අර ඉන්දියාවෙ යුනිවසිටි එකක ඉගෙන ගෙන ලංකාවට ආවට පස්සෙ ලංකාවෙ යුනිවසිටියක හිටපු කොල්ලො ඒ කාලෙ කෝක් නැතුව අරක්කු බීවෙ ඇයි කියල තේරුනේ නැති මගෙ යාළුවෙකු ගැන මං ලිව්ව අරක්කු ඕනා කෝක් වානා කියන කතන්දරේ නීරස බව කියල ඇනෝනිමස් කියන හිතවතා (ලස්සන නම නේද?) කමෙන්ට් එකක් දාල තිබුණ.
නීරස වෙන්න හේතුව මං නං දන්නව.
ඇයි කෝක් දාල නෑනෙ. අමුවෙන් ම ගහන්න ගියාම ඔහොම තමයි ඇනෝනිමස් කාරයෝ!
විහිළු කෙසේ වෙතත් මං මේ සටහන ලියන්නෙ අරක්කු ඕනා කෝක් වානා කතන්දරේ මං ලිව්වෙ ඇයි කියල කියන්නයි. වෙනත් වචන වලින් කියනව නං, මං ඒ කතන්දරේ දකින පොඩ්ඩක් හරි වැදගත් කරුණු මොනවද කියල කියන්නයි.
එක වගෙ පිරිසක් එක තැනක, එක පරිසරයක දිගු කාලයක් ජීවත් වෙද්දි, එතන පොඩි උප සංස්කෘතියක් ගොඩනැගෙනව. මේ ආකාරයේ උප සංස්කෘති, ඒවා පවතින ප්‍රධාන සංස්කෘතියෙන් වෙනස් කරල අඳුන ගන්න පුළුවන් ඒ උප සංස්කෘතිවලට අදාල සුවිශේෂී භාෂාව, ක්‍රියාකාරකම්, ආචාර ධර්ම යනාදිය නිසයි. ලංකාවෙ හොඳින් අඳුන ගන්න පුළුවන් ඒ වගේ උප සංස්කෘති කිහිපයක් තමයි, විශ්ව විද්‍යාල උප සංස්කෘතිය, සංඝ සමාජය, බන්ධනාගාර උප සංස්කෘතිය වගේ ඒවා.
මේ ඕනෑම උප සංස්කෘතියක භාවිතාවෙන සුවිශේෂී වචන, සාමාජිකයින් ගේ සිරිත්, චර්යා වගේ දේවල් එයින් පිටස්තර කෙනෙකුට එක පාරටම තේරුම් ගන්න අමාරුයි. ඉන්දියන් යුනිවසිටියෙ ඉගෙන ගත්තු මගේ යාළුවට උනේ ඒකයි. පොරට තේරුනේම නෑ අරක්කු කෝක් සංසිද්ධිය.
මගේ මිතුරා කොහොමටත් ඉහල සමාජ තලයක හැදුණු වැඩුණු කෙනෙක්. ලංකාවෙ විශ්ව විද්‍යාල කොල්ලන් ට තියෙන සල්ලි අමාරු කම් ගැන උනත් පොරට වැඩි වැටහීමක් තිබුනෙ නෑ.
අන්තිම ට කියන්නං ඒ කතන්දරේ ලියන වෙලේ මං ලියපු හොඳම කෑල්ල මොකක් ද කියල.
අරක්කු නැතුව අරක්කු බොන්න බෑ. හැබැයි කෝක් නැතුව අරක්කු බොන්න පුළුවන්.
ඒක කතන්දර කාරයා ගේ සිතට ආපු හොඳම රුවන් වැකියක්.
The truth is that you could never get real taste of whisky with any kind of shandy but only ice.
ReplyDeleteඅරක්කු නැතුව අරක්කු බොන්න බෑ. හැබැයි කෝක් නැතුව අරක්කු බොන්න පුළුවන්.
ReplyDeleteමේක දැකලා යාළුවෙක් මෙහෙම කිව්වා.
"කෝක තිබිලත් ගල් ගහන්න බෑ. මළ ජරාව".
සංස්කෘතිය ගැන කතාවනම් හරි. Culture shock කියන අරුමේ සැර අඩු එක ගැන වෙන්න ඕනේ ඔබ කියන්නේ.
වැඩ කරලා මහන්සි වෙලාවට කියවලා ආතල් එකක් ගන්න පුලුවන් බ්ලොග් එකක් උඹේ බ්ලොග් එක. අර කතාවක් තියනවානේ බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නෑ කියලා. උඹ ඕවාට සැලෙන්න එපා බං, දිගටම ලියපන් අපි කියවනවා.
ReplyDeleteඕවා ගනන් ගන්න එපා ලොක්කා...දිගටම ලියන්න.. අපිට ආසා ඒවා තව කෙනෙක්ට වාතයක් වෙන්න පුලුවන්..දිගටම ලියන්න...
ReplyDeleteඋපසංස්කෘති ගැන කීවම මතක් වුනේ ඇත්තටම මේ කතාව ලියද්දිම මොකද්දෝ අඩුවක් තියෙන්න ඇති ඒ කතාව ඇතුලේ ගොඩනැගුන සංස්කෘතික ව්‍යවහාරය සහ කියවන්නන් ගේ සංස්කෘතික ව්‍යවහාරය එක්ක නමුත් දැං ඒ අඩුවත් පිරිලා කියල හිතෙන්න ගත්තා මේ උප සංස්කෘතිය ගැන උප කතාව කියෙව්වම.
ReplyDeleteදැං පන්දුව එන විදිය බලලම ගහන්න පටන් අරං නිසා වැඩිපුර ස්කෝර් වේවි නේද කතන්දර??
ඔහොම යං කියන්නේ නෑ මං...හැබැයි ඔහොම ගිහිං බලමු.
ඉස්සරනම් මාත් ගල් කිව්වම මූණ ඇඹුල් කරගත්ත ඒත් ඉතින් දැන් ගනන් වල හැටියට ගල් කියන්නෙත් හොඳ එකක්, පොඩ්ඩ්ක් පුරුදු උනාම කෝක් තියා මොකුත් ඕනේ නැහැ
ReplyDeleteඔව් මහසෝනා කීව කතාව ඇත්ත...
ReplyDeleteරහක් තියෙන කතා මේවා... මරැ...දිගටම ලියන්නයි ඕන...
සැලෙන්න එපා මිස්ටර් කථා.. දිගටම ලියන්න....,!!!!
ReplyDeleteහරි පැහැදිලි කිරීම් කරා ...ඒ කේස් ඉවරයි.
ReplyDeleteකෝ අලුත් කතා?
අපි වේලෙනෝ......
කතන්දර කතන්දර කයි කතන්දර හැම තැනම...
ReplyDeleteමමත් කතන්දර වගයක් ලියන්න ගත්තා හැබැයි ඒවා මේ වගේ රස කතන්දර නම් නොවෙයි...
ගණිත කතන්දර!
කැමති අයට ආරාධනා කරන්න කවුරැත් එන යන තැනක ඇඩ් එකක් දාගන්න කියලා හිතලයි මේ කොමෙන්ටුව දමන්නේ. සම්යක්ප්‍රයෝගයක්. අහිතකින් නොවෙයි.
කතන්දර මහත්තයෝ මේකත් මෙතන පේන්න අරින්න කරැණාකරලා...
පාලු තැන්වල ඇඩ් දමලා වැඩක් නැහැ නොවැ...
බොහොම ස්තුතියි!
විස්කි අයිස් එක්ක බොන මහත්තයගෙ කතාව අමතක කරල ඔයා දිගටම ලියන්න අනේ. උප සංස්කෘති ගැන, නීරසයි කියපු වියතානන් නොදන්නව වෙන්න ඇති..සමහරු කෝක් උප සංස්කෘතියට ආවඩන අය නෙ. අපි ආසවෙන් කියවනව, දිගටම ලියන්න.පුංචි බලුකුක්කො කෙඳිරි ගෑවට ...නොසැලෙන් ඉන්ද්‍ර ඛීලය සේ.
ReplyDeleteohoma umu.. ohoma umu.. meka "alcopop" kathawak wage.
ReplyDelete