ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 29 May 2011
කතන්දර බ්ලොග් එක මෙලෝ රහක් නැති වේගෙන යනවාද? Is Kathandara blog going down the pallang?
"ඔබතුමා ගේ බ්ලොග් එක දැන් දැන් අර ග්‍රාම්‍ය භාෂාවෙන් කියනවා නම් මෙලෝ රහක් නැතිවේගෙන යන්නේ ඇයි?"
ඒ මට ගිය සතියේ ලැබුණු ඊයකි.
මගේ බ්ලොගර් ප්‍රොෆයිල් එකේ තියෙන්නේ නං "මං කියන්න කතන්දර ගොඩක් තියෙන කතන්දරකාරයෙක්. හැබැයි ඒ මං කැමති කතන්දර තමා" කියලයි.
ඒ වුනත්, කතන්දර කියවන පාඨකයෙකුගෙන් මේ වගේ පනිවිඩයක් ආවාම ඒ ගැන සොයා බලා නිසි පියවරක් ගැනීම අතපසු නොකර කළ යුතු දෙයක් විදියටයි මං සලකන්නේ.
මේ මෙලෝ රහක් නෑ කියන්නේ වෙජිටේරියන් කතාවලටයි කියලයි මං මුලින් හිතුවේ. මොකද, හොඳම මාංශ භක්‍ෂකයන්ට එළවලුවල මෙලෝ රහක් දැනෙන්නේ නෑනේ.
ඒ එක්කම මට හිතුණා මෙහෙම ලියන්නේ මගේ සාමකාමී චින්තනය හින්දා ලියවුණු නූතන ජන කවි හරි එහෙම නැත්තං මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය හරි ගැනවත් ද කියලා. මොකද යුධවාදීන් ට සාමය මෙලෝ රහක් නෑනේ.
ඊලඟට මට හිතුනා මෙහෙම කියන්නේ මං සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා විදියට ලියපු ඒ බූරුවා අපි වික්කා සහ අළුත් මාළු විකිණීමට තිබේ කියන කතන්දර දෙකට ආපු උපහාසාත්මක ප්‍රතිචාරක් ද කියලා.
පස්සේ තමයි මේ ප්‍රශ්ණයේ පිටුපස තියෙන ඇත්ත මට වැටහුනේ!
ඒ ඇත්ත, ඇත්තටම, රුවන් වැකියක්.
ටික දෙනෙකුව ටික කාලයක් රැවටිය හැකි වුවද, බොහෝ දෙනෙකුව ටික කාලයක් රැවටිය හැකි වුවද, ටික දෙනෙකුව දිගු කාලයක් රැවටිය හැකි වුවද, බොහෝ දෙනෙකුව දිගු කාලයක් රැවටිය නොහැක!
ඉතිං මං ඊයට පිලිතුරක් යැව්වා මෙන්න මේ වගේ කරුණුත් අඩංගු කරලා.
1. පහු පහු වෙන කොට කොහු කොහු කියනවනේ, එහෙම වෙලා වෙන්න ඇති. මොකද මං දැන් අවුරුදු දෙකකට කිට්ටු කාලෙක කතන්දර පෝස්ට් හාරසීයකට කිට්ටු ගානක් දාලා තියෙනවානේ.
2. ඒ හේතුව නිසාම ඉතිං මේ මගේ කතන්දර බැටින් වල ලකුණු අඩු කාලයක් වෙන්නත් පුළුවන්. සංගක්කාර් ලා, තෙන්ඩුල්කාර් ලා, ගවස්කාර් ලා ත් සමහර කාලවලට "ලකුණු අතර නෑ!" වගේ. ඒ අනුව බලන කොට අපි මොක්කුද?
3. අනික, ජයසූරිය ලා ට වුනත් පැන්ෂන් යන කාලෙ ලංවෙන කොට ගහගන්න බැරුව ගියා. මගේත් කාලේ හරි ඇති. ඒත් තව කතන්දර 150+ ක් තියෙනවා ලියන්න.
4. ඒ එක්කම, මං වෙජිටේරියන්ස් ලා ගේ ලෝකය කතාවේ අගින් ලිව්වා වගේ එක එක කතා, එක එක්කෙනාගේ රුචිය අනුව හොඳ සහ නරක වෙන්න පුළුවන්. මට පුද්ගලිකව ලැබෙන ප්රවතිචාර අනුව සමහරු පොලිටික්ස් ගැවෙන කතන්දර වලට කැමති නෑ. සමහරු පුක ගැන කතන්දර වලට, පඩ කතන්දර වලට, පx ගැන කතන්දර වලට, චූ කතන්දර වලට කැමති නෑ. සමහරු මත්පැන් බොන කතන්දර වලට කැමති නෑ. මේක තමයි අර ඉහත කී රුවන් වැකියේ ෆිල්ටර් එක.
ඉතිං ඔන්න ඕකයි අද සන්ඩේ ස්පැෂල් එක. මොකද හිතන්නේ?
මගේ කතන්දරවලට අකමැති අයට ඒ ගැන මට පුද්ගලිකව කියන්න ඕනැ නම් මෙන්න මගේ ඊ-ලිපිනය.
kathandara@gmail.com
ලියල එවන්න ඕනෑ දෙයක්!
-කතන්දර
ප/ලි:
දැන් මට අද ඉඳලා හෝ ගාලා ඊ-මේල් එන්න පටන් ගනීද මන්දා? (බය නොවෙමි. ගූගල් දෙයියා ජී-මේල් සඳහා ගිගා බයිට් හතක් දී ඇත.)
ප/ප/ලි:
හෙට සඳුදා (මැයි 30) බලාපොරොත්තු වෙන්න - "ඔසප්! ඔසප්!! ඔසප්!!! - ඔසප් ප්‍රමාදය නිට්ටාවට ම සුවකර දෙමි!"
(image: http://digitallabz.com/)
Labels:
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Subscribe to:
Post Comments (Atom)
හ්ම්ම්..සාමාන්‍ය ප්‍රශ්නයක්..බ්ලොග් එකක් ලියන අපි කවුරුත් ඉදහිටලවත් කවුරුවත් කියන්න කලින් තනිවම හිතලා බලන්න ඕන කාරනයක් ඕක..
ReplyDeleteහැබැයි ඔතනදී පැති දෙකක් තියෙනවා.
එකක් අනිත් අයගේ අදහස් යෝජනා කොහොම උනත් තමන් තමන්ගේ තෘප්තිය උදෙසා..ඒ කිව්වේ තමන්ගේ හිතේ හැගීම් පිටට දාගන්න විතරක් භාවිතා කරන බ්ලොග් එකකදී අනිත් අය ගැන..ඒ අයගේ අදහස් ගැන හිතන්න දෙයක් නැහැනේ..
ඒත් අනිත් අයට කියවීම සඳහාම සහ එහෙම කියවන අයගෙන් වදින පැට්‍රල් වලින් දුවන කෙනෙක්නං නිතරම ඔය කාරණය ගැන හිතන්න ඕන..එතනදී තෘප්තියක් ලැබෙන්නේ තමන්ගේ අදහස් පිට කිරීම විතරක් නෙවෙයි ඒ අදහස් කොයි තරං කියවන අයට බලපෑමක් එල්ල කරනවද කියන කාරණාව යටතේ...
ඔය දෙවිදියට බලලා අපි තේරුම් ගන්න ඕන අපි තෘප්තිමත් වෙන්නේ කොයි ක්‍රමය යටතේද කියන එක..සමහර විට මම ඔය කියපු පලවෙනි කාරණාව හරහා බ්ලොග් එක ආරම්භ කරන කකෙනෙකුට උනත් ටික කාලයක් යනකොට නොදැනීම දෙවෙනි කාරණයට අදාලව තෘප්තියක් ලබන්න හුරු වෙන්න පුළුවන්.එතකොට අර මුල් අරමුණ පැත්තකින් තියලා දෙවෙනි එකට අනුව කටයුතු කරන්නත් වේවි.
ඒකෙම අනිත් පැත්ත උනත් වෙන්න පුළුවන්.
......................
බ්ලොග් එක මෙලෝ රහක් නැති වෙන එක කාට උනත් වෙන්න පුළුවන් දෙයක්. ඒක සමහර විට ලියන කෙනාගේ වරදක් වෙන්න වගේම කියවන අයගේ රුචිකත්වය අනුවත් වෙන්න පුළුවන් දෙයක්.
ඒකත් හරියට මං වගේ තනිකඩ මනුස්සයෙක් නිතර කෑම කන හෝටලයක් අතර තියෙන සම්බන්ධය වගේ දෙයක්...
මුලදී කෑම රසයි..ඒකනේ මං දිගටම එතනට යන්න උත්සහ කරන්නේ..ඒත් ටික දවසක් ගිහින් අර හෝටලේ කෑම එකේ රස නිකංම අඩුවෙන ගතියක් තියෙනවා..ඒකට එක හේතුවක් මගේ දිව ඒ රසයට හුරුවෙලා..ඒ රසය ඒකාකාරී වීම..අනිත් දේ තමා එකම කෝකියා හැමදාම එකම විදියට රසය පවත්වාගෙන යෑම..ඒ වගේම ආහාර අලවිය වැඩි වෙන කොට ඉක්මනට කෑම හදන්න ගිහින් රසය පිළිබඳ සැලකිල්ල අඩු වීම... ඒ වගේම වෙන්න පුළුවන් දෙයක් කෝකියා ආහාරවල රසය වෙනස් කරන්න කියලා හිතලා කරන සමහර උපක්‍රම ඇත්තටම ඒ කෑම එකේ රසය අඩුවෙන්න බලපාන හේතුවක් වෙන එක.
මොකද ඒ වෙනස කෝකියානේ තීරණය කරන්නේ..ඒත් කෝකියාට වරදින්න තියෙන ඉඩ කඩ වැඩියි..මොකද සිය දහස් ගානක් කෑම කන හෝටලයක කෝකියාගේ දිවට විතරක් හරියන විදියට රසය වෙනස් කලාට ඒක අර සිය හදසක් දෙනාටම හරියන්නේ නැහැ..එතන ඉන්නවා රස හදුනන අය වගේම මෙලෝ රහක් ගැන අවබෝධයක් නැති අයත්...ඒත් හොද කෝකියෙක්නං ටිකක් විතර ගනුදෙනු කරුවන්ට සමීප වෙලා ඒ අතරින් හොද රසයක් හදුනන පාරිභෝගිකයින් කිහිපදෙනෙක් හෝ සමීපව ඇසුරු කරන එක හොදයි කෑම වල වෙනස ගැන නිතර අහලා දැනගන්න.
බ්ලොග් එක හෝටලයක්නං කතන්දර ඒකේ කෝකියා...ලියන සටහන් තමා කෑම වර්ග වෙන්නේ..අපි කන එවුන්.
දැන් කවුරු හරි පැමිණිලි කරලා තියෙනවා කෑම හරි නැහැ කියලා...එහෙම වෙලාවට අනිත් අයගෙනු මෙන්න මෙහෙම අහලා බලන එකනං හොදයි. දුවන්නේ අනුන්ගේ පැට්‍රල් වලින්නං.
මාර දිවය පුත්‍රයා දීල තියෙන්නේ අපුරු විස්තරයක්. කතන්දර 100 ක් 150 ක් ලියන්න තියෙනවා කියල සිමා වෙන්නේ කොහොමද . ජිවත් වෙන හැම මොහොතම කතන්දරයක්නෙ. කතන්දර වගේ කතන්දර කාරයෙක්ට මමහිතන්නේ ඒ හැම දෙයක්ම කතන්දරයක් කර ගන්න පුළුවන්. හැමදාම ඩබල් සෙන්චරි ගහන්න බැරි වුනාට කමක් නැහැ. ලකුණු දහයක් පහලවක් ගත්තත් මදැයි.
ReplyDeleteමටත් අවන්කවම පහුගිය කාලේ හිතුනා ඔය වගේ, හේතුව අර ඉස්සර තිබ්බ ටිකක් හිනායන ගතිය නැති වෙලා ගිහින් ඇති එක. තරහ වෙන්න එපා. ඒ මොකද අපි කතන්දර කියවන්න ගත්තේ අන්න ඒ හිනායන ගතියට නිසා. ඒත් හැමදාම ජෝකර් කෙනෙක් වෙලා අනුන්ව හිනස්සන කියා නීතියකුත් නැහැ. තමන්ට හොඳයි කියල හිතෙන අලුත් ඉසවු කරා යන්න නිදහස් සයිබර් අවකාශයේ නීති රිතිදා ගන්න ඕනත් නැහැ. [ මේක පල නොකලත්කමක් නැහැ. නිකන් හිතේ තියා ගන්න]
මාරයා +1
ReplyDeleteඑහෙමම අගය අඩුවීමක් හෝ නොවීමක් කියන්න තරම්නං දැනෙන්නෙ නෑ කකා (ඔය ඉතිං මට හිතෙන හැටි නෙවැ, අනිත් අයට කොහොමද නොදනිමි).. සමහර කතා තියෙනවා මට මෙලෝ රහක් නැති, ඉතිං මං කියවලා නිකං ඉන්නවා.. සමහර කතා තියෙනවා බොහොම රස විදින, ඉතිං කියවලා කොමෙන්ටුවකුත් දාලා යනවා.. ඒ විතරක් නෙවේ ආයෙ ආයෙමත් ඇවිත් බලනවා හොද සංවාදයක් ගොඩනැගිලද කියලත්, එතකොට ඒකට සහභාගිවෙන්න පුළුවන්නෙ.. :)
කතාවක් මට රහ නෑ කියලා ඒ ගැන දොසක් කියන්න මට අයිතියක් නැතිබවයි මගෙනම් හැගීම.. මොකද මට නරක දේ තව කෙනෙකුට හොද වෙන්න පුළුවන්නෙ..
පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියන එක නම් පිළිගන්න වෙනවා. ඒත් ඒහෙම වෙන්නේ ඇයි. හැමදාම අපිට එකම විධියට ලියන්න බෑ. ඒ වගේම කියවන්නා හැමදාම ඉල්ලන දේ දෙන්නත් අපහසුයි. හේතු නම් ගොඩක් කියන්න පුළුවන්. කෙසේ වෙතත් කතන්දර වල නම් ඇත්තේ සයින් වේව් එකක් කියලයි මට හිතෙන්නේ. කාලයක් උපරිම තත්වයේ ඒවා ලැබෙනවා ආයෙම ටිකක් තත්වය අඩු ඒවා. නැවත උපරිමයට. මම කියන්නේ මම මේ කතන්දර 284 කියවා ඇති නිසා. කෙසේවෙතත් මේ තත්වය ලෝකේ හැම දේටම පොදු බවක් මම දකින්නේ. තවම නම් කතන්දර අඩවිය අතහරින්න තරම් හේතුවක් මට නෑ.
ReplyDeleteමම ලියන්න හිටපු ගොඩක් දේවල් මාරය ලියල..
ReplyDeleteකතන්දර ශූරීන් මේක පටන් ගන්න ඇත්තෙ අපි කවුරුත් වගේ ආත්ම තෘප්තියට, මේ තරම් රසික පිරිසක් ඇති වුනාම, ඒ ඒ අයගේ සිතුම් පැතුම් එකිනෙකාට වෙනස්. දැන් ඔහේ ඔහේට අයිති නෑ. දැන් ඔහේ අයිති රසිකයින්ටයි... තම රසිකයෝ, හැම මොහොතෙම මතක් කරන් කෙනෙක් තමයි නිහාල් නෙල්සන් මහත්තය. ඉතින් සම්භාව්‍ය අදහස් උනත් දෙන්නෙ සුපුරුදු ටියුන් එකෙන්.
නන්දා මාලනී, ෆ්‍රෙඩී සිල්ව කියන "පාන්කිරිත්තා" කිව්වොත් එහෙම මළ ජංජාලයයි, ඒ වගේම තමයි සුනිල් පෙරේරා "මුනි සිරිපා සිඹිමින්නේ" කිව්වත් වෙන්නෙ. හඳගම හැමදාම ඇඩම්ස් ඔන්ලි හදන්න ඕන, ටෙනී ඔන්ලී ෆෝ කොමඩි. ඕකයි රටේ තත්වේ.
මේක ඔහේගේ වත්, රසිකයින්ගෙවත් වැරද්දක් නෙමේ. සමාජ කොරොමේ වැරැද්ද.. (අමරදේවත් දෙකක් දා ගත්තම බයිල වලට අත්වැල අල්ලනව මම අනන්තවත් දැකල තියෙනව.) සමාජයට රඟපෑමකුත් ,සැබෑ ජීවතයේ වෙන දෙයකුත් තමයි හැමෝම කරන්නේ.
මේ කචල් බචල් නැතුව ඕනම දෙයක් විඳින්න පුළුවන් වාසනා ගුනය තියෙන මටනම් එහෙම දෙයක් දැනුනේ නෑ. සමහර ඒව බෝරින් නොවුනාමත් නෙමේ. (එකම මාතෘකාව ළඟ ළඟ යනකොට.)
කොහොම හරි රසිකයින් අමතක (මං මුලා) නොකර තම අදහස් දැක්වීමට, ඔවුන්ටත් අවස්ථාවක් දීම ඉතා අගය කළ යුතුයි. (නන්දා මාලනීල වගේ රසික කැළ නන්නාතාර නොකර.) එයාල කියයි නේ එයාලගෙ අදහස්.
අපේ අදහස් වලටත් සවන් දීල ,.. "ළඟදීම” දැම්මට අපේ ප්‍රමාණය...!! ෂොරි ඈ.. අපේ ප්‍රණාමය.!!!... තව කතන්දර 150+ නෙමේ 1500+ ලියන්නට, සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව, අපවත් මේ දෙසට යොමුකල ඔබතුමාට ලැබේවා.!!!.
(මතකනේ මගේ මුල් ලිපිය... කතන්දරට පින්...)
කතන්දරගේ බ්ලොග් එකේ කෑම මටනම් අල්ලලා ගියා.ගොඩක් වෙලාවට බඩගිනි වෙලාවට දුවන් එන හෝටලයක් තමා මේක.පහුගිය ටිකේ රාජකාරි ටිකක් වැඩිපුර තිබුනු නිසා වැඩිය මේ පැත්තේ එන්න හම්බුනේ නෑ.මොකද හෝටලේ වහන්නද කල්පනාව.?
ReplyDeleteහැබැයි කොච්චර කිව්වත් බ්ලොග් ලියන කෙනෙකුට ලැබෙන කමෙන්ට් එකක් තරම් සතුටු වෙන දෙයක් නෑ.කාගේ කාගෙත් කිල්ලොටේ හුණු ඩින්ග ඩින්ග හරි තියෙනවනේ.කොටින්ම කියනවනම් කවුරුහරි කියනවනම් මම බ්ලොග් ලියන්නේ මගේ ආසාවට,කමෙන්ට් බලාගෙන නෙමෙයි කියලා ඒක අමූලික බොරුවක්.එහෙම නම් තියෙන සින්ඩිකේටර්ස් හැට හුටාමාරේම බ්ලොගේ රින්ගවන්න අපි උත්සහ කරන්නේ නෑ නේ.
මම හිතන්නේ කතන්දර අයියා උත්සහ කරන්නේ හැමෝටම හරියන කෑම වේලක් දෙන්න.අපි නම් ඔය කොයි කෑමත් කනවා.(නිකන් දෙනව නම්).නමුත් හැමෝම සතුටු කරන්න බෑ නේ.
ලියන පෝස්ට් එකකට කමෙන්ට් බරගානක් ආවා කියලා ඒක ඒ පෝස්ට් එකේ ගුණාත්මක බව මනින්න තියෙන එකම සාධකේ නෙමෙයි නේ.ඇඩල්ට්ස් ඹන්ලි සයිට්ස් වලට හිට්ස් බර ගානක් ලැබුනා කියන්නේ ඒකේ තියෙන අන්තර්ගතය හොද දෙයක් කියන එක නෙමේ නේ.
සින්හල බ්ලොග් අවකාශේ වැඩක් ඇති බ්ලොග් කියලා ගන්න තියෙන්නේ අතලොස්සයි.ඒ අතරේ මගේ රේටින්ග්ස් වල හැටියට මේක ගොඩක් ඉස්සරහයින් ඉන්න බ්ලොග් එකක්.ඒක නිසා දිගටම ලියන්න.ජයවේවා.......!!
අනේ ඉක්මනට හෙට වෙනවනම්...
ReplyDeleteලියන්න පටන් ගන්නේ - මට ඕනි හින්දා
ReplyDeleteලීවේ - මට ඕනි දේවල්
ඒත් දැන්
ලියන්නේ - කියවන අයට රුචි දේවල්
හ්ම් .... කොහොම වුනත් කමෙන්ට් තීරුවක් තියෙන්නේ කියවන්නන්ගේ අදහස් දක්වන්න නම් හොඳ/නරක දෙකම ලියන එක වලක්වන්න බැහැනේ.
මට වුනේ ඕකේ අනිත් පැත්ත කතන්දර...
මම ලීවේ ,මට ඕනි දේවල් , මට ඕනි නිසා... ඒත් අන්තිමට මම ලිව දේවල් එක්ක , කියවන අය මාව ඒ වගේ කරා.අන්තිමට මට වුනේ ඒ වගේ දේවල් ලියන්න. ටැබූ ගැන ලීව වෙලාවෙ , සමහරු මගෙන් ඇහුව ඇයි ඔයා වගේ කෙනෙක් එහෙම ලීවේ කියලා.
කතන්දර කොහොමත් කියවන අය කැමති දේ ලියනවා...
දිගටම ලියමු...
ප/ප/ලි එකේ තියෙන්නේ හොර වෙද්දු ගේ නීත්‍යණුකූල නොවන ප්‍රචාරක දැන්වීම් ක්‍රමයක්...
එලවළු කාලා ඇති වෙලා කට්ටිය කටට රසට කන්න ඕනි කියනව නම් ගෙදර අම්මා කරන්නෙත් දරුවන්ට ඕනි විදිහට උයල දෙන එක මිසක් , දරුවන්ව බඩ ගින්නේ තියන එක නෙමයි....
කතන්දර හොඳ තාත්ත කෙනෙක් නෙව.
කතන්දර බ්ලොග් එක මෙලො රහක් නැති විමට හේතුව ලියන කතන්දර මිස කියවන අයගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලයි මට නම් හිතෙන්නෙ,,අර චිකන්ද ෆිෂ් ද කතාව නම් මෙලෝ රහක් නැති කතාවක්...අළුත් මාලු විකිනිමට තිබේ හැමොම දන්න කතාවක්.. අර බුරුවාගෙ කතාව මම මුලින්ම කියවුවෙ පුංච් කාලෙ විජය පත්තරයකින්. හැම පරන කතාවකටම අලුත් versions තිබුනත් කතන්දර දැම්ම version එක නම් ටිකක් පරනයි
ReplyDeleteකතන්දර හෝටලෙයෙන් ඉක්මනින්ම රස කැමක් ලැබේවා....
@ මාරයා
ReplyDeleteදිගු කමෙන්ටුවට ස්තුතියි. මං ලියන්නේ මගේ ඇජන්ඩා එකට අනුවයි. ඒ කියන්නේ මෙනූ එක මගේ. රහ අඩු වැඩි වීම මං හිතන්නේ දුරු මිරිස් ආදිය මත සහ හොද්ද හැඳි ගෑම මත රඳා පවතින දෙයක්.
ග්‍රහචාරෙත් බලපානවා ඇති. එන්න ඕනෑ වෙලාවක යක්කල පැත්තේවත්!
@ Bindi
ReplyDeleteඔයා කියන දේ තමයි හරි. මට පෙබරවාරියේ දී තිබුනේ ලියන්න කතන්දර සීයයි.
http://kathandara.blogspot.com/2011/02/blog-post_27.html
ඒත් ඒකෙන් ලිව්වේ දහයකටත් අඩුවෙන් මේ දක්වා. ඊට අමතරව වෙනත් කතා හතලිහක් පල කලා මාර්තු මාසේ සිට. ජුනි අග දක්වා තව දහයක් සූදානම්.
ඒ සේරම ඇරලායි දැන් 150ක් තියෙන්නේ.
ඒ කියන්නේ හැමදාම කතා එකතුවෙලා දවසකට එක ගානටත් වඩා!
ඔබේ අදහසටත් ස්තුතියි!
@ Buratheno
ReplyDeleteඔබටත් මගේ ස්තුතිය.
පත්තරේට ලියනවාට වඩා මේ වැඩේ ජොලි කියවනන්න් සමග ඇතිවෙන සබඳතාවය තමයි.
බ්ලොග් නොලියා, කියවීම පමණක් කරන අය ගෙන් බුරාතිනෝ එක් කෙනෙක්. කියවන්නන්ට හොඳම දේ තමයි මේක දුර පලාතක හන්දියක තියෙන එකම මාතර හෝටලය නොවී ලොකු ෂොපින් සෙන්ටර් එකක ෆුඩ් කෝට් එකේ තියෙන කඩ කන්දරාවක එක කඩයක් පමණක් වීම.
මේ කඩේ රහ නැත්තං කෝකියා කන්නෙත් අල්ලපු කඩෙන්...!!!
@ Priynatha
ReplyDeleteමං හිතන්නේ ප්‍රියන්ත මේ කඩේ අතහරින දා වෙනකොට මාත් වෙන කඩේකින් කන්න පුරුදු වෙලා ඉඳියි.
ස්තුතියි මලේ!
කතන්දර ශූරීන් තරම්, මාරය මල්ලී තරම් එහෙමත් නැත්නම් දැන් මේ කමෙන්ට් ලියලා තියන පිරිස තරම් ප්‍රවීනයෙක් නොවුනත් ඔබ වැනි කෙනෙකුට යම් අදහසක් පැවසීමට ලැබීමම භාග්‍යයකි. මම ලිවිය යුතු බොහෝ දේ මෙහි වෙනත් අය විසින් ලියා ඇත.
ReplyDeleteනමුත් මගේ හැඟීම නම ඔබ අප කවුරුත් මෙවැනි බ්ලොග් ලිවීමකට පෙලබුනේ කාරනා කීපයක් නිසායි.
1. අනෙක් අයගේ බ්ලොග් කියවීමෙන් ලැබෙන උත්තේජනය නිසා,
2. තමන්ටත් යමක් ලිවීමට ඇතැයි හැගෙන නිසා,
3. තමන්ගේ ගැන යම් තෘප්තියක් තමන්ට ඇති නිසා,
4. තමන් ජීවිතය ජයගත් හැටි, නැත්නම් තමන්ගේ ප්‍රශ්න විසදාගත් ආකාර ගැන පසුව තමන්ට දැනෙන සතුට හෝ තෘප්තිය අන් අය සමඟද බෙදා හදාගෙන තමන්ට සතුටක් ලබා ගැනීම,
5. හුදු විනෝදය
6. දැනුම ලබා දීම
7. තම මත අනෙක් අයට දැන්වීම
8 දේශපාලනමය
9. වෙනත් හේතු
ඔබ වැනි ප්‍රවීනයන්ගේ මෙවැනි ගැටළු අප වැනි පහඳන්ට ඉතා වැදගත් වේ. මම හිතන්නේ ඉහත ලයිස්තුවට අනුව ඔබ සිටින්නේ, යම් වැදගත් දෙයක් කෙටියෙන් කියන ඔබටම ආවේනිකවූ ක්‍රමවේදයක් තුලයි.
අපට එන රසිකයන් සංඛ්‍යාව හැම විටම අප ලියන රටාව, එම සිතුවිලි, මඟින් අපට බැදී ඇති බවයි. නමුත් අපට ඉද හිට එන රසිකයාට අප ලියන දේ තුල විවිධත්ව අවශ්‍යය වෙනවා. මොකද ඔහු අප හා බැදුනු කෙනෙක් නොවන නිසා. නමුත් මගේ නම් පුද්ගලික අදහස අපට ලැබෙන කමෙන්ට් වලට වඩා අප ලියන රටාව ඉතා වැදගත් බවයි. මොකද එයින් අප හා බැදුනු අපගේම වූ රසිකයන් පිරිසක් අපට හැදෙන බැවින්ද, ඔවුන් බොහෝ දුරට අප හැර නොයන හෙයින්ද වන බැවිනි. නමුත් නිතරම අළුත් රසිකයන් දිනා ගැනීමද වැදගත්ය. ඔබට එය මහ දෙයක් නොවන බවත් මම දනිමි.
ජය!!!
@ මාතලන්
ReplyDeleteඔහේ ගේ මාමණ්ඩි කේන්දරේ බලලා කියන්න දන්නවාය කියපු "යන්න වෙන දවස" වෙනකං කරන නැටුම් කෙලි කවට සිනා නේ මේ සේරම.
ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා කියන්නේ මං කැමතිම සින්දුවක්.
ටිකක් කල් අතුරුදහන්වෙලා පස්සේ මාතලන් වගේ බෝන් අගේන් වෙන්නත් හිතයි!
ස්තුතියි
@ All
ReplyDeleteඑව්රි වන්, මෙන්න මතලන් කියන එයාගේ පමු ලිපිය.
http://maathalan.blogspot.com/2010/04/blog-post_147.html
එහි ඇති -සූ ගේ කමෙන්ටුවත් බලන්න.
@ රජිත්
ReplyDeleteඔබටත් ස්තුතියි.
මං කලින් කිව්වා සේ සඟරාවලට, පත්තරවලට මා ලියන ලිපිවලට වඩා මං මේකෙන් ජොලියක් ලබනවා. ලියන්නත් ලේසියි. කියවන අයවත් අඳුණනවා. ප්‍රතිචාරත් ලැබෙවා, ඊටීසී, ඊටීසී.
ඒ මදිවට කතන්දරත් එකතුවෙනවානේ දවසට එක ගානේ වගේ.
ඉතිං ගමනේ යා!
@ prasanna86k
ReplyDeleteමේ පොඩිවුන්ට ඒ කතා හොඳ නෑ, මං ඇඩල්ට්ස් ඔන්ලි කියලා දාන්න ඕනි.
@ සොඳුරු සිත
ReplyDeleteමං කැමතියි මගේ සිතට සතුටු සිත කියලා දාගන්න. නමුත් ඉතිං ඒකත් ලේසි පාසු වැඩක් නෙමේ නේ.
හැබැයි හිත හොඳ අම්මණ්ඩි කෙනෙක් වෙන්න යන එක නං නුවණට හුරු නෑ. මගේ සඳ බැලුවාද?
ඔබේ අදහස් ගොන්නටත්, අදත්, එදත්, ස්තුතියි.
@ Luckey
ReplyDeleteමගේ ස්තුතිය.
බුරුවා, මාළු කතා දැම්මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා විදියටයි. මගේ කතන්දර යන්නේ සඳුදා, බදාදා සහ සිකරාදා පමණයි.
අද එකත් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා .
Cars-II මූවී එක ලඟදීම එනවා නේද?
@ මහ වෙදනා
ReplyDeleteඔබේ 1-9 වලින් කීපයක් හැර අන් සැම දේ මට අදාලයි. මගේ ප්‍රොෆයිල් එකේ දාලා තියෙන්නේ ත් ඒ කරුණු.
මගේ ස්තුතිය.
මම තාම මුල් යුගයේ....ඔබ තුමා ඔය කියන මෙලෝ රහක් නැති බ්ලොග් අඩවි වලින් එකකට මාව ගොණු කරන්න පුළුවන්..හැබැයි මම ලියනවා.මොකද කවද හරි දවසක රිදම් එකට එයි කියලා හිතාගෙන...හැබැයි කසූ ඔබ තුමා දැන් රිදම් එකේ උපරිමේ ඉන්න කෙනෙක්...ඉතින් මම ඔබතුමාගේ අඩවියෙන් ගොඩක් දේවල් ඉගන ගත්ත බ්ලොග් ලියන්න.මට නම් තාම මේ අඩවිය මෙලෝ රහක් නැති වෙලා නෑ...මං හිතන්නේ කියවන කාටවත් එහෙම හැඟීමක් ඇතිවෙලා නැතුව ඇති....
ReplyDeleteඒහින්දා ඉතුරු 150+ කතන්දර ගානට අමතරව 150+*150+ කන්දර ගණනක් ලියන්ට ඔබ තුමාට හැකියාව ලැබේවා.....
කොහොම උනත් කතන්දර අයියාගේ එල කතන්දර සෙට් එකක් ලගදීම එනවා කියලා පේනවා.එතකන් ඉවසලා ඉමු.
ReplyDelete"සමහරු පුක ගැන කතන්දර වලට, පඩ කතන්දර වලට, පx ගැන කතන්දර වලට, චූ කතන්දර වලට කැමති නෑ. සමහරු මත්පැන් බොන කතන්දර වලට කැමති නෑ."
කැමති නෑ කිව්වට කට්ටිය කැමති මේ කතන්දර වලට තමා...
කියන්න තියන හැම දේම උඩ ලියවිලා තියන හන්දා මට කියන්න දෙයක් නැහැ .........
ReplyDeleteහැබැයි මම නම් දිගටම එනවා මේකට අද ඉඳලා .....
ඉස්සෙල්ලාත් ඇවිත් ගිහිං තියනව ......
අද ඉඳලා ඔන්න මම යාව ජීව සාමාජික කාඩ් එකක් ගත්තා .....
මේ බ්ලොග් ලියවිල්ලත් එසේ මෙසේ කෙරුවාවක් නෙවේ නේද කතන්දර අය්යෙ?
ReplyDeleteමටනම් පේන විදියට මෙකත් කසාද ජීවිතේ වගේ වෙන්ට ඕන. ..
අපි තෘප්තිමත් වෙනටත් ඕන. අනිත් කෙනාව තෘප්තිමත් කරන්ටත් ඕන.ඊට පස්සෙ දරුවො සතුටු කරනත් ඕන. පැටව් සතුටු කරනකොට නෝන සතුටු නෑ. නෝන සතුටු
කරනකොට පැටව් සතුටු නෑ. නෝන සතුටු වෙනෙකොට මහත්තය සතුටු නෑ.ඉතින් ඔක්කොම සතුටු කරන එක අමාරු දෙයක්.
එත් ඉතින් ඔයාගෙ හෙට මාතෘකවට දැනටම ඇනවුම් අවිත්...
පිටපත් මදි වේද මන්දා???
ෂොරිම වෙන්ඩ ඕනෑ...
ReplyDeleteඅර 28 වෙනිදා සෙලබ්‍රේසොන් එකටත් ඔහේටත් කතන්දර හාමිනේටත් මගේ සුභ පැතුම්...!!!
සුභ අනාගතයක්...!!! ෂොරි පොද ලේට් විශස් හොඳේ....
හක් හක්.. මන් මේ කතන්දර කෑලි කියවන්න එවිත් ඒ හැටි දවසකුත් නෑ. ඒක නිසා සන්සන්දනය කොරන්න පරන ලිපිගැන දැන්නෙත් නෑ. :D :D :D ඒත් දැන් ලියන ඒවා අනික් බ්ලොග් වල දකින පොස්ට් වලට සාපේක්ෂවනම් සිරා. ;) ඔවුව කොහොම උනත් දැන් හෙට ලියනවයි කියපු පොස්ට් එක කියවන්නම ඔනි.... ;)
ReplyDeleteවෙඩින් ඇනිවසරි එකට සුභ පතනවා.!.(මමත් පරක්කුයි තමා.)
ReplyDelete@ ශාන්,
ReplyDeleteමං ඔබේ බ්ලොග් එක බැලුවා. හොඳයි, දිගටම ලියන්න.
මේ අද පොස්ට් එක දුකෙන් ලියපු එකක් හෙම නොවේ. අද ඉරිදා ජොලියට දාපු එකක්!
@ රන්දික කුලතුංග
ReplyDeleteඔබේ අදහසට ස්තුතියි!
අපෝ පුක ගැන කතා නං තව නෑ, තියෙන්නේත් එකයි නේ!
@ කල්හාර
ReplyDeleteෆලෝ කරන්න පටන් ගැනීම ගැන ස්තුතියි. ඔබට ජය පතමි.
@ Gihmani
ReplyDeleteස්තුතියි. හැබෑටම ඒක හොඳ උදාහරණයක් නේන්නම්!
හැබැයි හෙට කතාවට අද එන ඉල්ලුම් ගැන නං බයේ බෑ.
@ මාතලන්
ReplyDeleteIts never too late.
To celebrate!
(a wedding anniversay, that is, mate)
@ සුළගිල්ල
ReplyDeleteස්තුතියි අදහස් වලට.
හෙට කතන්දරේ බැලුව වගේ නෙමේ ඔය ඔසප් වීම් නවත්තන්න යව ගෙම නොවේ හරිය?
@ පාල
ReplyDeleteතැන්කියු කිව්වා එහෙනම්. ආයේ හමුවෙමු.
හෙට!
ReplyDeleteකට්ටියට සෙකන්ඩ් වෙන්න බැරි නිසා මමත් දිග කමෙන්ට් එකක් ලියන ගමන් .. ඒක හෙට දාන්නම් ..
ReplyDeleteගොයින් ඩවුන් ද pallang පල්ලන් කියල දෑක්කම මම හිතුවෙ මෑලේසියන් ස්ලෑන්ග් එක්ක වත්ද කියලා; පස්සෙයි තේරුනේ පල්ලම කියලා, කතන්දර සුරීන් බොහොම දෙනෙකුව දහිර්යමත් කරපු කෙනෙක් මාවත් ඈතුලුව. කතන්දර දන්නවා customer is first කියලා.
ReplyDeleteවයාපාරයක් කරන කොට නම් එහෙමයි.
හෑබෑයි මුදල් අරභයා නොකෙරෙන මේ වෑනි කටයුත්තකදී, ඒ සූත්‍රයම ඒ විදියටම යොදවන එක කරන්න බෑහෑ මන් හිතන්නේ ?