Monday 29 July 2013

කැම්පස් ගිය කොල්ලෙක් ගේ කතාවත් හෙවත් "වැරදිද ඇය? ඔබ කියන්න!" - Fate


මේක දැන් දශක දෙක තුනකට කලින් වෙච්ච ලව් කේස් එකක කතන්දරයක්. අද කාලේ නං, මොබයිල් ෆෝන්, ඇස්ඇම්ඇස්, ෆේස් බුක් සහ ඊ-මේල් ආදිය නිසා මෙහෙම කේස් වෙනවා අඩුයි මගෙ හිතේ!

අපේ කතා නායකයා, නම බණ්ඩාර කියමුකෝ, ගම්බද පලාතක දුප්පත් පවුලක කොල්ලෙක්. හොඳ මීටරේ. කොටින්ම මං හිතන්නේ පොඩි කාලේම සිස්සස්සේ පාස්වෙලා ඒ පලාතේ තියෙන සෙන්ට්‍රල් එකකට ගිහින් තියෙනවා ඉගෙන ගන්න. පස්සේ උසස් පෙල කරන්න ඊටත් වඩා නගරබද මහා විද්‍යාලෙකට ගිහින්.

ඒ දවස්වල, ඒ පලාත්වල ඉස්කෝලවලින් පළමුවෙනි පාරට ළමයින් විශ්ව විද්‍යාලේ යන්න පාස් වෙන්නේ නෑ. හැබැයි, විශ්ව විද්‍යාලවල නම් ඒ පැත්තෙන් ආපු කොල්ලෝ කෙල්ලෝ අඩු නැතුව ඉන්නවා. ඒ හැමෝම දෙවෙනි පාරට උසස් පෙල කරපු අය.

ඒ විදියට දෙවෙනි පාර විභාගේ කරන්නේ එක්කෝ මහනුවර, නැත්නම් කොළඹ පලාතේ ටියුෂන් පන්ති ගිහින්.

ඉතිං අපේ කතා නායකයාත් පළමුවෙනි පාර විභාගෙ කරපු නොකරපු ගමන්ම මහනුවර ආවා ටියුෂන් යන්න. ඒ ඇවිල්ලා මහනුවරට ටිකක් නුදුරින් ගමක ගෙදරක බෝඩිං වුණා. පොර ගේ අයියලා තමයි මං හිතන්නේ බෝඩිමටයි, ටියුෂන්වලටයි වියදම් කෙරුවේ.

ඒ බෝඩිං වෙච්ච ගෙදරදී තමයි බණ්ඩාරට දීපිකා හම්බ වුනේ. දීපිකාත් ඒ දවස්වල උසස්පෙල කරනවා.

අධ්‍යාපනය අතරේම ලව් එකත් නැගලා ගියා!

විභාගෙට බණ්ඩාර ගමේ ගියා. විභාගේ ඉවර වුනත් ආපහු බෝඩිමට එන්න හේතුවක් තිබුණේ නෑ නේ.

මේ කාලයේ දෙන්නා ලව් එක ගෙනිච්චේ ලියුම් මගින්. මෙහෙන් ලියුමක් දානවා. ඒක දවස් දෙකකින් ලැබුණාම, එදාම උත්තරයක් දැම්මොත් සතිය ඇතුලට ලියුම් තුනක් එහා මෙහා යනවා.

නමුත් ටික දවසක් යනකොට දීපිකා ගේ ගෙදරට කේස් එක අහුවුණා. කෙල්ලට ගෙදරින් හොඳටම වලි දැම්මා.

මේ අතරේ පන්සලක පිරිවෙනේ ගණිතය උගන්නන්න තාවකාලික රැකියාවකුත් ලැබුණා බණ්ඩාරට.

එක පාරටම වගේ දීපිකාගෙන් ලියුම් ලැබෙන එක නතර වුණා.

අන්තිමට ලැබුණු ලියුමේ තිබුණේ ගෙදරින් මේ සම්බන්ධය නවත්තන්න කියලා බල කරන බවයි.

හැමදාම පිරිවෙනේ වැඩ ඉවරවෙලා බණ්ඩාර ගෙදර එන්නේ දීපිකාගෙන් අදවත් ලියුමක් ඇවිත් ඇතිය කියා බලාපොරොත්තුවෙන්. නමුත් ආයේ කවදාකවත් ඉස්සර වගේ ලියුම් ආවේ නෑ.

නමුත් බණ්ඩාර තමන් ගේ බලාපොරොත්තු අත හැරියේ නෑ. ලඟදීම විශ්ව විද්‍යාල ශිෂයෙක් විදියට දීපිකා ගේ ගෙදරට ගිහින් කෙලින්ම කේස් එකට බහින්නයි පොර ප්ලෑන් කලේ.

හිතුව වගේම බණ්ඩාර පේරාදෙනියේ විශ්ව විද්‍යාලයට තේරුණා.

විශ්ව විද්‍යාලයට ඇවිත් නේවාසිකාගාරයේ පදිංචි වෙච්ච මුල් දවසේ හවසම පොර කෙරුවේ නුවර ටවුමට ගිහින් බස් එකක නැගිලා කෙලින්ම දීපිකා ගේ ගෙදරට යන එකයි.

"එන්න බණ්ඩාර මල්ලී ගෙට, ඇවිත් වාඩි වෙන්න" බණ්ඩාර දීපිකා ගේ ගෙදරට යනකොට මිදුලේ හිටිය දීපිකා ගේ අක්කා කිව්වා.

පොර ගේ ඇතුලට ගිහින් පුටුවක වාඩි වුණා.

එතැන ඉඳලා බලනකොට ගෙදර සාලේ හොඳට පේනවා.

බණ්ඩාර මොකක්ද දන්නවාද දැක්කේ?

මගුල් ෆොටෝ එකක්!

දීපිකා ගේ මගුල් ෆොටෝ එක.

අක්කා කියපු විදියට දීපිකාව ඊට මාසෙකට කලින් බන්දලා දීලා!

හිතාගන්න පුළුවන් නේද ඒ මොහොතේ බණ්ඩාරට හිතෙන්න ඇති දේවල්?

පස්සේ බැලින්නම් වෙලා තියෙන්නේ මේකයි.

දීපිකා බණ්ඩාරට එවපු ලියුං සේරම බණ්ඩාර ගේ අම්මා අරගෙන කඩලා බලලා පුච්චලා දාලා.

"අම්මා, ඇයි එහෙම කලේ?" බණ්ඩාර ඒ සතියේ ගෙදර ගියාම අම්මගෙන් ඇහැව්වා.

"ඒ ලියුම් උඹ කියෙවවා නම් පුතේ, උඹ ගිහින් ඒ කෙල්ලව අරගෙන පැනලා යන්න ඉඩ තිබුණා. එහෙම වුණා නම් උඹ මේ විශ්ව විද්‍යාල ගමන පැත්තකට දානවා. උඹට හැමදාම පිරිවෙනේ උගන්නවන්න තමයි වෙන්නේ!"

අම්මා කිව්වා.

වැරදිද ඇය? ඔබ කියන්න!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න ලව් ලෙටර් සම්බන්ධ පරණ කතන්දර කීපයක්.

1. කතන්දරකුමාරට ලව් ලෙටර් එකක්
http://kathandara.blogspot.com/2009/08/blog-post_04.html

2. ලව් ලෙටර් එකක් ගැන කතාවක්
http://kathandara.blogspot.com/2010/06/blog-post_07.html

3. තවත් ලව් ලෙටර් එකක තවත් කතාවක්
http://kathandara.blogspot.com/2010/06/blog-post_08.html

4. ලෝකයේ දිගම ලව් ලෙටර් එකේ වාර්තාවත් ලංකාවෙන් ද? Longest love letter world record set in Sri Lanka!
http://kathandara.blogspot.com/2011/11/longest-love-letter-world-record-set-in.html

5. මයි ෆර්ස්ට් ක්‍රෂ් (My first crush) ලව් ලෙටර් කතාවට අතුරු කතාවක්
http://kathandara.blogspot.com/2009/09/my-first-crush.html

6. ලව් කිරීමට කොල්ලන් ට උපදෙස් - පාඩම් අංක 2 : Advice for novice lovers (males only, please!)
http://kathandara.blogspot.com/2011/07/2-advice-for-novice-lovers-males-only.html

ඒ එක්කම මේකත් කියවන්න

7. තාත්තා කතන්දරකුමාර ට ආ ලියුමක් කඩා බලයි
http://kathandara.blogspot.com/2010/01/blog-post_31.html


(image: http://www.mommymanders.com/2012/10/15/a-mothers-credo-i-believe-in-love/)

56 comments:

  1. ඇය නිවැරදිය.

    ReplyDelete
  2. what was his reaction ??
    But i think she did the right thing !

    ReplyDelete
  3. මොලේ ඇති අම්මා කෙනෙක්....

    ReplyDelete
  4. වැඩිහිටි ළමයි නැත්තම් වෙන්ඩ වැඩිහිටි ළමයි ඉන්න දෙමාපියෝ නම් ඔක්කොම අම්මා "හරි" කියයි.....
    හැබැයි ඉති තුන්කුලුඳුලේ ලව් කරන කට්ටිය නම් අම්මා "වැරදි" කියයි....

    ReplyDelete
  5. අම්ම හරි , එත් ඊට පස්සේ පුතා අම්ම හරි බව අපිලිගත්තද කියන්න නම් දන්නේ නැත.

    ReplyDelete
  6. අම්මා වැරදිය...

    මෙහෙම උණා නම්, මෙහෙම වෙයි කියන තියරි ගැන මගේ වැඩි මනාපයක් නැත. එහෙම කියනවා නම්, මට මේ විදිහටද හිතන්න පුළුවන්. මේ සිද්ධියෙන් පස්සේ, කළකිරුණු බණ්ඩාර ගෙදරද, විශ්ව විද්‍යාලයද ඇතහැර දමා තැන් තැන් වල බීමතින් රස්තියාදු ගසා අපතයෙකු බවට පත්විය කියලා.

    මමත් වරක් මිතුරෙකුට ආපු බූට් ලියුමක් නොපෙන්වා හිටියා. පස්සෙ කාලෙක ඒක මම ඌට කිව්වහම, උගේ මූණේ තිබ්බ හැඟීම මතක් වෙද්දි අදටත් දැනෙන්නේ වරදකාරී බවක්. "උඹ මට ඒ වගේ දෙයක් කලේ කොහොමද?" කියන ප්‍රශ්නය තමයි උගේ මූණේ තිබ්බේ. විශ්වාසය බිඳීම කියන්නේ නිවැරදි කරගන්න අපහසුම වැරැද්දක්.

    ReplyDelete
    Replies
    1. සුර්ය ග්‍රහණ අවස්ථාවලදී ගුප්ත විශ්ව බල ශක්ති ක්‍රියාත්මකවේ.එමෙන්ම මෙවැනි අවස්ථාවලදී ලවණ ස්‍රාන්ද්‍රණයන් වල පැහැදිලි විචලතා ඇතිවේ. සක්‍රිය බවට පත් කලලය තුල ජීවී සෛලයන්ගෙන් ජනිත වන ශක්තියේ අත්‍යන්වීක්ෂක ක්ෂේත්‍රයට ඊට සමාන ලෙස දෝලනය වන ලක්ෂනය හමුවන ග්‍රහලෝක හා තාරුකාවන්ගෙන් නිකුත් කෙරෙන විකිරණ සමඟ සමරූපී ආකාරයට ප්‍රතිධ්වනිය හා සම්බන්ධ විය හැක.

      මෙම ලියුම් හැංගීමත් තාරුකා වල බලපෑමෙන් සිදුවූවක් විය නොහැකිද?

      මෙම සිදු නොවු අනාගතය/ අතීතය තීරණය වූයේ ග්‍රහ බලපෑම් වලිනි.... මෙම තරුණයා ජ්‍යොතිශ්‍ය ගැන අවබෝධයෙන් කටයුතු කරානම් ඉතා සුභ ප්‍රතිඵල ලබනු නොඅනුමානය..... තවද සුර, බෝධි පූජා, සෙත් කවි හා ශාන්ති කර්ම වල බලයෙන් බන්ඩාර සහ දීපිකා ගේ අනාගතය වෙනස් කිරීමට තිබුනි....

      උදිත ඔබට වැරදුන තැන මෙතනයි......

      Delete
    2. ඌට වැරදුනාට අනේ ඉතිං මං මක්කොරන්නද?

      Delete
    3. උඹටත් එච්චර තමයි තිසර... ආයෙ සුසමාදර්ශෙ කියල නෑ...
      සෙනසුරු නරකට හිටියොත් වම් කකුල කඩලම තමයි පස්ස බලන්නෙ....
      රාහු ඇවිද්දනවා, නන්නත්තාර කරනවා....
      කේතු ඇග කෙට්ටු කරනවා, කුශ්ඨ හදනවා.......
      රවි සමාජයෙන් කොන් කරනවා, නිලයෙන් පහ කරනවා....
      චන්ද්‍රයා ලෙඩ කරනවා...
      කුජ සිකුරු අවුල් වුනොත් ලැජ්ජාව, සිහිනෙන් බියවීම්, ලේ ගලන තුවාල, සමාජ රෝග.....
      ඔක්කොටම වඩා නරක ගුරු නරකට හිටියොත් ආයෙ මරලාම තමයි පස්ස බලන්නෙ....

      Delete
  7. හැහ්........ වැරදි නේ...............

    ReplyDelete
  8. කතාව හොඳයි,අපි කාටත් දෙසැරයක් හිතන්න දෙයක් කකා මේ පාර ලියල තියෙනවා

    ReplyDelete
  9. බණ්ඩරගේ අම්මා නිවැරදිය. මිනිසාට වඩා ඉතා කුඩා වූ මොළ ඇති සත්වයන් ද රටාවන් හඳුනාගැනීමෙන් මෙසේ තම පුතුන් ආරක්ෂා කරගන්නට සමත් වෙති. උදාහරණයක් වශයෙන් සහරා කාන්තාර කූඹියා (Cataglyphis bicolor) කිසිත් පැහැදිලි ලක්ෂණ නොමැති භූමියක එහා මෙහා යමින් ආහාර සොයයි. සුළඟට ගසා ආ බීජයක් සොයාගත් සැනින් මේ කූඹියා එක එල්ලේම ඍජු ඉරක ගමන් කර නිවහන බලා යයි. සූර්යයා වළාකුළු වලින් වැසී තිබිය ද, ධ්‍රැවායිත එළිය (polarized light) අනුව උන්ට පාර සොයාගත හැකියාව ඇත. එහෙත් මෙසේ සුවිශේෂී ලෙසකින් රටාවන් හඳුනාගත හැකියාව සහරා වනාන්තර කූඹියාට ඇත්තේ අහස පෙනෙන ස්ථාන වල දී පමණි. ගස් ගල් හා වෙනත් බොහෝ හඳුනාගත හැකි භූමි ලක්ෂණ ගහණ වනාන්තර බිමක දී අහස නොපෙනෙන්නේ ද මේ කූඹීන් අතරමං වෙති.

    එම නිසා බණ්ඩරගේ අම්මා නිවැරදි බව සනාථ වේ.

    ReplyDelete
    Replies
    1. සතුන්ගේ චර්යාවන් මිනිස්සුන්ගේ චර්යා සමග සංසන්දනය කරන එකට කියන්නේ 'මනුෂ්‍යත්වාරෝපණය' කියලා. මිනිස්සු ක්‍රියාකරන්නේ සත්තුන්ගේ ලොජික් වලට නොවේ. ඔබට යම් දෙයක් වැරදියට ග්‍රහණය වී ඇති බවක් පෙනේ

      Delete
    2. උපේක්ෂා, ඔබට යම් දෙයක් වැරදියට ග්‍රහණය වී ඇති බවක් පෙනේ.....

      Delete
  10. අද නම් පෝස්ට් එක නියමයි කකා. එක හුස්මටම කියවගෙන ගියා.
    අද මම 1ද මන්දා ?

    මම එක ඇනෝ

    ReplyDelete
    Replies
    1. කකාගෙ ගොඩක් පෝස්ට් කොහොමත් එක හුස්මට කියවන්න පුලුවන්..... ඇයි ඇති දෙයක් නෑනෙ.... දෙකේ පන්තියෙ පොඩි එකෙක්ගෙ රචනයක් වගේ.... තව ලින්ක් ටිකක් තියනවා....

      අපිට කරන්න තියෙන්නෙ දෙකේ පන්තියෙ ටීචර් වගේ ඔලුව අතගාලා හොද පුතා කියලා ලොකු හරියක් දාලා 100% කියලා රවුන් කරන ජාතියේ කොමෙන්ට් එකක් දාන්න.....

      niyama lipiyak.
      ජය වේවා
      ලින්ක් එකට් ස්තූතියි...
      ජය !
      උඹ හරි අපූරු මිනිහෙක් බන්..
      අන්තිම එකනම් මරු ඈ.
      ජය වේවා!!!
      සිනා බෝ වේවා!!!
      +++++++++++++++++++
      හරිම සුන්දර අතීතයක් හිතට දැනෙන විදියට වචන කරලා තියනවා.
      මාරම ගති! පැණි වළලු වගේ!
      උඹට තියෙන්නෙ පුදුම හැකියාවක්.
      මාර රසවත් විදියට ලියල ‍තියෙන්නෙ
      මේ ලිපිය කියැවීමෙන් අමුතුම ආශ්වාදයක් ලැබිමි
      පට්ට කතාව...එක හුස්මට කියෙව්ව :D
      හප්පා බඩ රිදෙනව බන් හිනා වෙලා
      හැමදාම කියනවා වගේ ආසාවෙන් කියෙවුවා...ලස්සනයි..
      හෙක් හෙක් හෙක්...
      පිස්සු හැදෙයි සඳ බොඳ වෙයි!
      දැකපු ආදරණීයම කවි පෙලක්............... එළ..
      සරලයි සුගමයි....
      කියන්න ඕන දේ කියලා තියෙන්නේ අගේට
      නියම ශාස්ත්‍රීය ලියවිල්ලක්
      රාජ සම්පත!!!
      හි හි...හි හි...හි හි...
      මේ කතාවට නං හිත ගැස්සිලා ගියා මගේ.
      අපූරුයි :)
      ලිවිල්ල නම් සුපිරියි.
      ඇඟේ ලේ රත් උනා අෆ්ෆා.....
      නියමයි... ඔන්න මමත් කියෙව්ව...
      හැමදෙයක් මැවී පෙනුනා වගේ දැනෙනවා
      ලස්සනට ලියලා... සුබපැතුම්!
      පට්ට වටිනව...
      හැමදාම වගේ අගනා පොස්ටුව
      මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය සහ ඒකීය පුද්ගලයා

      Delete
  11. මෙච්චර ලොකු පෝස්ට් නම් කියවන්න බෑ කකා.
    ලියන දෙයක් සරලව පොඩියට ලියන්ඩ. අපට ඉතින් පෝස්ට් එක මොකක් උනත් මොකෝ..
    කමෙන්ට් ටිකනේ වටින්නේ :)

    ReplyDelete
  12. සමහර දේවල් වල හරි වැරදි බව සාපේක්ෂයි කියලයි මගේ නම් ආකල්පය... ඒ වගේම ඒවා කාලානුරුපි...
    ඒ මොහොතේ (ඒ ලියුම ආ මොහොතේ) හැටියට නම් අම්මගේ වැරැද්දක් පෙනෙන්නට නැත. එහෙත් සමස්තයක් ලෙස බැලුවොත් දරුවාට කරන අසාධාරණයක් !! දරුවාව හරිහැටි තේරුම් නොගැනීමක් වගේ දේකුත් තියෙනවා
    එත් ගැඹුරින් බැලුවාම නම් අම්මා දුර දැකලා තියෙන බවක් පේනවා. අම්මගේ නිවැරදි බව නම් 'මට' සාපේක්ෂව සාධාරණයි...
    ඒ වගේම ඒ කාලේ හැටියට නම් තවත් උචිතයි කියල හිතෙනවා. දැන් නම් ඉතින් අම්මල මරල හරි පැනල යන්න නේ දරුවෝ බලන්නේ... දැන් කාලේ වගේ බැලුවොත් අම්ම කරලා තියෙන්නේ 'දරුණු වරදක්' හි... හි...

    ReplyDelete
  13. මගේ අත්දැකීම...
    මං ඉස්කෝලෙ යන කාලෙ ගෑල්ලමයෙක් එක්ක තිබුනු හුටපටයක් ගෙදරට දැනගන්න ලැබිලා සද්ද නැතිව ඉඳලා... මගේ යාලුවෙක් ගෙ හුටපටේකටත් මම උදව් කලා... යාලුවගේ ගෙදරට ඒක මාට්ටු වෙලා, උන්ගේ අම්මා අපේ තාත්තට දොස් කියල, "අපේ එකාගෙ මෙහෙම වැඩක් අහු උනා, ඔයාගෙ පුතා තමයි මේවට උදව් කරන්නෙ" කියලා.. තාත්තා කියල "මගේ පුතාගෙත් ඔය වගේ සම්බන්ධයක් තියෙනවා, ඔය කාලෙට ඔහොම තමයි, ඒ ගොල්ලන්ට පාඩුවෙ ඉගෙන ගන්න දෙන්න" කියලා... ඔය කතාව මං දැන ගත්තෙ තව සෑහෙන කාලයක් ගිහින්...
    :)

    ReplyDelete
    Replies
    1. මගේ අත්දැකීම...
      අපේ ගෙදරට මගේ මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා ආරන්චි උනේ දෙවනි ලමයා මොන්ටිසෝරි දාන්න කිට්ටුව.... හපොයි එහෙම කාලයක්... කකා... ජිවිතේ හැටි ඔහොම තමයි....

      Delete
  14. කකා.... අර වෙලාවට කොමෙන්ට් පබ්ලිශ් කරන වැඩේ ආයෙත් අෆ්සැට් වගේ....

    නරකද අර අපිට පාස්වර්ඩ් දෙන එක ගැන නැවත සලකා බැලීමක් කරොත්.....

    තමන්ගෙ ජීවිතේ බිසි කාල වලදී අනුන්ගෙන් උදව් ගන්න අවශ්‍ය වෙනවා.... කකාට උදව්වක් ඕනෙ නම් කියන්න ලැජ්ජා වෙන්න එපා... අපි ඕන වෙලාවක කකා එක්ක ඉන්නවා....

    කොටින්ම කියනවා නම් අපි පැය 16ක් විතරම ඉන්නෙ කකාගෙ බ්ලොග් එකේ තමයි....

    ReplyDelete
  15. මට හිතෙන්නේ කළේ හොඳ චේතනාවකින් උනත් කරපු දේ වැරදියි කියලා... ඇත්තටම ඒ අම්මා කරලා තියෙන්නෙ දරුවව රැවැට්ටිල්ලක්... දරුවගේ හැඟීම් ගැන පොඩි හරි හැඟීමක් නැතුව කරපු දෙයක්.... ඕකෙදි මට මෙහෙම කියන්නත් පුළුවන්... දැන් ඕක ඔය විදියට කිව්වම ළමයා ඉගෙන ගනී කියලා කොහොමද හරියටම කියන්නේ... සමහරවිට ජීවිත කාලෙම අම්ම එක්ක වෛර බඳී.. එතකොට අම්මා කියයි “ පුතේ මං උඹේම හොඳටයි එහෙම කළේ.. එහෙවු අම්මටද උඹ මේ වෛර බඳින්නේ කියලා... ” අහල පහල ඉන්න උනුත් විස්සෝප වෙයි “ හපොයි අර කොල්ලව හදන්න මේ අම්මා කොච්චර දුක් වින්ඳද.. එහෙවු අම්මටනේ මේ මූ වෛර බැඳන් ඉන්නේ...” කියලා... සාමාන්‍යයෙන් අපේ දෙමවුපියෝ හරියට ඔය වගේ ඉමෝෂනල් බ්ලැක්මේල් ජාතිත් කරන එකේ... එතකොට කවුද වැරදි කියලා තමයි මට අහන්න වෙන්නේ...

    අම්මලා තාත්තලා දරුවො අතර තියෙන විශ්වාසය නැති උනාම ඒක ගොඩනඟාගන්න හරි අමාරුයි.. සමාජීය වගකීම් නිසා කරන්න ඕනේ දේවල් කෙරුවට හිතේ ඒ කහට හැමදාම තියෙනවා... ඔන්න ඔහොමයි මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. //අම්මලා තාත්තලා දරුවො අතර තියෙන විශ්වාසය නැති උනාම ඒක ගොඩනඟාගන්න හරි අමාරුයි..//
      මෝඩ බව ලෝකෙට ප්‍රදර්ශනය කරන්න එපා....මව්පිය දූ දරු සම්බන්ධය ඔබ කියන පරිදි ස්වාමිපුරුශයා හා භාර්යාව අතර සම්බන්දෙ වගේ.... ඔබ ජීවත් වන ලෝකය සෑම කෙනෙක්ම ජීවත් වන ලෝකය නෙවෙයි...

      Delete
  16. ඔච්චර උවමනාවක් තිබුණානම්, කලින් යන්ට තිබුණානේ. ලියුමකුත් තිබුණානේ එයාව බන්දලා දෙන්ට යනවා කියලා. මම නම් කියන්නේ වැරැද්ද බණ්ඩාර අතේමයි. :)

    අම්මා හිතලා තියෙන්නේ අම්මා කෙනෙක් විදියට. බණ්ඩාර ආදරවන්තයෙක් වගේ හිතලම නෑ. කොල්ලෝ ඔහොමමයි. :D

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නේ වැරැද්ද බණ්ඩාර අතේමයි//
      කෙල්ලො ඔහොමමයි!

      Delete
    2. ඊයේ පෙරෙදා බැදපු ඈයෝ ඔහොම කොල්ලන්ගේ වැ‍රැදි කියන්න හොඳ නැහැ....
      ඔන්න බැන්දා අවුරුද්දකින් දෙකකින් නම් කමක් නැහැ...

      Delete
  17. යකෝ! අම්මා කොහොමද එහෙම කියන්නේ???

    ReplyDelete
  18. හප්පා....මොලේ කොලොප්පං වෙන පුරස්නයක්නෙ....

    ReplyDelete
  19. අම්මත් හරියි කියන්න බැහැ , ඒත් මේ කතාවේ වැඩි වැරැද්ද තියෙන්නේ බණ්ඩාරගේ . මෙයාට කැම්පස් යනකන්ම ඉන්න ඕනේ වෙලානේ කෙල්ල උන්නද මලාද කියලා බලන්න යන්නත් ,

    ReplyDelete
  20. අම්ම හරි, කොල්ල වැරදි,කෙල්ලගේ අම්මල වැරදි, කෙල්ල පව්,

    ReplyDelete
  21. OYA KIYANA PORA GALAHITIYAWA MMV. TA GIHIN PASSE, ANANDETA NEDA GIYE. EETA PASSE PERA. CAMPUS GIYA NEDA. (CAP.ANO.)

    ReplyDelete
  22. කකා... අද මාගේ සහෝදර ඇනෝලා දෙදෙනාම නැති බව පෙනේ.... තනිවම බර ඇදීම අපහසුය... කරුණාකර ඔබවත් ඇනෝ කොමෙන්ටු දැමීමට (පුරුදු වැඩේ නේ) මා හා එක්වන්න.....

    ReplyDelete
    Replies
    1. කකා ඇනෝලා කරන්නෙ ගරු සේවයක්.... ඔබ ඔවුන්ව තියාගන්න වැඩ කරන්න ඕනි.... බලන්න අද කොමෙන්ට් 31 තාම..වෙනදා 60 - 70 පන්නන කොමෙන්ට් අද කෝ...

      මේ බ්ලොග් එකේ වැඩි බර අදින්නෙ ඇනෝලා... කකා බොස් වගේ පැත්තකට වෙලා ඉදන් ක්‍රෙඩිට් එක ගන්නවා.... කකා කරන්නෙ පෝස්ට් එක දාලා, කස්ටිය ඔක්කොම කොමෙන්ට් දාලා ඉවරවුනාම බොරු බිසියක් මවාපාලා කොමෙන්ට් එකක් කොටලා යනවා....

      කරුණාකරලා අපි ගැනත් හිතන්න... දැන් බලන්න අද 29යි. 25 වැටෙන්න ඕනි පඩිය අදවත් නෑ.... කරුණාකර අපේ ගෙවීම් ලබාදෙන්න.... වැටුප් ලබා දෙනතුරු අපි අඛණ්ඩ වර්ජනයේ.....

      Delete
  23. අද පුදුම වැඩ ගොඩක් තියෙන්නේ කකා.
    මම එක ඇනෝ කමෙන්ට් එකයි අද දවසටම දාන්න උනේ. අර කිව්වත් වගේ පාස්වර්ඩ් දෙන වැඩේ නම් කරන්නම වෙයි වගේ.

    ReplyDelete
  24. හරිම බිසී කාළයක් !

    වැඩ ! වැඩ ! වැඩ !

    ReplyDelete
  25. අම්මා වැරදියි.තිසරගෙ පලවෙනි කොමෙන්ට් එකට මම එකඟයි.
    (අම්මලා කොච්චර හොඳ වුනත් වැරදි තීරන ගන්නවා ඉක්මනටම.අපේ දුව එහෙම කියලා තියෙනවා මට.)

    ReplyDelete
  26. කොල්ලගේ තාත්තා මේ සම්බන්දයෙන් මුකුත් කරලා නැද්ද?

    ReplyDelete
  27. වැරදි

    ReplyDelete
  28. වැරදි

    ReplyDelete
  29. වැරදි........

    තමන්ගේ ජීවිතේ වෙනුවෙන් ,හරි හෝ වැරදි තීරණ වෙන කෙනෙක් ගන්න එක තමන්ගේ ජීවිතේට කොයි තරම් බලපානව ද. පුංචි කාලේ ඉදලම අපි වෙනුවෙන් අනිත් අය තීරණය ගන්නවා. දාන්නෙ මොන නම ද?යන්නේ මොන ස්කෝලෙට ද? කරරන්නේ මොන විෂය ද... අන්තිමට බලද්දි අඅපේ ජීවිතය තනිකරම අනුන් විසින් පාලනය කරපු දෙයක්.

    වැරදි. හරි හෝ වැරදි අනුන් වෙනුවෙන් තීරණ ගන්නෙක වැරදි.

    ReplyDelete
  30. සමණළ සංධ්වනිය චිත්‍රපටයේ තියෙන්නෙත් නියමිත කෙනාට ලිපියක් නොලැබී වෙනත් අයකු සතු වීමේ කතා පුවතක් නිසා විඳවන ජීවිත ගැන ද?

    තැපැල් ලියුම් බෙදන්නකුගේ වරදක් නිසා නියමිත වේලාවට නියමිත කෙනා අතට පත් නොවිච්චි ලිපියක් නිසා ජීවිතයේ අවිවාහකව ඉදල පසුව සැදෑ සමයේ අහම්ඹයෙන් හමුවූ යුවලක් ගැන කෙටි කතාවක් මම කියවලා තියෙනවා. ආදර ගනු දෙනු සම්බන්ධයෙන් මිනිස්සු දක්වන ප්‍රතිචාර ( තමාගේ නෙමෙයි අනිකාගේ ආදර සම්බන්ධයට මැදිහත් වීම කෙතරම් නම් සාධාරණ ද කියල කියන්න මට වැටහෙන්නෑ. )

    ReplyDelete
    Replies
    1. සමණල සංධවනියනම් මං බලල නෑ. හැබැයි කඩවුණු පොරොන්දුව චිත්‍රපටියෙත් තියෙන්නෙ ඔය වගේ ලියුම් උස්සන කේස් එකක් නේද?

      Delete
  31. kaka moko? new anno

    ReplyDelete
  32. අම්මා මවක් හැටියට කළ දේ හරි සේ පෙනුනත් මානුෂීයව ගත් කල ඇය වැරදි දෙයක් කර ඇත්තේ. අප මේ ප්‍රශ්නය දෙස බලන්නෙත් සාම්ප්‍රදායික ලාංකිය ගැමි සංස්කෘතියත් එක් එකට තියල නේ. එයිට පරිබාහිරව බලන කල වැරදි සේ පෙනෙනවා.
    අද ආදරය කිරිමේ නිර්ණායක වෙලා තියෙන්නේ ආදරය කරන කෙනාගේ සිතුම් පැතුමි නොවේනේ..( අදටත් වඩා කකා කියන මේ කාල වකවානුවේ.)
    මේ සිද්ධිය කකා ගේ දරුවකු නම් මුහුණ දෙන්නේ කෙසේද යන්නත් හිතන්න. මම ඒ පැත්තෙනුත් හිතන්න වෙර දරනවා මේ මොහොතේ මේ කතාව ගැන.

    ReplyDelete
    Replies
    1. නලිය,ඊයේ සෑ මට හරි සතුටුයි.
      ඒ වගෙ දේවල් මාසයකට සැරයක්වත් තිබෙනව නම් අපි ලග ඉන්නව වගෙ හැගෙනව.
      සුදික මල්ලියත් එල සිංදු ටිකක් ඉල්ලුව.

      Delete
    2. ආයිමත් ඉරිදාවක එසේ සෙට් වෙමු ඒකත් මාර ආතල්.

      Delete
  33. @ All
    ඔබේ අදහස්වලට ස්තුතියි. දැනට බහුතර මතය අම්මා හරි කියන එක වගෙයි මට පේන්නේ.

    මා කතාවේත් කිව්වා වාගේ මොබයිල්, එස් එම් එස් තියෙන මේ කාලේ මේ වගේ කේස් වෙන්න තියෙන ඉඩ සෑහෙන්න අඩුයි. එනිසා සමහර විට මේ කතාව ගැන නිවරදි චිත්‍රයක් නොලැබෙන්නත් ඉඩ තියෙනවා.

    මෙතන වෙලා තියෙන්නේ කෙල්ල එවන ලියුම් කොල්ලා ගේ අම්මා අතටත්, කොල්ලා එවන ලියුම් කෙල්ලගේ අම්මා අතටත් පත්වීම නිසා දෙන්නා ගේ කමියුනිකේෂන් බිඳ වැටීමයි,

    මා දන්නා විදියට මේ විවාහය සදුකර දී ඇත්තේ මාසයක් දෙකක් වැනි ඉතා අඩු කාලයකදීයි.

    ReplyDelete
    Replies
    1. හරිම බිසී කාළයක් !

      වැඩ ! වැඩ ! වැඩ !

      Delete
  34. අම්මා කරල තියෙන්නේ පට්ට පජාත වැඩක්. පලමු එක තමා අනුන්ගේ ලියුම් කැඩීම හා කියැවීම. නින්දිත කාන්තාවක්. කාගේ අම්මා උනත් කතාව ඒකයි.

    අනිත් පැත්තෙන් ගත්තාම ඒ කොල්ලා අර කෙල්ලගේ කසාදෙන් පස්සේ වෙච්ච දේවල් දැනගෙන ජීවිතේ අනාත කරගත්තනං.. එහෙමත් නැත්තං කවදා හරි දවසක බැදපු ගෑණී ඒකට ගැලපෙන්නේ නැති වීම හරහා සදා දුක් විදින එකෙක් උනානං, එදාට අර අම්මගේ වලටත් හෙන ගහනව නේද?

    අම්මලා උත්තරීතරයි කියන මතයේ ඉදන් නැතිව හැම මිනිහටම තමන්ගේම කියලා ජීවිතයක් තියෙනවා කියන තැන ඉදලා බලන්න. කැම්පස් එක කියන්නේ ජීවිතේම කියලා හිතනවනං අම්මා හරි. ඒත් කැම්පස් එක කියන්නේ ජිවිතේද?

    ReplyDelete
  35. හැබැයි ඒකෙන් ජීවිත තුනක් නැති උනා කියලයි මම හිතන්නේ.... හැම අම්මෙක් ම තමන්ගේ දරුවන්ට ආදරෙයි... ඒත් ඒක අනුන්ගේ දරුවන්ටත් එහෙම කරන්න බැරි ඇයි.....? මේ අම්මා දීපිකාගේ අම්මා උනානම් කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා නේද!

    ReplyDelete
  36. වෙච්චි දේ ගැන දැන් ඉතින් දුක් වෙන්නවත් ඒ ගැන හිතල ලතවෙලාවත් වැඩක් නෑ..
    අම්මාගෙ පැත්තෙන් අම්මා හරි ඇති.
    සමහර විට පුතත් වයසින් මුහුකුරා ගිහින් කලකදී හිතන් පුළුවන් අම්මා කළ දේ හරි කියලා.
    අනික කෙල්ල එවපු ලියුම්වල තිබුණ ඒවා දන්නෙ අම්ම විතරයිනෙ.
    උවමනාවක් තිබුණනම් කොල්ලට කලින් ම යන්නයි තිබුණෙ අන්තිම මොහොත වෙනකම් ඉන්නැතිව.

    ReplyDelete
  37. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 51
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 5
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 16
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 1
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 29

    ReplyDelete
    Replies
    1. කකාගෙ ස්පෑම් වාර්ථාව ඇමෙන්ඩ් කර නැත.....

      Delete
    2. කකා ස්පෑම් වාර්තාව ලබා දුන්නේ නැත.

      සංගණන ඇනෝ.

      Delete
  38. ඔවගෙ හරි වෑරදි කියන්න අපිට බෑ.එක එක මිනිසුන් මත වෙනස් වෙනව

    ReplyDelete
  39. @ All

    සියළු දෙනාටම ස්තුතියි.

    හෙට හමුවෙමු.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.