Monday 1 April 2013

බැඳපු අය ගේ විහිළුවක් - For married couples only


මේ මීට වසර කිහිපයකට පෙර කාලයක සිදුවීමකි.

ආසිරි සහ විශාකා යුවලගේ හොඳම මිතුරන් වුයේ සමරේ සහ රමණී යුවලයි.

සමරේ සහ රමණී යුවලට මේ කාලය වෙනවිට දරුවන් දෙදෙනකු සිටියහ. බාලම දියණියට යාන්තම් වසරකි. ආසිරි සහ විශාකා යුවලට සිටියේ එක් දියණියක් පමණි.

සෙනසුරාදා දිනයක් වූ එදින උදැසන ඇඳේ සිටම ආසිරි තම මිතුරු සමරේට දුරකතනයෙන් කතා කලේය.

"මචං, උදේම කතා කලේ පොඩි ආරංචියක් කියන්නයි."

"මොකක්ද මචං?"

"මචං, විශාකා ප්‍රෙග්නන්ට්."

"ආ, කන්ග්‍රැජුලේෂන්ස් මචං!"

"තැන්කියු, තැන්කියු. ඒක නෙමෙයි සමරේ පොඩි උදව්වක් ඕනෑ. විශාකාට ආශාවක් ඇවිත් අර රමණී හදන මාළු ඇඹුල් තියල් එක්ක ඉඳිආප්ප කන්න."

"ආ, ඒක සුලු දෙයක් නේ. මං රමණීට කියලා ලැහැත්ති කරලා හවස් වෙලා ඔය පැත්තේ අරගෙන එන්නම්කෝ."

"තෑන්කියු මචං. එහෙනම් මං තියන්නම්. අන්න විශාකා වමනේ දානවා ඇහෙනවා බාත් රූම් එකේ. මං යන්නම් ඒ පැත්තට."

"හොඳයි මචං, මං තව ටිකකින් කෝල් කරන්නම්."

ආසිරි උදේ පාන්දරින්ම කාටදෝ දුරකතනයෙන් කතා කරනවා නාන කාමරයේ සිටි විශාකාට ඇසුණි. ඇය මද වේලාවකින් නැවත නිදන කාමරයට ආවාය.

"කවුද ආසිරි කෝල් කලේ?"

"මේ සමරේ!"

"ඇයි මොකද මේ උදෙන්ම?"

"පොඩි ගුඩ් නිවුස් එකක්. රමණී ප්‍රෙග්නන්ට් ලු."

"මොනවා, තාම බබාට අවුරුද්දක්වත් ගියේ නෑ නේ. මං නං හිතුවේ ඒ ගොල්ලෝ ළමයි දෙන්නෙකුට වැඩිය හදන එකක් නෑ කියලයි."

"කවුද දන්නේ ඉතිං?"

"ඉතිං මොනවද සමරේ කිව්වේ?"

"රමණීට අර ඔයා හදන ගැටපොලොස් මාළුව එක්ක ඉඳි ආප්ප කන්න ආශාවක් ඇති වෙලාලු. දන්නවනේ මේ කාලෙට."

"ආ, ඒක සුළු දෙයක් නේ. මං දැන්මම හදන්නම්. අපි රෑට සමරේලාට කෑමට කතා කරමු එහෙනං. ඔයා කෝල් එකක් දීලා ඉඳිආප්ප ඕඩර් කරන්න."

තව පැයකින් පමණ රමණීගෙන් විශාකාට දුරකතන පණිවිඩයක් ලැබුණි.

"කන්ග්‍රැජුලේෂන්ස් විශාකා!"

"කන්ග්‍රැජුලේෂන්ස් රමණී!"

ඉන් පසුව ඇති වූයේ අන්දරේ ගේ බිහිරි බිරිඳ ට, රජතුමා ගේ බිහිරි බිසොව හමුවූ දා සිහිගන්වන කතාබහකි.

කෙසේ වෙතත් මේවන විට පොලොස් ලිපේය. සමරේ මාළු ගේනනට ගොසිනි. ඉඳිආප්ප ඇණවුම් කර අවසානය.

එදා අප්‍රියෙල් පළමුවෙනිදා රාත්‍රියට රමණී සහ සමරේ යුවල ද, විශාකා සහ ආසිරි යුවල ද මාළු ඇළුල් තියල් සහ ගැටපොලොස් මාළුව සමග ඉඳිආප්ප රස වින්දාහ.

-කතන්දරකාරයා

ප/ලි:
සියලුදෙනාටම විනෝදාත්මක අප්‍රියෙල් පලමුවෙනිදාවක් වේවා!

82 comments:

  1. කකාට විනෝදබර අප්‍රියෙල් පළමු වැනිදාවක් වේවා.!

    ReplyDelete
  2. කකාටත් සුබ මෝඩයන්ගේ දවසක් වේවා!

    ReplyDelete
  3. අන්න විහිලු. ඇස් රතු කරගෙන මාලු ඇඹුල්තියල් ගැටපොලොස් සමග ඉඳි ආප්ප කන්න ඇති ඇයි අනිත් දෙන්නා ඒ ගොල්ලො සෙලිබ්‍රේට් කරන විදියට සෙලිබ්‍රේට් කලේ නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. මේ කතන්දරේ පොඩ්ඩක් විතර නිර්මාණාත්මක එකක්!

      Delete
    2. ඒ තරම්ම නිර්මාණාත්මක නෑ. වෙන බ්ලොග් වල ඔයිට වැඩිය නිර්මාණාත්මක දේවල් ලියැවෙනවා. ඒවා හරියට ළිඳ ළඟ සංගමේ කතා වගේම රසවත්.

      Delete
    3. නිර්මානාත්මක යන්නෙන් මා අදහස් කලේ මේ කතාවේ කොටසක් ගෙතූ එකක් බවයි.

      Delete
  4. කතන්දර බ්ලොග් එක කියවන අපිට හැමදාම අප්‍රියෙල් පළවෙනිදා වගේ නෙහ්..
    නියම විහිලුව !!
    අද මම 1 ද ?

    ReplyDelete
    Replies
    1. අද මම එකද?
      ඔව් අද දවසේ එහෙම හිතෙනවා.

      Delete
    2. මං එක, මං එක කියන්න ගිහිල්ලා අරෙහෙ එක්කෙනෙක් මදියි නොකියන්න පාඩම් ඉගෙන ගත්තා මතක නැද්ද? අදනම් උඹලගෙම දවස තමා!

      Delete
  5. මේ බැඳපු අයගේ විහිලුද? :D:D:D

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මේ මෝඩ විහිලුවෙන් හිතාගන්න බැරිද බැඳපු අයගේ විහිලුවක් කියලා.

      Delete
    2. බැඳපු නැති අය ප්‍රෙග්නන්ට් වුනොත් එතන එච්චර විහිළුවක් නෑ නේද?

      Delete
    3. බැඳපු නැති අය බැන්දාය කියලා බ්ලොග් පෝස්ට් වැටෙනවා වගේම තමයි ඒකත්. කිසිම විහිළුවක් නැහැ.

      Delete
  6. very poor show

    ReplyDelete
    Replies
    1. The standard was purposely lowered today to suit your level of intelligence.

      That's my birthday gift for you!

      Delete
  7. APA TA VINODAYA LABENNE KAKKA THUMA EKA PALIYE DAGENA, KAIPADA KARA THABA GENA YANAKOTA, JOKA IRILA, CHOO, PADA, JEE, SUKRA, OKOMMA EKATA YANA WITAAI.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කෝම කැපිටල් නැතුව ලියන්න බැරිද අන්කල් අදවත්? මේක නිකං හරියට ඉංගිරිස් බැරි එකෙක් ලිව්ව ටෙලිගිරං එකක් වගෙයිනේ.

      Delete
    2. nice comment mate !

      Delete
    3. "මේක නිකං හරියට ඉංගිරිස් බැරි එකෙක් ලිව්ව ටෙලිගිරං එකක් වගෙයිනේ."

      +++++

      මෙන්න පහක්!

      Delete
  8. හොද විහිලුවක්......
    බ්ලොග් අවකාශෙ මේ වසරේ ජනප්‍රිය විහිලු මේවායි.....

    මද සරුභාවය උශ්ණම් නිසා හටගනී.....

    ඩිම්බ මේරීම හා මෝචනය නිවුටන්ගේ ශක්ති සන්ස්ථති නියමය මගින් පහදා දිය හැක..

    ඝනත්වය වැඩි වායුවක (දුම්මල දහනය වූ වායුවේ ) ශබ්දයේ වේගය වැඩිවේ....

    සියලු ඇනෝ කොමෙන්ට් දමන්නේ ( මෙම කොමෙන්ටුව ඇතුලුව ) කතන්දර, අභීත, ඕනයා, වැපා........

    ප්‍රොෆයිලයෙන් කොමෙන්ට් දමා මැකීමෙන් බ්ලොග් ලියන්නා කවරෙක්ද යන්න සොයා ගත හැක......

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඔය කියන කේස් එක හැබෑටම.

      මටත් ආරංචි වුනා මංතුමාව මොකක්ද බ්ලොග් එකකට පටලවාගෙන කට්ටියක් ලේ කෝප කරගන්නවාය කියලා.

      අද ඒ අයට කරදර කරන එක හොඳ නෑ, ඔහේ උපන් දිනේ සමරා ගත්තාවේ!

      Delete
    2. /මද සරුභාවය උශ්ණම් නිසා හටගනී.....
      ඩිම්බ මේරීම හා මෝචනය නිවුටන්ගේ ශක්ති සන්ස්ථති නියමය මගින් පහදා දිය හැක..
      ඝනත්වය වැඩි වායුවක (දුම්මල දහනය වූ වායුවේ ) ශබ්දයේ වේගය වැඩිවේ..../

      එයාට තාම බැරි වුණේ එඩ්ස් වලට බෙහෙතක් හොයා ගන්න විතරයි. ඔහොම ගිහින් හොයා ගනීවි ඒඩ්ස් හැදෙන්නෙත් ඌෂ්ණම් නිසාය කියලා.

      Delete
    3. මේ ප්‍රකාශ තුන කරේ දෙදෙනෙක් විසින්.....

      Delete
    4. // ඝනත්වය වැඩි වායුවක (දුම්මල දහනය වූ වායුවේ ) ශබ්දයේ වේගය වැඩිවේ.... //

      මේ ප්‍රකාශයට සම්බන්ධ තැනැත්තා මම වුවත් නිහඩව සිටියේ සෛද්ධාන්තික භෞතික ව්ද්‍යා නියමයකින් ඇනෝවෙක් පෙන්නා දුන් තර්කය සාධාරණත්වයක් තිබූ බැවිනි.ඇනෝගේ එම කමෙන්ටුව නැවත පහත දක්වමි.

      //

      AnonymousJanuary 1, 2013 at 8:55 AM
      @ jhothisha lanka

      In general, the speed of sound c is given by the Newton-Laplace equation:

      where

      c = root (K/p)
      K is a coefficient of stiffness, the bulk modulus (or the modulus of bulk elasticity for gases),
      "P" is the density
      Thus the speed of sound increases with the stiffness (the resistance of an elastic body to deformation by an applied force) of the material, and decreases with the density.
      Further,
      C(ideal) = root (gama* K. T./M)

      At standard temperature and pressure, the density of carbon dioxide is around 1.98 kg/m3, about 1.5 times that of air.

      දුම්මල දහනයේ මූලික අතුරු පලය කාබන්ඩයොක්සයිඩ් වායුවයි... ඝනත්වය වැඩි වායුවකින් ශබ්දය ගමන් කරද්දී එහි ප්‍රවේගය අඩුවන බව මුලින්ම ඔප්පු කරේ අයිසැක් නිව්ටන් විසින්.....

      ඔබට නොබෙල් සම්මානය දීමට මා යෝජනා කරේ මෙම නියමයට පටහැනි වූ ඉහත නියමය ඔබේ බ්ලොගය හරහා මාධ්‍ය වෙත ප්‍රකාෂ කිරීමත් සමගයි.....

      මෙම නියමය ජෝතිශ්‍යයේ එන මූලික සිද්ධාන්තයක් දැයි මා දන්නේ නෑ....

      නමුත් ඔබලා ප්‍රකාශ කරන අනෙක් බොරු අනාවැකි මෙන් විද්‍යාත්මක සත්‍යන්ද බොරු කරන්න හදන්න එපා.....

      //

      ඇනෝ කිව් පරිදි දුම්මල දහනයේ ප්‍රධාන ඵලය වූ කාබන්ඩයොක්සයිඩ් වායුවේ ඝනත්වය සාමාන්‍ය වාතයේ ඝනත්වයට වඩා වැඩි වීම නිසා වායුමය මාධ්‍යයක ශබ්දයේ වේගය
      (ideal gas Low)
      c = √(γRT/M)

      R is the universal gas constant 8314.32 J/K-kmol and M is the molecular weight in kg
      T is the absolute temperature in K

      කාබන්ඩයිඔක්සයිඩ් වාතයේ මවුලික ස්කන්ධය සාමාන්‍ය වාතයේ එම අගයට වඩා වැඩි නිසා ඝනත්වය ගැන පමනක් සලකා බැලූ විට කාබන්ඩයොක්සයිඩ් වැඩි දුම්මල මුසු වාතයේ ශබ්ද තරංග වේගය අඩාල වන බවට තර්ක කරන්න පුළුවන් වුවත් මෙම සමීකරනය භාවිතා කරන්නේ සම්මත උෂ්නත්ව පීඩන තත්ත්වයට අදාලවයි.දුම්මල දහන වාතයේ හා සාමාන්‍ය වාතය අතර උෂ්නත්ව හා පීඩන වෙනසද සැලකූ විට වැඩි උෂ්නත්වයක් හා පීඩනයක් ඇති දුම්මල දහනය වූ වාතය හා සාමාන්‍ය වාතය අතර (γRT) අනුපාතයේ වැඩිවීම M වල අනුපාතයේ අඩු වීමට වඩා වැඩි වන අවස්ථාද ඇත.
      එබැවින් මගේ ප්‍රකාශය “බ්ලොග් අවකාශෙ මේ වසරේ ජනප්‍රිය විහිලු“ ගොන්නට දැමීම විහිළුවකි.මෙම සිද්ධියට අදාල පෝස්ට් එක කියවා මෙවැනි සියුම් තැනකින් අල්ලා උපහාසයක් එල්ල කල ඇනෝ නම් සැබෑ දක්ෂයෙකි.

      (මීට අදාල පෝස්ට් එක)
      වස් කවිය




      Delete
  9. අද දවස ඔබ වැනි අයගේ සහ මගේ දවසයි.
    ඔබ කිසිම රසාස්වාදයක් නොමැති පෝස්ට් ලියන අතර මම ඒ සියල්ලම කියවා දමයි.
    සුබ මෝඩයන්ගේ දවසක් කකා !!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. කකා කිසිම රසාස්වාදයක් නැති පෝස්ට් ලියන අතර අපි ඒවා කියවා කිසිම රසාස්වාදයක් නැති ඇනෝ කමෙන්ට් දමමු. තමන්ගේ පෝස්ට් මාරයැයි කකා සිතා සිටින අතර අපේ ඇනෝ කමෙන්ට් මාර යැයි අපි සිතා සිටිමු.

      ඒ නිසා අද දෙගොල්ලන්ගේම දවසය!

      හැබැයි ඉතින් අනෙක් එවුන් එහෙමවත් දෙයක් අපට ලියන්න දෙනවයැ! උන්ට වෙනම වේ*** පුතාලාගේ හා වේ*** දුවලාගේ දිනයක් නිර්මාණය කිරීමට යෝජනා කරමි.

      Delete
    2. අද ඔබේ දවස නිසා මා ඔබ ගැනම සිතා කතන්දරයේ තත්වය අඩුම මට්ටමට ගෙනාවා, දැන් ඔබටත් අන් හා සමග සමානව රස විඳිය හැකියි.

      Delete
    3. ගව් ගනන් ගෙවා ආ අහස්-ගව්ව
      මාරසරණියෙන් බැට කෑ හැටි.

      Delete
  10. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උබ විතරයි මචං අඩුවකට හිටියේ. දැන් ඒකත් හරි නේ !!

      Delete
  11. අප්‍රෙල් 01, මේ ගිය අවුරුද්දේ කතාවක් වෙන්න ඇති නේද? අද දවසනම් වෙන්න බෑ. තව හවස් වුනෙත් නෑනේ. සමරේ යනු කතන්දරම ද?

    ReplyDelete
    Replies
    1. /මේ ගිය අවුරුද්දේ කතාවක් වෙන්න ඇති නේද? අද දවසනම් වෙන්න බෑ. තව හවස් වුනෙත් නෑනේ./

      අන්න බලන්න නිර්මලාට විතරයි ඒක තේරුණේ. කොයි තරම් බුද්ධිමත් බ්ලොග්කරුවන්/කාරියන්ද ඉන්නේ මේ බ්ලොග් අවකාශයේ? මේක අශ්චර්යයක් නෙවෙයිද හසන්ත?

      Delete
    2. @ Nirmala Madushani
      දෙවෙනි පේලියේ ඉඳලාද කියවන්න පටන් ගත්තේ?

      Delete
  12. හොද අයිඩියා එකක් කතන්දරගෙන් , ඔන්න කරනවානම් වැඩක් .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ප්‍රෙග්නන්ට් කරනවා නම් පොඩ්ඩක් හිතලා බලලා කරන්න.

      Delete
  13. kakage blog eka Modayaku wisin, Modayan sandaha, pawathwagena yana moda kathawalin piri moda blog ekak.Not to worry.

    ReplyDelete
    Replies
    1. ඔහේ ආවායින් ඔන්න ඒක සම්පුර්ණ වුනා!

      Delete
  14. පිරිමින්ට ඉඳියාප්ප කන්න ඕන උනාම ගෑනු ප්‍රෙග්නන්ට් කරන එකනං නියම විහිළුවක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කරනවා හෙම නෙමෙයි ඕං!

      Delete
  15. රසවත් හමුවක්... :D

    ReplyDelete
    Replies
    1. ඇයි මාඋු ඇඹුල් තියල්, ගැට පොලොස් පැහි සහ ඉඳිආප්ප, ඒවාත් රසවත්!

      Delete
  16. කවුද හැම කමෙන්ටුවකටම පහලින් ඇනෝ කමෙන්ට් එකක් දාපු මෝඩ ඇනෝ හිපාටුවා ??
    අද දවස වෙනුවෙන්ම ආනයනය කරපු හිපාඩු ඩයල් එකක් ද ? එසේත් නැත්නම් ඒ මේ බ්ලොග් එක කරගෙන යන කතන්දරකාරයාම ද ?

    ReplyDelete
    Replies
    1. ඔහේත් නොවෙයි නම් ඔහේගේ නෑදෑයෙක් වෙන්න ඕනෑ.
      එකම සර්නේම් එකනේ තියෙන්නේ!

      Delete
  17. දවසට කැපෙන කතාවක්... මේක කාට හරි කරල බලන්නත් හැකියි තමා... සුබ දවසක්..

    ReplyDelete
    Replies
    1. දොළදුක හොඳට අලෙවි වෙනවා!

      Delete
  18. අද බ්ලොග් අවකාශයට රස සරණිය හඳුන්වා දී තම කෑම පිඟාන පවා ඡායාරූප ගත කර බුකියට අප්ලෝඩ් කල අපේ කාලයේ වීරවරයෙකුගේ උපන්දිනය වේ !!

    සුබ උපන්දිනයක් වේවා වීරවරයාණනි !!!!

    ReplyDelete
  19. හ්ම්ම් ඉඳිආප්ප, මලු ඇඹුල් තියල්, පොලොස්. කියනකොටත් බඩගිනිවෙනවා.
    අලුත් බ්ලොග් ලියන්නියක් විදියට කතන්දරගේ ගෙදරට මුලින්ම ආවා. මගේ මුල්ම කමෙන්ටුව.

    ReplyDelete
    Replies
    1. හොඳයි, හොඳයි, ආයුබෝං එහෙනං.
      ඔයා මොන පුවත්පතේ කතුවරියක්ද?

      Delete
    2. ආ, මෙයා නවකතා කතුවරියක් නේ!

      Delete
  20. කාලෙකට පස්සේ කතන්දරයක්...

    ReplyDelete
    Replies
    1. ඇයි අභ්‍යාවකාශයේ කොයි හරියේද ගිහින් හිටියේ මෙච්චර කල්?

      Delete
  21. බඩට හරි වාසියිනේ මේ වගේ විහිළු :)

    ReplyDelete
  22. නියම කතාවක්..

    ReplyDelete
  23. kako eekama thami mama kiyala thiyenne. you are a tom fool you dont understand that. mama ena issella eeka sampoorna wela . + Ano 11.51 a.m.

    ReplyDelete
    Replies
    1. මෝඩකමේ ප්‍රතිමූර්තිය වෙන ඔබ නැතුව කෙලෙස නම් මෝඩයාගේ දිනය පරිපුර්ණවෙන්නද අංකල්?

      Delete
  24. 11.26 a.m. Ano comment eka kakka gen.

    ReplyDelete
  25. MATA UNCLE KIYANNE KAKKA WITHARI, KISIMA ANO KENEK MATA UNCLE KIYANNE NEHE. EEKEN OPPU WENAWA KAKKA ANO COMMENT DANA BAWA.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ලොකු හිල් සහිත ලොජික් වලට යෑමෙන් ඔප්පු වෙන්නේ අද ඔබගේ දිනය බව මිස අනෙකක් නොවේ!

      Delete
  26. මටත් ඉඳි අප්ප කන්න ආසාවක් ආවා මේ ක්‍රමේ අත්හදා බලන්න තිබ්බා බැඳලා හිටියා නම් :P

    ReplyDelete
    Replies
    1. පොඩි එවුනත් නරක් වෙනවා වගේ. මට මේක ඇඩල්ට්ස් ඔන්ලි කියලා දාන්නයි තිබුනේ!

      Delete
  27. දුරඛතනය නොවේ,දුරකතනය යි .
    සුබ උපන් දිනයක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. [දුරකතනය] හැදුවා ස්තුතියි.

      මං නේද මුලින්ම ඊයේ සුභ පැතුවේ ඇනිවසරි එකටයි, උපන්දිනේටයි දෙකටම?

      Delete
  28. Vanchawa Boruwa penwa denawita penenne pissan wageda ?

    ReplyDelete
    Replies
    1. ඔබ පෙන්වා දෙන්නේ ඔබේ අණුවන කමයි. දිහින් දිහටම එය වඩ වඩාත් නිරාවරණය වේ!

      Good night and sweet dreams. I am off. See you tomorrow.

      Delete
  29. oba karana boruwa saha wanachawa dan hamatama penuna. meya follow karana aya therum gaththa.

    ReplyDelete

  30. blog lokaye lokuma anuwanaya kaka misa wena kawuruwath nowe. ohuma eya ada oppu kala.

    ReplyDelete
  31. කකා යනු,
    යකෙක් රකුසෙක් නොව,
    හිස් පඹයෙකි.

    ReplyDelete
  32. අනී..... සොරි මෙයා. මට ඔයාට විශ් කරන්නත් බැරි උනා නෙ.
    සුබ උපන්දිනයක් වේවා කකා !!!

    -හුරතල් ඇනී-

    ReplyDelete
  33. Hi hi :-)
    Apith dunna eeye lanu dekathunak..

    ReplyDelete
  34. //මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. //

    කකාගේ මෙම ඉල්ලීම කිහිප විටක්ම මා අතින් බ්දී ඇත.කමා වෙව!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ.ඔබ කමෙන්ට් කරන්නේ ඔබේ බුද්ධි මට්ටම අනුව නේ. කකා ඒ ගැන අහිතක් හිතන්නේ නෑ. කමෙන්ට් කිරීමයි වැදගත්. පොස්ට් එකේ කමෙන්ට් ගනන මිසක් කමෙන්ට් වලින් කියන දේ වැදගත් නෑ.

      Delete
  35. මම හිතලම මේ පෝස්ට් එක මග ඇරියා දවස හරි නැති නිසා ..
    කොහොමද මගේ මොළේ ..

    ReplyDelete
  36. ලබන සැරේ අප්‍රේල් 1 වෙනිදටවත් මේ වගේ ගේමක් දෙන්න ඕන.මේ සැරේ දුන්නු ලනු ඔක්කොම දිරච්ච එව්වා...ඔක්කොම අතේ මාට්ටු උනා....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.