Friday 19 April 2013

සිත් සන්තොසින් ගුවනේ දී බැඳි හාද - KK's movie marathon


ඔන්න පත්තරකාරයෙක් යනවා පුහුණු වැඩසටහනකට බටහිර ජර්මනියට. ඒ වැඩසටහනට සහභාගීවෙන්න එන ඉන්දියන් ගෑණියෙක් එක්ක මේ පොර සෙට් වෙනවා.

සෙට් වෙනවාය කියන්නේ අහවල් එක කරනවා කියන එක නොවෙයි, නිකං ලාමක කේස් එකක්.

ඔය කතාව තියෙන්නේ සිත් සන්තොසින් ගුවනේ දී බැඳි හාද කියන නවකතාවේ. ඒක ලියුවේ ගුණදාස ලියනගේ නම් පුවත්පත්කලාවේදියා.

ගුණදාස ලියනගේ ගේ මං කැමතිම නවල් එක තමයි දෝන කමලාවතී.

ඒ වුනත් මට මේ සිත් සන්තොසින් ගුවනේ දී බැඳි හාද කියන නවකතාව සිහිවුනේ මේ ලඟදී දුරු රටකට ගුවන් ගමනක් ගිය නිසයි.

මේ ගමනේ දී මට අබුඩාබියේ ට්‍රාන්සිස්ට් එකක් තිබුණු වෙලේ ගත්තු ෆොටෝ එකක් මං කලින් පෝස්ට් එකේ දැම්මා.

මේ වාගේ දුර ගුවන් ගමන්වලදී මං සිත් සන්තොසින් හාද බැඳ ගන්නේ චිත්‍රපටි එක්කයි. සාමාන්‍ය දවස්වල මට මූවි එකක් බලන්න පැය දෙකක් ගත කරන්න කාලය හොයා ගන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.

කලින් දවසක මං කළා වගේම මේ පාරත් මං මූවි මැරතන් එකක් දැම්මා.

මෙන්න මං බලපු විත්‍රපටි කිහිපය.

1. ස්කයි ෆෝල් - ජේමිස් බණ්ඩා
2. කැසිනෝ රොයාල් - ජේමිස් බණ්ඩා
3. ආබිටේ‍ර්ජ් (රිචර්ඩ් ගියර්)
4. ලයිෆ් ඔෆ් පයි

ඔය හතරම බලන්න වටින විත්‍රපටි. බීට්ල් බෙයිලි ගේ 2012 නැරඹිය යුතු චිත්‍රපටි ලයිස්තුවේ නම් තිබුණද මන්දා?

මීට අමතරව එටිහාඩ් ගුවන් සේවය සඳහා සකසා තිබුණු සුන්දර චන්දරේ කියන ටෙලි මූවි එකකුත් බැලුවා. ඒකත් නරකම නෑ, හොඳ රඟපෑම්. ඒත් කතාව මගින් ඉවරවුණා!

වැඩි විස්තර පසුවට.

-කතන්දරකාරයා

ප/ලි
සිත් සන්තොසින් ගුවචනේදී බැඳි හාද පොතේ තියෙන පොඩි අතුරු කතාවක්.

කතානායකයාට බටහිර ජරමනියේදී මුණ ගැහෙනවා ජරමන් යුවලක් බුදු දහම වැළඳගත්. ඔවුන් නිතර භාවනා කරන බව අසන කතානායකයා මට ආසයි බලන්න. පොඩ්ඩක් භාවනා කරලා පෙන්නන්න බැරි කියලා අහලා අම්බානක නානවා!


(image: http://www.oomyco.com/comics/2013-01-16-01-16-2013-Mile-High-Club.jpg)

47 comments:

  1. එතකොට 21 ගුටි කන්න එන්නෙ නැද්ද.... හූ හූ.... නාකි ඔක්කොම බයවෙලා.....

    ReplyDelete
    Replies
    1. පල කබ්බෝ යන්න !
      නිදන් ඉන්න සිංහයන්ව ඇහැරන්න එපා ගොනෝ !
      තොපි ඔහොම හූ කියන්නේ අපි නැගිටලා එනකන් විතරයි.
      තොපි කීබෝඩ් එක ඉස්සරහා වීරකම් දක්වන බ්ලොග් කබ්බෝ !

      Delete
    2. අනා ඩාලින් ඔයා එන්න මෙයා ප්‍රොෆයිල් එකෙන්... අපි නම් බයයි.... ඒත් ඔයා ප්‍රොෆයිල් එකෙන් ආවොත් දෙන්නම් තෑගි පිට තෑගි 21 උදේ ඉදලම...

      Delete
    3. 02) ජාතික තරුණ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වන විනය නීති මාලාවක් පවතින අතර එහි ආරක්ෂාව පිලිබඳ කටයුතු කරනු ලබන්නේ එහි ආරක්ෂක අංශය මගිනි. එබැවින් සයිබර් සිහින උළෙලට බාධා විය හැකි හැසිරීම් වලින් වැළකී සිටින මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

      හුක්කි හුක්කි හූඌඌඌඌඋ

      -කැලාවේ නරියා

      Delete
    4. හික්... හික්... මෙව්වා දැක්කම අපිට නම් හිනා යනවා කකා... ඔයාට එහෙම නැද්ද? පොර ටෝක් දෙන කස්ටියම බය වෙලා බිජු බර වෙච්ච කුකුල්ලු වගේ දගලනවා....

      Delete
    5. උඩ ලතෝනි දෙන ඇනෝ නරියෙක් නොවැ

      Delete
  2. මම නම් හිතුවෙම ගුවන් සේවිකාවක් එක්ක ලාමක මොනා හරි උනාද දන්නේ නෑ කියලා. නිකං බලලා හිනාවෙනවා වගේ.:)

    ReplyDelete
    Replies
    1. නෝනා ඉන්නැද්දි ඕවා කරන්නේ කොහොමද කෙල්ලේ.
      එහෙම කලොත් කතන්දර හාමිනේ, කකාගේ කන මිරිකනවා නෙහ් !!

      Delete
  3. ගුණදාස ලියනගේ ලියපු පොත් හැම එකකම තිබුණා "ගු ලි ගේ පොතක්" කියලා.

    "දෝන කමලාවතී" හරිම ලස්සනය්. විශේෂයෙන්ම එකෙතිබුන අනුරාගී කොටස් තාම මතකය්.....

    ReplyDelete
    Replies
    1. පහේ හයේ කාලෙ අපිට තිබ්බ වැල තමයි දෝන කමලාවතී, සුද්දිලාගෙ කතාව, අයෝම එහෙම.

      Delete
    2. සල්ලි ලැබුනද? මොක දැන් ඒ ගැන වැඩි කතාවක් නැත්තේ?

      Delete
    3. සල්ලි කොහෙ ලැබෙන්නද. ඒ හින්ද සද්දෙ අඩුකරල වැඩ වැඩි කරන්න හිතුව.

      Delete
    4. මචං මම මේ පොත පොඩි කාලේ කියෙව්වේ. පුස්තකාලෙකින්. මම මේ පොතට පිස්සු හැදිලා හිටියේ. මම හැම තැනම පොත හෙව්වා. ගන්න තැනක් නෑ.හොද වෙලාවට ඔයාගේ blog එක දැක්කේ. මගේ ජිවිතේ කොටසකුත් මෙකේ තියනවා. මට පුලුවන්නම් පොත ගන්න තැනක් කියන්න. ලොකු උදව්වක්

      Delete
  4. කකා බලන්න. ශ්‍රී ගෞතම සිද්ධාර්ථ කියන ෆිල්ම් එක. මේ වයසට ඔය වගේ චිත්‍රපටි තමා හොඳ.
    අද මම 1 ද ?

    ReplyDelete
    Replies
    1. මම අද එකද? ඔයාටත් කකා එක්ක මෙව්ව එකක් පටන් ගන්න හිතිලද එකද එකද කියල අහන්නෙ?

      අනේ මේ ලමයි දෙන්නෙක් ඉන්න තාත්තව අමාරුවෙ දාන්න එපා.... තනිකඩයෙක් අල්ල ගන්න.....

      Delete
  5. කතන්දර දැන් සුමානයක් වෙනවා. තාම උඩු ගුවනෙද? මෙයාලා වෙන ග්‍රහ ලෝකෙකට යනවද මන්දා...:D

    ReplyDelete
  6. දෝන කමලාවතී වගේද රසික සූරියාරච්චිගෙ පොත්..... පුහ්...බුහ්.... බ්වෑක්... ඕක්....

    ReplyDelete
  7. වැල් වටාරම් තමයි මට අල්ලන්නෙම නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. කාගෙ වැල් වටාරම්ද?

      Delete
    2. නමක් ගමක් නැති ඇනොගේ

      Delete
  8. ගුණදාස ලියනගේ ගේ "තෙවෙනි සිල්පදය නොකඩමි" කියන පොත කියවලා නැද්ද?
    මන් නම් කැමතිම ඒකට

    "සිත් සන්තොසින් ගුවනේ දී බැඳි හාද" පොතත් තියෙනවා ඒත් තවම කියවන්න නම් බැරි උනා

    ReplyDelete
    Replies
    1. ඒ පොත කියවලා තියනවා වගේ මතකයි.. අර උපාසිකාවක් හාමුදුරුවන්ගේ පස්සේ එන කතාවද?

      Delete
  9. නියම පොත් සෙට් එකක් තියෙනවා. ඒ පොත් සෙට් එකට ගු ලි ගේ පොත් පරාදයි

    1. ආනන්දේ තමයි ඉස්කෝලේ. සිව් වසරක් මරදානේ.
    2. දකුණු කුරු දිව් කවි
    3. තිසර තරණ
    නියම පොත් සෙට් එක. මම නම් ආසම පලවෙනි පොතට. ඒ පොත මරදානේ දයාවංශ එකෙන් ගන්නත් පුලුවන්. පට්ට පොත !!!

    ReplyDelete
  10. ගුණදාස ලියනගේ මහත්මයා ගේ “ගුවනින් ගිය ගොඩයා“ කියවල තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. අපේ කකාට ගොඩයා කියන්න එන්න එපා හරි ද !

      -හුරතල් ඇනී-

      Delete
    2. @හුරතල් ඇනී - මම ගුලි ගේ පොතක නමක් මතක් කළා විතරයි.

      Delete
  11. කකා කාල තියනවද වැන්ඩවෙන්ඩෙස් විකුණන නැවුම් අයිස් ක්‍රීම්?
    ඇමෙරිකාවේ දුම්රිය මාර්ග සහ ස්ටේෂන් මුලින්ම හැදුවේ ආණ්ඩුවක් නෙමෙයිකියල කකා දන්නවද?

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව නොවේද? ඉතින් අපිට මොකෝ.

      Delete
    2. ඒ වගේ උගත්/වැදගත් මනුස්සයෙක් ලියන හරවත් ලිපි කියවල අපිට ගත හැකි දේවල් කොපමනද ඇනෝ ල?
      නයි කතා වගේද මෙයා ලා?

      Delete

  12. කකා අර පින්තූරේ තියෙන ප්ලේන් එකෙන්
    වැටෙන්නේ හා පැටව්ද ..?

    ReplyDelete
  13. අර හතර වෙනි සෝ එක බ්ලූ ෆිල්ම් එකක් වෙන්ටෑ....

    ReplyDelete
  14. හොද ෆිල්ම් ටිකක්නම් ගොඩ දාල තියනවා වගේ!

    ReplyDelete
  15. එටිහාඩ් එකේ ඇයි සිංහල ටෙලි මූවි යන්නේ? දන්නේ නැති හින්දා ඇහුවේ.ඔය කිව්ව අනිත් ෆිල්ම් සෙට් එකම මම බලලා තියෙනවා.

    ReplyDelete
  16. Anybody should get a break. So you've given a break. Enjoy it.

    ReplyDelete
  17. කතන්දර, ඔබට සුබ නව වසරක් වේවා. මගේ ළඟ තිබෙනවා මෙතෙක් බිහිවූ සියලුම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි වල ඩී.වී.ඩී. එකතුවක්. මෙතෙක් මා දුටු දුර්වලම/විකාරරූපී/අභව්‍ය/අසාර්ථක/ ජේම්ස් බොන්ඩ් තමයි දැන් ඉන්න ඩැනියෙල් බණ්ඩා. සීන් කොනරිගෙන් පස්සේ මගේ සිත්ගත්තේ රොජර් මුවර් විතරයි. 1960 දශකයේ සිට 1990 දශකය දක්වා මා ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි බැලුවේ සිනමාශාලා වල. ඊට පස්සේ මගර් පෞද්ගලික හෝම් තියටර් එකේ.

    ගුණදාස ලියනගේ ගෙ පොත් ඔක්කොම කියවලා තියනවා. දෝන කමලාවතී කියන්නේ ලංකාවේ එක්තරා සුප්‍රකට චරිතයක් කියලා අසා තිබෙනවා. අර තොරමාලු කතාව. පිහියක් මිලදී ගැනීමේ කතාව හරිම තාත්විකයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  18. ඌන පූර්ණය. මම උසස් හමුදා පුහුණුව සඳහා ඉන්දියාවට යනකොට ඒ කාලේ එයාර්ලංකා එකේ හිටිය සුන්දර ගුවන් සේවිකාවන්ගේ රූපශ්‍රීයෙන් මත්වුනා. නමුත් ඉන්දීය ගුවන් සේවිකාවන් දැක්කම හිතුනේ නන්ද කුමාරයා දැක්ක දර්ශනයේ ස්වභාවයයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒ මොකද කියනවා නම් , ආත්ම ගෞරවයක් තියෙන තමන්ගේ කාන්තාවන්ට ගෞරව කරන මිනිස්සු (හැමෝම නෙමේ වැඩි ප්‍රතිශතයක් ) උන්ගේ ඇහැට කනට පේන ගෑනුන්ව නන්නාදුරන මිනිස්සුන්ට ටොපි චොකලට් අල්ලන්නවත් වැසිකිළ හෝදන්න වත් යවන්නේ නැති නිසා. ගුවන් සේවිකාවන්ට සිදුවන අනියම් සහ ඍජු ලිංගික හිංසා ගැන ඔවුන් දන්නවා. ඔවුන් ඒ නිසා ඒ ඔවුන්ගේ කාන්තාවන් ගැන සැලකිලිමත්.

      ඉන්දියාවේ ඒ වගේ ජොබ්වලට යන්නේ ටිකක් වයසක , දුප්පත් වෙන දෙයක් කරන්න බැරි ගැහැනුන්. ඔබගේ නිරීක්ෂණයට හේතුව එයයි.

      Delete
    2. සිද්ධාර්ථ වගේ අය්යා කෙනෙක් හිටියා නම් රහත් වෙන්න තිබුනා.

      Delete
  19. lamaka jin jin da?

    ReplyDelete
  20. SITH SANTHOSIN GUWANE YANAKOTA UNATH JOKA IRENAWA, GONA KANUWE YANAWA, ETHKOTA PADA, CHOO, JEE, SU KRA YANAWA. KAI PADA KOHOMADA GENIYANNE ?

    ReplyDelete
  21. moo mechchara thatamala thatamala kiyanne plane eke giya kiyana ekane.

    ReplyDelete
  22. ආර්ගෝ, ඩිසෙන්ඩන්ට්ස් එහෙම තිබ්බේ නැද්ද? මට නම් ජේමිස් බන්ඩා මූවි එච්චරම දිරවන්නේ නැත... ඩ්‍රාමා කැටගරියේ ඒවට තමා කැමති.

    ReplyDelete
  23. මිනිහෙක් දවසක්දා ගෑනිත් එක්ක රණ්ඩුවකදී.............

    බිරිඳ - මට තමුසෙත් එක්ක ඉන්න බෑ. මම වහ ටිකක් මැරෙනවා.
    සැමියා - උඹ මැරුණට කමක් නෑ. බස මරන්න එපා. හරියට කියල මැරියන්.
    මම වහ ටිකක් බීල මැරෙමි. අන්න එහෙම.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.