Friday 25 February 2011

කතන්දරහාමිනේ ට මෙව්ව එකක් අරං දුන්නු හැටි


උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ, මරණයක් කොටා ඇත නළලේ කියල කියනවනේ. උපන්න කවුරුත් මැරෙනවා, මගේ තාත්තත් මැරුණා, මගේ පුතා ගේ තාත්තත් මැරෙනවා.

ඇත්තටම කියනවා නං මගේ පුතා ගේ තාත්තා නං, මැරිල ඉපදුණා ය කියලත් කියන්න පුළුවන් බය නැතුව.

ඉතිං, කාලෙකට ඉස්සර දවසක, කතන්දරකාරයයි, හාමිනේ යි බැඳපු අළුතම වගේ, මට ආවා මේ මරණ බය. ඒ කියන්නේ, දැන් බැන්දට පස්සේ දෙන්නගෙන් එක් කෙනෙක් මැරුණොත් අනිත් එක්කෙනා තනි වෙනවා නේද කියන භයානක සිතුවිල්ල.

කවුද බලලා තියෙන්නේ "ගෝස්ට්" කියන මූවී එක? මේ මං කියන්නේ අර පැට්‍රික් ස්වාසී, ඩෙමී මෝ, වූෆී ගෝල්ඩ්බර්ග් රඟපාන චිත්‍රපටිය ගැනයි.

මේ මුවි එකේ කතාව මෙහෙමයි. ජොඩුවක් බැඳපු අළුත, මිනිහා රොබරියකට අහුවෙලා මැරෙනවා. හැබැයි ඇත්තටම මේක සෙට් කරපු එකක්. දෙන්නා ගේ ම යාළුවෙක් මේක සෙට් කරලා තියෙන්නේ මිනිහාව මරලා ගෑනිව අයිති කරගන්නයි.

මැරිච්ච මිනිහා ගෝස්ට් කෙනෙක් විදියට ඇවිල්ලා ඇත්ත එලි කරලා, තමන් ගේ හිටපු ගෑනිව, මේ කරදරෙන් බේරා ගන්න හදනවා.

හැබැයි මේ කතන්දරේ, මේ මං කියා ගෙන යනවට වැඩිය හරිම දුක හිතෙන කතාවක්.

මෙතනදී අවතාරෙට තමන් කවුද කියන එක හරියටම ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ, පොර වයිෆ්ට අරං දුන්නු පුංචි තෑග්ගක් ගැන මතක් කරලායි.

ඉතිං, අර භායනක සිතුවිල්ල අතරේ, මේ කියන "ගෝස්ට්" චිත්‍රපටිය ගැනත් මතක් වුණු නිසා, කතන්දරකාරයාටත් හිතුනා හාමිනේ ට ඒ වගේ අමතක නොවෙන තෑග්ගක් අරං දෙන්න.

අන්න බලන්න හොඳ හස්බන්ඩ් ලා!

මට කෙලින් ම හිතුනේ කතන්දරහාමිනේ ට මෙව්ව එකක් අරං දෙන්න ඕනෑ කියලා.

නමුත් ඉතිං ඔය එව්වා ගැන, මෙව්වා ගැන, මං හරියට නොදන්න හින්දා, මං හිතුවා මේ ගැන පොඩි උපදෙසක් ගන්න කතන්දරහාමිනේ ගේ බැචියෙක් ගෙන්.

මේ බැචී ත් බැඳලා කොළඹ ට කිට්ටුව හිටියේ ඒ දවස්වල.

මං කෝල් එකක් දාලා අලෝමා ගෙන් ඇහැව්වා, මෙව්ව වල හොඳ වර්ගය මොකක්ද? කොහෙන්ද මෙව්වා එකක් ගන්න පුළුවන් වගේ සරල ප්‍රශ්ණ කීපයක්.

අලෝම ගත් කටටම කියපි, "අනේ කතන්දර, හොඳ වෙලාවට ඔයා මේ කතා කලේ. මගේ හබියා ලබන සුමානේ සිංගප්පුර් යනවා. එයාට කියලා හොඳම මෙව්ව එකක් ගෙන්න ගන්න පුළුවනි. මං වැඩේ බාරගන්නං" ය කියලා.

මටත් මාර ජොලි. මේ අවශ්‍යතාවය ගැන හිතුවාම, ගන්න එකේ හොඳම මෙව්ව එකක් නේ ගන්න ඕනෑ. එතකොට සෙන්ටිමෙන්ටල් අගය වැඩියි නේ!

මං ඉතින් ඔන්න ප්ලෑන් කළා, අලෝමා ගේ හබියා තිරාන් සිංගප්පූරුවෙන් මෙව්ව එක ගෙනාවාම, හාමිනේ ව හොඳ රෙස්ටුරන්ට් එකක ඩිනර්වලට එක්ක ගෙන ගිහිල්ලා, අර නිකං චිත්‍රපටිවල තියෙනවා වගේ ම කඳුළු පනින විදියට මේ වැඩේ කොරඤ්ඤං, කියලා.

නමුත් මොකක්ද දන්නවද සිද්ධ වුනේ?

හරියටම තිරාන් කාරයා සිංගප්පූරුවේ ගිහින් ආපු දවසට පස්සෙ දවසේ ම කතන්දරහාමිනේ කොළඹ ගිය වෙලේ බැචී හම්බ වෙන්න අලෝමා ගේ ගෙදර ගිහින්.

මේ වෙන කොට අලෝම යි තිරානු යි බැඳලා අවුරුදු එක හමාරක් විතර ගිහින් පොඩි කොළු පැටියෙකුත් ඉන්න කාලේ. ඒක හින්ද ද කොහෙද අලෝමා ට මං මෙව්ව එකක් කතන්දරහාමිනේ ට අරං දෙන්න ගිය ප්ලෑන් එකේ තිබුණු සුන්දරාත්මක බව තේරිලා නෑ වගේ.

අලෝමා කරලා තියෙන්නේ "ආ මෙන්න එදා කතන්දර මට කෝල් කරලා කියපු විදියට මෙව්ව එකක් අරං ආවා සිංගප්පූර්වලින්" කියලා, ඒ මෙව්ව එක කෙලින්ම කතන්දරහාමිනේ ගේ අතට දීලා.

මං ප්ලෑන් කරපු විදිය ට ඒ තෑග්ග හම්බ වුණා නං දැනෙන්න තිබුණු තරම් ම ම නොවුනත්, කතන්දරහාමිනේ ට පොඩි පහේ ජොලියක් යන්න ඇති මේ සර්ප්‍රයිස් ප්‍රසන්ට් එක ගැන.

ඊ ලඟට වෙච්ච එකයි අති දරුණු වැඩේ!

අලෝමා කතන්තරහාමිනේ ට කියලා මෙන්න මෙහෙම.

"මතකනේ මං ඔයා ගෙන් දැන් මාස හයකට විතර කලින් ගත්තු ලෝන් එක? ඒකෙන් මේ මෙව්ව එකට ගිය ගාන අඩු කරලා, මෙන්න ඉතුරු සල්ලි. ඔන්න දැන් අපේ ණය ගණුදෙනුව හමාරයි!"

"...ආ, ආ, ආ, ආ, ආ, ආ, ආ,.. ..,හ්, හ්, හ්, හ්!!!"

-කතන්දරකාරයා

ප/ලි
ඔය අන්තිම ලයින් එකේ තියෙන්නේ එදා කතන්දරහාමිනේ ගෙදර ආවයින් පස්සේ, මංතුමා දුක් වේදනාවෙන් කෑ ගහපු සද්දෙයි.

27 comments:

  1. පින්තූරෙ තියෙන මෙව්වා එකක්ද අරං දුන්නෙ?

    කතන්දර හාමිනේතුමෝ ඩොකීවරියෙක්දෑ?

    ReplyDelete
  2. අහෝ ඛේදයකි!
    අයියණ්ඩි ඕනෑවට වඩා පිල්ම් බලන්ට එපා :D

    ReplyDelete
  3. උඩින් දුක් වුනා වගේ පෙන්නුවාට යටි හිතෙන් පොඩි සතුටක් විඳින්න ඇති.....

    අපි නොදන්න කතන්දර....

    ReplyDelete
  4. අලෝමා වැඩේ අනලනේ ඉතිං.

    හැබැයි කතන්දර අරතරම්ම නැතත් ඒ වෙච්ච විදිහෙත් ලොකු අවුලක් නෑ නේද!

    හාමිනේ ගෙදර එනකං කල්පනා කර කර එන්න ඇති, කතන්දර, හාමිනේ ගැන කොච්චර හිතනවද කියලා. කාටවත් නොකියා කතන්දර කරන්න ගිය වැඩේ ගැන හිතලා, කතන්දර ගැන තිබ්බේ සෙනෙහෙ වැඩි වෙන්නත් ඇති මගෙ හිතේ.......

    ReplyDelete
  5. මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවති.නය ගත්තොත් නම් කිසිදා නොම දේවි.

    ReplyDelete
  6. මාර අම්මන්ඩියෙක්නෙ
    අපිත් ඉස්කෝලෙ යන කාලේ ඔය විදිහ ගනුදෙනු කරල ටියනවා
    පට්ටයි
    හැබෑටම මොකද්ද ඔය "මෙව්ව" එක?

    ReplyDelete
  7. කතන්දර කෙසේ කීවත් කතන්දරගෙ අප්‍රබංස කතන්දර කියවීම එපා වෙනවාය !

    පලි:
    ඒත් ඉතින් කතන්දරලු නෙ ඇවිත් බලනවා:)

    ReplyDelete
  8. hutaz....kala hamarayi.....maru yaliwo nowe idala tiyenne....:P :P

    ReplyDelete
  9. මමත් මේ මෑතක තමයි ඔක බැලුවෙ. කොච්චර පරණ එකක් උනත් ප්ලොට් එකනම් නියමයි, හැබැයි ඊට වැඩිය දුක් සීන් එකක්නෙ කතන්දරට වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  10. කතන්දරහාමිනේ ගේ රස්සාව [කලින් ම මට හිතිලා තිබ්බේ] සාර්ථකව හොයා ගත හැකි විය.

    ReplyDelete
  11. මලා ...

    පුදපු ගමන් කාපි යකා ... අපරදේ අර යාලුවාව දෑනුවත් කරලා තියන්නේ තිබුනේ...

    මෙන්න මෙහෙමයි කියලා

    ReplyDelete
  12. මෙහෙමත් හබියො.... වයිෆ්ගෙ සල්ලි වලින්ම වයිෆ්ට තෑගි අරන් දීලා...

    ReplyDelete
  13. "මේව්ව එක" කිව්වම මතක් වුනේ, හැත්තෑ ගණන් වල මුල හරියෙ, ලංගම ප්‍රධාන මධ්‍යම වැඩපොළ වේරහැර තියෙන කාලෙ, එහෙ තිබුන මරණාධාර සමිතියට අලුතින් පත් වුන
    බාන්ඩාගාරික "පොලී බඩා " යන ගව්රව නාමයෙන් හැඳින්වුන පුග්ගලය තම මංගල කතාව පවත්වමින් මෙසේ වදාළ සේක.
    "ගරු සභාවෙන් අවසරය්, මාව මේ තනතුරට පත් කර ගැනීම ගැන මම ඔබ සියලු දෙනාටම........ඔබ සියලු......ඔබ සියලු දෙනාටම......සියලුදෙනාටම.......මම ඔබ සියලු දෙනාටම...........
    .........මම ඔබ සියලු දෙනාටම.....මෙව්ව වෙනව"
    කස්ටියට හිතාගත්ත හැකිනෙ අත්පොලසන් නාදෙ (හූවේ) සද්දේ.

    ReplyDelete
  14. ඔයිං එකක් ගන්නත් පිරිමි හිත හයිය වෙන්න ඕන . මෙවුව එක ගොඩක් ගනන්ද ? අපරාදේ පංචිකාවත්තෙන් අරගෙන සිගප්පු වලින් ගත්තා චගේ බ්‍රවුන් පේපරියකින් ඔතලා තමන්ගේ අතින්ම ගිහිං දෙන්න තිබුනා මදැයි උදවු ගන්න ගියා .

    ReplyDelete
  15. අයියෝ Surprise Present එක වැරදුනා මදිවට කතන්දරහාමිනේ ගේ සල්ලි වලින්මයි ඒක අරගෙන තියෙන්නේ

    ඒකත් මාරු වැඩේ

    ReplyDelete
  16. හී හී..... කතන්දර හාමිනේ ගෙදර ඇවිත් කොස්ස වගේ යමක් අතට ගත්තද කතන්දර කාරයාට අර වාගේ වේදනාවෙන් කෑගහන්න සිද්ධ උනේ???? මදැයි අලෝමා සුන්දර අවස්ථාවක් එහෙම්පිටින්ම නැති කරල නෙව... කමක් නෑ කමක් නෑ තව ලස්සන තෑග්ගක් අරන් දෙන්න....

    ReplyDelete
  17. ඇත්තට අයිය​ට එදා මොකෙන්ද බෙදුවේ... වෙනදා බෙදන හැන්දෙන් නම් වෙන්ට බෑ... ටිකක් ලොකු එකකින් වෙන්න ඕනේ...

    ReplyDelete
  18. ඒකත් හොඳයි වැඩේ...හාමිනේගෙම සල්ලි වලින් හාමිනේටම මෙව්ව දෙන එක....

    කිව්වත් වගේ හාමිනේ පෙති,සිරිOජර එක්කද හැප්පෙන්නේ.....

    ReplyDelete
  19. මල සෙක කියුවලු...

    කණ දික් උනෙ එදා ඉදල නෙද?

    ReplyDelete
  20. mata mathaka hatiyatanam kathandara thamange nona doctor kenek bawa mita kalin liyala thibuna. ayi ara Mr. Somapala BA (Hons) kathaweth Somapala mahaththaya kathandarage nonata katha karala thiyenne Dr. (Mrs.) Kathandara kiyalane.

    ReplyDelete
  21. මෙවුව එක කිවුවෙ ස්ටෙතස්කෝප් එකක් ද? මමත් මගේ කලින් ගැනු ලමයෙක්ට මෙවුව එකක් අරන් දුන්න ලිට්මන් බ්‍රෑන්ඩ් එක.

    ReplyDelete
  22. කතන්දර කතන්දරහාමිනේගේ ගානෙම හාමිනේටම තෑගි අරන් දීල තියෙන්නේ.. අන්න ඒ ශිල්ප ක්‍රමය නම් මරු අපිටත් ප්‍රගුණ කරන්න.

    ReplyDelete
  23. mokakda meuwa ekak kiyanne?

    ReplyDelete
  24. Ano - January 7, 2012 6:29 PM
    මෙව්ව එක කියන්නේ මෙව්ව එකටනේ මෙයා...!!!

    ඇත්තටම කියනවා නම් මේ කතාවේ මං මෙව්ව එක කියලා දැම්මේ ඒ තෑග්ග මොකක්ද කියන එක කතාවට කෙලින්ම අදාල නැති නිසා.

    මෙව්ව එකේ ෆොටෝ එකක් තමයි උඩින් තියෙන්නේ.

    ReplyDelete
  25. Ela story eka :)

    ReplyDelete
  26. මෙව්වා එකක් මරු මරු !!

    ReplyDelete
  27. මොනවද බං මේ තේරුමක් නැති වල් පල් කතා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.