Tuesday 1 June 2010

ලව් ස්ටෝරීස් සමාජ සමීක්‍ෂණය - විශ්ලේෂණය


ආදර කතන්දර වලින් අප වඩාත් කැමති කොල්ල පෝසත් කතාවලටද, කෙල්ල පෝසත් කතාවලටද කියල හොයන්න මං පටන් ගත්තු සමාජ සමීක්‍ෂණය දැන් අවසානයි!

මං එදා මේ වැඩේ පටන් ගත්තු දවසෙ කියාගෙන ආව වගේ, මේකට පොඩි ඉතිහාසයක් තියෙනව. ඒ කියන්නෙ, මේ සමීක්‍ෂණය ගැන අදහස මට මුලින්ම ඔළුවට ආවෙ මීට අවුරුදු බර ගාණකට කලින්.

ඒ දවස්වල මං මේ ගැන පුංචිම පුංචි සමීක්‍ෂණයක් කළා. පුංචිම පුංචි කියල කිව්වෙ, ඒ සමීක්‍ෂණය කලේ මං අපේ පුූචි අම්මලා ගේ ගෙදර නිවාඩුවකට ගිහින් ඉන්න කාලෙ, පුංචි අම්මගෙ යාළුවො අතරට සීමා වුුනු එකක් හින්දම නෙමේ. එදා සමීක්‍ෂණයේ සාම්පල් එක හරිම පොඩි එකක් වුණු හින්දයි.

මේ පාර නං එකසිය හැත්තෑ අටක් ඡන්ද වැටිල තියෙනව.

කොහොම වුනත්, එදා මං බැහැපු නිගමන කිහිපය මෙන්න මේවයි.

පිරිමි වැඩිය කැමති - කොල්ල පෝසත් කෙල්ල දුප්පත් කතාවලට. කාර් එකේ ගිහින් කෙල්ලව ගෙනත් සැප දෙන්නයි බහුතරයකගෙ අපේක්‍ෂාව වුනේ.

ගැහැණු වැඩිය කැමතිත් ඒ කතාවලටමයි. සිටු කුමාරයෙක් ඇවිත් තමන්ව අරං ගිහින් රජ සැප දෙයි කියන එක තමයි ගැහුණු බහුතරකගෙ සිහිනය.

ඒ එක්කම, කෙල්ල පෝසත්, කොල්ල දුප්පත් ලව් ස්ටෝරීස් තාත්වික නෑ කියලයි දෙපාර්ශවයේම බහුතර අදහස වුනේ.

මේ පාර සමීක්‍ෂණයේ ප්‍රතිපලය මෙහෙමයි.

මූලික ඡන්ද
කොල්ල පෝසත් කතාවලට කැමති කොල්ලෝ = 72
කොල්ල පෝසත් කතාවලට කැමති කෙල්ලෝ = 16
කෙල්ල පෝසත් කතාවලට කැමති කොල්ලෝ = 82
කෙල්ල පෝසත් කතාවලට කැමති කෙල්ලෝ = 8

නිගමන

1. වැඩියෙන් ඡන්දය දී ඇත්තේ (87%) කොල්ලෝ ය. එනයින් වැඩියෙන් කතන්දර බ්ලොග් එක බලන්නේ ද වැඩියෙන් සිංහල බ්ලොග් බලන්නේ ද කොල්ලෝ යැයි සිතිය හැක.

2. කොල්ල පෝසත් කතාවලට කැමති පිරිසට (49%) වඩා කෙල්ල පෝසත් කතාවලට කැමති පිරිස මදක් ඉහල ගොස් තිබේ. මෙය එදා තත්වයට වඩා හාත්පසින් වෙනස් එකකි. මෙයින් මට බැස ගත හැකි නිගමනය නම් අද කොල්ලෝ තමන්ව අවතක්සේරු කරගන්නවා වැඩිය කියාය.

නැත්තං එදා කෙල්ලන් ගේ මානසිකත්වයට ඔවුන් පත්වී තිබේද?

කතන්දරකාරයා
p/s:
මං නං ගණං කාරයෙක් නෙමේ, දන්නවනේ. දන්න අය ඉන්නවනං දෙන්නකෝ ඉතිං විමර්ෂණ!

15 comments:

  1. දැන් මේ සම්බන්ධ ඉදිරි කටයුතු මොනවාද ?

    ReplyDelete
  2. හ්ම් මම හිතුවා ඔහොම වෙයි කියල හිහ් හිහ්........
    දැන් ඉන්න කොල්ලො කොහොමහරි බලන්නෙ කෙල්ලගෙ දත්තිස්දෙකම ගලවන්නද කොහෙද හික්ස්......

    කෙල්ලන්ට අබසරනන් තමා ලොල් :P

    ReplyDelete
  3. කෙල්ලොම තමා කොල්ලන්ව දෙකේ කොලේට දාන්නේ :D
    මාත් ඉතින් දුප්පත් කොල්ලනේ ...කෙල්ලෙකුගෙන් දතක් දෙකක් ගලෝලා තමා ගොඩයන්න ඕනෑ

    ReplyDelete
  4. බරණ ගණිතයා ගෙන්නමු.........
    අනේ මන්ද මට නම් කිසි දෙයක් හරියට තේරුන්නැහැ...
    කෙල්ලන්ට ලොජිකල් විදිහට හිතන්න අමාරු විත්තිය නම් තේරුනා.....

    ReplyDelete
  5. මම දැකපු දියුනුම චන්ද ක්‍රමය
    මගදී යනපාර හරි නෑ කියල හිතුනොත් චන්දේ මාරු කරන්න පුලුවන්
    කත්න්දර සුරීන් මැකො කරානම් රටට මීට වැඩිය කලක් යාවි

    ReplyDelete
  6. මේ ගැන නම් මට මුකුත්ම කියන්න හිතෙන්නේ නෑ ඕං..!
    හික්..හික්..
    :D

    ReplyDelete
  7. මෙන්න සුබ පැතුම්...........

    ReplyDelete
  8. //මෙයින් මට බැස ගත හැකි නිගමනය නම් අද කොල්ලෝ තමන්ව අවතක්සේරු කරගන්නවා වැඩිය කියාය.//

    Dont be so naive!

    ඕකට හුගක් හේතු තියෙන්න පුලුවන්. ගැහැණිය පොහොසත් නම් ඒක දිනා ගැනිමේ අභියෝගයක් තියෙනවා නේ. ඒවගේ ගැහැනියකට තියෙන තරගය වැඩියි නේ. දුප්පත් කොල්ලට ගේම් එක මාර ම අමාරුයි නෙ. එහෙම වුනාම මේක ඇඩ්වෙන්චරස් ගේම් එකක් වෙනවා නේද? එහෙම ගැහැනියක් දිනා ගන්න පිරිමියා ගේ ආර්තික තත්වය නෙමේ ගැහැනියගේ ආකර්ශනයට හේතු වෙලා තියෙන්නෙ. එහෙම ගැහැනියක් දිනා ගන්නා පිරිමියා ගේ ජාන වල යම් සුවිශේෂී තාවයක් නිසා ඔහුව (සහ ඔහුගේ ජාන ) ජීන් පූල් එකේ වරනයකට, පොසිටිව් තේරීමකට ලක්වෙලා නේ? පරිනාමිකව මේක දුප්පත් පිරිමියාගේ ආර්තිකමය - නොවන ලක්ශන වල ජයග්‍රහනයක්.

    ReplyDelete
  9. 1.වැඩියෙන් ඡන්දය දී ඇත්තේ (87%) කොල්ලෝ ය. එනයින් වැඩියෙන් කතන්දර බ්ලොග් එක බලන්නේ ද වැඩියෙන් සිංහල බ්ලොග් බලන්නේ ද කොල්ලෝ යැයි සිතිය හැක.

    මෙම නිගමනයෙන් පසු මට හිතුන දේ - සිංහල බ්ලොග් කියවීමට හැකිපමන කෙල්ලන් පුරුදු කල යුතු බවයි. :D :D :D

    ReplyDelete
  10. කසු කියන දෙයින් මට හිතුනෙ කලයෙන් කලයට මෙකත් වෙනස් වෙන දෙයක්..
    අනිත් 1ක තමයි දන් කුල බෙද වගෙ දෙවල් අඩුයි.
    සල්ලි තමයි වැදගත්....
    මට කසු ගෙ දිව්යලොක ගමන මතක්උනා...
    සල්ලි දෙයියන්ගෙ තාත්ත තමයි...... හි...හි...හි..

    ReplyDelete
  11. @පබලු
    ඒකනම් හොඳ වැඩක්.......

    ReplyDelete
  12. මං කොල්ලෙක් - මං කැමති කෙල්ල දුප්පත්, කොල්ල පෝසත් ලව් ස්ටෝරීස් වලටයි. එහෙම ඔප්ෂන් එකක් නැතෝ.

    කෙල්ල ඉස්සෙල්ලා ඇන්ටර් වෙන චිත්තර පටිවල සැක්ස් වැඩියි.

    ReplyDelete
  13. මිත්‍රවරුනි මමත් එක කාලයක් ප්‍රේම කෙරුවා මට වඩ සල්ලිය බාගෙය තියෙන්ඩ උඩරට වලව් කාර ගෑනු ලමයෙකුට. ලව් එක යන කාලෙ මම හිතුව අනාදිමත් කාලයක් තිස්සෙ ලන්කාවෙ පල් වෙවි ගද ගහන කුල , මල සහ 21 වෙනි සියවසෙ දෙවියන්ට තරු පේන්න මම ඒ ගැනු ලමයව කසාද බැන්දල ටොප්ස් එකට ඉන්නව කියල. එත් අවසානයෙ මම පැරදුනා ....සල්ලි , කුලය සහ බලය ජය ගත්තා. මුලින් මොකවත් ඔනෙ නැ කියල මට ලව් කරපු කෙල්ල අවසානෙ දෙගිඩියවකට ආවා ,...අප්ප්පුච්චද නැත්නන්ග් මේ බූතයද කියල . ලව් එකෙ වෙනුවෙන් නොවිදිනා පරිප්පු කාපු මම සියලු දේ උගස් කර සිහිනයක් පස්සෙ දුවපු මම තාම හති අරිනව. ආලය අන්ද නෑ බන්....!

    ReplyDelete
  14. සියළු දෙනාටම ස්තුතියි. සමීක්‍ෂණය තාමත් යනවා. හෙටින් ඉවරයි. ඔබේ ලව්, මල ඉලව් නොවේවා!!!

    ReplyDelete
  15. අර දෙවෙනි නිගමන යම් ඇත්ත වෙන්න පුලුවන්. හික්ස් :)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.