Friday 5 April 2013

මේරේ සුරා මහිලා පමා දශ්ඨානා : මත්පැන් බීමෙන් කාන්තාවන්ට පව් වැඩියෙන් සිදුවේ! - Booze is bad for babes, boo, hoo, boo, hoo!


මත්පැන් බීම හොඳ දෙයක් නොවේ. නමුත් මත්පැන් බීම ගැන කතා කිරීමේ ඇති වරදක් නැත. ඒ ගැන කතා කිරීමට බහුතරයක් තුල ඇත්තේ ද සාපේක්‍ෂව තරමක් හෝ වැඩි උනන්දුවක් බව මා පෙරේදා ලියා පල කළ "බීලා කනවාද, කාලා බොනවාද?" යන කතන්දරට ලැබුණු ප්‍රතිචාර නිසා මට සිතුණි.

ඒ හේතුව නිසාම මේ කතන්දරය ද ලිවීමට සිත්විය.

දැනට කාලයකට පෙර දවසක මම මිරිස් කුඩු ග්‍රෑම් 250 පැකට්ටුවක් මිලයට ගැනීම සඳහා පිළියන්දල පොලිසිය අසල පිහිටි කඩ කෑල්ලකට ගොඩ වැදුනෙමි.

මෙතන මිරිස් කුඩු පමණක් නොව වෙනත් සැර බඩු ද විකිණීමට ඇත. ඒ සැර බඩු අනෙක් තැන්වල ඇති බඩුවලට වඩා හොඳ යැයි සිතන නිසා දෝ මෙතනින් බඩු ගන්නට පිරිස සෑහෙන්න එන යන බවක් පෙණුනි.

මා මේ කඩ කෑල්ලේ ඒ සැර බඩු සහිත සුවිශේෂී කෙලවර පසුකර යන විට එහි ප්‍රදර්ශනය කරතිබූ එක්තරා දැන්වීමක් මගේ නෙත ගැටුණි.

එහි සඳහන් වුයේ (අවුරුදු 18 ට අඩු අයට පමණක් නොව) කාන්තාවන්ට ද සැර බඩු නොවිකුණන බවයි. කාන්තාවන්ට මිළට ගත හැක්කේ මිරිස් කුඩු වැනි දේ පමණකි.

මෙයට හේතුව කුමක්දැයි සොය බැලූ විට මට ආරංචි වුනේ, අනාදිමත් කාලයක දී කෙටුම්පත් කර සම්මත කෙරුණු සුරාබදු පනතේ මේ වාරණය සඳහන්ව ඇති බවයි.

ඒ පනහේ දශකයේ තත්වයයි. අද එය වෙනස් විය යුතුයැයි සමහරු පවසති. ප්‍රජාවෙන් එක කොටසකට ඇති අයිතිය තවත් කොටසක නැති කිරීම මානව හිමිකම් කේස් එකක් මිස අන් කවරෙක්ද?
නමුත් මගේ අදහස වෙනස්ය.

මත්පැන් බීම නරක වැඩකි. පස් පවෙන් එකකි. පව් සිදුවේ. මේ සම්බන්ධයෙන් අප සැම හොඳින් දන්නා කාරණයක් නම් පෝය දිනවලට මත්පැන් මිලට ගැනීමෙන් වෙනදාට වඩා කිහිප ගුණයක් පව් සිදුවෙන බවයි. එදිනට බාර් වසා දමන්නේ ඒ නිසාය. කලින් දිනයක මිළට ගත් බඩු පෝය දින පරිහරණයේ වරදක් නැතුවා විය හැක.

මේ ආකාරයටම කාන්තාවන් මත්පැන් බීමෙන් සිදුවෙන පාපයේ ප්‍රමාණය පිරිමින් මත්පැන් බීමෙන් සිදුවෙන පාපයේ ප්‍රමාණය මෙන් කිහිප ගුණයකි.

කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම තහනම් කර ඇත්තේ ඒ නිසාය.

අනික කාන්තාවන් ද පිරිමින් හා හරි හරියට මත්පැන් බොන්නට පටන් ගත්තොත් වෙනදා ගේන බාගේ වෙනුවට බෝතලයක්ම ඕනෑ වෙනවා පමණක් නොව, සයිමන් ලා කට් වෙන්නට දැමූ පසු දෙහි ටිකක් මිරිකා පොවන්නට විමල ලා කොහෙන් හොයන්නද?

-කතන්දරකාරයා

මේ සම්බන්ධයෙන් වාර්තා වෙන අනිත් වැදගත් කරුණ නම් මත්පැන් විකිණීමට බලපත්‍රයක් ලබා ගැනීමේදී ගැහැණු පිරිමි ප්‍රශ්ණයක් නොමැති බවයි. නමුත් කමලාවතී ගේ බාර් එකෙන් විමලාවතීට බඩු මිලට ගත නොහැක!


(image: http://sundaytimes.lk/020421/images/bcartoon.jpg)

99 comments:

  1. කාන්තාවන්ට සැර බීම නොවිකුණන එක කොයි තරම් සාපරාධී ක්‍රියාවක්ද? හී හී...

    කීවත් වගේ දෙන්නම බීගෙන වැටුනාම දෙහි ගාන්ට කෙනෙක් නෑනේ.

    පෝයට බාර් වහන්නේ අඩුම ගනනේ එදාටවත් පිරිමි පන්සල්වලට යවන්ටලු.

    ReplyDelete
    Replies
    1. අපි නම් පෝයට කලින් දවසේ ගෙනල්ලා තියාගන්නවා.

      Delete
    2. පන්සල්වල ඉන්නේ පිරිමි නේන්නම්, සිවුරු දාගෙන!

      Delete
  2. මෙහෙනම් පවුලෙ කට්ටිය එකට බොද්දි පුතාට/දුවට සකේ,බියර් වක්කරන්නෙ අම්ම.දුවට/පුතාට සිගරට් එක අවුලගන්න ලයිටරේ දල්වන්නෙ තාත්ත.සැමියා/බිරිද හෝ කෙල්ලයි/කොල්ලයි එකට බොන්න ගිහිල්ල බිරිදට/කෙල්ලට කෙලින් ඉන්න බැරුව වැඩිනම් පිට උඩ තියන් ගිහිල්ලයි කාර් එකට දාන්නේ.

    ReplyDelete
    Replies
    1. JAPAN NAYA

      Delete
    2. අපෝ අපෝ සංස්කෘතිය එහෙන් පිටින්ම වලපල්ලට ගිහින් නේ කෙන්ජි අංකල්.

      Delete
    3. අයියෝ කෙන්ජි,
      චීයා මහ නරක සංස්කුරුතියක්.
      අපි නං කැමති පිරිම ගිහින්, බීලා, නටලා,වැටිලා සේරම කරලා ගෙදර ඇවිත් කබරයා ඇදලා දෙහි බීලා නිදාගන්නයි.

      Delete
    4. කෙන්ජියො, ඊයෙ හවස 5ට විතර ටෝකියෝ ස්ටේෂන් එක ඉස්සරහ ත්‍රීවීල් පාක් එක ළඟ හිටිය නේද ජපන් කෑල්ලකුත් එක්ක

      Delete
    5. @ඇනෝ April 5,2013 at 10.44 AM;
      මම ලිපි ලියන උගත් මහත්ම/මහත්මීන් ගෙ ලිපි ලියන ඒවාට කොමන්ට් කරන්නෙ මම දැකපු/දකින අත්විදින සත්‍ය දේවල් ඇසුරෙන්.
      ඔබ වැනි මාලදිවයින/ඉන්දියාව/සිංගප්පුරුව/මැලේසියාව වගේ රටකටවත් සංචාරක වීසාවක් වත් ලබාගන්න බැරි ගංකඹරයෙක් මෙහෙම කියන එක පුදුම විය යුතු නැත.
      මගේ ලංකාවෙ සහ රටවල සුපිරි කතා හරියට ලිව්වොත් ඔබ මට කියයි ඇනකොන්ඩා කියල.
      නයි කථා ලියන එකලා නම් නැහැ එකියෙකුට ඔය කතාව කියපන් කොල්ලො.
      වහාම මට නයා කියල දාපු එකට සමාව අයැද කොමන්ට් එකක් දමන්න.

      Delete
    6. @Kenji :
      උබෙන් සමාව ගන්න ?? හිග් පුග් !
      මට පුකෙනුත් හිනා. !!

      ප.ලි. - පුක කියන්නේ කුණුහරුපයක් නෙමේ. මෙන්න ලින්ක් එක
      http://kathandara.blogspot.com/2011/04/is-puka-four-letter-word.html

      Delete
    7. @ඇනෝ April 5,2013 at 10:46;
      ඔව් පුතා.එයාල එහෙම උනාට මගේ දරුවො දෙන්න හදන්නෙ අපෙ ලංකාවෙ හාමුදුරුවරුයි කියා ගන්න අය කියන විදියට.
      එයාල කියන විදියට හදල දරුවෝ ලෝකෙට කොහොම මුහුණ දෙයිද කියලයි මට බය පුතේ.
      ඔයාලත් හාමුදුරුවෝ කියන පලියට වැට අයිනේ තියෙන වතු සුද්ද මල් කඩන්න යන්න එපා කොට කලිසම් ඇදල දරුවනේ.

      Delete
    8. නයා යන වචනයට පේටන්ට් බලපත්‍රය අපේ නයි නැන්දා ලබාගෙනඇත....

      එබැවින් එම වචනය වෙන කිසිවෙකුට භාවිතා කල නොහැක.....

      මේ දිනවල ඇය තමන්ගේ නයි කලෙක්ෂන් එක තර කර ගනිමින් කාලය ගෙවයි...

      තවටික දිනකින් පැමින මනෝ භ්‍රාන්තියකින් මෙන් පැමිණ රොත්ත පිටින් නයි සෙට් එක බ්ලොග් අවකාශයේ දිග හරිනු ඇත...

      Delete
    9. පුකෙන් හිනාවෙද්දී මයිල් හැපෙන්නේ නැද්ද කොල්ලෝ?

      Delete
    10. වැරදුන පොන්නයන්ට කොහෙද මයිල්.

      Delete
    11. @ඇනෝ April 5,2013 at 10:46
      ඒ හිටියේ ශිප්මන්ට් යැව්වලින් පස්සෙ කප්පම් ගන්න ආපු යකුසන්ගේ [මාෆියා]තුට්ටු දෙකේ චීන ගැට පොලොස් කෑල්ලක්නෙ බං.

      Delete
    12. ජපානේ හිටියත් වැඩක් නෑ. කෙන්ජිය කියන්නේ කතා කරන්න දන්න එකෙක් නෙමේ.
      ජපානේ ජීවත් උනත් කට ඇරියොත් තොටලඟ මුඩුක්කු වල ජීවත් වෙන කුඩුකාරයෙක් ගානට වැටෙනවා.ඒ මිනිස්සුත් මෙයිට වඩා හොඳයි. උන් කතා කරනකොට තැන නොතැන දන්නවා. මහත්තෙයා කට වහගෙන ඉන්න තරමට හොඳයි. එතකොට තමන්ගේ පැටිකිරිය එලි වෙන්නේ නෑ නේ.

      Delete
    13. ඒකනම් ඇත්ත බං මොන ලෝකෙ ගියත් මට මේඩ් ඉන් ශ්‍රීලංකා කියන එක ඇග පුරාම දුවන හින්දද මන්ද කඩප්පුලි කටට නම් බ්රේක් නැහැ.
      මම කාබිරි මුඩුක්කුවේ ඔයා කොහෙද ළද ?

      Delete
    14. මේඩින් ශ්‍රී ලන්කා කියන එක නෙමේ. ඕකට කියන්නේ ගොං කම කියලා.
      ගොනෙක් උනාට කමන් නෑ තප්පුලන්නේ නැතුව ඉන්නවා නම් අහුවෙන්නේ නෑ.

      Delete
    15. ළද මට කියන්න ඔබ ඉපදිලා තියෙන්නෙ කස්ටිය ගහගද්දී අම්මගෙ චුවගෙන් එලියට පැන්නද,නැත්නම් තට්ටමේ හරහට හිටල බඩ කපල ගත්තද කියල.
      මම උපන්නෙ සොයිස එකේ.කට ගෑවේ මගේ මවගෙ රන් කිරි.

      Delete
  3. හැම බාර් එකකම වගේ පර්මිට් එක ගැන විස්තරේ පේන්න ගහලා තියෙනවා මන් නම් දැකලා තියෙන ගොඩක් බාර් වල බලපත්‍ර තියෙන්නේ කාන්තාවන්ගේ නමට.
    ඒකට හේතුව හැටියට මන් හිතුවේ දේශපාලකයෝ තමන්ගේ නමට බාර් ලයිෂන් ගන්නේ නැතුව බිරිඳගේ හෝ වෙන පවුලේ සහෝදරියන්ගේ නමට ලයිෂන් ගන්නවා ඇති කියලා.

    සුපිරි වෙලඳ සැල් වල නම් වාහනේක ආපු කාන්තාවන්ට බාර් එකේ වැඩ කරන කවුරු හරි වාහනේටම ගෙනත් දෙනවා බඩු ටික

    ReplyDelete
    Replies
    1. මං හිතුවා මරණේ අද මේ පැත්තේ එයි කියලා!

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. විමලාවතීට මත්පැන් නිකුත් නොකිරීම වැරදියි. මොකද විමලාවතී හොඳට ඇඳලා ඉන්නේ. කොටින්ම අර හිරුණිකා වගේ හෙළුවැලි ඇඳුමක් නෙවෙයි, නඩුකාර නෝනා හා අරුණි ශපීරෝ නෝනාටත් අනුමත කරන්න පුළුවන් හොඳ ඇඳුමක්. ඒ වගේ අය අරක්කු ටිකක් බිව්වට කමක් නෑ. ඔන්න හිරුණිකා බොන්න ගියොත් තමයි ප්‍රශ්නය. ඒ නිසා හිරුණිකාට ඒකීය පුද්ගලයාගේ නිදහසක් නැති වුණත් විමලාවතීට තියෙන්න ඕනෑමයි.

    ReplyDelete
    Replies
    1. බහුතරය අනෙක් අය විසින් ඉදිරිපත් කරන මතවාදයන් ඒ හා පිරිනැමෙන වාර්තා හා අර්ථ කථනයන් අනුව බාරගන්නා හෝ නොගන්නා බැව් තීරණය කරන අයයි.

      එබැවින් කකා කුමක් හෝ පුස්සක් දෙසා බෑ පමනින් එය ගෙඩිය පිටින් ගිල දමා බෑගිරි ගාන්නට ඔවුහූ මැලි නොවෙත්....

      ඇට මාලය ලස්සනට හදා පිරිනැමූ විට එය කරේ දාගන්නා නැතහොත් එය කැතයි කියා ප්‍රතික්ෂේප කරන්නා නැතහොත් තීරණය කිරීම පසුවට කල් දමනවා යැයි කියමින් එය ලාච්චුවකට දමා සම්පූර්ණයෙන් අමතක කර දමන්නා යන තුන් කට්ටුව හැරුන විට ඒ ඇට මාලය = මතවාදය, වාර්තා සහ අර්ථ කථනයන් හදන පබළු ඇට = පරිසිද්ධි සියල්ල සොයා බලා විවරණයක් දෙන බුද්ධිමත් පාඨකයෙක් මෙම බ්ලොගයේ නැත්තේමය.

      සමහර විට ඒ පරිසිද්ධි විමසන්නට දන්නේ නැතිකම ය. සමහර විට ඒ ගැන කිසිම උවමනාවක් නැතිකම ය.

      අතීත සිද්ධීන් ගණනාවක් මතින් ගොඩනැඟී නොමැති දේශපාලන අදහසක් හෝ සංකල්පයක් ලොව නොමැති තරම් ය.

      ගැහැණියට අරක්කු නොවිකිනීමේ සන්කල්පය එයින් පරිබාහිර වූත් විශයානුබද්ධ නොවුත් එකකැයි තර්ක කල හැක්කේ කාටද?

      කෙසේ වුවත් අතීත අත්දැකීම් වලින් සුබදායක වූ ප්‍රයෝජනයක් ගන්නට නම් පරිසිද්ධි වලින් එළඹෙන නිගමන සත්‍යය විය යුතුයි.

      ඒකීය පුද්ගල නිදහස පිලිඹද මගේ මතය/ ඇමරිකන් මතය කුමක් වුවත් විමලාවතීගේ අරක්කු මිලදී ගැනීමේ නිදහස ගැන දෙවරක් සිතිය යුත්තේ එබැවින්...

      Delete
    2. විමලාවතීට මත්පැන් දුන්නොත් ඇය ඒවා බී මත් වී සිටින විට යාළුවෝ එක්ක පඩි දවසේ බීලා කට්වෙලා ගෙදර එන සයිමාට දෙහි මිරිකා දෙන්නේ කවුද?

      Delete
    3. @ කතන්දර කාරයා

      තුන්වන ලෝකයේ රටක පීඩිත හිගන්නෙක් එහෙම කරාට, නිදහස අගයන සමාජයක ජීවත් වන අපේ සුx xප්පුහාමි එහෙම නෑ...

      Delete
  5. ගෑනු බොන්න ගියහම පිරිමින්ට හපන්. අපේ පැත්තේ ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ. දෙගොල්ලොම එක හැටියට බොනවා.
    මම අද 1 ද ?

    ReplyDelete
    Replies
    1. අද මම එක එක ද?

      ඩෝප් වගේ?

      Delete
  6. ඉතිං ලයිසන්එක ගන්න පුලුවන්නම් ඇයි බොන්න බැරි ?
    මම දන්න හැටියට ගොඩක්ම ගැල්ලමයි හාඩ්ලිකර් වලට යන්නෑ පොඩි පොඩි ඒවා තමයි.
    පිරිමින්ට වගේ නෙමෙයි ගෑල්ලමයිට හාඩ්ලිකර් ඔරොත්තු දෙන්නෑ ඒක ඇඟටත් හොද නෑ.

    ReplyDelete
    Replies
    1. මත්පැන් කාටත් හොඳ නැත!

      Delete
  7. නරකද පිරිමින්ට දෙහි ගෙඩියක් කලිසම් සාක්කුවේ දාගෙන යන යන තැන ගියානම්?

    වැටෙන්න යනකොට ලඟ ඉන්න කෙනෙකුට දෙහි ගෙඩිය දීලා වැටුනා නම් වැඩේ හරි. කමලාවතීලා, විමලාවතීලා අවශ්‍ය වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. සාක්කුවට නුදුරින්ම දෙහිගෙඩි දෙකක් තියෙනවා මදැයි.

      Delete
    2. දෙහි කපන්න නම් හිතන්න එපා.

      Delete
  8. කාන්තාවන්ට මත්පැන් බීම හොද නෑ කියන්නෙ සමාජ සම්මතක් .....ඒක සමාජයේන් සමාජයට වෙනස්..උදාහරනයක් ලෙස යාපනේ ඉන්න දෙමල කාන්තාවක් මත් පැන් බීම දැඩි වරදක් ලෙස ඔවුන් දකිනවා...ඒත් නුවර එලියේ ඉන්න වතු දෙමල කානතාව හැන්දෑවට ශොට් එකක් දැමීම වරදක් කියලා එම සමාජය හිතන්නේ නෑ...


    පිරිමින්ට මත්පැන් බොන්න හොද නෑ කියන්නේත් ඒ වගේ සමාජ සම්මතයක් හෝ ආගමික සම්මතයක් හෝ ඉගැන්වීමක්..

    මත්පැන් බීමෙන් හොදක් වෙන්නේ නෑ කියන එක ගැන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්... එය මගේ පෞද්ගලික අත්දැකීම් වලින් වෙන්ස්...ලෝකයේ ක‍ටුක ඇත්තක් ගැන් උගන්වන්න මට මත උපකාරී උනා කියලා විතරක් කියන්නම්....

    මලක අසිරිය: Power of Weeds

    ReplyDelete
    Replies
    1. බත් කැවත් මත් වෙනවා.
      විට කැවත් මත් වෙනවා.
      රා බීවත් මත් වෙනවා.
      බලයෙන්, මාන්නයෙන්, ධනයෙනුත් මත් වෙනවා.

      Delete
    2. මම නම් රාගයෙන් මත් වෙලා ඉන්නේ.

      -හුරතල් ඇනී-

      Delete
    3. හා, හා, හුරතල් ඇනී රා බීලා!

      Delete
  9. නමුත් කතන්දර සමහර බ්ලොග් අඩවි තියෙනවා ගෑනුන්ට විතරයි කොමෙන්ට් දාන්න දිරිය දෙන්නෙ...

    ගෑනු කෙනෙක් කොමෙන්ට් කරාම නිකන් වෙඩරු පිඩක් වගේ රිප්ලයි තමයි ලැබෙන්නෙ.....

    තව ඒ ගෑනූ කෙනාගෙ පුද්ගලික අවශ්‍යතා ගැන පවා සොයාබලා ඒව ඉටු කර දෙන්න පසුබට වෙන්නෙ නෑ....

    බැරිවෙලාවත් බාගයක් ගෙනැල්ල ඉල්ලුවොත් බෝතල් දෙක තුනක් අරන් ගෙදරටම යනවා....

    ඉතින් එක පැත්තකින් අසාධාරණයක් වෙද්දී තව පැත්තකින් මේ වගේ දෙයක් උනාම නියුට්‍රල් වෙලා යනවා නේද?

    ReplyDelete
  10. දැන් කාන්තාවන් සම අයිතිය ඉල්ලන එකේ, බීලා සුර් වෙන්න නිදහසකුත් අපි එයාලටත් දෙන්න ඕනේ ..

    ReplyDelete
    Replies
    1. එතකොට සයිමට යන කල මොකක්ද?

      Delete
  11. KANTHAWAK MATH WATHURA BEELA INNA WELAWAKA, JOKA GALA WUNOTH HEMA, CHOO YAI, PADA YAI, JEE YAYI , MENSASUTH, HADEI, ETHAKOTA ITHIN BADUMA THAMA.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක කියෙව්වම තමා මතක් උනේ.
      කකා මාස් ශුද්ධිය/ඔසප් වීම/මාසික පිරිසිදු වීම යන මාතෘකාව යටතේ පෝස්ට් ලියලා නැද්ද ??

      Delete
    2. AnonymousApril 5, 2013 at 12:09 ඵ්M

      තොට පිස්සුද බූරුවෝ ?
      කකාට ලින්ක් දාන්න බැරි එකම එක මාතෘකාවක්වත් ඉතුරු වෙලා නෑ.
      මම ඕන ඔට්ටුවක් අල්ලනවා එහෙම මාතෘකාවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න කියලා !

      Delete
  12. from 6 a.m to 10 a.m. No Comments
    How poor is this blogger !

    ReplyDelete
  13. මම මේ ආවේ මරණයාගේ බ්ලොග් එකට ද ?
    බලන බලන හැම පෝස්ට් එකම බොන සීන් නේ තියෙන්නේ. අරක්කු ප්‍රොමෝට් කරන පෝස්ට්මයි ටියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ මේවා ගැනද?

      1. අරක්කු ඕනා කෝක් වානා:
      http://kathandara.blogspot.com/2009/08/blog-post_14.html

      2. ඇනෝනිමස් කාරයා ට පිලිතුරු ~ අරක්කු ඕනා කෝක් වානා කතාව නීරස ද?
      http://kathandara.blogspot.com/2009/08/blog-post_15.html

      3. අරක්කු ඕනා කෝක් වානා - ගිෆන් භාණ්ඩ
      http://kathandara.blogspot.com/2009/08/blog-post_18.html

      හැබැයි ඒ කතා තුනම 2009 අගෝස්තුවල පලකරපු ඒවා!

      Delete
    2. අපෝ කකා කියන්නේ බේබද්දෙක් නේ !

      Delete
  14. හ්ම්ම්.....හුඟක් බොන්ඩ වෙන ප්‍රශ්නයක්!!!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවේ තේරුම අමාරු ප්‍රශ්නයක් කියන එකිය.
      ඒ කියන්නේ බොන එක අමාරු වැඩක්.

      Delete
  15. පෝය දවසේ ලොජික් එක අනුව.. කාන්තාවකට පිරිමියෙක් ලවා මත්පැන් ගෙන්වාගෙන බීම වරදක් නෙමෙයි. ඔය නීතිය හදලා තියෙන්නෙ තනිකඩ ගෑනු අය බොන එක වලක්වන්න වෙන්න ඇති. බොන්න ඕනෙ නම් ඊට කලින් පිරිමියෙක්ව යාලු කරගන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. පෝය දවසේ ලොජික් එකේ උපකල්ඵනය තමයි මිනිස්සු බෝතල් ගෙනත් කබඩ්වල දාගෙන ඉන්නේ නැත, එදාම බොනවාය කියන එක!

      Delete
  16. නීතිය කෙසේ වෙතත් තමන්ම පනවාගත් ස්වයං රීතියක් අනුගමනය කරන කාන්තාවන් බාර් පැත්ත පළාතක නොයති.
    සුපිරි වෙළඳ සැල්වල මේ තත්වය වෙනස්.

    ReplyDelete
    Replies
    1. සුපිරි ස්ටොස්වල බෝතල් විකුනන්නේ වෙනම නේද?

      Delete
  17. හරිම අසාධාරනයි, හරිම අසාධාරනයි. පිරිමින්ට බයිට් හදන්න , වෙරිවුනාම දෙහි පොවන්න විතරද කාන්තාවෝ ඉන්නෙ. බාගෙ බෝතලේ වෙනුවට දෙන්නටම බෝතලයක් ඕනෙ උනත් කාන්තාවන්ටත් සම තැන ඕනේ කියල දැන්වත් කාන්තාවො ඉදිරිපත් වෙන්න ඕනේ. කාන්තාවන්ගෙ දක්ෂකම් අනුව බෝතලේ වෙනුවට බෝතල් එකහමාරක් අවශ්‍ය වෙන්නත් පුලුවන් සමහරවිට :D

    ReplyDelete
    Replies
    1. නොබිව්වත් වලි දාගන්න ගෑනු බීල කෙහෙවලු පටල ගත්තාම කවුද ඒව බේරන්නෙ?

      Delete
  18. "මල්ලි ? "

    "ඇයි අයියේ ?"

    "ඕ ලෙවල් රිසල්ට් ඉන්ටර්නෙට් එකට දාලා ලු නේ ? බැළුවද ?"

    "ඕ. මටත් ආරංචි උනා. ඒත් රිසල්ස් බලන්න බෑ නේ."

    "අර මොකෝ ? නෙට් ස්ලෝ ද ?"

    "නෑ අයියේ. සයිට් එකට යන්න බෑ නේ.ඒකයි."

    "මොකද්ද මල්ලි සයිට් එක ?"

    "http://www.doenets.lk/exam/"

    ----
    ඔබ ඉහත දී සවන් දුන්නේ මේ දිනවල සුලභවම කතාවෙන මාතෘකාවකට අදාල දෙබසකට ය. විභාග දෙපාර්තුමේන්තුව වැනි වැදගත් රාජ්‍යය ආයතන වල වෙබ් අඩවියට ලෝඩ් බැලැන්සින් නොමැති වීම නිසා රටේ සාමාන්‍යය ජනතාව පීඩාවකට පත්වේ.කොටින්ම තමන්ගේ ප්‍රතිඵලය බලා ගැනීමට අදාල වෙබ් පිටුව අනේක වාරයක් නැවත නැවතත් නැවුම් කිරීමට සිදුවේ (රිෆ්‍රෙශ්) !!!

    මේ ගැන රටේ බලධාරීන් නොසිතන්නේ මන්ද ?

    බලධාරිනි මේ ඔබේ අවධානය පිනිසයි !!!

    ReplyDelete
    Replies
    1. මං මුලින් හිතුවා ඇයි මේ කමෙන්ටුව මෙතන දාලා තියෙන්නේ කියලා.

      පස්සෙයි මතක් වුනේ මේ බ්ලොග් එක ලොක්කෝත් කියොනවා කියලා ඇනෝනිමස් ආතල් කාරයා දාලා තිබුණානේ!

      Delete
    2. ඈ , මොකා නමුත් සරුපයෙක් මේ දැං ඇදිලා ගියා. නයෙක් වත්ද? :)

      Delete
  19. ගොඩක් පිරිමින් ගෑනුන්ගෙ ඇඟ උඩ නගින්නේ
    බීලා නිසා ගඳ ඉවසීම සඳහාත් වේදනාව ඉවසීම සඳහාත්
    ස්ත්‍රීන් ටිකක්
    ඒ කියන්නෙ භාගයක් පමන බීවාට කම් නැත.

    ReplyDelete
    Replies
    1. අපැහැදිලියි.
      දයාල් බීල නෙමේ නේද මේක ලිව්වේ?

      Delete
  20. //Booze is bad for babes, boo, hoo, boo, hoo!

    nice topic mate.
    kaka, let me ask few questions.
    if your daughter or son wants to have drinks, do you let him to do it ??? if you say not !
    then, why do you have liquor at your home ??? your children also can be addicted !
    I am asking about 1cm of liquor you mentioned in previous posts !!

    I am not blaming you. just think as my ideas in your blog post.

    Need Reply.
    Thanks kaka !

    ReplyDelete
    Replies
    1. Why should my kids get addicted just because there's a few bottles of alcohol at home?

      If anyone should get addicted then that has to be me.

      Furthermore, some of these bottles have been there for years now.

      Have you read this?
      http://kathandara.blogspot.com/2009/11/blog-post_11.html

      Delete
  21. ගැහැණු පිරිමි කවුරු වුනත් අක්මාව හොඳ නම් මඳ පමණින් බීවාට වරදක් නැතැයි සිතේ.නමුත් ඇබ්බැහිය බීමට පමණක් නොව කිසිදු විෂයකට හොඳ නැහැ.

    මා දන්නා මගේ මිතුරියක් ඇය ජීවිතයේ ප්‍රථම වරට මත්පැන් බීවේ කසාඳ බැදල සතියෙන්. මනුස්පයා ගෙනත් දීලා.ඒ මධුසමයේ රස්නය බහින්නත් කලින්. දැන් නම් මහත්තයටත් මත්පැන් තහනම්...ඔන්න ඔහොමයි ඕවා. අගනගරයේ ජෝඩුවක් නම් නෙමෙයි. අර්ධනාගරික ප්‍රෙද්ශයක වෙසෙන රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ නියුත් ජෝඩුවක්...

    කොහොම නමුත් ,පිරිමින් බොහොම සතුටින් ඉන්නේ මත්පැන් තොලගාපු වෙලාවට.කබරය දාන සයිස් එකට එන්නෙ නැතිව සින්දු කියලා කයිය ගහල එයාල ජීවිතේ සතුටින් විඳින හැටි මම දැකල තියේ.සමහර වෙලාවට තමන්ගෙ හිත ගතපු සහෘර්දයෙක් ළඟ දි බීලා අඬන වෙලාවල් මං දැකල තියේ.

    පිරිමි තමයි සතුටින් තියන්න හරිම ලේසි කට්ටිය.වැඩිය ඕනි නැහැ එයාලට ඕනි ජාති දෙකයි.....

    1- මත්පැන්
    2- ලිංගික ඇසුර

    ගෑණු අය පිරිමි අයට අවශ්‍ය ප්‍රමාණයට නොදෙන්නෙත් ඔය දෙකම තමා.

    සුරා විතයි ගී පොතයි අතින් ගෙන
    තුරු වදුලේ නිල් සෙවණැල්ලේ
    ඔබ මා තුරුළේ ගී ගයනා වේලේ
    මේ වන රොද මට ස්‌වර්ග රාජ්‍යයයි

    ReplyDelete
    Replies
    1. මෙය අද දවසේ මා ලැබූ හොඳම ප්‍රතිචාරයයි!

      ස්තුතියි.

      Delete
    2. අන්න පිරිමි ගැන දන්න ගෑනු....

      Delete
  22. what are these nonsense written by this man.

    ReplyDelete
  23. අපි නෑනෙ ඔය බීමට . . . .

    ඒ නිසා මෙතන කොමෙන්ට් දාල වැඩක් නෑ

    ReplyDelete
  24. මට මේ කතාව කියෙව්වට පස්සේ මතක් උනේ. ඉස්සර උසස් පෙල කරලා ගෙදර ඉන්න දවස්වල හීනියට කසිප්පු පෙරන්න ගත්තා. යාලුවොත් එක්ක වැඩේ කලේ. වැඩේ නම් තිතට නැගලා ගියා. දවසක් අපේ අප්පච්චිගේ අතට අහුවෙලා. පුක පැලෙන්නම ගුටි කෑවා. එදායින් පස්සේ කිසිම පෙරිල්ලක් නෑ.
    අන්න කකා කරනවනම් වැඩ. මාරම ලේසියි. ඕන් නම් පහලින් ක්‍රමේ දාන්නම්
    -සනාත

    ReplyDelete
    Replies
    1. මීතයිල් ද, ඊතයිල් ද?

      Delete
    2. මොන තයිල් ද කියලා දන්නේ නෑ කකා.
      ගහපුවාම කට් වෙන්නම වදිනවා !

      -සනාත

      Delete
  25. me miniha kasippu gahala. 5 weni sil padayata aphasa karamin ballek wage booboo, hooo , gamin buranawa.

    ReplyDelete
    Replies
    1. මා කිසි දිනක කසිප්පු බී නැත. වසර දහයකට පණ පෙර බීවාට පසු අරක්කු ද බී නැත.

      ඔබේ මෝඩ කමට මා පලි නැත.

      Delete
  26. This man has taken liquer in the early morning barking like a dog and insulting pancha seela. BOO.BOO. HOO HOO

    ReplyDelete
    Replies
    1. BOO.BOO. HOO HOO යන්න ගූගල් කර බලන්න.

      Delete
  27. මත්පැන් භාවිතය කුමන හෝ පාර්ශවයක් වේවා.... එයට පවු පින් ගෑවීම අනවශ්‍ය දෙයකි. මා දන්නා පවක් හෝ පිනක් මෙතන නැත. නමුත්, සමාජයට අහිතකර දෙයකට වාරණයක් පැවතිය යුතුය.
    දින කිහිපයකට පෙර තිනර් ලෙස මද්‍යසාර කන්ටේනර් ගෙන්වා අසුවූවා.
    ඊයේ පෙරේදා ලී බඩු ලෙස සිගරට් කන්ටේනර් ද ගෙනවිත් අසුවූවා.
    ඒවාට රජයේ බදු ගෙවා නැති බැවින් පමණක් අත්අඩංගුවට පත්විය.
    බදු ගෙවනු ලැබුවේනම් රජයේ අනුමැතියලත් පරිභෝජන ද්‍රව්‍යයකි.....
    රට යන අත.... ෴

    ReplyDelete
    Replies
    1. /* බදු ගෙවනු ලැබුවේනම් රජයේ අනුමැතියලත් පරිභෝජන ද්‍රව්‍යයකි.....*/

      නෑ, අහුවුනේ නැත්නම් නීත්‍යානුකූලයි!

      Delete
  28. එහෙමත් සීන් එකක් තියෙනවා කියලා දැනගත්තේ අදනේ.කොහොමත් මේ පැත්තේ බාර් එකේ නම් ගැහැණු අරක්කු තියා බියර්වත් ගන්නවා මම නම් දැකලා නැහැ

    ReplyDelete
    Replies
    1. /* මේ පැත්තේ බාර් එකේ නම් ගැහැණු අරක්කු තියා බියර්වත් ගන්නවා මම නම් දැකලා නැහැ
      */

      ඉතිං ඒකනේ මේ කියන්නේ, ඒක තහනම්!

      Delete
  29. Kanthawanta paw wediyen siddawenawa kiyala koheda thiyenne gon katha.

    ReplyDelete
    Replies
    1. ඇයි ඕයි මේ කතන්දරේ කියෙව්වෙ නැද්ද?

      මෙන්න මෙතන තමයි කයලා තියෙන්නේ: http://kathandara.blogspot.com/2013/04/booze-is-bad-for-babes-boo-hoo-boo-hoo.html

      Delete
  30. කකාගේ පෝස්ට් එක කියවලා කොමෙන්ට්ස් කියවලා ඉවරවෙනකොට පෝස්ට් එකේ තිබුන ඒවාත් අමතකයි. :)

    කොහොම උනත් ගෑණු බොන එකට මංනං විරුද්ධයි මොකද බිව්වම සිහිය විකල් වෙනවා.හුඟක් අයට ස්ටෑන්ඩ් කරන්න බෑ.මං ඒ වගේ දේවල් ඕන තරම් දැකලා තියෙනවා.මංනං කොහොමත් කැමති නෑ මගේ දරුවා ඕවා බොනවාට.

    ReplyDelete
    Replies
    1. මේවා කතන්දරනේ. මතක තියාගන්න ඕනෑ පාඩම් නෙමෙයි.

      ඒක නොමෙයි කවුද ළමයි ගැන මෙතන කතා කලේ?

      Delete
    2. "මංනං කොහොමත් කැමති නෑ මගේ දරුවා ඕවා බොනවාට"

      මම කැමතියි මගේ උන් දෙන්නත් මං වගේ දරුවො කාලෙම හොඳට කාල බීල පවුල් උනාම එව්ව අඩු කරනවනං.

      Delete
    3. 1.ප්‍රජාවෙන් එක කොටසකට ඇති අයිතිය තවත් කොටසක නැති කිරීම මානව හිමිකම් කේස් එකක් මිස අන් කවරෙක්ද?
      2.එහි සඳහන් වුයේ (අවුරුදු 18 ට අඩු අයට පමණක් නොව) කාන්තාවන්ට ද සැර බඩු නොවිකුණන බවයි.

      1හා2 එකට ගත්තම ඒ කතාව කියවෙනවා.කතන්දර නම් කතන්දර හාමිනේටත්, රෝස බබාලට උනත් බාර් එකෙන් මත්පැන් ගන්නත් ඒවා බොන්නත් ඉඩදෙනව ඇති.(මානව හිමිකම් ඉතා වැදගත්නේ!)

      Delete
    4. @ Shamithru
      @ ඉන්දික උපශාන්ත
      අපේ දරුවන් හැමදාම "ළමයි" නොවේ. උන් ද අප වාගේම ලොකු මහත් වී වැඩිහිටියන් බවට පත්වෙති.

      එදින සිට උන් ගේ වැඩ උන් ගේ වැඩය.

      Delete
    5. @ ජයශ්‍රී

      ඔබ හරි.

      මා ලියා ඇති ඒ වැකි දෙක රටකජු ලොජික් අනුව ඇනලයිස් කර බැලූ විට ඔබේ ඩිඩක්ෂන් එක ලැබේ.

      නමුත් මේ ලිපියෙන් අදහස් වෙන්නේ කාන්තාවන් ගැන පමණක් බව අමුතුවෙන් කිව යුතු නැත.

      Delete
    6. @ All
      සුරා බදු පනතේ ඇති නීතිය මෙසේය.
      Excise Notification 447 of 29.4.1955:
      Section 12 (c): No liquor shall be sold or given to a woman within the premises of a tavern.

      Delete
    7. කකා ඔබ හරි.පුරුද්දට 'ළමයි' කිව්වට මං මීන් කලේ එයාලා වැඩිහිටියෝ උනාට පස්සේ කියන එක මොකද මට ඉන්නෙත් දුවක් නිසා :)

      Delete
  31. මෙන්න තවත් මේ හා සම්බන්ධ කතන්දර කිහිපයක්.

    1. නෝනා මහත්තයාට ගත්තු අරක්කු බෝතලේ
    http://kathandara.blogspot.com/2010/03/blog-post_24.html

    2. ගෑනු බොසී
    http://kathandara.blogspot.com/2011/03/who-wants-to-work-under-lady-boss.html

    3 සරම අස්සේ ජොකා කාන්තා බලකාය
    http://kathandara.blogspot.com/2011/02/blog-post_23.html

    යන්න, කියවන්න, රස විඳින්න!


    ReplyDelete
  32. පලමුවෙනි වතාවට මේ බ්ලොග් එකට ආව.මත්පැන් පානය කර තමන් පාලනය කරගත හැකි නම්, අනුන්ට කරදරයක් නොවේ නම් ගැනු හෝ පිරිමි මත්පැන් ගැනීම ප්‍රස්නයක් නැ නේද?

    ReplyDelete
  33. This happend to me once in Kerala. I went to Mlayalam Manorama (A newspaper) for a technical visit. The last day we had a socilising event at a small hotel and since I am the guest I was asked to choose the drink. My favourite is Gin and I choosed Gin. The host stealathly ignored me and selected scotch. Later he told me, in that part of India Gin is the "ladies" drink. So if Gin is the ladies drink think about the level of the "ladies". Hats off to Kerala ladies.....!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.