Tuesday 8 April 2014

පැන්ෂන් පලච්ච සමහරක් වයසක ඩයල්වලට තමන්ට වඩා බාල පරම්පරාව එක්ක ඇති අවුල මොකක්ද? : Grumpy old bigoted men - for no reason!


බෙන්ජමින් බට්න් කියන ෆික්ෂනල් කැරැක්ටර් එක හැරුණාම මේ ලෝකේ උපත ලබන සියළු දෙනා, ළමා වියෙන් තරුණ වියට එළැඹිලා, තරුණ වියෙන් වැඩිහිටි වියට එළැඹිලා, ඉන් පස්සේ ටික ටික නාකිවෙන්න පටන් ගන්නවා ය කියන එක අපි හැමෝම දන්නා කාරණයක්.

"නාකි විසේ ගෙටත් උසේ!" වගේ කතන්දර හැදිලා තිබුණත් ඉහ නිකට පැහිලා වයසට ගිය කෙනෙක්ය කියන්නේ, ලෝකේ ගැන දැනුම් තෙරුම් ඇති, අත්දැකීම් තියෙන පුද්ගලයෙකුටයි. ඒ වගේ කෙනෙකුගෙන් ඊට වඩා බාල අය බලාපොරොත්තුවෙන්නේ ජීවිතයට ආදර්ශයක්, නිවරදිව හිතන්න, ජීවත්වෙන්න අවවාද වගේ දේවල්.

අපේ දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන් අපට ඒ උදව් නිරතුරු ලැබුණා.

අපිට වඩා එක්කෝ වයසෙන් අඩු, නැතිනම් අත්දැකීමෙන් අඩු අය දැක්කාම අපි කරන්න ඕනෑ, "මුං මේකවත් දන්නේ නැති මැටි මෝල්ලු ටිකක්!" කියලා අවඥාවෙන්, අපහාසයෙන් කියන එක නොවේ.

ඉතිං අපට වඩා වැඩිහිටි නිසා දැනුම් තේරුම්, අත්දැකීම් තියෙන කෙනෙක්ය කියා අපිට හිතෙන කෙනෙක් තමන්ට වඩා බාල අට ගැන දක්වන්නේ ඒ ආකාරයේ ආකල්පයක් නම්, අපි මොකද කරන්නේ?

තව දුරටත් අනේ අසරණ පව් වයසක මනුස්සයා කියලා ඉවසාගෙන ඉන්නවාද, නැතිනම් කෙලින්ම ඒ වරද පෙන්නලා දෙනවාද?

මං ඔය කතාව කියන්න පසුබිම් හේතුව වුනේ පසුගිය දවසක ගීතයක පසුබිම සහ විවිධ නිර්වචන ගැන අස්වැන්න බ්ලොගයේ ගිය අදහස් දැක්වීමක් නිසයි.

එතැනදී තමන්ට වඩා වයසෙන් අඩු අය ගැන වැඩිහිටියෙක් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.
...සාහිත්‍යය නූගත් (පාසලෙන් සාහිත්‍යය විසිවුනාට පස්සේ සිංහල පාඩම් පොත් වල ඉතිරිවී තියන කවි පමණක් සාහිත්‍යය කියා සිතන) අබ්බ ගොබ්බ පරපුරට නූතනයේ ඉන්න අබ්බ ගොබ්බ එස් එම් එස් සින්දු කාරයන්ගේ...
ඒ වැඩිහිටියා ඒ කියන ආකාරයට සාහිත්‍යය දන්නේත් (ඒ තර්කයට අනුව යමින් ගීත විචාර කළ යුත්තේත්, පොත් පත් ලිවිය යුත්තේත්) ඕලෙවල්වලට සිංහල සාහිත්‍ය නම් විෂය උගත් අය පමණයි ලු.

මොකක්ද මේ සිංහල සාහිත්‍ය කතාවේ පසුබිම් කතන්දරය?

අපිට කලින් පරම්පරාවේ පාසල් අධ්‍යාපන රටාව අදට වඩා බොහෝ වෙනස් එකක්. ඒ කාලේ ශිෂ්‍යත්ව විභාගය තිබුණේ හතේ පන්තියේ. ඊට අමතරව අටේ පන්තියේ දී දීප ව්‍යාප්ත මහා විභාගයක් පැවැත්වුණා. ඒ අටේ විභාගයේ එක් අරමුණක් වූණේ විද්‍යා, වාණිජ, කලා යනාදී ආකාරයට අපොස සාමාන්‍ය පෙල විභාගයට වසර දෙකක් තුල අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන් තේරීමයි.

සමහර විට අද ද "අට සමතුන්" යැයි කියවෙන වර්ගීකරණයට පදනම වූනේත් මෙන්න මේ විභාගයයි.

සාමාන්‍ය තදාසන්න පාසලක නම් මේ අටේ විභාගයෙන් ඉහල ලකුණු ලබා ගන්න අය විද්‍යා විෂයන් හැදෑරීමටත්, ඊලඟ මට්ටමේ ලකුණු ගන්න අය වාණිජ විෂයන් හැදෑරීමත්, විභාගය සමත් අනිත් පිරිස කලා විෂයන් හැදෑරීමට ගියා. (ඒ සාමාන්‍ය ක්‍රමය. අද මෙන් එදා ද එක්ෂෙප්ෂන් තියෙන්නට ඇති. ගම්බද පාසල්වල වැඩි පිරිසක් කලා විෂයන් හදාරන්නට යන්නට ද ඇති.)

ඒ විදියට කලාව හදාරන්නට ගිය සිසුන් බහුතරයක් හදාරපු විෂයක් තමයි සිංහල සාහිත්‍යය කියන්නේ. මෙහිදීත් එක්ෂෙප්ෂන් තියෙන්නට ඇති.

මේ විදියට සාමාන්‍ය පෙලට සිංහල සාහිත්‍යය හදාරන්නට තෝරාගත් අවසන් කණ්ඩායම සිටියේ මං දන්න විදියට 1973 වසරේ දී යි. ඒ පිරිසේ අයගේ අද වයස අවුරුදු 54 ක්. තව ටික දිනකින් ඔවුනුත් පැන්ෂන් ගිය සාහිත්‍යය පොලිස්කාරයින් ගේ ගොඩට එකතු වෙනු ඇති!

දැන් ඒ 1973 වසරේ දී හතේ පන්තියේ සිටි අය සහ ඉන් පසුව උපන් අය ඔය කියන අටේ පන්තියේ විභාගයට පෙනී සිටියේ හෝ සිංහල සාහිත්‍යය සමග සාමාන්‍ය පෙළ විභාගයට උගත්තේ හෝ නෑ.

වසර 1970 දී බලයට පත්වූ නව රජය විසින් 1972 දී ඇති කරන ලද ප්‍රතිසංස්කරණවලට යටත් වූ මේ පිරිසට ඒ වෙනුවට සිංහල භාෂාව, සමාජ අධ්‍යයනය වැනි විෂයන් ඉගෙන ගන්නට සිදුවුණා. ඊට කලින් කලා ධාරාවේ සිසුන් උගත් වීජ ගණිතය, අංක ගණිතය වැනි ප්‍රාඨමික විෂයන් වෙනුවට අළුත් විෂය නිර්දේශයේ ජාල, න්‍යාස වැනි ඉහල ගණිත සංකල්ප ඉගෙන ගන්නට මේ අයට ඉඩ ලැබුණා. පසුව ඒ විෂය නිර්දේශ පවා ක්‍රමක්‍රමයෙන් වෙනස් වුණා. අද ද තව දුරටත් වෙනස් වෙමින් පවතිනවා!

අධ්‍යාපන ක්‍ෂේතයයේ මේ සියළු වෙනස්කම් සිදුවුණේ සහ සිදුවෙන්නේ වරින්වර මහජන ඡන්දයෙන් බලයට පත්වෙන ලංකාණ්ඩුවල අභිමතය පරිදි බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ.

එහෙම නැතුව, මේ ඉහත මා උපුටා දැක්වූ ප්‍රතිචාරයේ සාවඥ ස්වරයෙන් ඉඟිකරලා තියෙන විදියට පසු පරම්පරාවේ සිසුන් සිය කැමැත්තෙන් සිංහල සාහිත්‍යය ඉගෙනීම අතහැර දැම්මේ නෑ!

දැන් පැන්ෂන් ගිය වැඩිහිටියෙකුගෙන් පහල පරම්පරාවේ අය බලාපොරොත්තු වෙන්නේ මේ ආකාරයේ සාහිත්‍යය නූගත් අබ්බ ගොබ්බ පරපුර වැනි, එසේත් නොමැතිනම් අටසමතුන් වැනි නව නින්දා නොවේ.

ඇත්තටම එසේ කියන්නන් ඒ අපහාස කරගන්නේ ඔවුන්ටමයි!

හැබැයි මේ එක පුද්ගලයෙකුගේ අණුවන කතා ඔහු අයිති අපේ වැඩිහිටි පරම්පරාවටම ආදේශ කරලා ඒ සියළු දෙනා "ග්‍රම්පි ඕල්ඩ් බිගටඩ් පීපල්" යැයි සාධාරණීකරණය කරන්නටත් අප ඉක්මන් විය යුතු නෑ.

නමුත්, ඔවුන් කරන වරද ඔවුන්ට තේරෙන්නට ඇතැයි මා සිතනවා.

එසේ නොමැති නම් මට ඊලඟට සිතන්නට වෙන්නේ ඒ ආකරයට බාල පරම්පරාවට කතාකරන්නට තරම් මොළය කොලොප්පම් වෙන්නට හේතුව කුමක් ද කියායි.

දරදඬු රෙජීමයක දැඩි නීති රීති මැද දශක ගණනාවක් ගෙවා, විවිධ පීඩන තත්වයන්ට මුහුණ දුන්නාම එහෙම වෙනවා මන්දා?

මදක් හිතා බලමු.

කෙසේ වෙතත් මගේ අනුකම්පාව ඒ අයට හිමිවෙනවා!

-කතන්දරකාරයා

(image: http://beckymallia1996.blogspot.com.au/)

78 comments:

  1. ඔබ අනුකම්පා කරොත් හරි ඉක්මන් සුවය පැතුවොත් හරි බඩුම තමා...

    ReplyDelete
    Replies
    1. මං එසේ කියන්නේ අවංකවමයි.

      අර ළමයෙකුට පයින් ගැසුවාය කියන දොස්තර ගැන මා අද බ්ොලගයේ කිව්වේත් එවැනිම අදහසක්.
      http://www.w3lanka.com/2014/04/blog-post_7322.html?showComment=1396943370903#c4216971894241705137

      Delete
  2. මම හිතන්නේ විචාරකලට ෆොන්සේකලාට නොතේරෙන දේ තමයි සිවිලියන් කෙනෙක් කියන්නේ මොකක්ද කියන එක. එයාලා වයසට ගිහින් හරි කලින් හරි එලියට ආවම. ඔෆිසර්ලා නෙමෙයි සිවිලියන්ලා. පාරේ යන්නේ සිවිල් කිට් එක ගහලා. එතනදිත් සැලූට් බලාපොරොත්තු වෙනවා නම්. හමුදා පුහුණුවේ මොකක් හරි ලෙඩක් තියෙනවා. විදෙස් පුහුණුවට ගිහින් ආවත් ආයෙත් එන්නේ මේකටමනේ. ඉතින් අර විදෙස් පුහුණුවෙන් සත පහක වැඩක් නෑ.

    හමුදා පාලනයක් ආවොත් කොහොමට තියෙයිද කියලා හිතා ගන්න පුළුවන් නේද?

    කොහොම උනත් විචාරක තුලත් සුන්දර මනුස්සයෙක් ඉන්නවා. ඒ වගේම අර හමුදා නිලදෘවත් ඉන්නවා. ඒත් දැන් ඔහු සාමාන්‍ය සිවිල් වැසියෙක්. කොටින්ම චන්ද්‍රිකා කුමාරණතුංග වගේ.

    ReplyDelete
    Replies
    1. මොනවා කිව්වත් ජේආර් හෝ විජේතුංග හෝ පැන්ෂන් ගිය පසු තමන්ගේ පාඩුවේ හිටියා.

      හැබැයි, චන්ද්‍රිකා නම් තාම දේශපාලන ස්කේල් එකේ පැන්ෂන් වයසට ඇවිත් නැති නිසා (මං හිතන්නේ ජේආර් ජනාධිපති වෙන කොටම වයස අවුරුදු 72 ක් ද කොහෙද!) එයා මේ දිනවල වෙනත් ව්‍යාපෘතියක් නේද?

      Delete
    2. පව් ඉඩ කඩම් විකුණගෙනලු කන්නේ බොන්නේ. පැන්ෂන් එක මදි ඇති විස්කි බොන්න.

      Delete
    3. @Maathalan..... +++++++++++++++++++++++++++

      Delete
    4. chandrikata api bayai malliye,
      ekai api mada gahanne

      Delete
    5. බයයි කියන්නේ මාර බයයි. මම බන්ඩාරණායක පරපුරටම බයයි. මොකෝ ආපු ගමන් ග්‍රෝව්ත් රේට් එක චීනෙටත් එහාට නග්ගනවා.

      Delete
    6. ඔය විචාරක කියන විශ්‍රාම ගිය ආමිකාරයා තුළ හෝ සරත් ෆොන්සේකා කියන විශ්‍රාම ගිය ආමිකාරයා තුළ සුන්දර මිනිසුන් ජීවත්වෙනවාය මම කොහොමටවත් හිතන්නේ නැහැ. ආමි එක කියන්නෙ මිනිහෙක්ගෙ ඉතුරු වෙලා තියෙන යම් සුන්දරත්වයක් තියෙනවා නම් ඒක අමු අමුවේ මරණ තැනක්. ඔය කියන දෙන්නාම තුළ ඉන්නේ මනස විකෘති කරගත් කලවැද්දන් දෙදෙනෙක්. මේ කලවැද්දන්ට ඊට පස්සෙ සමාජයේ අනෙක් හැමෝම කලවැද්දෝ වගේ පෙනෙනවා. මහින්ද රාජපක්ෂට කොච්චර අකැමැති වුණත් මේ වගේ නරුමයින්ට රට නොගිය එක ගැන නම් මම අවංකවම සතුටුයි. ඔය විචාරක කියන මනුස්සයා මානසිකාරෝග්‍යශාලාවක ඉන්න ඕනැ තරම් මනස විකෘති වුණු මිනිහෙක්.

      Delete
  3. හැබැයි අමරදේව මාස්ටර් නන්දා මාලිනී එක්කත් සින්දු කියනවා ,නීලා වික්‍රමසිංහ එක්කත් සින්දු කියනවා ,උමාරියා එක්කත් සින්දු කියනවා ...
    පුදුමයි තාම අමරදේව මාස්ටර්ට බැන්නේ නෑ ඒකට. සමහරවිට එයාට බය නිසා වෙන්න ඇති. මෙතන තියෙන්නෙත් ඉරිසියාවම නෙවෙයිද ?
    ඔය කියන සාහිත්‍යය ඉගෙන ගත්ත පරම්පරාවේ කට්ටිය නේද අද රට පාලනය කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. රට පාලනය කරන අය ඕ ලෙවල් පාස් නං ඒකත් ලොකු දෙයක් නේද?

      Delete
  4. ඕ යෑස් කකා දැං නියම ට්‍රැක් එකට වැටිලා..
    දෙයක් කියනවනං කෙලිං - මූණට !!!!!
    කොහෙද කකා කියන්නෙ වියංගෙන්ද මොකෙන්දනෙ .. දැලි පිහියෙන් ඇද්ද වගේ..
    ලේ බිංදු මතුවෙද්ද්දි කැපිල කියල දන්නෙ..!!

    ReplyDelete
    Replies
    1. වලි නං ෂේප්, ෂේප් නං ෂේප්!
      ඒකයි මගේ තියරිය.

      Delete
    2. පත්තර මල්ලියා වලියක් අවුලන්න වගේ ඒවට අහුවෙයි කකා

      Delete
    3. නලින් අයියා ..
      යුශ්මතා ඔබට පහර දුන්නේ ද්වේශයෙන්ද ??

      ඒකෙනුත් ගැහුවා ස්වාමීනි.. විසි කරලා ගැහුවේ..මෙන්න තුවාල කැළල..!!

      Delete
  5. ඔය කියන සිද්ධියට අදාලව නම් මොකද්ද වෙන්නෙ කියලා මට තේරෙන්නෙ නෑ..සමහර විට තමන් දකින රාමුවෙන්ම ලෝකයත් දකින්න ඕනිය කියන පටු සිතුවිලි වල හිර වෙලා ඇති..

    ReplyDelete
    Replies
    1. තමන් තරම් උගත් කමක් නෑ කියා අනුන්ව පාත් කොට සැලකීම මට නම් පිළිකුල ගෙන දෙනවා.

      Delete
    2. ඒක තමයි කශු හිර වෙලා ඉන්න පටු සිතුවිල්ල..පළමුවෙන් පිළිකුලක් ඇතිවෙලා..දුක හිතිලා හිනා වෙලා ඉඳිමු !

      Delete
    3. කකාම නේද භාෂණයේ නිදහස් අයිතිය ගැන මහාපරිමාණ ටෝක් දෙන්නේ. එය ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියල හිතා ගන්න කකාටම අසීරු වෙන්න හේතුව මොකද්ද ? කියනවා තරම් කරන්න ගියාම පහසු නැහැ වගේද ?

      පරම්පරා ඝට්ටනය සහ එකිනෙකාගේ අදහස් අවබෝධ කර ගත නොහැකි වීම අද ඊයේ ආරම්භ උන එකක් නෙමෙයි නේද ? මට හිතෙන්නේ ගල් යුගයේත් පරම්පරා අතර මේ ඝට්ටනය තියෙන්න ඇති. ඔහු නව පරපුරේ රුචිකත්වය දෙස පිළිකුලෙන් බලා අදහස් ප්‍රකාශ කරනවා. කකා ඒ අදහස් දෙස පිළිකුලෙන් බලා අදහස් ප්‍රකාශ කරනවා. දෙදෙනාගේම වෙනසක් මට නොපෙනේ.

      Delete
    4. මහසෝන් පිල්ලිය,

      ඔබ දිනෙන් දින මාව තව තවත් ඩිසැපොයින්ට් කරනවා!

      මෙය භාෂන නිදහස ගැන ප්‍රශ්ණයක් නොවේ. ඔහු ගේ අදහස් දැක්වීම අකමැතිව දයානන්ද රත්නායක ඒ කමෙන්ටුව කපා දැම්මානම් තමයි ඒ ආකාරයේ ප්‍රශ්ණයක් ඇති වෙන්නට ඉඩ තිබුණේ.

      මගේ ප්‍රශ්ණය භාෂන නිදහස ගැන නොව එලෙස දක්වන අදහස ගැනයි. මෙය මත ගැටුමක්.

      ඔබට මගහැරී ඇති අනෙක් වැදගත් කරුණ තමයි මා මේ එක් පුද්ගලයෙකුගේ කතාවක් පරම්පරා ගැටුමක් දක්වා සාධාරණී කරණය කර ණැති බව!

      මෙන්න මා උඩ ලියා ඇති දේ නැවතත්.

      /* හැබැයි මේ එක පුද්ගලයෙකුගේ අණුවන කතා ඔහු අයිති අපේ වැඩිහිටි පරම්පරාවටම ආදේශ කරලා ඒ සියළු දෙනා "ග්‍රම්පි ඕල්ඩ් බිගටඩ් පීපල්" යැයි සාධාරණීකරණය කරන්නටත් අප ඉක්මන් විය යුතු නෑ. */


      Delete
    5. පැන්ෂන් පලච්ච වයසක ඩයල් එක තම මතය වෙනස් කර ගනියි ද ? මැදි වයසට පැමිණි තට්ට ඩයල් එක තම මතය වෙනස් කර ගනීවිද ?

      මගේ අදහස නම් දෙදෙනාම එසේ නොකරන බවයි. ඒ අර්ථයෙන් මෙය "මත ගැටුමක්" නම් , මේ මත ගැටුම නිෂ්ඵලත්වය අතින් දෙවෙනි වන්නේ කිකිළිය සහ බිත්තරය අතර මත ගැටුමට පමිණි.

      කකා මෙය පරම්පරා ගැටුම ගැන ලියවුනු ජෙනරික් ලිපියක් නොවන බවද කියයි. (ඇත්තටම මට හිතුනේ මෙය පරම්පරා ගැටුම ගැන පුළුල්ව සිතා ලියවුනක් කියා.... now im disappointed seeing that you became so little) එනම් මෙය එක පුද්ගලයෙක් ඉලක්ක කොට ගෙන ලියුවක් බව සිතේ. මේ ගැන සිතන මට "බාස්" කෙනෙක් පෙනී නොපෙනී යන්නේ මන්ද ?

      Revenge is best when served cold ?? :D

      අත ඇරලා දාන්න කකා. මෙය ඔබට නොගැලපේ....

      Delete
    6. ඔය කියන පැන්ෂන් ආමි ඩයල් එක එක්ක ගැටෙන්න යන එක නම් කකාට ගැළපෙන්නේ නැහැ. ඒකට එකඟයි. ඔන්න ඔය චමින්දයා අත ඇරලා දාන්න. ඕකුන්ගේ හැටි ඔහොම තමයි. හැරමිටියෙන් යන්නේ. හැබැයි පොර ටෝක් නම් අම්බානට.

      Delete
    7. @ මහසොහොන් පිල්ලිය

      මැදිවියේ අය තර්ක කර ගැනීමේ තේරුමක් නැති බව මා දන්නවා. මං එය මාතලන් සහ පැරා (?) අතර වාදයකදී දී කීවේ දැන් ටික දවසකට පෙරයි!

      මගේ අවුල තමයි මෙතනදී මාත් අයිතිවෙන පරම්පරාවට රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් වීම නිසා සිංහල සාහිත්‍යය ඉගෙනීම අහිමි වූ බව දැන දැනම එය අපේ වරදක් ලෙස පෙන්නා පොර ටෝක් දීමයි.

      Delete
  6. කකා බ්ලොග් කරුවන් අතර සුව්ශේෂිම බ්ලොග් කරුවා ඔබයි. කාරිනිය අරුණි ෂපිරෝ. අනෙකා මාතලන්. කාලයේ වෙනස අරුමය තමයි මේ වෙන්නේ. හැමදාම හැමතැනම අතීතය හොඳයි එය තමා අගේ කියන යුගයක මෙය විප්ලවීය සටහනක්. නුතන නිර්මාණකරුවා අප මනින්න යන්නේ කෆ්කාගෙන් එහෙමත් නැත්නම් නුතනව සල්මාන් රෂඩිගෙන් වගේ. ඒ වගේම බ්ලොග් ලියනවා ඔබටත් වඩා හිට්ස් තියන් පැරා. ඒත් එකම දේ ගැන. ඒත් ඔබ ලියන්නේ පැතිරුණු මාතෘකා එක්කයි.ඇත්තටම ඇයි අපට තාම බැරි වුණේ පරම්පරා පරාසය තේරුම් ගන්න

    ReplyDelete
    Replies
    1. නලීන් මා දකින්නේ මෙහෙමයි.

      අප හැමෝම සුවිශේෂී පුද්ගලයෝ, ඒ කියන්නේ අප එකිනෙකා එකිනෙකාගෙන් වෙනස්. අප අපට හැකි ආකරයෙන් මේ සමාජයේ පැවැත්මට උර දෙනවා. අවශ්‍ය තැන අපේ අදහස් කියා පානවා.

      නමුත් අප කිසිවෙකුත් මෙතැනට නැතිවම බැරි පුද්ගලයින් නම් (ඉන්ඩිස්පෙන්සිබල්) නම් නොවෙයි. ඔබ මා නැති වුනත් ලෝකය ඉදිරියට යනවා. එක් අයෙකු ගේ සම්මාදමට වඩා සමස්තය විශාලයි. සංගක්කාර ටී20 මැච් එකෙන් පසු ප්‍රවෘත්ති සාකච්චාවේදීත් කීවේ එයයි.

      මා කිසි දිනක බ්ලොග් ලෝකයේ දී එක් අයෙක් අන් අයට වඩා උසස් කියා හෝ එක් අයෙකුගේ සම්මාදම අන් අයට වඩා වැදගත් යැයි සිතන්නේ නෑ. එසේ සිතීම කුහකත්වයයි!

      ගඟ ගැලිය යුතුයි!

      ගලනු ඇති!

      Delete
    2. ඔබ කියන්නේ සත්‍යයකි එකඟයි හදවතින්ම

      Delete
    3. ඇර සෝලෝ.... අජින මොටෝ..

      මේන් ගැහුවා සැලියුට් එක..

      කකුල ගහපු පාර සපත්තුවේ අඩියත් ගලවලා ගියාද කොහෙද...

      Delete
    4. සැලියුට් එක කකාට....

      නලියා දන්නවනේ මම කව්ද කියලා...:)

      Delete
    5. ඇත්තම කියපං කකා නලියා. මෙහෙම ප්‍රශස්ථ ගීත කියන කොට පොඩි ආඩම්බරයක් හිතට දැණෙනවා නේද? කැලණියේ ආචාරියා," ආයුබෝවන් මහරජාණෙනි " කියලා බෝඩ් ගහන කොට මහරජාටත් වුනේ ඕකම තමා.

      Delete
    6. ඇත්තම කියපං කකා නලියා. මෙහෙම ප්‍රශස්ථ ගීත කියන කොට පොඩි ආඩම්බරයක් හිතට දැණෙනවා නේද? කැලණියේ ආචාරියා," ආයුබෝවන් මහරජාණෙනි " කියලා බෝඩ් ගහන කොට මහරජාටත් වුනේ ඕකම තමා.

      Delete
    7. //මා කිසි දිනක බ්ලොග් ලෝකයේ දී එක් අයෙක් අන් අයට වඩා උසස් කියා හෝ එක් අයෙකුගේ සම්මාදම අන් අයට වඩා වැදගත් යැයි සිතන්නේ නෑ. එසේ සිතීම කුහකත්වයයි!

      ගඟ ගැලිය යුතුයි!

      ගලනු ඇති!//

      එහෙනන් පොන්නයෝ තෝ කරන සක්කිලි පොන්න වැඩ නවත්තපං අවජාතක බල්ලා , ගෑණිව විකුනං කන වේසා බල්ලා

      Delete
    8. suvishesima blog karuwa.
      puka, jee. pada, jokku choo wage subjects wena aya liyanne nehene

      Delete
    9. ප්‍රශස්ති ලිවීමේ හැකියාව ලේක් හවුස් කාරයෙක්ගෙ ඇඟේම තියෙන දෙයක් බොලව්.

      Delete
    10. ඔය ඉන්නේ මට සප් එකට ඇනෝ සහෝ

      Delete
    11. This comment has been removed by a blog administrator.

      Delete
  7. කකා,අද උදේ මා මේ කතාව නොදැන මාතලන්ට පොඩි පිළිතුරක් ලීවා. කුඩා කල සිටම අපට මතවාදයන් ඔළුවට ඔබ්බනවා විනා, ඇයි එහෙම වන්නේ කොහොමද කියන ප්‍රශ්නය අහන්න දෙන්නේ නැහැ. පසුගිය කාලයේ යුද්ද නිසා මෙම මත පැටවීම වෙනත් තලයකට ගියා. අද වෙනකොට, කවුරුත් පුරුදු වෙලා ඉන්නේ කෙනෙක්ව තෝරා ගෙන වන්දනා මාන කරන්න. එහෙම වන්දනා කරන පිරිස්ම තමා බොහොම ඉක්මනින් ඉච්චා භංගත්වයටත් පත් වන්නේ.

    ReplyDelete
    Replies
    1. පූජාසනයේ ඔබ හිඳුවා
      ඔබට පුදන මේ ලෝකයමයි හෙට .. !!!

      Delete
    2. ඔය පද ටික ලිව්ව කෙනාටත් අද ඒ දේම නේද වෙලා තියෙන්නේ පත්තර මල්ලියෝ

      Delete
    3. නලින් අයියා.. කනට ගැහුව වගේ.සහතික ඇත්ත. !!

      Delete
    4. මම දැනගත්තා රයිගම් මේ ගැන නොදැනුවත් බව. ඒක මම කිව්වේ විහිලුවට.

      Delete
    5. ඔබගේ විහිළුව මා තේරුම් ගත්තා මාතලන්. සුනිල් ආරියරත්න කියන්නේ දේව භාෂිත ලියන කෙනෙකුන් ලෙස වන්දනා මාන කරන අයත්, වයසට ගිය ජෝඩුවක් කියන්නේ ජිවිතයේ සන්ඩු සරුවල් කර නොගත්ත හෝ නොගැලපෙන දෙන්නෙක් විවාහ වෙලා වයස් ගත වෙන්න නොහැකියි කියා පරමසත්‍යය අදහන පිරිස් තමා මාතලන් මා අදහස් කෙරුවේ. සුනිල්ලත් වෙනස් වෙලා කියා අපට පේනවා. හැබැයි ඔවුන්ව දෙවියන් ලෙස අදහන කට්ටිය එදාත් ඒ වගෙයි, අදත් ඒ වගෙයි.

      Delete
    6. අයිසේ රයිගම,

      තමා මේ කාලයක ඉඳලා ගීත විචාරයේ යෙදෙන බව මං දැක්කා.

      තමා සාමාන්‍ය පෙළට සිංහල සාහිත්‍යය කළ උත්තම පුරුෂයෙක්ද?

      නැති නම් සාහිත්‍යය නූගත් (පාසලෙන් සාහිත්‍යය විසිවුනාට පස්සේ සිංහල පාඩම් පොත් වල ඉතිරිවී තියන කවි පමණක් සාහිත්‍යය කියා සිතන) අබ්බ ගොබ්බ පරපුරේ තවත් අබ්බ ගොබ්බ පරීෂණ නල කාරයෙක්ද?

      විචාරකයෙක් වීම ලේසිය කියලාද තමා හිතාගෙන ඉන්නේ?

      Delete
    7. හැක්.. දීපංකෝ ඉතිං උත්තර.. (හොයාගනිං රයිගමයෝ සිංහල අච්චු පොතක්)

      Delete
  8. අපේ කාලෙනං මෙහෙම නෑ...
    අපිනං එ් කාලේ....
    අතීතකාමයෙන් ඔද්දල්වුනු අය ඔ්න තරං... පරම්පරා දෙකක වෙනස හඳුනගන්න එ් අය අසමත් එහෙම නැත්නම් පිළිගන්න කැමති නෑ....

    ජය වේවා!!!
    (කවුරුහරි ලාංකික වතු ජනතාව පිළිබද තොරතුරු සඳහන් වෙබ් අඩවියක් හෝ තැනක් තියෙනං කියවනවද, ලොකු උදව්වක්)

    ReplyDelete
    Replies
    1. Try This

      http://www.lankanewspapers.com/news/2007/9/19343_space.html

      Delete
    2. ස්තුතියි මාතලන්..

      Delete
    3. මේ කේස් එක පරම්පරා පරතරයට වඩා අඩු ස්කේල් එකේ නමුත් ඉට වඩා කුහක කතාවක්!

      Delete
  9. හමුදාව කියන්නෙ සුව්ශාල යාන්ත්‍රණයක්. එයටම වෙන් වූ , සිවිල් වැසියන්ට නැති,වරප්‍රසාද, නීතිරීති එහි තියනවා. එය වෙනමම උප සංස්කෘතියක්. . විචාරක මේ යාන්ත්‍රණයට අසුවු තවත් එක චරිතයක් පමණයි. වැසි වනාන්තරයක මැසි මදුරුවෙක් වුන කකා වුවත් , මේ යාන්ත්‍රණයට අසුවුනා නං තවත් එක් විචාරකයෙක් පමණයි.

    හැත්තෑ එකේ, අසූ නමයේ අපිටම කෙලිය අපේම සොල්දාදුවා, කකුල් හතරෙන් බුර, බුරා ගොස්, උතුරේදී සිංහ ඝර්ජනා කොට රනවිරුවෙක් වී, යුද්ධයෙන් පසු ටැබූ ගේ කර මතින් බිමට බැස පැන්ෂන් යනු මම බලා සිටියෙමි.

    කකා ඔබ ප්‍රශ්ණයක් ඇහැව්වා:
    //දරදඬු රෙජීමයක දැඩි නීති රීති මැද දශක ගණනාවක් ගෙවා, විවිධ පීඩන තත්වයන්ට මුහුණ දුන්නාම එහෙම වෙනවා මන්දා?//

    ඒකට උත්තරේ මාතලන් දුන්නා:
    //කොහොම උනත් විචාරක තුලත් සුන්දර මනුස්සයෙක් ඉන්නවා. ඒ වගේම අර හමුදා නිළධාරියාත් ඉන්නවා.//

    කෙසේ වෙතත් මගේ අනුකම්පාවත් ඒ අයට හිමිවෙන නිසා මේ නෙලිල්ලට මා සම්මාදම් වෙන්නේ නෑ.


    ReplyDelete
    Replies
    1. ඔය විචාරක කියන විශ්‍රාම ගිය ආමිකාරයා තුළ හෝ සරත් ෆොන්සේකා කියන විශ්‍රාම ගිය ආමිකාරයා තුළ සුන්දර මිනිසුන් ජීවත්වෙනවාය මම කොහොමටවත් හිතන්නේ නැහැ. ආමි එක කියන්නෙ මිනිහෙක්ගෙ ඉතුරු වෙලා තියෙන යම් සුන්දරත්වයක් තියෙනවා නම් ඒක අමු අමුවේ මරණ තැනක්. ඔය කියන දෙන්නාම තුළ ඉන්නේ මනස විකෘති කරගත් කලවැද්දන් දෙදෙනෙක්. මේ කලවැද්දන්ට ඊට පස්සෙ සමාජයේ අනෙක් හැමෝම කලවැද්දෝ වගේ පෙනෙනවා. මහින්ද රාජපක්ෂට කොච්චර අකැමැති වුණත් මේ වගේ නරුමයින්ට රට නොගිය එක ගැන නම් මම අවංකවම සතුටුයි. ඔය විචාරක කියන මනුස්සයා මානසිකාරෝග්‍යශාලාවක ඉන්න ඕනැ තරම් මනස විකෘති වුණු මිනිහෙක්.

      Delete
    2. වෙනත් මා නොදන්නා කිසි දෙයක් ගැන මට ඇති ප්‍රශ්ණයක් නෑ.

      අප සිංහල සාහිත්‍යය පාසලොදී ඉගෙන නොගත්තේ අපේ වරදකින්, නොසැලකිල්ලකින් නොවන නිසා තමයි මේ මට ඇති ප්‍රශ්ණය ඇති වුනේ!

      Delete
  10. ඔය generation gap එක හැමදාම තිබුණු එකක්. හැමදාම ප්‍රවීණ පරම්පරාවෙන් බාල පරම්පරාවට ප්‍රහාර එල්ල වෙනවා. ප්‍රවීණයෝ හිතන්නේ ඒ ගොල්ලෝ හිටපු ඒ අතීතේ තමයි හොඳම කාලේ සහ තමන්ගේ බාල පරම්පරාව ඉන්නේ එතරම් හොඳ නැති වර්තමානෙක කියන එක. තමන් ඒ කාලේ කරපු දේවල් මිස තමන්ගේ බාල පරම්පරාව කරන දේවල් එතරම් වැඩ නොවන බව. ඉතින් ඕක හැම මිනිහටම පොදු වෙච්ච ස්වභාවයක් කියල මට නිකමට හිතෙනවා. එහෙම කියන්න හේතුවෙන්නේ මමත් සමහරවෙලාවට ඔය විදියට හිතන්න පෙළඹෙන නිසා. මම වැඩ කරන තැනත් සමහර සිද්දි වලදී " අපි ඒ කාලේ කලේ මෙහෙමනේ. ඕක තිබුනේ අරහෙමනේ. අය්යෝ ඔය වැඩේ වත් කරගන්න බැරිද. අපි ඕක ඒ කාලේ කලේ මෙහෙමනේ, මේ අලුත් යට කිසි වැඩක් හරියට කරගන්න බැනේ" වගේ දේවල් මම කියනවා. පස්සේ තමයි තේරෙන්නේ ඒ කාලේ එහෙම උනාට ඒ කරපු දේවල් ඒ විදියටම මේ කාලේ කරන්න බෑ කියල. ඉතින් ඕක ස්වාභාවිකයි කියල මම හිතනවා. හැමෝගෙම වගකීම මේ පරම්පරා දෙකේ මතවාදීමය ගැටුම බුද්ධියෙන් තේරුම් අරගෙන නිවැරදිව තම තමන්ගේ ජීවිත ගොඩ නගා ගැනීමයි.
    කකා ගේ අදහස් වලටත් පොස්ට් එකටත් ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි????

      මහත්තයෝ ඔහේට තේරුනෙ නෑ සම්පූර්ණ කතාව. ලිපිය නං පංකාදුයි, කියල තියන එකත් ඇත්ත. ඒත් බලනවකො හෙඩිම දිහා? ඒක ලිව්වෙ අපි ගැන නම්, මේ අපිටත් මල පනින එකේ, මිලිටරි කාරයෙකුට තුවක්කුව අතට ගන්න හිතෙන කේස් එකක් නෙමෙයිද?
      දැන් කියාවි, එයා මිලිටරි වුනාට අපට පාංද? ඒක hook එක කියලා :)

      කකාගෙ ලිපියෙ සාකච්චා වෙනදේ සමඟ එකඟයි. ඒත් මෙතන මම දකිනව, අපේ සමස්ත සමාජයේම තියෙන අසාධාරණයක් - වැඩිහිටියන් සමාජයට අනවශ්‍ය අය, අත පල්ලෙන් වැ‍ටුනු ගාණට සැලකීම,

      කකා මේ කියන්නෙ, අපිත් එක වයසෙ වුනාට, අපි නං හොඳා...ආ....යි කියල නේද?

      Ohh, the irony( © මාලන් සරමෙවික්‍රම 2014)

      Delete
    2. ඔය මිලිටරිකාරයා නම් තුවක්කුව අතට ගත්තට වැඩක් නෑ. ඒක පත්තු වෙන්නෙ නෑ දැන්.

      Delete
    3. නැවතත් කියනවා නම් මේ ලිපියට හේතුව මේ සිංහල සාහිත්‍ය කේස් එකයි!

      Delete
  11. ඕකේ මෙහෙම පැත්තකුත් තියනවා.... වැල යන පැත්තට මැස්ස ගැහීම වගේ දෙයක්.... තමන් කියන දේ වැරදි බව නොතේරීමම නොවෙයි.... පෝස්ට් එකේ සහ කොමෙන්ට් වල දිශාව බලලා ඒකට පොඩි හුරේ පාරක් දීලා එන එක.... අපි බහුතරය ඔය වඩේ ටික ටික හරි කරනවා... අර කතාවක් තියෙන්නේ... මෙහෙම;

    පළමු වැන්නා - බලන්න දැන්. බ්ලා බ්ලා බ්ලා...
    දෙවැන්නා - ඒ කතාව හරි තමයි.
    තුන්වැන්නා - නෑ නෑ එහෙම වෙන්න බෑනේ.. බ්ලා බ්ලා බ්ලා
    දෙවැන්නා - ඒකත් හරි තමයි.
    හතරවැන්නා - (දෙවැන්නාට ) දැන් ඔහේ ඒකටත් හරි කියනවා, මේකටත් හරි කියනවා.. ඔය දෙකම හරි වෙන්න බැහැනේ...
    දෙවැන්නා - බලන් ගියාම ඒ කතාවත් හරි තමයි.

    එදා ඒ දක්වපු අදහස ඒ පුද්ගලයා පොදුවේ දක්වන අදහස් සමග ගැලපෙනවද කියලා කියන්න තරම් මම ඔහු ගැන දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන අයත් ඉන්නවා, නමුත් මේ සිද්ධිය ගැනම පසුව දිනයක මා විපරම් කර බැලූ විට තත්වය ඔබ කියන එකට වඩා වෙනස් බව පෙනුණා!
      http://wicharaka.blogspot.com/2014/04/glimpse-from-my-library.html?showComment=1396687870910#c8603436787437840189

      මගේ අවසන් ප්‍රතිචාර ඔහු පළ නොකිරීමත් මේ ලිපිය ලියන්ට එක හේතුවක්.

      Delete
  12. කතන්දරගේ අදහස්ට මමත් සපුරා එකඟ වෙනවා. ප්‍රබුද්ධ යැයි කියනා ප්‍රවීණ පරපුර තමන්ගෙ උගත් කමින් නව පරපුරට නීච, කුහක විදියට පහරදීම නොවෙයි කල යුත්තේ. තමන්ගෙ උගත් කම ප්‍රයෝජනයට අරන්, නව පරපුරට ඒ වටිනාකම සම්ප්‍රේශනය කිරීමයි වියයුත්තේ.

    ReplyDelete
    Replies
    1. පසු පරම්පරා සාහිත්‍ය ඉගෙන ගෙන නොතීබීම ඔවුන් ගේ දෝශයක් ලෙස හුවා දැක්වීමත් ලොකු වරදක්!

      Delete
  13. කකාගෙ පුක් තියරිය මෙන්න රියලිටි එකට ඇවිල්ලා...

    ReplyDelete
  14. 'පුක' ශරීරයේ කොටසක් බව පොලීසිය, අධිකරණයේදී පිළිගනී

    http://sinhala.theindependent.lk/index.php/news2/3778-2014-04-09-02-51-10

    ReplyDelete
  15. ඔය විචාරක කියන පැන්ෂන් ආමි ගොබිලා මේකට මොනවා කියයිද දන්නෙ නෑ.

    නමෝ නමෝ පවුලා..
    අප රාරාරාජපක්සා නමෝ නමෝ නමෝ නමෝ පවුලා...

    සුන්දර සිහින මවා - අප නිදි ගන්වන පවුලා
    ධාන්‍ය වර්ග එළවළු පලතුරු මිළ අධික වුණත් බෝමා
    ඔබටම සැපසිරි සෙත සදනා - මැදමුලනේ පවුලා
    පිළිගනු මැන අප භක්තී පූජා නමෝ නමෝ පවුලා

    අප රාරාරාජපක්සා නමෝ නමෝ නමෝ නමෝ පවුලා...

    ඔබවේ අප ගෝටා - ඔබ වේ අප චමලා
    ඔබ වේ අප බැසිලා - නාමල එයි පිපිලා
    ඔබ වේ අප යෝෂී - ඔබමය අප රෝහී
    ඔබ අප ජීවන වේ - අප මුක්තිය ඔබ වේ

    නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් පවුලා
    කුස පණුවන් මඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා

    එක මවකගෙ දරු කැල බැවිනා - රට කමු වී නොපමා
    ප්‍රේම වඩා හැම භේද දුරැරලා නමෝ නමෝ පවුලා

    අප රාරාරාජපක්සා නමෝ නමෝ නමෝ නමෝ පවුලා...

    ReplyDelete
    Replies
    1. වෙනත් රටවලද ජාතික ගීතයන්ට අළුත් පදවැල් බැඳ තියෙනවා මා දැක තියෙනවා.

      Delete
  16. ඔය පැංසොං ආමි ඩයල් එක දවසක් තමන්ගෙ බ්ලොග් එකේ මාර පොර ටෝකක් දෙනවා දැන් හැදෙන එවුන් ලියුමක් රෙජිස්ටර් කරන්න වත් දන්නෙ නෑ කියලා. මුගේ පට්ට ගොං කමට මූට තේරෙන්නෙ නෑ දැන් ඔක්කොම ලියුම් යවන්නෙ ඊ-මේල් වලින් රෙජිස්ටර් කරලා ලියුම් යවන්නේ මූ වගේ නාකි මැන්ටල්ලා විතරයි කියලා.

    ReplyDelete
    Replies
    1. හපොයි දෙයියනේ මෙහෙමත් අපහාසයක්...

      Delete
    2. මෙහි ඇති තවත් අභාග්‍යක් නම්, මෙවැනි කමෙන්ටු සහ බ්ලොගය ලියන මංතුමාව පසසා කෙරෙන කමෙන්ටු මා ම දාගන්නා ඇනෝ කමෙන්ටු යැයි සමහරු සිතීමයි.

      Delete
  17. පැන්ෂන් ඩයල් වලට කොල්ලෝ එක්ක ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ ඩයල් හිතන් ඉන්නේ උන් ඔක්කොම දන්නවා කියල. කොල්ලන් හිතන් ඉන්නෙත් උන් ඔක්කොම දන්නවා අරුන් ඔටුවෝ කියලා. ඕකට තමයි කියන්නේ "පරම්පරා ගැටුම" කියල.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම දන්නෙ උඹ විතරයිනෙ. නේද?

      Delete
    2. මේ සිද්ධිය කිසිසේත් ම පරම්පරා ගැටුමක් නොවේ. එදා සාහිත්‍යය උගත් අය ඉගෙනීමට අවකාශ නොමැති අයට ඒවා කියා දෙනවා. මේ එසේ නොකර අවලාද, අපහාස නගන එක් හුදකලා සිද්ධියක් විතරයි!

      Delete
  18. @Anonymous9 April 2014 16:10

    නැහැ , මචං . බලපං බුද්ධියා, ඌ ෆෝසස් වල හිටියාට සුන්දර කලාකාරයෙක් නෙමෙයිද? ඇත්ත, උන් විචාරක වගේ අර‍ටු බැහැපු සොල්දාදුවො නෙමෙයි තමා.

    උඹම කියන විදිහට "ආමි එක කියන්නෙ මිනිහෙක්ගෙ ඉතුරු වෙලා තියෙන යම් සුන්දරත්වයක් තියෙනවා නම් ඒක අමු අමුවේ මරණ තැනක්" නම්, ඒක විචාරකගෙ වැරද්ද නෙමෙයි නේද? විචාරක කරපු දේ වැරදියි.ඒකට එතන දීම නෙලපල්ලා. ඔය ආමි පාට්, මේකට අදාල නෑ කියපල්ලා. ඒත් මෙන්න මේ දේවල් ගැණත් හිතපල්ලා:

    1. අපට ආමි කාරයෝ අරහංය. ඒත්, එහෙන් , මෙහෙන් බෝම්බ පිපිරෙන විට අපට හමුදාව අවශ්‍ය වේ.

    2. දැන් එසේ නොවන නිසා, උන් නොහිටියත් අපට ගාණක් නැත. ඒත් ක‍ටුක සත්‍යය නම්, අවශ්‍ය විට ආමි කාරයෝ " ඔපපාතිකව" පහල නොවන බවත්, හමුදාවට අවශ්‍ය වන්නේ හිත් පිත් නැති "killing machine" මිස සුන්දර , මටසිලි‍ටු කලාකරයන් නොවන බවයි.

    3. අප සැමගේ පවුල් වල,අඩුම ගණනේ දුරස්ථ ඥාතියෙක් හෝ හමුදාවේ සිටි. හමුදාවල හිටපු අළුගෝසුවන් කල දේ ඔහු අනුමත කලේ නැත. හමුදා විනය සහ ප්‍රතිග්ඥා නිසා වැඩිදුර කතා කිරීමෙන් වැලකී සිටියේය

    4. සමාන්‍ය ‍රැකියාවකට වඩා හමුදා සේවය වෙනස්ය. එය වෙනම උප සංස්කෘතියකි. අර‍ටු බැසගත් සමහර ගති පැවතුම්,විශ්‍රාම ගියද වෙනස් වේ යැයි සිතිය නොහැක.එය ඔවුන්ගේ වරද නොවේ. ඒත් , එසේ කියා වැ‍රැද්ද දු‍ටුවිට කට පියාගෙන සිටිම හෝ " කල වැද්දෙක්ව" ජනාධිපති කර තුන් වේලටම " චිකන්" බලාපොරොත්තු වීමක් මෙයින් අදහස් නොකෙරේ.

    5. නානසාර, සමන්තබඩ්ඩ, මැරවින්, කුඩු දුමියා දැහැමින් සෙමින් වැජඹෙන රටේ "පැන්ෂන් පලච්ච සමහරක් වයසක ඩයල්" එකක් ඉඳහිට දමන පොඩි "ආමි පාට්" එකක් හෙඩ්-ලයින් නිවුස් එකක් වියයුතු නැත.

    6. ඉඳහිට අප්පාට් දැම්මාට, විචාරක පරණ රසකතා කියයි. සඟරාවක් ඔහු කියවූ යමක් අප සමඟ බෙදා ගනී. සමාජයට බරක් නොවී, මහජන දේපල හොරා නොකා, පරණ වෑර්ලස් එකක් සාදා ගෙන පාඩුවේ සිටී. එබැවින්, ඔහු තුල,සුන්දර මිනිසෙක් සිටී යැයි මා සිතන්නේ එබැවිනි.
    අවසානේ කියන්න තියෙන්නෙ අපේ ‍රැම්බෝ කියපු දෙයක්:

    හැමෝම බ්ලොග් ලියන්නෙ විනෝදෙටමත් නොමෙයි. සමහරු තමන්ගෙ හිත සැහැල්ලු කරගන්න, මානසික ආතතිය අඩුකරගන්න, දුක බෙදාගන්නත් ඒත් කරනව. එයින් කාටවත් හානියක් නෑ."

    අප අකමැති වුවත්, අපේ සමාජයේ තවත් පැතිකඩක් නියෝජනය කරන " රිටයඩ් ආමි ඩයල්" එකටත් අපි පොඩ්ඩත් ඉඩ දෙමු නේද?

    ReplyDelete
    Replies
    1. ආමිකාරයින් අවශ්‍ය නැහැ කියල කවුරුවත් කොතැනකවත් කියල නැහැ. උනුත් ඕනෑ තමයි. හැබැයි ආමි කාරයින් අවශ්‍ය මිනී මරන්න මිසක් බ්ලොග් ලියන්න නම් නෙවෙයි. උන් මිනී මරපුවාවෙ. අපි බ්ලොග් ලියා ගන්නම්.

      Delete
    2. මා කියූවේ මෙයයි.

      /* හැබැයි මේ එක පුද්ගලයෙකුගේ අණුවන කතා ඔහු අයිති අපේ වැඩිහිටි පරම්පරාවටම ආදේශ කරලා ඒ සියළු දෙනා "ග්‍රම්පි ඕල්ඩ් බිගටඩ් පීපල්" යැයි සාධාරණීකරණය කරන්නටත් අප ඉක්මන් විය යුතු නෑ.

      නමුත්, ඔවුන් කරන වරද ඔවුන්ට තේරෙන්නට ඇතැයි මා සිතනවා.

      එසේ නොමැති නම් මට ඊලඟට සිතන්නට වෙන්නේ ඒ ආකරයට බාල පරම්පරාවට කතාකරන්නට තරම් මොළය කොලොප්පම් වෙන්නට හේතුව කුමක් ද කියායි.

      දරදඬු රෙජීමයක දැඩි නීති රීති මැද දශක ගණනාවක් ගෙවා, විවිධ පීඩන තත්වයන්ට මුහුණ දුන්නාම එහෙම වෙනවා මන්දා?

      */

      Delete
  19. මට කතන්දරගෙන් අහන්නට දෙයක් තිබේ.

    ඔය කියන වයසක ඩයල් එක කමෙන්ට් කළාය කියන ගීතයේ සමරිසි අරුත කුමක්දැයි කරුණාකර පැහැදිලි කර දෙනවාද? කොයි හැටියෙන් හිතුවත් මට නම් එහෙම එකක් තේරෙන්නෙම නැත. එසේ වන්නේ මටත් හෝමොෆෝබියාව ඇති නිසාද?

    (මට ඇති අහවල් ෆෝබියාවක් නැත. ලිංගික ජීවිතය යනු අතිශය පෞද්ගලික දෙයකි. අන් කෙනෙකුගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් මට ෆෝබියාවක් ඇති වන්නේ නැත.)

    එම අරුතට රචකයා අකමැති වීමට හේතුව හෝමොෆෝබියාව යැයි ඔබ කියයි. මට නම් සිතෙන්නේ එයින් ධ්වනිත නොවන අරුතක් එයට කාවැද්දීම සම්බන්ධයෙන් රචකයා අකමැති වී ඇති බව මිස එය අහවල් ෆෝබියාවක් නොවේ.

    තව දුරටත් කියන්නටද දෙයක් තිබේ.

    මීට කලකට පෙර කතන්දර බ්ලොගය ඉතා සුන්දර තැනක් විය. මෙහි ඔබේ අත්දැකීම් ලියවිණි. හාස්‍යය මුසු වුණි.

    පසුව ඔබ අන් අයට ජාතිවාදී, හෝමොෆෝබියා ලේබල් ගසන්නට වුණි. ඔබේ චින්තන රටාවෙන් වෙනස් වන අයට අනුකම්පා කරනවා යැයා පෝස්ට් දමන්නට වුණි. මොරටුව යන නම ඇසෙන පමණින් සිනහ උපදවන ලෙස දඟලන්නට ද වුණි.

    දැන් ඔබේ බ්ලොගයේ පෙර තිබූ සුන්දරත්වය නැත. වෙනස් වූයේ ඔබ ද අප ද?

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රශ්ණය කිහිපයට ස්තුතියි.

      ඉන් සමහර ප්‍රශ්ණ මට අදාල නැහැ. ඒ වුනත් යම් පැහැදිලි කිරීමක් කරන්න හිතුවා.

      1. අස්වැන්න ලිපියේ සඳහන් වුණු ගීතය මගේ ගීත තැටි/පටි එකතුවේ තිබෙ එකක් නොවේ. මා එය මීට පෙර අසා ඇති බවක්මගේ මතකයේ නෑ. එසේම සහ ඒ නිසාම මා කිසි තැනක එය සමරිසි ගීයක් යැයි හැඳින්වූවා කියා මා හිතන්නේ නෑ. ඉඩ ලැබුණොත් ඒ ගීතය නැවත අසා අදහස් දක්වන්නම්.

      මා වරෙක සිංහල ලෙස්බියන් සින්දුවක් ලෙස අර්ථ දැක්වූව ාවෙන ගීතයක් නම්. එහිදී කවුරුන් හෝ මේ ගීතය ගැන ද කියන්නට ඇති.
      http://kathandara.blogspot.com/2010/12/sinhala-lesbian-song.html

      2. අස්වැන්න බ්ලොගයේ මත දැක්වීම් ගියේ එම ගීතයට සහ අනෙකුත් ගීතවලට විවිධ අර්ථ දැකක්වීම් කොයි තරම් කෙරුණත් කළබළ නොවන අය මෙහිදී කළබළ වී ඇත්තේ එලෙස දක්වා ඇති නව අරුත සමරිසි සම්බන්ධයක් ඇති එකක් වීම නිසාය යන අදහසිනුයි.

      ඒ ගීතයේ සමරිසි අරුතක් ඇතැයි ඔබට නොසිතීම හොමෝෆෝබියාවක් නොවේ. ඒ ගීතයේ හෝ වෙනයම් දෙයක සමරිසි අරුක් ඇතැයි එමෙක් කියනවා ඇසීම ඔබට අනවශ්‍ය කෝපයක්, භීතියක්, තරහක් ගෙන ඒ නම් එය හෝහෝෆෝබියාවේ ලක්‍ෂණයක් විය හැක.

      ඒ ගැන මා ලියු ලිපියට පාර මෙන්න.

      අපේ අයියලා ගේ (සහ නංගිලා ගේ) හෝමෝෆෝබියාව: http://kathandara.blogspot.com/2014/03/one-step-forward-two-steps-backward.html

      (තේ බී අවසානයි. ඊලඟ ප්‍රශ්ණ කිහිපයට පිළිතුරු කෑම පැයේ දී ලියන්නම්.)

      Delete
    2. මෙන්න ඔබේ ප්‍රශ්ණාවලියට මගේ පිළිතුරේ ඊලඟ කොටස.

      3. එදා අද, සුන්දර, අසුන්දර සහ හාස්‍යය

      මා මේ බ්ලොගය ඇරඹුවේ මට කියන්නට කතන්දර ගොඩක් ඇති නිසා ය. ඒ මට ඕනෑ කතන්දර, මට ඕනෑ ආකාරයට ය. තවමත් ඒවා කියා ඉවර නැත.

      පසුගිය වසර හතරහමාරක් තුල මා ලියූ කතන්දර අතරින් සමහර ඒවට ඔබ කැමති වී ඇති බව පෙනේ. නමුත් සමහර ඒවාට (ඔබේ වචනවලින් පේන්නේ ඒ කිහිපයක් පමණක් බවයි) ඔබ අකමැති බව ද පෙනේ. මෙය ලෝක ස්වභාවයයි. විවිධ රසිකත්ව ඇති අපගේ රුචි අරුචිකම් විටින් විට සමපාත වේ.

      මෙන්න ඒ ගැන මගේ අදහස.

      http://kathandara.blogspot.com/2012/05/wth-is-that.html


      4. ඔබ අකමැති බවක් පේන්නේ දේශපාලන මුහුණුවරක් ගත් ලිපිවලටය. නමුත් මා එදා ද එවැනි ලිපි ලිව්වෙමි.

      ඔන්න සිංහල තලිබාන් ලා ඇවිත්! - හෙට සිට හැම පිරිමියාම රැවුල වැවිය යුතුය
      http://kathandara.blogspot.com/2009/08/blog-post.html

      දුටුගැමුණු ලා ගේ වැඩ - අයි ඩෝන්ට් නෝ වයි!
      http://kathandara.blogspot.com/2009/11/blog-post_30.html

      එසේම මම මගේ ළමා කාලයේ සුන්දර අත්දැකීම් අද ද ලියමි.

      බල්ලා බත් කයි, එතකොට කොල්ලා?
      http://kathandara.blogspot.com.au/2014/03/my-first-lesson-in-creative-writing.html

      බල්ලා බත් කයි කතන්දරේ කියූ නැන්දාගෙන් තවත් කතන්දරයක්
      http://kathandara.blogspot.com/2014/03/political-debates-among-middle-aged.html

      බඩගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට
      http://kathandara.blogspot.com/2014/03/childhood-story-time.html

      හාස්‍යය මුසු කතා එදා ද ලියූවෙමි, අද ද ලියමි, වෙනසක් නැත.

      (මීළඟ කොටස බලාපොරොත්තු වෙන්න!)

      Delete
    3. 5. ජාතිවාදී, හෝමොෆෝබියා ලේබල් ගැසීම

      මා ලියා ඇති නමසිය ගාණක කතා අතුරින් මේ ඔබ කියන්නේ ලිපි දෙකක් ගැන පමණයි නේද? ඒ කියන්නේ සියයට දශම දෙකක් පමණයි! ඊට වැඩි වුනා හෝ ඒ තැන්වලදී වෙන්නේ මගේ රුචිය සහ ඔබේ රුචිය පරස්පර වීමයි. එසේ නොවුනොත් තමා පුදුමය!

      ජාතිවාදී කතාවක් නොව මං හිතන්නේ මා කීවේ අමානුශික කතාවකි. ඒ අර කූප්‍රකය වඳ කෙසෙල් මොටයි කතාව නිසාය. මෙන්න ඒක.

      බාලචන්ද්‍රන් දරුවා ගේ මරණය, මිනිසුන් සහ නොමිනිසුන්
      http://kathandara.blogspot.com/2013/02/balachandran-humans-and-satanic-beings.html

      ජාතිවාදී කතාවක් තිබේ නම් පෙන්වා දෙන්න. මගේ මතකයට නොඑයි.

      හොමෝෆෝබියා කතාව නම් දෙතුන් සැරයක් පැවසූවා. ඒ සමාජයේ පීඩිත කොටසක් වෙන සමලිංගික කොටස් ගැන සදහන් වු කතන්දරවලදී ය.

      අපේ අයියලා ගේ (සහ නංගිලා ගේ) හෝමෝෆෝබියාව
      http://kathandara.blogspot.com/2014/03/one-step-forward-two-steps-backward.html

      අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප
      http://kathandara.blogspot.com/2011/11/whats-wrong-with-being-gay-or-lesbian.html

      සමලිංගික ("ගේ" සහ "ලෙස්බියන්" ලා ගේ) අයිතිවාසිකම් ගැන මගේ අදහස්
      http://kathandara.blogspot.com/2013/08/my-two-cents-worth-about-rights-of.html

      (තවත් කොටසක් බලාපොරොත්තු වන්න!)

      Delete
    4. 6. අනුකම්පා කරනවා යැයි කීම

      මෙය චෝදනාවක් ද? මා එසේ කියුවේ අවංකවමයි! සමහර අයගේ වැඩ කටයුතු කියුම් කෙරුම් දකින විට මට ඇතිවෙන්නේ කේන්තියක්, කෝපයක් නොවේ, ඇත්තටම අනුකම්පාවකි.


      7. මොරටුව ගැන කතාව
      මේ නම් සෑහෙන්න විහිළු කතාවකි. ඔබ මේ කියන්නේ අර මුස්ලිම් යුවතියගේ නිකාබ්/හිජාබ් සිද්ධිය සම්බන්ධයෙන් මා ලියූ ලිපිය ගැන නේද?

      මොරටුව සරසවියේ අවනීතිය හෙලා දකිමු
      http://kathandara.blogspot.com/2013/12/moratuwa-university-shame-shame-shame.html

      ඒ සිද්ධිය වුනේ මොරටුවේ වීම අහඹු සිදුවීමක් පමණි.

      ඔන්න, දැන් මට ඔබගේ මේ නොදැනුවත්කම ගැන ද අනුකම්පාවක් ඇතිවේ!

      8. අවසාන වශයෙන් මෙය පවසමි.

      කාලයත් සමගම වෙන වෙස්කම්වලට ඔබ ද, මා ද අනිවාර්යෙන්ම මුහුණ දී ඇති බවට සැකයක් නැත. නමුත් මේ ඔබේ අවසාන ප්‍රශ්ණයට හේතුව නම් මා කලින් දෙවරක්ම සඳහන් කල අපේ රුචි-අරුචිකම්වල, රසිකත්වයේ වෙනසයි.

      ස්තුතියි!

      Delete
  20. Any comnt ekak tibuna mehema. "මේ කලවැද්දන්ට ඊට පස්සෙ සමාජයේ අනෙක් හැමෝම කලවැද්දෝ වගේ පෙනෙනවා. මහින්ද රාජපක්ෂට කොච්චර අකැමැති වුණත් මේ වගේ නරුමයින්ට රට නොගිය එක ගැන නම් මම අවංකවම සතුටුයි." oya kathawa ekka mamath sampoornayenma ekangai. M.R. gana mage ksima pahadeemak naha, mulin thibunu sulu pahadeemath dan athtema naha. Habai S.F. ta janadipathikama yanawa kiyala hithanakotathb bayai, mulu rata wenuwenma bayai. Ehema deyak wunoth kala yuthu hondama wade puluwan ikmanin lankawen pitawela wena rataka jeewath wena eka. Mama mehema kiyanne methanata deshapalana kathawak adala ganna one nisa nemei. 'Pnson giya army karayo' kiyana saththu jathiya gana therum aran thiyana nisa. Mama danna ekekuth innawa watetama maha karumayak. mama hithuwe meyage witharak widiya oka kiyala, eth danui therenne oka pnsn army karaty wadi denekuta tiyana ledak kiyala, Oya lede nisa watema inna hamatama awankawama maha wadayak. Anik athata pnsn giya wadi pirisak kiyanne thmunge keruwawa gana. Awankawama kiwwoth oka irisiyawa. Dan inna tharuna/ madiwiye aya thamanta wada dakshai, ugath, buddimath kiyana eka mei minissu hadawathinma dannawa. Eth irisiyawa kiyana ledeta beheth nahane. Aththama kathawa okai.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.