Saturday 27 April 2013

දුම්බීම සහ තුවක්කු - Smoking Guns


මෙය ද මා කලින් ලියූ "ඒරොප්පේ ගුවන් තොටකදී ශ්‍රී ලංකන් ගුවන් යානයක් දුටුවෙමි!" කතන්දරය සේම ඉතා කෙටි කතන්දරයකි.

එසේම මට ඉතා වැදගත් කරුණු කිහිපයක් ම සිහියට නැංවූවකි.

ඊයේ හවස් වරුවේ විදෙස් රටක දුම්රිය පොලක දී අප දුටුවේ දුම් බොන්නන් සඳහා වෙනමම ස්ථානයක් සකසා ඇති බවයි.

දුම් බොන අය එතැනට පැමිණ සිගරැට්ටු දල්වාගෙන මහා හදිසියකින් මෙන් විෂ දුම් පෙනහැළි තුලට ඇතුළු කර ගනිති. අනතුරුව එතැණින් පිටවී තමන් ගේ ගමන යති.

නමුත් ඒ ප්‍රදේශය අසලින් යන්නන්ට දුම්වලින් ගැළවීමක් නැත.

මෙහි මීට වඩා හොඳ ක්‍රියාත්මක කිරීමක් මා හොංකොං ගුවන් තොටේ දී දැක ඇත. එහි දුම් බොන සංවෘත කාමර සකසා තිබේ. අසලින් යන නොබොන්නන්ට වැඩි අවැඩක් සිදු නොවේ.

මේ දර්ශනයෙන් පසු අපේ පවුලේ සාමාජිකයින් සිව් දෙනා අතර දුම්බීම, මත්පැන් පානය සහ ඇමරිකා එක්සත් ජනපදයේ තුවක්කු සංස්කෘතිය ගැන සංවාදයක් ඇතිවිය.

එහිදී මගේ දොළොස් හැවිරිදි පුතා මෙසේ කීවේය.

"ඇයි, ඇමරිකාවට පුළුවන් නේ ඒ ස්මොකින් රූම්ස් වගේ වෙනම කාමර හදලා තුවක්කු තියෙන අයට ඒවා අරං ඇවිල්ලා එකිනෙකාට වෙඩි තියා ගන්න දෙන්න!"

-කතන්දරකාරයා

ප/ලි:
දුම්බීම ගැන මේ කතන්දරය ද කියවන්න.
http://kathandara.blogspot.com/2012/01/best-story-about-smoking.html

මෙන්න තව එකක් - මනමාල මහතාගෙන් ඇසූ ප්‍රශ්ණාවලිය.
http://kathandara.blogspot.com/2010/06/blog-post_05.html



(image: http://www.originalbuzz.info/index.php/topics/topical/)

49 comments:

  1. ඔව් ඔව් අමෙරිකාව ඒක තමයි කරන්නේ...ඒත් වෙඩි තියා ගන්න හදලා තියෙන වෙඩි පිට්ටනිය ටිකක් ලොකුයි....ඒකට සිංහලෙන් කියන්නේ 'මැද පේරදිග' කියලා...හරියටම කියනව නම් ඉරාකෙයි අෆ්ගනිස්තානෙයි තමයි හොදම වෙඩි පිට්ටනි දෙක....

    ReplyDelete
    Replies
    1. මෝඩ කොමෙන්ට් එකක්... තුවක්කු සන්ස්කෘතියයි යුද්ධයි කියන්නෙ දෙකක්නෙ බන්.... ලිදේ ඉන්න මැඩියා වගේ කොමෙන්ට් කරන්න එපා....උදේම නැගිටලා හැමදාම පැය බාගයක් යනකන් මොනවා හරි කියවපන්.... මාස හයක් යද්දී ඕක ඇරිල යයි....

      Delete
    2. පොඩි රූම් මොකටද? ඇමරිකාව ඇරුනම අනෙක් හැම තැනම එයාලා සෙල්ලම් කරනවා. ඒ අතරේ ඉඳලා හිටලා ඇමරිකාව ඇතුලෙත් මිස් ෆයර් නොයනවමත් නොවෙයි.

      @ මයියා
      වට් ඇන් එක්සලන්ට් කොමෙන්ට් ඈ......

      Delete
    3. @ mathalan...
      Seriously?..... then go ahead and kiss his ass

      Delete
  2. පුතා නම් හොඳ මොලකාරයෙක්!!! :D:D:D

    ReplyDelete
  3. DUM BONNATA WAGEMA JOKA IRILA GONA KANUWE YANA KOTA HADA GANNA, CHOO DAANNA. PADA ARINNA, JEE DANNA, EKA PALIYATA AWITH SU KRA YAWANNA KAI PAHANNA WENA WENAMA KAMARA THIBUNOTH THAMA HONDA, APE KAKKA BUWA ME GENA YOJANAWK IDIRIPATH KARALAMA ENAWADA? MEWA THAMA SIHIYATA ENTA ATHI WEDAGATH KARUNU.***

    ReplyDelete
  4. ඕක අහන්ඩ දෙයක්යැ කිව්වෙ කකාගෙ පුතානෙ.
    එයා බ්ලොග් එකේ ලියන කාලෙට මොනව ලියයි ද මන්ද.

    ReplyDelete
  5. පවුලේ අය අතර හොඳ සංවාදයක් ගිහින් වගේ. :)

    ReplyDelete
  6. ඔය සමහර බ්ලොග් සයිටුත් තියෙන්නෙ ඕනෙ අයට ඇවිල්ල ගහමරාගන්න. ඒවත් ඇමරිකන් කාරයින්ගෙ උදව්වෙන් තමයි හදලා තියෙන්නෙ.

    ReplyDelete
  7. අනේ කකා අමෙරිකාවේ වෙඩිපිටිය තමයි යුරෝපය හැරුණුකොට අන් සියලුම තැන්..දැන් සිද්ධවෙන හැම දෙයක් පිටුපස්සෙම අමෙරිකාව තමා. මේ අපේ සොච්චං රටත් උන් වෙඩි පිටියක් කරගන්න මොන තරම් ගැට හදල විසිකරනවද?

    ReplyDelete
  8. කකාගේ පුතාත් කකා වගේම මොලකාරයෙක් නෙව. එයත් කවදහරි හොඳ මැවිසුරුවෙක් වෙයි.
    මම අද 1 ද මන්දා

    ReplyDelete
    Replies
    1. බලන්න ඔයාගේ එක තියේද කියලා ..

      Delete
    2. මගේ එක නම් තියෙනවා. බලන්න ඔයාගේ එක තියෙනවද කියලා.

      Delete
    3. ඒකත් තියෙනවා

      Delete
    4. එහෙනං කටයි පුකයි වහගෙන ඉන්නවද ?

      පුක කියන්නේ කුණුහරුපයක් නෙමේ.

      http://kathandara.blogspot.com/2011/04/is-puka-four-letter-word.html

      Delete
    5. නැත්නම් කටට සහ පුකට එක!

      Delete
  9. 5.53 a.m. and 5.58 comments are fake comments ? story published @ 6 a.m. ?

    ReplyDelete
    Replies
    1. ya it is true
      that comments are given under request of kaka !
      kaka requested to comment here !!

      Delete
  10. තාත්තා වගේම පුතෙක් .. කකාට ආඩම්බර වෙන්න පුළුවනි

    ReplyDelete
  11. කකා ගේ පුතා නේ ඉතින්. :D :D

    ReplyDelete
    Replies
    1. ඔහේ කොහොමැයි ඒක දන්නේ..???

      Delete
  12. ඇමරිකන් කාරයා මේක නොකරට කකා ලන්කාවෙන් ඇමරිකාවට සන්ක්‍රමණය වෙලා තියන නෝනා කෙනෙක් ඕක කරනවා හරි ශෝක් එකට.......

    එයා එයාගෙ නමින්ම බ්ලොග් අවකාශෙ කාමරයක් හදාගෙන වටේටම වෙඩි තියනවා... කාමරේට එන පිට එවුන්ටත් වෙඩි තියන්වා.. බලන්න සුසමාදර්ශෙ එතනින්ම බිහිවෙලානෙ....

    ReplyDelete
    Replies
    1. සාදු කියන්න පින්වත..

      සාදු ! සාදු ! සා.....දු !

      Delete
    2. ඇන් ජි යෝ පඩියට බොග ලියන අර සොපිරෝ
      සාදු ! සාදු ! සා.....දු !

      Delete
  13. මම නං ඉස්සර අරක්කු සිකරට් බිව්වා. දැන් සිගරට් බිම නවත්තලා අවුරුදු 7 වගේ වෙනවා. සිගරට් බිම නැවැත්තුවේ කරනා දෙකක් හින්දා. එක තමයි ඒක මට එච්චර ඇල්ලුවේ නෑ. අනික නං අපි රුපියල් 20 විතර දීලා ගත්තට ලංකාවේ තියෙන බාල සිගරට් ඔය මුදලට නොවටිනා තරම් වීම. වැඩිම උනොත් රුපියල් 5-6 වගේ වටින සිගරට් එකක් ඒ වගේ තුන් හතර ගුණයක් ගෙවලා ගන්නේ මොකද?

    හැබැයි මම බියර් හා අනෙකුත් මත්පැන් පානය සිදුකරනවා. දිනපතා හවසට හොදින් කුල කරනා ලද බියර් කෑන් එකේ බිමෙන් ලැබෙන ආශ්වාදය කියා නිමකළ නොහැකියි.

    ලෙඩ හැදෙනවනං හැදුන දෙන්. ලෙඩද දුකට බයේ කෑමට බිමට පස්සා ගහනා අයෙකු නොවේ මා. සුව කල නොහැකි ලෙඩක් මට සැදී ඇතැයි කියා දිනක දැන ගතහොත් ඒකටත් සුදුසුම පියවරක් ගන්න මා පැකිලෙන්නේ නෑ. සියල්ල අත්හැරීම මේ දැන් උනත් කල හැකියි මට දුක් විදිමින්, අන් අයට බරක් වනවාට වඩා.

    ReplyDelete
    Replies
    1. හානේ කොම්පැනියෙන් කීයක් ගෙවනවද ඔයාට මේ ගොන් ඇඩ් දානවට.....

      Delete
  14. ප/ලි:
    දුම්බීම ගැන මේ කතන්දරය ද කියවන්න.
    http://kathandara.blogspot.com/2012/01/best-story-about-smoking.html

    මෙන්න තව එකක් - මනමාල මහතාගෙන් ඇසූ ප්‍රශ්ණාවලිය.
    http://kathandara.blogspot.com/2010/06/blog-post_05.html

    ReplyDelete
  15. mama ada puka,

    ReplyDelete
    Replies
    1. ඔබේ පුක මගේ දුකයි !
      your ass is my sorrow !

      Delete
  16. owage moda katha kiyanne kaka gema puthekne. Gahe katu ulkaranna oone nehene.

    ReplyDelete
  17. වටිනවා දරුවෝ,හරි වටිනවා,
    (සේන අම්බලන්ගොඩ)(sena ambalangoda)

    ReplyDelete
  18. දරුවන් අපට වඩා ඉදිරියෙන්.කතන්දරකාරයට පුතෙක් පමණයිද ඉන්නේ?දුවක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. කකා ට ඉන්නවා කට ඇති පුතෙකුයි - රුව ඇති දුවෙකුයි

      Delete
  19. කකෝ කෝ මගේ කමෙන්ට් එක.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක නම් තියෙනවා. අහවල් එක වටේ යන අහවලා කියන කෑල්ල නම් නෑ.

      Delete
    2. නලීන් ගේ කමෙන්ටුව ස්පෑම් ගොඩේ තිබී පසුව හමුවිය.

      Delete
  20. එහෙම ඇමරිකාවේ කරොත් වෙඩි තියාගන්න වෙන්නේ තුවක්කු තියෙන අයට විතරයි ඒත් දැන් ඇමරිකාවේ සිස්ටම් එකට අනුව තුවක්කු තියෙන අය වෙඩි තියන්නේ තුවක්කු නැති අයට!

    ReplyDelete
  21. ඩැඩාට වැඩිය හොඳට ලියයි වගේ... :D

    ReplyDelete
  22. ඒකත් යස අදහස, මැතිවරන කාලෙට මෙහෙත් තියෙන්නෙ එහෙම තැන්.

    ReplyDelete
  23. කාලයක් ගියාට පස්සේ කකා වගේම ජී, පඩ, චූ, ජොකා ගැන බ්ලොග් එකක් පටන් ගනියිද මන්ද..
    කකාගේ පුතාගේ බ්ලොගයට නමක් යෝජනා කරන්න පින්වතුනි..

    ReplyDelete
  24. අදහස් වාරණයක් සිදු වේ ?

    මම April 28, 2013 at 8:09 AM ඇනෝට දාපු රිප්ලයි කමෙන්ට් එක කපලා.

    ඇයිද අනේ එහෙම උනේ ???
    අඟේ ඉදන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා !

    ReplyDelete
  25. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 37
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 5
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 11
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 1
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 20

    ReplyDelete
  26. ඔය කවු බෝයි විදිහට රඟපාපු කෙනාද හොඳටෝ සිගරට් බීලා පෙනහළු පිළිකාවකින් මැරෙන්න යනවා කියලා තිබුණේ

    ReplyDelete
  27. ඔය වගේ දුම් බීමේ කොටුවක් ජර්මනියේ trier දුම්රිය ස්ථානයේ දැක්කා. විදුරු වලින් කොටුකරපු දුම් බීමේ කුඩුවක් දැක්කේ Salt-Lake City airport එකේදි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.