Friday 2 August 2013

අම්මා ඩුබායි ගිය පසු තාත්තා ගේ ජීවිතය දුවක ගේ ඇසින්! - With tears in my eye


ජැකෝනිස් අන්තෝනියස් සහ අනුලා බුලත්සිංහල රඟපාමින් ගායනා කරන "නෙයිනගේ සූදුව" කියන සින්දුව දන්නවා නේද?

ඒකේ තියෙන්නේ හිටපු අගමැති ජෝන් කොතලාවල (1954-1956) ගේ තාත්තා 'ජෝන් ජ්‍යෙෂ්ඨ කොතලාවල' පොලිස්කාරයෙක් වෙලා හිටිය කාලේ නෙයිනා කියන මදාවියා මරදානේ පවත්වාගෙන ගිය කැසිනෝ එකක් අල්ලපු විස්තරයයි.

ඒ සින්දු ජවනිකාව තිබුණේ දයානන්ද ගුණවර්ධන නිෂ්පාදනය කරපු "මධුර ජවනිකා" කියන වේදිකා නාට්‍යයේ යි.

"මධුර ජවනිකා" නාට්‍යයේ අරමුණ වුණේ රවණා ගේ යුගයේ සිට වත්මන් කාලය දක්වා ලංකා ඉතිහාසයේ එක් එක් අවස්ථාවන් නාට්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි.

නෙයිනගේ සූදුව සින්දුව එවැනි එක් ඓතිහාසික ජවනිකාවක්.

ඒ නාට්‍යයේම තිබුණු අවසාන ජවනිකාවක් තමයි ඩුබායි රටට රැකියාවක් සඳහා ගොස් කාන්තාවක් ආපසු ලංකාවට පැමිණෙන දර්ශනය.

අපේ රටේ කාන්තාවන් වෙනත් රටවල රැකියා සඳහා යාමත් ලංකා ඉතිහාසයේ වැදගත් සංසිද්ධියක් ලෙසට තමයි අද අපි සලකන්නේ.

මේ මැද පෙරදිග සේවය කරන කාන්තාවන් උපයන දේ අද ලංකාවේ විදේශ විණිමයෙන් විශාල ප්‍රතිශතයක් වෙනවා.

ඒ විදේශ විණිමය කතාව එහෙම වුණාට, කාන්තාවන්, බිරින්දෑවරුන්, අම්මලා ඒ ආකාරයට තමන්ගේ පවුල්, ස්වාමි පුරුෂයින්, දරුවන් ලංකාවේ දාලා රටින් පිට යෑම නිසා ලංකාවේ සමාජයට වුණු හානිය නම් කියා නිමකරන්න බෑ.

මගේ ළමා කාලයේ මං ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට හැමදාම වගේ අම්මා ගෙදර හිටියා. මට අද වගේ මතකයි, මං අටේ පන්තියේ ඉඳිද්දී එක දවසක් අම්මටයි තාත්තටයි දුර පළාතක මගුල් ගෙදරක යන්න තිබුණු නිසා එදා අපි ගෙදර එනකොට ගෙදර කවුරුවත් හිටියේ නෑ.

එදා අපිට හරිම දුක දවසක් වුණා!

එතකොට තමන් ගේ අම්මලා අවුරුදු දෙක තුනකට පිටරට ගිය නිසා ඒ මුළු කාලයම එක්කෝ තාත්තා එක්ක නැතිනම් ආච්චිලා ලඟ ඉන්න වෙන ළමයි?

පත්තරවල, චතුශ කුමාර ගේ බ්ලොග් එකේ සහ තවත් විවිධ තැන්වල ඒ වගේ කාරණා විටින් විට සඳහන් වෙලා තිබුණා මට මතකයි. ඒවා කියවන විට මට හැමදාම ඇතිවුනේ හරිම කණගාටුවක්.

පෙරේදා අපුර්වී ඔමායා බ්ලොග්කාරිය ලියලා තිබුණ කතාව කියවන කොට ඒ හැම දේකටම වඩා මගේ හිත සැලුණා.

ඒකට වැඩියෙන්ම හේතු වුණේ, අම්මා එක් වරකට අවුරුදු දෙක ගානේ කීප සැරයක්ම නොරටක රැකියාව කරන අතරේ ලංකාවේ තමන් ගේ තාත්තා ලඟ හැදුණු වැඩුණු ඔමායා ඒ කතාව ලියලා තිබුණේ තමන් ගේ අම්මා ගැන නොව තාත්තා ගැන වීමයි.

තම බිරිඳ රටින් පිට ගිය පසු සැමියෙක්, පියෙක් අත්විඳින සියළු ප්‍රශ්න කුඩා දැරියක් දකින ආකාරය ඔමායා ගේ කතාවේ අපුරුවට පෙළ ගස්වලා තිබුණා. ඒ දෘෂ්ථිකෝණය අපි සාමානයෙන් අහලා තියෙන, කියවලා තියෙන දේවල්වලට වඩා වෙනස් ආකාරයක එකක්!

මේ ලිපිය බලන ඔබ අතරින් සමහරු තාමත් ඒ කතාව කියවා නැතුව ඇති.

මෙන්න සබැඳිය නැවතත්. ගිහින් කියවන්න.
http://omageheena.blogspot.com/2013/07/blog-post_31.html

-කතන්දරකාරයා

ප/ලි:
පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී


(image: http://www.dayanandagunawardena.org/work/madhura-javanika)

60 comments:

  1. මමත් ඒ කතාව කියවල ගොඩක් දුකට පත් වුනා.

    ReplyDelete
    Replies
    1. හැමදාම කියවපු වර්ෂන් එකට වැඩිය වෙනස් නේද?

      Delete
    2. සහතික ඇත්ත.

      Delete
  2. රට යෑම වගේම, දේමව්පියන් දෙදෙනාම ‍රැකියාව නිසා කාර්‍යබහුල වීමත්, දරුවන් සමග සීටීමට ඇති සීමීත කාලය රුපවාහිනිය ( ස්මහර විට බ්ලෝගුත් :) ) උදුරා ගැනීමත් මේ ප්‍රශ්නයේම තවත් පැත්තක්.....:))

    ReplyDelete
    Replies
    1. දවසේ සේවයට ගොස් නිවසට පැමිණෙන දෙමව්පියන් සහ වසර දෙකක් එක දිගට නැති මෙව්පියන් සම කරන්නේ කොහොමද?

      Delete
  3. ගෙයක් හදනව
    පවුල බිඳෙනව
    වහලයක් තියෙනව
    වහලෙ යට ඉන්න මිනිස්සු නෑ
    කමක් නෑ.
    උන් මැරුනෙ නෑ.

    මට මතක් උනා අශෝක හඳගමගෙ
    ඉනි අවන් අවසාන භාගෙ
    දමිල තරුණිය කියනව
    'කමක් නෑ
    අපි මැරුණෙ නෑ'

    ReplyDelete
  4. ඒ කතාව නම් ගොඩක් සංවේදී එකක්

    ReplyDelete
  5. අපි හුරු උන සිස්ටම් එක ඇතුලේ ඉඳන් බැලුවම දුක තමයි. නමුත් මේ මිනිස්සු එහෙම යන්නේ ඇයි කියන එකට කවුරුත් විසඳුම් සොයන්නේ නෑ. අපි කතා කල යුත්තේ ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. යන්නේ ඇයි කියන එකට විසදුමක් දෙන්න බැහැ සරලව ශ්‍රීලංකාව වගේ රටකට .

      Delete
    2. ජනතාව වැඩිවීම සමගම ආර්ථිකය ප්‍රසාරණය නොවීම තමයි හේතුව. ස්වභාවික සම්පත් නැති රටක ව්‍යවසායකත්වය කියන එක සිල්ලර කඩවලට සීමා වෙලා තියෙන කොට ඔහොම තමයි.

      වැඩක කලත් ඒවා උණු ආප්ප දානවා වගේ, දීර්ඝ කාලීන සැලසුම් නෑ.

      Delete
    3. ඇයි බැරි
      විසදුම් දෙන්න පුලුවන්. ඒත් කාටවත් විසදුමකට යන්න කැමැත්තක් නෑ.

      Delete
    4. විසදුම් දෙන්න පුළුවන් ,මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ,,ඒකෙ අමාරුව වේදනාව ,විදපු සහ ,ඔයාලා වගේ අනෙකෙකුගේ දුකට ,කදුලට ලෙන්ගතු මිනිස්සුන්ට විතරක් ඒක කරන්න බැහැ ,,අපේ රටේ පොලව තමයි අපේ ලොකුම ස්වභාවික සම්පත ,ඒක අතහැරලා සොබාවික සම්පත් නැහැ කියන එක පාපයක්

      Delete
  6. Maathalange kathaawa hari. E prashna walata uththarayak nodi "nogihin hitapiyaw" kiyala hari yanne na.

    ReplyDelete
    Replies
    1. ජනතාව වැඩිවීම සමගම ආර්ථිකය ප්‍රසාරණය නොවීම තමයි හේතුව. ස්වභාවික සම්පත් නැති රටක ව්‍යවසායකත්වය කියන එක සිල්ලර කඩවලට සීමා වෙලා තියෙන කොට ඔහොම තමයි.

      වැඩක කලත් ඒවා උණු ආප්ප දානවා වගේ, දීර්ඝ කාලීන සැලසුම් නෑ.

      Delete
  7. නෝ කමෙන්ට්ස් කකා !
    අද මම 1ද මන්දා ?

    මම එක ඇනෝ

    ReplyDelete
  8. ගෑනිව රට යවලා ඒ ගෑනි දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි වලින් කාලා බීලා.... සූදුත් කෙලලා ඒ සල්ලි නාස්ති කරලා.... තව හොර ගෑනියෙකුත් ගන්න එක දුවකගෙ ඇහින් සාධාරණීකරණය කරන්න යෑමක් වගෙයි මේ කතාව මට පේන්නෙ....

    මේ ඇත්ති කසාදයක් බැදලා ලමයෙක් හම්බවෙච්ච දවසක මේ විව් එක වෙනස් වෙයි කියලා මට හිතෙන්නෙ.... එදාට තමන්ගෙ අම්මාට හිතිච්ච දේම දුවටත් හිතෙයි....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපි හැමදාම අහපු කතාව.

      මේ දුවගේ කතාවේ විශේෂය තමයි අපි නොදකින පැත්තක් අපිට පෙන්නුව එක.

      Delete
    2. ඇනෝනිමස් @ " ඔයාට මන් උත්තර දෙන්නේ නැහැ යාළුවා,,
      ඒ වගේම මගේ අනාගතේ ගැන මට කිසි බයක් නැහැ ,

      Delete
    3. මම ඔයාගෙන් උත්තර ඇහුවෙ නෑ...

      Delete
    4. තමන්ට නිදහසේ කමෙන්ට් කරන්න අයිතිය තියෙනවා ,,ඒත් මන් ලියපු මගේ ජීවිතේට ඔයා බාහිරින් ඔයාගානේ එකතු කරපු de ගැනයි කිවුවේ ""ගෑනිව රට යවලා ඒ ගෑනි දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි වලින් කාලා බීලා.... සූදුත් කෙලලා ඒ සල්ලි නාස්ති කරලා"....ඒක ඔයාගේ කොටසක් ,,කොහොම නමුත් ඔයා නිතර මා සමග එදිරිවාදිව හැසිරෙන්නේ ඇයි කියා මන් හරියට දන්නේ නැහැ , අවසානේ ඒ ඔයාගේ හැටි වෙන්න ඇති කියලා හිතුවා..ස්තුති

      Delete
  9. කකා දුකට වඩා... මිනිස් හිත හා ක්‍රියාව අතර පරතරය හැබැහින් දැක්කා..

    ReplyDelete
    Replies
    1. දුක හිතුනේ දුවෙකු ගේ පියෙකු විදියට ඒ කතාව කියවපු නිසයි!

      Delete
  10. ගොඩාක් සංවේදී පෝස්ට් එකක්!
    මාතලන් කිව්වා වගේ තමන්ගේ රටේ ගෑණු මැදපෙරදිග රටවල් වලට පටවලා උන්ගෙන් හම්බ කරගෙන ආණ්ඩු කරන රාජ්‍ය නායකයොන්ට හෘද සාක්ෂිය කියලා එකක් තිබුණා නම් උන් මෙලහකට දිවින්හගෙන!!

    (මම එහෙ ආපු වෙලාවේ බෝම්බ ගහපු උන්ව හොයා ගත්ත ද?)

    ReplyDelete
    Replies
    1. හෘද සාක්‍ෂිය තියෙන එවුන් දේශපාලනයේ හිටියත් බලයට එන්නේ නැත.

      ඔබේ කමෙන්ටුව ස්පෑම් ගොඩේ තිබුණි! එයට එක් හේතුවක් විය හැක්කේ ඔබ මීට කලින් දිනවල දමා පල නොවුණු කමෙන්ටු තිබුණා නම් ඒවා යේ අන්තර්ගතයයි.

      Delete
  11. ස්තුති,,මාගැන සදහන් කලාට නොවෙයි..ඒ ලිපිය කියෙවුවාට සහ මේ බ්ලොග් පිටුව මා වෙත එවුව පුමාටත් ස්තුතියි..මගේ අතීත අත්දැකීම දිහා දැන් හැරිලා බලද්දී මටම පුදුමයි ,සහ දුකයි. පවුද්ගලිකත්වය සහ අනෙකුත් සිතුවිළි පසෙකලා මතකය ලියා තබන්න හිතුවේ එක මනුස්සයෙක්ගේ ජීවිතේට හරි ඒ තුල යමක් තිබේවි යන සිතුවිල්ල මුලට තබාගෙනයි. මුළු හිතෙන්ම සතුටුයි මට ..

    ReplyDelete
    Replies
    1. ඔබගේ ලිපි වලට කොමන්ට් කිරීමේ අපහසුතාවයක් තිබෙනව.කරුනාකර ඒ ගැන සොයා බලන්න.

      Delete
    2. ඒ කතාව ලිවීම ඉතා ඬැදගත්. ඔබට ස්තුතියි ඔමායා!

      Delete
    3. @kenji,, දැන් බලන්නකෝ හරිද කියලා ,

      Delete
    4. හුගක් අය තමන්ගෙ ඇත්ත ජිවිතේ කිසිම සම්බන්ධයක් නැති ජීවිතයක් අන්තර් ජාලයේ පවත්වගෙන යනව එහෙම එකේ ඔබ තමන්ගෙ පුද්ගලික අත්දැකීම් නොබියව අපත් සමග බෙදාගත් එකට ප්‍රණාමය. මට විශ්වාසයි මේදේවල් හුගක් අයගෙ ජීවිතවලට වැදගත් කමක් එක් කරයි කියල

      Delete
    5. ස්තුති මලිත්,

      Delete
  12. කාකා මගේ කමෙන්ට් එක ඉක්මනට පුබ්ලිෂ් කරපන් මට ෂූටින් යන්න තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඉතිං ගිහින් වරෙං!

      මට වැඩ තියෙනවා.

      Delete
  13. @ All
    ඔබේ පුද්ගලික පණිවිඩ කමෙන්ටු ලෙස දාන්නට එපා.

    පුද්ගලික පණිවිඩ පහත ලිපිනයට ඊ-මේල් කරන්න.
    kathandara@gmail.com

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මම නම් පෙරේදා පුද්ගලික පණිවිඩයක් එව්වා ඊ මේල් එකෙන්... අදටවත් උත්තර නෑ....

      Delete
    2. ඔව් බන් මේ අං තට්ටුව දික් වෙච්ච ගෝණාට ඕවගෙ වගක් නෑ......

      Delete
    3. මේවට රැවටෙන්න එපා. කකාට ඕන ඊ මේල් ඩේටාබේස් එකක් මේන් ටේන් කරගෙන යන්න. එතකොට පෝස්ට් එකක් දැම්මහම ඒ මේල් ලිස්ට් එකටම එකපාර ෆෝවර්ඩ් කරන්න පුලුවන් නේ.

      ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එපා යන්න.
      ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා නෑ.

      Delete
    4. @ Anonymous August 2, 2013 at 12:39 PM

      එවැනි පණිවිඩයක් ලැබී නැත. මොකක් ගැනද?

      Delete
  14. පැණි උතුරන අර්ජුන් රම්පාල්ගේ රූප ටික දැක්කම කතාවේ සංවේදී කම බෙල්ල මුලින් ගහල යනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, කවුද ඒ ගොබිලා?

      රම්පාල කියන්නේ අතීතයේ ලංකාවේ රේල්වේ දෙපාර්තමේන්තුවේ හිටපු ලොක්කෙක් නේද?

      Delete
    2. චෑහ්.... කකා අර කෙලීගෙ තාත්තට ගොබිල කියුවා නේද?

      Delete
    3. කකා දන්නවද "රයිපාල" ව?

      Delete
  15. හිතවත් කාකා,

    ඔබතුමාගේ බොලිවුඩ් විරෝධය මාගේ කමෙන්ට්ස් වාරණය තුලින් දැක්වීම ඉතාමත් පිළිකුල් සහගතයි!
    -මීට මම.
    ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි!

    ReplyDelete
    Replies
    1. ඔබ ඔබේ අයිපී ඇඩ්රස් එකෙන්ම මීට කලින් කුණුහරුප, අපහාස කමෙන්ටු එව්වාද ෂාරුක්?

      අද ලැබුණු කමෙන්ටු සේරම ස්පෑම් එකේ තිබිලා මේ දැන් දැක්කේ.

      Delete
    2. කකා සිරාවට අහන්නෙ මාවත් ස්පෑම් එකේද දාලා ඉන්නෙ....

      මම කවදාවත් කුණු හරුපනම් ලියලා නෑ.... ඒත් කකා මේ බ්ලොග් එකේ දීම කුණුහරුප පාවිච්චි කරපු එකෙකුගෙයි... අනෙක් බ්ලොග් වල කකා හා පවුලෙ අයගෙ පට්ට පතුරු යවපු අයියලා දෙන්නෙක්ගෙයි කොමෙන්ට් කකා මේ ලගදි පබ්ලිශ් කරලා තිබ්බා.... හරි පුදුමයි

      Delete
    3. මේ කමෙන්ටුව ස්පෑම් වෙලා තිබුණේ නෑ.

      ඔබ ඔය කියන දේවල් මා දැක නෑ. එසේ වුවත් නොවුවත්, මා කිසිවෙකු සමග තරහක් නෑ.

      Delete
  16. ලංකාවේ අධ්‍යාපනය නිදහස් (නමට හරි) දැන් දශක ගණනාවක ඉඳලා, එහෙනං අපි ලෝකෙට විකුනන්න ඕන බුද්ධිය මිසක් ශ්‍රමය නෙවෙයි. එත තාමත් අපි විකුනන්නේ ශ්‍රමය. ඉන්දියාව ගොඩක් වෙනස් නාසා එකේ පිරිලා ඉන්නේ ඉන්දියානුවෝ, නාසා විතරක් නෙවෙයි ලෝකේ බොහොමයක් බුද්ධිමය වෙළඳපලවල ඉන්නේ ඉන්දියානුවෝ.
    ඉතින් අපි ඉතාම ආඩම්බරයෙන් ශ්‍රමය විකුනන්න සැදී පැහැදී ඉන්නකම් මේ වගේ කතා අහන්න ලැබේවි අඩුවක් නැතුවම.

    නමුත් මේ කතාව ගොඩක් වෙනස් ආරකට ලියවෙලා තියෙන්නේ, තාත්තා කල වරදට තාත්තා ගැන කිසිම තරහක් නොහිතෙන්න.

    ReplyDelete
    Replies
    1. ශ්‍රමය විකුණන තැනක් මොලය විකුණන තැනක් කරන්නත් මොළ අවශ්‍යයි නේ?

      Delete
  17. කකා මේ තාත්තා වගේද අපි හැමෝගෙම තාත්තා.... එයානෙ තාත්තා....

    ඊට අමතරෙන් අපෙ ඇදුරු නයාගෙ පඩි දුන් තාත්තාවත් මතක් වෙනවා....

    ReplyDelete
  18. ඔමායාගේ කතාව මගේත් හදවත සසල කළ කතාවක් කකා.. මා එය කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. ඉවාන් පවුලුෂා ලියා තියෙනවා වගේඃ

      "නමුත් මේ කතාව ගොඩක් වෙනස් ආරකට ලියවෙලා තියෙන්නේ, තාත්තා කල වරදට තාත්තා ගැන කිසිම තරහක් නොහිතෙන්න."

      Delete
  19. හොද ලිපියකට පාර පෙන්නුවට කකා ට ස්තුතියි

    ReplyDelete
  20. කකා........මම ඔමායගේ කතාවේ වෙනස් අපූර්වත්වයක් දැක්කා.ඈ හරිම විවෘතයි එතැනදී.ඔය පිටරට වැඩට යන ප්‍රශ්නේදී කවුද වැරදි,කොතනද වැරදි කියන එක හරිම සංකීර්ණයි.අන්තිම උත්තරය බිරිඳ සහ ස්වාමියා අතරෙම පමනයි

    ReplyDelete
  21. කකා....මම කොමෙන්ට් එකක් දැම්මා කොහේ ගියාද දන්නේ නැහැ.

    ReplyDelete
  22. මම දැකල තියන ව්දියට නම්, ඔය මෙහෙ වැඩට එන උදවිය ගොඩක් අය මෙහෙ තවත් සම්බන්දයක් තියාගෙන ඉන්නවා.එහෙම නැති අයත් ඇති.නමුත් බහුතරය එහෙමයි.එක මේ රටවල් වල දවසක් හරි ඉඳපු අය දන්නවා.මේක වෙන්නේ ඔය දෙපැත්තෙන්ම සිද්ද වෙන වරදින්.එවන පිරිමියාත් වැරදියි, ආව නම් ආව වැඩේ කර ගන්නේ නැතිව වෙන වැඩ කරන ගැණිත් වැරදියි.

    ReplyDelete
  23. තවත් හොඳ බ්ලොග් අඩවියක් හඳුන්වාදීම ගැන කකාට ස්තුතියි :)

    ReplyDelete
  24. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 59
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 2
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 10
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 19
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 28

    විශේෂ - මෙවරද ස්පෑම් වාර්තාව නැත.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.