Wednesday 23 June 2010

මෙන්න අදහන්න වටින වයිෆර් ලා!


මේ කතන්දරේ බැලුවට පස්සේ අපේ කාන්තා පක්‍ෂයේ උදවිය මට ඒ ගොල්ලන් ගේ හැඳිමිටවල් වලින් පහර දෙන්න ඒවිද මන්දා?

ඒත් බය වෙන්න දෙයක් නෑ. මගේ කතන්දර හාමිනේ මාව බේර ගනීවි නොවැ.

කතන්දරේ නං ඈත ඉස්සර අහපු එකක්. මං හිතන්නේ මුවන් පැලැස්සේ වෙද මාමා වගේ පොරක් කිව්වේ, එක දාස් නමසිය බර ගනං වල රේඩියෝ එකේ.

හැබැයි අද මේක මගේ සිහියට ආවේ ප්‍රියන්ත සගයා ගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැකලායි.

ඔන්න අතීත කාලෙක, මොකද දැන් කාලෙ නං මේ වගේ දේවල් වෙයි කියල හිතන්න අමාරුයි, එක මිනිහෙක් ගෑනිව කසාද බැඳල ගෙදරට එක්කං ආපු මුල් දවසෙම කිව්වලු මෙන්න මෙහෙම.

"හැමදාම මට බත් කන්න දෙන කොට, අමතර වතුර වීදුරුවකුයි, නූලක් අමුණපු ඉඳිකට්ටකුයි මේසෙ උඩින් තියන්න හොඳේ."

ඉතිං ඒ සුවච කීකරු බිරිඳත් ඒ වැඩේ, ඒ විදියටම කළා.

අන්තිමේදි දෙන්නම වයසට ගිහින් දැං ඔන්න මිනිහ මරණ මංචකයේ ඉන්නවා. ගෑනි ඇඳ ලඟ.

ගෑනි අහනවලු මිනිහගෙන් මෙන්න මෙහෙම.

"අපි දෙන්න බැඳල දැන් අවුරුදු පනහකටත් වඩා කල් ගතවුනා. අපි බැන්ද දවසෙම ඔයා මට කිව්ව කෑම මේසෙන් අමතර වතුර වීදුරුවකුයි, නූලක් අමුණපු ඉඳිකට්ටකුයි තියන්න කියල. මං හැමදාම ඒක කළා. ඇත්තටම ඇයි එහෙම මට කිව්වෙ. දැන් අපේ යුග දිවිය ඉවර වෙන්න යන වෙලේවත් මට කියන්න ඒව ඔයා ට ඕනැ වුනේ ඇයි කියල ඔයා කැමති නං."

මනුස්සය කිව්වලු මෙහෙම.

"මං කන වෙලාවට බත් ඇටයක් හෙම බිම වැටුනොත්, ඒක ඉඳිකට්ටට අමුණල අරගෙන වතුර වීදුරුව ඇතුලට දාල හෝදල ආපහු පිඟානට දාගෙන කන්නයි මං ඒ අමතර වතුර වීදුරුවකුයි, නූලක් අමුණපු ඉඳිකට්ටකුයි ඉල්ලුවේ."

"ඒත් මං දැක්කෙ නෑ ඔයා කවදාකවත් ඒ අමතර වතුර වීදුරුවකුයි, නූලක් අමුණපු ඉඳිකට්ටයි පාවිච්චි කරනව."

"ඔව් ඇත්ත, මා අතින් කවදාකවත් බත් ඇටයක්වත් බිම නොවැටුනු නිසා මට ඒව කවදාකවත් ඕනැ වුනේ නෑ!"

මේ කතන්දරෙන් ගැහැණු අයට ගන්න තියෙන හොඳම ආදර්ශ කීපයක් තියෙනව නේද?

ගැහැණු, පිරිමි හැමෝටමත් ගන්න පුළුවන් හොඳ ආදර්ශ තියෙනව, නේද මෙයාලා?

-කතන්දරකාරයා

20 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අහ් එළ එළ ගන්න නම් ගොඩක් ආදර්ෂ තියේ තියේ. මේ මනුස්පය වගේ ඉන්දිකට්ටුවක් සමග නූලකුයි වතුර වීදුරුවකුයි බත්කනවිට ලගින් තබාගත යුතුයි. එතකොට බත් අහකයන්නෙ නෑ නොවෑ........ හික්ස් & ලොල්.

    මටහිතා ගත්ත්හැකි ඔය වයිෆරේ ලා වැටුන බත් අහක් කොලද්දි හිතන දේවල්. කට සැර කෙනෙක් නම් ටිකක් වෙලා කනේ පුලුන්කෑලි තම ගහන් ඉන්න වෙන්නෙ ලොල්. අනික තමා කනදේ හරියට වට්ටන්නෙ නැතුව කෑවනම් කාටවත් බැනුම් අහන්න වෙන්නෙ නෑ නේ.

    ReplyDelete
  3. හාපෝ..............මහ කුණු ලෝබයෙක්ද කොහෙද....
    පුදුමයි...දෙයක් අහක නොදමන එක පිරිමියෙක් හරි උන්න කියද්දිත්......හික්ස්...

    මොකද වැඩියෙන්ම නාස්ති කරන්නේ පිරිමිනෙ .....බොරුද මම අහන්නේ....හි හිහි හී.....

    දන්නවද කාකා....මම දවසක් මගෙ යාළුවෙක්ගෙ ගෙදර ගියා. ඉතින් මේ යාළුවගෙ අම්ම ටක් ගාලා නෙස්ටමෝල්ට් කෝප්ප දෙකකුත් හදාගෙන ආවා මටයි යාළුවටයි. මම දැක්කා එක කෝප්පෙක මැසෙක් වැටිලා ඉන්නවා. මම ඒක පෙන්නපුවම ඒ අම්මා මැස්ස හැන්දකින් අරන් විසි කරලා දාලා මගේ යාළුවට කියනවා...." දැන් වැටුන එකෙන්නෙ පුතේ...ඔන්න ඔහෙ බීලා දාන්න..නෙස්ටර්මෝල්ට් හරි ගනන්නෙ" කියලා.....

    ඊයා.....

    ReplyDelete
  4. මේ කියන මනුස්සයා මේ විදිහට බත් ඇට එකතු කරන්නත් හිතුව නම් අනිත් දේ වලට කොහොම ලෝබ ඇද්ද? මේ කියන සුවච කීකරු භාර්යාව අවුරුදු 50 හිටියට,,,,,,,,,,,, අනේ මන්දා ආදර්ශ නම් තියෙනවා තමයි,, කොයි තරම් දුරට ප්‍රායෝගික වෙයි ද මන්දා,,,,

    ReplyDelete
  5. මම නම් මේකෙ අදහස ගත්තෙ .. තමන් කරන දෙය හරියට කරන්න කියන එකයි.
    හලා ගන්නෙ නැතුව පිලිවෙලකට කෑවනම් ඕනම දෙයක් කාල සද්ද නැතුව නොකෑවා වාගේ ඉන්න පුලුවන්...[අහු වෙන්නෙ නැතුව...]

    මේක කියෙව්වම මටත් කතාවක් මතක් වුනා.. ඒක දිග වැඩි නිසා වෙනම පොස්ට් එකක් විදිහට දාන්නම්.

    ReplyDelete
  6. බැඳපු දවසෙම ඕක ඇහැව්නං ඉවරනෙ. පිස්සු පොරක් එක්ක අව්රුදු පනහක් සද්ද නැතිව හිටපු මේගෑණිටත් පිස්සුද කොහෙද .

    ReplyDelete
  7. ගත හැකි ආදර්ශ :‍‍

    01) සැමියාට සුවච කීකරු හාර්යාවක වීමේ කිසිම වරදක් නැත.( භාර්යාවට අවහිරයක් කරදරයක් නොවෙයි නම්)
    02) තමන්ට අවහිරයක් නොවන කිසිදෙයක් ගැන නොවිසිම.( මන්ද බිරිද තරුණ අවධියේ මෙයට හේතු කාරණා වමසා දැන ගත්තේ නම් වයසට යන තෙක් එම විවාහයේ රැදි සිටී දෝයි සැක සහිතය)
    (03) හැමොටම දෙන ආදර්ශය තමයි බත් කන කොට බත් විසිරුවා නොගෙන කන්න කියන එක.

    ඉදිකට්ට ගිල්ලොත් එහෙම වැරදිලා වත්... ආහ් කමක් නැහැ. නූල දාපු ඉදිකට්ටක් නිසා නුලෙන් ඇදල ගමු.( හැදි මිටේ නුවන)

    මේ කකාට නම් කතන්දර හාමිනේ තියන නුළයි ඉදිකට්ටයි අමතර වතුර වීදුරුවයි හරි ප්‍රයෝජන් ලු නේද?

    ReplyDelete
  8. @ දිල් : බත් කන සීන් එකේ නම් ලෝබකම් නෙවෙයි , අරපිරිමැස්ම නේද පෙන්වන්නේ , අනික අරපිරිමැස්මයි ලෝභකමයි අතර ලොකු වෙනසක් තියනවානේ (*// මෙතැන්දි අපි අපකල්පනය කරමු මිනිහා නූලක් අමුණපු ඉඳිකටුව තියාගෙන හිටියේ ඒක අහුලලා හොඳලා කන්නමත් නෙවෙයි කියලා //*).

    ඔයාගේ නෙස්ටමෝල්ට් එකේදි නම් කියන්න තියන්නේ ඒක ඔයාලට අපිරිසිදුකම වුණාට ඒ අම්මට නම් සල්ලි ප්‍රශ්ණ කියලා . දැන් කියන්න එපා අපෝ මමත් අපිරිසිදුයි කියලා , යම් සංසිද්ධියක් එක එක්කෙනා එක එක ඈන්ගල් එකෙන් බලන්න පුලුවන් , අනික සියල්ලන්ම සර්ව සම්පුර්ණ නෑනේ ~

    ReplyDelete
  9. @ දිල්
    මස් මාලු එක එක විදියට - උයලා තම්බලා, අමුවෙන්, පුලුස්සලා කනවනම් මැස්සෙක් වැටුන තේකක් බිමේ වැරැද්දක් තියනවද
    මම නම් කියන්නේ මැස්ස අයින් නොකරම බිව්වානම් තමා වැඩිය හොඳ - නොමිලේම ප්‍රෝටීනුත් ලැබෙනවා නොමිලේම ප්‍රතිශක්තිකරනයත් ලැබෙනවා නොව
    පිරිසිදු අපිරිසිදු කියනදේ, කන නොකනදේ සාපෙක්ශයි
    මැස්සෙක් උනත් උනුවතුරෙන් තම්බා ආහරයට ගන්න පුලුවන්

    ReplyDelete
  10. මම නම් හිතන්නේ මෙතනින් පෙන්නනේ මේ මිනිහගේ ලෝබකම නෙමෙයි, බත් කද්දී බිම වැටුනොත් ඒ බත් ඇට ආයෙත් කන්න වෙන නිසා පරිස්සමින් බත් කන්න හදා ගත්තු පොඩි උපායක් වගේ. බිම වැටිච්ච බත් කන්න අකමැති නිසා බිම වට්ටන්නේ නැතුව කන්න වෙනවා.. (හරිද වැරදිද දන්නේ නෑ, මගේ ටිකිරි මොළේට හිතුන හැටි )

    ReplyDelete
  11. කතන්දරේ නම් හොදයි තමයි යාළුවා... ඒත් මාත් ඇතුළුව අද කාලේ ඔයවගේ වයිෆ් කෙනෙක් හීනයක් තමයි.... දාහක් ප්‍රශ්න අහන්න හිතෙනවනේ...

    ReplyDelete
  12. මේ කතන්දරේ ඉන්න පොර ලෝබයෙක් නෙමේ. මාත් හරිම අකමැතියි කෑම නාස්ති වෙනවට.

    කෑම අපතේ යවන එක මහ පව්කාර වැඩක්. දවසකට ලෝකයේ කී දෙනෙක් නං බඩගින්න නිසා මැරෙනවද?

    ReplyDelete
  13. @ කසූ - හැබෑවටම කීයක් මැරෙනවද සහෝ ?

    ReplyDelete
  14. බැඳල අවුරුදු පනහක් යනකන් අර ටික මොකටද කියල කිව්වෙ නැති එක වැරදියි.
    ඒක එච්චර කල් අහන්නෙ නැතුව හිටිය එකත් වැරදියි.
    ඒ වගේම බිරිඳ දන්නව,සැමියට කොච්චර කන්න පුළුවන්ද කියල.ඒකනෙ එක ඇටයක්වත් ඉතුරු නොවුනෙ.(අපේ අම්මලත් එහෙමයි මම හිතන්නෙ, අපිට කන්න පුළුවන් ගාන දන්නව )
    අනික බිම හලන්නෙ නැතුව කන්න පුළුවන් කියන්නෙත් ලොකු දෙයක්.

    ReplyDelete
  15. ඔය වැඩේට නූල මොකටද? ඉදිකට්ට විතරක් ඈතිනේ?

    ReplyDelete
  16. මාත් ඔය කතාව අහල තිබුණා...විහිළුවක් වගේ දැනුනට අන්තර්ගතයේ ලොකු ආදර්ශමත් කරුණු රැසක් සැගවිලා තියෙනවා...

    ReplyDelete
  17. @ බුද්ධි
    ඇයි චූටි මහත්තයෝ.... නූල නැත්තං ඉදිකට්ට හොයාගන්න CSI එකට කතාකරන්න වෙයිනෙ.

    ReplyDelete
  18. ගීත්
    එයානම් මේකාලේ බිරින්දෑ කෙනෙක් වෙන්න බෑ. නැත්තං අවුරැදු 50 ක් බලා ඉදීද. එව්වා ඉතිං බැදපු මිනිහෙක්ම තමා දන්නේ. අනේ මංදා කොල්ලෝ.

    ReplyDelete
  19. methana hangila thiyenne ae manussayage birindata thiyena aadaraya,,,"oya uyapu eka bath atayak wath ahaka danne nathuwa mama kawa darling'' kiyala marena mohotheth ara ganu manussayawa santhosa kala ae manussaya,,,,gahaniyak minihekgen koiwelaweth balaporoththu wenne honda comments....

    ReplyDelete
  20. මටනම් හිතාගන්න බැහැ....ම්..ම්..ම් ඔකෙන් අදහස් 2ක් කියනව 1) ආහාර හොයාගන්න ‍රැකියාවෙදි මහන්සිවී මුදල් හොයන්න වන නිසා අරපරෙස්සම ගැන හිතල බත් ඇට අපතේ නොයව අහාරයට ගැනිම. 2) ලොබකම

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.