බොන්න අකමැතියි. කොටින්ම, අකම-මැතියි.

ඊයේ මට හැදුණු හෙඩේක් එක පැය විසි හතරක් විතර විටින් විට තිබුණා. තාමත් ටික ටික තියෙනවා, තියෙනවා වගේ.

ඒත් මංතුමා නොවෙයි, ඔය පැරසිටමෝල් නං බිව්වේ!

කොහොම හරි ඉවසන් හිටියා.

අවසානයේ මං ජයග්‍රහණය කරන බවක් තමයි දැන් පේන්නේ. ඒ ගැන හොඳම සාක්‍ෂිය තමයි, මේ පෝස්ට් එක පළ කරන්නට හැකිවීම.

එහෙනං පෙති නැතුවම මං ගොඩ ගියා. ඔබටත් එසේම වේවා!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න ඉන්දියන්කාරයින් සමහරෙකුට හිසරදය හැදෙන්නට හේතුව ගැන පරණ කතන්දරයක්.
http://kathandara.blogspot.com/2012/08/sundae-ispashal-axetra.html

ප/ප/ලි:
මෙන්න හිසරදයට කියාපු බේතක්. හැබැයි ටිකක් අමාරුයි ඒ වෙලාවට ලබාගන්න එක.
http://kathandara.blogspot.com/2013/03/sex-sex-therapy-for-migrane.html


(image: http://ppcdn.500px.org/6495095/2a1c9534f3e39e16d03870c18f0f66d9f418d9ce/5.jpg)

47 comments:

  1. රාජ්සේපි (හැන්දෑවේ හීනියට අනුමත වන ගමන්): අඩේ ආතලන් අයියා අද නම් කකා ඇස්ටි හැලෙන්න පෝස්ට් එකක් ලියල නේද? ඇඬෙනවා බං කකා ලියන දේවල් වලට! උඹට මොකද හිතෙන්නෙ කකාගෙ පෝස්ට් එක ගැන? කකා ඔළුව රිදෙනවට පැරසිටමෝල්ලු බං බොන්නෙ. අපිට නම් ඒකට වෙන බේත් තියෙනවනෙ.

    ප්‍රියන්ත ආතලන්: මොනව ඉතන්නද බාං.... කකා කෝමත් වැඩ කාරයානෙ. අපේ බොග් බජාර් එකේ ඉන්නවෑ කකා වගේ ඉස්ටැයිල් එකට බොග දාන්න දන්න පොරක්?... කකා හැම දෙයක්ම ගානට මිම්මට දෙන්න දන්නවා නේ මල්ලී... දැන් බලපන් මල්ලී කකාට කවුරු හරි පාර අයිනේ චූ කර කර හිටියත් ඒකත් කතන්දරයක්. කක්ක කර කර හිටියත් ඒකත් කතන්දරයක්.

    රාජ්සේපි: උඹත් බොගක් ලිව්වා නේද ආතලන් අයියා? (ඔය ඩෙවිල් එක පාස් කරහන් ඉන්දික...)

    ප්‍රියන්ත ආතලන්: ලියනවා බං තාම ලියනවා. අපටත් ඉතින් මයින්ද මාමා එක්ක තියෙන ඔරොප්පුව ඇර ගන්න විදියක් එපායැ. ඕක ලියලා මයින්දයාට කුණුහරුපයක් දෙකක් කිව්වෙ නැත්නම් මට මළ පැණලා ගෑනිට තඩි බානවානෙ බං.... අම්මපල්ලා ඔය මයින්දයා එක්ක මට තරා යන විදියට ... ඕකා අහු වුණෝතින් ඕකගෙ අහවල් එකේ අහවල් එකක් බස්සලයි මං නතර වෙන්නේ... අඩෝ මයින්ද මම බොග ලියන නිසා උඹ බේරුණා කියලා ඉතා ගනින්.

    Anonymous: M. Conteur, Êtes-vous fou ou sommes-nous fous?

    ඒ. ටී. එම්. ඉන්දික: අනේ මචෝ මම ප්‍රන්ස දන්නෙ නෑ. අපේ පුත්‍රයනං මට වඩා ටිකක් දන්නව. ඒත් ඌ තාම එකේ පන්තියෙ නිසා මෙව්ව අහගන්න බෑ. අර ට්‍රාන්ස්ලේටරේ දෙන්නෙත් තිසරය දාන ප්‍රන්ස කමෙන්ට්ස්. ඒ නිසා කියන දානයක් සින්හල්, හින්දි හෝ ඉන්ග්‍රීස්යෙන් කියහන්.

    කකා: ළමයිනේ, දැන් නං ඉතිං ඇති ඇති වගේ නේද මේ ආතල් එක? මානසික රෝගයක් තියෙනව නම් බේත් ගත්තොත් නේද හොඳ?

    ප්‍රියන්ත ආතලන්: පිස්සුද කකා අර බෝතලේ තව බාගයක්ම තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අද ඔබ එක.... පිළිගන්න මගේ සුභාසිංශන....

      Delete
    2. දැන් ඔය "ප්‍රංශ ඇනෝ" ඔතන හිටියා නං "රාජ්සේපි" හරි "ප්‍රියන්ත ආතලන්" හරි "ඒ. ටී. එම්. ඉන්දික" හරි දන්නවා ඇතිනේ ඒ "ප්‍රංශ ඇනෝ" කවුද කියලා?

      Delete
    3. ඇයි ඔය කකාත් ඉඳලා තියෙන්නෙ. කකාත් දන්නවා ඇතිනෙ.

      Delete
    4. නිර්නාමික බ්ලොග්කරුවන්/කමෙන්ට්කරුවන් අතුරින් මම හිතන්නෙ කකා නොහඳුනන්නෙ ටික දෙනයි :-)

      Delete
  2. ඔළුවෙ කැක්කුම ගැනත් පෝස්ට් එකක්.... නැද්ද තව අමාරු එහෙම?

    ReplyDelete
    Replies
    1. 1. කොන්දේ අමාරුවක් හැදිල තියෙනවද? - Back pain is the worst pain ever!
      http://kathandara.blogspot.com/2013/09/back-pain-is-worst-pain-ever.html

      2. කකා ට ඇස්වහද, කටවහද, සිත්වහද? Poor Kathandarakaraya bed-ridden
      http://kathandara.blogspot.com/2011/12/poor-kathandarakaraya-bed-ridden.html

      3. මැරෙන එකත් පණ යන වැඩක්! කතන්දරකාරයා ගේ සෑබෑ අත්දැකීමක් ඇසුරෙනි - Near death experience of Kathandarakaraya
      http://kathandara.blogspot.com/2011/05/near-death-experience-of.html

      Delete
  3. මෙන්න මගේ හෙඩේක් එකට ප්‍රතිකාරය..
    ගන්නවා වික්ස් වේපරබ් එකක්..ඔව් ඔව් ඒක තියෙන්නෙ හෙම්බිරිස්සාව හැදිලා පපුව හිර උනහම පපුවෙයි බෙල්ලෙයි නහය දෙපැත්තෙයි ගාගෙන නිදියන්න තමයි..
    ඒක ගානවා හෙඩේක් එක තියෙන හරියෙ..ඔළුවෙ තමයි..හොඳට මසාජ් කරනවා..හෙඩේක් එක ඉවර වෙනකම්ම ඔයක තමයි ට්‍රීට්මන්ට් එක..
    තද හිසරදයක් නම් අයොඩෙක්ස් බාම් එක තමයි..ඒකත් තියෙන්නෙ කොන්දෙ රුදාවට ගාන්න තමයි..ඒත් මට නම් සුවර් ඇන්ඩ් ශොට් වැඩ !

    ReplyDelete
    Replies
    1. එතකොට සිද්ධාලේප? වෙන්ඩෝල්? ඒවට අහන්නේ නැතිය?

      Delete
    2. නෑ දෙකම හරියන්නෙ නෑ.. සිද්ධාලේප ගෑවහම මට හෙම්බා හැදෙනවා ..

      Delete
  4. මමනං ඔය මොකක්හරි බාම් එකක් නලළෙ අතුල්ලන එක තමා කරන්නෙ

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට පුළුවන් මෙත්තාවලින් හිසරදය නැතිකරන්න.

      Delete
  5. ප්‍රත්‍යක්ෂ බෙහෙතක් කියන්නම් කකා. කාටවත් කියන්න එපා. ඇහි බැමි දෙක හොඳට රිදෙන්න දඹර ඇඟිල්ලේ නියපොතුවලින් මැද ඉඳලා දෙපැත්තට හොඳට හූරනවා වගේ මසාජ් කරන්න. ඒ එකක් මේ අනික.

    කැක්කුම තියෙන පැත්තට විරුද්ධ පැත්තේ අත්ලේ. අත්ල පැත්ත නොව අනිත් පැත්තේ මහපටගිල්ලයි දඹර ඇඟිල්ලයි අතර තියෙන මසල් එක අනෙක් අතේ මහපටගිල්ලෙන් රිදෙන්න මසාජ් කරන්න.

    ReplyDelete
    Replies
    1. අනිත් දවසේ ට්‍රයි කරන්නම්, ස්තුතියි!

      Delete
    2. //කැක්කුම තියෙන පැත්තට විරුද්ධ පැත්තේ අත්ලේ. අත්ල පැත්ත නොව අනිත් පැත්තේ මහපටගිල්ලයි දඹර ඇඟිල්ලයි අතර තියෙන මසල් එක අනෙක් අතේ මහපටගිල්ලෙන් රිදෙන්න මසාජ් කරන්න.//

      මට නම් මේ කියපු උපදෙස් තේරුණේ නැතෝ...

      Delete
    3. ඇයි යකෝ මිනි කාක්කෙකුට කියලා බොඩිය එම්බාම් කරගනින්කෝ
      ආයි මලාට හිසේ ඇම්ම හැදෙන්නේ නෑ

      Delete
    4. මාතලන්ගේ පළමුවැනි ප්‍රතිකාරය අත්හදා බලා තිබේ. අනුමත කරමි. දෙවැනි එක නම් ඇහුවෙත් අදයි. මේ වෙලාවෙ ඔළුව කැක්කුම හැදිච්ච එකෙක් හොයාගන්න බැරි නිසා කමෙන්ට් කරන්න බැහැ.

      පළමුවැනි ප්‍රතිකාරය ගැන කියනවනම්, ඔය වැඩේ හරියන්නෙ නළල පැත්තට වෙන්න තියන කැක්කුමට, ඉරුවාරදයට, මිග්රේන් එකට වගේ තමා. ඔළුව උඩ හරිය රිදෙනවනම්, ඔය වැඩේම ඒ හරියෙන් කරන්න.

      අවවාදයයි: ඔළුව කැක්කුම රෝග ලක්ෂණයක් පමණක් වියහැකියි. එසේ වී ඇත්නම් කරුණාකර රෝගය සොයා එයට ප්‍රතිකාර කරන්න. රෝගය තිබියදී රෝග ලක්ෂණය නැති කරගැනීම යනු සර්පයාට බය වී ටෝච් එක නිවාදැමීමකි.

      Delete
  6. විවේවචන, නිර්වචන, විචාර සහ හෙඩේක් හැදෙන්නැති, ඇනෝලටත් රිදෙන්නැති අමුතුම ජාතියෙ පෝස්ට් එකක්.

    \\නමුත් රාජකාරියට වඩා ලොකුයි බ්ලොග්කාරිය!!//

    කථාවනම් සහතික ඇත්ත. මේ කොටන්නෙත් වැඩ කන්දක් ගොඩවෙලා බොසාගෙන් බැනුම් අහගන්න ඔන්න මෙන්න තියෙද්දි.

    ReplyDelete
  7. කකාගෙ බ්ලොග්කාරිය හැඩයි ලස්සනයි හුරුබුහුටියි. ඒත් මගේ බ්ලොග්කාරිය කම්මැලියි මන්දගාමියි සුදුමැලියි!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්න, මං ගිහින් බැලුවා, ජනවාරියේ සිට බ්ලොග්කාරිය දික්කසාද කරලානේ!

      Delete
  8. බොස්
    අද අර උත්ප්‍රාසෙ ද මොකද්ද මහප්පරානෙ නෑනෙ !!

    චැහ්.. මොකෝ තිබුනත් මට තේරෙනවෑ ??

    මං හිතන්නෙ අද නෑ .. තිබ්බත් ලාවට වගේ වෙන්ඩැති !!

    ReplyDelete
    Replies
    1. අද පෝස්ටුවේ වචන කීපයක් අත්හදා බැලුවා.

      1. හෙඩේක්
      2. බ්ලොග්කාරිය
      3. අකමමැතියි

      Delete
    2. හරි හරි .. නෑ තමා එහෙනං !! දැං තේරුනා කකා.

      Delete
  9. පැරසිටමෝල් බොන්න මමත් අකමැතියි. කොටින්ම, අකම-මැතියි....
    ජයග්‍රහණයට සුබ පැතුම් ...

    ReplyDelete
  10. ඔය පැරසිටමෝල් බිව්වහම ජිවිතේ කොට වෙනවා කියන්නේ

    ReplyDelete
    Replies
    1. එතකොට අර "කොට ජීවීත" (vertically challenged) කියන අයට ඒකද වෙලා තියෙන්නේ?

      Delete
  11. විජාතික බලවේගයන් වලට හසු නොවී උඨ්ඨාන වීර්යයෙන් ජයගත් කාකාට ජය වේවා!!!

    ReplyDelete
  12. අනේ මම නම් චූට්ටං පෙති දෙකක් බීලා නිදා ගන්නවා... :)

    ReplyDelete
    Replies
    1. දොයි, දොයි, දොයි දොයිය බබා
      බයි, බයි, බයි බයිය බබා
      චූච්චං පෙත්තක් බීලා
      දොයිය ගන්න චූටි බබා!

      Delete
  13. බ්ලොග් ලිවීමේ කාර්යය = බ්ලොග්කාරිය

    මේකට "බ්ලොග්කිරිය" කියාත් කියන්න පුළුවනි.

    ReplyDelete
  14. මටත් ලොකු හෙඩෙක් එකක් සතියක් තිස්සෙ අප්පා...

    ReplyDelete
    Replies
    1. වචනේ සංශෝදනය කරමුද හෙඩෙක්ක කියලා>

      හෙඩෙක්කක් හැදුණා,
      හෙඩෙක්කට පෙත්තක් බිව්වා,
      හෙඩෙක්ක ඇරුණා!

      Delete
  15. කකා ඉතිං සන්තෝස වෙන්න එපැයි . . . කැක්කුම හැදෙන්න හරි ඔලුවක් තිබන එකට

    ReplyDelete
    Replies
    1. ඔළුව නං ඕනැ එකෙකකුට තියෙනවානේ. ඔළුව ඇතුලේ මදේ තියෙනවද කියන එකයි පුරස්නේ!

      Delete
  16. කකා ඔය ඉරුවාරදය කියන්නේ සාමාන්‍ය ඔලුවේ කැක්කුමට වඩා දරුනු එක නේද ? මමත් ඔය පෙතිනම් බොන්නේ නෑ ,බොන්නේ නෑ කියන්න බොන්න හිතෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඉරුවාරදය යනු මිග්‍රේන් යන්නයි, එයද හිසරදයකි. නමුත් හැම හිසරදයක්ම ඉරුවාරදයක් නොවේ!

      Delete
  17. මටත් හිස රුදාව ආවම පැරසිටමොල් බොන්න මතක් වෙන්නේ කව්රු හරි මතක් කරාම. නැත්නං නොබීම ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. මටත් ඒකයි වුනේ!
      කවුරුත් මතක් කෙරුවේ නෑ!

      Delete
  18. මමත් පොඩ්ඩ බැරි වෙද්දි පැරසිටමොල් ගගහ තමයි හිටියෙ.
    ඒත් මෑතක ඉඳං සමහන්, අයොඩෙක්ස්/වික්ස් බාම්, ඇක්ස් ඔයිල් වගේ දේ වලින් හිසේ රැජාව, සෙම්ප්‍රතිශ්‍යාව වගේ ලෙඩ හොඳ කරගන්න සාර්ථක වෑයමක යෙදාල ඉන්නවා. ගිය සතියෙත් එහෙම ගොඩ ගියා.

    ReplyDelete
  19. මමත් පැනඩෝල් බොන්න අකමැතියි. මම කරන්නේ කඳුළු එන තරමට, නළලේ අයොඩෙක්ස් තලියක් අතුල්ලගෙන නිදියන එක...

    ReplyDelete
    Replies
    1. ඇයි කකා ඔහෙ නැද්ද ලංකාවෙ වගේ පත්තරේ පිටු දෙකක් පුරා දාන මසාජ් කිලින්ක්, හෙඩ් එක පොඩ්ඩක් මසාජ් කරන් එන්න.

      Delete
  20. ඔලුව රිදීම කියන ‍ලෙ‍ඩේ ජීවිත කා‍ලෙටම හැදිල ති‍යෙන්‍නෙ ‍දෙතුන්පාරයි. ඒකත් නරක බීම ජාති බීපු ‍වෙලාවල් වල.

    ReplyDelete
  21. ඔය ලෙඩේ නම් කවදාවත් නැතිවෙන එකක් නෙමේ.

    ReplyDelete
  22. මම නම් බ්ලොග්කාරියට අකමමැති නැහැ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.