Thursday 22 August 2013

ඌ මොන බල්ලෙක් ද? මූ නේ බල්ලා! - Believable? Unbelievable?


මං පෙරේදා ලියා පළකරපු අන්විශ්වාසබල් කතන්දරේ හුඟ දෙනෙකුට විශ්වාසබල් එකක් බව පෙණුනා.

ඒකේ කිසිම අවුලක් නෑ!

කොහොමටත් විශ්වාශබල් සහ අන්විශ්වාසබල් අතර තියෙන වෙනස නිකං හරියට අර බාගෙට පිරුණු අසෝක වීදුරුව සහ බාගෙට හිස් අසෝක වීදුරුව අතර තියෙන වෙනසට සමානයි.

ඒ කියන්නේ දෙකේම තියෙන්නේ බාගයයි නිසා කොයික බිව්වත් එකයි කියන එක හෙම නොවෙයි!

මේ කියන්නේ, බාගෙට හිස් එකේ බාගයක් හිස් වෙලා තියෙන්නේ ඒ ටික දැනටම බීලා නිසා ඉතුරුවෙලා තියෙන බාගේත් ගැහුවොත්, අර බාගෙට පිරුණු එක විතරක් බොනවාට වඩා දෙගුණයක් ඩෝප් වෙන්න ඉඩ තියෙන නිසයි.

කලින් දාපු අයියගෙයි මල්ලිගෙයි කතන්දරේ අන්විශ්වාසබල් නොවුණු අය බලන්න මේ අද කතන්දරේ කොහොමද කියලා.

මේක පොඩ්ඩක් විතර ලූ කතන්දරයක්. නමුත් විශ්වාසවන්තිස්ට් මූලාශ්‍රයකින් ආපු එකක්.

ඔන්න එක ගමක හිටියා පවුලක්. මේ කියන්නේ හැත්තෑව දශකයේ මුල හරියේ විතර.

තාත්තා විශ්‍රාමිකයි. පුතා බැඳලා බිරිඳත් පොඩි ළමයි දෙන්නාත් එක්ක ඒ මහ ගෙදරමයි හිටියේ. පවුලේ බාල දුව සාමාන්‍යයෙන් බඳින වයස පසුකරමින් වගේ තමයි හිටියේ.

මහ දෙන්නා සෑහෙන්න උත්සාහ ගන්නවා දුවට විවාහයක් කරලා දෙන්න. නමුත් වැඩේ එන්න එන්නම අමාරු වුණා මිස ලේසි වුනේ නෑ.

විවාහපේක්‍ෂිකාව රැකියාවක් කළේ නෑ. එච්චර ඉගෙනගෙන තිබුණේත් නෑ කොහොමටත්. ඕලෙවල් කරලා තියෙන්න ඇති ඒ කාලේ හැටියට. එච්චරම හැඩරුවකුත් තිබිලා නෑ.

නමුත් ඉඩකඩම්, කුඹුරු වගේ දේපල හෙම තිබුණ නිසා ඒ කාලේ හැටියට ප්‍රශ්නයක් තිබුණු පවුලක් නොවෙයි. මහ ගෙදර විශාල එකක්. අක්කර තුනක විතර පොල් වත්තකයි ගෙදර පිහිටලා තිබුණේ.

ඊටත් වැඩිය විශාල තවත් පොල් වත්තක් තිබුණා. ඒකේ පාර අයිනේ පොඩි ගෙයකුත් තිබුණා. නංගිට අයිතිවෙන්න තිබුණේ ඒ ඉඩමයි. පවුලේ වැඩිමහල් පුතාට කුඹුරුයි, මහ ගෙයයි ලියලා දීලා තමයි තිබිලා තියෙන්නේ!

පුතා තමයි මේ වතුපිටිවල, කුඹුරුවල වැඩ බලාගත්තේ. පොර ජොබ් එකක් කරලා නෑ මේ කාලේ වෙනකොට.

ඉතිං ඔන්න දුවට මනමාලයෝ හොයනවා. පත්තර දැන්වීම් වලට දාන උත්තර අනුව වෙන්ඩ මනමාලයෝ එනවා. කපුවෝ කේන්දර ගැලපෙන පොටෙන්ෂල් අයව ගෙදරට එක්කරගෙන එනවා. කෂ්ටිය හොඳට කතා බහ කරලා යනවා.

නමුත් එච්චරයි. එතනින් එහාට වැඩක් සිද්ධවෙන්නේ නෑ.

ඔහොම ඔහොම අවුරුදු කීපයක්ම ගියාට පස්සේ තමයි මෙතන සිද්ධවෙන වැඩේ එළිවෙලා තියෙන්නේ.

එන එන වෙන්ඩ මනමාලයෝ අකමැති වෙලා තියෙන්නේ වෙන්ඩ මනමාලිට පොඩි සිහිමද ගතියක්, ඒ කියන්නේ පිස්සුවක් තියෙනවා කියලා ආරංචිවුණු නිසයි.

කවුද කැමති වෙන්නේ පිස්සු කෙල්ලෙක් බඳින්න?

වැඩේ කියන්නේ දන්නවද කොහොමද මේ පිස්සුය කන කතාව මනමාලයින්ට ආරංචි වෙලා තියෙන්නේ?

මේ අයියාකාරයා තමයි වෙන්ඩ මනමාලයින් හැමෝටම මේ බොරු කතාව කියලා තියෙන්නේ!

එක වෙන්ඩ මනමාලයෙක් තමන්ට ආරංචිවුණු ඒ කතාව කපුවාට කියලා, කපුවා පස්සෙන් පහු ඇවිල්ලා තාත්තාට කිව්වාම තමයි වැඩේ පත්තු වුණේ.

පස්සේ මේ කෙල්ල බැන්දා. කොහොමටත් ඒ වෙනකොට අයියාකාරයා තමන්ගේ දෙමව්පියන්වයි, නංගීවයි මහගෙදරින් පන්නලා දාලායි තිබුණේ.

කොහොමද කතන්දරේ? විශ්වාසබල් ද? අන්විශ්වාසබල් ද?

-කතන්දරකාරයා


(image: http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2012/10/05&id=2012/10/05/b12100515)

49 comments:

  1. පුතා වස දීල අම්ම/තාත්ත/නංගි මරපු රටේ මේව මොනවාද?

    ReplyDelete
  2. man eka..kaka mahattaya meka dando

    ReplyDelete
  3. එයි බන් පොඩි අව්ලක් තියෙනවනේ ..... අයියා කාරයා එහෙම කතාවක් ගොතන්න හේතුව මොකද්ද ??????

    ReplyDelete
    Replies
    1. ඇයිබන් උඹේ ගොන් මොළේට ඒක තේරෙන්නෙ නැද්ද? ඕක තමයි කියන්නෙ රට ගියා කියලා මිනිස්සුන්ගෙ මොළේ වැඩේන්නෙ නෑ කියලා.....

      Delete
    2. ane umba mele rala nemei MODA rala

      Delete
    3. නංගි ගෙදර නාකි වෙද්දී අයිය බුවාට තනියම දේපල වල බුක්තිය විදින්න නොවැ.
      කොහොමද ඇනෝ රට ගියාට මගෙ මොලේ?

      Delete
  4. කකා.... ඔහොම පිස්සු හැදිච්ච කෙල්ලෙක් හිටියා... හැබැයි ඒ කෙල්ල ඉගෙන ගත්තා.... අන්තිමට බදින්න විදිහක් නැතුව ඒකි සුද්දෙක් බැන්දා.... දැන් එහෙට වෙලා පල් හෑලි ලිය ලිය ඉන්නවා.......

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක දෙපැත්තක් තියෙනවා, එකක් හරි පැත්ත අනෙක අරුණිගේ පැත්ත

      ලිංක් එක කකාගෙන් ඉන්න ගන්න

      Delete
    2. ලංකාවේ ඉන්න මුග්ධ පාටකයන්ට මම කියන්නෙ ORDAINED යන වචනයේ තේරුම දැනගන්න ලොකු මොලයක් අවශ්‍ය නැති වුවත් ඇමරිකාවට නොපැමිණ එවගේ අමාරු ඉංග්‍රීසී ඉගෙනගන්න බැරි බවයි. මට Parody නොතේරෙනවායැයි කියන ගොබ්බසේනලා දැනගනිල්ලා මම බ්‍රිටිශ් කොලොම්බියා වැනි විශ්ව විද්‍යාල වලත් උගන්නපු කෙනෙක් බව.

      Delete
    3. එහෙදි බිව්වේ එළුකිරිද?

      Delete
  5. දුක හිතෙන කතාවක්. ඇසට කඳුලකුත් නැගුනා.

    ReplyDelete
  6. අපෝ අද සිද්ද වෙන දේවල් වල හැටියට ඕව හෙන විශ්වාසබල් කතන්දර

    ReplyDelete
  7. මේක නං ඕන තරම් වෙලා තියන වැඩක්. ඔයවගේ ඥාතියො ඉන්නව. ඔන්න අපේ ගෙවල් කිට්ටුවත් හිටිය "ගෑල්ලමයෙක්" බඳින වයස පැනල තිබුන. ඕන්න කොහොමහරි පදිංචි ඉඩම දෙනව කියල එකෙක් සෙට්කලා. කාලයක් ගියත් ඉඩම ලියන පාටක් නෑ. පස්සෙ ඉඩම ලිව්ව අයියගෙ නමට. මස්සිනාට මල පැනල ගෑනිත් අරගෙන ගමට ගියා අදටත් එනු යනු නෑ.

    ReplyDelete
  8. අය්යෝ...ඔහොම තමයි. බූදලේ තනියම බුක්ති විදින්න කරන දේවල්. හරිම සුලබ තත්වයක් මේ පින් බිමේ.

    ReplyDelete
  9. අය්යෝ...ඔහොම තමයි. බූදලේ තනියම බුක්ති විදින්න කරන දේවල්. හරිම සුලබ තත්වයක් මේ පින් බිමේ.

    ReplyDelete
  10. සල්ලි තන්හාවට සහෝදරකන් සලකන්නෙ නැහැ.

    ReplyDelete
  11. අර බියගම විලේජ් එකේ අයිතිකාරය උගෙ පුතා අතින් මැරුම් කෑවෙ. ඌත් කිව්වලුනෙ දේපොල පිට යන හින්ද තාත්තව මැරුවෙ කියල

    ReplyDelete
  12. මට නම් මේ කතාව විශ්වාසබල්...

    ReplyDelete
  13. ඉතින් ඒකට මේ නලුවගෙ (නිශ්ශංක දිද්දෙනියද?) සම්බන්දෙ මොකක්ද

    ReplyDelete
    Replies
    1. matath aapu prashne eka thamay.......nisshanka diddeniya witharak nemey jaya shri chandrajith lokkath innawa......

      Delete
    2. පින්තූරය ගැන උනන්දු වූවාට ස්තූතියි. බොහෝ විට සිද්‍ය් නොවෙන දෙයක්.

      නළුවන්ව අමතක කරන්න. මේ සිංහබාහු නාටකයේ දර්ශනයක්.

      සිංහබාහු කෙරුවේ පියා මරා මව සහ නැගෙනිය බේරා ගැනීමයි.

      අද කතන්දරය හා සසඳා බලන්න.


      Delete
  14. එතකොට අම්මයි නංගියි පන්නන් ගියපු කෙනා සිංහයා.

    ReplyDelete
    Replies
    1. සොසී විද්දෙ පඳුරට වැදුනෙ ඉන්දිකට !

      Delete
    2. සිංහයා වුනත් හිවලට පරාද උනා.....

      Delete
  15. ඔය වගේම සිද්ධියක් මෙහෙත් වුනා. දැන් අයියගේ කොල්ලෝ ටික ලොවෙත් ගොඩ. ඒත් මේ කතාවෙදී නංගිව මැරෙනකම්ම බලාකියා ගන්න තරම් අයියා කාරුණික වුනා. හරිම මෙව්වයි අයියෝ..

    ReplyDelete
  16. ඌ මොන බල්ලෙක් ද? මූ නේ බල්ලා! @ කකා දෙසට හැරෙමින්...

    ReplyDelete
  17. මූ අරූට වඩා බල්ලා.ඒ වගේම මේ ජාතියේ බල්ලො තමයි වැඩියෙන් ඉන්නේ..සමහරුනට මේ බලු ගතිය පුරුදු කරන්නේ බැන්දට පස්සේ ගෑනිම තමයි.

    ReplyDelete
    Replies
    1. 100% රායිට් ජෝති මාමේ.

      Delete
    2. බල්ලා හෝ බලු වැඩය තීරණය වන්නේ උපන් වේලාවේ සිදුවන ග්‍රහ පිහිටීම මතය.................

      ඇනලිසිස් එකක් ලිවීමට ඉතා අවශ්‍යමුත් අධික වැඩ නිසා කල නොහැක....

      ජෝතිගේ පියාණන් ගැන මාගේ සංවේගය.....

      Delete
  18. බුරියෙන් පල්ලෙහා නෑදෑකම් නෑ...

    ReplyDelete
  19. යකෝ අයියාකාරයා බල්ලෙක්ද?** බල්ලෙක්ද?

    ReplyDelete
  20. විශ්වාසබල් නේන්නම්

    ReplyDelete
  21. විශ්වාසබල් කතාවක්.. හෙලකට දමා දකිනවා අයියාකාරයව

    ReplyDelete
  22. විශ්වෂබල් බල්ලෙක් තමා ඌ නම්..එළකිරි ආආආ..

    ReplyDelete
  23. ඔයවගේ තව කතන්දරයක් තියනව,
    පවුලෙ ළමයි නමයයි. ඉස්සරකාලේ එහෙම තමා ක්‍රිකට් ටීම් එකකට උනත් උන් හොයාගන්න පුලුවන් එක පවුලකින්. තාත්ත මැරුනම ඉඩකඩම් වල අයිතිය අම්මට ලැබුන අම්මත් මැරුන ඉඩකඩම්වල අයිතිය ලොකු පුතාට ලොකු පුතා බැඳල ළමයි එහෙම හැදුව පවුලෙ අනික් උන් ටිකත් කසාද බැන්ද ඒත් ලොකු මෑන් ඉඩකඩම් ටික සහෝදර සහෝදරියන්ට ලියල දුන්නෙ නෑ. ලොකු මෑන්ට දුවලම හතරක් ඉන්නව උනුත් බැන්ද උන්ටත් ලමයි හම්බුනා. ඉඩම කාටවත් ලියල දුන්නෙ නෑ තව ඕවට කල් තියනව කිව්ව. හදිස්සියේම ලොකු මෑන් මලා...
    පවුලෙ අනික් අට දෙනා එකතුවෙලා ඉඩ කඩම් ටික බෙදාගන්න හැදුව. ඉඩම් බෙදන්න හිටිය දවසේ ලොකු මෑන්ගෙ බෑනල හතරදෙනා ආව පොලීසියෙන් කට්ටියකුත් අරන්. උන් හතර දෙනාට ලොකු මෑන් මැරෙන්න කලින් ඉඩකඩම් ඔක්කොම ලියල දීල. ඔන්න ඔහොම සහෝදරයොත් ඉන්නවලු.

    ReplyDelete
  24. විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.

    ReplyDelete
  25. පුල්ම විස්වාසබල් නෙ.තාත්ත ගෑනියි ලමයිවයි මරනව රත්මලානෙ.පුතා තත්ත මරනව බියගම.දුව දෙමවුපියො මරවනව ජා ඈලයි කාන්තන්කුඩිවලයි.ඉතින් මෙක මොකක්ද

    ReplyDelete
  26. කාලෙක ඉදන් කකා ගේ බ්ලොග් එක කියෙව්වට අද තමයි මුලින්ම කොමෙන්ටුවක් දාන්නේ .
    අර අන්විශ්වසබල් කතන්දරේ මටනම් විශ්වසබල්.මං හොදින් දන්න මගේ මිත්‍රයෙකුත් ඉන්නවා ඕන් ඒවගේ කුල කේස් කසාදයක් නිසා එයාට වයස 10දි විතර ගෙදරින් ගිය අක්කා එක්ක ඇයිහොදයියක් නැති. ඒත් මේ ලගදි පවුලේ තාත්තගේ මළගමට ඒ සහෝදරි ළමයි ලපටිත් අරන් ගෙදර ආවම අනේ අපොයි කිසි කෙනෙක් නෑ මුණ බැලුවේ. මට ඕන් එතනදී අන්විශ්වසබල් තමන්ගේ ලමයට එහෙම කරන්න පුළුවන් අම්මල සිටිත්දෝ කියල .කුලේ කොහොම වෙතත් අද දරුමල්ලෝ හදාගෙන සන්තෝසෙන් ඉන්න එකම මදැයි නේද ?
    හැමදාම රසවත් කතන්දරම ලියන්න කකාට ජයෙන් ජය !!!!

    ReplyDelete
  27. LIYANTA TOPICS NATHNAM MOKUTH NOLIYA SITEEMA WADA HONDAI NEDA

    ReplyDelete
    Replies
    1. කැපිටල් ඇනෝ ගේ හොර වැඩක් එළිවෙයි!
      මෙගි මුල් කමෙන්ටුව බලන්න!

      Delete
    2. මං හිතන්නේ කැපිටල් ඇනෝ තමන්ගේ කූප්‍රකට අනන්‍යතාවය බූවා ගේ සිතුවිලි ලියන බ්ලොග්කාරයා ගේ පිට පටවන්න හදනවා වගෙයි.

      Delete
  28. නෙදකින් මෙහෙම අයියලා

    ReplyDelete
  29. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 46
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 2
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 16
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 3
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 25

    ReplyDelete
  30. මටනම් ඔය එක බල් එකක්වත් නෑ . ඩබල් වගේ . හැක හැක

    ReplyDelete
  31. තමන්ගෙ නංගිගෙ ඉඩකඩං දේපල අයිති කරගෙන පිස්සු නැති නංගිට පිස්සු කියල ඔප්පු කරල පිස්සං කොටුවට දාපු මිනිස්සු ඉන්න රටේ මෙහෙම වෙන්න පුළුවන් තමයි. මං මේ කිව්වෙ අංගොඩ මානසික රෝහලේ සිටින කාන්තාවකට වෙලා තියන සත්‍ය සිදුවීම...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.