දෙතුන් පාරක්ම එහෙන් මෙහෙන් ටච් කරපු කතන්දරයක් ටිකක් විස්තරාත්මකව කියන්නයි මේ යන්නේ.
මුලින්ම මං අර සිවකුමාර් ගේ ප්‍රශ්නය ගැන ලියද්දී තමයි පේරා පොරවල් සහ කට්ටෝ කියලා මට ලියවිලා තිබුනේ. ඒ හිතලා ලියලා නෙමේ නිරායාසයෙන් ම ලියවුණු කෑල්ලක්. ඒකට හේතුව මංතුමා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තු පොරක් වීම බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ.
ඔතන කට්ටෝ කියන්නේ කටුබැද්දේ (ඔෆිෂියලි කියනවා නම් මොරටුව විශ්ව විද්‍යාලයේ) ඉගෙන ගත්තු පොරවල්වලටයි.
අපේ කාලේ උසස් පෙලට මැත්ස් කරලා වැරදිලා හරි හොඳට පාස් වෙච්ච කොයි එකාටත් එක දවසක බැරෑරුම් තීරණයක් ගන්න වුනා. ඒක තමයි ඉංජිනියරින් ඩිග්‍රියට ඉගෙන ගන්නවානම් ඇතුළත් වෙන්න අයැදුම් කරන්නේ පේරාදෙනියට ද, කටුබැද්දට ද කියන එක. ඒ කියන්නේ මනාප ලයිස්තුවේ උඩින් ම දාන්නේ ඔය තැන් දෙකෙන් මොකක්ද කියන එක තීරණය කිරීම. (දැන් නං මං හිතන්නේ රුහුණ සහ තව තිප්පොලකුත් තියෙනවද කොහෙද!)
ඒ දිනවල අපේ පවුල පදිංචි වෙලා හිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ගම් පළාතේ වුනත් කොළඹ ඉස්කෝලෙකින් උසස් පෙළ කරපු මට ඔය තීරණය ගන්න එක ලේසි වැඩක් වුනේ නෑ.
කටුබැද්ද ද? පේරාදෙනිය ද?
පේරාදෙනිය ද? කටුබැද්ද ද?
නමුත් එකක් කියන්න ඕනෑ. මං තාත්තේ මට සමාවෙන්න ලිපියේ ලිව්වා වගේ, මගේ දෙමව්පියන් නම් මට තීරණය ගන්න ඉඩ හැරියා මිස කිසිම බලපෑමක් කරන්න ආවේ නෑ.
අපේ ඉස්කෝලෙන් උසස් පෙළ මැත්ස් කරලා පාස් වෙච්ච වුන් අහන අහන එකා යන්න ඉන්නේ කටුබැද්දේ. අන්තිමේදී ඒ අවුරුද්දේ තිස් තුන් දෙනෙක් විතර කොල්ලෝ ගියේත් කටුබැද්දටම තමයි!
පේරාදෙනියේ ස්ටාෆ් එක ළමයින් ට හොඳ නෑ මේ ගැන දන්න කියන මගේ යාළුවෙක් මට අවවාදයක් දුන්නා.
අපේ නෑදෑයෝත් ඉන්නවා කටුබැද්දට අල්ලපු ගමේ. ගණේමුල්ලේ ඉඳලා කෝච්චියේ දිනපතා යන්න දුර වැඩි නම් එහේ නතර වෙන්නත් පුළුවනි. එහෙම වුණොත් දෙමව්පියන්ට වියදමත් අඩුවෙයි.
කොටින්ම, පේරාදෙනියට යනවා කියන්නේ උඩුගම් බලා පීනීමක්, වචනයේ අර්ථපරිසමාප්තාර්ථයෙන් ම!
නමුත්, හන්තාන කඳුවැටිය, මහවැලි නදිය, මල් පිපුණු තුරු ලතා, ආදරවන්තයින් ගේ මාවත වගේ නවකතා, කෙටිකතා, සින්දු, චිත්‍රපටි වලින් කියවලා, අහලා, දැකලා තිබුණු දේවල් කොහෙම අමතක කරන්නද?
ටැක්නිකල් හන්දිය, ජේම්ස් ජෝර්ජ් හෝල් එක, බොල්ගොඩ වගුර ගැන නවකතා ලියවිලා තිබුණෙ නෑ ඒ කාලේ. දැනුත් තියෙනවද මන්දා ඒවා නම්!
ඉතිං මං පසුබට නොවී ඒ තීරණය ගත්තා.
මාස දෙක තුනකට පස්සේ පේරාදෙනියේ ගිහින් බැලින්නම් අපේ ඉස්කෝලෙන් හෝ ගාලා තුන් දෙනෙක් ඇවිත් හිටියා!
අද මේ තීරණය ගන්න කොල්ලෝ කුරුට්ටන්ට නම් අපේ කාලේ වගේ නෙමේ ආදුරුසෙට ගන්න තවත් පිරිසක් ඉන්නවා.
මෙන්න කටුබැද්ද ඉංජිනියරිං යන අය සඳහා: ආශ්චර්යමත් අනාගතයක් ගැන සිතන්න!
මෙන්න පේරාදෙනිය ඉංජිනියරිං යන අය සඳහා: මොනවා කියන්නද, දුක තමයි චමින්ද!
-කතන්දරකාරයා
ප/ලි:
තම තම නැණ පමණින් දැන ගත යුතු!
ප/ලි:
අවසාන ඡායාරූපය එකතු කරන ලද්දේ 2012 අප්‍රියෙල් 8 දිනය.
(images - various web sources)
කට්ටො කට්ටද එහෙම නැත්නම් බුද්ධිමත්ද...?
ReplyDeleteපෝස්ට් එකට අදාළ නැති වුනත් මේ දේ නම් කියන්න ඕනා.
ReplyDeleteබාහිර සුන්දරත්වය උපරිම වුණත්, පේරාදෙනියට අරක්ගත්ත දේශපාලන භූතයා නිසා වර්තමානයේ සිසුන් ජීවත් වෙන්නෙ පුදුම අසහනයකින්. කොච්චර කළත් පේරාදෙනිය අදටත් සරසවි වරම් ලබන අයගෙන් 95%ගෙම පළමු තීරණය නෙවෙයි. අපකීර්තිමත් රැග් එක සහ කඩේ යන දේශපාලනය නිසා පේරා කොල්ලො කෙල්ලො ගැන රටේම තියෙන්නෙ අයහපත් හැඟීමක්.
මොරටුවේ නම් එදා ඉඳලා තියෙන "ගැට්ට" නිසා ඉංජිනේරු පීඨයේ වාසය කරන්නෙ දෙකට බෙදුණ පිරිසක්. කොළඹ ළමයි වෙන් කරලා උන්ව අල කරලා ගැට්ටො ටික පොරවල් වෙන්න හදනවා. රටේ බුද්ධිමත්ම පිරිසත් ඔහොම බෙදිලා ඉන්නවා නම් රට ගැන කවර කතාද? එකට ඉගෙන ගත්තත් උන්ගේ ගැට්ටට තමයි අදින්නෙ. අඩුගානේ "ExMo" ප්‍රදර්ශනයවත් එකට එකතු වෙලා කරන්න මේ ගැට්ටොන්ට බැරි වුණා.
සම්ප්‍රදායන් කරපින්නා ගෙන දඟලන් නැතුව මේ විකාර බෙදීම් නැති කරන්න පෙරලිකාර තීරණ ගන්න මෙ සරසවි දෙකේම සිසුන්ට බැරි ඇයි?
නියම ලියවිල්ල. මමත් ආස පේරෙට තමයි. (හැබැයි කැළණිය තමයි එක.) ලංකාවේ විශ්වවිද්‍යල සංකල්පයට ගැලපෙන විශ්වවිද්‍යාල තියන්නේ එච්චරයි.
ReplyDeleteඅර පොරවල් වලට වඩා පොරවල් මරදානෙ ටෙක් එකෙනුත්, ජර්මන් ටෙක් එකෙනුත් බිහි වුනා. අපේ කකාත් ඔය ඉන්න සෙට් එකට වඩා වටිනා කෙනෙක්. අනික ඔබා අයිය. එතකොට මම කවදත් ඉහලින් ගරු කරන විද්‍යාර්තියෙක් වන ආචර්‍ය්‍යය එ. ඇන්. ඇස්. කුලසිංහ ශ්‍රීමතාණන් බිහි වන්නේත් මරදානෙ ටෙක් එකෙන්. එතුමට ගහන්න මැවිසුරුවෙක් ලංකාවේ හිටියද? විමලසුරෙන්ද්‍රයන් කොහේදැයි මම නොදනිමි. මගේ හිතේ එතුමා ටෙක් වෙන්න ඇති. නැත්නම් පේරෙ.
අර කෝණය අංශක 45ට අඩු නිසා අවුලක් නෑ.
ReplyDeleteයන්න චාන්ස් එක ලැබෙනව නං මංතුමත් කැමති පේරෙට යන්න තමයි.
පේරෙට තමයි ගොඩක් උං කැමති මාත් එහෙමයි... මම පේරෙ නෙමේ වුණත්...
ReplyDelete@Viwechana:
හැබැයි මං හිතන් හිටියෙ ගැට්ට ගහන්නෙ කොළඹ එවුන් කියලා..... මොකෝ අනිත් උඞ පොෂ් මදිනෙ... අපි දන්නෑ ඔ්වා....
කොළඹ එවුන් නෙවෙයි බන් පොශ්! උන්ට වඩා පොෂ් වෙන්න දඟලන ගැට්ටොන්ගෙයි අවුල!
ReplyDeleteනමුත් හැමෝම එහෙම නෑ.
ane palayan uba danna bambuwa,,,,,,,,,,,,,,,,,,,,,colamba un wadak kaloth anagena nagena ga gannawa
Deleteකොළඹ කැම්පස් [අශ්ව විද්‍යාලෙ කිව්ව එක] එකේ කැන්ටිමට නං කීප සැරයක් ගිහින් තියෙනව, ඒ දවස් වල යාලුවෙක්ගෙ කෙල්ල හම්බ වෙන්න. ආ...ඉන්දරේගෙ මල්ලිත් කොළඹ කැම්පස්නෙ, පොර හම්බ වෙන්නත් සැරයක් දෙකක් ගිහින් තියෙනව. ඒ ඇරෙන්න වැස්සකටවත් විශ්ව විද්යාලෙකට ගිහින් නැහැනෙ. ඒ හින්ද මේ සබ්ජෙක්ට් එක ගැන කියන්න දෙයක් ඇත්තෙම නෑ.
ReplyDeleteගොඩක් කල් ඉඳන් මේ බ්ලොග් එක කියෙව්වත් අද තමයි comment එකක් දාන්න හිතුනෙ. අපේ කැම්පස් එක ගැන කියල තියෙනව නෙ. :D ඒත් මේක මම කියවන්න ආසම බ්ලොග් එකක්.
ReplyDeleteහැමෝටම තමන්ගෙ තැන හොඳ නිසා අපිට නම් ඉතින් කටුබැද්ද තමයි. (ඒත් අපේ තාත්ත කියන විදියට එයාලගෙ පේරාදෙණිය ලඟින්වත් තියන්න බෑ ලු අපේ මොරටුව. :D) ඔය ගැටි ප්‍රශ්නෙ ගැන නම් කියන්න තියෙන්නෙ මේකයි. දෙපැත්තෙම හොඳ නරක මිනිස්සු ඉන්නවා. එක පැත්තක වැරැද්දක් කියන්න බෑ.
මම කොලඹ. ඒත් ගෑනු ලමයින්ට සාමාන්‍යයෙන් ඕක ප්‍රශ්නයක් නෙවෙයි නෙ. මම දැක්ක හොඳ නරක මෙහෙමයි.
කොළඹ:
හොඳ- වලි වලට, ගහගන්න යන්නෙ නෑ. තමන්ගෙ වැඩක් බලාගෙන ආපු වැඩේ කරගන්නවා. ඉගෙනීමට තමයි මුල් තැන. කාටවත් කරදරයක් නෑ. බොහොම සුහදයි.
නරක: කාටවත් වැඩි හොඳකුත් නෑ. ගොඩක් වෙලාවට තමන්ගෙ වැඩේට තමයි මුල් තැන. පොදු ප්‍රශ්නයක් කතාකරන්න, විශේශයෙන් හිතල කාටවත් උදවු කරන්න එහෙම නෑ. අපේ වැඩේ කෙරෙනව නම් අනික් ඒව මොනව උනාම මොකද වගේ ගතියක් තියෙනවා.
ගැට්ටො:
හොඳ- මිනිස්සු හැටියට ගත්තම ගොඩක් හොඳයි. තමන්ට පාඩු කරගෙන හරි අනික් අයට උදව්වට එනවා. හැමෝටම බලපාන ප්‍රශ්න තියෙනව නම් ඒවට කතාකරන්න ඉදිරිපත් වෙනවා. තමන් ගැන විතරක් හිතන්නෙ නෑ.
නරක- වලියට බර ගතියක් තියෙනවා. අනවශ්‍ය රණ්ඩු වලට පැටලෙනවා කියලයි මට නම් හිතෙන්නෙ. අනික ඔය අලුත් බැච් එක ආවම සිද්දවෙන සමහර දේවල්.
මේක general විග්‍රහයක් විතරයි. දෙපැත්තෙම මේ ගති ඇති හා නැති අය ඉන්නවා.
~H~
රූප වල ඉන්න කට්ටා සෙට් එකට තව කෙනෙක් මතක් වුනා , පේරා/කට්ටා තීරණය ගන්න වෙන ළමයි ඉගෙන ගන්න බොහොම ආසාවෙන් යන කෙනෙක් . චිත්‍රපටි නිෂ්පාදකයෙක් වගේම ඡන්දය ඉල්ලල පැරදුනු කෙනෙක් .
ReplyDeleteපේරා හෝ කට්ටා හෝ ඉංජො නොවුනත් කතන්දරය කියෙව්වා..
ReplyDeleteමාත් කටුබැද්ද කැම්පස් යන්වා ඉඳහිටල. දත් පුරවන්ට උනාම. එහෙ හොඳ දන්ත ශල්‍යාගාරයක් තියෙනවා.
ReplyDeleteTraffic Ano
ReplyDeleteපේරා යන්න නම් ආදර්ශෙට ගන්න දාල තියන තුන්දෙනාගෙ දකුණු පැත්තෙ එක්කෙනාගෙ පින්තූරෙ ළඟදි ගත්තු එකක් වෙන්නැති. ගොඩක්ම වෙනස්නෙ.
මේකත් අහල බලන්න
ReplyDeletehttp://www.youtube.com/watch?v=UC8p1bbhB8Q&NR=1
අපි නම් මොරටුව කැම්පස් එකට කියන්නෙ "මෝරා" කියලා. "කට්ටා" වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ
ReplyDeleteපේර ඉතින් එල තමා..
ReplyDeleteමං නම් හිතන්නේ ගොඩක් අය කැමති පේර එන්න තමා..
ඒත්........ම්ම්ම්ම්...
:D :D :D :D
හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දේයක් නෑ.....කතන්දරත් ගෝත්‍රවාදියෙක් උනා එහෙනම්.....
ReplyDeleteඅපි නෑ නෙ ඔවුවට
ReplyDeleteඔබා මාමා said...
ReplyDelete// කොළඹ කැම්පස් [අශ්ව විද්‍යාලෙ කිව්ව එක] එකේ කැන්ටිමට නං කීප සැරයක් ගිහින් තියෙනව, ඒ දවස් වල යාලුවෙක්ගෙ කෙල්ල හම්බ වෙන්න. //
ඔබා අයියත් කරල තියන වැඩ...
- සපතේරු
කතන්දර කව්ද අන්තිමපින්තුර දෙකේ ඉන්නෙ
ReplyDeleteමමත් ඉතාම අමාරුවෙන් පේරාදෙණි යන තීරණය ගත්ත. ගාල්ලේ ඉදල (හපුගලට 2 km ) මොරටුව පහුකරගෙන පේරාදෙණි ගියා. අර උඩ ඉන්න කවුද කියපු දේශපලනයක්නම් අපේ පිටයේ තිවුනේ නැහැ. ඔය එව්වයින් මොකට ගියත් අන්තිමටම තමන්ට ඕනි තැනට අන්න පුළුවන්. ෆොටෝ ලිස්ට් එකේනම් පේරා ඉඳල තියෙන්නේ දේශද්‍රෝහීන් ටිකක්නේ (මානව හිතවාදී, ජාත්‍යන්තරවාදී XXXXX). මොරටුවේ රුප ගැනනම් no comment.
ReplyDeleteහැබැයි ඉතින් පේරා එවුන් හම්බ උනාම කරන්නේ පේරා වලට පට්ට යන්න බනින එක තමයි මොරටුවේ හොද කියා කියා
විශ්වවිද්‍යාලයක් විදිහට ලංකාවේ හොඳම "විශ්වවිද්‍යාල වටපිටාවක්" තියෙන්නේ පේරා වල බවනම් සහතික ඇත්ත....
ReplyDeleteනමුත් මම අහල දැකල තියෙන්නේ ගණිත අංශයෙන් හොඳම ප්‍රතිපල අරගෙන පාස් වෙන අයව මොරටුවට ගන්න කතාවක්....
ඊට අඩු ලකුණු තියෙන අයව පේරා වලටත් ඊටත් අඩු අයව රුහුනටත් ගන්න බව තමයි.
අර ආණ්ඩුවෙන් පුරවල එවන්න කියල තියෙන පොතේ තිබුනෙත් එහෙමලු.
ඒ වගේම රස්සාවලට ගියාම වැඩි පඩිවලට ගන්නෙත් කට්ටන්වලු.
ඒකට හේතුව මොකක්ද කසු.
අර ටිකක් නැමිලා ඉන්න කෙනා උපාධිය සම්පුර්ණ කරගෙන නැහැ කියල කතාවකුත් මම අහල තියෙනවා, ඇත්තද දන්නෙ නැහැ... හික්
විශ්ව විද්‍යාල ගන මට මොනවත් කියන්න නැහැ..මොකද මං විශ්ව විද්‍යාලයකට ගිහින් තියෙන්නේ එකම එක වතාවයි..ඒත් වෙන වැඩකට... කරුමෙට ගිය වෙලේ ඉදින් වහින්න ගත්තා..ඉතින් මම වැස්ස ඉවර වෙයි කියලා විශ්ව විද්‍යාලයට වෙලා ටිකක් බලං හිටියා..එහෙම බැළුවම මාත් වැස්සකට විශ්ව විද්‍යාලේ ගිය පොරක්...
ReplyDeleteඒත් මං නැති උනාට අපේ පවුලේ බාප්පලගේ මහප්පලගේ දරුවෝ වගේම මං දන්න කියන හුග දෙනෙක් විශ්ව විද්‍යාලවලට ගිය අය වගේම විශ්ව විද්‍යාල ගැන ඔවුන්ගේ කතා බහ වරින් වර අහං ඉන්න ලැබිලා තියෙනවා..කොහොම උනත් ඒ කතා බහ වලින් මට තේරුණ දේ තමා ඉංජිනේරු අංශයටනං කටු බැද්ද පේරාදෙණියට වඩා හොඳයි කියන දේ... දැනට උනත් හන්තානත් එක්ක තියෙන ඔය සුන්දර කතා බහ ඇරුනම කටුබැද්ද මිස් උනොත් පේරාදෙණි යන අය තමා මට වැඩිය මුණ ගැහෙන්නේ... ඔය ඉතිං මට තියෙන අත්දැකීම..කොහොම උනත් කවුරුත් තමන් ඉගෙන ගත්ත තැනට ආදරෙයිනේ..ඒක උළුප්පන්න ටිකක් කතා කරනවා තමයි.. ඒ අයිතිය කතන්දරටත් තියෙන හින්දා මේ වගේ කිව්වට අවුලක් නැහැ...
ග්‍රේරුත් ගියා නේද..?:P
එක අතකින් ගිය එක හොඳයි... ඒ හරහා දේශපාලනේට කොහොම උනත් කතන්දරට පටස් ගාලා බය නැතිව මේකේ උන්දැව එල්ලන්ට චාන්ස් එකක් හම්බ උනා.. මෑන්ස්ට බ්ලොග් එහෙක පින්තූරයක් දාගන්ට ලැබුනා...
මොරටුවෙ කොහෙද අක්බාර් පාලමක්. හෙහ්
ReplyDeletePera "Pora-WAL" in action
ReplyDeletehttp://www.infolanka.com/news/IL/dm232.htm
"කොහොම උනත් ඒ කතා බහ වලින් මට තේරුණ දේ තමා ඉංජිනේරු අංශයටනං කටු බැද්ද පේරාදෙණියට වඩා හොඳයි කියන දේ... දැනට උනත් හන්තානත් එක්ක තියෙන ඔය සුන්දර කතා බහ ඇරුනම කටුබැද්ද මිස් උනොත් පේරාදෙණි යන අය තමා මට වැඩිය මුණ ගැහෙන්නේ..."
ReplyDeleteDITO
පේරාදෙනිය විශ්ව විද්‍යාලය ගැන තරම් කවි කතා සිංදු ලියවිලා තියෙන විශ්ව විද්‍යාලයක් තියේ යෑ.
ReplyDeleteදැන් නම් මොරටුව පේරාදෙනිය රුහුණ කියන තැන් තුනටම ඉංජිනේරු උපාධියට කට්ට්ය ගන්නවා.
මගේ තරුණ විය ඇරබුන, ගෙවී ගිය සහ අවසන් වූ පේරාදෙනිය සඳහටම මගේ මතකයේ තියෙනවා. මේ clip එක මගේ ඒ සුන්දර මතකය අයෙත් අවධි කරනවා http://www.youtube.com/watch?v=afbyk9jnS9A
ReplyDelete-අවුරුදු 3 ක් First Year (1987-89) හිටපු E /86 batch එකේ "පොරක්"
අනේ අපිත් නැහැ ඕවට .ඕක නිකන් අර සිරි අය්යාගේ සින්දුව වගේ
ReplyDelete''දෙන්නම හොඳයි ''
ලස්සන අතින් නම් පේරා එක . අධ්‍යාපනය ගැන අපි නොදනිමු. ගෙදර ඉන්න කට්ට නම් හොඳින් ඉගෙන ගෙන ඇති නිසා එහි අධ්‍යාපනය හොඳ බව දනිමි.
@චතූ."මං නම් හිතන්නේ ගොඩක් අය කැමති පේර එන්න (නම මොකක්ද?) තමා.."
ReplyDeleteඇයි වයසු එත්තිනෙයි?(වයස කීයද?)
ටී-ෂර්ට් දෙක දිහා බැලුවාම නම් දෙකෙන්ම ගන්ට දෙයක් නෑ.
ReplyDeleteමැවිසුරු නේ.....:D
@ All සියළු දෙනාටම
ReplyDeleteපොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.
මෙතන කිසිම ගෝත්‍රවාදයක් නෑ. මං කියලා තියෙන්නේ අවුරුදු අහ අටක කොල්ලෙක් එදා කොහෙමද පේරාදෙනිය සහ මොරටුව අතර තේරීම කළේ කියන එකයි.
මේක ලියන්න ඕනෑය කියලා මට හිතුනේ "තාත්තේ මට සමාවෙන්න!" කියන ලිපිය ලීයන වෙලේයි.
පින්තූර සහිත අන්තිම කොටස හිතට ආවේ ග්‍රේරෝ ගේ සමර්සෝල්ට් එක නිසායි!
අපිට නම් ලංකාවේ ලාබාලම ඉංජිනියරින් ෆැකල්ටිය රුහුණේ ඉංජිනියරින් තමා යන්න පුළුවන් ඒකෙ 4 වෙනි කණ්ඩායම හැටියට හොදක් උනේ ගැටී නෑ අල බතල බේද නෑ ඔක්කොම එකා වගේ ඉන්නේ MPR තාම ඉංජිනියරින් ෆැකල්ටි තුනයි ලංකාවේ තියෙන්නේ කට්ටෝ,පේරෝ,රුහුණ තමා
ReplyDeleteපේරා ඉගෙනගෙන කටුබැද්දට උගන්වපු ඇත්තා කකාට අමතකද? . මිනිහත් නිතර කතා සපයපු (දැන්නම් මාළඹෙ පැත්තට වෙලා ඉන්නවලු) චරිතයක්ලු නේද ?
ReplyDeletegamaya
පේරාදෙනි අත්දැකීම සදා අමරනීයයි.
ReplyDeleteමම B.Sc.Eng(Pera) ,MSc(Mora)
Well, Mora engo is usually payed better, than most others... So im not gonna argue about which one is good or why people barely put Pera as their first choice.
ReplyDeleteBut I'm commenting about something else.
Politics and Universities..
I know politics in universities is regarded extremely negatively, and rag. But I don't think we really appreciate the student politics for its worth. Why do you still talk about Pera, and why do people have written that many poems/stories/films... and well, blogs??
The environment in the universities is the reason for that 'sada amaraneeya mathakayan'. But would we really have that with the current trend? Or to say it bluntly, would we have such memories with "Ala" univarsities? the whole reason ano above said he loved pera was mostly Mora lacks that radical environment. The only way to keep such an environment is rag and politics.
I want us to think about this. The whole reason rag is used to fulfill the inhumane desires of some and violence due to politics is not directly the fault of university students/rag or student politics. Thats how our society functions. The brutality is a norm, and why do we blame university students when we accept that in our day to day life?
On the otherhand, if the student unions and the polarized student groups engage in politics the proper way, I think that would not only make our whole society better, but create leaders that can really tackle the problems we face.
I think we should be very cautious when buying into the rhetoric of the ruling class.
මං ඉන්නෙ ඉංජිනේරුතුමන්ලා බොහොමයකට යටත් කාර්යාලයක..මට පේන විදියට ගොඩාක් ලාංකීය ඉංජිනේරු උපාධිය සහිත රහිත එහෙත් ඉංජිනේරුවන් වූ අය තමුන්ගෙ උපාධිය සලකන්නෙ අයිස් ගහන්න ලැබුන ලයිසන් එකක් විදියට..තමුන් ඉගෙන ගන්න සංකීර්ණ දැනුමෙන් ඇබින්දක් වත් තමුන්ගෙ ජීවිත කාලය ඇතුලෙ පාවිච්චි නොකරන බුවාල බොහෝමයි....
ReplyDeleteමං හිතන්නෙ නම් ඉංජිනේරු කියන්නෙ වයිට් කොලර් ජොබක් නෙමෙයි..ඒක ගැටිල වැඩකරන පෝස්ට් එකක්..මං වැඩකරපු විදේශිය ඉංජිනේරු මහත්වරුන් ගොඩක් එහෙමයි..ඕනිම පහල ලෙවල් එකක කෙනෙක් එක්ක සමව වැඩකරන්න සහ කැපවෙන්න හැකියාව එයාලට තියෙනවා...
ඕකෙ අනික් පැත්තකුත් තියෙනව...මං ඉස්සර දුර සයිට් වලට ගිහිං බැහැල වැඩ කරල එනෙකොට තේබොන්න නවත්තනව කඩවල..තව ඉතින් අරව මේව ගන්නත් නවත්තනව..මම ඉතින් ඔයි හැම වෙලේම කිට් මාරුකරන්න අමාරු නිසා සැහැල්ලු ඇඳුමකින් ඉන්නෙ..
ඔය ගොඩක් වෙලාවල් වලදි ඒ කඩ වල ඉන්න අය මහත්තය කියල බිල දෙන්නෙ කතාකරන්න යන්නෙ ඩ්‍රයිවර් එක්ක..ඒ අය හිතන්නෙ ඩයිවර් තමයි මහත්තය කියල..
කටුබැද්ද්ත් ආර්ට් ෆැකලිටියක් දැම්මනං බොල්ගොඩ ගඟ ( මෙය වගුරක් නොවේ ) කවි කියවෙන්න තිබ්බ.
ReplyDeleteවිශ්ව විද්‍යාල කියන නියම අරුතින් ගත්තොත් මොරටුව විශ්ව විද්‍යාලයක් නෙවෙයි. තාක්ෂණික ආයතනයක්.
ReplyDeleteEg:- MIT -USA, NIT - India, IIT- India
විශ්වවිද්‍යාලයක් වෙන්න කලා, වානිජ, ගණිත, ජීවවිද්‍යා යන අංශ 4 පාඨමාලා තියෙන්න ඕන.
ලංකාවේ හැම මඟුලටම දැන් විශ්වවිද්‍යාල කියනවා.
නියම සරසවි වෙන්නෙ - කොළඹ, ජපුර, කැළණිය, පේරාදෙනිය,
අපි නම් ලංකාවේ ලාබාලතම ඉන්ජිනේරු පිඨය රුහුණෙන්. දැන් තියෙන රැල්ලේ විදියට නම් මැත කරලා ඉහලම ලකුණු මොර, ඊළගට පේරේ, අන්තිමට තමයි රුහුණ. අවුරුද්දකට 200ක් ගන්න රුහුණේත් ඉංජිනේරු පිඨයක් තියෙනවා කියල මතක කරන්නයි මේ පුංචි කමෙන්ටුව.
ReplyDeleteකකාගෙ ගජ යාලුව වුනාට රත්නායක මහත්තයනං කටුබැද්දෙ පොරක් කියන්නෙ ඇත්තද?
ReplyDeleteහලෝ කතන්දර
ReplyDeleteපේරාදෙණිය නම් දුක තමයි. ගුණ්ඩ වගේ හැමෝම. ගුණ්ඩ ගැන ඕනෙම එකෙක් දන්නවා. මමත් ගනේමුල්ලේ ඉඳල පේරාදෙණියට engineering ගිහින් අමු කට්ටක් කෑවා.
aw
පෙර කල පිනකට දැන් ඔය කියන ගුන්ඩා නැත. ඉන්න MECHANICAL ගුන්ඩා යහපත් ගති ඇති නියම මහත්මයෙකි
Deleteමම නම් පේරා ඉල්ලන්න දෙපාරක් හිතුවේ නැහැ. අපේ යාලුවෝ (සිරාවටම bright යයි සම්මත) ඔක්කොම මෝරා ඉල්ලද්දීත් මම මගේ තීරණේ හිටිය. කසුට වගේම තමයි මටත් ගෙදරින් බලපෑම් තිබුනේ නැහැ. වැඩිපුරම අම්මලට ඔය විෂය නොතේරීම තමයි හේතුව. මොරටුවට සාපේක්ෂව පේරාදෙණිය අපේ ගමට/නිවසට ළඟ වීම නිසා අම්මල මම පේරා යනවට කැමැත්තෙන් ඉන්නත් ඇති. (ඉස්කෝලේ යවන්න අයියව කොළඹ ඇරලා අම්මල මට්ටුවෙලා හිටියේ).
ReplyDeleteඅන්තිමේදී අපේ පාසලෙන් මෝරා එකෙක් විතරක් යද්දී (select වෙද්දී) පේරා දොළහක් ගියා. අපි හිටපු කාලේ (1993-1997) අවුරුදු 20-30 පරණ දේවල් අපිට උගන්නද්දී, 1st year සහ 2nd year training වලට RDA , Building Department වගේ මෙලෝ රහක් නැති තැන් වලට කොල්ලන් ව යවද්දී, මෝරා එවුන් අලුත් තාක්ෂණය එක්ක ඉගෙන ගත්ත. Training වලට දැම්මේ සිරාවටම යමක් ඉගෙන ගන්න පුළුවන් තැන් වලට. ඒ දේවල වල ප්‍රතිඵල තමයි අපේ ඉස්කෝලෙන් මෝරා ගියා එකම එකා අද ලංකාවේ ප්‍රසිද්ධ IT company එකක director. අපේ හුඟක් එවුන් අවුරුදු 2-3 ගියා යන්තම් නමට ගැලපෙන ජොබ් එකක් හොයා ගන්න.
හැබැයි අපි out වෙන්න ඔන්න මෙන්න කියල අපි දැක්ක faculty එකේ යම් වෙනස්කම් ටිකක් වේගෙන එනවා. අලුත් CNC මැෂින් Prod Lab එකට ආවා. Computing center එක improve උනා. අපේ කොල්ලෝ හොඳ තැන් වලට training දැම්ම. ඒ දේවල් වල යහපත් ප්‍රතිඵල පැහැදිලිවම පෙනෙන්න තිබුන. ඒ ගැන නම් සතුටුයි.
පේරාදෙණියෙන් දේශපාලනයයි. Lecturer ල තමුන් ගේ ගැට්ට තිය ගන්න කොල්ලන් ව subject අන්නන එකයි අයින් කරලා කාලෙට සහ අවශ්‍යතාවට ගැලපෙන විදිහට courses design කර නම්, මොරටුව කියන්නේ technical college එකක් විතරයි.
@ ano above and marumus.
ReplyDeleteSo university is something that have a full range of subjects. If you want to define universities that way, go ahead. But thats not how universities are really defined. Universities gives Bachelors (and other) degrees. and have research facilities.
And seriously, technical colleges dont give degrees. You can change the definitions around and call cat a dog and say thats how you prefer to call it. But that doesnt make a cat a dog. Get over the fact that mostly no one put pera as a first choice.
Igonarance is bliss.
MIT, IIT and NIT all are categorized as universities, and MIT have a bigger more subject stream tham pera.
Sachi,
ReplyDeleteI didn't mean that "Mora" is a technical college. Sure it is a Technical Institute/University.
MIT, IIT, NIT are all offering technical degrees not any arts or commerce courses. That's why they call those as institutes.
Look at this names.
University of Visual and Performing Arts
University of Vocational Technology
Ano @ December 11, 2011 6:20 AM,
ReplyDeleteAccording to the online Oxford Dictionary the meaning of the word dictionary is "university
noun (plural universities)
a high-level educational institution in which students study for degrees and academic research is done:" http://oxforddictionaries.com/definition/university
It doesn't require to contain all faculties as you believe.
Good work Kathandara.
ReplyDeleteYou are a good fiction writer keep up you good work. Unfortunately you work is far from reality and factually incorrect. Try to improve on that.
Once you do that sky will be your limit. Trust me.
Good luck mate ! Keep up your good work.
ReplyDeleteWe wish, you will get courage determination & energy to promote MORA in 2012 !!
Thanks for the entertainment !!
Yes mora can be called a Institute of tech. but that doesnt mean its not a university. MIT, caltech are among the best universities in the world, and yes, even in business and sometimes arts.
ReplyDeleteUniversity status is granted when they can give bachelors/masters degrees and have research facilities. and in that sense (in engineering) mora is the best university we have.
In anycase, the more important thing is to talk about why the uni life is different in mora and pera.
ReplyDeleteThats why i think student politics is important, and rag too. If, and to stress, IF, we can really change the way we approach our differences, and take a more intellectual and non-violent route.
මගේ first choice පේරාදෙණිය, second choice මොරටුව, third choice රුහුණ.හැබැයි ඒ සියල්ල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඒසියල්ල ප්‍රතික්ෂේප උන නිසා වෙනත් විකල්පයක් තොරාගත්තා.වෘත්තීය ජීවිතයේ දී ඔය තුන්ගොල්ලම හමුවෙනවා.හැබැයි කැපීපෙනෙන විශාල වෙස්කම් නම් මේ අය අතර නෑ.නමුත් ඉහල තැන් වල ඉන්න නිළධාරීන්ගෙන් තම සරසවියේ කණිෂ්ඨයන්ට ඇදිල්ලක් නම් තියෙනවා.ඒකට කියන වචනය ගෝත්‍රවාදය ද නැද්ද කියන්න මම දන්නේ නෑ.රුහුණේ අයත් (අලුත් පාඨමාලාවක් නිසා ජ්‍යේෂ්ඨයෝ ක්ෂේත්‍රයේ අඩුයි) සරසවි එකකටවත් අයත් නොවන අපිත් සමහරවිට මෙයින් අසාධාරණයට ලක්වෙනවා.
ReplyDeleteසචි ට ටිකක් කේන්ති ගිහින් වගේ,
ReplyDeleteමගේ කොමෙන්ටුවේ මම විස්තර කරා මෝරා මැජෝරිටියේ 1st chioce එක වෙන්න හේතුව. හැබැයි ඒ අතර හිටිය තමුන් මෝරා ඉල්ලුවොත් ලැබෙනවා කියල දැන දැන ම පේරා ඉල්ලපු එවුන්.
මම කලින් කියපු, පේරා වල drawbacks වලට තියෙන හේතු කිහිපය අයින් කරා නම් හෝ අඩු ගානේ සමනය කරා නම් (මෝරා උනත් දේශපාලනය, lecturers ලගේ පොර මානසිකත්වය නැතුවම නෙවෙයි නේ) විශ්ව විද්‍යාලයක් විදිහට පේරා තියෙන අනෙකුත් දේවල් දිහා බැලුවම මෝරා නිකන් technical college එකක් වගේ කියල. කලබල වෙන්න එපා, පුර්ණ කාලින නේවාසිකාගාර, සුන්දර පරිසරය, more faculties, more students.. ඒ කාරණා ටික විතරක් හිතන්නකෝ.
මම කලින් කොමෙන්ටුවේ කියපු statictics ගැනත් යමක් කියන්න ඕනේ. අපේ ඉස්කෝලෙන් මෝරා ගිය එකම එක දැන් director කෙනෙක් කියල මම කිව්වා නේ. ඒ වගේම පේරා ගිය අපේ 12 න එකෙකේ අද brandix group එකේ COO කෙනෙක්, තව එකෙක් CTC එකේ manager information systems.. ඒ ගැන කිව්වේ නැත්නම් එකත් අසාධාරණයි නේ.
මගේ නම් අදහස දක්ෂයා කොහේ ගියත් උගේ පාර හදා ගන්නවා. උන් ට ඕනේ basic ටික ඔලුවට වැටෙන එක විතරයි.
තව එක කාරණයක්, මේ කොමෙන්ටු කියවන පොඩි එවුන් හිතාවි මලාට පේරා නම් යන්නේ නැහැ කියල. බය වෙන්න එපා. කවුරු හරි Civil හරි Prod හරි කරන්න හිතනවානම්, බය නැතුව පේරා තෝර ගන්න. මෝරා උනත් නම තියන් ඉන්නේ computer සහ tronics හින්ද.
චතු, දෙන්නකෝ මල්ලි update එකක්...
"මෝරා උනත් නම තියන් ඉන්නේ computer සහ tronics හින්ද"
ReplyDeleteමේ කතාවට එකග වෙන්න අමාරුයි. මම කියන්න යන්නෙ නෑ Pera වල Civil, Prod නරකයි කියල, මොකද මට එහෙම කියන්න තරම් දෑනුමක් නෑ (මම Mora පොරක්).
හෑබෑයි මම හොදටම දන්නව, මොන ෆීල්ඩ් එකෙ උන්ත Mora Engineers lata ජොබ් මාර්කට් එකේ හොද පිලිගෑනීමක් තියෙනව කියල.
කියන්න බෑරි උනා, මෙක මගෙ පලවෙනි කොමෙන්ටුව. සෑප්තෑම්බර් මාසයෙ, මගෙ යාලුවෙක් කිව්ව නිසා නිකන් වගෙ අවිත් බලපු දවසේ ඉදන් කතන්දරගෙ බ්ලොග් එක ඩේලි ෆොලොව් කලා .
ReplyDeleteකතන්දර ටික නම් මරු.... ඔහොම යo!!!
පේරා ඉංජන්ට ආදර්ශෙට ගන්න දාපු අයගෙන් මැද ඉන්න උන්දැ කවුද ?? දෙපැත්තේ දෙන්නාව නම් අඳුරගත්තා
ReplyDeleteI don't know if I was mad or not. But I think the main problem is the fact that student participation in non-academic work is lot less in mora. Even in pera and ruhuna the engineering faculties have the same problem, may be less so than mora, but it is there.
ReplyDeleteThats why I think student politics is important. What I saw mostly in mora is that faculty dissent students who participate in politics (left wing, of course, there's no other party visible from the outset) I don't know if they really dissent the political ideology or just the fact that there's politics. So what I do get mad about, though is that claiming that we should get politics outta our campuses. What a stupid argument is that?
oops, used my google acct. I'm sachi.
ReplyDeleteමමත් ගනේමුල්ලේ ඉඳල පේරාදෙණියට ගිය පොරක්
ReplyDeletehttp://efacmemories.blogspot.com/2011/09/paving-way-to-clear-applied-electricity.html
පේරා ද හොඳ, මෝරා (කතන්දර කියන විදිහට කට්ටා) ද හොඳ කියල කියන්න අමාරුයි... දෙකේම හොඳ නරක එක විදිහට තියෙනවා... මමත් ගියෙ මොරටුවෙ... අපි ඒකෙ ඉන්න කල් කලේ, අනික් යුනි වලට (විශේෂයෙන් පේරා) හූල්ලපු එක තමයි... ඒකට හේතුව වෙන මොකවත් නෙවෙයි, අපේ යුනි එකේ තමයි කෙල්ලො අඩුම... ඒකෙනුත් ඉංජිනේරු පීඨයෙ...
ReplyDeleteපේරා වල සිවිල්, ප්‍රොඩක්ශන් හොඳ ඇති, එත් මෙකැනිකල් වලටත් පේරා ප්‍රසිද්ධයි... ඒකට හේතුව, ඒ ෆීල්ඩ්ස් තමයි ගොඩක් පරණ... ඉතින් ඒවට ඉන්න ලෙක්චර්ස්ලත් හොඳම අය... හැබැයි, දැන් ඒ තත්වෙ වෙනස්... මෝරා යුනි එකේ ඉන්නව ඒ වගේම හොඳ ලෙක්චර්ස්ල... research උනත් ගොඩක් කෙරෙනව මොරටුව යුනි එකෙ...
මම දකින විදිහට මෝර උන්ට වැඩිපුර ඉල්ලුමක් තියෙනව (එහෙමයි මම හිතන් ඉන්නෙ) නම් ඒක තියෙන්නෙ, පේර උන්ගෙ වරදින්... මම මේක කියන්නෙ මං දැකපු දේවල් වලින්... පේරා ඉංජො හරිම relaxed කට්ටිය... ඔහේ දීපු දෙයක් කරල ඉන්නව ජොබකට ගියහම... ඒක යුනි එකේ වටපිටාවෙන් එන දෙයක්.. පේර කියන්නෙ හරිම relaxed යුනි එකක්... හැබැයි මොරටුවෙ උන් ඊට ටිකක් වෙනස්... උන්ට ඕනෙ මොනව හරි වෙනසක්... කඩාගෙන බිඳගෙන ඉස්සරහට යන්න බලන්නෙ... ඉතින් job market එකෙදි අනිවාර්යයෙන් එහෙම එකෙක්ට chance එක හම්බ වෙනව...
ඔය තමන්ගෙ යුනි එකේ උන්ට සපෝට් කරන එක ගොඩක් තැන් වල ඇති... ඒක ලොකු ඉස්කොල වලටත් පොදු ( මම මෙතන ඒක සාධාරණීකරනය කරන්න හදනව නෙවෙයි ) දෙයක්...
@ All
ReplyDelete@ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
/*රූප වල ඉන්න කට්ටා සෙට් එකට තව කෙනෙක් මතක් වුනා , පේරා/කට්ටා තීරණය ගන්න වෙන ළමයි ඉගෙන ගන්න බොහොම ආසාවෙන් යන කෙනෙක් . චිත්‍රපටි නිෂ්පාදකයෙක් වගේම ඡන්දය ඉල්ලල පැරදුනු කෙනෙක්. */
මේ කියන්නේ කවුරු ගැනද?
අයියෝ කසු.. ඔයා ලංකාවේ නෙවෙයි නේ පහුගිය election කලේ හිටියේ. ඒකයි ඔය කියන කට්ටා (මෝරා) පොර දන්නේ නැත්තේ. පොර ප්‍රසිද්ද පුද්ගලික පන්ති ගුරුවරයෙක්. ගම්පහ පැත්තේ මට මතක හැටියට. සන්ධානෙන් ගම්පහට ඉල්ලුවේ. එකම ෆිල්ම් එකක් produce කරා alien කෙනෙක් ගැන. ඔයිට වඩා විස්තර දෙන්න බැහැ. (ඕනේ නම් email කරන්නම්)
ReplyDeleteසචි, මම uni වලින් (විශේෂයෙන් pera වලින්) දේශපාලනය ඉවත් වෙන්න ඕනේ කිව්වේ තියෙන දේශපාලනේ කිසිම හරවත් බුද්ධිමය සංවාද වලින් තොරව රැල්ලට යන එකක් හින්ද. අනුන්ගේ මතයක් අහන ඉන්න පුළුවන්, එහෙම මතයක් තියෙන්න පුළුවන් කියල පිළිගන්න, තර්කානුකුලව කතා කරන, අනික් උන්ට දෙකයි පනහේ බාල්දි නොඅදින දේශපාලනයක් බිහිවෙන පාටක් නැහැ නේ ලංකාවේ ඉන්න ඉහලම බුද්ධිමතුන් ගේ සෙට් එකේ. ඒකයි මම දේශපාලනය එපා කිව්වේ.
ReplyDelete(හැබැයි අර කවුද කියල තියෙනවා බොන වතුර විදුරුවෙත් දේශපාලනය තියෙනවා කියල. ඒ තර්කය අනුව නම් ඔයා හරි මම හිතන්නේ.)
කකා පේරා කැම්පස් එකට ඇති ආදරය තේරුම් ගත හැකිය. නමුත් වර්තමානයේ අධ්‍යාපනය අතින් ගත් කල වඩා ඉදිරියෙන් සිටින්නේ මෝරා ය. (මම ද මොරටුව ඉංජිනේරු පීඨයේ - කකා කියන විදියට කට්ටෙක් වෙමි.)
ReplyDeleteමොරටුවේ ද දුර්වල තැන් ඇත. ගැටි ප්‍රශ්නය ඉන් ප්‍රධානය.
මා දකින අන්දමට විශ්ව විද්‍යාල සිසුන් වෙනත් අයගේ ඕනෑ එපාකම් වල ගොදුරු බවට පත් වීම නිසා මෙම ප්‍රශ්න උද්ගත වී ඇත. මෙහිදී සිසුන් මත පමණක් ම වරද පටවා නිහඬ වීම සාධාරණ නැත.
රුහුණේත් ඉංජිනේරු පිඨයක් තියෙනවා කියල මතක කරන්නයි මේ පුංචි කමෙන්ටුව. අපිවත් අමතක කරන්න එපා!
ReplyDeleteRuhuna Eng Faculty eke nam ohoma bedim kisi deyak atte na.. ona ekekge prashnekatath innawa.. Igena ganna ekath karanawa...
ReplyDelete@ Hasitha
ReplyDeleteඔය ඡායාරූපවල ඉන්නා දේශපාලනයට ආ පේරා පොරවල් තිදෙනා අනු පිළිවෙලට මෙසේය.
1. නසසප නායක වික්‍රමබාහු කරුණාරත්න
2. ජවිපෙ හිටපු (1984 දක්වා) මහ ලේකම් ලයනල් බෝපගේ
3. ජවිපෙ (තිරයෙන් පිටුපස) නායක ප්‍රේමකුමාර් ගුණරත්නම්
තුන් දෙනාම එක්කෝ මීනීමරුවෝ, නැත්නම් උන්ට කඩේ යනවා
Delete@ All
ReplyDeleteදේශපාලනය ආ තව කට්ටෙක් සිටී.
ඔහු ගේ නම දුෂ්‍යන්ත මහබදුගේ බව සැලයි. පසුගිය මැතිවරණයේදී මහින්ද ගේ පිලෙන් ඉල්ලා පැරදී ඇත.
එජාපයේ වජිර ධර්මවර්ධන ද කටුබැද්දේ ඇන්ඩීටී ඩිප්ලෝමාකාරයෙකි.
@ All
ReplyDeleteමේ කතන්දරේ කියවපු සමහර අය මා අදහස් කළ දෙය වරදවා වටහා ගත්තාද මන්දා?
මං මුලින්ම කිව්වේ අවුරුදු දහ අටහමාරේ කොල්ලෙක් පේරාදෙනියේ ඉංජිනේරු පීඨය තෝරාගන්න හේතු වුණු කාරණායි.
ඊලගට දැන් මේ යුනිවසිටි දෙක ගැන තීරණයක් ගන්න කෙනෙකුට ආදර්සෙට ගන්න කීප දෙනෙක්වත් පෙන්නුවා. කට්ටෝද කට්ටයෝද කියන ප්‍රශ්ණේ ආවේ එහෙමයි.
නැවතත් සියළු දෙනාටම ඉතා ස්තුතියි!
api nam ruhune. peray katuy kanawata wada ruhuna hodaaaaaaaaaaaaay
ReplyDelete@ Ano (December 14, 2011 8:38 PM)
ReplyDeleteඅපිත් දැක්කා news වල, පේරයි කටුයි වගේ නෙවෙයි, දැන් රුහුනෙ ඉගෙන ගන්න උන්ට කන්න තියෙන්නෙ ගුටි තමයි කියලා... ;)
@Sanka... Ane yako.. umba mona news walada dakke ruhune Eng fac un guti kanawa...? Umba ape faculty eka gena danna de tamai oya. ape Fac eka waliyak nisa kawadawath wahala na...
ReplyDeleteඅපිත් රුහුණෙ Efac එකේ තමයි.හැබයි මෙහෙනම් ඔය කියන කිසිම ගුටි කෙලියක් නැ.සමහර විට කට්ටිය දන්නෙ නැඑතුව
ReplyDeleteඇති අපේ facultya තියෙන්නෙ වෙනම හපුගල කියල :P
ඇනෝ සහ SACHITHRA,
ReplyDeleteඇත්ත, ඇත්ත... ඒ news වල Efac කියල තිබුනෙ නැහැ... ඒකයි මමත් Efac නොකියා comment කලෙ... :D රුහුණේ තව දේවල් උගන්නනව නේ... ;)
හිත් රිදුනා නම්, සමා වෙයල්ලා... :)
mama eng degree eka kale ruhuna engineering faculty eke. habai 1st choice damme nam moratuwa thama. 2nd pera. kohoma unath B.Sc(eng) denne MPR wala witharak bawa nodanna ayata mathak kireemak thama kale. epe faculty eke nam gati prashna na. mama hithanne thamath ehemai. ruhuna efac eka ruhuna university eken wenama thiyenne kiyana ekath kiyanna ona. hapugala,galle. not mathara. ruhuna anek faculty wala upset case wenawanam ewa ape account ekata danna epa kiyalath illanna ona.
ReplyDeleteතාම පරක්කු නෑ කියල හිතලයි මේ කොමෙන්ටුව දාන්නෙ.. Engineering වලින් ලංකාවේ උඩම රිසල්ට්ස් (merit passes 250 ක් මට මතක විදියට ) ටික අනිවා මොරටුවේ යනවා. ඊට අමතරව විශේෂ හේතු නැත්නම් , merit නොවන බස්නාහිර පළාත හා ඒ අවට සෙට් එක මොරටුවටත්, මධ්‍යම පළාත හා ඒ අවට සෙට් එක පේරාදෙනියටත් දකුණු පළාත හා ඒ අවට දිස්ත්‍රික්ක වල සෙට් එක රුහුණටත් (හුඟක් වෙලාවට අනුරාධපුරය, පොලොන්නරුව පැත්තෙනුත් ) එනවා. ඒ නිසා රිසල්ට්ස් වැඩිම සෙට් එක මෝරා, ඊළඟ සෙට් එක පේරා, අන්තිම සෙට් එක රුහුණ කියන කතාව බොරුවක්. මොරටුවේ මෙරිට් ටික ඇරුනම අනිත් හැමෝම වෙනසක් නැතුව අහල පහල faculty වලට බෙදෙනවා. එකයි ඇත්ත සිද්දිය. රුහුණ තාම අලුත් faculty එකක් නිසා කවුරුත් හිතන්නේ රුහුණට වැටෙන්නේ අඩුම රිසල්ට්ස් තියෙන අය කියල. ඒක නිවැරදි කරන්නයි මට ඕන වුනේ. මොනම භේදයක්වත් නැතුව එක වගේ එකට සිටින එකම ඉංජිනේරු පීඨය වීම අපිට ආඩම්බරයක්. No වලි. Full ජොලි. ඇවිත්ම බලන්න.
ReplyDeleteමම ඔය ෆොටෝ වල ඉන්න නැවිච්ච එක්කෙනාගෙ කාලෙ ආශ්‍රිතව මොරා ගිය කෙනෙක්. නැවිච්ච පොර කිසි ගේමක් නැතුව ෆර්ස්ට් එකක් ගත්ත එකෙක්, ඒ කාලෙ වැඩකරුවෙක්.
ReplyDeleteමොරා වල ස්ටාෆ් එක මම දන්න තරමින් නම් කොල්ලො ගැන හිතනවා. පේරාදෙනිය ටිකක් ගතානුගතිකයි කියලා තමයි හිතෙන්නෙ. අනිත් අතට පේරා එවුන් ස්මප්‍රදායානුකූලව ව කර ගන එන ඒවා වෙනස් කරන්න වැඩි කැමැත්තක් නෑ වගෙ තමයි පේන්නෙ. අපේ කාලෙ සිලබසෙස් ගත්තත් පේරා ඉන්ජිනියරින් පොඩ්ඩක් කාලයට් පසුපසින් වගෙ.
මට හිතෙන්නෙ පේරා වල රැග ටිකක් අද කාලෙ එක්ක බැලුවාම බිහිසුනු වැඩියි වගේ , දැන් ඉස්සරට වඩා මිනිස්සු පෞද්ගලිකත්වයට බරයි. ඒ හින්දා හැමෝම එක මුට්ටියෙ අත දානවට නොකැමැති එවුන් සෑහෙන්න ඉන්නවා. අනිත් අතට උන් අනුගත කරනවා කියලා හැමෝටම එක ජම්පරේ අන්දන්න ට්‍රයි කරනවා වගේ පේනවා.
පේරා වගේ මොරා සුන්දර නෑ තමයි ඒත් ඉතින් ගොඩ්ක අය මොරා ඉල්ලන්නෙ, අධ්‍යාපනයේ අවසාන ප්‍රතිඵලය අතුරු ඵල වලට වඩා වටින හින්දද මන්ද?
කොටි වෙනුවෙන් කඩේ යන තුන් කට්ටුවක් ම පේරා යටතට දැම්මේ ඇයිද යන්න නම් කතන්දර හිතලම කල දෙයක් ද? මේ ගස් ඇරෙන්නට වෙනත් ගස් පේරාදෙනියෙන් සිප් හදාරා නැත්ද?
ReplyDelete@ All
ReplyDeleteසියළු දෙනාටම නැවතත්
මේ කතාව මූලිකවම ලිව්වේ පේරාදෙනි යාමට මං තීරණය කළ හැටි කීමට පමණයි. ඒ දිනවල රුහුණක් තිබුනේ නෑ. අපේ පාසලේ 33 දෙනෙක්ම ගියේ මොරටුව.
නමුත් මේ කතාව ලියන්න ආසන්නතම හේතුව වුනේ ග්‍රේරෝ ගේ පක්‍ෂ මාරුවයි.
@ Ano December 30, 2011 4:17 AM
ReplyDeleteපේරාදෙනිය යටතේ පෙන්වා ඇත්තේ මා දන්නා පරිදි පේරා ඉංජිනේරු පීඨයේ උගෙන පූර්ණකාලීන දේශපාලනයට පිවිසි තිදෙනාය. වෙනත් අය සිටී දැයි නොදනමි. ඔබ දන්නවානම් පෙන්වා දෙන්න.
මේ තිදෙනාම මා දන්නා තරමින් තමන්ගේ දේශපාලන මතය අනුව නිරවුල්ව කටයුතු කරමින් සිටිති. මා දන්නා තරමින් කොඳු නමා නැත. මොවුන් දේශපාලනයෙන් ලබා ඇති පාඩු මිස වාසියක් මට නම් නොපෙනේ.
ස්තුතියි.
"මේ තිදෙනාම මා දන්නා තරමින් තමන්ගේ දේශපාලන මතය අනුව නිරවුල්ව කටයුතු කරමින් සිටිති. මා දන්නා තරමින් කොඳු නමා නැත. මොවුන් දේශපාලනයෙන් ලබා ඇති පාඩු මිස වාසියක් මට නම් නොපෙනේ"
ReplyDeleteඔව් ඉතිං පිටරටකට වෙලා උපන්න රටට ගරහලා පොරක් වෙන්න හදන කතන්දරට එහෙම පේනවා ඇති,තමන් වගේම හෙන පොරක් කියලා අර වික්‍රමබාහු කියන විදේශආධාර මත යැපෙන දේශපාලන සිගන්නව:P
අනිකා කුමාර්,
ට්‍රින්කො වලදි අහු උන වෙලේ මුළු ජේවීපියේම කොල්ලෝ ටික පාවලා දීලා නකපූස්ති කරගෙන රට පැන්න හාදයා.
ඇත්තටම උන් දිහා බලද්දී පේරාදෙණියෙන් බිහි වෙච්ච උන්ගේ දේශපාලනේ ගැන හිතා ගතෑකි.
ලෝකෙට පේන්න පොර ටෝක් ඉෂු කරලා හොරෙන්ම අනුන්ගේ එවා සූප්පන උන්.
ලයනල් බෝපගේ ගැන අපි කතා නොකර ඉමු.:P:P:P
අරුං කොන්ද නැවුවත් පැත්ත මාරු කලත් කරන දෙයක් ප්‍රසිද්ධියේ කියන කරන උන්. මොනවා උනත් ග්‍රේරෝ ඇත්තම කියනවා. "මට දැන් වයසයි. මගේ වැඩ කල හැකි කාලයේදී එජාප රජයක් නොලැබෙන නිසා මගේ හැකියාවෙන් වැඩක් ගත යුතුයි" කතාව ඇත්ත.
චම්පිකගේ අදහස් කොයි තරම් ජාතිවාදී හා රළු උනත් ඒකා කියන්නේ ඇත්ත සහ මොන විදියකින් හරි වැඩක් කරන්න දඟලන හැකියාවක් තියෙන එකෙක්. වික්‍රමබාහුත් එක්ක සම කරන්න හිතන්නවත් හොද නැහැ. චම්පික එක්ක ගත්තම වික්‍රමබාහු කියන්නේ නිකංම නිකං අපතයෙක්නේ.
@ Ano December 30, 2011 6:39 AM
ReplyDeleteමා උපන් රටට ගරහනවා යැයි පදනම් විරහිත බොරු චෝදනා කරන්න එපා.
ඔබ බාහුගේ, බෝපගේ ගේ සහ ගුණරත්නම් ගේ දේශපාලනය ට විරුද්ධ බව පෙනේ. ඔවුන් තිදෙනොත් එක දේශපාලන මතයක් දරන්නෝ නොවෙන සඳ, ඔබත් මමත් වෙනස් මත දැරීම බලාපොරොත්තු විය යුත්තකි. නමුත්, එනිසා ඔවුන්ට අපහාස කිරීමට මම නොපෙළඹෙමි.
ඉහත පස්දෙනාගෙන් කිසිවෙක් මා පුද්ගලිකව හඳුණන්නේ නැත. මා ඔවුන් ගැන දන්නේ ජනමාධ්‍යවල පලවෙන දේ පමණි. චම්පික දිවයිනට ලියූ තම ශිෂ්‍ය දේශපාලනය ගැණ ලිපි පෙලක් මා තරමක් කියවා ඇත.
මේ සියළු දෙනා ගැනම ඔබ මා නොදන්නා දේ දන්නා බව පෙනේ. ඒ සමගම ඔබේ ඉහත අදහස් දැක්වීමෙන් මට පේන්නේ ඔබ චම්පක ගේ සහ ඊටත් වඩා ග්‍රේරෝ ගේ දේශපාලන වැඩ පිළිවෙලට කැමති බවයි. එය ඔබේ කැමැත්තය. මට එය ප්‍රශ්ණයක් නැත.
ග්‍රේරෝ වැන්නන්ද ඔබ වැන්නන් ද මේ ලෝකයේ සිටිය යුතුය. සමාජය සමතුලිත වන්නේ අප සියළු දෙනාගේම විවිධාකාර භූමිකාවල එකතුව නිසාය.
අවසාන වශයෙන් ඔබට මා සමග වලියකට පැටලීමට අවැසි බව පෙනුණද, මට එවැනි අවශ්‍යතාවයක් නැති බව පවසමි.
එසේ වුවද, කතන්දර බ්ලොගය හරහා මා උපන් රටට ගැරහූ සුවිශේෂී අවස්ථාවක් මට පෙන්නා දෙන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තමි.
කැම්පස් නම් පේරා තමයි ඉතින් ලංකාවේ විශ්වවිද්‍යාලයක් කියල ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි.ඒත් ඉතිං මැත කරන එවුන් මුලින්ම ඉල්ලන්නේ මොරටුව නේ.අර ටිකක් ජීවිතේ විදින්න කැමති උන් ටිකක් පේරා එනවා
ReplyDeleteIm Proud to be PERA :D
ReplyDeletehttp://www.gossip9.com/2012/02/blog-post_04.html#more
ReplyDeleteGreat Pera works!
හනේ.. හරි පුදුමයි....
ReplyDeleteමමත් නුවර ජීවත් වෙලා ඉදල "මෝරා" ගියපු නිසා මමත් හිතුව මගේ අදහසත් කිව්වොත් හොදයි කියලා..
ඇත්තටම මම හිටියේ "පේරා" වල තිබ්බ සුන්දර කමට වශී වෙලා.. මම පේරාදෙණියේ යන්න ඕනි කියනකොට.... මොකද්දෝ පෙරනිමිත්තක් දැකල අපේ අම්ම තමයි මොරටුවට ඇදල දැම්මේ... එක හරියට මගේ ජීවිතේ උඩු යටිකුරු කලා!
මගේ හොදම යාළුවා "පේරේ" යනකොට මම "මෝරෙක්" උනා...
මම නම් පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නැහැ ඒ තීරනෙට. මොකද අද මම මෙතන ඉන්නේ මගේ "මෝර" කම නිසා හි හි හි.... ජිවිතේ වෙනත් කිසිම තීරනේකට බලපෑමක් නොකර, අපේ අම්ම මට මේකට විතරක් මැදිහත් උනා.......
පේරේ හොදයි..... මගේ හොදම යාළුවා කියන දේවල් ඇහුවම හිතුන මම "මෝරෙක්" උන එක හොදයි කියල..... නරකට නෙවෙයි... පේරාදෙණිය ලස්සන පරිසරය විතරක් මදි කියලයි මගේ අදහස...
කිසිම කෙනෙක්ගේ අදහසකට පහරක් ගහන්න හිතුවේ නැහැ...... මේක මගේ අදහස පමණයි...
හික්, හික්!
Deleteමේ ලිපියේ ෆොටෝස්වලින් කියවෙන කතන්දරේ ඔබට තේරී නැති හැඩයි!
යූ.ඇම.පී කට්ටෙක්!
ReplyDeleteජයලත් ජයවර්දෙන ගේ මරණයෙන් පසුව ඔහු වෙනුවට පාර්ලිමේන්තුවට ගිය පොර ද කට්ටෙක් බව සැලයි.
ඔහු ගේ නම අජීත් මාන්නප්පෙරුම වේ!
මේ අවුන දැන් කට්ටෝ තිදෙනෙක්ම පාර්ලිමේන්තුවේ සිටිති. ග්‍රේරෝ, චම්පක සහ අජිත්.
මමත් ඔය තීරණය ගත්තා.හැබැයි මේලෝකේ අවබෝදයක් තිබුනේ නැහැ.අයදුම් කරලා ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවනේ යන්න,මම යනකොට පරක්කු වෙලා.හැමෝම කැම්පස් යන්න පටන් ගත්ත නිසා මම කැම්පස් එකට දුරකථන ඇමතුමක් දුන්න පටන් ගන්නේ කවද්ද කියල.කව්ද කෙනෙක් " කැම්පස් පටන්ගෙන තියන්නේ ළමයෝ ඉක්මනට එනවා" කියල කිව.එදා තමා තකහනියක් ඇදුම් බෑග් එක අරගෙන කොලඹ ගියේ.......මට වෙච්ච වැඩ නම් කියල වැඩක් නැහැ.දැන් කියන්නත් විලිලජ්ජයි අප්පා ...
ReplyDelete2020 වෙද්දි මෙහි අන්තර්ගත කරුණු බොහෝමයක් වෙනස් වී ඇත. තවදුරටත් පේරා මෝරා යනුවෙන් job market එකක් නැතිවී ඇත. කොහේ සිටියත් තමා කල කී දෑ මත job එක සහ පඩිය තීරණය වන තත්වයක්ද, සිසුන් තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගන්නා කලදසාවක්ද දැන් උදාවී ඇත. තවද MSc හෝ MBA කිර්‍රිමටද සිසුන් බොහෝ සෙයින් යොමුවී ඇත. 13 batch එකෙන් පසු දේශපාලනය කෙමෙන් කෙමෙන් තුරන් වී rag එක වෙනස් වී ඇත (තාමත් සමහරු ගොන් මොරාල් දෙති). ජුන්නන් තවදුරටත් සින්නන් කියන දේ කරමින් කරබාගෙන නොසිටියි.
ReplyDelete