Tuesday 8 June 2010

තවත් ලව් ලෙටර් එකක තවත් කතාවක්


අල්ලපු පන්තියෙ කෙල්ලෙක් මට ලව් ලෙටර් ලියපු එක ගැන මගේම කතන්දරේට වැඩිය ජොලි කතන්දරේ තමයි අපේ අයිය කෙනෙකුට කෙල්ලෙක් දීපු කවි ලියුම ගැන කතන්දරේ.

ඒ කවියට අපේ අයිය කාරය ලියපු පිලිතුරු කවිය මට දැන් අමතකයි. මං හිතුව අපේ බ්ලොග් කියවන අය අතර සෑහෙන්න රසවත් නිර්මාණ කරන්න හැකියාව තියෙන අය ඉන්න නිසා කවුරු හරි ඒ වැඩේ සම්පූර්ණ කරයි කියල. ඒක හිතන තරං ලේසි වැඩක් නෙමේ වගේ. අයිය කාරයගේ කවිය මට අමතක වෙන්න ඇත්තෙත් ඒ හින්දයි.

අදත් මං කියන්න යන්නෙ, මං පොඩි කාලෙ අහපු ලව් ලෙටර් එකක තිබුණ පුංචි කවියක් ගැන කතාවක්.

මේක අපේ අර කවි සහිත ලව් ලෙටර් ලියපු අයිය ගේ යාළුවෙක් කෙල්ලෙකුට දීපු ලියුමක තිබුණු එකක්.

සැනසුම සතුට මා වෙත සැමදින ගෙනෙන
මිහිරාවියේ ඔබ මගෙ හද මිණිපහන
මා ඉදිරියේ ඇත්නම් ඔය සුදු මූණ
ආහර ජලය කිසිවක් මට නැත ඕන

ඔය කවි ලිව්වට ඒ කෙල්ල ඌට කැමති වුනේ නැහැයිලු. කෙල්ලෙක් කැමති වෙයිද තමන්ගේ මූණ බත් පිඟානක් වගෙයි කියන පොරකට නේද? කොහොම වුනත් ඉතිං අපේ පොර නිතරම හිටියෙ හරිම සෝකෙන්, ඩිප ගහල.

සමහරු ඉන්නවනේ අර සත්‍ය ප්‍රේම බෘංග රාජයෝ කියන අය. එකම කෙල්ලෙකුට ආදරේ කරල, එයාවම බඳින්න තමයි හිතන් ඉන්නෙ. කෙල්ල බෑ කිව්වොත්, කෙල්ලගෙ දෙමව්පියො අකමැතිවුනොත් ජීවිත කාලෙටම නොබැඳ ඉන්නයි බලන්නෙ.

මේ ලියන වෙලාවෙ මට මතක්වුනේ, ඒ වගේ පොරවල් ගැන පස්සෙ කාලෙක මං අහපු කවියක්. මේකෙ වර්ෂන් දෙකක් තියෙනවා. මං දෙකම දන්නවා වුනාට මෙතන දාන්නෙ හොඳ එක. අනිත් වර්ෂන් එක දන්න අය ඕනිම නං ඒක මුමුණල තමන්ටම කියා ගන්න. මෙතන ලියන්න හෙම නං එන්න එපා රජෝ.

හදවත ඇතත් රත්තරනින් හදාලා
කොයි කෙල්ලත් එකයි බල, පෙම පුදලා
මේක නොදත් අපෙ අයියල අඬාලා
නොබැඳම මැරෙති එක කෙල්ලම පතාලා

මට පේනව පේනව වගේ ඔය කවිය කියවල කීප දෙනෙක්ම ඇඹරෙන හැටි ඒකෙ තමන් දන්න විකල්ප වර්ෂන් එක සිහිවෙලා.

කතන්දරකාරයා
ප/ලි
හුඟ දවසකින් ප/ලි කෑල්ලක් දාන්නත් බැරිවුණා!

26 comments:

  1. හික් හික්.. විකල්ප වර්ෂන් එක මතක් උනාම හිනා යනවා තමයි.. එත් ඉතින් ප්‍රසිද්ධ ස්ථාන වල කොහොමද එක කියන්නේ නේද කතන්දර අයියේ.. :D

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මටනම් විකල්ප Virsion එකම තමයි මතක් වෙන්නෙ...

    ReplyDelete
  4. මෙහෙම හොඳ වර්ෂන් එකකුත් තියනවද? මටනම් මේ ලියල තියන එක විකල්ප වර්ෂන් එක කියල තමා හිතෙන්නෙ.

    ReplyDelete
  5. කියවෙන්නෙම විකල්ප වර්ෂන් එකමයි...ඒකනේ ඔරිජිනල් එක....

    ReplyDelete
  6. @ චමිදේවා: හෙහ් හෙහ් හෙහ් ඔව් ඔව් විකල්පෙ තමා ඔරිමජිනල් එක ලොල්......

    ඒක බාලගෙනතමා මේක හදපු එකා හදල තියෙන්නෙ ලොලේ ලොල් කිව්වලු......

    මෙතන දාන්න අවසර තියෙනවනම් කස්ටිය නොදා ඉනෙත් නෑලු නේද හික්ස්........ :P

    ReplyDelete
    Replies
    1. රිදීයෙන් රත්තරනින් හදාලා
      බැලුවම එකයි හැම පෑනම ලියලා
      එක නොදත් අපේ සමහර පුතාලා
      නොලිය මැරෙයි එම පෑනම පතාලා

      Delete
  7. ඕක වෙන්න ඕන විකල්ප වර්ෂන් එක.. අපි දන්නේ ඔරිම ජිනල් එක!

    ReplyDelete
  8. මොකක් උනත් 2කෙන්ම ගේන්නෙ 1කම පනිවිඩය......

    ReplyDelete
  9. හොද වර්ෂන් එකක් තියනවා කියලා දන්නෙත් අදයි! හීහී...අරකත් එක්ක බලද්දි මේක නිකං ග්‍රාම්යයි වගේ..

    ReplyDelete
  10. බලධාරියා විසින් කපන්නට ප්‍රථම... රචකයා විසින්ම කපා දමන ලදි...

    මොකක්ද අනේ. අපිට කොමෙන්ට්ස් දාන්න බැරි පොස්ට් දාන්නෙ..

    හරී නරකයි...

    යන්න අනේ යන්න.. රුපියල දෙන්නෙත් නෑ නාට්ටිය පෙන්නන්නෙත් නෑ....

    ReplyDelete
  11. හ්ම් ?? නෝ කොමෙන්ට් ...

    ReplyDelete
  12. මං හිතුවා වගේම හුඟ දෙනෙක් කුණුහරුප ඔරිජිනල් එක දන්නවා. දන්න බව නොදන්නවා වගේ ඉන්නවා සමහරු, අනෙක් අය නං ඉඟි බිඟි පානවා ඉවසිල්ලක් නැතුව.
    මේ නිසා මගේ හෙට කතාවටත් මග පෑදුණා.
    හෙට උදේ 8ඃ00 ට බලන්න.

    ReplyDelete
  13. කොමෙන්ටු දැමූ සියළු දෙනාටම ස්තුතියි. හෙට හමුවෙමු.

    ReplyDelete
  14. විකල්ප වර්ෂන් එකට වැඩිය මේක ලස්සනයි

    ReplyDelete
  15. මේක නම් දැක්කෙත් අදයි ඒත් අනික් එකේ නම් සංස්කරන දෙක තුනක් දැකලා තියෙනවා. ඔය එහෙන් මෙහෙන් වචනයක් ගහල ගූගල් කලානම් නොදන්න අයටත් දැන ගන්න තිබ්බා :-D

    ReplyDelete
  16. හපොයි ඔරිජිනල් එකමයි කියවෙන්නේ

    ReplyDelete
  17. ඔරිජිනල් එක මීට වඩා හොදයි වගේ නේද ... හිහිහි :D

    ReplyDelete
  18. ඔහ්..!! හෙහෙහෙහෙ.. විකල්ප වර්ශන් එක සිහි විය..
    :P

    ReplyDelete
  19. යාපනේ ගිය වෙලාවක පොන්නාලේ කියන පොකුන බලන්න යන්න. එතන තියෙනවා ලොකු දේවාලයක්. ඔය කියන කවියේ මෙතන නොදාපු වර්ශන් එක එතන බිත්තියක ලොකු අකුරින් ලියලා තිබ්බා. මට මතකයි ඒක දැකපු ගෑනු කස්ටිය අතින් කට වහගෙන ඇඹරි ඇඹරි හිනාවුන හැටි. හික් හික්

    ReplyDelete
  20. කතන්දර අය්යෙ, "අනිත් වර්ශන් එක" වෙනුවට තියන මේ වගේ "හොද එකේ" තව කෑලි තියනවා නම් දාන්නකෝ....

    ReplyDelete
  21. ලා ලා ලලල ලලා.........

    ReplyDelete
  22. Maala walalu ran kala haka makaalaa
    Koi ***** ekai baluwama *****
    Meka nodath ape **** ge puthala
    No**** marethi eka ***ak pathaalaaa

    ReplyDelete
  23. තිබුනත් රන් සලුවෙන් වසාලා...
    මසකට වරක් යයි කුණු ලේ ගලාලා...
    මේ බව නොදත් අපේ හු**ගේ පුතාලා...
    වස බී නැසෙයි එක හු**ම පතාලා....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.