Monday 8 April 2013

ඇනෝනිමස් පුදුම ආතල් - Get a life mate!


වෙබ් එක වනාහී අරුම පුදුම තැනකි. මෙතනට ඇබ්බැහි වුනොත් ඉන් ගැලවීමක් නැත. මේ ගැන මා කලින් ලියු කතන්දරයක් මෙතනින් බලන්න.

බ්ලොග් ඇබ්බැහි රෝගය - Blogcoholic Anonymous: http://kathandara.blogspot.com/2012/09/blogcoholic-anonymous.html

අපේ පුතා ගේ වයස තවමත් අවුරුදු දොළහක් නැත. ඒත් ඔහු පාසල නිමවී නිවසට එන්නේම කම්පියුටරය ගැන සිහින මවමිනි. මා නෝර්ටන් මාමා ගේ පිහිටෙන් විවිධ සම්බාධක පනවා නොතිබුණා නම් රාත්‍රියේ නින්දට යන තෙක්ම මයින්ක්‍රාෆ්ට් කරමින් ඉන්නට ඔහුට හැකිය.

කයිය ගැහැව්වාට මා ද මේ බ්ලොග් කෙරුවාව සඳහා දවසෙන් පැයක් දෙකක් වැය කරමි. ලිවීම විනෝදාංශයකි. සථත අභ්‍යාසයකි. ලිවීමෙන් මෙන්ම කියවීමෙන් ද මානසික සුවයක් ලැබේ. කොටින්ම කියනවා නම් ආතල් වැඩකි.

හැබැයි ඔය ආතල් එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

එයට හොඳම උදාහරණය සපයන්නේ මේ දිනවල මගේ කතන්දර බ්ලොගයට ඇබ්බැහි වී සිටිමින් ඇනෝනිමස් කමෙන්ටු හරහා විහිළු සපයන දෙදෙනෙකි.

මින් එක් අයෙක් එක හා සමාන සිංගිලිස් කමෙන්ටුවක් ඉංගිලිසි කැපිටල් අකුරෙන් සපයයි. සාමාන්‍යයෙන් සිංහල බ්ලොගයක ඉංගිලිසි අකුරෙන් ලියන ලද දෙයක් කියවීම අපහසු මෙන්ම තරමක් හෝ අප්‍රසන්න අත්දැකීමකි. කැපිටල් අකුරු නිසා ඒ අප්‍රසන්නත්වය දෙගුණ තෙගුන වේ.


මා සාමාන්‍යයෙන් එ කමෙන්ටුව දෙස බලනවා මිස කියවන්නේ නැත. කමෙන්ටු කියවන බොහෝ දෙනෙකුද එසේ යැයි සිතමි.

මට අද මේ කතන්දරය ලිවීමට සිතුනේ ඒ කැපිටල් ඇනෝනිමස් අංකල් නිසාම නොවේ.

මගේ කතන්දර සාමන්‍යයෙන් පලවෙන්නේ දිනක් හැර දිනක් උදෑසන හයටය. මේ දිනවල කතන්දර බ්ලොගයේ කමෙන්ටු පලවෙන්නේ මොඩරේෂන් කිරීමෙන් පසුවය. මට මේ සඳහා බොහෝ විට ඉඩ ලැබෙන්නේ හවස් යාමයේය. එලෙස කමෙන්ටු පලවීමට පෙර පැය දෙකෙන් දෙකට මෙහි පැමිණෙන තවත් ඇනෝනිමස් පාඨකයෙක් කරන්නේ දැන් පැය දෙකක් ගියා, හතරක් ගියා කිසිම කමෙන්ටුවක් නෑ, හරිම බංකොලොත් බ්ලොග් එකක් යනුවෙන් දිගින් දිගටම කමෙන්ට් කිරීමයි.



මේ අතර තවත් ඇනෝනිමස් කමෙන්ට්කරුවෙක් කරන්නේ මේ අඩවියේම ලැග සිටිමින් පැයෙන් පැයට මෙන් කමෙන්ටු දමමින් සිට අවසානයේ, අද මගෙන් කමෙන්ටු හතයි, දහයයි, දාහතයි යනුවෙන් තවත් කමෙන්ටු විටින් විට එක් කිරීමයි.



මේ අවසානයට සඳහන් පුද්ගලයා ගේ හැසිරීම දැක මට ඇත්තටම ඇතිවූයේ ඔහු ගැන, ඔහුගේ රසාස්වාදය ගැන, ඔහුගේ කාලය ගැන, ඔහු ගේ දවස ගෙවෙන හැටි ගැන, ඔහු ගේ ජීවිතය ගැන ඉතා දුකකි.

මේ ලෝකයේ කරන්නට තව කොපමණ දේ තියෙනවාද? කියවන්නට පොත පත, වෙනත් බ්ලොග් අඩවි, අසන්නට ගීත, බලන්නට සිනමා සිත්තම්, රූපවාහිනී වැඩ සටහන්!

ඇයි කඩන්නට මල්?

ඒ කිසිවක් නොමැතිව පැය කිහිපයක් තුල විටින් විට මෙහි පැමිණෙමින්, කමෙන්ටු දමමින්, ඒවා පිළිබඳ සංඛ්‍යා ලේඛන සදමින් කාලය ගත කරන්නට ඔහු කවර තරමේ පවක් කර ඇත්ද?

මේ සේරම ලිව්වේ කතන්ද්‍රකාර් චින්තනම් හි තවත් ක්ලෝස් එකක් ඉදිරිපත් කරන්නයි.

මේ බ්ලොග් එක ලියන්නේ මෙය කියවන අය දිනකට විනාඩි පහක් පමණ කාලයක් උපරිමය ලෙස ඒ සඳහා වැය කරයි යන අදහස ඇතුවය.

යමෙක් ඊට වඩා වැඩි කාලයක් මේ එක කතන්දරයක් සඳහා යමෙකු වැය කරනවා නම් එය අපරාධයකි.

අපරාධයක කොටස්කරුවෙක් වෙන්නට මට අවශ්‍ය නැත.

ඇනෝ, ප්ලීස් ගෙට් අ ලයිෆ් මේට්!

ස්තුතියි.

-කතන්දරකාරයා


(image: http://getalife2000.tumblr.com/)

71 comments:

  1. මේ මඤ්ඤං ඇනෝ ඔබම වුනා නම් ආතල් එක කොහොමද ?

    ReplyDelete
    Replies
    1. මරු ආතල් තමයි.....
      කකා කැපිටල් / සිම්පල් ඇනෝ කෙමෙන්ට් දාල, ඌට බැනල ප්‍රොෆයිල් එකෙන් රිප්ලයිත් දාගෙන, ඌටම බැනලා පෝස්ට් එකකුත් ලියාගෙන ඒකෙත් ඇනෝ කොමෙන්ට් දාගන්නවා....

      හපෝයි මගෙත් ඔලුව විකාර වෙනවා....

      Delete
    2. දැන් මේ උඩ කොමෙන්ට් එකත් දැම්මෙ කකාද?

      Delete
    3. උඩ කොමෙන්ට් තුන විතරක් නෙමෙයි මේ කොමෙන්ටුවත් මගෙන්....
      ----කකා----

      Delete
    4. Kaka, please stop commenting as Anonymous !!!
      Please let us to keep comments as Anonymous !!!

      Delete
  2. //බලන්නට සිනමා සිත්තම්, රූපවාහිනී වැඩ සටහන්! //

    සිංහලෙන් "සිනමා සිත්තම්" නෑ , තියෙන්නේ චිත්‍රපටි . රූපවාහිනි වැඩසටහන් ......:D :D

    ඔයිට වඩා කතන්දරගේ තට්ට ගැමත් ඩිංගක් විතර උඩින්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇයි කමෙන්ට් දාල මකන්නේ , දැම්මා නම් තියෙන්න අරිනවා

      Delete
    3. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

      අයියා නාලද ඉන්නේ ? නාලා නම් මේ පැත්තේ එන්න.

      Delete
    4. @buwa
      ඉතින් ඔය :D කියන එක තියෙන්නේ :P

      Delete
    5. ඉතුරු කැල්ලත් තිබුනා නම් හොඳයිනේ , ඊමේල් එකට එන එකේ දාල මකන එකේ තේරුමක් නැනේ

      Delete
    6. මේකේ දාන කොමන්ට් ඔයාගේ ඊමේල් එකටත් එනවද? හික්ස්

      Delete
    7. ඇයි සබ්ස්ක්‍රයිබ් කියල එකක් තියනවා කියලා දන්නේ නැද්ද , කමෙන්ට් එකක් දාපු ගමන් ඊමෙල් එකට එනවා . මකලා තේරුමක් නෑ .

      Delete
    8. පොඩ්ඩක් ඉන්න!

      මං හිතන්නේ මං අනුමත කළාට පස්සේ තමයි සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන අයට යන්නේ!

      එහෙම නේද?

      Delete
    9. ඔව් අනිවාර්යයෙන්ම , ඔයා අනුමත කරන්න ඕනි , හැබැයි ඉතින් මකන්න වෙන්නේත් ඔයා අනුමත කලාට පස්සෙනේ . ඒ නිසා ඔයා අනුමත කරන ඕනිම කමෙන්ට් එකක් පස්සේ මකලා වැඩක් නෑ . ඇනෝ දාන්න ගිහින් වැරදිලා ප්‍රොෆයිල් එකෙන් දාපු සමහර ප්‍රවීන බ්ලොග් කරුවොත් ඉඳලා තියනවා , පස්සේ මැකුවට වැඩක් නෑ සබ්ස්ක්‍රයිබ් වෙච්ච අය දැනගෙන ඉවරයි

      Delete
    10. හරි බුවා දැන් කකාගේ හැම පෝස්ට් එකක්ම සබ්ස්ක්‍රයිබ් කරනවා? හැක් හාකෝ හාකෝ එහෙනම් ඊමේල් එකට එන්න ඇතිනේ මන් දාපු කොමන්ට් එක.තවත් එහෙනම් ඒ ගැන අහන්නේ ඇයි?.

      Delete
    11. මම කමෙන්ට් කරපු ඒවා කරනවා අනික් මිනිස්සුන්ගෙත් අදහස් දැනගන්න , ඔයාගෙන් අහන්නේ මකපු නිසා සහ මගේ කමෙන්ට් එකට දාපු පිලිතුරක් නිසා . ඒ වගේ පිලිතුරක් දිගටම පබ්ලිශ් වෙලා තියනවට මම කැමතියි

      Delete
  3. දැනුම් තේරුම් ඇති දැනට හිට්ස් වැඩිම ඇති බ්ලොග් කරු හිතට එකගව මෙය කියා ඇත්නම් එය හැමටම හිතන්නට සිද්ධියකි.එහෙනම් අපිත් හිතුවෝ

    ReplyDelete
  4. හොඳටම දීලා!!! බලමු මේකෙත් කමෙන්ට් ගණන් කරයිද කියලා!

    ReplyDelete
  5. කියපු දේ එලෙසටම අහයි.

    ReplyDelete
    Replies
    1. හායි කෙන්ජි අන්කල් !!
      කකා ඇනෝ කමෙන්ට් බ්ලොක් කරයි ද කෙන්ජි අන්කල් ???

      Delete
    2. හායි මගේ සත්තලන් ඇනෝ පුතේ;
      කකා සම හරක් ඇනොල වගේ නොසන්ඩාලයෙක් නෙමෙ.
      ඔබ වැනි බුද්ධිය සමග මොලේ ඇති පුතා /දුවා ලාට කොතනත් දොර ඕපන් බව මාගේ විශ්වාසයයි පුතුනි!!!

      Delete
    3. කකාගේ පිට කහන්නෙපා ගොනෝ !!!

      Delete
    4. කකා ගෙ කසන්න හොරි නැත මී හරකො.

      Delete
  6. ඔය වගේ වැඩ කරන එක ලයිෆ් එක කරගත්ත අය ඉන්නවනේ....

    ReplyDelete
  7. මොනා උනත්, කතන්දරකාරයා එයා ගැන බ්ලොග් පෝස්ට් එකක් දැම්මනේ. සමහරවිට පරමාර්ථය ඒක වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔවු.
      කෙනෙකුට එහෙම හිතෙන්නත් පුලුවන්. හිතකට ඕනම විදිහකට හිතන්න නිදහස තියෙනවා නේ.
      කතුවරීට මෙහෙම හිතිච්ච එකත් කතුවරීගේ හිත තමයි බලපෑවේ.

      Delete
  8. මගේ කමෙන්ට් එකත් මෙතන තියෙනවා. අයෑම් ලකී ටුඩේ !!
    අද මම 1 ද ?

    ReplyDelete
  9. අද ඒ ඇනෝ ඇවිත් නැද්ද තාම

    ReplyDelete
    Replies
    1. කොයි ඇනෝ ගැනද අහන්නේ?
      ටයිම් කීපර් ඇනෝ ද ? කමෙන්ට් සංඛ්‍යා ලේඛන ඇනෝ ද ?

      Delete
  10. ඇත්තටම බ්ලොග් වලට කාලය වෙන් කරන්න ඕනේ කොහොමද? මේකට ඇබ්බැහි වෙලත් බෑ...මොකද එකෙන් බඩට කන්න හම්බෙන්නේ නැති හින්දා...ඒත් අතෑරලත් බෑ...මොකද බ්ලොග් වලත් ආතල් එකක් තියෙන හිනදා

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියහම ඇනෝනිමස් ආතල් කියන්නේ කකාගේ බ්ලොග් එකට කියන පර්යාය (සමාන) පදයක් නෙ !!
      කතන්දර බ්ලොගය = ඇනෝනිමස් ආතල් බ්ලොගය !!!

      Delete
  11. බලාගෙන ගියහම ඇනෝනිමස් ආතල් කියන්නේ කකාගේ බ්ලොග් එකට කියන පර්යාය (සමාන) පදයක් නෙ !!
    කතන්දර බ්ලොගය = ඇනෝනිමස් ආතල් බ්ලොගය !!!

    ReplyDelete
  12. කැපිටල් ඇනෝ කෙනෙක් හිටිය යටින් අංකල් කියල ගියනව එයා. මගේ බ්ලොගේටත් ආව. පව් ඒ මනුස්සය කාලෙකිං දැක්කෙ නෑ.

    ReplyDelete
  13. ඇනෝලාගේ තාවකාලික ආතල් වලින් සදාකාලික හිට්ස් ලබා නිර්වාණය අවබෝධ කරගත් කතන්දරටත් සදාකාලික සැපත ලැබේවා!

    ReplyDelete
    Replies
    1. මේ දේ ලියා ඉන් තාවකාලික සතුටක් ලැබූ ඇනෝලා සියළු දෙනාටම - සියළු දොස් රෝග තත්ව දුරුවී සදාකාලික සතුට ලැබේවා යැයි පතමි!

      Delete
  14. ඒ ඇනෝ කතන්දර බ්ලොගයට වහ වැටිල ඇති.

    ReplyDelete
  15. කතන්දරකාරයා අද ලොකුම නයෙක් ඇරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මහැඳුරු නයෙක් දෑ ??

      Delete
    2. මහැදුරු නයා පේන්නවත් නෑ මේ දවස් වල....

      බ්ලොග් මගුලත් පාලුවෙලා.....
      තානාපති තරහ වෙලා.....
      කාම්බෝජේ මාලිගාව කැඩිල ගිහිල්ලා....
      බ්ලොග් ලෝකෙම පාලුවෙලා ඇදුරු නයා නෑ...
      බ්ලොග් ලෝකෙම පාලුවෙලා ඇදුරු නයා නෑ...

      Delete
    3. ඇයි කාම්බෝජේ පැත්තේ එහෙම හොයලා බැළුවේ නැද්ද ?

      Delete
    4. කියුබාවෙ මා සමග සංචාරය කල ගරු කතානායක තුමා රාහුල් කැස්ත්‍රෝ සමග සාකච්චාවක නියැලී සිටින අතර තුර,තායිලන්තයේ තානාපති තුමන් දුරකථන ඇමතුමකින් දැනුම් දී සිටියෙ වියට්නාමයේ සංචාරයක යෙදී සිටින ලංකාවෙ මහදුරෙකුගෙ බිරියකට පලා පොලගකු දෂ්ට කිරීමෙන් රෝහල්ගත කර ඇතිබවය.කතානායක තුමා මටත් අකිලටත් කිව්වෙ එලියට ගිහිල්ල වහාම මේ බව බැසිල්ට කෝල් එකක් දෙන්න කියල.බැසිල් මොනව කලාද මන්ද.

      Delete
    5. නයි පොලොන් ව‍යිරය....

      Delete
    6. Kenji @ Japan: contd.
      බැසිල් තුමාට කතා කරපු ගමන් එතුම තමයි ඔක්කොම වැඩ හොයල බලල කරල තියෙන්නෙ.... එයාගෙම සල්ලිවලින් ඇමරිකාවලින් හයර් කරපු ජෙට් එකක් මෙහෙට ගෙන්නල මාව කටුනායකට ගෙනාව කියල තමයි අපේ ඇදුරුතුමා මට පස්සෙ කිව්වෙ....

      කොහොම උනත් අපේ ඇදුරු තුමාට හරියට වැඩ හින්ද ෆූටා එකේ ලොක්කො ටිකයි බැසිල් තුමයි තමයි මෙහෙ වැඩ ටික කරල තියෙන්නෙ........

      කටුනායකින් හෙලිකොප්ටරෙන් අරන් ඇවිත් ලන්කා හොස්පිටල් එකට ලෑන්ඩ් කරනව මට හීනෙන් වගේ මතකයි.....

      ස්පෙෂලිස්ට්ලා අටදෙනෙක් එක්කහුවෙලා දවස් තුනක් මාව එක දිගට බලාගත්තලු.... කොහොම උනත් දැන්නම් මට හොදයි....

      හැබැයි මට කන්න පුලුවන් මී පැණියි ඇපලුයි විතරයි.... මොකද පොලොන් විස උරන්නෙ ඒවටලු.... මී පැනි මෙහෙ තිබුනට ෆ්‍රෙශ් ඇපල් ලන්කාවෙන් හොයාගන්න හරි අමාරුයි...

      ටික දවසක් මහින්ද මහත්තයගෙ ඇපල් වත්තෙන් උදේ පාන්දරම ඇපල් මල්ලක් ගෙදරටම එව්වා... මේ දවස් වල නුවර එළියෙ වත්තෙන් ගේනවා...

      අනේ කවුරු හරි දන්නවනම් ඇපල් ගන්න පුලුවන් තැනක් මට ඉක්මනට කියන්න.....

      Delete
    7. සිශුඕක/ගිෆු කෙන්වල සමහර ඇපල් වවන ගොවියො ඇපල් මල් පිපුනාම මී පැණි ඩ්‍රොප් එකක් දාල වහනවා ගෙඩිය හැදෙනකන්.ඒවා ටිකක් ගණන් මම ඉක්මනින් කප්රුකට කතා කරල ලංකා හොස්පිටිතාලේටම යවන්නම්.නයා කියල දැම්මම වාට්ටුව කාමරෙ නොම්බරේත් නයා මනේ.

      Delete
  16. පවු.... අහිංසක කැපිටල්/සිම්පල් ඇනෝ අංකල්ට බනලා පෝස්ට් එකක් දාපු නිසා අද ඒ අන්කල් හිත් වේදනාවටම මේ පෝස්ට් එකට ඇවිත් නෑ. අහිංසක හිත් රිද්දවන්න එපා කකා. පවු !!!
    අහිංසක හිත් රිද්දවලා කකාට කවදාවත් තමන් පතන බෝධියකින් නිවන් යන්න නම් ලැබෙන්නේ නෑ. !

    ReplyDelete
  17. වේලාව උදේ 11.39යි
    කමෙන්ට් ගණන 24යි

    එයින් කමෙන්ට් 7ක් මම දාපුවා !

    ReplyDelete
  18. Dear Ano,
    Don't be a fool by wasting your time in this blog. Get a Life mate !!!
    thanks

    ReplyDelete
  19. කකා.... ලකෆෑන්ස් කියන අලුත්ම කතාව ඇත්තද?

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත.
      නමුත් මම කැමති නෑ ඔය ගැන මීට වඩා කතා කරන්න. ඒක ඔය පෝස්ට් එක කියවලාම හිතාගන්නකෝ !

      Delete
  20. Mama blog walata thawama aluth nisa mukuth nokiya innam.

    ReplyDelete
    Replies
    1. කිව්වත් ඉතින් වැඩි දෙයක් කියන එකක් නෑ. අනිවාර්යෙන්ම,

      එල !
      නියම පෝස්ට් එකක්
      ++++++
      එක හුස්මට කියවගෙන ගියා.
      හිහ්
      මාර රසයි බං
      :)
      සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !

      වගේ කමෙන්ට් එකක් දායි.

      Delete
  21. කෝ බන් කකා අපේ කොමෙන්ට්?

    ReplyDelete
    Replies
    1. කකා ඒවා රෑ කෑමට අරගෙන....

      Delete
  22. වේලාව සවස 4.45
    කොමන්ට් ගණන 37 යි
    මම Profile එකෙන් දාපු කොමන්ටු 03 ත් එක්ක සහ මේ කොමන්ටුවත් එක්ක් කොමන්ට් 11 යි.

    ReplyDelete
    Replies
    1. කාකා මචං Profile එකෙන් මං කොමන්ට් 4 ක් දැම්මා.

      Delete
  23. Replies
    1. උබත් ආවද කකාගේ හිට්ස් මල්ලෙන් හිට්ස් ටිකක් මරාගන්න.
      අපි උබේ මඟුලට එන්නේ නෑ. අපේ හිට්ස් කකාට විතරමයි.
      අපි කකාට පන වගේ ආදරෙයි !!

      Delete
  24. ඔය වගේ ඇනෝලා ඉන්නේ කකාට විතරයි.වෙන කිසිම බ්ලොග් එකකට ඔහොම ප්‍රශ්නයක් නැහැ.සමහරවිට මේ කසුගේ පෙර ආත්මයේ ඉඳන්ම එන බැඳීමක් ඇති අය වෙන්න ඇති :)

    ReplyDelete
  25. OONNA MAMA ADATH KAKKA THUMAGE GUBBEYAMATA RINGUWA, MAMA ADA 01 DA ? ADA MAMA GANA LIVEEMA GENA HARI SANTHOSI, KAKKA THUMA TA MEYA APPRA SANNA WENNA KOHETHMA BEHE. ETHUMA GEMA SUBJECTS THAMA MAMA MATHAK KARA DENNE, ENAM, JOKKU, PADA JEEE, CHOO, S UKRA, KAI PADAWAL AADIYA GENA=. MR RAJ GE ADAVIYTA MAMA AWATH MEWAGE COMMENT KARANNA BEHE.

    ReplyDelete
    Replies
    1. Hats off mate
      proud of you !

      Delete
    2. උබේ කමෙන්ට් රටාව වෙනස් කරන්ඩෙපා මචෝ. දිගටම ඔහොම කමෙන්ට් කරහන් !!

      Delete
  26. වෙලාව රාත්‍රී 7:43
    මම අද දිනට දාපු මුළු කමෙන්ට් ගණන 16යි

    ඊයේට වඩා එකක් අඩු උනා. කමන් නෑ නේද කකා.

    ReplyDelete
  27. 7.35 AND 7.42 P.M. ANOS THANK YOU.

    ReplyDelete
  28. april, 8th, 12.52 p.m. comment ano comment is from kakagen my.

    ReplyDelete
  29. කොහොමත් කතා ඇනෝලට පුදුම ආදරයක් තියෙන්නේ...

    ReplyDelete
  30. අර "ෆෙටිෂ්" කියල කියන්නෙ ඔය ඇනෝලට තියන ආසාව වගේ ඒව වෙන්න ඇති.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.