Sunday 11 July 2010

කේක් ගෙඩි අප්පු - Happy B'day Kathandara


මං පුංචි කාලෙ බලපු සිංහල චිත්‍රපටියක එක කොටසක් තාමත් මට හොඳට මතකයි. මේක බර්ත් ඩේ පාටි එකක්. ගෙදර ලස්සනට සරසලා තියෙනවා. බැලුම් බෝල. ක්‍රේප් කොල. සාරි, ටයි කෝට් පිරිලා.

ඔන්න ලොකු කේක් එකක් තියෙනවා. ඒක කපනවා. හැමෝම අර ලෝකේ වැඩියෙන්ම කියන සින්දුව (දන්නවනේ?) කියනවා. ඒ සින්දුවම ඔන්න සිංහල පෙම් ගීයකට මෝප් වෙලා යනවා.

චන්දන ඇල්ලෙන් නාලා... ...

සුපිරි කිරි පිරි ඉතිරි කොළඹ අවට සහ වෙනත් නගරවල පොෂ් කට්ටියට නං ඔය වගේ බර්ත් ඩේ පාටි තියෙන්න ඇති. ඒත් දියකිරි තියා කැකිරි වත් නොතිබුණු ගමේ ගොඩේ අපිට නං ඒවා නිකං චිත්තරපටි කෑලි විතරයි.

කුකින් ක්ලාස් ගිහින් කේක් හදන්න ඉගෙන ගත්තායින් පස්සේ නං ඔන්න අපේ අම්මා අපේ උපන් දිනවලට කේක් හදන්න පටන් ගත්තා. ඩේට් කේක් තමයි අම්මගේ ප්‍රියතම කේක් වර්ගය. සමහර වෙලාවට අම්මා බටර් කේක් හැදුවා. ඒත් අර අයිසින් කරන්න උගන්නපු දවසේ අම්මට ක්ලාස් එක මිස් වෙලයි තිබුනෙ, ගෙදර වැඩ කටයුත්තක් නිසා. ඒ නිසා අර චිත්‍රපටියේ තිබුණු හැඩ වැඩ දාපු කේක් නං සැලෝලයිට් වලින් මේ පැත්තට ආවෙම නෑ.

අපේ දෝණි ගේ අවුරුද්දේ උපන් දිනය තමයි ඔන්න මං සම්බන්ධ වුනු මුල්ම උපන් දින සාදය. හැබැයි ඒක තිබ්බෙ ඉරිද දවසක හවස. ආවෙත් දුවගෙ ආච්චිල කීප දෙනෙක් විතරයි. කතන්දර හාමිනේගෙන් එදා අපූරු කේක් එකක් ලැබුණා. ඒ කේක් එක ගත්තු බංගලා හන්දියෙ බේකරි කඩෙන්ම අපි ගත්ත රෝල්ස්, කට්ලට්ස්, පේස්ට්‍රීස් ගොඩාරියක්.

කෙල්ල ගේ උපන් දිනේ පිට දාලා අපි දීල ඇද්ද උස්මුරුත්තාවටම එනකං.

දැනුත් අවුරුද්දකට තුන් හතර වතාවක් අපේ ගෙදරට ලඟ කඩෙන් බර්ත් ඩේ කේක් ගෙඩි එනව. ගීතය ගැයෙනව, කේක් කැපෙනව, කැවෙනව. නමුත් අර සාරි, ටයි කෝට් සහ චන්දන ඇල්ලෙන් නාලා සීන් එකක් නං තාමත් නෑ.

මේ සේරම කතන්දර කිව්වෙ පොඩි කේස් එකක් නිසයි.

අද තමයි කතන්දර බ්ලොග් එකේ උපන් දිනේ. පහුගිය අවුරුද්දෙ ජුලි 11 දා තමයි මේ කොටි වලිගය අල්ල ගත්තෙ.

මූ හොඳ කොටියෙක්.

මේ වගේ වැඩක් අවුරුද්දක් තිස්සෙ හති නොවැටී කරගෙන යන්න නං, අපේ කාලේ භාෂාවෙන් කියනව නං, "හොඳ ගැට්ටක්" තියෙන්න ඕනැ. ඔය ගැට්ට තියෙන්න ඕනැත් ශරීරයේ එක්තරා ස්ථානයකයි.

අද මේ උපන් දිනේ ට "කේක් ගෙඩි අප්පු" සම්බන්ධ වෙන්නේ ඒ ආකාරයෙනුයි.

පහුගිය අවුරුද්දක කාලය තුල මට ප්‍රතිචාර එවපු, ඊ-මේල් එවපු, කතන්දර ලියල එවපු, මගේ පරණ කතන්දර මට මතක් වෙන දේවල් කියපු හැමෝටම මගේ බොක්කෙන් ම ස්තූතිය.

කතන්දර බ්ලොග් එකට හොඳම වින්දනාත්මක අඩවිය ලෙස සම්මානයක් දෙන්න තීරණය කරපු රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමයටත් තැන්ක් යූ එකක් වේවා!

ඒ සේරටමත් වැඩිය ලොකු දෙයක් තියෙනව.

දුකා ගේ, ටැබූ ගේ සහ ඒ එක්කම මගේ මේ බ්ලොග් එකත් බලල කතන්දර ලිවීමේ කලාවට සැලකිය යුතු පිරිසක් පහුගිය වසරක කාලය තුල එකතු වීම තමයි මට තියෙන ලොකුම සැටිස්ෆැක්ෂන් එක.

අනාගත සිංහල ලේඛකයෝ බිහිවෙන්නේ මේ බ්ලොග් අවකාශයෙන් කියන එකයි මගේ මතය.

එහෙනං ඉතිං හැපි බර්ත් ඩේ කියල ඔය කේක් ගෙඩි අප්පුව අපි බෙදා හදා ගනිමු.

සිංහල බ්ලොග් අවකාශය සදාකල් දිනේවා!

කතන්දරකාරයා
1. මගේ ආරම්භක පෝස්ට් එක - ජාල සටහනක ඇරඹුම
2. මුල්ම කතන්දරේ - කාලෝ ට සීට් එක දුන්නු දා

61 comments:

  1. හැපී බර්ත් ඩේ. ඕං මං ඕක දෙකට කපල කෑල්ලක් කනවා

    ReplyDelete
  2. සුභ උපංදිනයක් වෙවා...ඔන්න මාත් අනික් බාගය කැවා...තරහා නැහැනෙ ?

    ReplyDelete
  3. හැපිබර්ත් ඩේ! කතන්දර මම ඔයාට තෑග්ගක් එව්වා! අය්යෝ ඔයා මේල් චෙක්කලේ නැද්ද? මං හිතුවා ඒක යාලුවන්ට පෙන්නලත් ඈති දැනටමත් කියලා

    ReplyDelete
  4. සුබම සුබ උපන්දිනයක් වේවා. තවතවත් රසවත් කත්තන්දර ලියන්නට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි පතමි. "කේක් ගෙඩි අප්පු" ගැන කියනාව නම් මම මුලින්ම ඉස්කෝලෙදි ඇදගෙන නෑවේ ඕකට අහුවෙලයි.....:D......

    ReplyDelete
  5. සුබ උපන් දිනක් වේවා.

    "කේක් ගෙඩි අප්පු" කියන එක දිගටම කියාගෙන ගියොත් ඔය පින්තූරෙ ඉන්න කේක් ගෙඩිය උඩ පනින හේතුව හොයාගත්තෑකි.
    :D

    ReplyDelete
  6. සුබ පැතුම්

    තව තවත් කතාන්දර ගෙන ඒමට හැකි වේවා !!!!!!!!!!!

    ReplyDelete
  7. ඔන්න මගෙනුත් සුබ පැතුම් :) සුබ කතන්දර උපන් දිනයක් වේවා‍ :D

    ReplyDelete
  8. සුබ පැතුම් අයියේ..! ඔන්න මමත් කේක් කෑල්ලක් කෑවා :D

    ReplyDelete
  9. සුබම සුබ කතන්දර උපන්දිනක් වේවා

    ReplyDelete
  10. nice post,lets stand aginst those who tarnish buddism , make a comment
    http://lanka1-answers.blogspot.com/
    බුදුදහමට නිගා කරන අයට නිසි පිළිතුරු ලබා දෙමු , ඔබේ අදහස් මෙහි පල කරන්න

    ReplyDelete
  11. Taboo Subjects11 July 2010 at 08:37

    මගේ මතකයේ තිබුණේ කතන්දර මට සමාන්තර කාලයක මේ බ්ලොග් අඩවිය පටන් ගත් බව. මා වැරදි බව දැන ගත්තේ දැන්. වසරක කාලයක් තුළ හිට්ස් 126,000+ කියන්නේ සිංහල බ්ලොග් අවකාශයේ වාර්තාගත අත්දැකීමක්.

    මගේ පුංචි පෞද්ගලික අත්දැකීමක් මෙයට එක් කරන්නම්.

    අඩි 30,000ක් උඩදී ටැබූට එහා පැත්තේ වාඩිවී සිටි (පැය කිහිපයකට පෙර හඳුනාගත්) මිතුරිය කියනවා ඇය ඉතාම ආසාවෙන් සිංහල බ්ලොග්ස් කියවන බව. ටැබූත් ඉතින් සුපුරුදු ප්‍රශ්නය අහනවා.

    "මොකද්ද ඔයා කැමතිම සිංහල බ්ලොග් එක?"

    "හ්ම්ම්ම්...මං පටන් ගත්තේ නම් දුකා, බූන්දි, බියොන්ඩ් ෆ්‍රේම් වගේ බ්ලොග් කියවලා. දැන් නම් මං කම්පියුටරේ ඔන් කරපු ගමන්ම කරන පළවැනි දේ කතන්දර බලන එක..ඒකට ගොඩාක් ගෑණු ළමයිනුත් කමෙන්ට් කරනවා නේද?"

    ටැබූට පුංචි ඉරිසියාවක් නොහිතුනාම නෙවෙයි.

    ReplyDelete
  12. ඔය ''කේක් ගෙඩි අප්පු"" එක දිගට කියාගෙන යද්දි තමයි කසූ ඇත්තටම අපට කවන්න යන දේ තේරෙන්නේ... ;-)

    ReplyDelete
  13. චිරාත් කාලයක් වැජඹේවා!

    ReplyDelete
  14. ආ මේ ඉන්නෙ කතන්දර, සංවත්සරේ වෙලාවෙ විදෙස් සිත්තරා දැකපු විදිහට
    http://www.facebook.com/home.php?#!/photo.php?pid=308319&id=100000256806646&ref=notif

    ReplyDelete
  15. මගෙන් සුභ පැතුම් හැබැයි අද මම වෙනස් දෙයක් කලා. කවදාවත් මගේ බ්ලොග් එකට කිසිම බ්ලොග් එකක ලින්ක් දාල ආව නැති මම අද ලින්ක් එකක් දෙනවා. ගිහින් බලන්නකෝ
    http://priyantha-ab.blogspot.com/2010/07/blog-post_11.html

    ReplyDelete
  16. සුභ උපන්දිනයක් වේවා......

    ReplyDelete
  17. උණුසුම් සුභ පැතුම්! බ්ලොග් ගඩොල් වලටත් හොද උත්ප්‍රේරකයක් වුණේ කතන්දර තමයි!!

    ReplyDelete
  18. උපන් දිනයට සුභ පැතුම්..

    ReplyDelete
  19. මගෙත් බ්ලොග් කලාවෙ මුල්ගුරු වුනේ කතන්දර... ජය වේවා.... සුබ කතන්දර උපන් දිනයක් වේවා...... කරුමෙ කියන්නෙ කතන්දරගෙ කේක් ගෙඩි අප්පු උදේ පාන්දරම දෙන්නෙක් බෙදාගෙනම කාලා........

    ReplyDelete
  20. සුභ කතන්දරයක් වේවා.!

    ReplyDelete
  21. හැපිම හැපි බර්ත්ඩේ එකක් වේවා...

    ReplyDelete
  22. සුභම සුභ උපන්දිනයක් වේවා..!!
    ජය...!!!!

    ReplyDelete
  23. සුභ උපන්දිනක් වේවා . . . . තව අවුරුදු සීයක් කතන්දර කියන්නට අපේ කතන්දර ශූරීන්ට වාසනාව හා ශක්තිය ලැබේවා . . . . !

    ReplyDelete
  24. රෝහනදීර සීයා11 July 2010 at 10:34

    කතන්දර කොලුවො, මාත් උඹේ බොලොගේ කියවන්න පටන් අරං වැඩි කලක් නෑ. ඒත් මෙන්න බොට පින් දුන්න මේ නාකියට දවස ගානෙ කියවන්න දෙයක් දෙනවට. සමහර ලියුං නං මල් හතයි බං. හරියට මං පැංච සංදියෙ කියෝපු කවට කතිකයා වගෙ.

    රෝහනදීර සීයා

    ReplyDelete
  25. සුභ පැතුම් අපේ කකා අයියන්ඩියට!!සහ කතන්දර බ්ලොගයට!!

    චිරං ජයතු කකා!!

    ReplyDelete
  26. ජය ශ්‍රී !!!

    ReplyDelete
  27. සුභම සුභ උපන්දිනයක්! දිගටම කතන්දර කියන්නට දිරිබලය ලැබේවා!!! :)

    ReplyDelete
  28. සුභම සුභ උපන්දිනයක් වේවා..!!

    ReplyDelete
  29. Wishing you a very happy b'day! මට මතකයි ඉස්සර අපේ තාත්තා මං පොඩි කාලේ bite කරනවා උපන් දිනේ දවසේ උපන් ඇඳුම පිටින් ඉන්න පින්තූරයක් ගන්න ඕනේ කියලා. කතන්දරගෙත් එහෙම ගත්ත පින්තූරයක් තියෙනවද?

    ReplyDelete
  30. ඔන්න ඉතිං මාත් ආවා කාකාට සුභ පතන්න.
    ඒත් ඉතිං ඔය කේක් ගෙඩි අප්පු නැතිවාට කමක් නැහැ.

    ඇත්තටම සිංහල බ්ලොග් අවකාශය තුළ තමාටම ආවෙණික රටාවක් තුළ වෙසෙමින්, ඔබ කරගෙන යන්නා වූ මෙම කටයුත්ත ලේසි පහසු නොවනා බව අමුතුවෙන් කියන්න ඔන නැහැ.
    මොකද බ්ලොග් එකක් නීරස වෙන්නේ නැතිව, අනුන්ගෙන් කොපි කරන්නේ නැතිව, කියවන්නන් ඇඳ බැඳ තබා ගනිමින් එක දිගටම පවත්වා ගෙන යාමෙ තිඛෙන ම තිඛෙන අපහසුව මාත් දවසින් දවස විඳින දෙයක්.
    ඔබ ඒ කටයුත්ත පිළිවෙළකට කරගෙන යන හැටි පුදුමාකාරයි.

    ඔඛෙ බ්ලොගය මට අහු උනේ මම මෙ පැත්තේ කරක් ගහන්න ඇවිත් ටික කාලයක් ගියාට පස්සේ උනත් එදා ඉඳලා මෙවනතුරු මාත් නිරන්තරයෙන්ම කියවන බ්ලොග් එකක් තමයි කතන්දර.
    දවසින් දවස වෙනත් ආකාරයේ මාර්ග වලින් යමින් මෙය තුළ විවිධත්වය රඳවාගනිමින් අද යන ගමන එසේම සැමදා රැදේවා.

    ReplyDelete
  31. සුබ උපන්දිනයක් කතන්දර කුමාර සූරීන්ගේ බ්ලොග් අඩවියට. මම කමෙන්ට් නොකලට නිතරම දිනපතාම කියවන එකම එක බ්ලොග් අඩවිය මේක.

    මගේ බ්ලොග් ගුරුන්නානෙසෙත් කතන්දර සූරීන්ම තමයි . ඒ වුනාට නිතරම ලියන එක හරි අපහසු කාරියක් . කතන්දර ඒක අකුරටම කරනවා. ඒ ගැන මගෙ බලවත් සතුට ප්‍රකාශකරන්න කැමතියි.

    ReplyDelete
  32. ඔන්න මමත් සුබ පතන්න එකතුවෙනවා. මම වෙන්න ඇති අඩුවෙන්ම කමෙන්ට් කරපු කෙනා. ඒත් මම හැම පෝස්ට් එකක් වගේම කියවලනම් තියෙනවා. දිගු ගමනකට සුබ පැතුම්.

    ReplyDelete
  33. සුභ උපන්දිනයක් කතන්දර අයියගේ කතන්දර බ්ලොගයට......

    මාත් කතා කියෙව්වට වැඩිය කමෙන්ට් දැම්මේ නැති කෙනෙක්...... සමාවෙන්න ඒ ගැන.

    කොහොම හරි කොටි වලිගය තව තවත් තදින් අලාගන්නට හැකිවේවා කියලත් පතනව..........!!!!!

    ReplyDelete
  34. සුබ ම සුබ උපන් දිනයක් වේවා ! මේ කොටි වලිගය තව තවත් දිග වෙන්න කියල පතනවා.

    ReplyDelete
  35. සුබ උපන්දිනයක් වෙවා...!!!
    කෙක් නැනේ... ඉටිපන්දම් කැල්ලක් වත් කමු....
    කකා බ්ලොග් 1ක ගැන කියන්න වචන නැ... එක නිසා නිකා ඉන්නව..
    කකාගෙ තත්තට ඉක්මන්සුව පතනව.......

    ReplyDelete
  36. සුභ උපන්දිනක් වේවා !!!!!!!!!! අනේ ඉතින් මේ මටත් බ්ලොග් කෙරුවාවට බෑ නොකියා උදවු කරේ කතන්දර ශූරීන් තමයි. ඒ වට ඉතින් thank you කියන එක හරි මදි. ගොඩාක් පින් කියල තමයි කියන්න ඕනෙ.
    කතන්දර පිටුව සැමදා යෙහෙන් වැජඹේවා !!!!!!!!!!!!

    මේ වගට කතන්දරකාරයාට කතන්දර එවූ චූටි ටීච,,,,,,,

    ReplyDelete
  37. පවුලත් රැකගෙන තව තවත් කතන්දර ලියන්න ලැබේවා!!!

    ReplyDelete
  38. සුබ උපන්දිනයක් කතන්දර අයියේ.... අවුරුද්දක් කියන කාලය තුල නොකඩවා මේ වගේ වැඩක් දිගටම කරගෙන ආපු එක නම් ලොකුම ජයග්‍රහනයක්.... දිගටම කරන් යමු.... අපි ඉන්නව හැම දාමත්...


    කේක් ගෙඩි අප්පු නම් එපා... හික් හික්... කේක් කෑල්ලක් කන්නම් කො හික් හික්

    ReplyDelete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. මම කතන්දර blog එක කියවන්න පටන් අරන් සති දෙකක් නෑ. කතා තුන හතරක් කියවනකොට මේ blog එකේ තියන රසය වැටහුනා. ඉතින් දවස් දෙකක් නිවාඩු දාලා මුළු කතන්දර blog එකම මුල ඉඳන් අගට කියෙව්වා. ගොඩක් අය වගේ මාත් ජාල ගත වුන ගමන් කරන පළවෙනි කාර්යය මේ පැත්තට ගොඩ වදින එක. සමහර ටෙලි නාට්‍ය වල වගේ හැම දේම විස්තර කරලා අපේ බුද්ධියට නිගා නොකර නිසි තැන් නියමාකාරව හසුරුවා කතන්දරයක් කියන එක ලේසි පාසු රාජකාරියක් නොවේනේ. ඉතින් ඔන්න චිරාත් කාලයක් මේ ගමන යන්නට මගෙනුත් සුබ පැතුම්. සුබ උපන් දිනයක් වේවා කතන්දර blog එකට.

    ReplyDelete
  41. හප්පා මම එද්දී කේක් එකේ පොඩි කෑල්ලක්නේ තැබුනේ....කමක් නෑ කමක් නෑ...ඔන්න හැපි බර්ත් ඩේ ටූ කකා... කියල මමත් මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......දිගටම කතා කියන්න ලියන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  42. අවුරුද්දක් තිස්සෙ කතන්දර කියන එකටත් වඩා එන්න එන්න ඒවගෙ ජනප්‍රියත්වය වැඩිකරගමින් තත්වය පවත්වාගෙන යාම, පියෙකුගෙ, සැමියෙකුගෙ රාජකාරි සහ රාජකාරිය අතරෙ මෙච්චර ලිවීම වගේම අපි වගේ තව ගොලයො පිරිසක් බිහිකිරීම, මේ සේරම ඔබම කිව්ව වගේ ප්‍රාථිහාර්යන් තමයි. ඔබට චිරාත් කාලයක් මේ අඩවිය පවත්වාගෙන යන්න අවශ්ය ශක්තිය ධෛර්ය ලැබේවා..උණුසුම් සුභපැතුම්, තවත් ඔබේ ගෝලයෙකුගෙන්..

    ReplyDelete
  43. උදේම ඇවිත් මම කේක් කෑල්ලක් නම් කැව... මගේ යන්න තිබ්බ ගමන පරක්කු වෙන නිසා කොමෙන්ටු කරන්න බැරි වුනා...සුබ පතන්න බැරි වුනා...(කමක් නැහැ උදේම කාපු නිසා ලොකුවට කේක් කැල්ලනම් කෑව... දැන් කන්න හිටියනම් කුඩුත් නැහැ නේ)

    කේක් ගෙඩි අප්පු ... දිගටම කියවන්න නම් නරකයි නේද....

    කතන්දර ලියා අප සිත් පුබුදුවන
    නිරන්තර සිනා පොද මුව රදවමින
    තවත් තව තවත් ලියනට දිරි දෙමින
    පත්නෙමි සුබ උපන් දිනයක් හදවතින

    ලියන්නට ගියොත් ගුණ දොස් නිමක් නැති
    කියන්නට තරම් වරදක් වෙලත් නැති
    කතන්දර ලොවේ රජ වී කලක් නිතී
    සිටින්නට ලැබේවා පිටු තුල නිතර රැදී

    ලියන්නට තවත් පෑනක් ලැබේවා
    කියන්නට කතන්දර දහසක් සිතේවා
    කන්නට කේක් ගෙඩියක් නම් මදි වූවා
    ලබන සැරේ අප්පු ටිකක් ලොකු වේවා ( බේත් ගන්න වෙයි ද)

    ReplyDelete
  44. කුටුම්බියත් තරාදියේ සමබරව
    දෙමාපියන්ටත් කළගුණ සලකමින
    දුවා දරුවනුත් සුරතල් කර නිතින
    අගේ කරමි ලියන කතා නිරතුරුව

    ReplyDelete
  45. අඩේ....... කතන්ඩල බ්ලොගේ උපන්ඩිනේඩ අඩ. ෂා.... මලුනෙ අලේ..... එළ එළ ඔන්න ජේ.ඩී කොලුවගෙනුත් සුබ පැතුම ඈ........... කොටිවලිගෙ ඉතින් කොහෙ අතාරින්නඩ නේඩ..... හික් හික් හික් බැරිවෙලාව්ත් අතාරින්ඩනම් එපා හලිය :)

    ReplyDelete
  46. ආවඩා ආයුබෝවේවා!!!

    ReplyDelete
  47. සුභම සුභ උපන්දිනයක් වේවා කතන්දකාර අයියේ !!

    ReplyDelete
  48. සුබ උපන්දිනයක්

    ReplyDelete
  49. suba upandinayak wewa ka.ka. ...!!!
    thawa awrudu gaanak liyanna shakthiya labewa..

    ReplyDelete
  50. සුබ උපන්දිනක් වේවා කතන්දර බ්ලොග් එකට..!

    ReplyDelete
  51. සුබ උපන්දිනයක් වේවා !

    ඒ වගේම ගෙඩියට බෙහෙතුත් ගන්න සහොදරයා.

    ReplyDelete
  52. සුභම සුභ උපන්දිනයක් වේවා..!!

    ReplyDelete
  53. අවුරුද්දක්ම කතන්දර ලියන්න ඇත්තෙ වාඩිවෙලානෙ? නිකම්ම කේක් ගෙඩියක් නැතුව කේක් ගෙඩි අප්පු මතක්වුනේ ඒ නිසාමත් වෙන්න ඇති.

    උපන්දින වලට කේක් කැපෙන කතන්දරේ නිසා මේ අවුරුද්ද සපිරෙන දවසත් කතන්දරේකින්ම පිරවිලා...

    කිව්වත් නොකිව්වත්, ලිව්වත් නොලිව්වත්, සුභ පැතීම, ඉත සිතින් සුභපැතීම වෙනවා වෙනවාමයි, මේ සටහනක වචනයක් වචනයක් ගානේ.

    නවසිය අනූවේ විතර මගේ යාළුවෙක් ගෙනත් දුන්නා මුලින්ම වගේ පරිගණක වල සිංහල ටයිප් කරන්න හැදූ මෘදුකාංගයක්. මම එතෙක් ලියා තිබු කවි රචනා සේරම ටයිප් කලා. එදා හිට අද වෙනකොට අන්තර්ජාලය බිහිවෙලා විතරක් නෙවෙයි, අපි සුද්ධ සිංහලෙනුත් ඒකෙ සටහන් ලියනවා.

    කතන්දරකාරයා ලියා ඇතිදේ හරි. මේක තමයි තෝතැන්න අනාගත කතා කාරයන්ගේ. වැදගත්ම දේ ඒ මිටියා‍වතේ කැකිරි පිපිඤ්ඤා වලටත් මල් පිපෙන්න පලදරන්න ඉඩ තිබීමයි. ඒ ඉඩකඩ හදා දෙන එක අපි කවුරුත් කලයුතු දෙයක්.

    මොන හේතුවකටද මන්දා කේක් එක්ක කෙහෙල් ගෙඩිත් තිබ්බා නම් කියල හිතුණා. ලෙමන් පෆ් නම් හොයාගන්න අමාරුයි නෙ.


    උපන් දිනේ උපන් දිනේ දිගින් දිගට පහුවෙන්නයි
    අකුරු කොටන ඇඟිලි වලට විඩා දුකක් නොම වෙන්නයි
    පියම්බිකා හිස අතගා තවත් තවත් දිරි දෙන්නයි
    කතා කතා එකතු වෙලා කතා මිදුල පිරවෙන්නයි

    සුභම සුභම සුභ උපන් දිනයක්...!

    ReplyDelete
  54. කතන්දර බ්ලොග් එකේ පළමුවෙනි උපන් දිනේට සුභ පැතූ හැමෝටම මගේ ආදර ස්තූතිය. අපි හැමෝටම ජයවේවා!

    ReplyDelete
  55. කම්පියුටර් එකේ ඔන්ලයින් ගේම් ගහ ගහ හිටපු මම සිංහල බ්ලොග්ස් කියවන්න වහ වැටුණෙ අපේ මනුස්සය මට බැණලා, 'කතන්දර' බලන්න සලස්වපු වෙලාවෙ ඉඳලයි..! ඉතිං 'කතන්දර' පටන් ගත්ත දවස මටත් අති විශේෂ දවසක්....!! සුබ ම සුබ පැතුම්..!!!

    ReplyDelete
  56. සුභ පැතුම් ලොකු.ඔයාගේ කතා නියමයි

    ReplyDelete
  57. සුපුරුදු ලෙංගතුකමින් තවත් කාලයක් සිංහල බ්ලොග් අවකාශේ කරක් ගැසීමට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ කතන්දරසූරීන්ට :)

    ReplyDelete
  58. ඊයේ පෙරේදා sihlala blog කියවන්න පටන් ගත්ත මගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
  59. බ්ලොග් කරනයේ නව නැම්මක් ඇති කල...බ්ලොග් කලාව රසවත් කල...කතන්දර බ්ලොග් එකට..සුභ උපන් දිනයක් පතමි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.