Monday 17 December 2012

මේ ගෑණු ගති - උණ පුරුකේ දැම්මත් දිග නොහැරෙනු ඇති? - Women detectives


මගේ කතන්දර බ්ලොග් එකේ එදා සිට ඊයේ දක්වා පල කෙරුණු කතන්දරවලින් වැඩියෙන්ම හිට්ස් ලැබී ඇත්තේ "ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම" නම්වූ කතන්දරයටයි.

ඒ හිට්ස් ලැබුණේ එහි මාතෘකාව නිසා හෝ එහි උඩින්ම ඇති ඡායාරූපය නිසා හෝ නොව අන්තර්ගතය නිසා යැයි මම සිතමි.

ගෑල්ළමයෙකු දිහා පිරිමි ළමයෙක් බලන්නේ ස්වාභාවික විරුද්ධ ලිංගික ආකර්ක්‍ෂණය නිසාය. එහි ඇති අවුලක් නැත.

නමුත් ගෑල්ළමයි දිහා වැඩිපුර බලන්නේ පිරිමි ළමයින් නොව ගෑල්ළමයිම ලු. එසේ බලන්නේ ද ස්වභාවික සමලිංගික ආකර්ක්‍ෂණයක් නිසා නම් නොවේ ලූ.

මොකක්ද දන්නවාද රහස?

පිරිමි ළමයි, ගෑල්ළමයින් දිහා බලන විට ඒ බලන්නේ ගැල්ළමයින් ගේ "මොලේ" සහ "ගතිගුණ" යන වැදගත් දේ දෙසය.

නමුත් ගෑල්ළමයින් එසේ නොවේ!

ඔවුන් මේ බලන්නේ අනෙකා ගේ කොණ්ඩය, ඇඳුම්, කණකර ආයිත්තම්, පාවහන්, හෑන්ඩ් බෑග්, යනාදිය දෙසයි.

මෙය මා පුවත්පතක දැක කියවූ වහාම මගේ සිහියට ආවේ අහා, කතන්දර බ්ලොගයේ දැනුම් සාගරයට එකතු කරන්නට අපූරු දැනුම් අංශුවක් නොවේද යන්නයි.

මා කියවූ පත්තරකෑල්ල මෙන්න.



වැඩි විස්තර මෙතනින් බලන්න.
Women spend more time checking out OTHER WOMEN than they do men

මෙහි දැක්වෙන ආකාරයට ගෑල්ළමයින් විසින් අන් ගෑල්ළමයින් ගේ පහත දැක්වෙන දේවල් දෙස උනන්දුවෙන් බලති.

1. Clothes
2. Hair style
3. Tan
4. Size
5. Cleavage
6. Cellulite
7. Hair colour
8. Boob size
9. Shoes
10. Bag

-කතන්දරකාරයා

ප/ලි:
මේ පෝස්ටුව නිසා අපේ බ්ලොග් ලියවන, කියවන ගෑල්ළමයි මා සමග තරහා නොවන බව මම හොඳාකාරවම දනිමි.

ඒ බ්ලොග් ලියන ගෑල්ළමයින්ට මගේ බ්ලොග් රෝලේ ඉහලම ස්ථානය හිමිකර දුන් හැටි ඔවුන් ගේ මතකයේ ඇති නිසාය. ඒ විතරක් යෑ, මම ගෑල්ළමයින් ගැන වෙනම ලිපිද ලියා ඇත්තෙමි.

වෙනත් ප්‍රවෘත්තියකින් මා කියවූ පරිදි ගෑල්ළමයින්ට හොඳ මතක ශක්තියක් ඇත.

(image: http://wixx.com/blogs/post/jkelly/2012/aug/10/1st-thing-women-notice-about-other-women-how-do-yo/)

76 comments:

  1. විශේෂඥයෝ පරීක්ෂණ පවත්වා ඔප්පුකර ඇත. අපේ කිසිම වැරැද්දක් නැත. අවුල අපේ මොලය වැඩ කරන හැටිය. ගැහැණු සහ පිරිමි පොදුවේ, පිරිමින්ව සම්පූර්ණ පුද්ගලයෙකු ලෙස හඳුනාගන්නා අතර මේ දෙගොල්ලෝම ගැහැණුන්ව හඳුනා ගන්නේ 'කෑලි' හෝ 'බඩු' වශයෙනි. කිසිම පරීක්ෂණයක් නොකරම මෙම නිගමනය මීට බොහෝ කලකට පෙර සමාජගත කල කොල්ලන්ට මගේ උපහාරය.

    Our Brains See Men as Whole and Women as Parts

    ReplyDelete
    Replies
    1. මම නම් ඇති වෙන්න දැකලා තියෙනවා කොල්ලොත් අනිත් එකාගේ බයිසෙප්ස් සහ චෙස්ට් එක, සමහර වෙලාවට තව තව දේවල් හොඳට බලනවා... විශේෂයෙන්ම ජිම් යන කොල්ලෝ... බස් එකේදි උනත් උන්ගේ ඇස් කැරකෙන්නේ කෙල්ලෝ පැත්තට නෙවෙයි.. ඒ වගේ ළඟ පාතකින් යන කොල්ලෙක් හිටියොත් ඒ පැත්තට.. මම හිතන්නේ ඒ ගේ හින්දා නෙවෙයි.. ඔය කියන සංසන්දනය හින්දා කියලා...

      Delete
  2. මෙ ගැහැණුන් තමන්ගේ පරිනාමික භූමිකාව රඟපාන අයුරුයි.

    පිරිමින්ගේ පරිනාමික භූමිකාව මින් වෙනස් වන්නේ ඇයි? පිරිමියා දඩයම්කරුවෙකි. ඔහුගේ තරගය ඇත්තේ වන සතුන් (බාහිර පාර්ශ්ව ) සමඟ විනා සගයින් සමඟ නොවේ. එසේම 'දඩයමට' සගයින්ගේ සහාය අවශ්‍යය. ඔවුන් නැතිව දඩයම සාර්ථක නොවේ. එසේ හෙයින් පිරිමි-පිරිමි අතර තරගය අවමය.

    ගැහැණු එසේ නොවෙති. ඔවුන් ජීවත් වන්නේ බාහිර සාධක වලින් ආරක්ෂක පරිසරයකය. (මේ කතා කරන්නේ ජීව විද්‍යාත්මක ගැහැණිය ගැනය.) ඔවුන්ගේ තරගය ඇත්තේ ඔවුනොවුන් අතරය.

    ReplyDelete
  3. ගෑණුන්ට ඉරිසියා කරන ගෑණු ලොව හැමදාම ඉන්නවා. ඔවුන්ට දඬුවම් කළ නොහැකියි. එහෙත් එය නීතිය මඟින් කරන්නට ගන්නා උත්සාහයේ දී එසේ නොවූ මිලියන ගණනකගේ අයිතීන් කප්පාදු වෙනවා. ඒත් ඉරිසියා කිරීම නතර වෙන්නේ නැහැ. නීති ගෙනැවිත් මිනිසා අකර්මණ්‍ය වූ ලෙසින් සිරකර තැබීමෙන් හෝ බෙහෙත් හෝ මත්පැන් මතින් තැබීමෙන් ඉරිසියා කිරීම අවම කරගත හැකි යැයි සිතන සමාජයන්හි වෙනත් සෞභාග්‍යයන් කෙමෙන් කෙමෙන් අතුරුදහන් වීම දැකිය හැකියි.

    විසඳුම, වැඩියෙන් සද්ගුණවත් පිරිසකට වැඩියෙන් නිදහසින් ඉන්නට ඉඩ දීමයි. නැතිව ඉරිසියා කිරීම දැක බිය වී, කම්පනයට පත් වී, තව තවත් නීති ගෙනැවිත් සියල්ලන්වම අකර්මණ්‍ය වූ සිත්පිත් නැති රූකඩයන් කිරීම නොවෙයි.

    ReplyDelete
    Replies
    1. Thank you Aruni....
      By the way let women settle their differences through guns...

      Delete
    2. ඉරිසියාවට දඬුවම් ලැබිය යුතු වරදක් කියලා කියන්නේ ඇමරිකාවේද?

      Delete
    3. අයියෝ මලයණ්ඩිලා වැරදි කෙනාවනේ අල්ලගෙන තියෙන්නේ. මම ඇනෝ කෙනෙක් මිසක ඔය ගොල්ල හිතන කෙනා නෙවෙයි. ඒ වුණත් උත්තර දෙන්න බලන්නම්කෝ.

      ඉරිසියා කරන්නන් ඉන්නේ ස්වල්පයකි. යහපත් මිනිසුන් බහුතරයකි. සමාජයක වාසය කරනා ඉරිසියාකාරයෙක් කරන දෙයක් වළක්වා ගන්නට යැයි කියා සමාජයේ වාසය කරනා යහපත් වූ මිනිසුන් බහුතරයට නීත්‍යානුකූලව නිදහසේ හැසිරෙන්න ඉඩ නොදීම යුක්තිය ඉෂ්ට කිරීම නොවේ. ඉරිසියා කිරීමකට, එය කරන්නට කළින් දඬුවම් දෙන්නට හැකියාවක් නැති නිසා මේකට විසඳුමක් නැහැ. යම් අයෙක් විසඳුමක් තියෙනවා යැයි කියන්නේ නම් එයා කියන්නේ බොරුවක්.

      Delete
    4. @ AnonymousDecember 17, 2012 8:57 AM
      They(women) always use a gun to settle their differences...

      Delete
    5. // ඉරිසියා කිරීමකට, එය කරන්නට කළින් දඬුවම් දෙන්නට හැකියාවක් නැති නිසා මේකට විසඳුමක් නැහැ. යම් අයෙක් විසඳුමක් තියෙනවා යැයි කියන්නේ නම් එයා කියන්නේ බොරුවක්.//

      good work... dats her american voice...

      AnonymousDecember 17, 2012 9:43 AM
      උඹ තමයි නියම මිනිහා... වෙල් ඩන්..

      Delete
    6. එහෙත් අයෙක්ගේ ඉරිසියා කිරීමක් යැයි වටහා ගන්නා ආකාරයත්, ඉරිසියා කරන්නෙක් වෙනුවෙන් පවුලේ අයට කළ හැකි වූ දේවල් රජයේ නීති විසින් විකෘති කර අහිංසකයන්ට ලැබිය යුතු ආරක්ෂාව සැලසීම අපහසු කර ඇත්නම්?

      ඇනෝට මම උදාහරණය දෙන්න අවශ්‍ය නෑනේ නේද?

      ඉරිසියාව හරියට නයාගෙ පෙනේ වගේ

      Delete
    7. මල්ලී, ඔය ඔක්කෝටම මුල ආණ්ඩුව විසින් බදු ගැසීම. ආණ්ඩුව බදු අය කිරීම නතර කළාම ඔය ඔක්කෝම ප්‍රශ්න විසඳෙනවා.

      Delete
    8. සමරිසියන්ට පවුල් වෙන්න වගේ ම, ගංජා නිදහස ලබා දුන්නාම තමයි ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙන්නෙ.... එයින් ලැබෙන ආරක්ෂිත බවෙන් අදට වඩා හෙට යහපත් කරගන්නටත්, සතුටින් පවත්වා ගන්නටත් ශක්තියක් ලැබෙයි.

      Delete
    9. දැන් බලන්නකෝ නංගි ඔය ගොල්ලන්ගෙ රටේ නිදහසක් තියෙනවද? චික් විතරක්. මිනිහෙක් මරන්න වත් නිදහස් නැහැනෙ. බලන්නකෝ අපේ රට ඒ වාගෙද. තුවක්කුව ගත්තා. මැරුවා. එච්චරයි. අන්න නංගී සිවිල් නිදහස. අපි ඒ සිවිල් නිදහසට ගරු කරන්න ඕනෑ නංගී මල්ලී. (හැබැයි උඹලගෙ කමෙන්ට් නම් දාන්න නිදහස දෙන්න බෑ, මොකද එතකොට මම කෙළින පච ටික අහුවෙනවා.)

      Delete
    10. අරුණි මම 100% එකඟයි. හරිම වටින ලිපියක්. මටනම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. තනිය්යෙන් මුකුත් හිතන්නත් බැහැ. ඒ හින්දා ඔයා කියන හැම මෝඩ අදහසකටම 100% එකඟ වෙනවා.

      Delete
  4. දැනුමට යමක් එකතු වෙච්ච පෝස්ට් එකක් ! :)

    ReplyDelete
  5. මෙහෙම බලන අයත් ? නැතුවාම නොවේ. කොහොම බැලුවත් රැවටීම කා අතේද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  6. බොරු කියන්නේ මොකටද... ඔය කතාව ඇත්ත වෙන්න ඕනේ... ඉස්සර නම් මම කිසි කෙනෙක් දිහා එහෙම බැලුවේ නෑ... මොකද මගේ ඇඟ එක ගැන මම සෑහීමකට පත් වෙලා හිටිය නිසා.. හැබැයි දැන් නම් එහෙම නෑ... හිටිගමන් මම වයසට ගිහින් කියලා හිතෙනවා. හමෝම කියනවා මං අලියා වගේ මහත් වෙලා කියලා... එතකොට නම් ඉතිං කසාද බැන්ඳ එක ගැන තරහක් වගේම, ඉස්සර මං හිටියා වගේ ලස්සනට, හිතේ කුණු ගොඩවල් නැතුව සතුටින් ඉන්න කෙල්ලෙක් දැක්කම පොඩිඩක් බැලැනවා තමා... දුකත් හිතෙනවා.. ඒත් ඒ නීරීක්ෂනය මත ඊරිසියා නොකර ඉන්න පුළුවන් තරම් උත්සාහ කරනවා...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  7. උඩ දාපු පින්තුරේ අර දකුණු පැත්තේ ඉන්න අවතාරයක් වහේ සුදු කෙල්ල දිහා නොවෙයි මම නම් බැලුවේ වම් පැත්තේ ඉන්න ටෑන් පාට කෙල්ල දිහා ඔන්න

    ReplyDelete
    Replies
    1. මේ තරම් සියුමැළිද කළු ගල් සිතා ගන්නත් බැරි නිසා...

      Delete
    2. Pana allana ekaa awilla....

      Delete
  8. ///පිරිමි ළමයි, ගෑල්ළමයින් දිහා බලන විට ඒ බලන්නේ ගැල්ළමයින් ගේ "මොලේ" //

    ගොඩක් පිරිමි ලමයි ගෑණු ලමුන්ගේ පශ්චාත්භාගය වඩා හොදින් නිරීක්ශනය කරන බැවින් කතන්දරගේ මේ නිගමනය ගෑන එක සිතින් එකඟ වෙමි.
    තවද ඒමගින් කකා කාන්තාවන්ට කර ඇති අපහාසය පිලිබද කණගා‍ටුව ප්‍රකාශ කරමි

    ReplyDelete
    Replies
    1. ඔය සිරිත මානවයාටත් වඩා පැරණියි. කොටින්ම ඕක පටන් ගත්තේ අපේ මුතුන් මිත්තන් වානරයන්ව ඉන්නා දවස් වල. ලිංගික සංසර්ගයට සූදානම් වානරියන් එය දැක් වූයේ තමන්ගේ පසුපසින්. ලි]න්ගික උත්තේජයත් සමඟ ඔවුන්ගේ පශ්චාත් ප්‍රදේශය රතු වෙනවා, ඉදිමෙනවා වගේ දෙවල් වෙනවා. පිරිමි සතුන් ඒ දෙස බලන්නේ එනිසයි. තාමත් අපි ඉදිරියට ගෙන යන්නේ එම වානර පුරුද්ද.

      Delete
    2. Anonymous December 17, 2012 10:27 AM
      දැන් ඒක වෙන්නෙ කෙල්ලොන්ට නෙවෙයි බන් හොමාලට... උන්ගෙ තමයි හොද කොල්ලෙක් දැක්කොත් පුක පිම්බිලා එන්නෙ...

      Delete
    3. AnonymousDecember 17, 2012 10:37 AM

      වෙන්න පුළුවන්. අත්දැකීමෙන්ම කියන කොට කොහොමද නෑය කියන්නෙ?

      Delete
    4. @ Anonymous December 17, 2012 10:42 AM

      අත් දැකීම නෙවෙයි නියම වචනෙ... අත් දැකීම් වලින් ඔච්චර අවබෝධයක් ලබන්න බෑ.... ඔයා දන්නෙ නැත්නම් ඔයාගෙ නම්බර් එක මේකෙ පෝස්ට් කරන්න.. මම හොද දැක්මක් ලබාදෙන්නම්...

      Delete
    5. අනේ ඕනැ නෑ. ඔයාට ඔච්චරම ඉවසගෙන ඉන්න බැරිනම් නම් රනිල් වික්‍රමසිංහ අයියාට කතා කරන්නකෝ.

      Delete
    6. ගෑණුන්ගේ මොලේ තියෙන්නේ පුකේ නෙමෙයි හරිය....පුක කියන්නේ කුණුහරුපයක් ද නොවේ හරිය.......

      Delete
  9. කතන්දරකාරයා වැදගත් කතාවක් කියන අතරේ බ්ලොග් ලෝකයේ ගෑල් ළමයි දෙන්නෙකුට ටොකු දෙකක් ඇනලා වගේ.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මෙන්න කොල්ලෙක්... නිකන් බලු වැඩ කරන්න එපා යකෝ

      Delete
  11. කොච්චර ලස්සනට තිබ්බ තැනක් ද? දැන් හතර වටේ වැට මායිම් කඩා ගෙන බල්ලො පූසෝ රිගලා ජරා කරල යනවා. ගතහැකි යමක් තියෙන පෝස්ටුවක් ලීවත් වැඩක් නැති වෙලා.කකාට හද බැදි සොව ප්‍රකාශ කරමි.

    ReplyDelete
    Replies
    1. අපි පාරේ යනකොට බල්ලො, පුසෝ, අලි, කොටි,හරක්........etc රිපුව හොයා ,හොයා ඉවකරකර යනවද ඒවා මගහැරලා යනවද? අදෝනා දෙන්නේ නැතුව යන්න ආව පාරේ යන්න.ඔබටත් හද බැදි සොව ප්‍රකාශ කරමි.

      Delete
    2. පාරේ තොටේ යන කොට ,බල්ලො පූසො රීපුව නොපාගා පාර හරියට බලාන යන්න දන්නවා.වැඩේ තියෙන්නේ පාරේ යන බල්ලො පූසො ඇවිත් වත්තෙ ගේ දොරකඩ රීලා යනේක.

      Delete
    3. මොලේ තියන මිනිස්සු ගොම් බෙටිවලින් පොහොර හදනව, පොහොර අපහු වත්තට දාල වත්ත ලස්සන කරගන්නවා, මොලේ නැති කම්මැලියෝ බෙට්ට බදාගෙන කෑගහනවා. ඔබ අයිති මොන ගොඩටද?? බෙට්ට ප්‍රතිචක්‍රීකරණය කරන්න!!

      Delete
  12. ස්වභාව ධර්මය ලබා දිපු හැටි තමයි.එහෙත් දැන්නම් පිරිමි අයත් ඒ වගේම තමයි.තමන්ගේ නෝනගේ වැරදි පෙන්නේ නැ අනිත් නෝනලා අඳින එක නම් වැරදි කෝටියක් කියනවා.ඒ වගේ ම තමයි තමන්ගේ මහත්තයා කරන වැරදි පෙන්නේ නැ එහෙත් අනෙක් පිරිමින්ගේ වැරදි පෙනවා.මේ වැරදි කවදා හැදෙයිද?
    මනසින් දිවියට

    ReplyDelete
  13. අහල තිබ්බට ආවේ අද,ෆට්ට බ්ලොග් එක,ඔන්න ෆලෝ පාරකුත් දැම්මා,යන එන ගමන් ආයෙත් ඇවිත් යන්නම්,ජය වේවා....

    ReplyDelete
  14. කකාගෙ කථාව සම්පූර්ණයෙන් ඇත්ත... මමත් එකගයි....

    ReplyDelete
  15. කමෙන්ට් කීපයක් කපා දැමීමට සිදුවිය.

    ReplyDelete
  16. මට ලැබුණු ඊ-මේලයක්
    ----------------

    අපි ආසාවෙන් යන එන තැන, දැන් බල්ලෝ වසුරු හලලා. කමෙන්ට් එකක් වත් ලියන්නෙ කොහොම ද? වසුරු අපේ ඇඟෙත් ගෑවෙයි. ඇත්තමයි මේ විදිහට ගියොත්....

    අද කතාව හොඳයි.ඒත් මයෙ කමෙන්ටුව එතන ලියන්න විදිහක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙන්න තව එකක්
      -------------
      ඔයාගේ බ්ලොග් එකේ ඔය විදිහට එක එක්කෙනාට හිතුමතේ කමෙන්ට් දාන්න දෙන්න එපා.

      දැන් මේක සීමාව ඉක්මවා ගිහින් තියෙන්නේ.

      මෙතන ගොඩක් ඉන්නේ 20 වගේ කොල්ලෝ. ඒ අයට ඕන කාලකන්නි සතුටක් ලබන්න විතරයි. ඒ නිසා ඇනෝ ඩිසේබල් කරන්න. ඕන කෙනෙක් හරි නමෙන් ඇවිත් කියන දෙයක් කියවිනේ.

      Delete
    2. මෙන්න මගේ පිළිතුරක්.
      ----------------
      මං කළ දෙයක් නැත. සියළු වැරදි කමෙන්ට්කරුවන් ගේ ය.

      මා නොකළ දෙය නම් වාරණයයි. ඒ එය මගේ ප්‍රතිපත්තියට විරුද්ධ නිසාය.

      මා දැන් කළ යුත්තේ ප්‍රතිපත්තිය රකිමින් ඔබ වැන්නන් ඈත් කර ගන්නවාද, ප්‍රතිපත්තිය කඩනවාද, බ්ලොග් එක වසා දමනවාද යන විකල්ප තුනෙන් එකක් තෝරා ගැනීමයි!

      Delete
    3. අපි පාරේ යනකොට බල්ලො, පුසෝ, අලි, කොටි,හරක්........etc රිපුව හොයා ,හොයා ඉවකරකර යනවද ඒවා මගහැරලා යනවද? අදෝනා දෙන්නේ නැතුව යන්න ආව පාරේ යන්න.

      Delete
    4. 20 කොල්ලො කියල ඇනෝලට ආමන්ත්‍රනය කරේ 60 පැනපු නාකියෙක් ද?... 20 කොල්ලොන්ගෙ මතය බලු ගූ වගේ ඉවත දැමිය යුතුද? ලෝකය දුවන්නෙ 60 පැනපු ඩයල් වල ප්‍රබුද්ධ මතවාද වලින් පමණද?

      මගේ වයස 28යි, මම ඉන්ජෙක්... ..මම බ්ලොග් ලියන්නෙ නෑ... මට ප්‍රොෆයිල් එකක් නෑ... හදා ගන්න අවශ්‍යතාවයකුත් නෑ...මම මේකෙ සහ අනිත් බ්ලොග් වල දීර්ඝ සාකච්චා ගොඩනගල තියනවා... වැදගත් දේ ලියල, කතාකරල තියනවා.. මඩ ගහල තියනවා... අපහාස කරල තියනවා.. කකාට බලුම විදිහට බැනල තියනවා... අනිත් එවුන්ටත් එහෙමම කරල තියනවා... දැන් මම මොන කැටගරි එකේද?

      Delete
    5. @AnonymousDecember 17, 2012 10:56 PM

      ඇනෝ විදිහට ලියනතාක් කල්, ඕනෙම කෙනෙක් තමන් ලියන, කියන දේවල් වල වගකීම බාරගන්න බැරි / අකමැති / බය කෙනෙක්. වැදගත්, දීර්ඝ සාකච්ඡා ගොඩනගන්න අදහස් දුන්නා කියලා කිව්වට දැන් ඕක ඕනෙම ඇනෝ කෙනෙකුට කියන්න පුළුවන්නේ, මම අරහෙම කලා මෙහෙම කලා කියලා. තමන්ගෙ අදහස් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්නම්, ඒවාගෙන් වැදගත් සාකච්ඡා මතු කරන්න පුළුවන්නම්, ඒ මත වෙනුවෙන් යම් නමකින් පෙනී සිටීමේ ඇති වැරැද්ද මොකද්ද? ප්‍රොෆයිල් එකක් හැදුවා කියලා තමන්ගේ සම්පූර්ණ අනන්‍යතාවය එළිවෙන්නෙ නෑනේ. බනින එක ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. ඇනෝ කෙනෙක් විදිහට ඇවිත්, මම අරහෙම කලා මෙහෙම කලා කියන්න වෙන්නෙ නෑනේ එතකොට.

      ඇනෝ කමෙන්ට්ස් වලට ඉඩ දෙනකම් ඒක ප්‍රශ්නයක් නෑ, අවශ්‍යතාවයක් නෑ තමයි. ඔතන ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ හර්දසාක්ෂියට විතරයි, තමන් කරන කියන දේ හරිද එක ගැන. ඔබ මොන කැටගරියෙද කියලා අනිත් අයගෙන් අහන්න එපා. පුළුවන් නම් ඔබම කල්පනා කරලා බලන්න මොන වගේ කැටගරියක් සුදුසුද කියලා.

      Delete
    6. මට කැටගරියක් නෑ.. ඒක තමයි ඇත්ත... නමුත්...

      නරක ඇනෝලා ඉන්නේ ස්වල්පයකි. යහපත් ඇනෝලා බහුතරයකි. කොමෙන්ට් කරන කරනා නරක ඇනෝලා කරන දෙයක් වළක්වා ගන්නට යැයි කියා කොමෙන්ට් කරන කරනා යහපත් වූ ඇනෝලා බහුතරයට නීත්‍යානුකූලව නිදහසේ හැසිරෙන්න ඉඩ නොදීම යුක්තිය ඉෂ්ට කිරීම නොවේ. නරක කොමෙන්ට් කරන්නන්ට, එය කරන්නට කළින් දඬුවම් දෙන්නට හැකියාවක් නැති නිසා මේකට විසඳුමක් නැහැ. යම් අයෙක් විසඳුමක් තියෙනවා යැයි කියන්නේ නම් එයා කියන්නේ බොරුවක්.

      සුදුසුම විසඳුම, වැඩියෙන් සද්ගුණවත් ඇනෝලා පිරිසකට වැඩියෙන් නිදහසින් ඉන්නට ඉඩ දීමයි. නැතිව නරක කොමෙන්ට් දැක බිය වී, කම්පනයට පත් වී, ඇනෝ බ්ලොක් කර සියල්ලන්වම අකර්මණ්‍ය වූ සිත්පිත් නැති රූකඩයන් කිරීම නොවෙයි.

      ඇනෝලා ලෙසින් පෙනී සිටීමට සිද්ධ වී ඇත්තේ මන්දැයි වටහාගත නොහැකිවු එහෙත් තව දුරටත් ඇනෝ බ්ලොක් කරගන්නට කැප වෙන අයට හිතට එන්නේ මෙවැනි විසඳුම් පමණි.

      ලෝකයේ සින්හල බ්ලොග් කරුවන් සහ අනෙකුත් ප්‍රොෆයිල් කරුවන්, බ්ලොග් කරුවන් තවත් බ්ලොග් කරුවන්ට එරෙහිව කරන අපරාධයන් අනුන් ලවා කරවන්නට, හැක් කිරිම හා සයිබර් බුලින් නීත්‍යානුකූල කර ආධුනික බ්ලොග් කරුවන්ට ආයුධ දී ප්‍රවීණ බ්ලොග් කරුවන්ව මරා දැමූ අය බව ඉතිහාසය නොදන්නා අය කිසි දිනෙක සොයා බලන්නට වෙහෙසක් නොගෙන්නේ ද එය දැන ගන්නේ නොමැත.

      Delete
  17. ඇයි මේ කතා බය වෙලා. ඇනෝ වැහුවොත් කතාට කමෙන්ට් දාන්න කට්ටිය කෝ.අන්තිම පොස්ට් පණහක් විතර අරං බලමුකෝ ඇනෝලා නෙවෙයිද කතාව රැක ගත්තේ කියලා. ඇනෝලට අත නොතබනු. ඇනෝ අයිතීන් සුරකිනු.

    ReplyDelete
  18. මේක සාපේක්ෂයි...අනුන් දිහා බලලා ඊරිසියා හිතන්නෙ තමන්ගේ අඩුපාඩු දකින උදවිය. මම නම් මගේ අඩුපාඩු දකින්නෙ නෑ. ඇයි දෙයියනේ මේ ලෝකෙට මම කියන්නෙ මම විතරයි. අනිත් අයට නැති දේවල් මට තියෙන්නෙ පුළුවන්. මට නැති දේවල් අනිත් අයට තියෙන්න පුළුවන්. තමන් ලඟ තියෙන දේවල්වල වටිනාකම ගැන සතුටු වෙන්න පුළුවන්නම්... අනිත් අය දිහා බලලා ඊරිසියා කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත්ටම ළිහිණි ඔයාගෙ කතාවට මාත් එකඟයි. නැති දේ ගැන දුක්වෙන්නෙ නැතුව "අලුත් නමකින් ඇවිත් හරි" ඇති තැනකින් ඒ දේ ගන්නව නම් ඉරිසියා කරන්නෙ මොකටද? ඒක නෙමේ දැන් බ්ලොග් අවකාසයේ සක්විති අංකල්ලා වගේම ඇන්ටිලත් ඉන්නව කියන්නෙ ඇත්ත්ද?

      Delete
    2. කවුද මචෝ ඒ... අපි නොදන්න ආන්ටි...

      Delete
    3. මම හිතන්නේ මුල් කමෙන්‍ටුවෙ අයිතිකාරි ගැනයි මේ කියන්නේ

      Delete
  19. කකාත් ගෑණු ළමයි ගැන ලිව්වා. අපිත් ගෑණු ළමයි ගැන ලිව්වා. මොකෝ අපි කුණුහරුප ලිව්වයැ.

    /මෙතන ගොඩක් ඉන්නේ 20 වගේ කොල්ලෝ. ඒ අයට ඕන කාලකන්නි සතුටක් ලබන්න විතරයි. ඒ නිසා ඇනෝ ඩිසේබල් කරන්න. ඕන කෙනෙක් හරි නමෙන් ඇවිත් කියන දෙයක් කියවිනේ./

    උඩ බලන්නකෝ මහත්තයෝ. කමෙන්ට් අයින් කරලා තියෙන්නේ ඇනෝ ආපු කෙනෙකුගේද ප්‍රොෆයිල් එකෙන් ආපු කෙනෙකුගේද? මෙතැන කුණුහරුප ලියන්නේ ප්‍රොෆයිල් එකෙන් එන අය නම් ඇනෝ ඩිසේබල් කළාම ප්‍රශ්නෙ විසඳෙන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මම ඔතන දැම්මේ මෙන්න මේ ටික ...
      විශේෂ ඉල්ලෙමකට තමා ඒ දේ මගෙනුත් අහල අයින් කලේ ඇනෝ ...

      ////////දැන් ඔය රැවටීමේ අවධි කීපයක් තියෙනවනේ..
      මේ නෝනා කතා කරන්නේ මොන අවදිය ගැනද
      දන්නේ නැහැ නේද ? ///////




      නැතුව වෙන කිසිම දෙයක් එතන තිබ්බේ නැහැ..
      නමුත් මට පහලින් ඇනෝ අපහාසාත්මක දෙයක් දාල තිබ්බ..
      ඒක ගැන මා නිර්දොශියි ඇනෝ තුමනි ...

      Delete
    2. මම වැඩිය බ්ලොග් බලන කෙනෙක් නෙමේ.. ඒත් කතන්දර බ්ලොග් එකයි වෙලාවක් තිබුනොත් අනිත් ඒවත් බලනව.. ඒ අතර මම දැකපු දෙයක් තමයි මේ silentsahan කියන කෙනා කොමෙන්ට් දානව කියල කරන්නෙ ඒවයෙ පහරන එක.. මට හිතෙන විදියට මිනිහව අංගොඩ නවත්තන්නම ඕන නෑ, අර දවස ගානෙ බොන්න පිස්සොන්ට දෙන ටැබ්ලට් එක දුන්නොත් ඇති වෙයි..
      -thush aiya

      Delete
    3. ඉතින් ඇයි දරුවෝ ඕක කියන්න ඔහොම එන්නේ?
      ඔයට බ්ලොගර් ID එකක් නැති වෙන්න බැහැනේ..
      කෙලින්ම කිව්වා නම් වටිනවා නේද ? දැන් විහිළුවක්
      වෙන්නේ ඔබමයි...
      මහදුරු තුමාගෙන් අහගෙන එන්න හොද විදිහක්.
      තමන්ගේ වයසට ගැලපෙන වැඩක් කරන්න කවී..
      ලැජ්ජයි ඔයාගේ වැඩ ගැන...
      නමුත් මේ දිනවල මට විනෝදය සැපයීම ගැන
      ස්තූතියි..:))))

      Delete
    4. බොට හොද අන්ගොඩම තමයි

      Delete
    5. මල්ලෙ පොල් ටෝක්ස් නෙ තියෙන්නෙ.. මේවට උත්තර දීල වැඩක් නෑ.. හොඳ ඩොකෙක්ට පෙන්නල බෙහෙත් ටිකක් අරන් දෙනව මිසක්..

      Delete
  20. ඇනෝ ඩිසේබල් කළොත් කකාගෙ කමෙන්ට් ලැයිස්තුව මේ වගේ වෙයි.

    1. මං එක
    2. මං එක
    3. මං එකද මන්දා
    4. පට්ට
    5. එළ
    6. කකාට පිස්සු
    7. සුපිරියි- පට්ටයි- නියමයි- ඉතා වටිනා ලිපියක්.
    8. කතන්දරට මල් මිටක්
    9. +++++++++++++++
    10. කතන්දර කියන්න ඕන දේ කියන්න ඕන විදියට කියලා තියෙනවා.

    දැන් කකාට ඕනැ ඒකද?

    ReplyDelete
    Replies
    1. *
      ඇයි මේක....

      Delete
    2. ඇයි මේක... *

      Delete
    3. Sad but it is true. I have seen such comments in several blogs :)

      Delete
  21. @Kathandara Karaya
    කාකා ඔයා මොන්ටිසෝරි හැසිරීමක් පෙන්නුම් කරමින් තිබේ, වයසට හරියන විදියට හැසිරෙන්නකෝ, බබෙක් වගේ නහයෙන් අඩන් නැතුව එක මතෙක ඉන්න. ඔයාට මෙන්න මෙහෙම ස්ටේට්මෙන්ට් එකකක් දෙන්න පුලුවන්නම් කතාව ඉවරයි මේක කියුවේ රාමචන්ද්‍ර, උපුටා ගැනීම රාමචන්ද්‍ර අඩවිය (http://ramachandrageadaviya-ramachandra.blogspot.com.au/2012/12/blog-post_9.html#comment-form)

    //ප්‍රතිපත්තියක් ලෙස මෙහි ප්‍රතිචාර වාරනය කිරීමක් සිදු නොකෙරේ.මේ ප්‍රතිචාර තීරය කියවන විට මෙම ලියුම්කරුටම බැන වැදී ඇති කමෙන්ට්ස් අපමන ඇති බව ඔබ දකින්නට ඇති.ඒ නිසා අසභ්‍ය වචන යොදා නොගන්නා තාක් දුරට ප්‍රතිචාර මැකීමේ අදහසක් නොමැත.ඔබේ මතය පල කරන්නට ඔබට සම්පූර්න නිදහස මෙතුල ඇත.වෙනත් කෙනෙක් ලියන ප්‍රතිචාරයක් ( ඔහු ශිෂ්ට සම්පන්න සීමාව තුල එය සිදුකර ඇති තාක් දුර‍ට ) සදහා තහනම් පැනැවීමේ හැකියාවක් මට නැති බව ඔබ තේරුම් ගනු ඇතැයි සිතමි.//

    ReplyDelete
  22. කකාට හිට්ස්, කමෙන්ට් දීලා කකාව මෙච්චර දුරට රැකගත් ඇනෝට කෙලින්න යන එක වහ හෙලා දකිමු.ඇනෝ කමෙන්ට් ඩිසේබල් කිරීම හෙලා දකිමු.
    ඇනෝ අයිතීන් සුරකිමු !!

    ReplyDelete
  23. හැම ඇනෝම එක විදිය නෑ තමයි.මොකද මම උනත් කලින් ඇනෝ කමෙන්ට් දැම්මෙ.ටික දෙනෙක් හින්දා ගොඩ දෙනෙක් ගැන එහෙම හිතන එකත් වැරදි.ඒත් බ්ලොග් එකට වරදක් වෙනවනම් ඒකට තීරනයක් ගන්න එක ලියන කෙනාගේ අයිතියක්.....

    පෝස්ටුවෙ තියන ඒවට මාත් එකගයි.මාත් ඕක දැකල තියනවා.

    ReplyDelete
  24. මකපන් මකපන් කකා අපි තරහ නෑ..

    කවුරු හරි දන්නවද අර හොරා ඉන්දිකගෙ සල්ලි දුන්නද කියලා...

    ReplyDelete
    Replies
    1. වෛරස් උණක් ඉහට ගහල අමාරුවෙන් උන්නෙ, ඒනිසා අප්ඩේට් කරගන්න ප්‍රමාද උනේ. අරූ පුරුදු විදියට ආයි පොල්ල තියල, සත පහක් දාල නෑ, බැන්කුවට දානව කියල මහ ලොඋවට පොළිසියෙදි පොරොන්දු උනාට.

      කවද හරි ඒක්ගෙ වැරදි වලට විඳවන්න වෙන්නෙ ගෑණිටයි ළමයින්ටයි තමයි, හිර ගෙවල් ගානෙ බඩගාල.

      Delete
    2. මූ ලියල තිබුනෙ පොස්ට් එකක මූට ඇතුලෙ සිරා කනෙක්ශන් තියනව කියල.... අනේ පව්.. මූ ඇතුලට ගියාම මුගෙ යාලුවො ටික මුගෙ පවුල බලාගනී නේද?

      යුද්දෙට මන් ගියා ගෑනි ගෙදර තියා...

      Delete
  25. COMMENT OF THE YEAR!

    නරක ඇනෝලා ඉන්නේ ස්වල්පයකි. යහපත් ඇනෝලා බහුතරයකි. කොමෙන්ට් කරන කරනා නරක ඇනෝලා කරන දෙයක් වළක්වා ගන්නට යැයි කියා කොමෙන්ට් කරන කරනා යහපත් වූ ඇනෝලා බහුතරයට නීත්‍යානුකූලව නිදහසේ හැසිරෙන්න ඉඩ නොදීම යුක්තිය ඉෂ්ට කිරීම නොවේ. නරක කොමෙන්ට් කරන්නන්ට, එය කරන්නට කළින් දඬුවම් දෙන්නට හැකියාවක් නැති නිසා මේකට විසඳුමක් නැහැ. යම් අයෙක් විසඳුමක් තියෙනවා යැයි කියන්නේ නම් එයා කියන්නේ බොරුවක්.

    සුදුසුම විසඳුම, වැඩියෙන් සද්ගුණවත් ඇනෝලා පිරිසකට වැඩියෙන් නිදහසින් ඉන්නට ඉඩ දීමයි. නැතිව නරක කොමෙන්ට් දැක බිය වී, කම්පනයට පත් වී, ඇනෝ බ්ලොක් කර සියල්ලන්වම අකර්මණ්‍ය වූ සිත්පිත් නැති රූකඩයන් කිරීම නොවෙයි.

    ඇනෝලා ලෙසින් පෙනී සිටීමට සිද්ධ වී ඇත්තේ මන්දැයි වටහාගත නොහැකිවු එහෙත් තව දුරටත් ඇනෝ බ්ලොක් කරගන්නට කැප වෙන අයට හිතට එන්නේ මෙවැනි විසඳුම් පමණි.

    ලෝකයේ සින්හල බ්ලොග් කරුවන් සහ අනෙකුත් ප්‍රොෆයිල් කරුවන්, බ්ලොග් කරුවන් තවත් බ්ලොග් කරුවන්ට එරෙහිව කරන අපරාධයන් අනුන් ලවා කරවන්නට, හැක් කිරිම හා සයිබර් බුලින් නීත්‍යානුකූල කර ආධුනික බ්ලොග් කරුවන්ට ආයුධ දී ප්‍රවීණ බ්ලොග් කරුවන්ව මරා දැමූ අය බව ඉතිහාසය නොදන්නා අය කිසි දිනෙක සොයා බලන්නට වෙහෙසක් නොගෙන්නේ ද එය දැන ගන්නේ නොමැත.

    ReplyDelete
    Replies
    1. @ Anonymous December 18, 2012 7:21 PM

      Thanks Ano.... It was my comment....

      BTW just a piece of cake...

      (well the cake was served at ambassadors' gathering at american embassy )

      Delete
    2. @AnonymousDecember 18, 2012 11:23 PM

      ඔබ මම ලියූ දෙයට දැමූ ප්‍රතිචාරයක් ලෙස මුලින් පෙනුනද, Remix එකක් බව වටහා ගැනීමට වැඩිවෙලා ගතවූයේ නැත. ඔබ මගේ බ්ලොගයේත් එම ලින්කුව දමා තිබූ බව දුටුවෙමි. මෙය නිර්මාණශීලී විහිලුවක් ලෙස සලකමි.

      Delete
    3. @ thisara
      Pls try to understand the truth behind the joke...

      Delete
  26. මම නම් බලන්නේ හදවත දිහාමය .දෙනෙත දිව යන්නේ හදවතටමය

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.