ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 31 December 2010
අනිච්ඡාවත සංඛාරා - සුදු සාරියේ ශෝකය
එදා සුදු සාරියක් ගැන ලියන්න ගිහිල්ල ලියවිලා තිබුනේ මගේ කහ සාරිය ගැන කතන්දරයක්. මෙන්න අද කියවන්න මං මුලින් ලියන්න හිටිය ඒ සුදු සාරියේ ශෝකය කතන්දරේ.
ජීවිතය අනියතයි, මරණය නියතයි කියනවනේ. අපි පොඩි කාලේ අපේ සීය ලා ආච්චි ලා මැරුණා. ඊ ලඟට වැඩිහිටි ඥාතියෝ අවසන් ගමන යන්න පටන් ගත්තා. ඉඳලා හිටලා කවුරු හරි පෝලිමෙන් පිට නොපැන්නෙමත් නෑ. කොච්චර දුක වුනත්, දවසක අපේ දෙමව්පියෝ විතරක් නෙමේ, අපේ දරුවන් ගේ දෙමව්පියන්ටත් ඔය ගමන යන්න වෙනවා.
ඉස්සර මං කල් මරපු වැඩපොලේ කාන්තා පක්‍ෂයේ -බවලත්- උදවිය තමන් ගේ අම්ම හරි, තාත්ත හරි වගේ පවුලේ කෙනෙක් මිය ගිහින් නිවාඩුවෙන් පස්සේ වැඩට එන්නේ සුදු සාරියක් ඇඳගෙන.
එදා ඉඳං සති දෙක තුනක් ඔන්න සුදු සාරි අඳිනවා.
ඊට පස්සෙ, සුදු සාරියේ පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සාරි එහෙම අඳින්න පටන් ගන්නවා.
තවත් සති දෙක තුනක් යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරිවලට බහිනවා.
තවත් සති දෙක තුනක් විතර යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට සාරිවලට බහිනවා. සුද නැහැ. පාට. හැබැයි ලා.
අන්තිමේ දී දන්නෙම නැතුව මෙන්න සුපුරුදු පරිදි "පාට, පාට, මල් වැටිච්ච සාරි" අඳින්න පටන් ගන්නවා. එතනින් ශෝක කාලය අවසානයි කියලා අපි දැනගන්න ඕනෑ.
ඔන්න අපේ වැඩ පොලේ අපිට වඩා සීනියර් පොරක් හිටියා, හොඳ කොල්ලා. පොර බැඳලා හිටියේ අපේ එකවුන්ට්ස් සෙක්ෂන් එකේ රූබර අංශයක්. දෙන්න ලඟ ඇනෙක්සියක තමයි නතරවෙලා හිටියේ.
ඉතිං පොරගේ අම්ම මිය ගියා. ගම දුර පලාතක. අපේ කීප දෙනෙක්ම මළ ගෙදරත් ගියා.
සතියක් විතර ගියාට පස්සේ ඔන්න ජෝඩුවම වැඩට ආවා. මට දෙන්න හමුවුණා වැඩපොලේ ගේට්ටුව ලඟදී.
අපේ පොර වෙනදා ඇඳල ඉන්නවා දැකල පුරුදු හොඳ නිල් පාට එමරල්ඩ් කමිසෙකුයි, දුඹුරු කලිසමකුයි ඇඳල හිටියේ.
ඒකටත් එක්ක වයිෆරේ.
සුදුම සුදු සාරියකුයි, හැට්ටෙකුයි විතරක් නෙමේ සුදු පාට කාන්තා සපත්තුත් දාලයි හිටියෙ.
අම්ම මැරිච්ච පොර වෙනද ඇන්ද ඇඳුම් සෙට් එකම ඇඳගෙන වැඩට ආවට, නැන්දම්ම ගේ මරණයේ ශෝකයට ලේලි සති තුනක් විතර සුදු සාරි ඇන්දා.
ඊට පස්සෙ, සුදු සාරියේ පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සාරි එහෙම අඳින්න පටන් ගත්තා.
තවත් සති දෙක තුනක් යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරිවලට බැස්සා.
තවත් සති දෙක තුනක් විතර යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට සාරි ඇඳීම ඇරඹුවා. සුද නැහැ. පාට. හැබැයි ලා.
අන්තිමේ දී සුපුරුදු පරිදි "පාට, පාට, මල් වැටිච්ච සාරි" අඳින්න පටන් ගත්තා.
මං හිතන්නේ ඒ විදියට ශෝක කාලය අවසානය සනිටුහන් වුනේ තුන් මාසේ දානෙන් පස්සෙයි.
අන්න නැන්දම්ම ලා ට, ලේලි ලා ගේ ආදරේ.
ඒකටත් එක්ක පුතාලා!
-කතන්දරකාරයා
ප/ලි
හහ්, හා!
මේ කතාවේ අන්තිම වාක්‍යය ටයිප් කරල ඉවර වෙන කොටම තවත් සාරි කතන්දරයක් මතක් වුණා.
දැන් ඉතිං, ඒකත් ලියන්න වෙනවා.
දැන්ම නෙමේ, පස්සෙ දවසක.
Subscribe to:
Post Comments (Atom)
කතන්දර අයියටත් ඔනේ නැති සාරියක් නෑ. හික්zzz
ReplyDeleteඑත් මට කාලෙක ඉඳලා තිබුනු පුරස්නයක් තමයි ඇයි විරුද්ධ පක්ෂේ උදවිය මෙයාකාර සාරි ගොඩ ගහං ඉන්නේ කියලා..අපේ අම්මාගේ අල්මාරියෙත් සාරි පුරෝලා..අදින්නෙත් නැහැ...
ReplyDeleteදැන්නේ වැඩෙ තේරුනේ...
ඇයි අප්පා ලේසි පාසු වැඩක්යෑ..සුදු එකේ ඉඳලා මල් මල් ඒවට එන්න කොයි තරංනං කන්දරාවක් සාරි මාරු කොරගෙන එන්ට එපාද..?
මට තේරෙන්නේ නැත්තේ කතන්දර ඇයි මේ සාරී පොටේ එල්ලිලා ඉන්නේ කියලා.
ReplyDeleteකහ සාරී, සුදු සාරී, තිත් සාරී, මල් සාරී, පාට සාරී, ඊලඟට මොන සාරීද දන්නේ නෑ.
මාර ඇඳිල්ලක්නේ ඕක..
ReplyDeleteහැබැයි ඉතින් මාස තුනෙන් විතර ඉවර වෙන එක හොඳයි..
නැත්නම් ඉතින් ජීවිතේටම කළු සුදුනේ..
සමහරු සුදු අඳින්නෙ මෝස්තරේට,, කකා කොහෙද ඕව දන්නෙ, හැබෑට පුදුම නිරීක්ෂනයක්නෙ තියෙන්නෙ සාරි ගැන,කල් මරල මිසක් වැඩක් කරල නම් නෑ වගේ :D
ReplyDeleteඅනේ වෙනසකට ලියන්නකො මට ඩෙස්මන්ඩ් මොරිස් මතක් නොවෙන පෝස්ට් එකක්!
ReplyDeleteවියෝවකට පසුව (මරණයක් වෙන්ටම ඕනැ නැහැ.) පැහැදිළි හා දැඩි ශෝක කාලයක් දැක්වීම අතින් ගැහැණුන් ඉදිරියෙන් සිටීම මිනිසුන් අතර පමණක් නෙවෙයි සතුන් අතරද දකින්ට පුළුවන්. චන්ද කින්නර ජාතකය වගේ කතා නිර්මාණය වී තිබෙන්නේ ඒ ඇසුරින් විය හැකියි.
හේතුව නම් මොරිස් ලියන්නේ නැහැ, නමුත් අනුමාණ කළ හැකියි. කාටත් පේන්න ශෝක වෙලා ඉවර කළාම වැඩේ එතැනින් ඉවරයි. එතැන සිට අළුත් දෙයක් පටන් ගන්න පුළුවනි.
රංග කලින් කෙල්ලන්ගේ දුර්ගුණයක් හැටියට දැක්කේද මීට සමාන හැසිරීමක් තමයි. මා ඊට දුර්ගුණයක් කියන්නේ නැහැ. පරිසරය අනුව අප කාටත් අනුවර්තනය වන්ට වෙනවා.
- Taboo
"අන්න නැන්දම්ම ලා ට, ලේලි ලා ගේ ආදරේ.
ReplyDeleteඒකටත් එක්ක පුතාලා!"
මේක නං සිරා කතාව! :D
අනේ මංදා ටැබුව ඩෙස්මන්ඩ් මොරිස්ව හැමතිස්සෙම quote කරන නිසා මම Naked Ape බාගන්න ලින්ක් එකකුත් දැම්ම මගේ බ්ලොග් එකේ. අපි මොන මංගල්ලයක් ලිවුවත් ඒකට ඔය ඩෙස්මන්ඩ් මොරිස් කාරය (අපහාසෙට කියනව නෙමේ) මොනා හරි කියල තියෙනවනෙ
ReplyDeleteපස්සේ කියන්න යන සාරිය කහ එකක් වෙන්නබැහැ... බලාගෙන ඉන්නම්කෝ ඒක මොන පාට සාරියක්ද කියලා
ReplyDeleteහිතේ තියෙන දේ අඳුමෙන් මනින්න පුළුවන්ද කියන්න බෑ. අර හරී කිව්ව වගේ සමහර අය ඕක කරන්නේ මෝස්තරේට. නැත්නම් මොකටද සපත්තු, මාලේ, කරබු, වලලු, හැන්ඩ්බෑග් එක ඔය ඔක්කොම සුදු පාටින්.
ReplyDeleteඇත්තට කතන්දර මොකද මේ එකපාරම සාරි ගැන කියන්න ගත්තේ..
එළඹෙන නව වසර කතන්දරටත් ඇතුළු සැමටම සුභ නව වසරක් වෙන්න කියලත් පතනවා!!!!
මටත් මතක් වුනා මම සුදු සාරි ඇන්ඳ කාලේ. .. හැබැයි මම ඇන්දෙ නම් කරාබු රත්තරන් බඩුත් නොදා.
ReplyDeleteඅදටත් එහෙම ඇන්දම දුක කෙසේ වෙතත් සැහැල්ලුවක් නම් දැනෙනවා.
ඒකට අර හරී කීව වගේ දැන් අදින්නේ සුදු සාරය වුනාට. මාල ,වලලු, කරාබු , පෙරෙප්පු ඔක්කමත් සුදු...
මම දන්න අය ඉන්නවා ...
" අනේ අහවල් අංශෙ වැඩ කරන අහවලාගේ අම්මට දැන් අන්තිමයි කොයි වෙලේද දන්නෙ නැහැ. හදිස්සියට අඳින්න සුදු සාරියක් වත් නැහැ. අද වත් ගන්න ඕනි" කියල සාප්පු සවාරි ගිහින් සාරියයි, පලදනා සෙට් එකයි අරන් තමයි එන්නේ...
මම නම් දැන් සුදු වෙනුවට අදින්නේ කළු සාරි... ෂහ් ඒ මම කළු පාටට අකමැති වුනාට කළු සාරි හරි අගේ ඇති පෙනුමක් ගේනවා නෙව....
කතන්දරටත් සාරි දිහා බලනවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තේම නෑ වගේ.
ReplyDeleteKathandara is a Sari Specialist :)
ReplyDeleteමාරයා කිව්වා වගේම තමා, අපේ අම්මාගේ අල්මාරියත්, සාරි තියෙනවා ලොරියක් විතර. එකක් තියාගෙන ඉන්නවා මුලින්ම ඈඳපු එක කියලා. තව එකක් තියෙනවා තාත්තා මුලින්ම දුන්න එක කියලා. ඔය විදියට බර ගානක් තියෙනවා. එක එක පාට.
ReplyDeleteකතන්දරගෙ කතාව නම් සහතික ඇත්ත. අම්මපා.
ReplyDeleteපට්ට සාරිගොඩක් ඕනෙ වෙනවනෙ බොලං ඔය දුක පෙන්නන්න. නෝනට දුක පෙන්නන්න සාරි අරන්දෙන වෙන්නෙ මහතුරුන්ට කියල මතක් වෙනකොට පපුව හෝස් ගාල යනවනෙ !
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා ක.කා !
සාරි කතා පිරිලනොවැ!!හෙහ් හේ!!
ReplyDeleteඅර අනිතිම වචන ටිකනම් මරේ මරු... :))
"අන්න නැන්දම්ම ලා ට, ලේලි ලා ගේ ආදරේ.
ඒකටත් එක්ක පුතාලා!"
කතන්දර හමිනේ සාරි අඳින්නෙම නැති හින්දද මන්ද කතන්දර සාරි පිලිබඳ උනන්දුව වැඩි.
ReplyDeleteකතන්දරටත්,සිංහල බ්ලොග් ලියන කියවන සියලු දෙනාටත් 2011 සුභ නව වසරක් වේවා !!!
@සියළු දෙනාටම
ReplyDeleteසියළු දෙනාටම ජොලි ගුඩ් නව වසරක් වේවා.
සාරි ගැන තවත් කතන්දරයක් තියෙනවා. ඒක පස්සෙ වෙලාවක ලියන්න ලිස්ට් එකට එකතු කර ගත්තා.
මේ කියන ලිස්ට් එකේ කතන්දර බීජ 60+ තියෙනවා. මීට අමතරව කතන්දර 15ක් ලියලා තියෙනවා. තවත් පහක් බාගෙට ලියලා තියෙනවා. ඒ කියන්නේ 2011 මුල් මාස හයට විතර බඩු හෑව්.
අළුත් අවුරුද්දේ මුල්ම කතන්දරය (300+) හෙට උදේ බලන්න.
"මේ කියන ලිස්ට් එකේ කතන්දර බීජ 60+ තියෙනවා."
ReplyDeleteහිතවත් ක.කා.
ඔය 60+ බීජ වලට මහදැනගෙ ගෝලිය act කරන කතාත් අයිතිද?
පුදුම සාරියක්..... කකා මොකෝ සාරි ගැන මේ හැටි වදවෙන්නෙ?
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා......!
ReplyDeleteකතන්දැර අයියා..
ReplyDeleteලොකු නොනලා අව(මගුල්) වලට අදින ඒවා ගැන මොකද කියන්නෙ?
මොනවා කියන්නද වැදි මලේ?
ReplyDelete