Sunday 1 January 2012

වසරේ මහා උභතෝකොටිකයට කතන්දරකාරයා ගේ විසඳුම - How to greet issue solved!


ලංකාවේ තියා ලෝකේ කොතැන හිටියත් සිංහල උංට සමරන්නට අවුරුදු උදාවන් දෙකක් ඇත.

එකක් අප්‍රියෙල් මැද එළැඹෙන සංස්කුරුතිමය එකය. අනික බටහිර කුමන්ත්‍රණයක් වන ජනවාරි පළමුවෙනිදා ට යෙදෙන ජනේරුවය.

දැන් මේ දෙකෙන්ම ගැලවී සිටිමට සිතීම නම් විහිළුවකි. පත්තරෙන්, රේදෙව්වෙන්, තලදසුනෙන් නොව බ්ලෝග්කාරී-විකාරරූපී ලෝකයෙන්ම මේ ඩබලම අපේ ඇස්, කන්, නාසා තුලින් අනුමස්තික්‍ෂ්කයටම කවයි. අපට කළ හැක්කේ යන්තම් ජාම් බේරා ගැනීමට සැලසුම්කර, ඒවා ක්‍රියාත්මක වේයැයි ඇඟිලි බැඳගෙන සිටීම පමණි.

අවුරුද්ද උදාවූ පසු ඒ වෙනුවෙන් සුභ පැතීම සාමාන්‍ය සිරිතයි. කොටින්ම ඊයේ රාත්‍රියේ මගේ අල්ලපු මේසේ හිඳ අවුරුදු සමරපු එකාද හරියට මධ්‍යම රාත්‍රී දොලහට මට ඇස්ඇම්ඇස් එකක් එවීය.

හැම අතින්ම පැහැදිළි වෙනස්කම් ඇති අවුරුදු දෙකක් ඇති නිසා ඒ දෙක වෙනුවෙන් සුභ පැතීමද පැහැදිලි වෙනස්කම් සහිතව කළ යුතුයි.

මං දන්නා පරිදි ජනවාරි පළමුවෙනිදා අප වැඩි දෙනා සුභ පතන්නේ Happy New Year කියා සුද්දන්ගේ භාෂාවෙනි. අප්‍රියෙල් වල එන සිංහල අවුරුද්දේ දී "සුභ අළුත් අවුරුද්දක් වේවා!" යැයි කියමු. සිංහල අවුරුද්දට Happy New Year කියන සිංහල උන් ගැන නම් මට ඇතිවෙන්නේ මහත් කේන්තියකි.

සිංහල භාෂාවෙන් ජනවාරි පළමුවෙනිදා සුභ පතන විට අප කිව යුත්තේ කුමක්ද යන්න නම් පැහැදිලි උභතෝකෝටිකයකි.

1. "සුභ අළුත් අවුරුද්දක් වේවා!" යැයි කිව යුතුද?
2. "සුභ නව වසරක් වේවා!" යැයි කිව යුතුද?

මට හිතෙන පරිදි මේ සඳහා වඩාත් සුදුසු "සුභ නව වසරක් වේවා!" යන්නයි. එය "හැපි නිව් ඉයර්" යන්නේ කෙලින්ම පරිවර්තනයකි.

එනිසාම ටිකක් අමු ගතියක් දැනේ.

එනිසාම එය මේ ජනවාරි පළමුවෙනිදා අවුරුද්දට මනාව ගැලපේ.

එසේ නම්, "සුභ නව වසරක් වේවා!"

"සුභ අළුත් අවුරුද්දක් වේවා!" යන්න අප්‍රියෙල් මාසයට තබා ගනිමු.

ඔය මොනවා වුනත් මංතුමා නම් වැඩිපුරම පාවිච්චි කරන සුභපැතුම මෙන්න මේකයි.
http://kathandara.blogspot.com/2010/04/blog-post_14.html



-කතන්දරකාරයා

ප/ලි:
දැක්ක නේද ෆොටෝ ෂොප් මැජික් වැඩ!

ප/ප/ලි
(2012 ජනවාරි 2 දින එකතු කළෙමි).

ඔය ෆොටෝවල කතන්දරය මෙසේය.

බලන්න බෝතලේ කඳට සාපේක්‍ෂව මූඩියේ සහ කටේ ප්‍රමාණය! ටිකක් අවුල් නේද?

ඔය සේරම බෝතල් 200ml ඒවාය. කඳේ වටප්‍රමාණය සහ උස වෙනස් වුවද, කට එක ප්‍රමාණයේය.

ඕවා මං අවුරුදු දෙකකට පමණ පෙර රට ගිහින් එන වෙලාවකදී ගෙනැවිත් ආපු ගමන් කබඩයේ දමා වසා දුම් ඇල්ලූ සෙට් එකක ඒවාය. කසායට අනුපාන ලෙස හාවා හඳ දකින්නාක් සේ වසර දෙකක් තුල ආගන්තුක සත්කාරයට යොදා ගත්තද ආදරේ වැඩිකමට හිස් 200 බෝතල් වීසි නොකළෙමි.

මෙන්න අද තත්වය. මේ ෆොටෝ එකෙන් 200ml සයිස් එකේ කතාව තේරෙනු ඇත.



දෙසැම්බර් 31 වෙනිදා මා මේ කිසිවක් නොබිව් බව කරුණාවෙන් සලකන්න.

48 comments:

  1. අපි නොදන්න ෆොටෝ ෂොප්. දැන් කතන්දර කෙලින් ඉන්නවද?
    කතන්දරටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  2. මේ ෆොටෝ දෙක බලන කෙනා පිටිපස්සෙ බිත්තියෙ තියෙන රටාව දිහා බැලුවෙ නැත්තං හොඳයි.

    ReplyDelete
  3. උඩ 6 යි පල්ලේහා හිස් එව්වා 7 යි

    ReplyDelete
  4. කතන්දරටත් පවුලේ සැමටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....!!

    ReplyDelete
  5. කතන්දර අයියේ... සනීපෙන් ඉන්නවයි?

    ReplyDelete
  6. ඔච්චර ප්‍රස්නයක් වෙන්නෙ නෑ same to you කියන්න පුරුදු උනාම. උඩ පින්තුරෙ බලල පහල පින්තුරෙ බලනකොට හය හතක් වෙලා පේනවනම් බිව්වම කොහොමට ඇද්ද?

    Dick-son

    ReplyDelete
  7. කකා ගහල කැමරාවටත් පොවල

    ReplyDelete
  8. සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  9. සුභ නව වසරක් වේවා කතන්දර සහ අහල පහල ඉන්න හැමෝටම !
    බෝතල් ටික ෆොටෝශොප් කියලා විශ්වාස කරන්නම්. "හය" "හත' වෙන්න තරම් ජනේරුව සමරලා තියේ !

    ReplyDelete
  10. බලාපොරොත්තු ඉටුවන 2012ක් වේවා! මටනම් 2011 2012 උනා විතරයි. ඔය කියුවට හැමෝටම ඒක තමා ..


    …අම්මට සිරි පොටෝ සොප් කියලා ඔය හතටම සුද්දෙ දීලා තියෙන්නෙ

    ..::අත්තම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්::..

    ReplyDelete
  11. ඔය තර්ටි පස්ට් නයිට් පාටිවලදි බීල එක එක ඒව වෙනවනෙ.. ඒ වගේ ඒව වෙලා එකට ඉදල බෝතලයක් පැටියෙක්වත් දැම්මද... ??

    ReplyDelete
  12. සුබ නව වසරක් වේවා

    ReplyDelete
  13. ඔය උඩ තියෙන ඒව ඉව‍ර උනාම 6 12 විත‍ර වෙලා තමයි නවතින්නෙ
    කතන්ද‍ර හොරෙන් හොරෙන් ඉව‍ර ක‍රල තියෙන්නෙ ඒකයි 7 න් නැවතිලා තියෙන්නෙ.
    කකාට හා පවුලේ අයටත් කතන්ද‍ර බ්ලොග් එකේ ඉන්න රත්නායක ඇතුලු පවුල්වල අයටත් සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  14. ෆොටෝ ශොප් මැජික් එක දැකීමෙන් පුදුම තරහවක්ද ඊරිසියාවක්ද දැනේ....!

    කසු ටත් පවුලේ හැමදෙනාටමත් හැපි නිව් ඉයර් එකක් වේවා......!

    ReplyDelete
  15. ඔබ හැම දෙනාටම සුභ නව (අලුත් යන තේරුම ඇති ) වසරක් වේවා.....:!!!!!

    සුභ යන්න happy දැයි නොදනිමි.

    ඒත් වැඩියෙන් බිව් විට ඔය කෝකෙත් වෙනසක් නොදකිනු ඇතැයි සිතමි.:D:D:D

    ReplyDelete
  16. බෝතල් තව ටිකක් ලොකු උනානම් තමා හොඳ!

    ReplyDelete
  17. මට නම් උලත් එකයි පිලත් එකයි...
    මාත් හැපි නිවු ඉයර් කියන් නැතුව වෙන මොකක් හරි කියල ෂේප් වෙනවා :)
    එහෙනං කකා මාමටත් නිව් ඉයර් නෑ වගේ...
    නියමායි!
    ඒ නිසා මම හැපි නිව් ඉයර් කියන් නෑ :)

    ReplyDelete
  18. සුභ නව වසරක් වේවා

    ReplyDelete
  19. කකාට සුබ නව වසරක් වේවා..!!!!

    ReplyDelete
  20. එල එල සුභ නව වසරක්

    ReplyDelete
  21. සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  22. හෆ්ෆා... ඔය ටිකට මොකට පොටෝෂොප් එක්ක මහන්සි උනාද මන්දා...? බීලා දාන්නේ නැතුව.

    තද ඉරිසියාවක්‌ දැනේ. පොඩ්ඩක් අපිටත් කියන්න තිබුන. නැද්ද මං අහන්නෙ. ?

    ඔබටත්, පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා යයි පතමි.

    ReplyDelete
  23. කතන්දරටත් පවුලේ සැමටත් 2012 සුභ නව වසරක් වේවා..
    ආපසු උත්තරේ දන්න නිසා (අර ජනප්‍රියම ග්‍රීටින් එකනේ..) ඒකටත් ස්තුතියි...

    ReplyDelete
  24. කතන්දරට සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  25. සුබ නව වසයර්ක් වේවා කතන්දර

    ෆොටෝ සොප් මැජික් එක නම් නියමයි ඈ මටත් ඔය මැජික් එක හොඳට පුලුවන් ..

    සුබ නව වසයර්ක් වේවා කතන්දර !

    ReplyDelete
  26. හොඳ වෙලාවට සිංහල අලුත් අවුරුද්දට කාඩ් යවන්නේ නෑ..

    ජනේරු මාසෙට බෝතල් මාසේ කියලා කියන්නේ හිස් බෝතල් එකතු වෙන හින්දා වෙන්නැති!

    ReplyDelete
  27. පොටෝසොප් කෙසේ වෙතත් ජයටම වැඩේ ගිහිල්ලා වගේ....ජය.....

    ReplyDelete
  28. @ All
    සියළු දෙනාටම එසේම වේවා!

    ඔය ෆොටෝවල කතන්දරය මෙසේය.

    බලන්න බෝතලේ කඳට සාපේක්‍ෂව මූඩියේ සහ කටේ ප්‍රමාණය! ටිකක් අවුල් නේද?

    ඔය සේරම බෝතල් 200ml ඒවාය. කඳේ වටප්‍රමාණය සහ උස වෙනස් වුවද, කට එක ප්‍රමාණයේය.

    ඕවා මං අවුරුදු දෙකකට පමණ පෙර රට ගිහින් එන වෙලාවකදී ගෙනැවිත් ආපු ගමන් කබඩයේ දමා වසා දුම් ඇල්ලූ සෙට් එකක ඒවාය. කසායට අනුපාන ලෙස හාවා හඳ දකින්නාක් සේ වසර දෙකක් තුල ආගන්තුක සත්කාරයට යොදා ගත්තද ආදරේ වැඩිකමට හිස් 200ml බෝතල් වීසි නොකළෙමි.

    මෙන්න අද තත්වය. මේ ෆොටෝ එකෙන් 200ml සයිස් එකේ කතාව තේරෙනු ඇත.

    http://2.bp.blogspot.com/-YEPais7r6G0/TwDRwk2tMMI/AAAAAAAAB0o/cEJa5Ey36Rs/s1600/BL200ml.JPG

    දෙසැම්බර් 31 වෙනිදා මා මේ කිසිවක් නොබිව් බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  29. කතන්දරට සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා.....!

    ReplyDelete
  30. මහ අලියයි පැටට් ටිකයි. අන්තිම පොටෝ එක.

    සුබ නව වසරක්!

    ReplyDelete
  31. කතත්දර සූරීන්ට සුභ නව වසරක් ‍වේවා!

    ReplyDelete
  32. සුභ අළුත් අවුරුද්දක්ම වේවා!

    ReplyDelete
  33. (Traffic Ano)
    ලැබුවා වූ 2012වත් A Happy New Year වේවා!
    ජනවාරි පළමුවැනිදට ඉංගිරිසියෙන් සුබ පැතීමත් අපේ අවුරුද්දට සිංහලෙන් සුබ පැතීමත් මමත් තදින්ම අනුගමනය කරන පිළිවෙතක්. බලාගෙන යනකොට අඩු ගානේ මං වගේ හිතපු තව එකෙක් හරි ලංකාවෙ ඉපදිලා තියෙනව.
    පහුගිය අවුරුදු දවසක මට ලැබුන ඇස් ඇම් ඇස් එකක් Aluth avurudda suba karamu කියල. බලාගෙන යනකොට ඒක තමයි හරි.
    මහ රෑ දොළහට ඇස් ඇම් ඇස් එන එක මෙදා පාර මට කරදරයක් නොවුනේ, මං එදා මළ ගෙදරක නිදි මරමින් "සර්ව රාත්‍රිකයක" යෙදී හිටිය නිසායි. මමත් ඔන් ටයිම් රිප්ලයි කළා Thank you – Same to you කියල. ඒ ඇරුණම මගෙ කන්ටෑක්ට් ලිස්ට් එකේ තිබුන නැදෑ හිත මිතුරු කාටත් මම විෂ් කළා ඇස් ඇම් ඇස් වලින්. ඩයලොග් එකෙන් ඩිස්කවුන්ට් එකකුත් දීල තිබුන හින්දද කොහෙද මාර ට්‍රැෆික් එකක්. සමහර ඒව සෙන්ඩ් වුනේ පැය දෙක තුනකට පස්සෙ.
    තව කේස් එකක්. මගේ ඇස්ඇම්ඇස් එක ලැබුන සමහර අය මට රිප්ලයි කරල තිබුන (මං වගේම) තෑන්ක් යූ සේම් ටු යූ කියල. ඒ අතරෙ මවිසින් විෂ් කරනු ලැබූ සමහරු මගෙ ඇස් ඇම් ඇස් එක නොලැබුනා වගේ අළුත්ම මැසේජ් එවල තිබුන. උන්ට මගේ ඇස් ඇම් ඇස් එක ඩිලිවර් වෙලාද නැත්ද කියල බලන්න ආපහු ඩිලිවරි රිපෝට්ස් චෙක් කරන්න සිද්ද වුනා. නැත්තං මං ආයෙ පාරක් උන්ට තෑන්ක් යූ සේම් ටු යූ කියල යවන්න එපායැ.
    (ඩිලිවරි රිපෝට් චෙක් කරන්න සිද්ද වුනාට කමක් නෑ මම ඇහැරලනෙ එළි වෙනකන්. හොඳ වෙලාවට ආච්චම්ම තිස් වෙනිද නැති‍වුනේ.)

    ReplyDelete
  34. සුබ නව වසරක් වෙවා -> ජනවාරි මාසේ 1 වැනිදා‍ට මේක තමයි හරි.

    සුබ අළුත් අවුරුද්දක් වේවා -> අවුරුදු = අව්ව + ඍජු

    ඒකියන්නේ අ‍ප්‍රියෙල් මාසේ තමයි ලංකාව‍‍ට ඉර මුදුන් වෙන්නේ (මම දන්න විදියට අපේ අවුරුදු නැකත වෙලාවට ඉර තියෙන්නේ ලංකාවේ දකුණු කෙලවර‍ට ඍජු කක්ෂයක),මේ කාලෙට ලංකාවේ සොබාදහම වෙනස් වෙන්නෙත්, මැයි මාසේ වෙනකොට නිරිතදිග ‍මෝසම් වැසි (ඉන්දියාවට ඉර මුදුන් වුනාම) පටන් ගන්නෙත් මේ හිරුගේ ගමනේම කොටසක් විදියට මගේ දැනුමෙ හැටියට.

    ලංකාව‍ට අ‍ප්‍රියෙල් අවුරුද්ද කියන එක නිකන් ආපු එකක් නෙවෙයි. ඒක විද්‍යාත්මකයි‍. අවුරුද්ද කියන වචනේ නිකන් නාස්ති නොකරන එකයි ලාංකික අපේ යුතුකම.

    ReplyDelete
  35. @ඉෂා,
    දවස් තුන්සිය හැටපහක කාලය තුලදී දෙවතාවක්ම අව්ව ඍජු වෙනවනෙ?????.

    වර්ෂය කියන චවනය කාල සීමාවක් ගැන කියන වචනයක්. අවුරුද්ද කියන්නෙ උත්සවයක්. ඒ වුනාට වචන දෙකම සමාන අර්ථයක් දෙන අවස්ථාවන් තියනවා.

    ඒ නිසා ඔබ කියන කතාවෙ අවසානය හරි.

    ReplyDelete
  36. Wish you and your family 'A Happy New Year'

    ReplyDelete
  37. හැපි නිව් ඉයර් කිවා කකාටත් එහෙනම්....

    ReplyDelete
  38. (Traffic Ano - ප.ලි. කමෙන්ට් ඒකකි)

    "දෙසැම්බර් 31 වෙනිදා මා මේ කිසිවක් නොබිව් බව කරුණාවෙන් සලකන්න"

    වෙනදට ඉරිදා උදෙන්ම පබ්ලිෂ් කරන නමුත් මෙය 10.27 වෙනකන් ප්‍රමාද වෙන්න බලපෑවෙ වෙනත් කාරණාවක් වෙන්නැති.

    ReplyDelete
  39. "අනික බටහිර කුමන්ත්‍රණයක් වන ජනවාරි පළමුවෙනිදා ට යෙදෙන ජනේරුවය"..
    අපොයි ඒක කුමන්ත්‍රනයක්ද.???.
    සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  40. කතන්දරට සුභම සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
  41. http://myideasgordoniaceylanica.blogspot.com/2012/01/etc.html

    කකා මාමේ මේක බැලූව නම්...

    ReplyDelete
  42. අඩේ මම මේ ඊයේ හිත හිත හිටපු එක.. හරියට හරි ක.සූ..

    ReplyDelete
  43. අළුත් = නව
    අවුරුද්දක් = වසරක්

    Therefore, සුබ අළුත් අවුරුද්දක් වේවා = සුභ නව වසරක් වේවා

    ReplyDelete
  44. @ All
    සියළු දෙනාටම හැපි නිව් ඉයරයක් පතමි!

    ReplyDelete
  45. මහ බඩුවයි කෑලි දහයයි . . . අන්තිම පිංතූරෙ

    ReplyDelete
  46. සුභ අළුත් අවුරුද්දක් කියද්දී "අළුත්" කියන එකෙන් "අළු" [ashes] තේරුම නේද එන්නේ ??? නිවැරදි එක වෙන්නේ මම දන්න විදිහට නම් "අලුත්" කියන එක

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.