Wednesday 3 July 2013

යාද්වි තිදාද ම්යනවි - topsy turvy!


ඔය මං දාලා තියෙන මාතෘකාව අප්සෙට් වගේ පේන අයට පස්සේ කේස් එක තේරේවි කියලා හිතනවා.

දැන් ඉස්කෝලවල තියෙනවා නේද විවිධ මොටෝ, ඒ කියන්නේ ආදර්ශ පාඨ?

ඉස්කෝල කිව්වාම ඉස්සෙල්ලාම කියන්න ඕනෑ, මං ජීවිතේ ඉස්කෝල තුනකට ගිහින් තියෙනවා.

වැඩිපුරම කාලයක්, ඒ කියන්නේ පළමුවෙනි ශ්‍රේණියේ ඉඳලා පස්වෙනි ශ්‍රේණිය දක්වා අවුරුදු පහක්, හිටියේ ගමේ කණිෂ්ඨ විද්‍යාලයේ. ඒ ඉස්කෝලේ මං ගිය කාලේ මොටෝ එකක්, ඒ කියන්නේ ආදර්ශ පාඨයක් තිබුණේ නෑ. පසු කාලෙක ඉස්කෝලේ ලොකු මහත්තයා "සූර්යාලෝකයෙන් පුෂ්පයෝ පිබිදෙති, විද්‍යාලෝකයෙන් ශිෂ්‍යයෝ පිබිදෙති!" කියලා කෑල්ලක් දා ගත්තා.

මං ඊළඟට ගියේ අපේ ගමේ ඉඳලා කිලෝ මීටර් පහක විතර දුරින් තිබුණු මධ්‍ය මහා විද්‍යාලයටයි. අවුරුදූ හතරක් කල් ගතකරපු ඒ ඉස්කෝලේ ආදර්ශ පාඨය වුණේ "මා නිවත්ත අභික්ඛම" කියන එකයි. ඒ පාලි පාඨයේ තේරුම "නොනැවතී ඉදිරියට යන්න!" වගේ එකක් බවයි මගේ මතකය.

දහයේ පන්තියෙන් පටන් අරගෙන පාසල් අධ්‍යාපනය හමාර කරලා අස්වීමේ සහතිකය ගන්න දවස වෙනතුරු සිව් වසරක් ගතකරන්න ඊළඟට මං ගිය ඉස්කෝලේ ආදර්ශ පාඨය "අප්පමාදෝ අමතපදං" කියන ධම්මපදේ කෑල්ලයි.

සිංහල බෞද්ධ ඉස්කෝලවලට පාලි කෑලි දාන්න ඇත්තේ එදා ඕල්කොට්ලා බෞද්ධ මිෂනාරි පාසල් හදන කොට යුරෝපීයන් ගේ කතෝලික සහ ක්‍රිස්තියානි පාසල්වලට දාලා තිබුණු ලැටින් කෑලිවලට හරි හරියට මැච් කරන්න වෙන්න ඇත. හරියට අර කැරොල් වගේ කියන්න භක්ති ගීත පටන් ගත්තා වගේ!

මේ වගේ සිංහල ඉස්කෝල කීපෙකම ආදර්ශ පාඨය හැටියට දාගෙන තියෙන කෑල්ලක් තමයි "විද්‍යා දදාති විනයං" කියන්නේ.

මේකේ තේරුම තමයි විද්‍යාවෙන් ඒ කියන්නේ අධ්‍යාපනයෙන් ලැබෙන දැනුමෙන් විනය ඒ කියන්නේ හික්මීම ලැබෙනවා ය කියන එකයි.

අර මං කලින් කියපු "අප්පමාදෝ අමතපදං" වගේ තවත් බණ පදයක් කියලයි සමහරු හිතන්නේ මේ "විද්‍යා දදාති විනයං" කියන එක. මං දැක්කා එක්තරා පාසලක සිසුන් විසින් කරගෙන යන වෙබ් අඩවියකත් මේක ධම්ම පදයේ ගාථාවක කොටසක්ය කියලා ලියලා තියෙනවා.

නමුත් මං අහල තිබුණු විදියට නම් මේක පාලි නොවෙයි සංස්කෘත පාඨයක්. පොඩ්ඩක් තව හොයල බැලින්නම් මේක සංස්කෘත ශ්ලෝකයක මුල් පදය.

සම්පූර්ණ ශ්ලෝකය මෙන්න මෙහෙමයි.

විද්‍යා දදාති විනයම්, විනයාධ්‍යාති පාත්‍රතාම්
පාත්‍රත්වාධනමාප්නෝතී, ධනාද්ධර්මම් තතා සුඛම්


ඒ කියන්නේ අධ්‍යාපනයෙන් (දැනුමෙන්) විනය ලැබෙනවා, විනයෙන් කීර්තිය ලැබෙනවා, කීර්තියෙන් ධනය ලැබෙනවා, ඒ ධනයෙන් හොඳ වැඩ කිරීමෙන් සතඔට ලැබෙනවා වගේ අදහසක්.

සියල්ලටම මුල් වෙන්නේ දැනුම. ඒ දැනුම, අධ්‍යාපනය ලබා දෙන පාසල්වලට මේ පාඨය යොදන්නේ ඒ හින්දයි.

ඒත් මේ පහුගිය දවස්වල සිදුවුුන "ගවුම් වාටි", "පොසොන් කුඩූ" වගේ කේස්වලදී සිද්ධවෙලා තියෙනවා වගේම, මං කලින් ලියලා තියෙන "නපුරු ගුරුවරු" කතන්දරවල දී (*)ළමයින්ට මුහුණ පාන්නට සිදුවුණු අනතුරු ගැන හිතන කොට මට තේරුණේ මේ විසි එක්වෙනි සියවසේ දෙවෙනි දශකයේ දී ත් අපේ පාසල් ගුරුවරු බොහෝ දෙනා හිතන්නේ "අධ්‍යාපනයෙන් විනය බිහිවේ!" කියලා නොවෙයි, "විනය හැදුවොත් අධ්‍යාපනය ලැබෙයි!" කියලා බවයි.

ඒකනේ ළමයින්ට හරියට උගන්වන්න කලින්ම ඉස්සෙල්ලා දඬුවම් කරන්නේ. එහෙම කරන්නේ විනයගරුක කරලා අධ්‍යාපනය ඉබේම පිහිටුවන්නයි.

"විද්යා දදාති විනයම්" කියන සංස්කෘත ශ්ලෝකයේ මුල්පදය කණපිට පෙරළිලා.

ඒ හින්දා තමයි මං අද ටයිටලේ - යාද්වි තිදාද ම්යනවි - කියලා යෙදුවේ!

-කතන්දරකාරයා

(*) මෙන්න පාසල්වල නපුරු ගුරුවරු ගැන කතන්දර කීපයක්.

1. මිලාගිරියේ St Pauls නපුරු විදුහල්පති සහ අපේ කාලයේ නපුරු ගුරුවරු
2. මිලාගිරියේ St Pauls වල විතරද නපුරු ගුරුවරු ඉන්නේ?
3. රුපියල් දෙකේ නපුරු ගුරුවරු
4. නපුරු ගුරුවරුන් ගෙන් ගැලවෙන්නම බැරිද?
5. රසික නානායක්කාර ලියා එවූ දුක හිතෙන කතාවක් - නොකළ වරදට ඇයි මේ දඬුවම්?


(image: http://www.stephenhicks.org/tag/immanuel-kant-on-education/)

74 comments:

  1. හෙළයේ බූරුවෝ තුන් දෙනෙක් අධ්‍යාපන ඇමටියෝ වෙලා ඉද්දි දරුවන්ට අබ සරණං ගච්චාමි...!!!

    ReplyDelete
    Replies
    1. ඇස්බී, බන්දුල, කවුද තෙවැන්නා?

      Delete
    2. ඇයි අධීක්ෂණ?

      Delete
    3. ආහ්, මට අමතක වුණා,
      මේ තියෙන්නේ එයා ගැන, මං ඉස්සර ලියපු ලිපියක.
      http://kathandara.blogspot.com/2011/12/deciding-between-peradeniya-and.html

      ඔය තුන්දෙනාම හැබැයි මෝඩයෝ නොවෙයි, කල් යල් බලා තණකොල හොඳ පැත්තට වැටෙන් පැන්න අය!

      Delete
    4. 2008 ග්‍රේරො මුණගැහුන වෙලාවෙ දරුවො FB වලට ඇබ්බැහි වෙලා තියෙන කැත තැන් කතා කරන ගමන්,රටේ දේශපාලන තත්වය ගැන කතා කරද්දී මම හිතුවෙ නැහැ මේ ආත්මෙට තනකොල සරුවට වැවිල තියෙන ගව ගාලට පනියි කියල.

      Delete
    5. පනින්න කලින් දවසේ රෑත් ග්‍රේරෝ ළඟම මිතුරකුට කියලා තිබුණා "මොන පිස්සුද බං මම එහෙම පනිනවද?" කියලා.

      Delete
    6. ඔබ හරි.මිතුරෙක් ඔහු පැන්නට පසු දින ඔය වචන සෙට් එක මට කිව්ව.

      Delete
    7. ඔබ හරි.මිතුරෙක් ඔහු පැන්නට පසු දින ඔය වචන සෙට් එක මට කිව්ව.

      Delete
    8. කාගේද?
      ලින්ක් එක ඕපන් වෙන්නෙ නැහැ.

      Delete
  2. මේක නම් රිදෙන්න ලියලා තියෙනවා. මමත් සිරි පැරකුම් ගැන ලියපු කවියේ යට, අත පසුවී ලියමි කියලා චූටී පොටෝ එකක් දැම්මා. නමුත් කවුරුත් ඒක තේරුම් ගත්තේ නෑ. මේ වගේ ක්‍රමවලිනුත් කනට ගහන්න පුළුවන් කියන එක.

    රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ එක නම් ඉස්කෝලේ වගේම හරි පවර්ෆුල්..

    "උගනිව්, නැතිනම් පිටවව්" ඒක ටිකක් මේ වගේ

    "කරතොත් කරපන් හරියට, බැරිනම් පලයන් අහකට"

    ReplyDelete
    Replies
    1. මාතලන් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේද ? කොයි කාලේද ?

      Delete
    2. @ Maathalan
      ඒ ෆොටෝ එක මං දැක්කා අර ජගත් චමිල සහ තව පොඩි එකෙක් ඉන්න එක නේද? මොකක්ද ඒකෙන් කියවෙන්නේ?

      Delete
    3. වැරදිලා ගුවන් යානයේ දොර අරින් හදපු කොලු පැංචත් රජ පවුලේ හාදයෙක් නේද?

      Delete
    4. Full name Ramith Laksen Bandara Rambukwella
      Born September 8, 1991, Kandy
      Current age 21 years 299 days
      Major teams Royal College, Sinhalese Sports Club, Sri Lanka Under-19s
      Playing role Opening batsman
      Batting style Left-hand bat
      Bowling style Right-arm offbreak
      Height 6 ft 3 in
      Education Royal College, Colombo

      Delete
    5. මටනං ඔතන තියෙන්නේ ක්‍රිඩකයෙකුගේ විනය ගැන ගැටළුවක් විතරයි... ක්‍රිකට් පාලක මණ්ඩලේ තියෙන ගිවිසුමේ ඔය වගේ ගමන් වලදී මධ්‍යසාර පානය තහනම්ද නැද්ද කියන දේ විතරයි... ඒ ඇරෙන්න ඕකත් කේස් එකක්ද..? උඹලා අපි නොබිව්ව එවුන්ද බං..? බිව්වට පස්සේ අපි ඔයිට වඩා චාටර් වැඩ කරලා නැද්ද... කරුමෙට ඉතිං අපිට.. (අපිට කිව්වට මට ඈ) ඔහොම ප්ලේන් එහෙක බොන්න ලැබිලා නැහැ.. එහෙම නැත්තං ඉතිං ඔය ටිකම මාත් කරයිද කවුද දන්නේ...? වෙරි මරගාතේ බල්ලට මචං කියලා කරට අත දාං නිදාගන්න උන් ඉන්න රටේ දොරක් මාරු වීමත් සීන් එක්කයෑ..? කරුමේ උනේ ඌ කෙහෙළිය කාරයගේ පුතා වීම තමා... :D

      ක්‍රිකට් පාලක මණ්ඩලේට අනුව බීම වරදක්නං ඒක වසර කිහිපයකට හරි තරඟ තහනමක් වැනි දැඩි දඩුවමකට යටත් වීමනං වෙන්න ඒන දෙයක්.. නැත්තං ඉතිං දණ ගස්සලා තියන්නත් ඇහැකි.. :D

      Delete
  3. විනය හැදෙන්න ඕනේ අධ්‍යාපනයෙන් කියලා හිතන එක පොඩි අන්තගාමි අදහස්ක් වගේ.....මට තේරෙන විදිහට අධ්‍යාපනය තුලින් විනයත්, විනය තුලින් අධ්‍යාපනයත් පෝශණය වෙනවා....

    ReplyDelete
    Replies
    1. මයියාගේ දෙවෙනි වාක්‍ය කරගන්න නම් පළවෙනි වාක්‍යයෙන් කියැවෙන දේ කරන් ඉන්න ඕනේ මුළින්ම.( මෙය ශ්‍රී ලංකාවයි )

      Delete
    2. @ Myya
      විද්‍යා කියන්නේ අධ්‍යාපනයට වඩා දැනුම කියන එකයි.
      දැනුමෙන් මුහුකුරා යන්න යන්න කෙනෙක් විනය ගරුක වෙනවාය කියන එකයි මෙහි අදහස.
      මෝඩයින්ට විනයක් නැත්තේ එනිසායි.
      එය සත්‍යයක් බවයි මටනම් පේන්නේ!

      Delete
  4. ආනන්දේ ගිහින් ඉන්න ඉගෙන ගත්ත කෙනෙක් මේ විදිහට හැසිරෙන එක පුදුමයට කාරණයක්. මම අද 1ද මන්දා ?

    මම එක ඇනෝ.

    ReplyDelete
    Replies
    1. ආනන්දේ ගියපු එවුන් තව හොඳයි. උඹ දැකලා නැද්ද නාලන්දේ ගියපු එවුන්ගේ හැසිරීම?

      Delete
  5. රේඩියෝව වහන්න යනවා කියලා..බැනර් පෝස්ටර් එල්ලගෙන .....එක එකා වෙන වෙනම ස්ටේටස් දාගෙන ............ලැජ්ජ නැද්ද බං බොලාට බොලාගෙම රේඩියෝ එක අහන මිනිස්සුන්ව පීචං කරන්න... කෝ උඹලගෙ මහලොකු මාධ්‍ය සදාචාරේ....හයියෝ රේඩියෝ....

    ReplyDelete
  6. හරි යන්නේ නෑ කකා. අද ඉන්න ගුරුවරුන්ට දේශපාලනයට යට වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ.

    ReplyDelete
  7. Teacher : For Your Punishment, Write 100 times "I will not waste my time on meaningless tasks"

    Student : I can't..

    Teacher : Why ???

    Student : That is also a meaningless task !

    ReplyDelete
  8. කතන්දර දන්නවද ඊයේ පෙරේදා වෙනෙසියුලාවේ ටොයිලට් පේපර් හිඟයක් පැතිර ගියේ ඇයි කියලා.... මෙව්වා සමාජ වාදෙ වැරදි......

    ReplyDelete
  9. කතන්දර කාර්ල් මාක්ස් ගැන හෝ ෆ්‍රෙඩ්‍රික් බැස්ටියාට් කියා ඇත්තේ මොනවා දැයි වටහා ගන්නට උත්සාහයක් ගත යුතු ඇයි?

    ReplyDelete
  10. මොටෝ එක "අප්පමාදෝ අමතපදං" වුනාට වෙලාවට කොමෙන්ට් ටිකවත් පබ්ලිශ් කරන්නෙ නෑ....

    පව්... ආනන්දෙ තමයි ඉස්කෝලෙ....

    ජරාවක් දීලද 10යෙන් ඉස්කෝලෙට පැන්නෙ....

    ReplyDelete
    Replies
    1. වැඩ වැඩ වැඩ....
      හරිම බිසි කාලයක්....

      Delete
    2. නැහැ කකාගෙ තාත්ත ටිකක් පොරක් නෙ..... ඒක නිසා ආනන්දෙ ඒකාලෙ හිටපු පිනාට කියලා මූව දාගන්න ඇති..... අපි ඉස්කෝලෙ යන කාලෙත් ඔහොම පැරෂුට් බුවාලා ආවා....

      Delete
    3. පැරෂුට් බුවාලා ????
      LOL

      Delete
    4. @ Anonymous July 3, 2013 at 2:07 PM

      අපේ කාලෙ ආපු නීත්‍යානුකූල ප්‍රධාන ක්‍රම තමයි එක වසරේ සිට හෝ 5හේ විභාගයෙන්.... උඩින් ඇවිත් පාත්වෙච්ච... එහෙමත් නැත්තන් උදේ ඉස්කොලෙ යන විට අනාථයෙක් සේ පුටුවක වාඩිවෙලා හිටපු බුවාලට කියුවෙ පාත්තයො එහෙම නැත්තම් පැරෂුට් කියලා තමයි....

      කොහොමද... පන්තියෙ එව්වො උදේ යනකොට කකා ඉන්න ඇති ගුටිකන මූනත් දාගෙන හොට කපපු පැස්බරෙක් වගේ.....

      http://thumbs.dreamstime.com/z/ostrich-2471328.jpg

      Delete
    5. මෙවැනි ප්‍රලාපවලට පිළිතුරු දීම මගේ සිරිත නොවුණත් ඔබ කීප දෙනා මේ නන්දොඩවන්නේ නොදන්නා කම නිසා බව පෙනී, ඔබ දැනුවත් කිරීම සඳහා ලියමි.

      මා දහයේ පන්තියෙට ගියේ තනිවම නොවේ. පන්ති තුනක් පිරෙන්න (10^7, 10^8 සහ 10^9) අළුතින් ආ සිසුන් සමගයි. ඒ නමවෙනි ශ්‍රේණියේ විභාගයෙන් ඉහල ප්‍රතිපල ලබා, ඒ අනුව අයැදුම් පත් ඉදිරිපත් කර, සම්මුඛපරීක්‍ෂණයකට පෙනී සිටිමෙන් පසුවයි.

      ඔබේ අවසන් කමෙන්ටුවේ මේ ගැන නිවරදි පැහැදිලි කිරීම අඩංගුයි. එය නම්, "අපේ කාලෙ" යන්නයි!

      ඔබේ කාලයේ වැඩ කෙරුණු විදිය සදාකාලිකයි කියාද ඔබ සිතන්නේ?

      මොන ඉස්කෝලෙද හලෝ ඉගෙන ගත්තේ?

      Delete
    6. මොන ඉස්කෝලෙද හලෝ ඉගෙන ගත්තේ?
      http://kathandara.blogspot.com/2011/03/blog-post_23.html

      Delete
    7. මේ ගැන කකාගේ පොතේ පැහැදිලි විස්තරයක් ලියලා තියනවා.

      Delete
  11. 5. රසික නානායක්කාර ලියා එවූ දුක හිතෙන කතාවක් - නොකළ වරදට ඇයි මේ දඬුවම්?

    you mistakenly wrote an incorrect name. it should be "Rasika Sooriyarachchi" not "Rasika Nanayakkara"
    Please Correct it !

    ReplyDelete
  12. From 6:00 am to 9:45 am
    No Comments yet !
    How poor is this blogger ?

    ReplyDelete
  13. For my punishment I will write 100 times, " I will not waste my time on useless blogs"

    your blog sucks kaka....

    ReplyDelete
    Replies
    1. කකා, මම මේ ප්‍රශ්නේ කලිනුත් ඇහුවා. හැමදාම ටීවි එකේ කියන විදිහට ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා නැද්ද ? එතකොට ඕස්ට්‍රේලියාවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු තත්වයක්ද එහේ තියෙන්නේ ? අපි ඕස්ට්‍රේලියාවට ආවොත් පාරේ හිඟා කන්න වෙයි ද ?
      ප්ලීස් කකා, උත්තරයක් දෙන්න.


      පීඩාවට පත් ලාංකිකයෙක්.

      Delete
    2. පොරෝ පාර තියනවානම් කොහේ උනත් රැකියා තියනවා..... ඔබගේ ජෙන්ඩර් එක පවසන තුරු උත්තරයක් දෙන්න අපහසුයි....

      Delete
    3. ඇනෝ @10:20AM;
      බොල බූරු පුතේ උගත් නම් ඔය රටේ සහ තව රටවල රැකියා නැතිවම නොවේ.
      රතු T ගහගෙන මෙලෝ දැනුමක් නැති එව්වො බෝට්ටු වලින්එන පිඩිතයෝ ඒ රටවල වැද්ද ගෙන නැති විප්ලව ඒ රාජ්‍යයන් ඇතුලෙ වෙනවට කැමති නැහැ.
      මම බොට හොද උපදෙසක් දෙන්නම් පුතේ.
      >>හොදට අකුරු/දැනුම් කල එව්වන්ට යා හැක ඒරොප්පේ රැකියාවන්ට,
      නැති එව්වො කතිර ගගහා ලංකාවෙම ඉන්න හැකිය පුකදී මහින්දට <<

      Delete
    4. භාෂාව සහ උගත්කම මුලට.අරකට මම නැහැ සුදා.

      Delete
    5. >>හොදට අකුරු/දැනුම් කල එව්වන්ට යා හැක ඒරොප්පේ රැකියාවන්ට,
      නැති එව්වො කතිර ගගහා ලංකාවෙම ඉන්න හැකිය පුකදී මහින්දට <<

      ඔව්, කෙන්ජි මහතා දැන් වේග පන්දුවක් එවනවා ජනප්‍රිය බ්ලොග්කරුවකුට...

      Delete
  14. මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
    ලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
    අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
    ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
    එච්චරයි..
    මෙතන තියෙන කමෙන්ට් වලින් පේන්නෙ හැමෝම තම තමන්ගෙ වීරයො ආරක්‍ෂා කරගෙන අනිත් අයට මඩ ගහන බවක්..
    දැං ඉතිං මටත් මඩ ගහපල්ලා... මට මොකෝ !

    ReplyDelete
    Replies
    1. රේඩියෝව වහන්න යනවා කියලා..බැනර් පෝස්ටර් එල්ලගෙන .....එක එකා වෙන වෙනම ස්ටේටස් දාගෙන ............ලැජ්ජ නැද්ද බං බොලාට බොලාගෙම රේඩියෝ එක අහන මිනිස්සුන්ව පීචං කරන්න... කෝ උඹලගෙ මහලොකු මාධ්‍ය සදාචාරේ....හයියෝ රේඩියෝ....

      Delete
  15. කකා, ඇයි කමෙන්ට් කරන අපි කළුද ?
    අපේ කමෙන්ට්ස්, හිට්ස් වටින්නේ නැද්ද ? ප්‍රොපයිල්කාරයන්ගෙන් විතරද කකාට මිලියන ගනන් හිට් ලැබුනේ ?
    අපිට කුඩම්මගේ සැලකිල්ල දක්වන්නේ ඇයි ?

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බ්ලොග්කරුවානෙනි.... ඉහි..ඉහි..ඉහි.. :'(

    ReplyDelete
  16. මම නම් ගරු කරන ගුරුවරු ඉන්නේ 8 දෙනෙක් වගේ..අනිත් අය නිකම්ම නිකන් මිනිස්සුයි ගෑණුයි විතරයි..

    ReplyDelete
    Replies
    1. උන් 8 දෙනාටම අල්ලන් ගහන්න ඕනි... උඹ වගේ පොරක් සමාජයට බිහි කරාට....

      Delete
    2. හලෝ රාජ් ඉතින් කොහොමද?

      Delete
  17. කෝ බන් කකා අපේ කොමෙන්ට්ස්..... දවල්ට කෑවෙ ඒවද? දවල්ට අපේ කොමෙන්ට් ටික කාලා ඉතිරිය වයිෆ්ට කන්න ගෙදර අරන් ගියාද?

    ReplyDelete
  18. ප්ලීස් කකා,
    තමුන්ගේ මහන්තත්තකම ගෙදර එවුන්ට පේන්න තියාගෙන අපි දාන කමෙන්ට් ටික වෙලාවට පබ්ලිශ් කරහන්. මේ ගූ හැත්තෑවේ බ්ලොග් එක කියවන්න නෙමෙයි කමෙන්ට් බලන්නයි අපි එන්නේ.
    ඒ ඉල්ලීම ඉටු කරහන් කකා. වෙන මොකවත් ඕන නෑ.

    ReplyDelete
  19. ඒ කාලේ ගුරුවරු නම් 'පඩි තකා' වැඩ කලේ නෑ. 'විනය තකා' තමයි වැඩ කලේ. අද නම් 'විනය තකා' වැඩ කලොත් ගුරුවරුන්ට වෙන්නේ 'ගෙයි පඩිය' අල්ල අල්ල ඉන්න. අනික ඉතින් ටියුශන් එකක් දෙකක් කලේ නැත්නම් ගුරුවරුන්ගේ මාසේ ගාන කවර් කරගන්න බෑ නේ. මොකෝ 'පඩි තකෙන්' දෙනවා කියලා යෑ.ටියුෂන් කරන ගමන් උනත් ගුරුවරු ට්‍රයි කරන්නේ ප්‍රින්සිපල් පට්ටමක් ගන්න. ඒ නිසා අවුරුදු දෙක තුනක් පරණ ගුරුවරු ඊලඟට වැඩ කරන්නේ ප්‍රින්සිපල් 'පට්ටම තකා'.

    මේ කමෙන්ට් එකත් පුළුවන් නම් කාහන් !

    ReplyDelete
  20. ගතේ දැවටුනද බණ පද නිරන්තර - අතේ පිරිත් ලණු බැඳුණද වරින්වර
    සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර - මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර

    මේ කවිය දැන් අයින් කලා නම් හරි නේද මහත්තයෝ ? හැම ලබ්බම එල්ලගෙන ඉන්න ඕන නෑ නේ. මහත්තයාට ඉන්ටර්නෙට් ලාබ උනාට අපිට බයිට් ගනන් !

    ReplyDelete
    Replies
    1. ඔව් බන් කකා....
      හක්කෙ බුදු රැස් - බොක්කෙ දඩ මස්
      කියන්නෙ ඔහොම බණ එල්ලන් ඉන්න බුවාලට තමයි....

      Delete
    2. සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර - මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර

      Delete
  21. අපිට නම් තිබ්බේ ලතින් නමක්.

    ReplyDelete
  22. ඕක සංස්කෘත ශ්ලෝකයක් වෙච්ච එක හොඳයි. නැත්නම් බුදු බණ පදයක් කණපිට හැරවීමේ විපාකය විඳින්න (විඳවන්න) වෙයි.

    අපේ ඉස්කෝලෙ තිබුනෙ "යාදිසං වපතෙ බීජං - තාදිසං හරතෙ පලං" කියලයි. ඒකෙ තේරුම විදුහල් ගීතයට ඇතුළත් කරල තිබුනෙ "වැපිරූ පමණට අස්වනු ලබනේ - (ඒ විලසයි වෙහෙසී සිප් වඩනේ)" කියලයි.
    ඒක නෙවෙයි එතකොට topsy turvy කියන්නෙ මොකක්ද? ටියුබ් ලයිට් එක පත්තුවෙන්නෙම නෑනෙ.

    ReplyDelete
  23. අපිත් ආනන්දෙට තමයි ගියේ... ඒත් ඉස්කෝලෙ විකුනන් කෑවෙ නෑ.......

    ReplyDelete
  24. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 51
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 13
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 15
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 6
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 17

    ReplyDelete
  25. KK, the only school i went to was the last one you went to. It's very refreshing (and a relief) see an old boy of that school writing logical, rational stuff unlike the arrogant, intolerant religious and racial (sometimes bordering on tribalism) fanaticism indulged in by many of our old boys.
    About the mottoes I think the Reid Avenue school has the best "Learn or Depart" (English translation). Very pithy. But maybe not depart through the air craft door at 35,000 ft in the air eh?

    ReplyDelete
    Replies
    1. to feel more refreshing, Read My book also

      Anande thamai iskole

      Delete
    2. ඉඳ ඉඳ එක වෙහෙර කියලා කියනවානේ!
      කතා කරලා වැඩක් නෑ සමහර අයියලාගේ ටෝක්ස් ගැන නම්.

      Delete
    3. Thanks. Will try to get hold of ur book. Just saw a FB page - "Anandians around the world". It's amazing (and depressing) so see the amount of intolerant rubbish spouted in the name of Buddhism

      Delete
    4. @ Pra Jay

      The following comment is not mine. I think I found it earlier today in the Spam folder and decided to release it.

      =====================================
      AnonymousJuly 4, 2013 at 11:57 AM

      to feel more refreshing, Read My book also

      Anande thamai iskole

      Delete
    5. OK but it's ur book right?

      Delete
  26. ඔය මොන ඉස්කෝලෙට ගියත් බැස්ටියාට්ගෙන් ඉගෙන ගෙන නැත්නම් අං දෙක නැති හරකෙක් බඳුය.

    ReplyDelete
  27. මෙ එක ඉන්සිඩෙන්ට් එකක් වත් ටීචෙර්ස් ලා කරන්නෙ විනයෙන් විද්යාව ලෑබෙ කියලා හිතගෙනය් ක්යලා ඉන්ටෙර්ප්‍රෙට් කරන එක වෑරදිය් මම හිතන්නෙ, විනය හෑදුවොත් ලෑබෙන වෙනත් දෙවල් තියෙනවා.

    ReplyDelete
  28. Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
    http://geek.lk/plugin/webgeek/bloggeek

    ReplyDelete
    Replies
    1. කකා මේකට ඇප්ලයි කලා නම්...
      උබට ඉතින් සම්මානයක් දෙනවා නම් ඇති නේ..

      Delete
  29. අපි දන්නා බෞද්ධ ගාථා කීපයක්ම සංස්කෘතයෙන් ප්‍රභවය වූ ඒවා. හාමුදුරුවරු දේශනා කරන අභිවාදන සීලිස්ස කියන ආශිර්වාද ගාථාවත් ඒ ආකාරයේ එකක්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.