ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Saturday, 1 February 2014
වාලුකා කාන්තාරයෙන් ඇසෙන ඔටු කතා - Enter the camel
මං ඉපදෙන්නත් ඉස්සර අපේ අම්මාගේ ඥාති වැඩිමහල් සොහොයුරියක් එංගලන්තෙට ගිහින් තියෙනවා රැකියාවට. ඇය හෙදියක්. එහෙට ගිහින් රැකියා කරලා දැන් පැන්ෂන් ගිහින්.
මං මුණවීර ගේ ගුවන් ගමන ගැන ලියපු කතන්දරේ හිටපු බාප්පාත් ඒ වගේ සිංගප්පූරුවේ රස්සාවට ගිය කෙනෙක්. ඇයි, එංගලන්තේ ගිය අංකල්?
ඒ දවස්වල රට රස්සාවකට යනවා කියන්නේ එහේම පදිංචි වෙනවාය කියන එකයි.
ලංකාවේ ඈයෝ පිටරට රැකියාවලට යෑම කියන එකේ මූලික වෙනසක් සිද්ධ වුනේ අරාබිකරයේ රස්සාවලට යෑම පටන් ගත්තු කාලෙයි. ඒ හින්දා තමයි දයානන්ද ගුණවර්ධන ගේ මධුර ජවනිකා නාට්‍යයට ඩුබායි කාන්තාව ගැන වෙනම ජවනිකාවක් ම ඇතුලත් කරළා තිබුණේ.
මට මතකයි සෑහෙන කාලෙකට ඉස්සර ටෙලි නාට්‍යයක් තිබුණා ඒකේ ප්‍රධාන චරිත දෙකක්මත් ඩුබායිවල වඩුකාර්මික රැකියා කරලා ආපහු ලංකාවට ආපු දෙන්නෙක්.
අනිත් රටවල්වලට යෑමට සාපේක්‍ෂව ඩුබායි යෑම හෙවත් අරාබිකරයේ රස්සාවලට යන එකේ තියෙන ලොකුම වෙනස තමයි ඒ යන අය එහේ යන්නේ තාවකාලිකව වීම.
පස්සෙන් පහු අවුරුදු විසි තිස් ගණං ඉන්න අයත් හිටියාට බොහෝ දෙනෙක් එහේ යන්නේ අවුරුදු දෙක තුනකින්, තුන හතරකින්, හතර පහකින්, පහ හයකින්, හය හතකින්, හත අටකින් සල්ලි ටිකක් හම්බ කරගෙන ආපහු ලංකාවට ඇවිල්ලා චූන් එකේ ජීවත් වෙන්න හිතාහෙනයි.
ඉතාලියට යෑම පවා ඒ අතින් වෙනස්!
එහෙම අරාබිකරයට ගිය අපේ අයගෙන් සෑහෙන්න සම්මාදමක් සිංහල බ්ලොග් ලෝකයට තියෙනවා.
හිටපු බ්ලොග්කරුවෝ වෙන දුකා, දුමී, ඩුබායි වට්ටක්කා, අදත් බ්ලොග් ලොව පෙරලි කරනා ඉන්දික උපශාන්ත වගේම අතීත ගමන් මග, හැලප කඩේ, පිණි පළස (චූටි ටීචර්) මේ මොහොතේ මගේ මතකයට එන කීප දෙනෙක්. (බීට්ල් ඉන්නේ මොන රටේද?)
ඔය අස්සේ අළුතින් ලංකාවේ සිට එහේට ගිය පොරක් බ්ලොග් එකක් අරඹලා ය කියන ආරංචිය ලැබුණා.
සෙරන්ඩිබ් ඔටුවා කියන අන්වරථ නමින් ලියවෙන මේ බ්ලොග් එක තමයි වාළුකා සිතුවිලි නොහොත් ඔටු කතා!
මෙන්න පාර.
http://otukatha.blogspot.com/
මේක තාමත් මුල් අවධියේ තියෙන බ්ලොග් එකක්.
මේල ලියන ලේඛකයාට බ්ලොග් ලෝකයේ තවත් ඉගෙන ගන්න දේවල් තියෙන බව පේනවා.
නමුත් පොර ලංකාවේ දී හොඳ පළපුරුදු ලේඛකයෙක් බව මං දන්නා නිසා මේ බ්ලොග් එක දිගටම අල්ලාගෙන ගියොත් අපිට හොඳ වින්දනයක් ලබන්න හැකිවෙන බව මට කියන්න පුළුවනි.
මං මේ බ්ලොග් එකේ දැකපු එක් හොඳ දෙයක් තමයි, බ්ලොග් කාර සෙරන්ඩිබ් ඔටුවා හැමදාම සිකුරාදාට අළුත් ලිපියක් දාන එක.
වාළුකාවේ සිකුරාදාට නිවාඩු නිසා වෙන්න ඇති!
හැකි අය ගිහින් කියෝලා කමෙන්ටුවක් දාලා එන්න.
http://otukatha.blogspot.com/
-කතන්දරකාරයා
ප/ලි:
මේ සති අන්තයේත් පිං අතේ වැඩ. පරලොවට නොවෙයි, මේ බූරු සමයෙන් පසුව එළඹෙන ඔටු සමයට මොල්ලි දෙකට වතුර එකතු කරනවා.
Subscribe to:
Post Comments (Atom)
මෙතැන් සිට බලමු කාන්තාරයේ නෞකාව..
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteහොදයි ගොඩ වෙලාම බලමු.
ReplyDeleteහොඳයි.. ගොඩවෙලා බලන්න හැබැයි එතන පහරන්න එපා.....
Deleteහා.....කොල්ලෝ....
Deleteගෙදර පහරල ගියාම හරිනේ බන්...
This comment has been removed by a blog administrator.
Deleteඅපි නම් මව්බිමේ ඉඳන්ම තමයි බොග දාන්නෙ!
ReplyDeleteඔටුවා බලලා එන්නම්කො
මම දුලාගේ අඩවියේ™ දුලා
කකා,
ReplyDeleteකකාගේ උඩ තට්ටේනේ තියෙන්නේ. මගේ යට තට්ටේ. දැන් මම මොකෝ කරන්නේ?
අර නාට්ටිය ලා හිරු දහසක්.. අපූරු ටෙලි සිත්තම..
ReplyDeleteමැද පෙරදිග ඉන්න අය අතරින් කෙල්ලෙක්ට ලියන්නේ, "ඔමායාගේ හීන" ලියන "අපූර්වී ඔමායා" විතරයි මම හිතන්නේ. ඇත්තටම ඇය යකඩ කෙල්ලෙක්. පොඩි කාළේ ඉඳන් හොඳ පන්නරයක් ලබාපු කෙල්ලෙක්, මිනුම් දඬු අනුව නම්, කරන්නෙත් වයිට් කොලර් ජෝබ් එකක් නෙමෙයි. ඒත් ඒ ජොබ් වලට වඩා ඇය ආර්ථික වශයෙනුත් පොහොසත්. ඇය නම් කොල්ලන්ටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. දැන් මේ කොමෙන්ට් එක අල්ලගෙන කට්ටියක් වලියට එන්න පුළුවන්. මම හිතන්නේ ගිය අවුරුද්දේ සාර්ථකම බ්ලොග් කාරිය හෝ කරුවා අපූර්වි කියලයි ඉඳගෙන..
http://omageheena.blogspot.com/2014/01/minor-than-ego.html
ඔටුවා ගැන කියන්න තියෙන්නේ ඒ යකා අකුරු ටික කොහේ ලියලා අලවනවද දන්නේ නෑ කියන එක. මහාචාරය මාතලන්ගේ පන්තියට ආවා නම් ඔහොම වෙන්නේ නෑ..
http://campussyndi.blogspot.com/2014/01/1.html
//මම හිතන්නේ ගිය අවුරුද්දේ සාර්ථකම බ්ලොග් කාරිය හෝ කරුවා අපූර්වි කියලයි ඉඳගෙන..//
Deleteමට නුඹ විතරක් උනාට උඹට ඉන්නෙ මං විතරද......
මාතලන්...
Deleteස්පෑම් දාන්න එපා උඹවත් බ්ලොග් අපායෙ තමා නවතින්නෙ.... දන්නවනෙ එහෙ ඉන්න යමපල්ලො ඔක්කොම ඇනෝලා.... උඹ කැමතිම නැති කට්ටිය......
පිත්තු මම ආතම කස්ටිය තමයි ඇනෝලා.. ඒත් ප්‍රෝෆයිල් තියෙන උන් ඇනෝ එනකොට.. මාර කැතා.........................යි..
Deleteඔමා ගැන මාතලන්ගේ ප්‍රකාශයත් සමග එකඟ වෙමි.
Deleteඅමතක් වුනා "ඉඳගෙන"
Deleteමාතලන් ....උඹ තමයි කියන්න තියෙන දේ කෙලින්ම කියන මිනිහත් මචන්.
Deleteමම උදේ ඔමායගේ ලිපියට උඹ දාපු කොමන්ට් එකටත් කිව්වා වගේ ඉදගෙන..
බ්ලොග් ලොව ගොදුරු සොයා සරණ නාකි හිවලුන් බහුලය.එකෙකු ජපන් යයි කියා මැලේසියාවට වී ගොදුර එනතුරු බලා හිදී .රිය අනතුරු රැඟුම් උගුල් දමමින් ගොදුර ඩැහැ ගන්නට මාන බලයි.තවත් නාකි හිවලෙකු පත්තර පිටුවක් උගුල ලෙස භාවිත කරමින් ගොදුරු සොයයි.එපමණද තමුන්ම මහැදුරු යයි කියා ගන්නා ලාමක නාකි හිවලෙක් බටර් තලි තවරමින් ගොදුර ලංකාවට ලිස්සවා ගන්නට සැරසේ.මේ අතරේ කෙටි කතා ලියනා තරුණ හිවලෙක් නාකි හිවලුන් බුදින ලද යමක් තමුන්ටත් ඉතුරුවේදැයි සිතමින් හූ මිටි තබයි.කෙල්ලනේ බ්ලොගෙන් කම් නැත නාකි හිවලුන්ගෙන් ප්‍රවේසම් වෙනු !
DeleteVieil oncle en Australie?
Deleteකව්ද ඩෝ නාකි.. ෂාරුක් ඛාන්ගේ වයසේ කොල්ලන්ට නාකි කියන්නේ.. අමිතාබ් එක්ක රඟපාන්න පොඩි කෙලි නිලියෝ පොරකනවලු..
Deleteමාතලන් අපිව දැකල තියෙන අය දන්නව නොවැ අපේ රුප සොබාවෙ.
Deleteමෙයාල හිතන්නෙ අපිත් එයාලගේ "රිලා පනික්කි" ගානට මචන්.
ඇනේ වන් සිවලුන් ගොදුරු සොයා ගියද,
Deleteඅප වන් පින්බර රූ සපු හෙබි කුමරු වරුන්ට එවැනි දේ අවැසි නැත.
අනිවා මාතේ ඒක පට්ට බ්ලොග් එකක් , එහෙම කෙල්ලෙකුට මෙහෙම ලියන්ඩ පුලුවන්ද කියලා සමහරු කොර වෙලා , ඒකයි ඔය තැන් තැන්වල කක්කා බෙටි වැටෙන්නේ ,
Deleteඔව්වා එච්චර ගනන් ගන්ඩ ඕන දේවල් නෙමෙයි , කවුරු හරි ලියන දේවල් කට්ටිය වැඩියෙන් කියවනකොට බලාගන ඉන්ඩ බැරි සින් එකක් තියන තව කට්ටියක් ඉන්නවා ,
කෙල්ලෙක් හොදට ලියුවොත් ඒකට වැඩියෙන්ම ඉරිසියා කරන්නේ කෙල්ලොමයි ,
කලින් ඔන්න ඔය කෙල්ලෙක් කොල්ලෙක්ව ඇන්දුවා කියනවා , ලියන්ඩ කියවන්ඩ ආවානං ඒක නොකර වෙන වෙන ඇරියස් කවර් කරන්ඩ ගිය එකෙන් නෙමෙයිද ඒක උනේ , එහෙම උන්ගෙන් කෙලව ගත්ත උනුයි . උන්ගේ යාළුවොයි ඊට පස්සේ වෙන එකෙක් අල්ලාගන .
මෙයා අරයමයි
අරයා ලියපුවමයි ලියන්නේ
අරය කරපු එකමයි කොරන්නේ
කියලා හෙන රැගුමක් රගනවා ,
හරි ඉතින් මෙයා එයාමයි කියමුකෝ . ඉතින් අපිට මොකද . අපිට කියවන්ඩ දෙයක් ලියනවානං එච්චරනේ
අටමා
Deleteහැමෝම තමන්ගෙ හිරවෙලා ඉන්න කොටුව ඇතුලෙ එහෙම තමයි බං. උඹ උනත් උඹ අකමැති එවුන්ගෙ පැටිකිරියට බනිනවනෙ . . . වැඩිමනක් ඕනෙ නෑ දැං බලපං උඹ ඩෝප් එක දාල කකාගෙ පලු ඇරියෙ :D
එහෙම බලද්දි ඔමායගෙ පැටිකිරිය වෙන එවුන් හොයන එකෙයි කකාගෙ පැටිකිරිය උඹ හොයන එකෙයි මහ වෙනසක් නෑ :D :D
ඕනයා .....හේ..හේහ්
Deleteඇයි ඔයාට අවුල්ද
පැටිකිරිය හෙවිල්ලයි . බැනිල්ලයි දෙකක්නේ බං , ඩොප් දාපුවෙලාට නෙමෙයි අමුවෙං ඉන්න වෙලාවටත් මම කාකට බැනල තියනවා . එහෙම කමෙන්ට් එහෙමත් දාල තියනවා . පැටිකිරිය කියන වචනය මෙතනට ගැලපෙන්නේ නැ වගේ බං
බ්ලොග් ලෝකෙ මල් වවන්න ගිහින් ඔයා ඉල්ලගෙන නාගත්තු හැටි මතක නැද්ද අටමෝ..
Deleteකතන්දරගෙ පවුලෙ අයව පාවා දීලා කුණුහබ්බෙන් බැනලා තව ලැජ්ජ නැතුව මෙතන පොරටෝක දෙනවා....
හීනමානෙ වැඩි වුනාම ඔහොම තමා....
මොනවා අටම්පහුර මට බැන්නාද?
Deleteමං ඒහෙම දෙයක් දැකපු බව මතකයේ නෑ. කොහෙම වුණත් මං කිසිවෙකුට සිතා මතා වරදක් කරලා නෑ. නොසිතා වරදක් වුණු බව දැන ගන්නට ලැබිලාත් නෑ.
ඒ නිසා කිසි අවුලක් නෑ.
දැන් කොහේ, කොතැන දී ද ඔය බැන්නේ?
@ AnonymousFebruary 1, 2014 at 5:24 PM -
Delete//.තවත් නාකි හිවලෙකු පත්තර පිටුවක් උගුල ලෙස භාවිත කරමින් ගොදුරු සොයයි//
මචං ඇනෝ උඹ් කවුරු හෝ මගේ උගුලේ ගොදුරක් වෙලා තියනවද? සොරි මචං..
@Monsieur Conteur,
DeleteJe suis confus. Certains disent Naleen Dilruksha un vieux renard ("නාකි හිවලෙකු"). Certains disent Naleen Dilruksha un vieux guêpe ("වියපත් බඹරා"). Qui est le bon?
//කතන්දරගෙ පවුලෙ අයව පාවා දීලා කුණුහබ්බෙන් බැනලා තව ලැජ්ජ නැතුව මෙතන පොරටෝක දෙනවා....//
Deleteඔන්න ඔය චෝදනාව මට කරන්න එපා
මම එහෙම කරේ නැ
කතන්දර මම කියුවේ අර මාව ඔයා බ්ලොග් රෝලෙන් ගලවලා දාපු දවස ගැන බ්ලොග් රෝලෙන් ගලවලා දාපු දවස ගැන
Deleteහරි හරි දැං ඔව්වා කතා කරලා වැඩක් නැ , මිනිස්සුන්ට වැරදි අදුරගන්නයි , වැරදි හදාගන්නයි කාලයක් යනවනේ , ඇයි මිනිස්සු අදුරගන්න . සර්පයන්ගෙයි මිනිස්සුන්ගෙයි වෙනස අදුරගන්න .
ඉස්සර වගේ නෙමෙයි අටම්පහුරත් දැන් කතන්දරවාගේ ''වලියට බර පොරක් නෙමෙයි''
This comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteහාරලා ඉවර වෙලාම කියපං. මම එන්නං පාංසකූලෙට ඕනෙකරන අඩුමකුඩුම ටිකත් අරගෙන
Deleteඅනේ මාතලන්ට මාව අමතක වෙලා. මම ඕමානෙ ඔටුවෙක්..
Deleteහැබැයි කාකා ට තිබුනා මේ ලිපියෙන් මැලේසියාවේ ඉඳන් බෝග දාන / කොමෙන්ට් දාන කට්ටිය ගැනත් ටිකක් ලියන්න
ReplyDeleteෂෙක්.... එතකොට අර හරියට ලියන්න බැරි, තුනපාස්, වල් නාකියා ගැනත් ලියන්න වෙනවනෙ..... මොකද ජපානෙ කිව්වට මූ ඉන්නෙත් මැලේසියාවෙනෙ....
Deleteතුනට ගියෙත් මාස තුනයි බං...
Deleteඋඹට ඔය කතාව කිව්වෙ අර හරක නේද මචන්,,,?
ආ..මට කියන්න අමතක වුනා උඹට ..
Deleteමම යන යන රටවල් ගානේ ප්‍රොෆයිල් එකත් වෙනස් කලොත් උඹල මොනවා නොකියයිද...?
ගැරඩියෙකු ඇදෙනු දුටු හෙයින් පැමිනීමි.අහෝ මේ බුද්ධියෙන් මන්ද වූ වචනයෙන් කුපාඩි වූ නාකි හිස් පඹයෙකු නොවැ ! විසුළු නොම දත් විසුළුකාර මාමණ්ඩිය සමග විසුළු නොකරවු!
Deleteපුදුම ඇම්මක් අනේ ඔයාට...මෙයා..
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteකකා,
ReplyDeleteඔටුව මොනතරන් පරිනත ලේඛකයෙක් උනත් බ්ලොග් වලදි නවකයෙක් නිසා මෙහෙම අත හිත දුන්න එක වටිනව. ඔටුවගෙ බ්ලොග් එකේ හොඳ සංවාද ඇතිවෙයි කියල මාත් බලපොරොත්තුවෙනව.
තාක්ෂනික පැත්ත හදාගන්න මාත් උදව්වෙන්නම්. මොකද ඉතින් පුත්තලමටත් පිටින් ලුනු ගෙනියන්න ඕනවෙන අවස්ථා නැතුවම නෙමෙයිනෙ.
ඇයි ඔටු කතා බ්ලොග් රෝලෙ පේන්න නැත්තෙ?
ප/ලි
Deleteගෝලය ගැන දාපු ඇඩ් එකට ස්තූතියි!
අපිත් වාලුකා කාන්තාරයට ගිහින් බලන්නම්කෝ... ඒ වගේම කකා අලුත් අයට අතහිත දීමත් හුඟක් අගය කරනවා..
ReplyDeleteහොදයි තුශානි.. මම ඊගාව පෝස්ට් එකෙන් ඔයාගෙ බ්ලොග් එක ගැන කතා කරන්නම්.... දිනමිණේ වැඩකරන වියපත් බඹරාට කියලා පත්තරෙත් දාලා දෙන්නම්....
Delete- කතන්දර කාරයා -
හා මචං....ඇනෝ.....මගේ එකකුත් දාලම දියං ඒ එක්ක...
Delete@ ඇනෝ - මගේ බ්ලොග් එක ගැන ඔයා කරදර වෙන්න ඕනේ නෑ....
Deleteමාතලන් කියල තියෙන්නැහෙ ඔටුවා කොහෙ ලියල කොහොම අලවනවද මං දන්නෙ නෑ කියවන්න නං හෙන අමාරුයි.ඉස්සෙල්ලම බ්ලොගේ රෙපෙයාර කරගත්තොත් නං ටොප්.
ReplyDeleteකට්ටියගෙ අදහස් වලට ගරු කරල ඔන්න ඔටුව බැක්ග්‍රවුන්ඩ් කළර් එක අයින් කරල කියවන්න පැහැදිලි තත්වයක් ඇති කරල තියෙනව. අද හවස් වෙත්දි තවත් ලස්ස්සන කරල හැඩ කරල ගනියි කියල බලාපොරොත්තු වෙනව.
Deleteඇයි අද හවස උඹ උන්ගෙ ගෙදර යනවද.... පව් තවත් එකෙක් ඉවරයි....
Delete:D
Deleteඑයා කොමෙන්ට් කරලා තිබ්බා තමයි යනවා කියලා ඔටු යාලුවෙක් හම්බෙන්න :)
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඑහෙමනම් හැම සිකුරාදාම දිනමිණ පත්තරෙයි ඔටුවය් දෙකම බලුවහැකි.
ReplyDeleteපත්තරේ ගන්න ඉස්සෙල්ලා නලියට කෝල් එකක් දීලා බලහන්.. ඌ තාම ලේක් හවුස් එකේද කියලා..
Deleteඉන්නවා ඉන්නවා මට අවුලක් නැත. පරිපාලනයේ වෙනසක් වෙන හැඩක් තියෙන්නේ...
Deleteගිහින් ආවා.. හැදුවහම කියවන්න යනවා..
ReplyDeleteඔටු කතා බලන්ට ඕනි. ඇත්තටම ඒ පැත්තේ යන්ට කල්පනා කරමින් ඉන්නේ. (මම කීවේ ඇත්ත කාන්තාර පැත්තේ ) :D
ReplyDeleteබීට්ල් ඉන්නේ Doha වෙන්ට ඕනි. නැත්නම් Sydney . :D
ReplyDeleteඇයි මේ මම ඉන්නෙත් කාන්තාරේ තමයි නොවැ. හැබැයි ඉතින් ලිපි නෙමෙයි මම පල කරන්නේ පින්තුරණේ. ඒ පැත්ත බලල එන්නම්.
ReplyDeleteකකා, ඹබට බොහොමත්ම තුති. අනෙක් අය අතරට ඹටුකතා ගෙනයන්න තවලමක් වුණාට.
ReplyDeleteඒ වගේම ඉන්දික උපශාන්තටත් ඹටුවගේ ප්‍රණාමය හිමිවෙනවා BLOG එකක් ලියන්න යෝජනා කළාට.
හැමෝගෙම අදහස් නිහතමානීව බාර ගනිමින් ඹන්න කියවීමේ අපහසුව දුරලන්න පසුබිම් වර්ණ ඉවත් කළා.
ඹටුව බ්ලොග් ලිවීමට ආධුනික නිසා හැඩවැඩ ආලවට්ටම් දාන්න තව කල් ගන්න ඹ්නෙ තමයි.
හැමෝටම ස්තූතියි.
මචන්... උඹ රට ඉන්න නිසා කියන්නෙ.... මෙහෙ ඉන්න කැහැටු රිලවෙක්ට උඹව ඉල්ලමක් වගේ පේන්න පුළුවන්.....
Deleteමීමුරේ එක්ක යනවා කියලා රට ඉඳන් බ්ලොග් ලියන උන්ගෙන් ගාන කඩාගන්න බලන් ඉන්න පොරක් ඉන්නවා...... සල්ලි විතරක් නෙවෙයි ගෑනු පුළුටක් පේන්න බෑ...
@Monsieur Conteur,
ReplyDeleteJ'ai visité le blog. Il n'est toujours pas bon. Je voudrais qu'il va s'améliorer. Je souhaite que le blogueur.
ඔවු මචං, උදේ කෑමට පාන් සිරාවටම මැච් වෙනව පරිප්පු හොදි එක්ක. උඹ කියනවත් වගේ අතරමැදින් වතුරබොන්න වෙන එක තමයි අවුල
DeleteThanks Onayaa... !!!
DeleteTambién le dije ahora está bien.
Deleteඋඹට පානුයි පරිප්පුයි බර වැඩියි ෆ්‍රෙන්ච් මචං,
Deleteමැක්ඩොනල්ඩ් එකේ තියනවා " හැපි මීල් " කියල එකක් ඔයාගෙ වයසෙ අයට.. ඒකට පොඩි සෙල්ලම් බඩුවකුත් නොමිලේ .. !!!
@Monsieur Conteur,
DeleteCertains idiots sont ici.
This comment has been removed by a blog administrator.
Deleteඅඩේ ඇනෝ
Deleteටැංකිවු මචං තේරුම් කරල දුන්නට. මට ඔය බාසාව ටිකක් තේරුම් ගන්න අමාරු වෙලා හිටියෙ.
උඩ හරිය කියවන එද්දී මං හිතුවේ නයි අරින කතාවක් කියලා.
ReplyDeleteඅපිත් ගිහින් කියෙවුවා අලුතින් එන අයට අත දෙන එක අගය කරනවා ඔබට .
නයි අරින කතාවක් නෙවෙයි ඔටු අරින කතාවක්.
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඒකි ලංකාවේ හිටියනම් මොනා කියයිද
Delete@Monsieur Conteur,
ReplyDeletePourquoi certains blogueurs sont jaloux des autres?
+++
Deleteස්තුතියි කකා.... ඔබගේ මේ පෝස්ටුව ඔහුට මහත්ම දිරියක් වේවි....
ReplyDeleteඔන්න මම සහෝදර ඔටු කතා අහන්න ගියා . කකාට බොහොම ඉස්තුති හදුන්වා දුන්නට අලුත් බ්ලොග් එකක්.මට මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි උන නිසා මේක මග ඇරිලා වගේ
ReplyDelete