
මං දැන් ලියා ගෙන යන්නේ මං මුල ඉඳල අග වෙනකං ෆලෝ කරපු මුල්ම මැතිවරණය, ඒ කියන්නේ එක්දහස් නමසිය අනූ හතරේ මහ මැතිවරණය කාලේ මගේ අත්දැකීම් ගැන කතන්දර කීපයක්. මේ කාලේ මං විකල්ප පත්තර කියෙව්වා. දේශපාලන රැස්වීම් බලන්න ගියා. රූපවාහිනියේ අළුතින් පටන්ගත් රතු ඉර වගේ දේශපාලන විවාද බැලුවා. ෆුල් ඉලෙක්ෂන් ආතල් එකක් ගත්තා.
ඔන්න දවසක් මං හවස බොරැල්ලෙන් බැස්සාම පිටකෝට්ටේ පැත්තට එන බස් එකක් ගන්න, එතන හන්දියේ මහා දේශපාලන රැස්වීමක් -විපස්සේ කස්ටියගේ.
මං සාමාන්‍යයෙන් කැමති නුගේගොඩ සුපර්මාකට් එක ලඟ තියෙන රැස්වීම් බලන්නයි. හැබැයි බොරැල්ලේ තිබුණු කීපෙකුත් බලල තියෙනවා. මං මේ කියන්න යන රැස්වීමට අමතරව බොරැල්ලේ දී බලපු පොඩි පොකට් රැස්වීමක් තමයි දැන් ලොක්කෝ වුනත්, ඒ දවස්වල සොක්කෝ වුණු චම්පකගෙයි, රතනගෙයි පරිසර පාටියේ රැස්වීමක්.
ඉතිං, මේ කියන දවසේ තිබුණු විපස්ස රැස්වීමේ මං එන වෙලේ කතාකරමින් හිටියේ ඒ දවස්වල සිරි ලංකා එකේ භාණ්ඩාගාරික වුණු කඩුවෙල කිංස්ලි. පොර තමයි, දුෂණය, භීෂණය අවසාන කරමින්, අළුතින් පත්වෙන්නට නියමිතව තිබුණු ආණ්ඩුවේ මුදල් ඇමති වෙන්න හිටියේ ඒ දවස්වල කතාවේ හැටියට.
මෙන්න මට ඇහුණ කතාවේ කොටසක්.
"අද ප්‍රෙටෝල් ලීටරයක් හදන්න යන්නේ රුපියල් දාසයයි. මේ ආණ්ඩුව ඒක විකුණන්නේ රුපියල් තිස් පහටයි. අපිට පුළුවන් ඒක රුපියල් විස්සකට දෙන්න."
මං බස් එකේ නැගල ගෙදර ගියේ කට දෙකොණින් හිනා වෙවී. ඒ යන කොට අපේ ඇන්ටි කෙනෙක් අපේ ගෙදර ඇවිත්. ඇන්ටිත් ඉතිං හොඳ සිරිලංකා කාරයෙක් තමයි ඒ දවස්වල.
මං ගෙදරදි ඔය රුපියල් විස්සේ පෙට්‍රොල් කතාව ගැන කියල හිනාවෙනව ඇහුණ අපේ ඇන්ටිට පොඩ්ඩක් විතර කේන්ති ආවා.
"ඔව්, අපේ ආණ්ඩුවක් ආවාම දෙනව තමයි රුපියල් විස්සට පෙට්‍රොල් ලීටරයක්. හදන්න යන්නේ රුපියල් දාසය නම් ඇයි ඉතිං විස්සට දෙන්න බැරි, එතන සීයට විසි පහක ලාබෙකුත් තියෙනවනේ?" අපේ ඇන්ටි කොහොමටත් ඉතිං ඔය සීයේට ගනං හදන්න දස්සයි!
මං ඉතිං ඒ දවස්වල (අදට වැඩියේ) කොල්ලා හින්ද ටිකක් හිතුන අපේ ඇන්ටි එක්ක තර්කයක් කරන්න.
"මේකනේ ඇන්ටි සිද්ධිය. මුලින්ම අපි දැන ගන්න ඕනැ, අද පෙට්‍රොල් ලීටරයක් රුපියල් දාසයට හදන්න පුළුවන් අද පවතින බොරතෙල් මිල සහ අද විනිමය අනුපාතිකය නිසා බව. හෙට ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා."
"ඊ ලඟට, අද පෙට්‍රොල් ලීටරයක් තිස්පහට විකුණලා ආණ්ඩුව ගන්න බදු මුදල් වලින් කරන වැඩ, ඒ කියන්නේ පාරවල් කැඩෙන ඒවා හදන එකවගේ වැඩ ටිකවත් කරන්නේ කොහොමද, ඒ බද්ද නැති වුනොත්?"
"ඒ සේරටමත් වැඩිය, පෙට්‍රොල් මිල අඩු වුණාම වැඩි වෙන පාරිභෝජනය නිසා වෙන පරිසර විනාශය? විදේශ විනිමය නාස්තිය? ඒවට කවුද වග කියන්නේ?"
"මට නං හිතෙන්නේ ඇන්ටි, ලංකාවට වෙන්න පුළුවන් හොඳම දේ තමයි තවත් පෙට්‍රෝල් ගණං යන එක. මේ වාහන ගොඩත් අපේ පාරවල් වලට දරන්න අමාරුයි!"
අනේ මගේ කට කහනවට කියපු ඒ තර්ක විශ්වාස කරන කෙනෙක් නෙමේ අපේ ඇන්ටි.
එයා, තමන්ගේ පරණ චැලියත් රෙපයාර් කරගෙන ගිටිය මගෙ හිතේ රුපියල් විස්සේ පෙට්‍රොල් ගහගෙන ගමන් බිමන් යන්න.
අනේ පව්!
-කතන්දරකාරයා
ප/ලි
මීලඟ කතන්දරේ, 1994 දී රූපවාහිනියේ බලපු දේශපාලන විවාදයක්.
he he maaaarai ah
ReplyDeleteඡන්ද පොරොන්දු කියන ඒවා ඒ ඒ වෙලාවට කටට එන ඒවා මිසක් ඒවා ඇත්ත වෙන බවක් ලංකාවේ නම් පේන්න අඩුයි.
ReplyDeleteඒක නෙමෙයි කසූ මේ රංජන් අයියාව මේකට සම්බන්ධ වුණේ කොහොමද ?
මට මතක විදියටනම් 1994 තිබ්බෙ රතු ඉර නෙවෙයි, ජනහඬ.
ReplyDeleteරුපියල් 20 ට ගන්න හිටිය පැට්‍රෝල් ටික දවසකින්ම 50 වුන බව නම් මතකයි.
අපි එතකොට පුංචි පහේ ළමයි.. ඒ කාලෙ වුන දේවල් ගැන ඒ හැටි තේරුමක් නම් නෑ.. පැට්‍රෝල් කතාව නම් මතකම නෑ.. 3.50ට පාං ගෙනල්ල ටික දවසකින් 3.85 වුන බව මතකයි.. හැබැයි ලංකාවෙ අනාගතේ වෙනස් කරන්න පදනම වැටුන මැතිවරණය තමයි 94 මට හිතෙන්නේ.. ලංකාවෙ අනාගතේ වෙනස් වෙන්න පටන්ගත්තේ මහින්ද ජනාධිපති වුනායින් පස්සේ.. එදා පොදු පෙරමුණ නාව නම් අද මහින්ද කෙනෙක් නොහිටින්නත් තිබුනා... එහෙනම් තාමත් යුද්දෙ ඇදෙනවා.. ඒ විදිහට බැලුවම පොරොන්දු වලට රැවටෙන ජනාතාවක් ඉන්න එකේ පොඩි වාසියකුත් තියනවා.. ජනතාව බුද්ධිමත් කියල කොහොමත් ජනතාව ගොනාට අන්දලනෙ තියෙන්නෙ..
ReplyDeleteඒකාලේ තව කොච්චර දේවල් කිව්වද? ඒ ඔක්කොම ඒ විධයට උනානම්....
ReplyDeleteදේසපාලුවො ගහන කෙප්ප වලට අපායෙනුත් රිජෙක්ට් වෙනව මුන්ව....
ReplyDeleteකශු ඇයි "රතන" කියල විතරක් කිව්වෙ........
මට මතක 1983 දිහාවෙදි, අපේ තාත්තා හා හා පුර කියල කාර් එකක් ගත්තා, පරන ඔස්ටින් 1100 (1968 වසරෙ නිපදවපු ). ඉතින් කාර් එක ගත්ත දවසෙ ඉස්සෙල්ලාම ගිහින් පෙට්‍රල් ගහනකොට මට අද වගේ මතකයි පෙට්‍රල් ලීටරේ රුපියල් 12.50 යි.
ReplyDeleteඅනේ අනිච්චං . . . පෙට්‍රල් උඩ ගිය තරම.
1981 දී පැට්රෝල් ලීටරය රුපියල් 10 යි.
Deleteකසු , 94 පෙට්රල් ලීටරය රුපියල් 50/= !
ReplyDeleteඒ පාර "පාර්ලිමන්ට් ජෝක්ස්" වගේ...
ReplyDeleteපෙට්‍රොල් තමා. දැන් පාන්ගෙඩියකුත් රු.45 :$
ReplyDeletenadeesthoughts,
ReplyDelete94දි රතු ඉරයි ජනහඬයි දෙකම තිබ්බා නේද? රතුඉර ස්වර්ණවාහිනියේ.
ජනහඬ TNL එකේ.
___________________
ඔය අනුහතරෙ වීරයෝ ගොඩදෙනෙක් ගැනයි ඒකාලෙ වෙච්ච ගොඩක් සිද්දි ගැනයි වික්ටර් අයිවන් මහත්තයගෙ ''චෛාර රැජින'' පොතේ තියනවා. කසු ඒක කියෝල තියෙවද?
1994 දී රතු ඉර බැලුවේ කොහෙන්ද දන්නේ නෑ නේද....?
ReplyDelete@All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
රතු ඉර නෙමේ, ජනහඬ තමයි.
මට පොඩ්ඩක් ටැපළුණා!