Saturday 12 April 2014

මගේ පිනට ඇත මැණිකක් තැනක සඟවලා! - In another 1000 years!


මේ කතන්දරය කියනව ඔබ අතරින් කිහිප දෙනෙකු හෝ සිනමා ශාලාවක නොවෙතත් අඩුවශයෙන් මැතිවරණ චන්ද ප්‍රතිපල විකාශනය කෙරෙන දිනක දී වත් "ලොකුම හිනාව" නම් වූ සිනමා පටය නරඹා ඇතැයි මම සිතමි.

මා මේ ප්‍රහසනය නරඹා දැන් දිගු කලෙකි. එහි ආ දර්ශණවලින් මගේ මතකයේ රැඳී ඇති කරුණු අතර මිනිසුන් දෙදෙනෙක් පාන් සාදන බේකරියක් ඇතුලේ පාන් පිටි මිශ්‍රණය ඇඟ පුරා ගා ගනිමින් සටන් වැදුණු අයුරු ද, ප්‍රෙඩී සිල්වා ගේ "පරණ කෝට්, පරණ කෝට්" නම් අද ද ජනප්‍රිය විකට ගීතය ගයමින් කවුදෝ පාරක් දිගේ ගමන් කරනවා ද වේ.

ඒ සියල්ලටම වඩා මගේ සිත් ගත් දර්ශනය වූයේ මේ සිනමාපටයේ ආ පෙම් ගීතයකි. එහි ස්ථායි කොටසේ අවසාන පදය වූයේ මේ කතන්දරයේ මාතෘකාව ලෙස මා යොදා ඇති "මගේ පිනට ඇත මැණිකක් තැනක සඟවලා" යන්නයි.

සිනමාපටයේ ඒ දර්ශනයේදී පෙම්වතා "මගේ පිනට ඇත මැණිකක් තැනක සඟවලා!" යනුවෙන් ගයද්දී පෙම්වතිය සිතන්නේ ඒ ඇය පිළිබඳ ගැයෙන ගීතයක් ම ය කියා බව නරඹන අපට පෙනුණද, පෙම්වතා ඇත්තටම ඉන් අදහස් කරන්නේ ඔහු සොරා ගන්නට ආ මැණිකකි.

මෙන්න ඒ දර්ශණය සහිත යූ ටියුබ් වීඩියෝව. මෙහි මිනිත්තු 8:05 සිට නරඹන්න.



පොළොව යට තිබී හමුවෙන මැණික් සෑදෙන්නේ කෙසේදැයි අපට කියා දුන්නේ තාත්තා ය. ඒ වසර මිලියන ගණනාවක් තිස්සේ පොළොවේ යට ඇති විවිධ පාෂාණ අධික උෂ්ණත්වයකට සහ පීඩනයකට ලක්වීමෙනි.

ලංකාවේ හමුවෙන මැණික්වලටත් වඩා වටිනා වෙනත් පාෂාණ වර්ගයක් වන දියමන්ති ගැන ද ඔහු අපට කියා දුන්නේය. එකල පැවති පොදු මතය වූයේ පොළොවට යටවෙන ගස්කොලන්වලින් ගල් අඟුරු සෑදෙන ක්‍රියාවලියේම දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් ලෙස දියමන්ති සෑදෙන බවයි. (අද ඇත්තේ තරමක් වෙනත් මතයකි!)

ඒ අසන ජීවිතයේ දහවෙනි වසර ගෙවන දරුවෙකු ගේ සිතේ තමන්ට ම දියමන්ති සාදා ගන්නට බැරිදැයි යන සිතුවිල්ල ඇතිවීම පුදුමයක් නොවේ යැයි මම සිතමි.

එලෙස ඉපදුණු ඒ සිතුවිල්ල ක්‍රියාවට නැංවීම ද ඉතා ලේසි කටයුත්තක් විය.

මල්ලී සමග එකතුවුණු මා කළේ, අප එවකට වාසය කළ පියා ගේ මහ ගෙදර මිදුලේ එක් පසෙක පිහිටි ලොවි ගහ යට කුඩා වලක් හාරා, හොඳ සවිමත් ලී ඉන්නකින් අඩියක පමණ කොටසක් කපා වල දැමීමයි.

වලට උඩින් හෙඳින් පස් දමා හැකි තරම් තැලීමටද අපි අමතක නොකළෙමු. ඒ උපරිම පීඩනය ලබා දෙනු පිණිසය.

කෙදිනක හෝ අනාගතයේ දිනක මේ වල හාරා අපේ පරීක්ෂණයේ ප්‍රථිපලය ලෙස එහි දියමන්තියක් සෑදී තිබේදැයි සොයා බැලීමට අපි එදින සිතා ගත්තෙමු.

කාලය ගලා ගියේය.

එයින් වසර පහලොවක් පමණ ගතවන විට අප ඒ පෙදෙසින් නික්ම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචියට ගියෙමු. දියමන්ති නිපදවීමේ පරීක්ෂණය ගැන මතකය කෙමෙන් අපේ සිත්වලින් ගිලිහී ගියේය.

දැන් ඒ මහ ගෙදර තිබූ වත්ත කැබලිවලට බෙදී විකිණී ගොස් ඇත. නිවස ද කැඩී බිදී ගොස් තිබී අවසානයේ ලී වලට විකිණී ගොස් ය. මින් වසර කිහිපයකට පෙර ඒ පෙදෙසට ගිය මා දුටුවේ නිවස තිබූ තැන දැන් ඇත්තේ පස් කන්දක් පමණක් බවත්, මා පෙර කී ලොවි ගහ තිබුණු ස්ථානයක්වත් අවට වැවී ඇති පඳුරු යනාදිය නිසා සොයා ගත නොහැකි බවත් ය.

ඒ කෙසේ වෙතත්, එදා ඒ මොහොතේ පෙර දිනයක අප කළ මේ දියමන්ති නිෂ්පාදන පරීක්ෂණය පිළිබඳව මට සිහිපත් වූයේ ද නැත.

යළි කෙදිනක හෝ ඒ ප්‍රදේශයට ගොස් හොඳින් ස්ථානය සොයා බලා හාරා ගොඩ ගන්නාක් තෙක් මගේ පිනට ඒ ස්ථානයේ දියමන්තියක් සැඟවී ඇති බවට විශ්වාසයක් මගේ සිතේ දැන් ගොඩනැගෙමින් පවතී!

-කතන්දරකාරයා

ප/ලි:
අපේ ආච්චිලා ගේ කාලයේ ගමේ සිටි පොහොසත්ම පුද්ගලයා හැඳින්වී ඇති අන්වර්ථ නාමය දාස් මහත්තයා ය. ඒ ඔහු ගේ පොහොසත්කම ඔහු ගේ හෝ ඔහු ගැන කතා බහේ දී නිතර යෙදී ඇති රුපියල් දාහේ ඒවා ගැන සඳහන් කිරීම්වලින් මතුවූ නිසා වෙන්නට ඇත.

දාහක් යනු ආච්චිලා ගේ කාලයේ නම් ලොකු ගණනකි. අද නම් වැඩි වටිනාකමක් නැත. මල්ලී ගේ සහ මගේ දියමන්ති ආකර හාරා ගොඩ ගත්තා නම් ඔන්න අපට අද කාලේ හැටියට බිලියනයර්ස් ලා වෙන්නට හැකිය!

(image: http://www.contactmusic.com/photo/james-bond-and-m-appear-in-new-007-setting-at-madame-tussauds_4152157)

63 comments:

  1. කකාට මේ දවස් වල සල්ලි ගැනමයි හිත නේද ??
    ටැට්ස් ලොටෝ එකවත් ඇදෙන්න කියා ප්‍රර්ථනා කරනවා :P

    ReplyDelete
    Replies
    1. කකා,

      සොල්දාදුවා වඩේ එකක් කා තේ එකක් බොන්නට හෝටලයට ගියත්, ඔහුගේ බෑග් එක ඒ හෝටලයේ අපිරිසිදු බිම මත නොතබන්නෙ ඇයි කකා?

      Delete
    2. ඔහුට බෑග් එකක් නැති නිසා ??

      Delete
    3. නැවත ප්‍රතිසංවිධානය වෙමින් සිටි එල්.ටී.ටී.ඊ යේ ප්‍රබලයින් පිරිසක් කොටුකර ගන්නට සිදුකළ විශේෂ මෙහෙයුමක දී නැඳුන්කර්නි ප්‍රදේශයේ අද (11) සිදු වූ වෙඩි හුවමාරුවකදී කොටි ත්‍රස්තවාදීන් තිදෙනෙක් මියගොස් යුද හමුදා සාමාජිකයකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

      මොවුන් වැටලීමට ගිය අවස්ථාවේ කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් යුද හමුදා සාමාජිකයා ජීවිතක්ෂයට පත් වී තිබේ.මරුමුවට පත් වී ඇත්තේ ගෝපි,තේවන් යන ත්‍රස්තවාදීන් දෙදෙනා බව හඳුනා ගෙන ඇත. අනෙක් කොටි සැකකරුවා අප්පන් බවට සැක කෙරේ. මෙම පුද්ගලයන් තිදෙනා අල්ලා ගන්නට සාර්ථක තොරතුරක් දෙන අයකුට එක් අයෙක් සඳහා රුපියල් දස ලක්ෂයක් බැගින් මුදල් තෑගි දෙන බව පොලිස් දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.

      මියගිය හමුදා සාමාජිකයා මාවතගම පදිංචිකරුවෙකි.

      Delete
    4. විදේශගත කොටි ඩයස්පෝරාවෙන් ලක්ෂ ගණනින් මුදල් ගෙන කොටි සංවිධානය නැවත ප‍්‍රතිසංවිධානය කිරීමේ නිරතව සිටින බව කියන හිටපු කොටි නායකයෙකු පොලිස් කණ්ඩායමක් විසින් කයිට්ස් ප‍්‍රදේශයේදී් අත්අඩංගුවට ගෙන තිබේ.

      මොහටු පසුගිය මාස කීපය තුළ වරින්වර රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් මැලේසියාවේ සිටින දෙමළ ඩයස්පෝරාවේ නායකයෙකු විසින් එවා ඇති බව පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

      මොහු එල්.ටී.ටී.ඊ. සංවිධානය ක‍්‍රියාත්මක වූ කාලයේ එම සංවිධානයේ සුබ සාධන හා පරිපාලන අංශයේ නායකයෙකු ලෙස කටයුතු කළ අයෙකුද වන අතර දැනට මැලේසියාවෙ යාපනයේ ව්‍යාපාර හිමිකරුවෙකි.

      Delete
    5. ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ ඕවා විසඳන්න පුළුවන් එකම පුද්ගලයා දැන් විශ්‍රාම සුවයෙන් බ්ලොග් ලිවීමෙන් හා වෙනත් බ්ලොග්කරුවන්ට සත්තුන්ගේ නම් දෙමින් කල් ගත කරන නිසා. උන්නැහැ නැවත සේවයේ පිහිටෙව්වා නම් ඔය ප්‍රශ්න ඔක්කෝම එක සැණින් නැති වෙනවා. සත්තයි. අත් දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

      Delete
    6. @ මහසොහොන් පිල්ලිය

      මෙය සල්ලි ගැන නොවේ, මෙහි සැඟවුණු වෙනත් අරුතක් නැත්තේම නැත!

      Delete
  2. කකා සහ ඔහුගේ බ්ලොග් හතුරන් ලැයිස්තුව

    කකා හෙවත් කසූ හෙවත් කතන්දර මුල් යුගයේදී හැමදෙනාගේම හිත දිනා ගත් ඉතාම ජනප්‍රිය බ්ලොග්කරුවකු වූ නමුත් පසුව විවිධ හේතූන් නිසා බ්ලොග් හතුරන් රාශියක් තනා ගන්නා ලදී. සිංහල බ්ලොග්කරණයේ ආරම්භක අවධිය ගැන සොයන අනාගත පර්යේෂකයකුගේ ප්‍රයෝජනය පිණිස මෙහි කකාගේ මේ මොහොත (2014.04.12) දක්වා හතුරු ලැයිස්තුව මෙසේ ඉදිරිපත් කරමි. හතුරු වීමට හේතුව වරහන් තුළ දක්වා තිබේ.

    1. රාමයා හෙවත් කැකුළා වලා (බාලචන්ද්‍රන් දරුවාගේ සිද්ධිය මත රාමයා පළ කළ පෝස්ට් එකක් නිසා කකා ඔහුව තමන්ගේ බ්ලොග් රෝලෙන් ඉවත් කොට හිට්ස් කමෙන්ට්ස් හින්දා අනාත කරන ලදී.)

    2. මල් කෙමියා (හේතුව සමානය. නමුත් මෙහිදී කකා ඔහු බ්ලොග් රෝලෙන් ඉවත් කිරීම නිසා හිට්ස් හා කමෙන්ට්ස් කොපමණ හිඳුනේද යත් මල් කෙමියා බ්ලොග් ලිවීමෙන් ඉවත් විය. දැන් ඔහු බ්ලොක් ගල් නිෂ්පාදනය කරන වැඩ පළක සේවය කරන බව ආරංචිය.)

    3. සැටලයිට් සහන් (හේතුව සමානය. කකා බ්ලොග් රෝලෙන් ඉවත් කළ පසුවත් දිගින් දිගටම ආපසු ඇතුළත් කරන්නය කියා පස්සෙන් ආවේය. පස්සේ වෙන මොකද්දෝ හුටපටයක් මත කකා A.T.M. ඉන්දික හා තවත් පිරිසක් හා එක්ව සැටලයිට් සහන්ගේ කලිසම ගැලෙව්වේය. දැන් ආගිය අතක් නැත.)

    4. ඒකීය අක්කා (සුනිලා අබේසේකරගේ මරණයෙන් පසුව ඇය පළ කළ පෝස්ට් එකක් නිසා කකා ඒකීය අක්කා බ්ලොග් රෝලෙන් ගලවා හිට්ස් කමෙන්ට්ස් හින්දා අනාත කරන ලදී. ඉන් පෙර ඇය කකාට අන්කල් කෙනෙක් ගැන කමෙන්ට් කරන්නට ගොස් "මුග්ධයා" කියා බැණ වැදී තිබුණද හතුරු කමට ආසන්න හේතුව මුල් එකය.)

    5. ඇදුරු බිරිඳ හෙවත් නයි නැන්දා (තමන්ගේ පුරුෂයාගේ පැටිකිරිය කකාගේ බිත්තියේ කියවන්නට ගොස් ඇනෝලාගෙන් ඇති පදම් අසාගෙන කකා සමඟ වෛර බැඳ බ්ලොග් ලිවීමෙන් ඉවත් විය.)

    6. හටපාස් හටමා (තමන්ගේ පඩිය මෙච්චරයි කියා පොඩි ගණනක් කකාගේ බිත්තියේ ලිව්වේය. කට තියාගෙන ඉන්න බැරි කකා එයින් අධෛර්යයට පත් නොවන ලෙසටත් උත්සාහ ගෙන තවත් ඉගෙන ගෙන ඉහළට යන ලෙසටත් ඔහුට උපදෙස් දුන්නේය. එයින් උරණ වූ හටමා කකාටත් කකාගේ පවුලේ අයටත් බනිමින් රට වටේ යන්නට පටන් ගත්තේය. ඔහු තවම මේ ක්‍රියාවේ නිරත වේ. ගෙදරදීද කකාට බණින බැව් කියැවේ.)

    7. මඩා බාමා (මඩ ගැසීම සඳහා චිර ප්‍රසිද්ධියක් දරණ මඩා බාමා කකාගේ බිත්තියේ තාම කමෙන්ට් කළත් මතවාදීව ලොකු අවුලක් ඇතැයිද කියයි. ඒත් ඔහුට ඇති ලොකුම අවුල කකාට හිට්ස් ලැබීමත් ඔහුගේ නීරස බ්ලොග් එකට මැස්සකු වත් නොඒමත්ය.)

    8. රෙඩ්බුල්දීක (කකාගේ බිත්තියේ තමන් හැදුවාය කියන DOS ගේම් එකක් ගැන පොර ටෝක් දෙන්නට ගොස් ඇනෝලාගේ ප්‍රශ්න වලට නිරුත්තර වූ නිසා කකා එක්ක පට්ට අවුලක් තිබෙන බව පෙනේ.)

    9. කැපිටල් ඇනෝ අංකල් (කකා එක්ක ලොකු අවුලක් ඇති බව පෙනෙන්නට ඇති මුත් හේතුව පැහැදිළි නැත.)

    10. ළිඳ කපමි-අදිමි-නාමි විචාරක (කකා විසින් "එම්බල පැංසොං යුද භටය, ගනු කඩුව එනු සටනට!" කියා සටනට කැඳවා අම්බානට නෙළා උවමනාවෙන්ම අමනාප කර ගන්නා ලදී.)

    ReplyDelete
    Replies
    1. ඉහත පළවී ඇත්තේ ''කක්කුස්සි කාරයා"" විසින්ම ලියා පළ කරවා ගන්නා ලද කමෙන්ටුවක් බව කරුණාවෙන් සලකන්න....

      Delete
    2. අටම් , කොහොමද මචං ?

      Delete
    3. @ All
      ඇත්තටම මං හිතුවේ මේ මගේම නොවෙන මගේම කමෙන්ටුවක් කියායි.

      ඔය සෝ කෝල්ඩ් හතුරන් ගැන කියනවා නම්, ඒ සියල්ල ආරූඪ නම් නිසා ඒ අය කතන්දරකාරයා නම් චරිතයේ හතුරන්දැයි නොදනිමි. නමුත් පුද්ගලිකව මේ බ්ලොග් එක හිමිකරුවාගේ නම් ඔය ක්‍රින චරිත දහයේ නිරමාපකවරුන් සමග නම් කිසිදු වලියක්, ක්‍රෝධයක්, තරහක් නැත.

      අන්තිමට සඳහන් විචාරක නමැති චරිතය සමග මෑතකදී ඇති වුනේ ද පොදු ප්‍රශ්ණයක් ගැන, එනම් රජයේ ක්‍රියාපිළිවෙතේ වූ වෙනස්කමක් නිසා සිංහල සාහිත්‍යය පාසලේ ඉගෙනීමට නොලැබුූණු සිසුන් ගැණ එම චරිය නැගූ අවලාදවලට පිලිතුරු දීමක් පමණි!

      Delete
    4. කකා ක්‍රෝධයක් වලියක් නැහැයි කිව්වට ඔය චරිත වලින් වැඩි හරියක් කකාව මූණට හම්බ වුණත් හිනාවෙලා කතා කරයි කියලා මම නම් හිතන්නේ නැහැ.

      Delete
    5. @කකා,

      නරකද සිංහල අළුත් අවුරුද්දේ ඔය පරණ තරහ මරහ අතඇර දාලා මේ අය වෙනුවෙන් බ්ලොග් පෝස්ට් එකක් ලියලා පරණ යාළුකම් අළුත් කර ගත්තා නම් ? අපි කවුරුත් මනුස්සයොනෙ. මිනිස්සු අතින්නෙ වැරදි වෙන්නෙ. එහෙමය කියලා ඒවා හැමදාම හිතේ තියාගෙන ඉන්නෙ ඕනැ නැහැනෙ.

      Delete
    6. @ Anonymous 12 April 2014 21:25

      ඇයි එහෙම කරන්නේ? මේ අතත්‍ය ලෝකයේ දේවල් තත්‍ය ලෝකයට අනවශ්‍යයි නේද? මට නම් තරහා වෙන්න අවශ්‍යතාවයක් නෑ, කැමැත්තක් ද නෑ!

      කිසිවෙක් මා හා තරහක් ඇත්නම් ඒ ඔවුන් සිතේ මවාගත් දේ නිසා විය යුතුයි. ඒ හැර වෙත් පුද්ගලික හේතුවක් තියෙන්න බෑ.

      නමුත් දේශපාලනික හේතු නිසා තරහක් තියෙන්න පුළුවන් කියා හිතෙනවා.

      Delete
    7. @ Anonymous 13 April 2014 06:29

      අප දෙනෙනාටම එකම අදහස ඇවිත් තියෙනවා. එහි පුදුමයක් නෑ. මොකද එය සිංහල අවුරුද්ද සමග බැඳී තියෙන සංකල්පයක් නේ!

      මං අද උදේ ම කෙරුවේ කීප දෙනෙකුට ඊ-මේල් යව එකයි. පසුව සෑහෙන පිරිසකට සුබ පතා ඊ-මේල් යැව්වා!

      ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
    8. "අන්තිමට සඳහන් විචාරක නමැති චරිතය සමග මෑතකදී ඇති වුනේ ද පොදු ප්‍රශ්ණයක් ගැන, එනම් රජයේ ක්‍රියාපිළිවෙතේ වූ වෙනස්කමක් නිසා සිංහල සාහිත්‍යය පාසලේ ඉගෙනීමට නොලැබුූණු සිසුන් ගැණ එම චරිය නැගූ අවලාදවලට පිලිතුරු දීමක් පමණි!"
      හා...... කකා බබා ......

      Delete
    9. @ Anonymous 13 April 2014 09:12

      1. විචාරක ගේ සිංහල සාහිත්‍යය උගත්තේ නැති අය ගැන කමෙන්ටුව සහ මගේ ප්‍රතිචාරය
      http://aswanna.blogspot.com/2014/03/blog-post_9506.html?showComment=1395591603722#c7220329638079125393

      2. විචාරක ගේ බ්ලොගයේ මා මේ ගැන නැවත විමසූ හැටි සහ ඔහු ගේ ප්‍රතිචාරය. මගේ අවසාන පිළිතුර ඔහු පළ නොකළේය.
      http://wicharaka.blogspot.com/2014/04/glimpse-from-my-library.html?showComment=1396687870910#c8603436787437840189

      3. මා මේ ගැන ලියූ ලිපිය
      http://kathandara.blogspot.com/2014/04/grumpy-old-bigoted-men-for-no-reason.html

      Delete
  3. පොඩි කාලේ මටත් හිතුණා ගෙදරම දියමන්ති හදාගන්ට. :D

    ReplyDelete
    Replies
    1. දැට් මේක්ස් ටූ ඔෆ් අස්!

      Delete
  4. මිලියනර්ස්ලි වෙන්නට ඔයිට වඩා ලේසි / පහසු / සුද්ද ත්‍රම ඇත.

    ReplyDelete
  5. දාහක් යනු ආච්චිලා ගේ කාලයේ නම් ලොකු ගණනකි///

    ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ඔය ගනනක පඩියට ගුරු සේවයට පත්විම් දුන්නාලු

    ReplyDelete
    Replies
    1. මා මේ කියන ආච්චී ගේ කාලයේ ඉඩම් අක්කරයක් රුපියල් දෙසිය පනහකි!

      Delete
  6. ඔය වගේ වැඩ අපිත් කරලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු කියන්නේ මේ වගේ වැඩවලට නේද?

      Delete
    2. මෙන්න තව මේ වගේ අපට කළ හැකි වැඩක්!
      http://kathandara.blogspot.com/2012/05/for-our-future-leaders.html

      Delete
  7. ඔය තැන ගැන හරි හමන් විස්තරයක් දෙන්න බැරිද තව ????

    ReplyDelete
    Replies
    1. පුද්ගලිකයි, රහසිගතයි!

      Delete
  8. අමතක වී තිබුනු දියමන්ති පරීක්ෂණය හදිසියේ මතක් වූ හේතුව පැහැදිළි නැත.
    දියමන්ති හදන අළුත් ක්‍රමය (ලින්ක් එකේ තියන) පරණ එකමයි නේද?
    Most natural diamonds are formed at high temperature and pressure at depths of 140 to 190 kilometers (87 to 118 mi) in the Earth's mantle.
    .........The formation of natural diamond requires very specific conditions—exposure of carbon-bearing materials to high pressure , ranging approximately between 45 and 60 kilobars (4.5 and 6 GPa that can be achieved by pressing the soil with a timber log), but at .............
    These conditions are met in two places on Earth; in the lithospheric mantle below relatively stable continental plates, and at the site of a meteorite strike such as under LOVI trees.

    ReplyDelete
    Replies
    1. මෙය සඟරාවකට ලියන ලද ලිපියක කතන්ර වර්ශන් එකයි. මෙය පලකිරීමට හේතු කිහිපයක් ඇත. ඉන් එකක් ගැණ ඉඟි ඟෙහි ඇතුලත් වේ.

      අනෙක් එක් හේතුවක් නම්, අළුතින් නොලියා, ලියූ දෙයක් ඉතා සුළු වෙනස්කම් සහිතව පලකිරීමට ඉඩ ලැබීමයි!

      Delete
    2. එදා ඉගෙන ගත් පරිදි ගස් කඳන්වලින් නෙමේලු දියමන්ති හැදෙන්නේ!

      Delete
  9. කතන්දරකාරයා ගැන මගේ ස්ථාවරය මෙසේ කියමි. ඔහු නිර්ලජ්ජිතයෙකි. ඔහු ලෝකයට පෙන්වන ප්‍රතිරූපය ඔහු තුළ නැත. ඔහුගේ අඩවිය තුළ මෑතකදී මගේ නම පාවිච්චි කරමින් මා ලියන ආකාරයට එහෙත් නිර්නාමික අදහස් දැක්වීමක් කර තිබුණි. ඔහු ලෝකයට පෙන්වන සදාචාරය ඔහු තුළ ඇත්නම්, ඔහුට කරන්නට තිබුණේ එය ඉවත් කිරීම කෙසේ වෙතත්, එහි මගේ බ්ලොග් සලකුණ නැතැයි සඳහන් කිරීමය. ඔහුට සාහිත්‍යය විෂයය පිලිබඳ සංවාදයේ යෙදෙන්නට හැකි භාෂා - සාහිත්‍ය දැණුමක්, පරිචයක් නැති බව ඔහුගේ අවසාන ලිපියෙහි ඇති තුප්පහි භාෂාවෙන් මනාව පිළිබිඹු වේ. ඔහුට හැකි ඒ භාෂා විලාශය පමණි. මෙවැනි අමනයන් සමග සාහිත්‍ය සංවාදයක යෙදෙන්නට තැත් කරන අපි අඥානයෝ වෙමු.

    සූකරයා

    තමනට අභියෝගයක් එල්ලවූ කල්හි, අශූචි වලක වැද අශූචි නා, තමන් සමග සටනට එන්නැයි සූකර හඬින් අභියෝග කරයි. ඒ සූකර ජන්ම ලක්ෂණ විනා අන් කවරක් වත් නොවේ. නමුත් ඒ අසන සිංහයා තමනට තරම් නොවන ජඩ සූකරයකු සමග සටනට නොයයි.

    හොරිකඩ පර බල්ලා

    තමන් මහා ජගතෙකුයි සිතා, පාරේ යන සියල්ලන්ට බුරයි. එහෙත් පාරේ යන බුද්ධිමත්හු මූ හොරිකඩ පරබල්ලෙකු මිස අන් කිමෙක්ද කියා සිතා, තමන්ගේ පාඩුවේ ගමන යෙති.

    කුළු මීහරකා

    ලෝකය ගැන මෙලෝ හසරක් නොදැන, උගේ ගොන්කම ප්‍රදර්ශණය කරමින්, දකින දකින සියල්ලට පුප්පයි, පිඹියි, අනින්නට පනියි. නමුත්, මේකා අමු මී හරකකු බව දන්නා අය, ඌ මගහැර තමන්ගේ වැඩක් බලාගනිති.

    ප්‍රතිවාදී අදහස් ඉවසන්නට නොදත් මේ කතන්දර පුඟුලා, ඊට පිළිතුරු දෙන්නේ අපහාසය තුළිනි. ඒ, ඔහු විසින් වඩන සූකර ව්‍රතය, සුනඛ ව්‍රතය, නැතහොත් ගෝ ව්‍රතය, නිසාදැයි මම නොදනිමි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විචාරකගේ මේ පෝස්ට් එකෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. එකක් තමයි අපේ රටේ හමුදා උදවිය, විශේෂයෙන්ම ඉහළ නිලධාරීන් මානසිකව ඉන්නේ කොහෙද කියලා. මේ පිරිස් තවමත් කැලයෙන් එළියට ඇවිත් නැහැ. අවිඥානකව ඉන්නේ කැලේ. ඒකයි බනින්න අවශ්‍ය වුණාම සත්තුන්ගෙ නම් කටට එන්නේ. (සරත් ෆොන්සේකාගේ "කලවැද්දා" භාවිතය සලකන්න.)

      Delete
    2. I FULLY AGREE WITH YOU .

      Delete
  10. // මගේ පිනට ඒ ස්ථානයේ දියමන්තියක් සැඟවී ඇති බවට විශ්වාසයක් මගේ සිතේ දැන් ගොඩනැගෙමින් පවතී//

    සැබෑවක්ම වේවා!!!

    ReplyDelete
  11. ඔයව‍ගේ වැඩක් කලා මගේ යාළු‍වෙකුත්. මෑන් ක‍ලේ බාල මැණික් පුච්චල ‍හොඳ මැණික් ගන්න ට්‍රයි කරපු එක.

    ReplyDelete
    Replies
    1. හපොයි ! මේ උන්ද නේද ? :D

      Delete
    2. හපොයි නෑ. ම‍ගේ යාළුව අහින්සකය. නැන්දගෙ ගෙදර තිබුන ගෑස් ලිපට අල්ලල කකා වගේ අහිංසක ට්‍රයි එකක් දුන්න. හැබැයි ඔය කේස් තිබුන ක‍ාලෙ තමයි අපේ පොරටත් හිතුනෙ.

      Delete
  12. ගෙවුඩ පිච්චුවේ මහරගම රේඩියෝතෙරපි මැෂිම පාවිච්චි කරල. හැබැයි 2005 විතර. ඒ අයියලත් මාට්ටු වුණා

    ReplyDelete
    Replies
    1. හැබෑටම දුන්නෙ නැද්ද ට්‍රයි එකක්?

      Delete
  13. කකා දියමන්ති හදාගන්න උත්සාහ කරන කාලයේ මාත් මගේ මල්ලිත් සමඟ අවුරුදු කාලයේ ඉදුණු කෙසෙල් වලින් මත්පැන් හදන්න උත්සාහ කරා.දිනකීපයකට පසුව පණුවන්ගෙන් පිරුණු ගඳ ගසන දියරයක් දකින්න ලැබුනා.මල්ලි ඒ ජරාවෙන් ටිකක් බීලත් බැලුවා.

    ReplyDelete
    Replies
    1. හි හි අපිත් ඕක කළා ඇනෝ.

      Delete
    2. නොකරොත් තමා බං පුදුමෙ .. හැක්
      මෙදා පාර කොහෙද පෙරුවේ ???
      පේන්ඩ හිටියෙ නැතුවට මං හිතුව බැරල් ටිකත් එක්ක පොලිසියෙං පටෝගෙන ගිහින් කියලා !!!! ඕ යේස්

      Delete
    3. තව දවස් තුනකින් පටන් ගන්නවා මුන්නෝ. මේ ටිකේ පට්ට බිසී

      Delete
  14. කකා ඕක හාරන්න යන්නේ බලාගෙනයි. මේ ළඟදි තමන්ගේ ගේ ඇතුලේ නිධානයක් හොයන්න ගිය එකයි කට්ටඩියයි දෙන්නම් අල්ලලා කූඩූවේ දැම්මා. පොඩ්ඩක් නීතී උපදෙස් ටිකකුත් ගන්න.

    ReplyDelete
  15. මට නම් පොඩි කාලෙ ඉදලම ඔය ගොන් අදහස් සිතට නාවේය.....
    දමයන්ති අක්කිල එක්ක නම්.... නොයෙකුත් අත්හදා බැලීම් කොලේය ......
    ඒවයි ප්‍රතිපල විනාඩි ගානෙන් ලැබූ නිසා සතුටුය........
    මට නම් ආපහු ගොස් හාරන්ට සිතක් නැත්තේය....

    ReplyDelete
  16. එහෙම දියමන්ති හැදෙන්න විදිහක් නෑ කියලා හිතුවට දියමන්තියේ මූලාරම්භය පොළොවට යටවෙන ගස්කොලන්වලින් ගල් අඟුරු සෑදෙන ක්‍රියාවලියේම දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් බව ඔප්පු කරලා තියෙනවා.

    ReplyDelete
  17. ලොවිගහ යට හාරල දියමන්තිය හම්බ උනොත් මතක්කරල මල්ලිගෙ කොටහත් දෙනව හොඳයි!

    ReplyDelete
  18. ඔය වගේ දේවල් ගැන පොඩිකාලේ මගේ හිතෙත් දාහක් ප්‍රශ්න තිබ්බා ,

    //යළි කෙදිනක හෝ ඒ ප්‍රදේශයට ගොස් හොඳින් ස්ථානය සොයා බලා හාරා ගොඩ ගන්නාක් තෙක් මගේ පිනට ඒ ස්ථානයේ දියමන්තියක් සැඟවී ඇති බවට විශ්වාසයක් මගේ සිතේ දැන් ගොඩනැගෙමින් පවතී!// හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. ආ සහෝදරී .. ආයිබෝං !!!
      කට කහනවා බං :D
      ඕ යේස්

      Delete
    2. හිටහන් මල්ලි තව දින දෙකෙන් අක්කාඑනෝ. අපේ තුන් කට්ටුව් එකතු කරගමු ඉක්මන්ට

      Delete
  19. @ All

    සිත් පහන් වේවා
    මොහඳුර මැකීයේවා
    පඩිය වැඩි වේවා
    අලුත් වසරේ ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. හිට්ස් ගලා ඒවා
      මිලියන දෙක පනීවා
      කොමෙන්ට්ස් වැඩි වේවා
      අලුත් වසරේ ජයම වේවා

      කකාටත් පවුලේ සියලු දෙනාටත් සිංහල අලුත් අවුරුද්ද ග්‍රීක් යෝගර්ට් සහ MD කිතුල් පැණියෙන් පිරී ඉතිරි යන නව වසරක් වේවා. ටැට්ස් ලොටෝව ඇදේවා. මොගේජ් ඉන්ටෙරෙස් රේට් වැඩි නොවේවා.

      අලුත් බැනර් එක අගෙයි. සෙන්ටර් කරලා දෙපැත්තට පුන් කලස් දෙකක් දාන්න. බ්ලොග් එකට සිරියාව ගේන්න :P

      Delete
  20. ජීවිතයම කතන්දර ගොඩක් කියන සංකල්පය මම වෙනත් ව්‍යාපෘතියකට සොරා ගන්නවා. එය සඳහන් වන තැන ක්‍රෙඩිට් එක ඔබට දී නැතත්, එය ඔබේමයි.

    ReplyDelete
    Replies
    1. සර්, අර චීනේ කොමියුනිස්ට් කාරයෝ ධනවාදය හොරකන් කරගෙන ඒකට .... socialism with Chinese characteristics කියල අළුත් ලේබල් එකක් ගැහුවා වගේ වැඩක්ද ? :)

      Delete
    2. අවුලක් නෑ පැරා!

      මං පසුගිය දිනයක ලියූ වැකි දෙකක්මත් ඒ "ජීවිතයම කතන්දර ගොඩක්" ආකාරයෙන් ම මගේ බ්ලොගයේ යොදාගන්නවා.

      1. සැබෑ කතන්දර කිසිදා අමතක නොවේ!

      2. පළමුව මව්බිම, දෙවනුව බ්ලොග් එක!

      Delete
  21. අර බැනර් එකේ ප්‍රාර්ථනයට "පඩිය වැඩි වේවා!" කියපු එක නම් එච්චර සුදුසු නැහැ. මොකද හැමෝගෙම පඩි හෝල් සේල් වැඩි වුණොත් වෙන්නෙ උද්ධමනය වැඩි වෙලා හැමෝටම දුක් විඳින්න. ඒ හන්දා කකා දන්න අඳුනන අයගේ විතරක් පඩි වැඩි වෙලා අනෙක් අයගේ පඩි අඩුවේවා කියමු. ඒක වඩා ප්‍රායෝගික ප්‍රාර්ථනයක්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ - ඔබ කියන්නේ තියෙන රොටිය බෙදා ගැනීම ගැනයි.

      මං කියන්නේ රොටිය ලොකු කිරීම ගැනයි. එවිට හැමෝටම ලොකු රොටි කෑල්ලක් ලබාගත හැකියි.

      Delete
    2. රොටිය ලොකු කර ගත හැකි එකම ක්‍රමය සියළුම දෙනා (පඩිය නොවෙනස්ව තිබියදී) වැඩියෙන් වැඩ කිරීම පමණයි. (එනම් මුදල් සැපයුමට සාපේක්ෂව භාණ්ඩ හා සේවා නිෂ්පාදන ප්‍රමාණය ඉහළ යාමය.) එනිසා අවංකව ඔබේ අදහස එය නම් ඔබ ප්‍රාර්ථනා කළ යුත්තේ වැඩ වැඩි වේවා කියාය. විකල්ප වශයෙන් සියළුම දෙනාගේ පඩි එකවර අඩු වීමෙන්ද එකම ප්‍රතිඵලය ලැබේ.

      Delete
    3. මෙහිදී මගේ ප්‍රාර්ථනය අවසාන ප්‍රතිඵලය ගැන මිස ඒ සඳහා ඇති අවශ්‍යතා ගැන නොවේ!

      සිත් පහන් වීම ද, මොහඳුර මැකීයාම ද අවසාන ප්‍රතිඵල පමණක් වේ.

      කෙසේ වෙතත්, ඔබට මුලින් වැඩ වැඩිවී, එහි ප්‍රතිඵලයක් ලෙස පසුව පඩිත් වැඩිවේවා යැයි පතමි!

      ;-)

      Delete
  22. කකාටත් පවුලේ සියලු දෙනාටත්, සුභ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  23. අලුත් පෝස්ට් එක කියෙවුවට පස්සෙ නෙව කකාගෙ දාහෙ ඉගිය තේරුනේ.
    එහෙනං මෙන්න දාහට සුභ පැතුම් :D

    කුරුණෑගල මහගෙදර වත්තෙ මමත් ඔය වගේ දියමන්ති හදන්න නිදන් කල නිදන් වස්තුවක් තියේ. මම මේ ලගදි එහෙ ගිය වෙලාවෙ ස්පොට් එක චෙක් කලා. නිදන් වස්තුව තාමත් සුරක්ශිතව තියනව කියප හිතන්න පුලුවං ලක්ෂන තියනව. හැකියාවක් තිබුනොත් මගෙ ඒ වයසට මගෙ කෙල්ල ආවාම එක්කගෙන ගිහින් නිදානෙ ගොඩගන්න හිතාගෙන ඉන්නෙ

    ReplyDelete
  24. දාහට සුබ පැතුම් ....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.