Tuesday 20 August 2013

අන්විශ්වාසබල් කේස් එකක් - Family Feud


අන්විශ්වාසබල් කියන්නේ මං හදපු අළුත් වචනයක් නොවෙයි. හැබැයි මේක මුලින්ම අද මෙතනින් දැනගන්න අයට ඕන්නං කතන්දර බ්ලොග් එකේ දැක්කාය කියලා කියන්න මං අවසර දෙනවා!

අන්විශ්වාසබල් කියන්නේ හොස්පිටිතාලේ වගේ ද්විභාෂාසංඝථක වචනයක්. විශ්වාස කරන්න බැරි (ඒත් සත්‍යමය) කියන තේරුම තමයි මේකෙන් දෙන්නේ. මේකේ විරුද්ධ පදය, එනම්, විශ්වාසබල් කියන්නේ විශ්වාසකරන්න පුළුවන් කියන අදහසටයි.

මේ කියන්න යන කේස් එක මට නං මුලින් අහපු දවසේ අන්ම-අන්විශ්වාසබල් එකක් වුණා. ඒ කියන්නේ අන්විශ්වාසබල් එකෙත් හොඳම එක!

බලන්න ඔහේලට කොහොමද හිතෙන්නේ කියලා?

මගේ හිතවතෙක් හිටියා (දැනුත් ඉන්නවා මුණු පොතේ, හැබැයි හමුවුණේ නෑ අවුරුදු දෙකකින් විතර) කාලයක් තිස්සේ දන්නා කියන.

සාමාන්‍යයෙන් මහේ ස්කේල් එකට අනුව හොඳ පොරක්!

දවසක් ඌයි, මායි තවත් යාළුවෙකුයි පොඩි කයියක් දාන් ඉන්න අතරේ අපේ පවුල්වල විස්තර කතා කරන්න පටන් ගත්තා.

එතකොට තමයි අපි දැනගත්තේ, මෙච්චර දවසක් අපි පවුලේ එකම ළමයා කියලා හිතන් හිටපු එකාට අයියා කෙනෙක් ඉන්නවාය කියලා. හැබැයි මේ අයියා අපේ පොරට වඩා අවුරුදු දහයක් විතර වැඩිමහල් ලු.

"ඉතිං අයියා කොහෙද වැඩ කරන්නේ? මොනවද ඌ කරන්නේ?" මං ඇහැව්වා.

"මං හිතන්නේ පොර කොළඹ පැත්තේ මොකක් හරි කම්පැනියක යි වැඩ!" මු කියපි.

"ඉතිං බං උඹ දන්නේ නැද්ද උඹේ අයියා ගේ ජොබ් එක?"

"නෑ බං! ඌ අපේ ගෙදර නෙමෙයි ඉන්නේ. බැඳලා වෙනිං ගෙදරක. අපි එක්ක ආශ්‍රයක් නෑ."

පස්සේ කතාවෙන් දැන ගත්තු විදියට මේකයි කේස් එක.

අපේ කතානායකයා ගේ අයියා ගමේ කෙල්ලෙක් එක්ක යාළුවෙලා. කුලමල කේස් එකක් නිසා ඒකට ගෙදරින් විරුද්ධ වුණත් අයියා ඒවා ගණං ගන්නේ නැතුව ඒ කෙල්ලව බැඳලා.

එදා ඉඳං අර ඉස්සර කාලේ නවකතා පොත්වල තියෙනවා වාගේ මුංගේ පවුලෙන් අයියාව අයින් කරලා!

මේ කේස් එක වෙලා තියෙන්නේ අපේ හිතවතාට අවුරුදු දහයක් දොළහක් කාලේ. ගෙදරින් මූට තහනම් කරලා අයියා එක්ක කතා කරන්න එපා කියලා.

එදා ඉඳලා අයියා මහගෙදරට ඇවිල්ලා නෑ. දැන් ඒ සිදුවීම්වලින් අවුරුදු දහයකටත් වඩා කාලයක් ගතවෙලා වුණත් තාම කේස් එක එහෙමමයි.

"ඉතිං උඹට අයියාව නිකමටවත් මුණ ගැහෙන්නේ නැද්ද?" අපි ඇහැව්වා.

"සමහර දවස්වලට අයියා වැඩට යන එනකොට මං දකිනවා."

"ඉතිං එතකොට උඹ ඌ එක්ක කතා කරන්නේ නැද්ද?"

"නෑ, බං, මං කරන්නේ ඌව පාස් වෙනකං බිම බලාගෙන යන එකයි!"

"යකෝ, උඹ නං මහ ජරා යකෙක් නේ බං!"

"නෑ මචං, පොඩි කාලේ ඉඳලාම එහෙම නිසා දැන් අවුලක් නෑ!"

මේ කේස් එකේ මට අන්විශ්වාසබල් සීන් එක තමයි මෙච්චර සමාජ අසාධාරණකම් ගැන කරුණු කාරණා දන්න අපේ යාළුවා ඒ වෙනකොට අවුරුදු විසි තුනක හතරක තරුණයෙක් වුණත්, මූට කවදාකවත් හීනෙකින්වත් හිතිලා නොතිබිච්ච එක තමන්ගේම එක බඩවැල කඩාගෙන ආපු අයියා එක්ක වචනයක් කතාබහ කරන්න!

-කතන්දරකාරයා

ප/ලි:
දැන්නං වලි ෂේප් මගෙ හිතේ!

(image: http://www.telegraph.co.uk/news/politics/labour/7728542/Labour-leadership-10-differences-between-David-Miliband-and-brother-Ed.html)

65 comments:

  1. මවගෙ/පියාගෙ වචනයට ගරු කරන කොල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. පිං ගොනෙක් වන්, රන් පුතෙක්.

      Delete
    2. පොඩි කාලේ නේ වුනේ! සමහරවිට පරම්පරා ආඩම්බරකමත් ඇති!

      Delete
  2. ඕක අර "ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි " කියන කේස් එකනේද..?
    කොහොම හරි මිනිහව ඒ තත්වෙට අවුරුදු ගානක ඉඳන් පුරුදු කලාම හේතු කාරනා මොනා වුනත් මිනිහා පුරුද්දට එහෙම කරනවා ඇති.

    ReplyDelete
    Replies
    1. Blood is thicker than water කියනවා වුත් මේක වෙනස් කේස් එකක්!

      Delete
  3. එක දවසක ඒ අයියට කතා කලොත් ලෝකයම දිනුවා වගේ අදහසක් ඒවි. කුලමල ප්‍රශ්න නූතන සමාජයට අදාල වෙන්නෙ නෑ මැරනෙවිට ගෙනියන්නෙත් නෑ. ඒත් ඒක වටහලා දෙන්න බැරි එකයි අමාරුම වැඩේ.

    ReplyDelete
    Replies
    1. කාලයත් සමහ බොහෝ දේ විසදෙනවා.

      විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය කියන "රහස් පරීක්‍ෂක" නවකතාව බලන කොට තමයි තේරෙන්නේ අවූරුදු 100 ට ලංකාව කොච්චර සමාජමය ප්‍රගතියක් ලබලාද කියන එක.

      Delete
  4. DAN ITHIN APATA MOKAK DA KARANNA KIYANNE?

    ReplyDelete
    Replies
    1. පටන් ගැන්ම විදියට අර කැප්ස් ලොක් කියන බොත්තම තව සැරක් ඔබන්න.

      Delete
    2. නෑ නෑ සිම්පල් කරන්න ඕන නෑ. ටිකා..ක් විතර ඔරොප්පු කමෙන්ට් දැම්මත් අංකල් දැං හොඳ ළමයෙක්. දැන් අර ජී, චූ, පඩ ශුක්‍ර කමෙන්ටුව දාන්නෙත් නෑ.

      Delete
    3. THANK YOU RAJ

      Delete
  5. //"යකෝ, උඹ නං මහ ජරා යකෙක් නේ බං!"

    "නෑ මචං, පොඩි කාලේ ඉඳලාම එහෙම නිසා දැන් අවුලක් නෑ!"//

    අන්විශ්වාසබල් නේන්නම්...නැත්නම් විශ්වාසබල්ද? :D

    ReplyDelete
  6. ASWEDDUMAISE WAGE NEDA

    ReplyDelete
  7. පටලැවිල්ලක් වගේ මට.

    ReplyDelete
    Replies
    1. පටලැවිල්ලක් කරගත්තා කියලයි ආරංචිය.

      Delete
    2. අන්තෝ ජටා බහී ජටා!

      Delete
  8. මේ වගේ සීන් කොතෙකුත් තියෙනවා තමා. අපිට අත්දකින්න හම්බුනාම අන්විශ්වාසබල් වගේ පේනවා.

    අර වගේ තව වචනයක් ‘ඩෝන්ට් මිස්අන්ඩර්ස්කර්ට් මී‘ :-)

    ReplyDelete
    Replies
    1. දන්නව නේද මේ කතාව?

      කුඩයක් අරන් ඉන්න පොරක් තෙමී තෙමී ඉන්න කෙල්ලෙකුට කිව්වලු මෙහෙම.

      වයි ආ යූ අවුට්ස්ටෑන්ඩින්, කම් ඇන්ඩ් අන්ඩර්ස්ටෑන්ඩ්!

      Delete
  9. එක පවුලේ අයියලා මල්ලිලා ගහ මරා ගන්න හැටියට, මට නම් මේක සෑහෙන බිලීවනීය කතාවක්...

    ReplyDelete
    Replies
    1. මරාගන්නවා?

      ඒ කොහේද?

      ඔය ඉන්නේ සහෝදර සමාගම අපූරුවට!

      (මං කියන්නේ එංගලන්තයේ මීලිබෑන්ඩ් සහෝදරයින් ගැනයි!)

      Delete
  10. ඉතිං අයියත් මල්ලි එක්ක කතාකරන්න උත්හාස කරල නැද්ද?

    ReplyDelete
    Replies
    1. වයස වෙනසත් බලපාන්න ඇති. ඒ මොනවා වුනත් මල්ලී අයියා දකින කොට අහක බලාගෙන යනවනේ!

      Delete
  11. පොඩි ඔය වයසේ ඔලු වලට දාන දේවල් දෙමවුපියන් පරිස්සමින් කරන්න ඕන.මටත් ඔය වගේ කේස් එකක් තියනවා.ඔහොමම නෙමේ.මටත් පොඩි කාලේ ඉඳන් පවුලේ ඈතින් නෑ වෙන පවුලක් එක්ක කතා බහ තහනම් උනා.මම ගොඩක් පස්සේ මෙහෙ ආවම ඒ පවුලේ පුතෙකුත් මෙහෙ හිටිය.මට අහම්බෙන් හම්බුනා.මුලදී උඩින් පල්ලෙන් කතා කරනකොට තේරුණා අම්මල කීව විදියේ කේස් එකක් නැති බව.දවසක් කෙලින්ම ඇහුව මම අයි මෙහෙම වුනේ කියල.හේතුව ඉඩමකට යන පාරක ප්‍රශ්නයක්.ඔන්න වැඩ....

    ReplyDelete
  12. ඇයි ඉස්සර ගෑල්ලමයෙක් කොහොමද ලස්සනද කියල ඇහුවම, කැතම නෑ පාරෙ එක්ක යන්න පුලුවන් කියන්නෙ "පාරබල්" කියල

    ReplyDelete
    Replies
    1. ඔව් පාසබල් කිව්වොත් ඉංගිරිසි විතරයි නේ!

      Delete
  13. පින්තුරෙ දෙන්න නම් එහෙම නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්න නායකත්වයට තරඟ වැදිලා පැරදුණු එකා අයින් වුණානේ!

      Delete
  14. ඒවා අන්විස්වාසබල් උනත් ... එක බඩවැල කඩා ගෙන ආවට කතා කරන්න බැරි තරමට වැඩ කරපු සහෝදරයෝ ඉන්න මිනිස්සුන්ව මටනම් හම්බ වෙලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කතන්දර ලියන්න පුළුවන් මාසයක් දෙකක්!

      Delete
  15. ඔය අන්විශ්වාසබල් කියන වචනෙ ගොඩ දෙනෙක් ඔරිමජිනල් දැක්කෙ කතන්දර බ්ලොග් එකෙන් වෙන්න ඕනේ, ඩෙෆා!

    ReplyDelete
    Replies
    1. ඔව් මං ගූගල් කළා. මේ කතන්දරේ තමයි ඒ වචනේ තියෙන එකම තැන!

      Delete
  16. අයි ගන්න පුළුවන් ගානක බඩුවකට "ගන්නබල්"

    ReplyDelete
    Replies
    1. ඊටබල්ස් වලට කන්නබල් කියන බැරිද?

      Delete
    2. කන්නබල් කියන්න පුළුවන්,, වෙන තෙරුමක්ල් එන්නේ නැත නම් ..

      Delete
    3. අපි නම් කියන්නේ කනබලිටි කියලයි.

      Delete
  17. අපෙ මිනිස්සු කටපාඩමෙන් ජිවත් වෙන හෑටියට අන්විස්වාසබල් ම නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හිතන්නෙ බලන්නෙ නෑතිව හෑමදාම පුරුදු විදියට ඔහෙ ජිවත්වෙන එක.එකට කියන්නෙ කටපාඩමෙන් ජිවත්වෙනව කියල.කකා වෑරදිල දෙපාරක් කොමෙන්ටුව පබ්ලිශ් වෙල සොරි ඈ

      Delete
    2. ඔව් ඔව් හිතන්නෙ බලන්නෙ නෑතිව හෑමදාම පුරුදු විදියට ඔහෙ ජිවත්වෙන එක.එකට කියන්නෙ කටපාඩමෙන් ජිවත්වෙනව කියල.කකා වෑරදිල දෙපාරක් කොමෙන්ටුව පබ්ලිශ් වෙල සොරි ඈ

      Delete
    3. ස්තුතියි, මං ඒ යෙදුම ඇහුවේ අදහමයි.

      මෙදා පාරත් එකම කමෙන්ටුව දෙපාරක් වැටිලා නේද?

      Delete
  18. අපෙ මිනිස්සු කටපාඩමෙන් ජිවත් වෙන හෑටියට අන්විස්වාසබල් ම නෑ

    ReplyDelete
    Replies
    1. තුන්වෙනි පාරටත් කිව්වොත් කට පාඩම් වේවි!

      ;-)

      Delete
  19. කතාව අතේ රෝලක් නොවේ නේද කතන්දර

    ReplyDelete
    Replies
    1. උපුටා දැක්වීම 1 - මගේ ප්‍රොෆයිල් එකෙන්

      "කියන්න කතන්දර ගොඩාක් තියෙන කතන්දරකාරයෙක් මං. .....
      ....රියල් කතන්දර විතරයි. හැබැයි මං කැමති කතන්දර."

      උපුටා දැක්වීම 2 - මේ කතාවෙන්

      "මගේ හිතවතෙක් හිටියා (දැනුත් ඉන්නවා මුණු පොතේ,...)"

      Delete
    2. කෝ මැලේෂියා කතන්දර?

      ෆොටෝ නං දැක්කා බුකියේ!

      Delete
    3. මේ ටිකේ අධික වැඩ සෙනසුරාදටවත් ලියනවා. බ්ලොග් පැත්තට ගොඩ වෙන්නේ දුම්රියේ යන ගමනේදි රැට විතරයි දැන්

      Delete
  20. අන්විශ්වාසබල්, හොස්පිටිතාලෙ වගේ මාර වචන සැට් එකක් කකා ලඟ තියෙනොනේ :D තව අඹගස් ගෙනහැර දක්කන්ඩකෝ

    ReplyDelete
    Replies
    1. මං බුද්ධි (සයිබර්යායා) ගෙන් අහුලා ගත්තු වචනයක් - ගෑල්ළමයා
      මං සඳරූ (හිස් අහස) ගෙන් අහුලා ගත්තු වචනයක් = බයික්කෙ

      Delete
  21. මේවත් කතන්දරද කකා ? කකා කතන්දර ලියපු කාලේ අතීතයට එකතු වෙලා ඉවරයි. දැන් තියෙන්නේ ඔහේ යන එන දේවල් ලියන එක විතරයි :)

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. නමුත් මං කවදත් ලියන්නේ මට ඕනෑ කතන්දරයි.

      අනික යකාගේ හැටියට ලු විමානේ!

      ගැත්තට අනුකම්පා කරලා හෙට දිහාටත් එන්නකෝ මේ පැත්තේ.

      Delete
  22. අන්විශ්වාසබල් කිව්වම මට නං හැ‍ඟෙන්නෙ "එතරම් විශ්වාසයක් නැති" යන අර්ථය. මොකද කකාගෙ අර්ථය අනුව එහෙම උනොත් "විශ්වාසබල්" කියනඑකත් එක්ක විසංවාදී වෙනව.

    ReplyDelete
    Replies
    1. අන්විශ්වාසබල් = විශ්වාසකරන්න අපහසු (නමුත් සත්‍යයක් වීමට ඉඩ ඇති)

      විශ්වාසබල් = විශ්වාස කිරීමට හැකි (නමුත් අසත්‍යයක් විය හැකි)

      Delete
  23. It can have two meanings I reckon. "Unbelievable" and "Unreliable/Untrustworthy". Here KK uses the first right?

    ReplyDelete
    Replies
    1. Unreliable/Untrustworthy = අන්විශ්වාසවන්තිස්ට්

      Delete
  24. තව වචන කීපයක්....

    බීමට සුදුසු = බොන්ඩබල්
    ක්‍රමක් ක්‍රමයෙන් = ග්‍රැජග් ග්‍රැජුවලි
    [මේ වචන හරි නේද රසික?]
    ductility = ඇදියබිලිටි
    malleability = තැලියබිලිටි

    ReplyDelete
  25. ඔය උඩ ඉන්න දෙන්නා මීඩියා එකට සිනා වුනාට නෝ කතා කියලා කියනවා.

    ReplyDelete
  26. THAWATH KIHIPAYAK THIYANAWA - i.e. - CHOOBLE, CHOO KIREEMATA IDA ATHI, - JEEBLE, JEE KIREEMATA IDA ATHI, - PADA BLE, PADAYAMATA IDA ATHI. ETC.

    ReplyDelete
  27. හපොයි! දැන් ගානක් නැති උනාට මැරෙද්දි මතක් උනොත් හරි අපරාදේ තමයි.

    ReplyDelete
  28. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 64
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 0
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 10
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 27
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 27

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.