Monday 30 May 2011

ඔසප්! ඔසප්!! ඔසප්!!! - ඔසප් ප්‍රමාදය නිට්ටාවට ම සුවකර දෙමි!


පෙර කතාව
නිතඹ ලෙළවමින් ලැසි ගමණින් ඇදෙන තරුණියකි. ඇය දුටු අසල සිටි තරුණයෙකු සෙමෙන් දෙවරක් උරුහම් බා, "ආ ගුඩ් මෝනිං නංගී!" යයි පැවසුවේය.

නොරිස්සුම් බැල්මක් හෙලූ තරුණිය, ඉඟ ගස්සා අඩිය ඉක්මන් කර යන්නට පටන් ගත්තාය.

ඉන් සැලුනේ තරුණයා නොවේ.

"මේ, නංගී, ඕවා තියා ගන්න එපා, හරිය?"

ඔහු මවිතයට පත් කරමින් තරුණියගෙන් ලැබුනේ යස පිළිතුරකි.

"මේ, හලෝ, අපි ඕව තියා ගන්නේ නෑ තමා, මාසෙකට පාරක් හෝදල අරිනව. බොරු නං ගිහිං අහපං උඹලෑ අම්මගෙන්!"

තරුණිය නොදැන සිටි කාරණය නම්, මේ තරුණයාද එසේ මෙසේ පොරක් නොවන බවයි.

"මේ, නංගී, මේකත් අහගන්න. ඔහෙලා මාසෙකට පාරක් හෝදලා අරිනවා තමයි. ඒත් අපිට පුලුවන් ඒක මාස නමේකට නවත්තලා දාන්න. බොරු නං ගිහිං අහපං උඹලෑ තාත්තාගෙන්!"

අදට නියමිත කතන්දරය
මං මිහිර පත්තරේ බලන්න පටන් ගත්තේ දෙකේ පන්තියේදී විතර. පස්සේ තුනේ පන්තියේදී කවියක් ලියලා හොරෙන්ම පත්තරේට දාලා ඒක පලවුණාම, එදා ඉඳලා මහා ලේඛකයෙක් වෙන්න සිහින දැක්කා.

සිහින දැකීම හොඳ දෙයක්. ඒත් ඒ ඩ්රීම් ස්ටාර් ප්ලෑන් කෙසේ වෙතත් මට මේ දක්වාම පුළුවන් වී ඇත්තේ පඩ කතා, චු කතා, කක්ක කතා දෙක තුනක් ලියන්න විතරයි.

තුනේ පන්තියේ දී ම මං පටන් ගත්තා සිළුමිණ වගේ පත්තර බලන්න. මුලින්ම ළමා පිටුව, බන්දුල හරිශ්චන්ද්‍ර ගේ චිත්‍ර කතාව හෙම.

ටිකක් කල් යන කොට වෙන වෙන ලිපි පවා කියවන්න ගට්ස් ආවා. "කියවන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද?" වගේ මහා සංඛීර්ණ දේවල් පවා තේරුනේ නැති වුණත් තේරුණා වාගේ කියවාගන්න පුළුවන්කම ලැබුණා.

ඒ දවස්වල තිබුණා, රිවිරුස කියලාත් පත්තරයක්.

අපේ තාත්තා ඒ දවස්වල ඉරිදාට ටවුමට ගිහින් පත්තර හතරක් ගේනවා. සිළුමිණ, ලංකාදීප, රිවිරැස සහ සන්ඩේ ඔබ්සෝවර්.

හැම ඉරිදා පත්තරේම වගේ රිවිරුස පත්තරේත් තිබුනා ඔය දැන් කාලේ "ලහි පිට" ද "ලුහු පිට" ද කොහෙද කියන ලුහුඬු දැන්වීම් පිටුවක්.

ඔන්න එක දවසක් මං පත්තරේ නැව් පෙරලිලා ද කියලා බල, බල ඉන්න කොට දැක්කා අමුතුම දැන්වීමක්. මේක ඒ ගොඩේ තිබුණු අනෙකුත් පොඩි, පොඩි දැන්වීම්වලින් කැපිලා පෙණුනු බවයි මට මතක.


ඔසප්! ඔසප්!! ඔසප්!!!

කාන්තාවන් ගේ ඔසප් රෝග
ඔබේ ඔසප් වීම මාස දෙකකින්, තුනකින් පමා වූවත් එය නිට්ටාවටම සුවකර දෙමි.

හරිගිය පසු ගාස්තුව ගෙවන්න.

ප්‍රතිකාර කිරීම අහවල් ස්ථානයේ පමණයි.
වෙනත් ශාඛා නොමැත.

විමසන්න.


පාරම්පරික වෛද්‍යාචාර්ය බ්‍රම්පි සිඤ්ඤෝ මයා
ගොඩපොර ගස් හන්දිය
තෝන්තුවාව


බොහොම අමාරුවෙන් කියවා ගත්තේ. අමාරු වචන ගොඩයි නේ.

හැබැයි මං අම්මගෙන්වත් තාත්තාගෙන් වත් ඒ අමාරු වචනවල තේරුම අහන්න නං ගියේ නෑ. හොඳ වෙලාවට.

තුනේ පන්තියේ ළමයි ඉරිදා පත්තර කියවන්න හොඳ නැති බව මට තේරුම් ගියේ හතේ පන්තියේ දී විතර එක්කෝ "ඒ.වී. සුරවීර ගේ හෙය්යංමාරුව" පොත හරි "ගුණදාස ලියනගේ ගේ දෝන කමලාවතී" පොත හරි කියවන වෙලේ ඔය "ඔසප් ප්‍රමාද වුනාම නවත්තනවාය කියන කතාවේ නියම තේරුම" මීටර් වුණාමයි.

මේ දැන්වීමේ තියෙන විදියට ඔසප් වීම් නැවතුනොත් කරන දේවල් ගැන නං මගෙන් අහන්න එපා. ඔසප් වීම නවත්තන විදිය නං මං දන්නවා. දෙපාරක්ම කරලා ඇක්ස්පීරියන්ස් එකත් තියෙනවා.

ඒවා නවත්තලා ටික කාලෙකින් මෙන්න මේවා ඕනෑ වෙන බව මතක තබා ගන්න.

-කතන්දරකාරයා

ප/ලි:
ඔය කාලෙම පත්තරවල තිබුණු ඔය වගේම වෙදකමක් ගැන දැන්වීමක් පටන් ගත්තේ මෙන්න මෙහෙමයි.
පයිල්ස්! පයිල්ස්!! පයිල්ස්!!!

මේ කතන්දරේ කියවල මාත් එක්ක කේන්ති ආපු අය ඉන්නව නං කියන්න, මං ඒ දැන්වීම හොයල එවන්නම්!

(image: http://www.zbais.com/tips-women/menstruation-cycle-and-its-phases.html)

38 comments:

  1. ඔන්න අද ටික දවසකට පස්සේ කතන්දර අයිය "රස වැඩි" කතාවක් දාලා තියෙනවා ...

    මමනම් හිතන්නේ ඕක ගෑනු කට්ටියට හරිම කරදරයක් , ඕක නවත්තලා දෙන එක හරිම පිනක් කියලා ... ඒත් ඉතින් ස්ථීරවම හරණය කරගන්න වෙන්නේ ඒ ගොල්ලන්ටම තමා...

    ReplyDelete
  2. මටත් ලොකු පන්තියකට යනකොට මේ කතාව තේරෙයි නේ :D

    ReplyDelete
  3. නියමයි කතන්දර.. මම හිතන්නෙ අර චූ කතා කක්ක කතා පඩ කතා වගේ මේකත් කතා සීරියස් එකක් වේවි කියලයි... දැන් ඔය කතන්දරට ඕක නවත්තන්න දෙපාරක් එක්ස්පීරියන්ස් තියෙනව කිවුව වගේ කස්ටිය තම තමන්ගෙ එක්ස්පීරියන්ස් කියාවි කමෙන්වලින්... හයි‍යො... කතාවට වැඩියෙ බලන්න ඕනෙ ඒ ටික.. ඕක ලීගලිම එක්ස්පීරියන්ස් එක ගන්න කරන අය.. නැතුව වැරදිලා එක්ස්පීරියන්ස් එක එන්න ගිහින් ඒක නවත්තන පස්ස ගිනි අරන් රට පුරාම දුවපු අයට මතක් වෙනව ඇති නේ... කථාව කියල මටනම් තරහගියේ නැති උනාට අර පයිල්ස්! පයිල්ස්!! පයිල්ස්!!! කතාවත් දාන්න

    ReplyDelete
  4. ආ... කතාවෙ රූපෙ දැක්කාම තවත් එකක් මතක් උනා.. සමහරුන්ට වැරදිලම ඔය එක්ස්පීරියන්ස් එක ආවත් ට්‍රයි කරල ට්‍රයි කරලත් බැරි කට්ටිය ඔය කතාවෙ රූපෙ දෙවනි නිල්පාට කොටසෙදි ට්‍ර්යි කරානම් වැඩි ප්‍රතිපල.. මගේ නම දිහා බලල උපදෙස් මග අරින කට්ටියටයි කියන්නෙ, "බොරුනං ඇවිල්ලා අහපන් කතන්දරගෙන්ම..."

    ReplyDelete
  5. අර මොකා අයියේ පයිල්ස් කියන්නේ...? අනිත් ටිකනම් තේරුනා...

    ReplyDelete
  6. අර මාස දෙක තුනකින් පමාවුනාම නිට්ටාවටම සුවකරදෙමි කතාව පත්තරවල දැන්වීම් වල අනන්තවත් දැකල තිබුනට හරියටම කියවෙන්නේ මොකද්ද කියල මීටර් වුනේ අදනේ. දුක්වෙන්න ඕනද ලැජ්ජ වෙන්න ඕනද කියල හිතාගන්න බැරුව ඉන්නේ.

    ReplyDelete
  7. මම හිතන්නෙ පයිල්ස් කියල සින්හලෙන් දාල තියෙන්නෙ ඉන්ග්ලිස් වලින් pills කියන එක නේද කතන්දර මහත්තයො...
    මරු කතව ඈ

    ReplyDelete
  8. නියම මාතෘකාව.. මටත් තිබුනා ඔහේට තියෙන ලෙඩේම.. "ප්‍රීති" ඇඩ් එක දැකල මමනම් ඇහුව තාත්තගෙන්.. සුපුරුදු උත්තරේමයි හම්බ උනේ. "ළොකු උනාම කියල දෙන්නම්". නැවතුනේ කෙලින්ම දයිය ගාව..(දයානන්ද අයිය හෙවත් මහදැනමුත්තා..)පොඩි කාළේම දැනගත්ත ඒකේ වටිනාකම.. හෙහ් හෙහ්..

    දැන් ඉන්නෙ නවත්වන අයට වැඩිය. නැවතත් වැඩේ ආරම්බ කරල දෙන අය.. මේ සබ්ජෙක්ට් එක අපේ සමාජයේ ටැබූ සබ්ජෙක්ට් එකක්නේ. මේවට පාවිච්චි කරන බඩු භාන්ඩ ගැනත් කතා කරන්නෙ හොරෙන් නැත්නම් කෝඩ් වලින්. ඔය ෆාමසි වලට එහෙම ගියාම බලාගන්න පුලුවන්.

    ඕක පටන් ගන්නෙ ජම්බු ගහෙන් වැටිච්ච දවසෙ ඉඳලනේ.. ඉතින් දවසක් අපි යනව අපේ යලුවෙක්ගේ නංගි වැටිල, එයාව බලන්න. දැරණියගල පැත්තෙ. කඩ මංඩියක වාහනේ නවත්තල ලෙඩාට මොනව හරි ගෙනියන්න කට්ටියම බැස්ස. කඩේ සෙනග සූ ගාල. ඒ උනාට කට්ටිය අයින් වෙලා අපිට ඉඩ දුන්න. එකෙක් දැක්ක ෂෝ කේස් එකේ දාල තියෙන සනීපාරක්ෂක තුවා..

    මුදලාලි අපිට දාන්නකෝ අර බිස්කට් පැකට් දෙකකුත්..

    මුදලාලි ඇඹරුනා.. පාරීභෝගිකයිනුත් එහෙමම උනා

    මහත්තයෝ ඒ බිස්කට් නෙමේ.

    වෙෆර්ස් නේ කමක් නෑ දෙකක් දාන්න.

    නෑ මහත්තයෝ ඒවත් නෙමේ

    මුදලාලිට හීන් දාඩිය දාල මලත් පැන්න

    සංවාදේ තව දිරටත් ගියා.. (හරි හරි මම දන්නව මේක කොමෙන්ට් එකක් කියල ඒකයි කෙටි කරන්නේ..)

    බිස්කටුත් නෙමේනම් වේෆසුත් නෙමේනම් පැම්පසුත් නෙමෙනම් මොනවද මුදලාලි ඒ..

    ඇයි දන්නෙම නැද්ද...?

    ගෙහුං අහ ගනිං තොපේ අම්මලගෙන්... මූසල හැත්ත...

    ReplyDelete
  9. සතුටුයි සතුටුයි. හැබැයි මං නං තාම ඕක නවත්තලා දෙන්න ගිහින් නෑ කාටවත් ;).
    බලමු මේකත් සීරිස් එකක් වෙයිද කියලා.

    ReplyDelete
  10. මම ඊයෙම හිතුවා කකා යන්නේ පොල් පැලේට කියලා. හොද මාතෘකාවක්. ඔය දැන්වීම් වලින් කියන විදියට ඔසප් නවත්තන්න ගිය ගොඩක් අය නැවතුනේ අපායෙ. ඒ නිසා පරිස්සමින්.
    (අර කකාගෙ ක්‍රමේට නම් මමත් එක පාරක් නවත්තල දුන්නා. ඒකත හෙන කට්ටක් දැන්.)
    මේ කථාවෙ හොදම දේ වෙන්නේ ඔබ සමාජයට දෙන පනිවිඩයයි වැදගත්. ඔබට ඒ ගෞරවය ලැබෙනවා.
    පොඩි වරදක් පෙන්නන්නම් අර ඔබගේ චාර්ට් එකේ ෆර්ටයිල් පීරියඩ් එක 15 දිනය නෙමේ 19 විතර වෙනකම් තියනවා.

    මෙතනදි ගොඩක් දෙනා දන්නේ නැති දෙයක් තමයි මේ වැඩ නිසා දිනකට රෝහල් ගතවන ගනන අති විශාලයි. හැබැයි මේක බොහෝ විට ආයුර්වේද එකවුන්ට් එකට බැරවෙන ගතියක් තියනවා. මොකද කොහේ හරි කඩයක් දාල බෝඩ් ලෑල්ලක් අටවන් ඊට පස්සේ දානවා ඇඩ් එකක් ඉතින් ඔය කල්ගිය කට්ටිය එනවා. එයාලට ඕනෙ මේක හදාගන්න විතරයි වෛද්‍යවරයෙක්දවත් බලන්නේ නැහැ. මේ යක්කු කියන්නෙ එයාල ආයුර්වේද වෛද්‍යවරු කියලා. ඇත්තටම වෛද්‍යවරුත් ඇති. ඒත ඉතා සුළු පිරිසක් විතරයි. නමුත් ඔය වැඩේ කරන අය ආයුර්වේද බටහිර තියා මොනවත් සුදුසුකමක් තියන අය නෙමේ

    ReplyDelete
  11. මැරු කතන්දර අයියේ(අයියද අංකල්ද දන්නෙත් නෑ ;-) )
    ලොවෙත් නෑ කතාවනම්...

    මේ මම ඔයාගේ බ්ලොග් එකේ දාන මුල්ප කොමෙන්ට් එක...

    ඔයාට දැන් පොඩි කාලෙ මතක් වෙනකොට මොකද්ද හිතෙන්නේ...??

    ‍මගේ ලෝකෙ පැත්තෙත් එන්නකො වෙලාවක... ඔයා වගේ දැවැන්ත බ්ලොග් ලියන චරිතයක් අදුරගන්න ලැබුන එක ලොකු දෙයක්....

    http://superkolla.blogspot.com/

    ReplyDelete
  12. පොඩි කාලෙ ගැන මතක් වෙලා අද හිනා වෙනවා වගේම .. දැන් කාලෙ මතක් වෙලා වයසට ගියාමත් මේ වගේම හිනා යයිද....දන්නෑ නේද.

    ReplyDelete
  13. ඔසප් නවත්තන්න ඉතින් අර උඩ කොල්ලා කියපු ක්‍රමේට පිලියම් කොරා නම් ඉවරයි නේ..
    මාස් නමයේ ඒවා ගොඩාක් එක දිගට කරා නම් වැඩේ ගොඩ..

    ReplyDelete
  14. මමත් එක පාරක් නැවැත්තුව . . . තාම ඒකෙ කට්ට කනව . . .

    ReplyDelete
  15. හැත්තෑ එකේ කැරැල්ලේ මහ නඩුව යන කාලෙ සාක්කියක කියවුනා, කැරැල්ලට ඉස්සර, මාතර පැත්තේ M .K .R . විජේවීර කියල, පොරට විරුද්ධව, ජෙප්පො කෂ්ටියක්ම පෝස්ටර් ගහල තිබුන කතාවක්.
    ගෙදර කට්ටිය පත්තරේ පිටු බෙදාගෙන හවස කියමින් ඉන්න වෙලාවෙ, අම්ම අහනව තාත්තාගෙන්, M .K .R . කියන්නෙ මොකද්ද කියල. මං ඉතින් කියවමින් හිටපු පත්තර පිටුව චුට්ටක් උඩට උස්ස ගත්ත මුණ වැහෙන්න. තාත්ත කීව එක කුණුහරපයක් කියල. පස්සෙ ඉතින් නොදරුවො නැති තැන කියල දෙන්න ඇති. (මට ඒ කාලෙ අව්. 22-23 ක් ඇති)

    ReplyDelete
  16. අයියලා මාර දක්ෂයො නෙව.පුලුවන්නම් අර උඩ තියෙන ඔරලෝසුව නවත්තන්නෙ නැතුව, පහසු ආකාරයකට කටු ටික එහාට මෙහාට කරන ක්‍රමයක් කියන්නකෝ...

    ReplyDelete
  17. @ගිම්හානි : ඔයාට ඕනි දේ කරන්න පුළුවන් හෝමෝන ප්‍රථිකාර මාලාවකින් ... නැතුව කටු එහාට මෙහාට කරලා පුළුවන් ඔරලෝසුවම නවත්තන්න විතරයි..

    ReplyDelete
  18. දැං නෝටි ෆෝර්ටි වලින් පස්සෙ ඔසප් නවතින කෙනෙක් එහෙම ගියොත් විනාකිරි දාලද දන්නෙ නෑ වැඩේ රීසෙට් කරල දෙන්නෙ?

    මෙහෙ දෙවෙනි පාර නැවැත්තුව එක මං හිතන්නෙ ලබන මාසෙං පස්සෙ ආයි පටං ගනීයි.

    ඇයි නොනවතින ඔසප් නවත්තන ගුරාලගෙ දැන්වීමුත් එමට තීනව නේද?

    ReplyDelete
  19. කාලයක් මටත් ඔය වචනෙ මහ අපබ්‍රංශ වචනයක් වෙලා තමයි තිබුනේ. විශේෂයෙන්ම ඉස්සර අම්මා ගේන සිරිකත, නවලිය, තරුණි වගේ පත්තර වල "හිතට සහනයක්" කියන තීරු කියවන්න පටන්ගත්ත ගමන්.

    ඊට පස්සෙ කාලෙක ඉතින් ඔය චක්කරේ තුන් පාරක්ම නවත්තන්නත් පුළුවං උනානේ.

    ReplyDelete
  20. හාස්‍ය රසයත් එක්කම සිතට නැඟෙන්නෙ දුකක්. කතන්දරල අපි වගේ තවමත් පුංචි ළමයි හරි දැනුමක් නැතිව අඳුරේ ගිලිල. එහෙම වුනාම, ඒ දේවල් වලින් ප්‍ යොජන ගන්න අය තමයි ඔය විදිහට දැන්වීම් දාන්නේ.

    මේ දැන්වීම් මොනද කියන එක , ඔයා මම මේ අනිත් අය වගේම රට කරන වගකිවයුතු අයත් දන්නව... ඒත් තවමත් ඔය දැන්වීම් අනන්තයි අප්‍රමාණයි....

    ලිංගික රෝග සහ රහස් රෝග වගේම ඔය පයිල්ස් ( කවුරුත් දන්න මූලග්ගින්න) රෝගයත් ලැජ්ජා සහගත වසන් කළ යුතු රෝග විදිහට සමාජය තවමත් දකිනව. ඉතින් ඒ ලෙඩ රෝග වැලදුනාම අතිශය දරුණු වෙනකම් සඟවා ගෙන ඉන්නවා...

    මේ බලන්න..මේ කොටස මම උපුටා ගත්තේ මේ සතියේ ඉරිදා පත්තරයෙන්

    //කෘමි නාශක ඉසින ලද තණ කොළ මත වාඩි වී සිටීම නිසා සමාජ රෝග වැළදී ඇති විශ්වාස කරන දරුවන් අද අපේ රටේ සිටිනවා//

    http://epaper.lankadeepa.lk/index2.php?option=com_flippingbook&view=book&id=1256

    කියවල අඩන්නද හිනාවෙන්න ද කියල හිතා ගන්න බැහැ....

    ReplyDelete
  21. මම දන්න කතාවෙ ගැණු දැරිවි ඕකට හොඳ උත්තරයක් දුන්නා,,

    "මේ හලෝ, තමුසෙලාට ඕන විදියට ඕවා නවත්තන්න බැහැ, මම ලඟ මෙයා ඉන්නවා , ඕන නම් කසාද බැන්ද දවසට නෝනාටත් කියලා දෙනවා " කියලා "මිතුරි"යක් පෙන්නුවලු

    ReplyDelete
  22. @ වත්,

    මූලක්ගින්නද මන්ද ඔය අර්ශස් අමාරුවෙ ඕන ප්‍රභේදයක් නිට්ටාවටම හොඳ කරන හාමුදුරුකෙනෙක් මං දන්නව. මේ හාමුදුරුවො රාජගිරියෙ ආයුර්වේදයෙ ලෙක්චරර් කෙනෙක්. පන්නිපිටියෙ දෙපානම දේවාල පාරෙ ගිහින් ගල උඩ පන්සල කියල ඇහුවනම් ඕන කෙනෙක් කියයි. අපේ තාත්තටත්, තව ගෙවල් පැත්තෙ යාලුවො සහ ඒ ගොල්ලන්ගෙ තාත්තල කීප දෙනෙක්ටත් බෙහෙත් කරා, කසාය තුන්පාර බිව්වනං එළියට පැනපු ඔපරේට් කරන්න කියපු ගෙඩිත් සුවයි. අත්දුටුවයි, සත්තයි. හුදී ජන හිතසුව පිණිස මිස ඇඩ්වටයිස්න් සඳහා නොවේ!

    ReplyDelete
  23. නියම කතා ටික කතන්දර අයියේ. නියවලා නියම විදිහට හිනා උනා.

    ReplyDelete
  24. @Mr.Observer,

    M .K .R . කියන්නෙ මොකද්ද ???
    ඇත්තටම දන්නේ නෑ.

    ReplyDelete
  25. ඕව එළිපිට ලියන්න ලැජ්ජයි අපිනම් .ඉස්කෝලේ යන කාලේ කෙලින්ම ඔය වචනේ භාවිතා නොකර ''මාසික දිනුම් ඇදීම වගේ '' වචන තමයි අපි පාවිච්චි කලේ. ඒත් ඉතින් මේ පිරිමි ළමයිට ගානක් නැත්නම් අපිටත් මොකෝ. ලඟදි ඊයක් ආව ඕක නවත්තන්න ගන්න පෙති ජාතියක් නිසා භයානක අතුරු පල ලැබෙනවා කියල . ඔය මාස නවයේ ෂෝට් ටර්ම් ප්‍රතිකාරේ හරි ලොකු උදව්වක් කියලා මෙයාල හිතන් ඉන්නේ. ඒකෙ අතුරු පල කට්ටිය දන්නවනේ. ලෙඩා වගේම වෙදත් අමාරුවේ.

    ReplyDelete
  26. දිග කාලෙකට නවත්තනවට වඩා ලේසියි දවස් බර ගානක් ජොලියෙ ඉඳල, දවස් පොඩි ගානක් තමන්ව නවත්තගෙන ඉන්න එක..හික්ස්...

    එතකොට ඔලුවටත් බරක් නැහැ සාක්කුවටත් බරක් නැහැ (මේ ඇවිල්ල අපි වගේ පොඩි කොල්ලො හිතන විදිහ, පහු වෙනකොට එව්ව වෙනස් වෙන්ට ඉඩ තියේ...)

    ReplyDelete
  27. ඇයි ක.සූ කමෙන්ට් ෆිල්ටරින්ග් අයින් කොරලා...??

    ReplyDelete
  28. හිත හොඳ ගෑණිටනම් ඔය වගේ ප්‍රශ්ණ නෑ. හැමදාම බඩින් නෙව. පැණි අමුඩ ඕනෙම නෑ.

    ReplyDelete
  29. @ පොඩි කුමාරිහාමි,
    "මෝඩයට ### රත්තරන්"

    ReplyDelete
  30. නියම කතා සෙට් එක..පට්ටයි

    ReplyDelete
  31. @ All සියළු දෙනාටම
    මාර ප්‍රතිචාරයක් නේ ළමයිනේ! අපේ ගෙදර සීලිම කැඩුණා හිට් කවුන්ටරේ වැදිලා!!

    පෙර කතාව, මැද කතාව සහ ප/ලි සියල්ල ලියු නිසා මට අමුතුෙ වන් ලියන්න දෙයක් ඉතුරු වුනේ නෑ.

    කතාව බලා කේන්ති ආපු අය අර පයිල්ස් කතාව දැක්ක හින්දා මට නොබැන හිටියා වගෙයි පේන්නේ.

    කාන්තා පක්‍ෂෙනනුත් කමෙන්ට් එකක් දෙකක් වැදිලා තියෙන්නේ.

    හැමට ස්තුතියි!

    ReplyDelete
  32. එල කතාව

    හැබැයි පව් ඔසප් ප්‍රමාදය සුව කරගන්න කියලා මේ පැත්තේ ඇවිල්ලා ගිය ගෑණු ළමයි..........:D

    ReplyDelete
  33. හප්පේ කට්ටියගෙ උනන්දුව ඈහ්....මරු මරු ඔහොම යමු

    වත් මතුකරපු,වෙදා තවත් කරුණු එක්කාසු කෙරපු දේ හරිම බරපතලයි, වගේම සOවේදියි.....

    ReplyDelete
  34. පඩ කතා, චූ කතා, කක්කා කතාවලට ඔන් දැන් උතුනි කතාවකකුත්.. හක් හක්...
    කවුද අප්පේ මේවුව කියොල කේන්ති ගන්නෙ.. ;)

    ReplyDelete
  35. ඔය ඔසප් ප්‍රමාදය සහ දරු පල නැති වීම නිසා හිතෙන දුක් විඳින පිරිසක් ඉන්නවා. මං ඒකයි මත පල නොකරන්නේ. මේකට බෙහෙත් තියෙනවා නේද? හොර වෙද්දු ලඟට යමින් හෝ හංගාගෙන ඉඳීමෙන් පාලක නැති ප්‍රශ්නයක්.

    ReplyDelete
  36. මොනවා කියන්නද මන්දා :))

    ReplyDelete
  37. " ලව් කිරීමට උපදෙස් - පාඩම් අංක 2"

    ඊළඟට මේක දැම්මොත් මොකද ??

    ReplyDelete
  38. පයිල්ස්! පයිල්ස්!! පයිල්ස්!!!

    මේ මොකෑ...!?? :(

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.